සිංහරාජයේ_මාර්ටින්_මාමා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සිංහරාජයේ_මාර්ටින්_මාමා

සිංහරාජය වෙනුවෙන් කැපවුණු නිලනොලත් මහාචාර්යවරයා


_102154051_d5b61ab9-dd6a-4bad-a0ab-f91c1a4d3172.jpg

දැනට දශක පහ හයකට පෙර අඩි පාරක්ව පැවති වනමග අද කාපට් මාර්ගයකි. එදා ගැමියෙකු වනමං මැදින් නගරය බලා ගියේ ලෙඩකට බෙහෙතක් ගැනීම සඳහා පමණි. ඒ මග අද හමුවන්නේ පිම්මේ දුවන තේ දළු ලොරිය නැතිනම්, වෙට්ටු දමමින් ඉගිලෙන ත්‍රී රෝද රථය. ඉදිරියට ඇදෙත්ම 'චූන් පාන්' රථයක් අසල රොක් වී සිටින ළමෝ පිරිසකි. ඔවුන් එදා හේනකින් බත සරිකරගත් ගැමියෙකුගේ මුණුබුරන් හෝ මී මුණුබුරන් විය හැක. මේ ලෝක උරුමයක් වන සිංහරාජ වන පිවිසුම වෙත වැටී ඇති වැද්දාගල, කුඩව මාර්ගයේ අද තත්වයයි. සිංහරාජයට ආගන්තුකයෙකු වන මා, මේ හමුවීමට යන්නේ වනගැබ ජීවය කරගත් අපූරු පුද්ගලයෙකු සොයාය. ඔහු නමින් මාටින් විජේසිංහය. සිංහරාජය පර්යේෂණාගරයක් කරගත් අයට ඔහු 'මාටින් අයියා'ය. නැතිනම් මාටින් මාමාය. පනහ දශකයේ අග භාගයේ සිය බිරිඳත් සමග කැලෑ වැදුණු ඔහු සිය ජීවිතය කැප කර ඇත්තේ සිංහරාජ වන රැජිණ වෙනුවෙනි. අගහිඟකම් මැද අධ්‍යාපනය අතරමග නතර වුවත්, එහි පැමිණි විදේශිකයන්ගෙන් ඉංග්‍රීසි බස ඉගෙනගත් ඔහුට, සිංහරාජයට ආවේනික ශාක සහ සතුන්ගේ විද්‍යාත්මක නම් පිළිබඳ ඇත්තේ පුළුල් දැනුමකි. සිංහරාජය වෙත පැමිණෙන දෙස් විදෙස් පර්යේෂකයන් පවා, සිය අධ්‍යයන කටයුතු සඳහා තමන්ගෙන් උපකාර ලබා ගන්නා බව මාටින් මාමා පවසයි.

අනූ වියැති මාටින් මාමාගේ කතාව


"ඒ කාලේ ආපේ ගමේ වෙද මහත්තයෙක් හිටියා. පන්සලෙනුත් සේවයක් වුනා. කලවානට යන්න නම් හැතැම්ම විස්සක් විසි එකක් පයින් යන්න ඕන. කලවානේ විතරයි ඒ කාලේ ඉස්පිරිතාලයක් තිබුනේ. අසාධ්‍ය ලෙඩක් වුනොත් මිනිස්සු උස්සගෙන යන්න ඕන. දැන් සියලු දේ ඉක්මන්, නවීකරණය වෙලා," මාටින් මාමා පවසයි. "උප්පැන්න සහතිකයක් වගේ ගන්න ඕන නම් රත්නපුරේට යන්න ඕන. නඩුවක් තිබ්බොත් රත්නපුරේ උසාවියට යන්න ඕන. ඒ කාලේ දවස් තුන හතරක් යනවා රත්නපුරේට ගිහින් වැඩක් කරගෙන එන්න." 1972 වසරේ සිංහරාජ වනය දැව කැපීමට ලක්වූ සමයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග තමන් කටයුතු කළ බව මාටින් මාමා සඳහන් කරයි. සිංහරාජ වනය ආරක්ෂා කර ගැනීම සඳහා එවක "කැලෑ දෙපාර්තමේන්තුව" ගත් උත්සාහය හමුවේ එම ආයතනය ගම්වාසීන්ගේ වෛරයට ලක් වූ ආකාරයත් ඔහු සිහිපත් කළේය. "ඒ නිලධාරීන්ට සහයෝගය දෙන්න මේ ගමෙන්ම හිටියේ මම විතරයි. ගමේ මිනිස්සුන්ගෙන් මටත් තර්ජන ගර්ජන ආවා. නමුත් මම ඒවා මැඩපවත්වගෙන කැලය ආරක්ෂා කිරීමේ කටයුතුවලට සහභාගි වුනා. එදා විරුද්ධ වුනු අයගේ දරුවෝ අද තේරුම් අරන් තියනවා මම කරපු කැප කිරීමේ වටිනාකම."

