සිංහගිරි LENOVO G50 Laptop warranty වංචාව - LENOVO G50 එක ගන්න එපා.

0Sudesh

Active member
  • Oct 31, 2014
    98
    102
    43
    සිංහගිරි LENOVO G50 Laptop warranty වංචාව - LENOVO G50 එක ගන්න එපා.

    සිංහගිරි LENOVO G50 Laptop warranty වංචාව - LENOVO G50 Laptop එක ගන්න එපා.:no::no:

    මීට මාස කීපයකට කලින් මම පොඩි බිස්නස් එකක් පටන් ගත්ත යාලුවෙක් එක්ක. යාලුවට හරියට වැඩ කරගන්න Laptop එකක් ගන්න ඕන උනා.. ඉතිං මං කිව්ව මට සල්ලි ටික ටික පස්සෙ දියන් මන් සල්ලි දාල එකක් අරන් දෙන්නම් කියල.. දෙන්නත් එක්ක ගියා Laptop එකක් බලන්න. තිස්සමහරාම හැම කඩේකම වගේ බලල අන්තිමේ ගියා සිංහගිරි එකට. Laptop කීපයක්ම බලල - LENOVO G50 ලැප් එක ගත්ත අතේ තියෙන ගානට වැඩේට සෙට් වෙන නිසා. On කරන්න දුන්නෙ වත් නෑ user account හදන්න වෙන නිසා. Brandnew නිසා අරගෙන ආව මොනව බලන්නද. :) 4 years warranty දෙනව කියලත් කිව්වනෙ...

    අරගෙන ගිහින්.. software ටික එහෙම දාල වැඩ පටන් ගත්ත. :lol: අපි කලේ Graphic වැඩ. ඩිසයින් එකක් දෙකක් ඌ කරල මට එවනකොට මම දැක්ක හැම එකේම අවුලක් තියෙනව. :frown: මේක තමයි ප්රGශ්නෙ...

    අපි Graphic කරනකොට use කරනව gradient effect එක මෙතනදි තමයි මීටර් වුනේ :oo: මේක Display එකේ අවුලක් තියෙනව කියල.

    gradient effect එක කියන්නෙ මේ විදියට colors 2ක් විහිදිල යන විදියට හදන effect එක

    img-thing

    වෙන computer වල කිසි අවුලක් නෑ එක ලස්සනට විහිදිලා යනව. :frown: එත් මේකෙ එහෙම නෑ කෑලි වලට කැඩිල වෙන් වෙලා වගේ පේනව. හරියට මේ වගේ. බලන්න මේ වලාකුලු වලට උඩින් අහස. ඒ වගේම skype logo එක වටේට බලන්න.

    54724i0E57A61A9BE1519F

    :no:

    මන් දන්න සෙල්ලම් හැම එකක්ම දැම්ම මේක හදන්න. සාමානයෙන් මේ වගේ display මන් දැකල හරියට Drivers වැටුනෙ නැති වුනාම.

    පහුවදාම lap එක අරන් ගියා අරගෙන දෙවනි දවසෙ. Shop එකේ technician කෙනෙක් නෑ ඉන්න ගොබිබයො මෙලෝ දෙයක් දන්නෙ නෑ. මු head office එකට කතා කරල මට කතා කරන්න දුන්න.. මන් සීන් එක කිව්ව.. තව විස්තර කරල email එකකුත් යැව්ව.. කියන්න අමතක වුනානෙ මේ තියෙන්නෙ lenovo official web එකේ ඔය ප්ර්ශ්නෙ ගැන කතා කරල තියෙන ත්රෙ ඩ් එක
    https://forums.lenovo.com/t5/Lenovo...ay-Problems-and-Banding-Dark-Dim/td-p/1735183

    මෙකත් බලලම ඉන්න.. මං මේකත් යැව්ව.. මුන් කියනව technician කෙනෙක් බලන්න ඕන ඒක නිසා lap එක තියල යන්න Colombo යවල check කරල අවුලක් තියෙනව නම් වෙන එකක් දෙන්නම් කියල.

