ඇයි බන් මට මෙහෙම උනේ...

rambo321

Well-known member
  • May 15, 2022
    947
    1,215
    93
    මචන්ලා ඉවසන් ඉඳලා ඉඳලා කියන්න කෙනෙක් නැතිම තැන තමයි මේ ටික කිරියේ කියලා බලනවා කියලා හිතුවේ. මේවා සමහරුන්ට ජෝක් වෙයි. සමහරුන්ට සීරියස් වෙයි. සමහරුන්ට මොකුත්ම හිතෙන එකක් නැහැ.

    මම අවුරුදු 28 ක කොල්ලෙක්. ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. ලංකාවේ තියෙන හොඳම ඉස්කෝල වලින් එකකට ගියා. ප්රියිවට් ඉගෙන ගෙන දැන් හොඳ ජොබ් එකකුත් කරනවා. ඒත් මම හිතන්නේ මම කරන්නේ මම කැමති දෙය නෙවේ කියන එක මචන්. ඒක නිසා හිතේ කිසිම සතුටක් නැහැ. මම පොඩි කාලේ ඉදන්ම මගේ කතාව කියන්නම්. මටවත් තේරෙන්නේ නැති එකේ මේක කියවන කෙනෙක්ට මගේ ජිවිතේ කොතනද වැරදුනේ කියලා තේරෙයි.

    අපි සාමාන්‍ය පවුලක්. අම්මයි තාත්තයි ලොකු ජොබ් නම් නෙවේ කලේ. ලොකුවට ඉගෙන ගත්ත අය නෙවේ. ඒක නිසා ඒගොල්ලන්ට තියෙන්නේ ජීවිතය ගැන වෙනම කියවීමක්.

    ඉස්සර ඉඳන් අපේ ගෙදර හරි නීති. දෙන්නේ මොනවද අපි කන්න ඕන. අකමැති උනත් කන්න ඕන. රස ගුණ කියන දේ අදාලම නැහැ. ඉක්මනට කෑවේ නැති උනොත් එකටත් දඬුවම්. මට අද වගේ මතකයි මම කන්න පරක්කු උනා කියලා මගේ ඔලුව මෙසේ වදින්න මට ගැහුවා. ඒකට අපේ අක්කා සාක්ෂි. මොකද ඒ දඬුවම එයාටත් විඳින්න උනා ඒ විදිහටම.

    මාව 2 ක වසරේ ඉඳන්ම ටියුෂන් දැම්මා. අකමැත්තෙන් උනත් 1 වසරේ ඉදන්ම අපිව තනියම පාරට යැවුවා කඩේ යැවුවා. මට තේරෙන්නේ නැහැ දෙමවුපියෝ හය හතර දන්නේ නැති ළමයෙක්ව තනියම මීටර් 500ක් වගේ ඈතින් තියෙන ටවුමට යවල බඩු ගෙන්න ගන්නේ කොහොමද කියලා. මම අද ඉන්න තත්ත්වේ එක්ක ඒ දේවල් මට තවමත් අදහා ගන්න බැහැ. කොටින්ම කිව්වොත් උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් පැනඩෝල් එකක් පොවලා අපිව බලෙන් ඉස්කෝලේ යැවුවා. ඒ වින්ද දුක දන්නේ මම විතරයි. ඒවා වචන වලට පෙරලුවට ඒ හැඟීම වචන වලට පෙරලන්න අමාරුයි.

    ඔහොම කාලය ගත උනා. 5 වසරට අවා. සතියේ දවස් 3 ක් ඉස්කෝලේ හවස අමතර පන්ති. තව සතියේ එක දවසක් ඉංග්‍රීසි පන්ති. සෙනසුරාදා උදේ වරුව පැය 4ක් ටියුෂන් පන්ති. ඉරිදා උදේ දහම් පාසල්. ආපහු හවස ටියුෂන් පන්ති. ඊට අමතරව ගෙදර ඇවිල්ල දවසට අඩුම එක ප්‍රශ්න පත්තරයක් කරන්න ඕන. රෑ 10 වෙනකන් නිදා ගන්න බැහැ. ඔන්න ඔය විදිහට හිර ගෙදරක ඉන්නවා වගේ තමයි මගේ කාලය ගත උනේ. ආසාවට හවසට කාටුන් එකක් බලන්න බැහැ. තහනම්. නිවාඩු කාලයට ඒ දෙන්න වැඩට යන නිසා TV එකේ ගලවන්න පුළුවන් ඔක්කොම කෑලි ගලවලා දාලා තමයි වැඩට ගියේ.
    මේවා මම මෙච්චර කල් කාටවත් කිව්වේ නැහැ මචන්. එත් මේ දේවල් අද මම ඉන්න තත්ත්වෙට වැටෙන්න කොච්චර බලපෑවද කියලා තේරුම් ගනින්. උඹ ළමයෙක් හදනකොටවත් මේවා වෙන්න දෙන්න එපා. මොකද එහෙම නොවී නිදහසේ හැදිච්ච ළමයි මගේ වයසේ උන් ලස්සනට ජිවිතේ ගත කරනවා.

    ඊට පස්සේ යන්තන් ශිෂ්‍යත්වය පාස් උනා. ලොකු ඉස්කෝලෙකට ගියා. දවස් කීපයක් ඇරෙන්න අලුත් ඉස්කෝලෙට ගිය දවසේ ඉදන්ම කිලෝමීටර් 15ක් තනියම පාරේ බස් එකේ තමයි ගියේ. අවුරුද්දක් පාඩුවේ ලස්සනට නිදහසේ ඉගෙන ගත්තා. මගේ ප්‍රතිපලත් හොඳයි විභාග වල. මුල් 5ස් දෙනා අතර හිටියා. හත වසරට ගියා විතරයි ඉස්කෝලේ ඉන්න මරි මෝඩ ඕපදුප මොංගල් ගැනු සෙට් එක උන්ගේ ළමයි ටියුෂන් පන්ති වලට දාන්න ගත්තා උන්ගේ ළමයිව. අපේ අම්මලටත් බලන් ඉන්න බැරි උනා. පාඩුවේ ඉගෙන ගත්ත මාව තියෙන විෂන් ඔක්කොටම ටියුෂන් දාන්න ගත්තා. මගේ ඉගෙනීම එතැනින්ම ඉවරයි. උදේ 6 ට ගෙදරින් යනවා. 1.30 ට ඉස්කෝලේ ඉවර උනාම ටියුෂන් යනවා. හවස 7 ට විතර ගෙදර එනවා. ගෙදර ඇවිල්ලත් මහන්සි අරින්න වෙලාවක් නැහැ. ඉස්කෝලේ දුන්න ගෙදර වැඩ කරන්න ඕන. අවුරුදු 12 ක ළමයෙක් කොහොමද ඔය දේවල් ඉවසන්නේ කියලා හිතපන්. 8 වසරට යනකොට මගේ ඉගෙනීම කිව්වොත් හැම විභාගයකින්ම අන්තිම 10 අතර තමයි. ඔක්කොම කණපිට හැරවුනා. අම්මලට තේරුනෙත් නැහැ කොහෙද වැරදුනේ කියලා. ඒගොල්ලෝ කරන්නේ දැන් යන පන්තිය වෙනුවට අලුත් පන්තියකට දාපු එක විතරයි. කීප දවසක් ඇරුනම හැමදාම උදේ ඉස්කෝලේ ගිහිල්ලා හවස 7 ට ආපහු ගෙදර එන්නේ මම තනියම.

    ඔය අතරේ තමයි මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම කණපිට හැරවිච්ච සිද්දිය උනේ. කලින් කිව්වා වගේ මම 6 වසරේ ඉඳලම හැමදාම ඉස්කෝලේ ගියේ තනියම. සමාජය ගැන මෙලෝ හසරක් මට තේරුනේ නැහැ. දවසක් ඉස්කෝලේ ඇරිලා ගෙදරන එනකොට වයසක අන්කල් කෙනෙක් මගේ එහා පැත්තෙන් හිට ගෙන හිටියා. මමත් හිටගෙන ගිටියේ. මේ මනුස්සයා මගේ අතේ ඇඟිලි හෙමිට අතගාන්න ගත්තා. මට ඉතින් තේරෙන්නේ නැති කමට මම ඒ මනුස්සයා එක්ක හිනා උනා. මම එතකොට 8 වසරේ. මගේ එච්චර කැමැත්තක් නැති නිසා මම බස් එකේ වෙන තැනකින් ගිහිල්ල හිට ගත්තා. මේ මනුස්සයා ආපහු ලඟට ආවේ නැහැ. ටික දුරක් ගිහිල්ල බැහැලා ගියා. තව දවසක් මේ මනුස්සයම උදේ මම යද්දී මගින් නැගලා මගේ ලඟට ඇවිල්ලා හිට ගත්තා. මම හිටියේ ඉස්සරහා දොර ගාව තියෙන වීදුරුවට කවර වෙලා. මේ මනුස්සයා එදත් මගේ අත අල්ලන්න ගත්තා. මම ඉඩ දුන්නේ නැහැ. පස්සේ මන් ලඟට තවත් ලන් වෙලා මගේ පවුද්ගලික ප්‍රදේශය අල්ලන්න ගත්තා. මට කර කියා ගන්න දෙයක් නැහැ. ලජ්ජාවට කාටවත් කියන්නත් බය වෙලා හිටියේ. කොච්චර මිනිහට ඒ දේ නොකරන්න ඉඩ නොදී හිටියත් මිනිහා මාව අයිනට තද කරන ඉස්කෝලේ ලඟට යනකන්ම ඔය වැඩේ මට කළා. මට මොකක්ද මේ කරන්නේ කියලවත් තේරුමක් නැහැ. මට එක වලක්වා ගන්න ඕන කම තිබ්බත් ඒක කර ගන්න උනේ නැහැ. ඔන්න ඔතනින් තමයි මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් උනේ.

    ඔය විදිහට ඔය මනුස්සයා දවස් ගානක් මට බස් එකේදී සෙට් උනා. හැමදාම පෞද්ගලික ප්‍රදේශය අල්ලනවා. බස් එක කියන්නෙත් ඒ මනුස්සයට නිදානයක් වගේ තැනක්. මොකද අපේ පාරේ බස් වල හැමදාම සෙනඟ. කාටවත් මොන කලත් පෙන්නේ නැහැ මැද පේලියේ හිටියොත්. මටත් ඇතිවෙන හැඟීම් ටික ටික වෙනස් වෙන්න ගත්තා. ලිංගික ආශාව කියන එක අසාමාන්‍ය විදිහට වැඩි වෙන්න ගත්තා. දවසට 1 පාරක් හෝ දෙපාරක් අහවල් වැඩේ කරන්න ඕන තැනටම පොඩි කාලෙම අවා. අර මනුස්සයා මම 10 වසරට වගේ යනකන්ම ගොඩක් දවස් වලට ආවා. ටික කාලයක් යද්දී මුලදී ආස නැති උනාට ඒක ආසාවක් උනා. මාත් උදේට අසාවෙන් බස් එකේ යනවා අද අර ඩයල් එක එයි නේද කියන බලාපොරොත්තුවෙන්. කියන්න සතුටුයි එකා වෙනුවට 5ක් 6ක් ම ඔය විදිහට මට බස් වලදී සෙට් වෙලා තියෙනවා. ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකොට සැහෙන්න දෙනෙක් බස් එකේදී මට ඔය වැඩේ කරන්න ඇවිල්ල තියෙනවා. 10 වසරෙන් පස්සේ නම් ආසාව තිබ්බත් හිතේ බයට ලජ්ජාවට උන්ට මම කිසි දෙයක් කරන්න දුන්නේ නැහැ. හැබැයි අදටත් අසභ්‍ය දර්ශන වලට වගේම අසාමාන්‍ය විදිහට මම ලිංගික ආශාවන්වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. කොහොමද මේක පාලනය කරන්නේ කියන එක මටවත් තේරෙන්නේ නැහැ. හොඳ වෙලාවට මට තාම කිසිම ලෙඩක් හැදිලා නැහැ. ලඟදි මම චෙක් කර ගත්තා. පඩියෙන් සැහෙන්න වියදමක් කරන්නේ ලිංගික ආශාවන් ඉෂ්ට කර ගන්න. පුළුවන් කෙනෙක් උදව් කරන්න මට මේවා පාලනය කර ගන්න. ලොකු පිනක්.

