සිංහරාජ අඩවිය දෙකඩ කිරීම
සිංහරාජ අඩවිය දෙකඩ කිරීම
වනාන්තර කුට්ටිකරණය වීම ජෛවවිවිධත්වය හායනයට ප්‍රධාන වශයෙන් බලපාන බව විද්‍යාත්මකව හඳුනාගෙන ඇතත් හය හතර නො තේරෙන අඳබාල ප්‍රතිපත්ති තීරකයන් සැම විට ම උත්සාහ දරන්නේ වනාන්තර කුට්ටිකරණය කරමින් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට ය.
සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට පවරා ගැනීම සඳහා මූලික සැලසුම් සකස් කර අවසන් සිංහරාජය හා සම්බන්ධ සුවිශේෂී වනාන්තරයක් හරහා මාර්ගයක් ඉදි කර සිංහරාජ අඩවිය දෙකඩ කිරීමට පසුගිය ජුලි මස 27 වැනි දා පළමු පස් පිඩැල්ල කැපිණි. ඒ ඉළුඹකන්දේ සිට සූරියකන්ද දක්වා කිලෝමීටර් හයක් පමණ වන මාර්ගයක් ඉදිකිරීමට ය. ඉළුඹකන්ද වනාන්තරය ලෙස හඳුන්වන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මේ වනපෙත සිංහරාජය හා එකට ඈඳී ඇති අඛණ්ඩ විහිදුණු වනාන්තර පද්ධතියකි. කුකුළේ ගඟ හා සම්බන්ධ දෙල්ගොඩ ගඟ (පොතුපිටිය ගඟ) සහ කොස්ගුලන ගඟේ ආරම්භය ද මේ වනාන්තරයයි. එපමණක් නො ව හඳපාන් ඇල්ල පිහිටා ඇත්තේ ද මේ සුවිශේෂි වනාන්තර ප්‍රදේශය තුළ ය. මුළු ලොවින් ම හඳපාන් ඇල්ල ප්‍රදේශයේ පමණක් වාර්තා වන උභයජීවී විශේෂ කීපයක් ම වෙයි.
මෙවන් සුවිශේෂී වනාන්තර ප්‍රදේශයක් දෙකඩ කරමින් කලවාන ආසනය හා කොලොන්න ආසනය යා කිරීමට මෙලෙස දේශපාලන තීන්දු ගැනීම ඉතා ම අනුවණ ක්‍රියාවකි. එපමණක් නො ව මේ මාර්ගය ඉදි කිරීමේ යටි අරමුණ වන්නේ ඉළුඹකන්ද හා ඒ ආශ්රිත ව පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර සිංහරාජ අඩවියට පැවරීමේ ක්‍රියාවලිය නතර කර එම ඉඩම් සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා ලබා දීම ය. යටි අරමුණ සඟවා තබා පොතුපිටිය ප්‍රදේශයේ ජනතාව මුළා කර මේ මාර්ගය ඉදි කිරීමට මහා මාර්ග අමාත්‍යංශයෙන් රුපියල් ලක්ෂ 65ක මුදලක් වෙන් කරගෙන තිබේ.
සමස්ත සිංහරාජ අඩවියට ආරක්ෂාව සැපයීම සඳහා 2004 වසරේ දී සිංහරාජය වටා පිහිටි සියලු වනාන්තර බිම් සිංහරාජයට ඈඳීමේ ඉතා හොඳ සැලසුමක් සකස් විය. ලංකාවේ බොහෝ හොඳ සැලසුම්වලට සිදු වන ආකාරයට ම මේ සැලසුම ද ඉතා මන්දගාමී ලෙස ක්‍රියාවට නැංවෙමින් පවතී. ඒ තත්ත්වය හේතුවෙන් මෙවන් අවස්ථාවක දී දේශපාලකයෝ තම පෞද්ගලික අරමුණු ඉටු කරගෙන මඩි තර කර ගැනීමට අප රටේ ස්වාභාවික සම්පත් සූක්ෂ්ම ලෙස තමන් සතු කර ගනිති. ඒ සඳහා අහිංසක ජනතාව ඊනියා සංවර්ධනයේ නාමයෙන් මුළා කරති.