"උත්සාහය නිසා ආ ගමනක්"

_102154055_8efbf0c0-e5ee-4187-b247-eefd1d68eb1a.jpg
_102154055_8efbf0c0-e5ee-4187-b247-eefd1d68eb1a.jpg

මාටින් විජේසිංහ සමග අධ්‍යයන කටයුතුවල යෙදුනු විදෙස් සරසවි සිසුන්

_102156552_67eb049b-e447-4cd0-b14f-6f27e3a4a3af.jpg
_102156552_67eb049b-e447-4cd0-b14f-6f27e3a4a3af.jpg


"ස්වෝත්සාහයෙන් ඉගෙන ගත්තා"

අට වෙනි ශ්‍රේණියට පමණක් ඉගනුම ලබා ඇති මාටින් මාමා, ශාක සහ සතුන් පිළිබඳ මෙන්ම ඉංග්‍රීසි භාෂා දැනුම ද උකහාගෙන ඇත්තේ ස්වඅධ්‍යයනයෙනි. "මම ඉස්කෝලේ ගියේ අටවෙනි පන්තියට විතරයි. නමුත් මහන්සියෙන් පොත්පත් කියවලා, විද්‍යාඥයන් ආශ්‍රය කරලා ලබා ගත්ත දැනුමෙන් අද ආචාර්ය මහාචාර්යවරු පවා ඉගෙන ගන්නවා." "හාවඩ්, යේල් සරසවිවල සිසුන්ට ඒ විශ්ව විද්‍යාලවලින් කියනවා මාව ඇවිත් හමුවෙන්න කියලා."

ස්වභාවධර්මයත් සමග සංහිඳියාව


_102156544_92638b2c-a534-4c6f-8398-fa6107cb70c7.jpg
_102156544_92638b2c-a534-4c6f-8398-fa6107cb70c7.jpg



"ගමේ මිනිස්සුන්ගෙන් මටත් තර්ජන ගර්ජන ආවා. නමුත් මම ඒවා මැඩපවත්වගෙන කැලය ආරක්ෂා කිරීමේ කටයුතුවලට සහභාගි වුනා"

මාටින් මාමා සිය පොත් රාක්කයේ වූ පොත්පත් පෙන්වමින් සිංහරාජය සහ උද්භිත විද්‍යාව පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කරයි. අනූ වියේ පසුවුවත් ඔහු අකුරු කියවීම සඳහා උපැස් යුවලක් භාවිත නොකරයි. ස්වභාව ධර්මයත් සමග පවත්නා සංහිඳියාව නිරෝගී ජීවිතයක රහස බව මාටින් මාමාගේ අදහසය. ස්වභාව ධර්මයත් සමග පවත්නා සංහිඳියාව නිරෝගී ජීවිතයක රහස බව මාටින් මාමාගේ අදහසය. "අද පරිසරය වැඩියම විනාශ වෙන්නේ බලවත් මිනිස්සුන්ගෙන්. අපි බැලුවොත් මේ වනාන්තරයේ තියනවා වර්ණ හතම. ඒක බලන්න පුළුවන්කම තිබෙන්න ඕන. ඇත්තෙන්ම මම ගස් කොලන් එක්ක කතා කරනවා. මෙතන ඇළේ දොළේ සද්දේ එනවා. කුරුල්ලෝ කෑ ගහනවා. සීතල දැනෙනවා. අහස පැහැදිලියි. කොච්චර ලස්සනද පරිසරය," මාටින් මාමා මදක් නතර වී ඈත පෙනෙන කඳු වැටි දෙස බලා සිටී. "අද පරිසරය වැඩියම විනාශ වෙන්නේ බලවත් මිනිස්සුන්ගෙන්. අපි බැලුවොත් මේ වනාන්තරයේ තියනවා වර්ණ හතම. ඒක බලන්න පුළුවන්කම තිබෙන්න ඕන. ඇත්තෙන්ම මම ගස් කොලන් එක්ක කතා කරනවා. මෙතන ඇළේ දොළේ සද්දේ එනවා. කුරුල්ලෝ කෑ ගහනවා. සීතල දැනෙනවා. අහස පැහැදිලියි. කොච්චර ලස්සනද පරිසරය," මාටින් මාමා මදක් නතර වී ඈත පෙනෙන කඳු වැටි දෙස බලා සිටී. ලංකාවේ සංචාරකයෝ සිංහරාජයට එන්නේ විනෝද ගමනක් වශයෙන්. කෑ ගහනවා, හූ තියනවා. එත් විදේශික සංචාරකයෝ එහෙම නැහැ.