    ඔහොම කාලේ ගෙවුනා ගෙදරිනුත් වෙනසක් නැහැ. ඉස්කෝලේ යවනවා. සතියේ දවස් 5 ත් පන්ති යවනවා. සති අන්තෙත් පන්ති යවනවා. ගෙදර ඉන්න වෙලාවට පොත අතේ තියන් නින්ද ගිහිල්ලා ගුටි කාපු වාර අනන්තයි. අපේ පුන්චිලා නම් අපේ අම්මල කරපු වැඩ වලට අපිට දීපු වද වලට එච්චර කැමති උනේ නැහැ. දවසක් මුනටම කිව්වා. එත් වැඩක් උනේ නැහැ. ඒගොල්ලෝ හිතුවේ ඉස්කෝලේ යවන තරමට වැඩියෙන් ටියුෂන් යවන තරමට තමයි ළමයට හොඳට ඉගෙන ගන්න පුළුවන්. එතකොට තමයි විභාග පාස් වෙලා ඉංජිනේරුවෙක් හරි ඩොක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. කිසිම දෙයක් ඒගොල්ලන්ගේ මට්ටමෙන් මිසක් කවුරුත් කියන දෙයක් කනකට ගත්තේ නැහැ. පුදුම විදිහට දඬුවම් වින්දා ඉස්කෝලේ යන කාලේ. ඉස්කෝලෙදි නෙවේ. ගෙදරදී තාත්තාගෙන් තමයි.

    කොහොම හරි ඕලෙවල් යන්තන් පාස් උනා. ඒලෙවල් උඩින්ම ෆේල් උනා. යන්තන් ප්‍රයිවට් යුනි එකක ස්කොල් එකක් හම්බ උන නිසා අද ශේප් එක ජොබ් එකක් කරන් ජිවත් වෙනවා. ආපහු ඉස්කෝලේ කාලේ ගැන කිව්වොත්, මට කිසිම විෂය බාහිර වැඩක් කරන්න දුන්නේ නැහැ. කොටින්ම මට සමාජ ආශ්‍රයක් තිබ්බෙම නැහැ. මොනදේ කරන්නත් ලැජ්ජයි. අදටත් මට මිනිස්සු 10ක් ඉස්සරහ හිටන් කතාවක් කරන්න බැහැ. ඔලුව වැඩ කරන්නේ නැහැ. එච්චරට බයයි ලැජ්ජයි. ඉස්කෝලේ කාලේ අම්මත් එක්ක ගිහිල්ල ක්‍රිකට් බාරව ඉන්න සර් එක්ක කතා කරලා දිනයකුත් දාගත්තා ප්‍රැක්ටිස් යන්න. එත් තාත්තා එක කරනන් දුන්නේ නැහැ. එක දවසක් ප්‍රැක්ටිස් ගියේ නැහැ. මට සුපිරියට චිත්‍ර අඳින්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්. හැබැයි කවදාවත් මට කලා විෂයන් කරන්න ඉඩ දුන්නේ නැහැ. මට මතකයි දහම්පාසලේ තරඟ කිට්ටු උනාම පන්තියේ ඔක්කොටම සින්දු කවි කියන්න කියනවා හොඳම එකාව තොර ගන්න. මගේ හිතේ තියෙන බයට ලජ්ජවටම මම සින්දු කවි කැතට කියනවා. හැබැයි මම දන්නවා අදටත් මට හොඳට සින්දු කියන්න පුළුවන්. කලාව කියන එක උපතින්ම පිහිටපු එකෙක් මම. කලාවට පට්ට ආසයි. අද උනත් මම හරි ආසයි මගේ හිතේ තියෙන බය සැක නැති කරන් කලාව පැත්තෙන් දෙයක් කරන්න. පොඩි කාලේ සමාජ ඇසුරක් නැති නිසා අදටත් මම ආසයි තම්නියම පැත්තකට වෙලා ඉන්න. මේ දේවල් නැති කර ගන්නේ කොහොමද කියන එක මට ලොකු ප්‍රශ්නයක්.