2004 ජුලි 22 වැනි දින අංක PS/CS/26/2004 දරන අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව සිsංහරාජ ජාතික උරුම වන භූමියට යා ව හෝ ඉන් කිලෝමීටර භාගයක දුර ප්‍රමාණය ඇතුළත හෝ පිහිටි සියලු ම ඉඩම් ප්‍රතිසංස්කරණය කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ නීතියේ 22 (1) ඊ සහ 44 (ඒ) වගන්ති ප්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නිර්දේශ ලැබී තිබේ. ඊට අදාළ ලිපි ගොණු පරිසර අමාත්‍යංශයේ පරිසර කළමනාකරණ අංශයේ දැනට වසර හතක කාලයක් තිස්සේ කාවුන් ගේ පරිහරණය සඳහා පමණක් ගොඩගසා තිබෙන සෙයකි. මේ කැබිනට් පත්‍රිකාව අනුව හෙක්ටයාර 2508.4ක නොයිඳුල් වනාන්තර ඉඩම් ප්‍රමාණයක් සිංහරාජයට අලුතින් එක් කිරිමට නියමිත ව තිබේ.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මේ වන බිම් මාතර, රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික්ක තුනෙහි පිහිටා තිබෙන අතර ඒවා විවිධ වතු සමාගම් සඳහා මේ වන විට බදු දී තිබේ. මාතර දිස්ත්‍රික්කයේ එන්සල් වත්ත, කුරුගල වත්ත, බෙවර්ලි වත්ත, හේමගිරි වත්ත, රත්නපුර දිස්ත්‍රික්කයට අයත් මුරකැළේ වත්ත, ඇබේරෝස් වත්ත, බැක්වෙයා වත්ත, කෝඳුරාගල වත්ත, දඹහේන වත්ත සහ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් හෝමදොළ වත්ත ලෙස හඳුන්වන මේ වනාන්තර බිම් සිංහරාජයට පැවරීම සඳහා යෝජනා වී තිබේ. මේ යෝජනාව ක්‍රියාත්මක නො වන තාක් කල් මේ නොයිඳුල් වනාන්තර බිම් මාර්ග ඉදි කිරීමට, තේ, එනසාල් හා අර්තාපල් වගාවන් සඳහා පමණක් නො ව හෝටල් ඉදි කිරීම වැනි විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා වරින් වර එළි පෙහෙළි කරනු ලැබේ. මේ තත්ත්වය වළකාලමින් මේ වනාන්තර බිම් කඩිනමින් සිංහරාජයට ඈඳා ගැනීම සඳහා කටයුතු කිරීමට දැනුදු ප්‍රමාද නැත.
මේ වන බිම් සිංහරාජයට ඈඳා ගනිමින් සමස්ත සිංහරාජ අඩවිය රැකගැනීමට අප මෙතරම් වෙහෙසෙන්නේ අන් කිසිවක් නිසා නො ව එහි ඇති පාරිසරික, ජෛව විද්‍යාත්මක, ජල විද්‍යාත්මක හා භූ විද්‍යාත්මක වටිනාකම් නිසා ය. මේ පිළිබඳව ඉතා ඈත අතීතයේ අවබෝධ කර ගත් පාලකයන් එය රැකගැනීමට උත්සාහ දැරුව ද අද සිටින අඥාන දේශපාලකයෝ මෙය වැනසීමට පිඹුරුපත් සකසති. ලිඛිත සාධකවලට අනුව සිංහරාජ අඩවියට ආරක්ෂාව සැලසීම ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය තුළ ය. Wastelands Ordinance නම් ආඥා පනත යටතේ 1875 මැයි මස 08 වැනි දින අංක 4046 දරන ගැසට් නිවේදනයට අනුව සිංහරාජයේ හෙක්ටයාර 2428.1කින් යුත් වනාන්තර ප්‍රමාණයක් රක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කෙරිණි. 1926 මැයි 21 වැනි දින තවත් හෙක්ටයාර 3724.6ක් ඊට එක් කර තිබේ. 1972 වසරේ සිට 1977 වසර දක්වා කාලය තුළ දී සිංහරාජ අඩවියේ වතුරාව, මුලාවැල්ල, කුඩව හා අත්වැල්තොට- කළුකඳාව ආදී ප්‍රදේශවලින් සිංහරාජය තුළට මාර්ග සකස් කර තුනී ලෑලි සංස්ථාව සඳහා දැව ලබා ගැනීමට දැව හෙළීම් සිදු කෙරිණි. 1978 අප්‍රේල් මාසයේ දී සිංහරාජය මිනිසා හා ජෛව ගෝල රක්ෂිතයක් ලෙස නම් කරන අවස්ථාව වන විට තුනී ලෑලි සංස්ථාව දැව හෙළීම් කටයුතු (පරිසර ලෝලීන් ගේ කරුණු ඉදිරිපත් කිරීම මත) සම්පූර්ණයෙන් ම නවතා දමා තිබිණි.
