සිංදුවල තියෙන පට්ට Lyrics

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    අහස් තල පොලෝ තල ඔබට මට පොදු වෙලා
    හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා
    මට බලා ඉන්න බැහැ සියොලඟම දැවෙනවා
    සසර සැරිසරන තෙක්
    ඔබ මගේ ඔබ මගේ

    සින්දු නං සින්දු

    ප්‍රේමකීර්ති සදා ජීවමානයි
     
    උකුල ළැම හස මලවි කරලිය
    මුවා කල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සලෙළුන්
    උමතු වු දෙනුවන් රැහැන් ඇද
    මා අබියස මැවුනු තුසිතය
    සුරන් නැළවූ සුයාමය

    -------------------



    සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා
    උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
    රෑ තුන්යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
    කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා


    මේවා කොහොමද කිඹුලෝ
     
    Last edited:

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    වෙල් දෙණි වල ඇවිදින දෙපා රිදෙන විට
    විහඟ ගීත බණ පද වේවා...
    බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ
    තුන් සිත නිවී සැදේවා...
    මතු උපදින සසරේ විසාකාව වී
    මෙත් මග නෙත් හමු වේවා...
    ඇත් රැජිණියනේ ඔබෙ නැලැවිළි ගීතය
    ලොවම නිවන කවියක් වේවා...


    --------------------------------------------------------------

    සියුමැලියේ මුදා හැරුණු උබෙ වරලේ
    කෙහෙ රැල්ලක් රඟ දෙනවා මද පවනේ.....
     
    lenchina_mage_nangiye.png
     

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහෙකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්රේමය ඒ වගෙයි මනරම්
    පුදුම වෙයි නුඹනම්
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    හිතවතුනි අද සුදු ඇඳන් එන්න..
    මේ සුසානේ පහන් දල්වන්න..
    ප්‍රථම ප්‍රේමය වළදමන්නට අසීරුයි මට
    ඔබ උදව් වෙන්න.. :(
     

    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    :love: සිත යන අතකට පාවෙන්නට ඇරලා
    මගේ අහින්සක සිතූවිලි බිඳ දමලා
    මට පෙම් නොකෙරු
    මා නොහඳුනනා
    ඔබටද දිනයක දුක සිතෙනා
    පාලු රැයක් එනවා :love:

    ~~~T.M~~~

    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සයුරක් නොදුටු ගඟුලක්
    කිසිදා ගලන්නෙ නෑ
    වෙරළක් අහිමි සයුරක්
    කිසිදා හඬන්නෙ නෑ


    කඳුළක් නොසැලු නෙතකින්
    හසරැල් සොයන්නෙපා
    ලැබුණත් බිඳුණු හදකින්
    සෙනෙහස සොයන්නෙපා


    සිසිලක් නොමැති අහසින්
    වැසිදිය යදින්නෙපා
    ලැබුණත් බිඳුණු හදකින්
    සෙනෙහස සොයන්නෙපා

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කසුන් ගේම තවත් ගීයක තියනව අවසන් පද පේලිය......

    මා තුරුළට ගෙන සුරතල් කරනට
    අහිමි වුවත් මට සොදුරු වරම්
    අන්සතු උයනක නුඹ හිනැහෙන යුරු.........
    දැක තුටුවෙමි නැවතී මෙතෙකින්.......

    ආත්මෙම කීරි ගැහෙනව ඇත්තට ම වුනේ ඒක නේද කියල දැනෙන කොට.......:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමනලයා මල හා ළමයා සේ
    බාල ළමා වයසේ
    පෙර තිදෙනා සිටියේ එක යායේ
    ජීවිතයේ අරුමේ

    මලට වසා පැණි බී රිසි සේමා
    සමනලයා පියැඹූ දවසේ
    ඒ මල ගාවා ඒ පොඩි ළමයා
    දෑස වසා සිටියා

    මලට නොවේ දැණුනේ දුක කාගේ
    පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ
    ඒ මල නොදනී ඒ මල පරවී
    සමනලයා කොතැනේ
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ළගදි අහපු ඒවායින් මේ මුළු පදමාලාව ම.......
    මාර ම උපමා, උපමේය.....
    මාර සංකේත රූප......

    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල වශි බන්ධනයෙන් හද බැද තබා
    සාධුතර ස්වප්නය ට නිගා දී ඔබ ගියා......

    ස්නේහයේ චුම්බනය -නලල මත වගුරුවා
    ආලිංගනය සුරස මතක පොත තුළ රැවා
    ප්‍රේම ආරාමයේ - කැණි මඩළ බිම හෙලා
    චාරුතර වසන්තය - නිමා කර ඔබ ගියා

    සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
    සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසිරුවා
    ප්‍රේමයේ.................අභය භුමියේ දි මා නසා
    මධුර මධු කුසලාන - කඩා බිද ඔබ ගියා.....

    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල වශි බන්ධනයෙන් හද බැද තබා
    සාධුතර ස්වප්නය ට නිගා දී ඔබ ගියා......

    ඔය ටිකෙන් අර

    ප්‍රේමයේ.........අභය භූමියෙ දී මා නසා

    කියන කෑල්ල කොහෙන් කොහොම ලියවුනා ද කියල හිතා ගන්න බෑ..අභය භූමියක් කියන්නේ ජීවිත රැකෙන තැනක්, ඒ වගේ තැනක දී ජීවිතේ නැති වීම ආත්මෙට ම දැනෙන වේදනාවක්.......දහසක් බලාපොරොත්තු තියාගෙන අභය භූමියකට එන්නේ ජීවිතේ් රැක ගන්න. එහෙම තැනක ජීවිතේ නැති වීම..........:sorry::sorry:

    .ඔය වචන කීපය ගැන හිතන්න හිතන්න හිත ඉතාම දැඩිව කම්පා වෙනවා. අත්දැකීම තියන උන්ට විශේෂයෙන් ම......:sorry:


    VVIP comment ekak patta
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමරසිරි පීරිස් මෙහෙම ගයලා තියනවා........

    අතින්වත් අත ඇල්ලුවේ නෑ
    කිසිම කිළුටක් තිබුනෙ නෑ
    ආදරය හැර හීනයක වත්
    කිසිම කිළුටක් තිබුනෙ නෑ
    ඔබට අමතක වෙන්න බෑ - අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය
    ඔබට අමතක වෙන්න බෑ.....
    ඔබට අමතක වෙන්න බෑ...............

    කුළුදුලේ කිව් මුල්ම වචනය - පැටලෙද්දි ඔය සොදුරු දෑසක....
    නුඹත් මා ළග මං වගේ නිහඩයි.........
    බිම බලාගෙන ගොළු වුනෙත් ඒකයි......

    නොයිදුලේ හැගුම් තියාගෙන -කාලයෙන් වියපත් වෙලා අප
    වෙන්වුනෙත් ආදරය හින්දාමයි
    සමුදෙන්න බැරි හමුනොවිත් ඒකයි.....
    හමුනොවිත් සමු දෙන්න බැරි ඒකයි......
    ඔබට අමතක වෙන්න බෑ - අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය
    ඔබට අමතක වෙන්න බෑ...
    ඔබට අමතක වෙන්න බෑ....
    ඔබට අමතක වෙන්න බෑ....
    ඔබට අමතක වෙන්න බෑ..........

    මින්ස්සු කොහෙම මේව ලියනව ද කියල මට නං තේරෙන්නේ නෑ.....:(
     
    සමනලයා මල හා ළමයා සේ
    බාල ළමා වයසේ
    පෙර තිදෙනා සිටියේ එක යායේ
    ජීවිතයේ අරුමේ

    මලට වසා පැණි බී රිසි සේමා
    සමනලයා පියැඹූ දවසේ
    ඒ මල ගාවා ඒ පොඩි ළමයා
    දෑස වසා සිටියා

    මලට නොවේ දැණුනේ දුක කාගේ
    පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ
    ඒ මල නොදනී ඒ මල පරවී
    සමනලයා කොතැනේ

    මේ පද පේලි වල නම් ලොකු හැංගිච්ච අර්ථයක් තියනවා කියල තමයි මට හැගෙන්නේ :(
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට
    හඬා දොඩා පල නොලැබෙන හින්දා
    උදා ළහිරු විලස එබී හිඳිමු ලොවට
    සිනා මලක් මුව අද්දර රන්ඳා......
    ..