    මට සති 2කින් එන්න කිව්ව.. ඔය අතරෙ මගේ යාලුවෙක් සෙට් වුනා සිංහගිරි Head office එකේ වැඩ කරන. මන් පොරට කිව්වම පොඩ්ඩක් ඉන්න අයිය මන් වැඩේ first priority දාල කරල දෙන්නම් කියල. මිනිහ මට උදව් කලා.. Office එකේ Lenovo lap ගැන බලන කෙනෙක් contact කරල දුන්න.. මට කිව්ව lap එක galle service center එකට යවල තියෙන්නෙ වැඩි විස්තරයක් දැන ගන්න ඕනම නම් කතා කරන්න කියල number එකක් දුන්න. මන් කතා කලා. උන් කියනව අවුලක් තියෙනව ඒ වර්ගෙ මේ හැම Lap එකකම එහෙමයි. අපි Singapore වල Lenovo company එකට email එකක් දැම්ම. තව දවස් 3කින් කතා කරන්න කියල..

    දවස් 3කින් ගත්ත. තාම reply එකක් ආවෙ නෑ . ආයෙත් mail එකක් දැම්ම කිව්ව. මන් තව දවස් 3කින් කතා කලාම කිව්ව අපි lap එක තිස්ස shop එකට යැව්ව එකෙන් ගන්න කියල... මට යකා... මන් ගියා ආයෙත් shop එකට. Lap එක ඇවිල්ල... ප්රෙශ්නෙ විසදිලා නෑ.. මං කිව්ව මට ලැප් එක බාර ගන්න බෑ.. මට ඔයාලගෙ technician කෙනෙක් හමු වෙලා කතා කරල මේක විසදල දෙන්න කියල.
    මට colombo Abans service center එකට එන්න check කරන්න කියල කිව්ව. (මුන්ගෙ හරියට service center එකක්වත් නෑ ).

    මන් Abans එකට ගියා...
    මගේ යාලුව IT manager ට කතා කරන්න සෙට් කරල දුන්න.. මූ කියනව lap එක photoshop කරන්න මදිලු එහෙනම් මීට වඩා හොද එකක් ඕනලු.. මන් කිව්ව මන් P3 machine එකේ ඉදල photoshop වැඩ කරල තියෙනව එහෙම කිසි ප්රකශ්නයක් නෑ කියල. ඒව මේව උගේ පොර ටෝක් අහන් ඉදල මට technician කෙනෙක් set කරල දුන්න අවුලක් තියේ නම් හදා ගන්න කියල..

    technician කියන්නෙ මේ වගේ හැම ලැප් එකේම මේ අවුල තියෙනව. සිංහගිරි එකත් එක්ක කතා කරල වෙන brand එකකට යන්න කියල.. ඒ වෙලාවෙ පොර Drivers update කරල ඒව මේව වැඩ කෑලි දාල හදන්න බැලුව හරි ගියේ නෑ.. මට කිව්ව call එකක් දෙන්නම් යන්න කියල.. හැබැයි මට තාම ඒ call එක ආවෙ නෑ..

    මං සිංහගිරි හෙඩ් ඔෆිස් කතා කලා අර මට යාලුව දීපු number එකට..පොර මට ආයෙ කතා කලේ නෑ එක එක වෙලාවට මන් ගත්තම meeting, film Hall එකේ ඉන්නෙ.. එක එක විකාර කියවන්න ගත්ත.. මන් ආයෙ ඌට ගත්තෙ නෑ.

    තිස්ස shop එකට ගත්ත.. ඌ කියනව Head office එකෙන් කියනකම් refund කරන්නවත් වෙන lap එකක් දෙන්න වත් බැහැලු...

    මං හිත හදා ගත්ත.. සල්ලි ට්කට හරි තමයි කියල. තව රුපියල් 15000 ක් දීල වෙන used laptop එකක් ගත්ත Acer mini laptop එකක්.. එකෙවත් නෑ මේ වගේ සීන් එකක්. මන් තව p3 lap එකකත් check කලා මේ අවුල නෑ ඒ එකකවත්..

    අවසානෙ මම පාරිභොගික සේවා අධිකාරියට පැමිනිල්ලක් දැම්ම..

    එයාල සති දෙකකින් වගේ ලියුමක් එවල shop එකට එකෙ copy එකක් මටත් එව්ව.. සති දෙකක් ඇතුලත විසදුමක් දෙන්න ඒ වගේම Documents වගයක් එවන්න කියල..

    තව මාසයක් වගේ ගෙවිල ගියා. මන් තිස්ස සිංහගිරි එකට කතා කලා. අයෙත් පරන බයිල ගහන්න ගත්ත. Headoffice එකෙන් කියන්නෙ නැතුව දෙන්න බෑලු..

    මම පාරිභොගික සේවා අධිකාරියට call කලා. එයාල කිව්ව සිංහගිරි එකට ලියුමක් යැව්ව.. ඒත් reply එකක් නෑ. තව සිහි කැඳවීමෙ ලිපියක් යැව්ව.. ඒකට reply එකක් ආවෙ නැති වුනොත් නඩු දානව කියල... ඔන්න ඕකයි සිද්දිය..

