ශ්‍රියා මනමත්වී.. - ආනන්ද පෙරේරා සමුගනී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ananda-perera-passed-away


    ප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මියයන විට 67 වන වියෙහි පසුවිය. සංගීත ගුරුවරයෙකු ලෙස මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් ඉටුකළ අති දක්ෂ සංගීතඥයෙක් වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූයේ පසුගිය කාලයේ අසනීප තත්වයෙන් සිටීමෙන් අනතුරුවය.

    මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ ආනන්ද පෙරේරා මහතාගේ දෙමාපියන් දෙන්නාම සංගීත ගුරුවරු විය. ආනන්ද පෙරේරා මහතාට එක් සහෝදරයෙකු සිටියේය.



    පියා කුඩා කල සිටම නැටුම් හා සංගීතය පුරුදු කළ බවත් ඔහුට කුඩා කල සිටම සංගීත වාදන හැකියාව තිබුණ බවත් පවසා තිබේ. වයස අවුරුදු 7 දී නර්තනය හැදෑරීමටද යොමු විය.
    කුඩා කාලයේ සිටම බෙරවාදනයට කැමැත්තක් දැක්වූ බව පවසා තිබේ.
    කිංස්වුඩ් විදයාලයේ පැවති 'නිපුණතා තරගයකින්' ඔහු මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවක වාදනයෙන් දක්ෂතා දැක්වීය.

    මෙරට ජන සංගීතයේ සිට පෙරදිග ශාස්ත්‍රීය සංගීතය මෙන්ම බටහිර සංගීතය දක්වා අවධානයක් යොමු කළ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා පිළිබිඹු කලේය.


    පසුව සංගීත කණ්ඩායමක් සාදාගෙන වැඩ පටන් ගත් ඔහු සංගීත හැදෑරීම්ද වැඩිදියුණු කළේය.ගුවන් විදුලි වැඩසටහන් වලට මෙන්ම 1980 දශකයේ නන්දන වින්දන රූපවාහිනී සංගීත වැඩසටහන්වලටද ඔහු දායක විය.

    'ශක්ති' වාදන කණ්ඩායම පිහිටුවා පසුව ජාත්‍යන්තර වශයෙන් සංගීත ප්‍රසංග වලට සහභාගී විය. රටවල් 21 ක පමණ ඔහු ප්‍රසංග පවත්වා තිබේ.අනතුරුව ආනන්ද පෙරේරා මහතා සිහශක්ති සංගීත කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළේය..

    ශ්‍රීයා මනමත්වී මාගෙ දැකලා උන්මාදවී..,ඉස්සර කාලේ පටං, බඹරුන්ට කලින්, ගජගා වන්නම,මල්වී ඇස්, සුදු හංසියේ.. ආදී ජනප්‍රිය ගීත කිහිපයක්ද ඔහු ගායනා කර තිබේ.
    දේහය අවසන් ගෞරවය සඳහා 10/3D, මංගලගම පාර, මොලදන්ඩ, කිරිබත්කුඹුර නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු සිදු කරන දිනය පිළිබඳ පසුව දැනුම් දීමට නියමිතයි.