1988 අංක 4 දරන ජාතික උරුම වන භූමි පනත යටතේ 1988 ඔක්තෝබර් 21 වැනි දින අංක 528/14 දරන ගැසට් නිවේදනය මගින් සිංහරාජ අඩවියේ හෙක්ටයාර 11187ක භූමි ප්‍රමාණයක් ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. අද දින තෙක් මේ පනතට අනුව ප්‍රකාශයකට පත් කළ එක ම වනාන්තරය මෙයයි. පසුව 1989 වසරේ දී යුනෙස්කෝව ((UNESCO-United Nations Educational, Scientific and Cultural Organization) විසින් ලංකාවේ පළමු ස්වාභාවික ලෝක උරුමය ලෙස සිංහරාජය ප්‍රකාශයට පත් කෙරිණි.
සිංහරාජ අඩවියේ ජෛව විද්‍යාත්මක අගය පිළිබඳ විද්‍යාත්මක දැනුම වර්ධනය වීමත් සමග මේ ආකාරයෙන් සිංහරාජය ආරක්ෂා කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් නීති සම්පාදනය විය. අද වන විට සිංහරාජ අඩවියේ ජෛව විද්‍යාත්මක අගය පිළිබඳ පර්යේෂණ අති විශාල ප්‍රමාණයක් සිදු කර තිබේ. ඒ අනුව සිංහරාජ අඩවියේ ජෛව විද්‍යාත්මක අගය පිළිබඳව අප සතු දැනුම ඉතා විශාල ය. එම දැනුම උපයෝගී කරගෙන සිංහරාජ අඩවියේ රක්ෂිත වනාන්තර ප්‍රමාණය තව දුරටත් පුළුල් කිරීමට 1988න් පසුව ගෙවී ගිය වසර 23ක කාලය තුළ දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත. එම නොහැකියාව නිසා ම සිංහරාජ අඩවියට අයත් දැනට රක්ෂිත වනාන්තර සීමාවෙන් පිටත පිහිටි නොයිඳුල් වැසි වනාන්තර විශාල ප්‍රමාණයක් අවදානම් තත්ත්වයක පවතී.
සිංහරාජ අඩවිය යනු සුවිශේෂී ජෛව කලාපයකි. නිවර්තන තෙත් සදාහරිත වනාන්තර වැස්මක් සහිත මේ ප්‍රදේශයේ හොර ශාක ප්‍රජාව, නා-දුන් ප්‍රජාව සහ මිල්ල-දියපර-හෙදවක-වැලිපැන්න ප්‍රජාව වශයෙන් සුවිශේෂී ශාක ප්‍රජා ත්‍රිත්වයක් පවතී. මීට අමතරව සිංහරාජ අඩවියට අයත් නමුත් රක්ෂිත ප්‍රදේශයට ඇතුළත්ව නොමැති සිංහරාජ වත්ත හා එනසල් වත්ත ලෙස හඳුන්වන වතු සමාගම් දෙකට අයත් නොයිඳුල් තෙත් සදාහරිත විශාල වනාන්තර ප්‍රදේශයේ ලංකාවට ආවේණික ශාක විශේෂ දෙකක් වන රත්දුන් (Shorea gardneri) යා යකහලු දුන් (Shorea trapezifolla) යන ශාක විශේෂ දෙකෙන් සමන්විත සුවිශේෂී ශාක ප්‍රජාවක් දැකගත හැකි ය. මේ අනාරක්ෂිත ශාක ප්‍රජාව වත්මන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සැබෑ ස්වරූපය මනාව විද්‍යමාන කරන කැඩපතක් බඳු ය. මේ අනාරක්ෂිත වනාන්තර ප්‍රදේශ දිනෙන් දින එළිපෙහෙළි කරමින් තේ වත්ත ව්‍යාප්ත කෙරෙයි. එම වනාන්තර පවරා ගැනීමට සැලසුම් සකස් වන විට මේ සියල්ල වැනසී ගොස් අවසාන වීමට ඉඩ ඇත.
