සිංහරජාණෙනි බලුවෙන්නට වෙලාවයිමේ
කොටි හපුවා පූස්පැටියෙක් වෙයි. සිංහයාණෙනි මේ බලු වෙන්නට සිදුව ඇති ඔබේ වාරයයි!
Posted on August 1, 2010 by beyondframe
25
කේපීට සමාව දීම ප්‍රශ්නයක් නොවේ යයි කෙහෙලිය රඹුක්වැල්ල කීවේ ය. ඔහු රේඛාව පැන ආණ්ඩුව කියන දෙයක් කරන කීකරු පූසෙකු වී ඇති බැවිනි.
කොටියෙකුට පූසෙකු විය හැකි නම් සිංහයෙකුට බල්ලෙකු විය නොහැකි ද?
අප මේ ප්‍රශ්නය අසන්නේ එක් කලෙක ලංකාව පුරාම වැජඹුනු එක් සිංහයෙකු වෙනුවෙනි.ඔහු නමින් සරත් ෆොන්සේකා ය. නඩු පිට නඩු වැටෙමින් ඉන්නා දේශද්‍රෝහී සරත් ෆොන්සේකා ය. මුර දේවතාවුන්ට පිරිත් කියූ, මුර දේවතාවුන්ට ගී ගැයූ, මුර දෙවතාවුන්ට පාවාඩ එලූ උන් විසින් අමතක කරන ලද මුර දේවතාවා ය.
ඇත්තටම සරත් ෆොන්සේකා මැතිදුනි, හිත හදා ගෙන බල්ලෙකු විය හැකි නම් ඔබටත් පූසෙකු වූ කොටි කේපී ලද සාමය ලද හැකි ය. ඒ සදහා කළ යුත්තේ ඉර පැනීම ය. දේශද්‍රෝහී පැත්තේ සිට දේශප්‍රේමී පැත්තට දිරා මාරු වීම ය.
ඔබතුමා සිරගත වීමට ප්‍රධානම හේතුව කුමක්දැයි නැවත පැහැදිලි කර දීම අවශ්‍ය නැත. එය බොහෝ දෙනා දනිති. ඒත් මේ රටේ බල්ලෙක්වත් සිරේ විලංගුවේ වැටීත් තවමත් සිය අස්ථානය වෙනස් නොකරමින් පෙන්නුම් කරන ඔබතුමාගේ ඔය පරිත්‍යාගශිලීත්වය ගනන් ගන්නේ නැත. ඔබ දරා සිටින අභිමානය අගයන කුරා කූඹීයෙක්වත් ඔබට ලංකා ධරණී තලයෙන් නම් සොයාගන්නට අමාරු ය.
එහෙව් තත්වයක් යටතේ කූඩුවක අපහාස විදිමින් සිංහයෙකු සේ දිවි ගෙවීමේ තේරුම කුමක් ද? ඔබ පමණක් නොව ඔබගේ පවුලේ උදවිය ද මිතුරු මිතුරියන් ද රාජ උදහසට පත්වෙමින් තිබේ. ඔබ රට වෙනුවෙන් ඔබේ දුක් දරා ගත්ත ද මේ කමකට නැති රට වෙනුවෙන් ඔබේ පවුලේ අය මේ හැටි ගැහැට විදිය යුත්තේ ඇයි?
මට නම් හිතෙන්නේ අපේ මිනිසුන් සිංහ කොඩි වැනුවාට වැඩිපුර කැමති බලුකුක්කන්ට බව ය. එහෙව් රටක සිංහයෙකු සේ කූඩුවක ඉදිමේ තේරුමක් නැත. බලුකුක්කෙක් වී රජතුමා වටේ කැරකෙන්නට හිත හදා ගත හැකි නම් නිදහස මෙන්ම මස් කටු ද ෂුවර් ය.
කේපීට ලැබුණු සමාව එහෙම වෙලාවක ඔබට නොලැබෙන්නට හේතුවක් නැත.
සිංහයෙකු හැටියට ජීවත්වූ කෙනෙකුට බල්ලෙකු ලෙස ජීවත්වීමට හිත හදාගැනීම අමාරු බව අපිදු පිලිගනිමු. ඒත් ඉතින් අප මේ ජීවත් වන්නේ ආශ්චර්යයන් සිදුවෙමින් තිබෙන වකවානුවක ය. මේ කාලයේ විය නොහැකි කිසිවක් නැත.
රජතුමා ඔබ බාදා ගෙන ඉඹිනා ඡයාරූපයක් ගැන හිතන්න. ඉන්පසු ලෝකය වෙනදාට වඩා වෙනස්වන හැටි ගැන හිතන්න. වෙනදා වැසුණු දොරවල් ඔබ වෙනුවෙන් ඇරෙන හැටි හිතෙන් මවා ගන්න. නඩු ඉවත්කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව පෝලිමේ උසාවි යන හැටි දැක ඒ ගැන හිනාවෙන්න. නැවත කටවුට්වල එක පෙලට සිට ජනතාවට හිනාවෙන හැටි ගැන රූපයක් ඇදගන්න. එයින් ඔබ අද විදින ආතතිය තුනී කරගන්න.
දැන් ඉදිරියට ඇවිත් බල්ලෙක් වෙන්න. මේ බලු රටේ සිංහයෙක් ලෙස ජීවත්වීමේ තේරුමක් නැති බව නැවත නැවතත් හිතමින් ඉදිරියට එන්න. බල්ලෙක් වෙන්න.
ඉතිරි හරිය රජතුමා විසින් බලා ගන්නවා ඇත.
(ඉහත පළකළේ සරත් ෆොන්සේකා මහතා සිය හිරකුටියේ සිට ජනතාව අමතමින් කරන ලද ප්‍රකාශයට අපේ පිළිතුරු ය.)