"සොබාදහමට ගරු කරමු"

_102156548_c18ce0bb-fba0-48ca-bc57-769102840818.jpg

_102156548_c18ce0bb-fba0-48ca-bc57-769102840818.jpg



කුරුල්ලන්ගේ කිචිබිචිය සහ අසල දොළ පාරේ හඬ පරයා පිරිසක් කෑ කෝ ගසන හඬ ඇසේ. මාටින් මාමා සමග කතාව මොහොතකට නතර කර මම දොළ පාර වෙත පල්ලම් බැස්සෙමි. දොළපාර දෙසට ගිය විට දැකගත හැකි වූයේ දියේ බැස කෑකෝ ගසමින් 'සෙල්ෆි' ඡායාරූප ගන්නා නව යෞවන වියේ පසුවන තරුණ තරුණියන් කණ්ඩායමකි. ඡායාරූප ගැනීම මඳකට නතර කළ තරුණයන් කිහිප දෙනෙක් දොළේ ගල් උස්සා පහළට පෙරළමින් සතුටු වෙති.

ඉන් මදක් ඔබ්බෙන් වූ ගල් තලාව මත හුදෙකලා තරුණියකි. ගසක කොල කඩා දිය කඩිත්තක් මත තබන ඇය 'කලාත්මක ඡායාරූපයක්' ගැනීමේ උත්සාහයක නිරත වන්නීය. එහි මදක් රැඳී සිටි මම නැවතත් මාටින් මාමාගේ නිවස වෙත පිය මැන්නෙමි. මාටින් මාමාගේ මුවේ ඇත්තේ උපහාසය මුසු සිනහවකි. මුවේ වූ උපහාසය වචනයට පෙරලමින් ඔහු හඬ අවදි කළේය. "ලංකාවේ සංචාරකයෝ සිංහරාජයට එන්නේ විනෝද ගමනක් වශයෙන්. කෑ ගහනවා, හූ තියනවා. එත් විදේශික සංචාරකයෝ එහෙම නැහැ."


_102156974_c3a1a7ea-c799-44e6-840f-6d20e7fddf02.jpg

_102156974_c3a1a7ea-c799-44e6-840f-6d20e7fddf02.jpg


කෙසේ නමුත්, පෙරට වඩා අද තරුණ පරපුර පරිසරය පිළිබඳ ඇල්මක් දක්වන බව මාටින් මාමගේ අදහසය. සමාජ ජාලවලට පමණක් සීමා නොවී, පරිසරය සුරැකීම සඳහා ක්‍රියාශීලීව ඉදිරිපත්වන ලෙස, ඔහු තරුණ පරපුරෙන් ඉල්ලා සිටී. "පරිසරය ගැන දෙයක් දැනගෙන හරිද වැරදිද කියලා කරුණු සොයලා බලලා කටයුතු කරන්න අවශ්‍ය නම් ඉන්ටර්නෙට් එකේ, ෆේස්බුක් එකේ අදහස් පළ කරලා වැඩක් නැහැ. පරිසරයට ඇවිත් මිනිස්සු සමග කතා කරලා තමන්ගේ ඇස් දෙකෙන් බලලා මේ දේ විය යුතුයි, මේ දේ නොවිය යුතුයි කියන අදහස ඇතිව කටයුතු කරනවා නම් ඒක තමයි වඩාත් ප්‍රතිඵලදායක." සිංහරාජ වන රැජින එදාට වඩා අද වෙනස් වී ඇති බව කී මාටින් මාමා එහි ඇති වැදගත්කම ජනතාව අතරට ගෙන යා යුතු බව අවසාන වශයෙන් පැවසීය.

සිංහරාජය ගැන තොරතුරු බිඳක්


_102156546_a89c422a-42c3-425f-a6d3-2b9057adf280.jpg
_102156546_a89c422a-42c3-425f-a6d3-2b9057adf280.jpg


වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව පහත රට තෙත් කලාපයේ පිහිටා ඇති සිංහරාජ වනයේ වපසරිය හෙක්ටයාර 11187 කි. විදුලොව තුළ මෙවැනි වනාන්තර, 'නිවර්තන තෙත් වනාන්තර' ලෙස හඳුන්වයි.