    උදවු කරන්න පුළුවන් අය ඉන්නවා නම් කියන්න. මට සල්ලි නෙවේ ප්‍රශ්නය. මගේ හිතේ තියෙන බය සැක නැති කර ගෙන මම ආස දෙයක් කරන්නයි මට ඕන. මට දැන් කරන ජොබ් එකෙන් අයින් වෙනන්ත් උවමනාවක් නැහැ. අසාවෙන් නෙවේ උනත් කරන්නේ එකට දැන් හුරු වෙලා. එත් මට තේරෙනවා වෙලාවක් එයි මේ තියෙන පීඩනය පුපුරලා එලියට යන. අන්න ඊට කලින් මට මේ දේවල් වෙනස් කර ගන්න ඕන. මොකද මම ඉන්නේ මාර ලොකු මානසික පිඩනයකින්. ආපහු මම ඉල්ලන්නේ පුළුවන් අය ඉන්නවා නම් නම් උදව්වක් දෙන්න. සල්ලි ඕන නම් සල්ලි හරි ගෙවන්නම්. ඒක ප්‍රශ්නයක් නැහැ. කලින් කිව්වා වගේ මට කර ගන්න බැරි වෙච්ච ගොඩක් දේවල් තියෙනවා.. මට මග හැරිච්ච දේවල් ගොඩක් තියෙනවා. එත් එක්කම හිතේ තියෙන බයයි ලැජ්ජාවයි මට තියෙන ලොකු බාධකයක්. මේ දේවල් වලින් ගොඩ එන්න පුළුවන් ක්‍රම දන්නවා නම් කොටාගෙන යන්න.

    අන්තිමට කියන්න තියෙන්නේ මගේ කතාව ආදර්ශයකට ගන්න පුළුවන් නම් ඒ ගන්න පුළුවන් තැන් ගන්න. කරුණාකර ඔයාගේ ළමයට ඒ ළමයා වෙන්න ඉඩ දෙන්න. පුළුවන් තරම් ළමයට නිදහසේ එයා කැමති දේ කරන්න දෙන්න. පුළුවන් තරම් පරිස්සම් කරන්න. මේ සමාජය හරිම විෂ සහිතයි. පුළුවන් තරම් පරිස්සම් කරන්න. මේ වචන ටික ලිව්වේ ඇස් වල කඳුළු පුරෝගෙන. කියන්න කෙනෙක් නැති නිසයි. හැමෝටම ජය.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    18,565
    33,000
    113
    මචන්ලා ඉවසන් ඉඳලා ඉඳලා කියන්න කෙනෙක් නැතිම තැන තමයි මේ ටික කිරියේ කියලා බලනවා කියලා හිතුවේ. මේවා සමහරුන්ට ජෝක් වෙයි. සමහරුන්ට සීරියස් වෙයි. සමහරුන්ට මොකුත්ම හිතෙන එකක් නැහැ.

    මම අවුරුදු 28 ක කොල්ලෙක්. ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. ලංකාවේ තියෙන හොඳම ඉස්කෝල වලින් එකකට ගියා. ප්රියිවට් ඉගෙන ගෙන දැන් හොඳ ජොබ් එකකුත් කරනවා. ඒත් මම හිතන්නේ මම කරන්නේ මම කැමති දෙය නෙවේ කියන එක මචන්. ඒක නිසා හිතේ කිසිම සතුටක් නැහැ. මම පොඩි කාලේ ඉදන්ම මගේ කතාව කියන්නම්. මටවත් තේරෙන්නේ නැති එකේ මේක කියවන කෙනෙක්ට මගේ ජිවිතේ කොතනද වැරදුනේ කියලා තේරෙයි.

    අපි සාමාන්‍ය පවුලක්. අම්මයි තාත්තයි ලොකු ජොබ් නම් නෙවේ කලේ. ලොකුවට ඉගෙන ගත්ත අය නෙවේ. ඒක නිසා ඒගොල්ලන්ට තියෙන්නේ ජීවිතය ගැන වෙනම කියවීමක්.

    ඉස්සර ඉඳන් අපේ ගෙදර හරි නීති. දෙන්නේ මොනවද අපි කන්න ඕන. අකමැති උනත් කන්න ඕන. රස ගුණ කියන දේ අදාලම නැහැ. ඉක්මනට කෑවේ නැති උනොත් එකටත් දඬුවම්. මට අද වගේ මතකයි මම කන්න පරක්කු උනා කියලා මගේ ඔලුව මෙසේ වදින්න මට ගැහුවා. ඒකට අපේ අක්කා සාක්ෂි. මොකද ඒ දඬුවම එයාටත් විඳින්න උනා ඒ විදිහටම.

    මාව 2 ක වසරේ ඉඳන්ම ටියුෂන් දැම්මා. අකමැත්තෙන් උනත් 1 වසරේ ඉදන්ම අපිව තනියම පාරට යැවුවා කඩේ යැවුවා. මට තේරෙන්නේ නැහැ දෙමවුපියෝ හය හතර දන්නේ නැති ළමයෙක්ව තනියම මීටර් 500ක් වගේ ඈතින් තියෙන ටවුමට යවල බඩු ගෙන්න ගන්නේ කොහොමද කියලා. මම අද ඉන්න තත්ත්වේ එක්ක ඒ දේවල් මට තවමත් අදහා ගන්න බැහැ. කොටින්ම කිව්වොත් උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් පැනඩෝල් එකක් පොවලා අපිව බලෙන් ඉස්කෝලේ යැවුවා. ඒ වින්ද දුක දන්නේ මම විතරයි. ඒවා වචන වලට පෙරලුවට ඒ හැඟීම වචන වලට පෙරලන්න අමාරුයි.

    ඔහොම කාලය ගත උනා. 5 වසරට අවා. සතියේ දවස් 3 ක් ඉස්කෝලේ හවස අමතර පන්ති. තව සතියේ එක දවසක් ඉංග්‍රීසි පන්ති. සෙනසුරාදා උදේ වරුව පැය 4ක් ටියුෂන් පන්ති. ඉරිදා උදේ දහම් පාසල්. ආපහු හවස ටියුෂන් පන්ති. ඊට අමතරව ගෙදර ඇවිල්ල දවසට අඩුම එක ප්‍රශ්න පත්තරයක් කරන්න ඕන. රෑ 10 වෙනකන් නිදා ගන්න බැහැ. ඔන්න ඔය විදිහට හිර ගෙදරක ඉන්නවා වගේ තමයි මගේ කාලය ගත උනේ. ආසාවට හවසට කාටුන් එකක් බලන්න බැහැ. තහනම්. නිවාඩු කාලයට ඒ දෙන්න වැඩට යන නිසා TV එකේ ගලවන්න පුළුවන් ඔක්කොම කෑලි ගලවලා දාලා තමයි වැඩට ගියේ.
    මේවා මම මෙච්චර කල් කාටවත් කිව්වේ නැහැ මචන්. එත් මේ දේවල් අද මම ඉන්න තත්ත්වෙට වැටෙන්න කොච්චර බලපෑවද කියලා තේරුම් ගනින්. උඹ ළමයෙක් හදනකොටවත් මේවා වෙන්න දෙන්න එපා. මොකද එහෙම නොවී නිදහසේ හැදිච්ච ළමයි මගේ වයසේ උන් ලස්සනට ජිවිතේ ගත කරනවා.

    ඊට පස්සේ යන්තන් ශිෂ්‍යත්වය පාස් උනා. ලොකු ඉස්කෝලෙකට ගියා. දවස් කීපයක් ඇරෙන්න අලුත් ඉස්කෝලෙට ගිය දවසේ ඉදන්ම කිලෝමීටර් 15ක් තනියම පාරේ බස් එකේ තමයි ගියේ. අවුරුද්දක් පාඩුවේ ලස්සනට නිදහසේ ඉගෙන ගත්තා. මගේ ප්‍රතිපලත් හොඳයි විභාග වල. මුල් 5ස් දෙනා අතර හිටියා. හත වසරට ගියා විතරයි ඉස්කෝලේ ඉන්න මරි මෝඩ ඕපදුප මොංගල් ගැනු සෙට් එක උන්ගේ ළමයි ටියුෂන් පන්ති වලට දාන්න ගත්තා උන්ගේ ළමයිව. අපේ අම්මලටත් බලන් ඉන්න බැරි උනා. පාඩුවේ ඉගෙන ගත්ත මාව තියෙන විෂන් ඔක්කොටම ටියුෂන් දාන්න ගත්තා. මගේ ඉගෙනීම එතැනින්ම ඉවරයි. උදේ 6 ට ගෙදරින් යනවා. 1.30 ට ඉස්කෝලේ ඉවර උනාම ටියුෂන් යනවා. හවස 7 ට විතර ගෙදර එනවා. ගෙදර ඇවිල්ලත් මහන්සි අරින්න වෙලාවක් නැහැ. ඉස්කෝලේ දුන්න ගෙදර වැඩ කරන්න ඕන. අවුරුදු 12 ක ළමයෙක් කොහොමද ඔය දේවල් ඉවසන්නේ කියලා හිතපන්. 8 වසරට යනකොට මගේ ඉගෙනීම කිව්වොත් හැම විභාගයකින්ම අන්තිම 10 අතර තමයි. ඔක්කොම කණපිට හැරවුනා. අම්මලට තේරුනෙත් නැහැ කොහෙද වැරදුනේ කියලා. ඒගොල්ලෝ කරන්නේ දැන් යන පන්තිය වෙනුවට අලුත් පන්තියකට දාපු එක විතරයි. කීප දවසක් ඇරුනම හැමදාම උදේ ඉස්කෝලේ ගිහිල්ලා හවස 7 ට ආපහු ගෙදර එන්නේ මම තනියම.

    ඔය අතරේ තමයි මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම කණපිට හැරවිච්ච සිද්දිය උනේ. කලින් කිව්වා වගේ මම 6 වසරේ ඉඳලම හැමදාම ඉස්කෝලේ ගියේ තනියම. සමාජය ගැන මෙලෝ හසරක් මට තේරුනේ නැහැ. දවසක් ඉස්කෝලේ ඇරිලා ගෙදරන එනකොට වයසක අන්කල් කෙනෙක් මගේ එහා පැත්තෙන් හිට ගෙන හිටියා. මමත් හිටගෙන ගිටියේ. මේ මනුස්සයා මගේ අතේ ඇඟිලි හෙමිට අතගාන්න ගත්තා. මට ඉතින් තේරෙන්නේ නැති කමට මම ඒ මනුස්සයා එක්ක හිනා උනා. මම එතකොට 8 වසරේ. මගේ එච්චර කැමැත්තක් නැති නිසා මම බස් එකේ වෙන තැනකින් ගිහිල්ල හිට ගත්තා. මේ මනුස්සයා ආපහු ලඟට ආවේ නැහැ. ටික දුරක් ගිහිල්ල බැහැලා ගියා. තව දවසක් මේ මනුස්සයම උදේ මම යද්දී මගින් නැගලා මගේ ලඟට ඇවිල්ලා හිට ගත්තා. මම හිටියේ ඉස්සරහා දොර ගාව තියෙන වීදුරුවට කවර වෙලා. මේ මනුස්සයා එදත් මගේ අත අල්ලන්න ගත්තා. මම ඉඩ දුන්නේ නැහැ. පස්සේ මන් ලඟට තවත් ලන් වෙලා මගේ පවුද්ගලික ප්‍රදේශය අල්ලන්න ගත්තා. මට කර කියා ගන්න දෙයක් නැහැ. ලජ්ජාවට කාටවත් කියන්නත් බය වෙලා හිටියේ. කොච්චර මිනිහට ඒ දේ නොකරන්න ඉඩ නොදී හිටියත් මිනිහා මාව අයිනට තද කරන ඉස්කෝලේ ලඟට යනකන්ම ඔය වැඩේ මට කළා. මට මොකක්ද මේ කරන්නේ කියලවත් තේරුමක් නැහැ. මට එක වලක්වා ගන්න ඕන කම තිබ්බත් ඒක කර ගන්න උනේ නැහැ. ඔන්න ඔතනින් තමයි මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් උනේ.

