ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 66 වන වියේ පසු විය.
‘අපි කවුරු ද’, ‘අපි සැනසිල්ලේ’, ‘රස්තා’, ‘අළු යට ගිනි’, ‘හීනවලට පණක් තිබෙනවා’, ‘හොඳ ම දේ’ හා ‘සැනසෙන්නම්’ යන ගීතයන් සේනක බටගොඩගේ නිර්මාණ වේ. දක්ෂ ගිටාර් වාදන ශිල්පියෙකු ද වූ ඔහුට පළමු වෘතාන්ත චිත්‍රපට පසුබිම් ගායන අවස්ථාව ලැබුණේ CineMa චිත්‍රපටිය හරහාය .
ඔහුගේ අතිශය ජනප්‍රිය ගීත සම්බන්ධයෙන් පසුගිය අප්‍රෙල් මාසයේදී කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුනේ සංගීතවේදී ජනත් කුලතිලක බුද්ධිමය දේපළ පනත යටතේ ගොනු කළ පැමිණිල්ලක් නිසාය. මිලියන 100 ක උපරිම වන්දියක් ද ඔහුගෙන් ඉල්ලා තිබුණි. මේ නඩුකටයුතු හේතුවෙන් බටගොඩ මහතා සිත්තැවුලෙන් සිටියේය.රෝගී තත්ත්වයක් නිසා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.
ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්වූ ගීත රැසක් නිර්මාණය කළ ගායන ශිල්පියෙකු, ගිටාර් වාදකයෙකු සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ සේනක බටගොඩ බදාදා (සැප්: 11) අභාවප්‍රාප්ත විය.
ඔහුගේ පවුලේ සමීපතමයෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ, පාදයේ පැවති රෝගී තත්ත්වයක් මත ඔහු ශල්‍ය කර්ම දෙකකට භාජනය කර සිටි බව ය.
දෙවන ශල්‍ය කර්මය සිදු කිරීමෙන් පසුව ඔහුට ශ්වසන අපහසුතාවක් ඇති වූ බවත් පසුව අභාවප්‍රාප්ත වූ බවත් ඔහු පැවසීය.
සේනක බටගොඩ යනු වෙනස් ආරක තනු නිර්මාණ සහ ගීත හරහා ශ්‍රී ලාංකික රසිකයින් අතර ජනප්‍රියත්වයට පත්වූ සංගීත ශිල්පියෙකි.
Repost ද නොදනී....
BBC සිංහල Link