සිංහරාජයේ මායිම්

සිංහරාජය රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක අතර පිහිටා තිබේ. නැගෙනහිරින් බෙවර්ලි වතුයාය සහ දෙනුව කන්දත් පිහිටා ඇත. උතුරින් නාපොළ දොළ සහ කොස්කුලන ගඟ පිහිටා ඇත. දකුණු පසින් ඇත්තේ මහදොළ සහ ගිං ගඟය. බටහිරින් කලුකන්දෑව ඇළ සහ කුඩාව ගඟ මායිම්ව ඇත.

සිංහරාජය සහ ජනප්‍රවාද

සිංහරාජය පිළිබඳ බැඳුනු ජනප්‍රවාද රැසක් පවතී. සිංහරාජ වනයේ විසූ 'සිංහරාජයෙකු' ඉන් එකකි. සිංහරාජ වනය පිළිබඳ ඉතිහාසගත සටහනක් වාර්තා වන්නේ ඉබන් බතුතාගේ සංචාර තුළිනි. ඔහු සිංහරාජය මැදින් වැටී තිබු අඩිපාරක් ඔස්සේ ශ්‍රී පාද කන්ද තරණය කළ බව වාර්තා වේ.

ඓතිහාසික පසුබිම

යුනෙස්කෝ සංවිධානය විසින් සිංහරාජය ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇත. සිංහරාජය තුළ ශ්‍රී ලංකාවට අවේනික 'ඒක දේශීය ශාක' විශාල සංඛ්‍යාවක් ඇත. වනය තුළ දැවමය ශාක විශේෂ 340 ක් පමණ හමුවන අතර ඉන් 192 ක්ම ශ්‍රී ලංකාවට අවේනික බව නිල වාර්තාවල සඳහන් වේ. සිංහරාජය අද්විතීය ශාක විවිධත්වයකට හිමිකම් කියනවා සේම විශාල සත්ත්ව ගහනයක ද නිජභූමිය වෙයි.

bbc-blocks-dark.png

bbc-blocks-dark.png
 
Last edited:

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇයි අපේ දිනේෂ් අයියගේ තාත්තා... හිච්චි මාමා...
    සිංහරාජේ නොගිය තැනක් නෑ, නොමැදපු කිතුලක් නෑ... හදිසියට බඩගින්නට දඩයමක් කලාට වෙන හානියක් නෑ...
    ඒ මනුස්සයගේ පවුලම ජීවත් උනේ සිංහරාජෙ පිහිටෙන්...හිච්චි මාමත් හොද විද්වතෙක් තමා කැලේ ගැන...

    බම්ප්
    TFS
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මාර්ටින් මාමව මට හම්බ උනේ 1993 දී. ඒ දවස් වල අපි පවුලේ කට්ටිය ට්‍රිප් එකක් ගියා සිංහරාජය බලන්න. ගයිඩ් විදිහට ආවේ මාර්ටින් මාම. එදවස් වල එයා ගොඩක් දේවල් අපිට කියලා දුන්න.



    එක වෙලාවක සිංහරාජ වනය මැදින් සිංහ ගල වෙත යන අතරතුර පාරේදී මාව ලිස්සල වැටෙන්න ගිහින් පොඩි පඳුරක් අල්ලා ගත්තා. මීවන විශේෂයක් වූ එම පඳුර ගැලවිලා අතට අවා. එතකොට මාර්ටින් මාම කියනවා බලාගෙන යන්න ඔය ගස් ගලවන්න එපා කියලා. ඒක චුටි පඳුරක්. ඒ චුටි පලයට පවා එයා ආදරය කළා. නමුත් දැන් තමා හරියටම වැටහෙන්නේ මාර්ටින් මාම කොච්චර වනාන්තරයට ආදරය කලාද කියලා. මාර්ටින් මාම නොදන්නා ශාකයක් නැහැ වනාන්තරයේ තියෙන ඕනෑම ශාකයක් හොඳින් අඳුනනවා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇයි අපේ දිනේෂ් අයියගේ තාත්තා... හිච්චි මාමා...
    සිංහරාජේ නොගිය තැනක් නෑ, නොමැදපු කිතුලක් නෑ... හදිසියට බඩගින්නට දඩයමක් කලාට වෙන හානියක් නෑ...
    ඒ මනුස්සයගේ පවුලම ජීවත් උනේ සිංහරාජෙ පිහිටෙන්...හිච්චි මාමත් හොද විද්වතෙක් තමා කැලේ ගැන...

    බම්ප්
    TFS

    හිච්චි මාම.... එහෙනම් අපේ ලගම නැ කෙනෙක් මන් හිතන්නේ.... :yes::yes::yes:

    :confused::confused::confused: