සිංහරාජය

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    107.jpg


    සිංහරාජය

    මහද්වීප සියල්ල එක්ව පැවැති ප‍්‍රාග් ගොන්ඞ්වානා යුගයේ පටන් මිනිස් පහසින් නොකළැල්වු මහා වනයක් ශී‍්‍ර ලංකාවේ වෙයි. එය සිංහලයේ රාජ වනය හෙවත් සිංහ රාජයයි. ලක්දිව විසූ අවසන් සිංහයා තම ආධිපත්‍යය පතුරුවමින් වාසය කළ මහා වනය පසු කලෙක සිංහරාජය ලෙස හැඳින්වූ බවට ද මතයක් තිබේ. මේ සිංහයා මරා දැමීමට භාවිතා කළ බව කියන ගල් සහිත ප‍්‍රදේශය යෝධ ගල්ගොඩ නමින් හඳුන්වන බවත්, සිංයා ජීවත්වූ ප‍්‍රදේශය සිංහගල ලෙසත් සිංහයා විසූ ගුහාව සිංහ ගුහාව ලෙසත් අදටද ව්‍යවහාරයේ පවතී.

    110.jpg

    සිංහරාජ වනපෙත ඇතුලත දර්ශනයක්
    107.jpg

    මහ වන මැදින් ගලායන දිය පහරක්

    ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇති සිංහරාජ මහා වනය විශාලත්වයෙන් හෙක්ටයාර 11,187 ක් පමණ වේ. රක්වාන කඳුවළල්ලට අයත්වන මෙම වනය දිගින් කිලෝ මීටර 21 ක් වන අතර අවම පළල කිලෝමීටර තුනකි. උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 1171 ක් වූ පිටිගල කන්දයි.
    සිංහරාජයට ඇතුළුවීම සඳහා මාර්ග හතරකි. කලවාන වැද්දාගල මාර්ගය, රක්වාන මෝනිං සයිඩ් මාර්ගය, හිනිදුම නෙළුව මාර්ගය හා දෙනියාය පල්ලේගම මාර්ගය ඒවා වෙයි.
    වාර්ෂිකව මිලි මීටර 3000 ත් 5000 ත් අතර වර්ෂාපතනයකි මේ වනාන්තරය වියළි කාලගුණය ඇති සමයක් නොමැති තරම්ය. අවම වර්ෂාපතනයක් ලැබෙන පෙබරවාරියේ පවා මිලි මීටර 180 ත් 200 ත් අතර වැසි පවතී

    31.jpg

    බීජයක් පැලවන ආකාරය
    154.jpg

    වැසි වැටෙද්දී

    දූවිලි ඇල්ල, බ‍්‍රාහ්මන ඇල්ල, ඌරා වැටුණු ඇල්ල වැනි අලංකාර දිය ඇලි කිහිපයක්ම නිර්මාණය කරමින් වනයෙන් ගලා එන ජල දහරාවන්ගෙන් ගිං ගග සහ කළු ගග පෝෂණය ලබයි.
    සිංහරාජ වනාන්තරයේ ප‍්‍රධාන ස්ථර පහකට විහිදුණු ශාක ප‍්‍රජා දැකිය හැකිය. උඩු වියන් ස්ථරය ( බටු නා, වැලිපියන්න, කීන , තිනිය දුන්, බෙරලිය, කිරි හැඹිලිය වැනි ශාක මෙයට අයත් වේ), උප වියන් ස්ථරය (හැඩවක, මලබොඩ, දිය නා, කටමොද වැනි ශාක වලින් සමන්විතය), යටි ස්ථරය (මඩොල්, අතුකැටිය වැනි ශාක මෙහි ඇත), පඳුරු ස්ථරය ( වල් බෝම්බු, පිනිබරු, පෙරතඹල වැනි ශාක විශේෂ වලින් මෙම ස්ථරය සෑදී තිබේ) හා ආරෝහ ශාක හා කඳක් නොමැති ශාක (වල් ගම්මිරිස්, මීවන වර්ග) යනුවෙන් ස්ථරය වශයෙන් පැහැදිලිව වෙන් කළ හැකි මෙම වනාන්තරයේ දැකිය හැකි ශාක රැසක් ලංකාවට ආවේණික වේ. විශාල විවිධත්වයක් පෙන්වන ශාක අතර මුලාවැල්ල, හිනිපිටිගල හා මෝනිං සයිඞ් ප‍්‍රදේශයේ පිහිටි ශාක වල කඳුකර වනාන්තර වල ඇති ලක්ෂණයන්ද දැකගත හැකිවීම විශේෂත්වයකි. සියයට 75 කට අධික ආවේණික ශාකවලින් යුතු සිංහරාජයේ ලෝකයට මෙතෙක් හඳුන්වා නොදුන් ශාක සිය ගණනක් ඇතැයි පර්යේෂකයෝ පවසති.

    53.jpg

    සිංහරාජ වනයේ ඇති මීවන ශාකයක පත‍්‍ර

    162.jpg

    බාඳුරා මලක්

    ශී‍්‍ර ලංකාවට ආවේණික ශාක සමූහ 25 න් 13 ක් සිංහරාජයෙන් වාර්තාවී ඇත. වට ප‍්‍රමාණය සෙන්ටිමීර 30 කට වඩා අඩු ශාක විශේෂ වලින් සියයට 60 ක් පමණ ලංකාවට පමණක් ආවේණික ශාකයෝය. . වනය තුළ දැවමය වටිනාකමක් සහිත ශාක විශේෂ 340 ක් දැකිය හැකි අතර ඉන් 192 ක්ම ලංකාවට ආවේණිකය. ඉන් විශේෂ 15 ක් දැකිය හැක්කේ සිංහරාජයේම පමණි.
    මෙම වනයේ සමස්ථ වෘක්ෂලතා සැළකූ විට එහි ඝනත්වය හෙක්ටයාරයකට ඒකකයන් 240,000 කට අධික බව ගණන් බලා තිබේ. ඉන් සියයට 95 ක්ම බිම් ස්ථරයේ වෙයි.