    ඔය විදිහට ඔය මනුස්සයා දවස් ගානක් මට බස් එකේදී සෙට් උනා. හැමදාම පෞද්ගලික ප්‍රදේශය අල්ලනවා. බස් එක කියන්නෙත් ඒ මනුස්සයට නිදානයක් වගේ තැනක්. මොකද අපේ පාරේ බස් වල හැමදාම සෙනඟ. කාටවත් මොන කලත් පෙන්නේ නැහැ මැද පේලියේ හිටියොත්. මටත් ඇතිවෙන හැඟීම් ටික ටික වෙනස් වෙන්න ගත්තා. ලිංගික ආශාව කියන එක අසාමාන්‍ය විදිහට වැඩි වෙන්න ගත්තා. දවසට 1 පාරක් හෝ දෙපාරක් අහවල් වැඩේ කරන්න ඕන තැනටම පොඩි කාලෙම අවා. අර මනුස්සයා මම 10 වසරට වගේ යනකන්ම ගොඩක් දවස් වලට ආවා. ටික කාලයක් යද්දී මුලදී ආස නැති උනාට ඒක ආසාවක් උනා. මාත් උදේට අසාවෙන් බස් එකේ යනවා අද අර ඩයල් එක එයි නේද කියන බලාපොරොත්තුවෙන්. කියන්න සතුටුයි එකා වෙනුවට 5ක් 6ක් ම ඔය විදිහට මට බස් වලදී සෙට් වෙලා තියෙනවා. ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකොට සැහෙන්න දෙනෙක් බස් එකේදී මට ඔය වැඩේ කරන්න ඇවිල්ල තියෙනවා. 10 වසරෙන් පස්සේ නම් ආසාව තිබ්බත් හිතේ බයට ලජ්ජාවට උන්ට මම කිසි දෙයක් කරන්න දුන්නේ නැහැ. හැබැයි අදටත් අසභ්‍ය දර්ශන වලට වගේම අසාමාන්‍ය විදිහට මම ලිංගික ආශාවන්වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. කොහොමද මේක පාලනය කරන්නේ කියන එක මටවත් තේරෙන්නේ නැහැ. හොඳ වෙලාවට මට තාම කිසිම ලෙඩක් හැදිලා නැහැ. ලඟදි මම චෙක් කර ගත්තා. පඩියෙන් සැහෙන්න වියදමක් කරන්නේ ලිංගික ආශාවන් ඉෂ්ට කර ගන්න. පුළුවන් කෙනෙක් උදව් කරන්න මට මේවා පාලනය කර ගන්න. ලොකු පිනක්.

    ඔහොම කාලේ ගෙවුනා ගෙදරිනුත් වෙනසක් නැහැ. ඉස්කෝලේ යවනවා. සතියේ දවස් 5 ත් පන්ති යවනවා. සති අන්තෙත් පන්ති යවනවා. ගෙදර ඉන්න වෙලාවට පොත අතේ තියන් නින්ද ගිහිල්ලා ගුටි කාපු වාර අනන්තයි. අපේ පුන්චිලා නම් අපේ අම්මල කරපු වැඩ වලට අපිට දීපු වද වලට එච්චර කැමති උනේ නැහැ. දවසක් මුනටම කිව්වා. එත් වැඩක් උනේ නැහැ. ඒගොල්ලෝ හිතුවේ ඉස්කෝලේ යවන තරමට වැඩියෙන් ටියුෂන් යවන තරමට තමයි ළමයට හොඳට ඉගෙන ගන්න පුළුවන්. එතකොට තමයි විභාග පාස් වෙලා ඉංජිනේරුවෙක් හරි ඩොක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. කිසිම දෙයක් ඒගොල්ලන්ගේ මට්ටමෙන් මිසක් කවුරුත් කියන දෙයක් කනකට ගත්තේ නැහැ. පුදුම විදිහට දඬුවම් වින්දා ඉස්කෝලේ යන කාලේ. ඉස්කෝලෙදි නෙවේ. ගෙදරදී තාත්තාගෙන් තමයි.

    කොහොම හරි ඕලෙවල් යන්තන් පාස් උනා. ඒලෙවල් උඩින්ම ෆේල් උනා. යන්තන් ප්‍රයිවට් යුනි එකක ස්කොල් එකක් හම්බ උන නිසා අද ශේප් එක ජොබ් එකක් කරන් ජිවත් වෙනවා. ආපහු ඉස්කෝලේ කාලේ ගැන කිව්වොත්, මට කිසිම විෂය බාහිර වැඩක් කරන්න දුන්නේ නැහැ. කොටින්ම මට සමාජ ආශ්‍රයක් තිබ්බෙම නැහැ. මොනදේ කරන්නත් ලැජ්ජයි. අදටත් මට මිනිස්සු 10ක් ඉස්සරහ හිටන් කතාවක් කරන්න බැහැ. ඔලුව වැඩ කරන්නේ නැහැ. එච්චරට බයයි ලැජ්ජයි. ඉස්කෝලේ කාලේ අම්මත් එක්ක ගිහිල්ල ක්‍රිකට් බාරව ඉන්න සර් එක්ක කතා කරලා දිනයකුත් දාගත්තා ප්‍රැක්ටිස් යන්න. එත් තාත්තා එක කරනන් දුන්නේ නැහැ. එක දවසක් ප්‍රැක්ටිස් ගියේ නැහැ. මට සුපිරියට චිත්‍ර අඳින්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්. හැබැයි කවදාවත් මට කලා විෂයන් කරන්න ඉඩ දුන්නේ නැහැ. මට මතකයි දහම්පාසලේ තරඟ කිට්ටු උනාම පන්තියේ ඔක්කොටම සින්දු කවි කියන්න කියනවා හොඳම එකාව තොර ගන්න. මගේ හිතේ තියෙන බයට ලජ්ජවටම මම සින්දු කවි කැතට කියනවා. හැබැයි මම දන්නවා අදටත් මට හොඳට සින්දු කියන්න පුළුවන්. කලාව කියන එක උපතින්ම පිහිටපු එකෙක් මම. කලාවට පට්ට ආසයි. අද උනත් මම හරි ආසයි මගේ හිතේ තියෙන බය සැක නැති කරන් කලාව පැත්තෙන් දෙයක් කරන්න. පොඩි කාලේ සමාජ ඇසුරක් නැති නිසා අදටත් මම ආසයි තම්නියම පැත්තකට වෙලා ඉන්න. මේ දේවල් නැති කර ගන්නේ කොහොමද කියන එක මට ලොකු ප්‍රශ්නයක්.