    මචන්ස්ල කවදාවත් මුන්ගෙන් කිසිම බඩුවක් ගන්න එපා.. ගන්නකොට නම් සුරන්ගනා කතා තියනව වොරනටි අවුරුදු 4-5 අබාන්ස් සිංගර් සිංහගිරි සොෆට්ලොජික් හැම එකාම එකයි...

    දැනට මාස 4-5 ක් වගේ වෙනව තාම lap එක නෑ... LENOVO G50 ගත්ත අය ඉන්නව නම් ‍ gradient effect background කියල search කරල images කීපයක් download කරල බලන්න....

    මචන්ස්ල කවදාවත් මුන්ගෙන් කිසිම බඩුවක් ගන්න එපා.. ගන්නකොට නම් සුරන්ගනා කතා තියනව වොරනටි අවුරුදු 4-5 අබාන්ස් සිංගර් සිංහගිරි සොෆට්ලොජික් හැම එකාම එකයි...

    පුලුවන් එවුන් share කරපල්ල මුන්ට මේ වගේ බාල බඩු විකුන්න බැරි වෙන්න.. මං මේක ලිව්වෙ තවත් එකෙක් මං වගේ අමාරැවෙ වැටෙන එක නවත්තන්න.. එහෙනම් මං ගියා..

    බුදුසරණයි..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    අබාන්ස් සිංගර් සිංහගිරි සොෆට්ලොජික් හැම එකාම එකයි...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක වෙන්නේ පැනල් එකේ colour depth එක අඩු උනාම බං
     
    • Like
    Reactions: Voltage

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අඩෝ LENOVO එකේ forum or customer service එකට complain එකක් දාපන් උන්ගේ dealer කෙනෙක් ගෙන් නම් උබ ලැප් එක ගත්තේ අනිවා දාපන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    :shocked: ඕක ඔච්චර නටන්නේ නැතුව ඈවිත් කිව්වා නම් උදව් කරනවනේ බං....... :D දැන් උඹ වැඩේ නාගෙන නේ....... :( දැන් නම් මට ඕකට මැදට පනින්න බෑ....... :no:

    සිංහගිරි කියන්නේ දැන් අබාන්ස් ම තමා...... අපිත් G50 කීපයක් වික්කා..... ඒ කවුරුවත් අවුලක් කිව්වේ නෑ..... :no:

    හැබැයි ග්‍රෑෆික් වැඩ වලට නම් ඕක මදිද දන්නේ නෑ..... මොකද ඔන්බෝඩ් VGA තියෙන එකක්නේ..... :yes:

    ගාන අඩුවට අරන් රැවුලයි කැදයි දෙකම බලන්න එපා...... ග්‍රෑෆික් කරනවා නම් Separate 2GB VGA එකක්වත් තියෙන එකක් ගන්න බලන්න..... :yes:

    ඕක ගොඩක්ම වෙලා තියෙන්නේ.... ශෝ රූම් වල උන්ට ඕනා මොකක් හරි එකක් විකුණන්න මිසක්..... කස්ටමර්ගේ උවමනාවට ගැලපෙන එකක් විකුණන්න නෙවේ..... :no: අන්න එතනයි අවුල...... :dull:

    කෝල් එකක් දීපන්..... උදව්වක් කරන්න බලන්නම් ඉතින්..... :D

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    lap එකක් ගන්නකොට ගන්න මොඩල් එක ගැනත් හොඳට හොයල බලල ගන්න ඕනේ බන් Brand Name පස්සේ ගියාම ඕක තමයි වෙන්නේ .. ඕකේ සිංහගිරි එකේ වරදක් ම කියන්න අමාරුයි ඔය ලැප් මොඩල් ඔක්කොගෙම තියෙන කේස් එකක් නං ඕක ..
     
