සෑබෑ දේශප්‍රේමී නංගි කෙනෙක්

ScrewBalls

Banned
Dec 31, 2011
82
12
0
සෑබෑ දේශප්‍රේමී නංගි කෙනෙක්

සෙව්වන්දියකට පෙම් බැන්දා....

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

wedding1.jpg
රට වෙනුවෙන් දෙනෙත් අහිමි කරගෙන සදා අඳුරක ගිලුණ රණවිරු පුතකුගේ දෙනෙත පමණක්‌ නොව මුළු ජීවිතයම ආලෝකවත් කළ ආදර්ශවත් තරුණියක ඊයේ (25 වැනිදා) අනුරාධපුරයේ අභිමංසල නිකේතනය මිනිස්‌කමින් මෙන්ම ප්‍රේමයෙන්ද සුවඳවත් කළාය. ඇය නමින් සාවිත්‍රි සෙව්වන්දිය. දහඅට හැවිරිදි වියේ පසු වූ ඇය මුළු මහත් කාන්තාවන්ටම ආදර්ශයක්‌ ගෙන දුන්නාය.

සාවිත්‍රි ඊයේ (25 වැනිදා) මඟුල් පෝරුවට නගිද්දී රට වෙනුවෙන් දෙනෙත් මෙන්ම දකුණු අතද අහිමි කරගත් ලාන්ස්‌ කෝප්‍රල් චරිත් රණවීර මනමාලයකු වූයේ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මංජුලිකා ජයසූරිය මෙන්ම සාදයට එක්‌ව සිටි සියලු දෙනාගේ දෙනෙත් කඳුළින් තෙත් කරවමිනි. ඒ කඳුළු සතුටු කඳුළුය.

කුරිරු ත්‍රස්‌තවාදීන් විසින් කිලාලි කලපුව අසල අටවා තිබූ බෝම්බයක්‌ පුපුරා යැමෙන් මීට වසර කිහිපයකට උඩදී ලාන්ස්‌ කෝප්‍රල් චරිත් ගුණවර්ධන කුලතිලකගේ දැස මෙන්ම අතක්‌aද අහිමිව ගියේය. එතැන් පටන් ඔහු රාගම රණවිරු සෙවණට වී අඳුරු ජීවිතයට පුරුදු පුහුණු විය. හමුදා සෙබළකුව සිටියදී ප්‍රේමයෙන් බැඳී සිටි පෙම්වතිය පවා ඔහු අතැර යද්දී තනිකම, පාළුව ඔහුගේ ලෝකයේ රජවන්නට විය.

දිනක්‌ මේ රණවිරුවා සුදු සැරයටියද රැගෙන රාගම නගරයට ආවේ මිහින්තලයේ පිහිටි ගමට යැමටය.

"අයියේ...." මිහිරි වදනක්‌ ඔහුට ඇසිණි.

"අයියට මේ මොකද වුණේ" තරුණියකගේ හඬ අවදි විය.

"මම හමුදා සෙබළෙක්‌ දැන් මම දෙඇස්‌ අන්ධ රණවිරුවෙක්‌" ලාන්ස්‌ කෝප්‍රල් චරිත් රණවීර කී දෙයින් ඇයගේ දැසට කඳුළු නැගිණි.

අයියලයි අපේ මේ රට බේර ගත්තේ" ඇය කීවාය.

දෙදෙනා එදා සමුගත්තේ යළි හමුවෙන්නට මහ ලොකු ප්‍රාර්ථනයක්‌ නොකරය. වෙන්ව යන්නට මත්තෙන් දුරකථන අංක හුවමාරුවක්‌ වූයේ නිකමටය.
wedding2.jpg


දින සති බවට පෙරළිණි. ඇය ඔහුට දුරකථන ඇමතුමක්‌ දී සුවදුක්‌ විචාළේ සෙනෙහසේ හැඟුම් ද සමගිනි. ප්‍රේමය ගොඩනැගුනේ එපරිද්දෙනි.