    උදවු කරන්න පුළුවන් අය ඉන්නවා නම් කියන්න. මට සල්ලි නෙවේ ප්‍රශ්නය. මගේ හිතේ තියෙන බය සැක නැති කර ගෙන මම ආස දෙයක් කරන්නයි මට ඕන. මට දැන් කරන ජොබ් එකෙන් අයින් වෙනන්ත් උවමනාවක් නැහැ. අසාවෙන් නෙවේ උනත් කරන්නේ එකට දැන් හුරු වෙලා. එත් මට තේරෙනවා වෙලාවක් එයි මේ තියෙන පීඩනය පුපුරලා එලියට යන. අන්න ඊට කලින් මට මේ දේවල් වෙනස් කර ගන්න ඕන. මොකද මම ඉන්නේ මාර ලොකු මානසික පිඩනයකින්. ආපහු මම ඉල්ලන්නේ පුළුවන් අය ඉන්නවා නම් නම් උදව්වක් දෙන්න. සල්ලි ඕන නම් සල්ලි හරි ගෙවන්නම්. ඒක ප්‍රශ්නයක් නැහැ.ඩ කලින් කිව්වා වගේ මට කර ගන්න බැරි වෙච්ච ගොඩක් දේවල් තියෙනවා.. මට මග හැරිච්ච දේවල් ගොඩක් තියෙනවා. එත් එක්කම හිතේ තියෙන බයයි ලැජ්ජාවයි මට තියෙන ලොකු බාධකයක්. මේ දේවල් වලින් ගොඩ එන්න පුළුවන් ක්‍රම දන්නවා නම් කොටාගෙන යන්න.

    අන්තිමට කියන්න තියෙන්නේ මගේ කතාව ආදර්ශයකට ගන්න පුළුවන් නම් ඒ ග් අන්න පුළුවන් තැන් ගන්න. කරුණාකර ඔයාගේ ළමයට ඒ ළමයා වෙන්න ඉඩ දෙන්න. පුළුවන් තරම් ළමයට නිදහසේ එයා කැමති දේ කරන්න දෙන්න. පුළුවන් තරම් පරිස්සම් කරන්න. මේ සමාජය හරිම විෂ සහිතයි. පුළුවන් තරම් පරිස්සම් කරන්න. මේ වචන ටික ලිව්වේ ඇස් වල කඳුළු පුරෝගෙන. කියන්න කෙනෙක් නැති නිසයි. හැමෝටම ජය.
    TLDR

    But umba neda ara rata goda ganna youtube channel ekak daapu kolla?
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,222
    4,374
    113
    PANNIPITIYA
    උඹේ ඔළුව නම් කොහේ හරි වැදිල අැති කියල මටත් හිතුණා..නැත්නම් මෙච්චර විනාසයක් රටට කරල තියෙද්දි රාජපක්ෂලට තාම කඩේ යයිද..
     