    • Like
    Reactions: Voltage

    0Sudesh

    Active member
  • Oct 31, 2014
    98
    102
    43
    මචන්ල.. මං කරන්නෙ 2D graphics.. අනික මේක normal images වලත් තියෙනව.. උන් කියල තියෙන්නෙ HD LED display එකක් තියෙනව කියල.. මං මීට වඩා performance අඩු machine වල design කරල තියෙනව.. අනික මං same IMAGE එක එකපාරට Lap කීපයකට දාල බැලුව හැම එකක්ම performance ගොඩක් අඩුයි මීට වඩා.. එයින් එකක් (NEC 1.4 celeron 512mb ) එකක්. මන් අවුරුදු 2 ඒකෙන් graphics කලා.. speed එක ටිකක් අඩුයි තමයි... ඒත් මේ වගේ අවුලක් කිසිම එකක දැක්කෙ නෑ.... 3D max Maya වගේ 3D Graphics වලට නම් හොද Separate VGA එකක් තියෙන්න ඕන මේක සාමානය දෙයක්.. graphics ඕන නෑ web ඩිසයින් වල CSS වලින් මේක දැම්මත් එනව...

    Speed එක වගේ නම් අඩු වෙන්න පුලුවන්.. එත් මේ වගේ දේකට display අවුලක් එනව කියනනෙ.. HD LED display එකක
     
    0Sudesh

    Active member
  • Oct 31, 2014
    98
    102
    43
    :shocked: ඕක ඔච්චර නටන්නේ නැතුව ඈවිත් කිව්වා නම් උදව් කරනවනේ බං....... :D දැන් උඹ වැඩේ නාගෙන නේ....... :( දැන් නම් මට ඕකට මැදට පනින්න බෑ....... :no:

    සිංහගිරි කියන්නේ දැන් අබාන්ස් ම තමා...... අපිත් G50 කීපයක් වික්කා..... ඒ කවුරුවත් අවුලක් කිව්වේ නෑ..... :no:

    හැබැයි ග්‍රෑෆික් වැඩ වලට නම් ඕක මදිද දන්නේ නෑ..... මොකද ඔන්බෝඩ් VGA තියෙන එකක්නේ..... :yes:

    ගාන අඩුවට අරන් රැවුලයි කැදයි දෙකම බලන්න එපා...... ග්‍රෑෆික් කරනවා නම් Separate 2GB VGA එකක්වත් තියෙන එකක් ගන්න බලන්න..... :yes:

    ඕක ගොඩක්ම වෙලා තියෙන්නේ.... ශෝ රූම් වල උන්ට ඕනා මොකක් හරි එකක් විකුණන්න මිසක්..... කස්ටමර්ගේ උවමනාවට ගැලපෙන එකක් විකුණන්න නෙවේ..... :no: අන්න එතනයි අවුල...... :dull:

    කෝල් එකක් දීපන්..... උදව්වක් කරන්න බලන්නම් ඉතින්..... :D

    නටන්න ගියේ නෑ බන්..:no: කරන්න පුලුවන් හැම දේම කරල තමයි මාස 2 හමාරකට පස්සෙ පාරිබොගික සේවා අධිකාරියට දැම්මෙ..
    2D graphics වලට නම් මේක වැඩිත් එක්ක බන්.. අනික මේක ග්‍රැපික් Design විතරක් නෙමෙයි.. windows වල සමහර තැන් වලත් එහෙමයි..(attach karapu images) මං හෙට call එකක් දාන්නම් පුලුවන් උදව්වක් තියේ නම් කරපන්..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන්ල.. මං කරන්නෙ 2D graphics.. අනික මේක normal images වලත් තියෙනව.. උන් කියල තියෙන්නෙ HD LED display එකක් තියෙනව කියල.. මං මීට වඩා performance අඩු machine වල design කරල තියෙනව.. අනික මං same IMAGE එක එකපාරට Lap කීපයකට දාල බැලුව හැම එකක්ම performance ගොඩක් අඩුයි මීට වඩා.. එයින් එකක් (NEC 1.4 celeron 512mb ) එකක්. මන් අවුරුදු 2 ඒකෙන් graphics කලා.. speed එක ටිකක් අඩුයි තමයි... ඒත් මේ වගේ අවුලක් කිසිම එකක දැක්කෙ නෑ.... 3D max Maya වගේ 3D Graphics වලට නම් හොද Separate VGA එකක් තියෙන්න ඕන මේක සාමානය දෙයක්.. graphics ඕන නෑ web ඩිසයින් වල CSS වලින් මේක දැම්මත් එනව...