මේ බැඳීම ආදරයට පෙරළිණි.

"දෙනෙත් අන්ධ කෙනෙක්‌ බඳින්න" පිස්‌සුද ඕක නතර කරපන් දුවේ.... ඇයගේ ඥතීන් බල කළේ එලෙසින්ය.

නමුත් මේ බැඳීම සංසාරගත බැඳීමකි. ඔහුට මේ දේ වුණේ රට බේරාගන්නට ගොස්‌ය.

යුද හමුදාවද මේ ප්‍රේමයට උදව් කළේය.

අවසානයේදී මේ දෙදෙනාගේ ප්‍රේමය, විවාහයෙන් කෙළවර වන්නට විය.

ඒ දිනය යුද හමුදාවටද සුවිශේෂී දිනයක්‌ විය. නැකත තිබුණේ ඊයේ (25 වැනිදා) ය. යුද හමුදාපති මෙන්ම උසස්‌ නිලධාරීන්ද, සෙසු සෙබළ මිතුරන්ද, ඇයගේ ඥති හිතමිත්‍රාදීන්ගේ ද ආශිර්වාද මැද අලුත් යුග දිවිය ඇරඹිණි. සියලු චාරිත්‍ර වාරිත්‍ර මැද මේ දෙදෙනා අලුත් නිවහනකට ගොඩ විය. පුංචි කැදැල්ල හරි ලස්‌සනය.

ලොවම එපා වී, ලොවම කලකිරී තැවී දැවී ඉන්නා වේලේ, ආදරය සෙනෙහස රැගෙන ආ සාවිත්‍රි නිසා රණවිරු චරිත් ගුණවර්ධන කුලතිලක රණවිරුවාට අලුත් ලොවක්‌ ලැබිණි. මේ කැදැල්ලට පුංචි දරු පැටියකු ආ දාට කාටත් වඩා සතුටු වන්නේ මේ දෙදෙනාගේ මව්වරුය. පියවරුය.

මේ සාවිත්‍රි කොයි කාටත් ආදර්ශයකි. යුද්ධය පවා අමතකව යන මෙකල රණවිරු පුතෙකුට, කළගුණ සැලකූ සාවිත්‍රිට, සාවිත්‍රිගේ දෙමාපියන්ට ආඩම්බර වන්නට මෙයම ප්‍රමාණවත්ය. යුද හමුදාව සහ දානපතියන් එක්‌ව මේ දෙදෙනාට අංග සම්පූර්ණ නිවසක්‌ හා මෝටර් රථයක්‌ද තෑගි කළේ අනාගතයට ආසිරි පතන ගමන්ය
 

ScrewBalls

Banned
Dec 31, 2011
82
12
0
disabled soldiers should be given free vehicle, driver and fuel.people should donate them cash, goods.there should be a method to make donations to these famillies.
 

ScrewBalls

Banned
Dec 31, 2011
82
12
0
පංසල් වලට සල්ලි දෙන්න එපා.සාදුලාට සල්ලි දෙන එක පවක්.කෙලෙස් වැඩීමක්.මේ ආබාධිත සොල්දාදුවන්ට සල්ලි දීපල්ලා
 

ScrewBalls

Banned
Dec 31, 2011
82
12
0
රජාගේ ඇට දෙක ලෙව කන එක දේශප්‍රේමය කියලා හිතාගනෙ ඉන්න බලු කුක්කො ටික මේ ත්‍රෙඩ් එක ගැන බලන්නෙවත් නෑ.
 

blue_in_rio

Well-known member
  • රජාගේ ඇට දෙක ලෙව කන එක දේශප්‍රේමය කියලා හිතාගනෙ ඉන්න බලු කුක්කො ටික මේ ත්‍රෙඩ් එක ගැන බලන්නෙවත් නෑ.

    සිරාවට මචන්.... :confused::confused: මොනව උනත් කෙල්ල ලොකු ආදර්ශයක් දුන්නේ.... :):):):)