    43.jpg

    බෝවිටියා වර්ගයේ ශාකයක්
    117.jpg

    කුඩා දිය ඇල්ලක්


    අතීතයේ සිංහරාජ වනාන්තරයේ අලි බහුලව සිටි බව අවට ගම්වාසීහු පවසති. දැන් අලි ගහණය ඉතා අඩුවී ගොසිනි. රක්වාන ආසන්න වනාන්තර ප‍්‍රදේශයේ සැරි සරන අලි තිදෙනෙකු වරින් වර නිරීක්ෂණය කැර ඇත. දිවියා, ගෝනා, ඕලූ මුවා, කොළ දිවියා ඇතුළු අතිවිශාල සත්ත්ව ප‍්‍රජාවකට වාස භූමි වී ඇති සිංහරාජයේ ලංකාවට ආවේණික ක්ෂීරපායී විශේෂ 12 න් 08 ක් වාර්තාවී ඇත. පක්ෂි විශේෂ 160 ක් පමණ වාසය කරන සිංහරාජ වනාන්තරයේ ශී‍්‍ර ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 18 ක් දැකිය හැක. කැහිබෙල්ලා, සුදු ශාරිකාවා, හිස අළු දෙමළිච්චා, බට ඇටිකුකුළා, සිතාසියා, පතිගෝමර තිරාසිකයා ඒ අතරින් විශේෂ කිහිපයකි.
    81.jpg

    සිංහ රාජයේතුරු මත වසා සිටින පක්ෂියෙක්
    146.jpg

    කටුසු විශේෂයක්

    විශේෂ වර්ග 45 කට අයත් උරගයෝ සිටති ඉන් විශේෂ 21 ක් ම ශී‍්‍ර ලංකාවට අවේණිකය. කටුසු වර්ග කිහිපයක්, ඉබ්බන් හා හිකනළුන්ද ඒ අතර වෙයි. අතිශය දුර්ලභ තෙවර්ණ කෙනිපාතුවැල්ලා හා කුරුන් කරවලා නැමැති සර්ප විශේෂ දෙක ද සිංහරාජයේදී දැකිය හැකිය.. ඉතා දුර්ලභ මූකලන් කටුස්සා හා විශාලතම කටුස්සා වන කරමල් බෝදිලිමා ද පුංචි අං කටුස්සාද සිංහරාජයේ තවත් උරග විශේෂ කිහිපයකි.
    92.jpg

    සිංහරාජයේ දිරාපත් වන ශාක කඳක් මත සෑදී ඇති විවිධ හතුවර්ග
    134.jpg

    මහ වැසි ඇද හැලෙද්දී සිංහරාජ වනය ආසන්නයෙන් ගලායන දිය පහර මෙලෙස බොරපැහැ වී ඇත්තේ වනාන්තර විනාශය හේතුවෙන් පස සෝදා යන බැවින


    අතිශය දුර්ලභ උභයජීවී විශේෂ 50 ක් පමණ ද සිංහරාජයේ වාසය කරයි. අත්පා රහිත ගෙඹි විශේෂයක් වන කහ වයිරම් පණු ගෙම්බා සිංහරාජයේ වගුරු ආශි‍්‍රත බිම් වල පස් යට ජීවත් වෙයි. , ක්ෂීරපායීන් 40 ක් පමණ, මිරිදිය මත්ස්‍ය විශේෂ 20 ක් හා සමනළ විශේෂ 65 ක් පමණද සිංහරාජ වනාන්නරයෙන් වාර්තාවේ.

    126.jpg

    මෝනිං සයිඩ් පෙදෙසේ දැකිය හැකි පර්නාංග වලින් ගැවසී ගත් ශාකයක්
    174.jpg

    සිංහරාජයේ තුරු ලතා

    ශී‍්‍ර ලංකාවේ ස්වභාවික පරිසරයේ පැවැත්ම කෙරෙහි අතිවිශාල දායකත්වයක් සපයන සිංහරාජ වනාන්තරය අවට ජීවත් වන ජනයාද මෙම වනාන්තරයෙන් ලබා ගන්නා කිතුල්, වේ වැල්, සාදික්කා, පළතුරු, ශාක තෙල් හා දුම්මල වැනි නිෂ්පාදනයන්ගෙන් තම ආර්ථිකය ගොඩනගා ගෙන ඇත..
    කලක් රාජ්‍ය අනු‍ග්‍රහය ඇතිව හෙළි පෙහෙළි කැරුණු සිංහරාජ වනාන්තරය ඒ අවට පදිංචි කරුවන් විසින් ආක‍්‍රමණය කර වගා බිම් ඇති කිරීම හේතුවෙන් විනාශවී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි. ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය දෙස් විදෙස් පර්යේෂකයන්ගේ තෝතැන්නක් වී තිබේ.

    210.jpg

    71.jpg

    අවේනික කැහිබෙල්ල