    Speed එක වගේ නම් අඩු වෙන්න පුලුවන්.. එත් මේ වගේ දේකට display අවුලක් එනව කියනනෙ.. HD LED display එකක

    ඔතන ස්පීඩ් ප්‍රශ්නයක් නෙවෙයි බං තියෙන්නේ.........Graphics වැඩ වලට හොඳ quality display එකක් ඕනේ පේන විදිහට මේ ලැප්ටොප් එකේ display එකේ colour depth එක අඩුයි......ඔය මොඩ්ල් එකේම හැටි එහෙම නම් ඉතින් උන්ට බැනල වැඩකුත් නෑ :dull:
     
    0Sudesh

    Active member
  • Oct 31, 2014
    98
    102
    43
    lap එකක් ගන්නකොට ගන්න මොඩල් එක ගැනත් හොඳට හොයල බලල ගන්න ඕනේ බන් Brand Name පස්සේ ගියාම ඕක තමයි වෙන්නේ .. ඕකේ සිංහගිරි එකේ වරදක් ම කියන්න අමාරුයි ඔය ලැප් මොඩල් ඔක්කොගෙම තියෙන කේස් එකක් නං ඕක ..

    සිංහගිරි එකට වැරුද්ද කියන්නෙ නැතුව කාටද බන් කියන්නෙ.. :eek: මන් Toshiba, Dell,Acer,NEC use කරල කියෙනව.. lenovo නම් කලින් අරන්න නෑ...

    2uejtra.jpg

    t6zd7b.jpg

    fb9449.jpg

    ඔන්න ඔය Images 3ත් බලපන්කො.. මුන් අර ගොනි එලුව පෙන්නනව :lol: වගේ වැඩක් කරල තියෙන්නෙ.
     
    0Sudesh

    Active member
  • Oct 31, 2014
    98
    102
    43
    lap එකක් ගන්නකොට ගන්න මොඩල් එක ගැනත් හොඳට හොයල බලල ගන්න ඕනේ බන් Brand Name පස්සේ ගියාම ඕක තමයි වෙන්නේ .. ඕකේ සිංහගිරි එකේ වරදක් ම කියන්න අමාරුයි ඔය ලැප් මොඩල් ඔක්කොගෙම තියෙන කේස් එකක් නං ඕක ..

    ඔතන ස්පීඩ් ප්‍රශ්නයක් නෙවෙයි බං තියෙන්නේ.........Graphics වැඩ වලට හොඳ quality display එකක් ඕනේ පේන විදිහට මේ ලැප්ටොප් එකේ display එකේ colour depth එක අඩුයි......ඔය මොඩ්ල් එකේම හැටි එහෙම නම් ඉතින් උන්ට බැනල වැඩකුත් නෑ :dull:

    මේක ග්‍රැපික්ස් වල ප්‍රශ්නයක් නෙමෙයි සහෝ... windows 8 වල start menu එකේ tile වලත් එහෙම පේනව.. කෙලින්ම කිව්වොත් display එකේ පේන ඔය වගේ colors 2ක් 3ක් mix වුන තැන් පවා පේන්නෙ ඔය විදියට.. මන් දන්නව මේක Speed අඩු වීමක් නෙමෙයි කියල.. මන් හිතන්නෙ නම් VGA එකේ තියෙන අවුලක්.. පැනල් එකේ නෙමෙයි..

    මොකද LENOVO ෆොරම් එකේ සමහර එවුන් දාල තිබුන. උන් වෙන External Monitor එකකට plug කලත් මේ අවුල තියෙනව කියල.. VGA Drivers Hardware Parts එක්ක compatible නෑ ඕකයි කතාව..

    LENOVO එකෙන් කියන්නෙ Drivers update කරන්න කියල. එහෙම කලාට හරි යන්නෙ නෑ... අනික මං සිංහගිරි එකට දොස් කියන්නෙ.. හැම දේම හොල බලල..
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මන් ගාවත් තියෙන්නේ G50 ක් බන්. ඔහොම අවුලක් නම් නැහැ. උබේ tread එක දැකල මමත් බැලුවා. එහෙම දෙයක් පේන්න නැහැ. මම ගත්තේ හැබැයි singer mega එකකින්. මම දවසකට අඩුම පය 18ක් වත් දාල තියනවා. හර්ඩ් use එකට නියම ලැප් එකක්.

    එක දෙයක් කරලා බලපන් තව,

    උබේ system එක genuine නම් (එහෙම නොඋනත් කරන්න දෙයක් නැහැ. මගෙත් genuine නෙමෙයි. එත් මට ම් අවුලක් ගියේ නැහැ) windows update setting වල check update but let me choose කියන option එක on කරපන්. updates list එක අපුවහම ඔකේ optional ගොඩේ ඇති අනිවාර්යෙන් graphic වලට update එකක්. එක install කරපන්. ගොඩක් දුරට හරියයි. අනික 8.1 වල තියන ගොඩක් අවුල් updates වලින් හරි යනවා.​