සිංහයෝ හෝතඹුවාට පරදිති

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    සිංහයෝ හෝතඹුවාට පරදිති

    ඔවුහු ලෝකයේ භයානක ම මාංශ භක්ෂකයෝය. බළල් කුලයේ දැවැන්තයන් වන මොවුන් කැලේ රජා යනුවෙන් හඳුන්වන්නේ ද දඩයමට ඔවුන්ගේ ඇති දක්ෂතාවත් අනුකම්පා විරහිත ආක්‍රමණයත් හේතුවෙනි. එවැනි සිංහ ධේනුන් හතර දෙනකු පුංචි හෝතඹුවකුට බියෙන් වලිග පස්සාපැත්තේ හංඟාගෙන පලා යනු ඇතැයි කෙසේ නම් විස්තර කරන්න ද ?
    තමන් දඩයම් කර ගිල දැමීමට පැමිණි මේ බියකරු දැවැන්ත සිංහයන් හතර දෙනාට වඩා බොහෝ සෙයින් කුඩා හෝතඹුවා ආක්‍රමණශීලී ලෙස සිංහයන්ට ගොරවමින් ඔවුන් සපා කෑමට මෙන් ඉදිරියට පනිමින් හැසිරෙන විලාසය විශ්මය ජනකය.
    මේ දුලභ දසුන ඡායාරූපයට නගා ඇත්තේ ප්‍රංශ ජාතික ඡායාරූප ශිල්පී ජෙරොම් ගිලෙයිමාට් විසිනි. කෙන්යාවේ පිහිටි මාසා මාරා ජාතික වනෝද්‍යානයේ දී ඔහු මේ අපූරු දර්ශනය දැක ඇත. ඔහු එය මෙසේ විස්තර කරයි
    ‘‘ තමන් ගොදුරු කර ගැනීමට පැමිණි මේ හෝතඹුවා සිංහයන් වෙත ගොරවමින් කඩා පනිමින් ඔවුන්ගේ මුහුණට පවා තුවාල සිදුකළා. සිංහයන් හෝතඹුවා අල්ලා ගැනීමට උත්සාහ ගන්නා සෑම අවස්ථාවක දී ම හෝතඹුවා මර බයේ වුවත් සිංහයන් ට තර්ජනය කරමින් ටිකෙන් ටික පසු බැස දිවගොස් ගුලක හැංගෙනවා මා දුටුවා. පසුව නැවතත් එතැන් සිට සටන ආරම්භ කරන හෝතඹුවාගේ කඩා පැනීමත් සමග කලබලයට පත්වූ සිංහයන් තමන් කරන්නේ කුමක් දැයි නොදන්නා ආකාරයෙන් හැසිරෙන්නට වුණා. මුගටියා ආරක්ෂිතව ගුලේ සැඟවී ගියා. සිංහ ධේනුවන්ට සිදුවුණේ තමන්ගේ තුවාල වූ නාසා හා කට දෙපස ලෙවකමින් පසු බැස යාමටයි.“
    ජෙරොම් පවසන්නේ තමන් දැන් මෙය මාධ්‍යයට නිකුත් කළ ද එය සිදුවූයේ 2011 වර්ෂයේ දී බවයි.

    1409655557711_wps_32_EXCLUSIVE_MAASAI_MARA_KEN.jpg

    1409655643769_wps_33_EXCLUSIVE_MAASAI_MARA_KEN.jpg

    1409655675497_wps_35_EXCLUSIVE_MAASAI_MARA_KEN.jpg

    1409655755534_wps_36_EXCLUSIVE_MAASAI_MARA_KEN.jpg

    1409655768305_wps_37_EXCLUSIVE_MAASAI_MARA_KEN.jpg

    http://www.lankadeepa.lk/index.php/articles/260485
     
    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    tfs +4

    mama hithanne na muwa dadayam karanawa kiyala, nikan sellamata gannawa wage penne. mokada pena widihata mun thama pataw (pulli thiyanawa). (anika balapan 2 photo eka).

    thawa pena widihata mungen ekaek pirimi sathek (oluwa gawa wadipura mawil thiyanawa) (3rd photo)
     
    • Like
    Reactions: Ereshaz77

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    tfs +4

    mama hithanne na muwa dadayam karanawa kiyala, nikan sellamata gannawa wage penne. mokada pena widihata mun thama pataw (pulli thiyanawa). (anika balapan 2 photo eka).

    thawa pena widihata mungen ekaek pirimi sathek (oluwa gawa wadipura mawil thiyanawa) (3rd photo)

    matath hithenne ekama thamai. dadayam karanawanam ohoma athagagaa inne naa. eth aththata sidda une kohomada kiyala apita danagannath baa. pod un sellam karanawada, dadayam karanna purudu wenawada kiyala ara photo gaththa ekkena thamai hariyatama danne.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    tfs +4

    mama hithanne na muwa dadayam karanawa kiyala, nikan sellamata gannawa wage penne. mokada pena widihata mun thama pataw (pulli thiyanawa). (anika balapan 2 photo eka).

    thawa pena widihata mungen ekaek pirimi sathek (oluwa gawa wadipura mawil thiyanawa) (3rd photo)
    +++++++++++++:yes::yes::yes::yes::yes:
     
    Last edited: