උදේට මාළබේ ඉඳලා රාජගිරිය බොරැල්ල පනිනකන් පුදුම ට්‍රැෆික් එකක් තියෙන්නේ. පුද්ගලික වාහන ලක්ෂ ගාණක් පාරට එනවා උදේට හවසට. මේ ප්‍රොජෙක්ට් එක කෙරුණා නම් දවසකට පාරට එන පුද්ගලික වාහන වලින් කීයක් නම් අඩු කරන්න තිබුණද? හරි හමන් පොදු ප්‍රවාහනයක් නැති නිසා සැමන් වගේ පැක් වෙලා එන්න අකමැති අතමිට තියෙන මිනිහා කාර් කට්ටක් පාරට දානවමයි. ඊට අඩු ආර්ථික මට්ටමක් තියෙන එකා බයික් කට්ටක් දානවමයි. අන්තිමට පාර පැක් වෙනවා හෙලවෙන්න බැරි මට්ටමට. මේකෙන් රටට ජනතාවට පරිසරයට වෙන හානිය සුළුපටු නෑ. මෑන් අවර්ස් කීයක් නිකන් පාරෙ නාස්ති වෙනවද? ඩීසල් පෙට්‍රල් ලීටර් කීයක් අපතෙ යනවද? වාහන වල ක්ෂය වීම? දුම නිසා රස්නෙ නිසා මිනිස්සුන්ගෙ සෞඛ්‍යට වෙන බලපෑම? පැය අටක් වැඩ කරන්න යන එකාගේ දවසෙන් පැය හතරක් පාරටම ඉවරයි.
සර් කියනවා ඉංජිනේරුවන්ගෙ වචන බුදු ෂුවර්ලු. මේ කාළකන්නි නාකි හැත්තයි රේල්වේ එකේ පිංපඩි කන බලු හැත්තයි සර්ට කිව්වලු මේක මේ වියදම් කරන ගාණට පාඩුයි කියලා. මෙට්‍රෝ එකක් හදන්නේ කන්ටේනර් පෙට්ටි අදින්න නෙමෙයි මිනිස්සු අදින්නයි කියන සුළු සරල දේ මුන්ට තේරෙන්නෙ නෑ. මේකට කරන වියදම තෙල් වලින් වාහන වලින් මිනිස් පැය වලින් ආපහු රිකවර් වෙනවා කියන එක තේරුම් ගන්න මුන්ට බෑ. ණය අරගෙන හම්බන්තොට ගලේ වරායයි මොණරුන්ට එයාපෝට් එකයි වල් අලින්ට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි මීහරකුන්ට සම්මන්ත්රන ශාලාවයි සර්ගේ අයියා හදනකොට මේ වියත්මගේ විද්වත්තු පුකේ ඇඟිල්ල ගහගෙන ඉඳල තියෙන්නේ. සර් මේ වගේ හුයත්තුන්ගේ වැදි බණ අහලා කරපුවයින් තමයි මේ රට මේ තැනට වැටුනේ. කොවිඩ් කාලේ කැමරා නොතිබ්බ මීටින් වල මොන මොන උපදෙස් මුන් දෙන්න ඇද්ද? ජීවිතේට දේශපාලනේ කරපු නැති උද්දච්ච මෝඩයෙක් පාලකයා කලාට අපේ රටේ මිනිස්සු ගෙවන ප්‍රයිස් එක තමයි මේ.
කිසිම පක්ෂෙකට ආවැඩීමක් නෙමෙයි. හයිවේ එක මෑත කාලේ ලංකාවෙ කරපු හොඳම ආයෝජනය මම හිතන්නේ. අන්න ඒ වගේම පට්ටම ආයෝජනයක් මේ ලයිට් රේල් ප්‍රොජෙක්ට් එක. කිසිම සාධාරන හේතුවක් නැතුව ඒ ලැබෙන්න ගිය සම්පතට ඇරියා මුන්.