    • Dislike
    • Like
    Reactions: 2osama and Hankook

    rambo321

    Well-known member
  • May 15, 2022
    947
    1,215
    93
    TLDR

    But umba neda ara rata goda ganna youtube channel ekak daapu kolla?
    මාත් normal life එකක් ගෙවන්නේ මචන්. කරන්න ආස දේවල් ගොඩක් තියෙනවා. පිටට පෙන්නුවට සතුටින් ඉන්නවා වගේ හිත ඇතුලේ තියෙන ප්‍රශ්නේ තමයි බන් ඔය කිව්වේ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    51,280
    1
    33,576
    113
    මාත් normal life එකක් ගෙවන්නේ මචන්. කරන්න ආස දේවල් ගොඩක් තියෙනවා. පිටට පෙන්නුවට සතුටින් ඉන්නවා වගේ හිත ඇතුලේ තියෙන ප්‍රශ්නේ තමයි බන් ඔය කිව්වේ.
    මේකෙ ඉන්නව කැරියො කීප දෙනෙක්
    ඔයාල වගේ අයව හොය හොය bully කරනව
    කමෙන්ට් කියෝල ඔලුවනං අවුල් කරගන්න එපා..
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    947
    1,215
    93
    දැං උඹට මොකක්ද වෙන්නෝනෙ?
    රස්සාවක් කරගන්නත් පුලුවන්
    හොඳ කෙල්ලෙක් සෙට් කරගනින්
    රස්සාවක් කලත් ආසාවක් නැහැ බන්. වැඩක් දුන්නත් ගොඩක් වෙලාවට ඒක වෙලාවට කරන්න බැහැ. අකමැති උනත් කරන්න දෙයක් නැති නිසයි කරන්නේ. මොකද වෙච්ච සමහර දේවල් දැන් වෙනස් කරන්න අමාරුයි. කල් පැනලා තියෙන්නේ. එත් ජොබ් එක කරන අතරේ මම කැමති දේවල් කරගන්න විදිහක් තියෙනවා නම් මන් එකට පට්ට ආසයි. ඒත් ලැජ්ජාව බය තමයි හැම තැනම හරහට හිටින්නේ. ඒ දේවල් නැති කර ගෙන වෙන පැත්තකින් ආස පැත්තකින් ගේමක් ගහන්නයි මට ඕන. ලොකුවට නෙවේ හිතේ ආසාව තියෙන නිසා පොඩියට කරලා හරි සතුටු වෙන්න පුළුවන් නම් එච්චරයි මට වෙන්නේ ඕන.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    18,565
    33,000
    113
    මේකෙ ඉන්නව කැරියො කීප දෙනෙක්
    ඔයාල වගේ අයව හොය හොය bully කරනව
    කමෙන්ට් කියෝල ඔලුවනං අවුල් කරගන්න එපා..
    @Sandy_Fdo ado menna hingana ponnaya apita bullys la kiyala kiyanawoo :ROFLMAO: :ROFLMAO:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,823
    113
    උඹ ආස දේ මොකක්ද කියල නැහැනේ ඉතින්.. අනේ මට අරහෙමයි මෙහෙමයි කිව්වට කමක් නෑ ගොඩ එන plan එකකුත් තියෙන්න ඕන.. අඩු ගානේ යන්න කැමති field එකවත් කිව්ව නම් මොකක්හරි උදව්වක් ගන්න පුලුවන් නෙ..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,823
    113
    ඔය විදිහට ඔය මනුස්සයා දවස් ගානක් මට බස් එකේදී සෙට් උනා. හැමදාම පෞද්ගලික ප්‍රදේශය අල්ලනවා. බස් එක කියන්නෙත් ඒ මනුස්සයට නිදානයක් වගේ තැනක්. මොකද අපේ පාරේ බස් වල හැමදාම සෙනඟ. කාටවත් මොන කලත් පෙන්නේ නැහැ මැද පේලියේ හිටියොත්. මටත් ඇතිවෙන හැඟීම් ටික ටික වෙනස් වෙන්න ගත්තා. ලිංගික ආශාව කියන එක අසාමාන්‍ය විදිහට වැඩි වෙන්න ගත්තා. දවසට 1 පාරක් හෝ දෙපාරක් අහවල් වැඩේ කරන්න ඕන තැනටම පොඩි කාලෙම අවා. අර මනුස්සයා මම 10 වසරට වගේ යනකන්ම ගොඩක් දවස් වලට ආවා. ටික කාලයක් යද්දී මුලදී ආස නැති උනාට ඒක ආසාවක් උනා.
    එහෙනම් උඹ gay ඇති නැත්නම් bisexual වෙන්නැති.. මටත් පොඩි කාලේ වයසක dial ඔයවගේ ආතල් දෙන්න ඇවිත් තියෙනවා.. හැබැයි මන් සනික අයින් වෙනවා උන්ගෙන්.. Bus එකක නම් සීට් ඒකෙන් නැගිටලත් තියෙනවා..

    ඒක නෙවෙයි උඹ ඉන්නෙ ගාල්ලේ ද?
    ------ Post added on Jul 1, 2022 at 1:39 PM
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    947
    1,215
    93
    උඹ ආස දේ මොකක්ද කියල නැහැනේ ඉතින්.. අනේ මට අරහෙමයි මෙහෙමයි කිව්වට කමක් නෑ ගොඩ එන plan එකකුත් තියෙන්න ඕන.. අඩු ගානේ යන්න කැමති field එකවත් කිව්ව නම් මොකක්හරි උදව්වක් ගන්න පුලුවන් නෙ..
    හරියට කතාව කියවපන් මචන්. ඔය අහල තියෙන ඔක්කොටම උත්තර තියෙනවා.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    7,365
    16,274
    113
    Miami
    වෙනසක් අවශ්‍යයි කියලත් දැනෙනවනම්, අවශ්‍ය වෙනස මොකක්ද කියලත් දන්නවනම් ආයෙ තව මොනවද හිත හිතා ඉන්න තියෙන්නෙ?
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    947
    1,215
    93
    එහෙනම් උඹ gay ඇති නැත්නම් bisexual වෙන්නැති.. මටත් පොඩි කාලේ වයසක dial ඔයවගේ ආතල් දෙන්න ඇවිත් තියෙනවා.. හැබැයි මන් සනික අයින් වෙනවා උන්ගෙන්.. Bus එකක නම් සීට් ඒකෙන් නැගිටලත් තියෙනවා..

    ඒක නෙවෙයි උඹ ඉන්නෙ ගාල්ලේ ද?
    ------ Post added on Jul 1, 2022 at 1:39 PM
    නැහැ බන්. මම ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ.

    වෙනසක් අවශ්‍යයි කියලත් දැනෙනවනම්, අවශ්‍ය වෙනස මොකක්ද කියලත් දන්නවනම් ආයෙ තව මොනවද හිත හිතා ඉන්න තියෙන්නෙ?
    ඒකටත් බයයි මචන්.
    ------ Post added on Jul 1, 2022 at 1:45 PM
     
    • Like
    Reactions: GobbaSira

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    7,365
    16,274
    113
    Miami
    නැහැ බන්. මම ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ.


    ඒකටත් බයයි මචන්.
    ------ Post added on Jul 1, 2022 at 1:45 PM
    දැන් ඔය ආස බයිලා පැත්තක තියලා කරන ජොබ් එක කරගෙන ඉඳහන්. සෙල්ලම් නෑ ඕක නැති උනොත් මේ වෙලාවෙ වහ කන්න වෙන්නෙ. උඹ ගේ ද? නැත්නම් බයිසෙක්ෂුවල් ද?
     
    • Like
    Reactions: rambo321