මෙහි ඉතා ම කණාගාටුදායක තත්ත්වය වන්නේ සිංහරාජ අඩවියට ආවේණික සත්ත්ව විශේෂ 20 අතුරින් උරග, උභයජීවී හා කකුළුවන් යන සත්ත්ව කාණ්ඩ තුනට අයත් විශේෂ අතුරින් වැඩි ප්‍රමාණයක් සිංහරාජ අඩවියේ අනාරක්ෂිත ප්‍රදේශ වන මෝර්නින්සයිඩ් ප්‍රදේශයට හා හඳපාන් ඇල්ල (රක්වාන කඳු වැටියට අයත්) ප්‍රදේශයට සීමා වී පැවතීමයි. මේ ප්‍රදේශ එනසාල් හා අර්තාපල් වගාවන් සඳහා ශීඝ්‍රයෙන් එළි පෙහෙළි කරනු ලබන අතර මේ වනාන්තර ඉඩම් වැවිලි සංස්ථාවට හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වේ. එම ආයතනය මේ ඉඩම් පෞද්ගලික අංශය සඳහා බදු දී තිබේ. මෙය ඉතා කණගාටුදායක තත්ත්වයකි. එනසාල් වගාව සඳහා මේ ප්‍රදේශයේ යටි වගාව එළි පෙහෙළි කිරීම සඳහා හා අර්තාපල් වගාව සඳහා සම්පූර්ණ කඳුකර වනාන්තර ප්‍රදේශය ම එළි පෙහෙළි කරනු ලබන සැම වාරයක් පාසා ම සිංහරාජයට ආවේණික සත්ත්ව විශේෂ මුළු ලොවින් ම තුරන් වීමේ අවදානමට ශීඝ්‍රයෙන් ආසන්න වේ. මේ තත්ත්වය දෙගුණ තෙගුණ කිරීමට දැනට යෝජිත ඉළුඹකන්ද-සූරියකන්ද මාර්ග ව්‍යාපෘතිය හේතු වනු නොඅනුමාන ය.
බලධාරීන් මෙවැනි දෑ සඳහා පිළියම් යෙදීමට උත්සාහ නො ගෙන සංචාරක ව්‍යාපාරය සිංහරාජයේ ප්‍රවර්ධනය කිරීම සඳහා පමණක් පිඹුරුපත් සැකසීම කණාගාටුදායක ය. එම තත්ත්වය වහා ම නතර කර වනජීවීන් ගේ රැකවරණය සැලසීම සඳහා වැඩි අවධානයක් යොමු කරවන ලෙස ජාතියේ නාමයෙන් අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
සිංහරාජ අඩවියේ භාරකරුවා වන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව 80 දශකයේ අග භාගයෙන් පසුව අද වන තෙක් සිංහරාජයට පැමිණෙන සංචාරක පිරිස වැඩි කර ගැනීමෙන් වැඩි ආදායමක් උපදවා මහා භාණ්ඩාගාරය තර කිරීමට පමණක් වෙහෙසෙන සෙයකි. ඔවුන් සිංහරාජ අඩවියේ වනජීවීන් ගේ රැකවරණය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සැලසුම්වලට එළැඹ ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව පැහැදිලි කරුණකි.
සිංහරාජ අඩවිය වටා සිදු වන නීති විරෝධී ක්‍රියා මැඬලීමට නීතිය ක්‍රියාත්මක කිරීම හා සංරක්ෂණ සැලසුම් සකස් කිරීම වෙනුවට නිලධාරීන්ට සිදු වී ඇත්තේ සංචාරකයන් සඳහා ටිකට්පත් නිකුත් කිරීමට හා සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට ය. මේ සඳහා වැඩි සේවක පිරිසක් හා කාලයක් යෙදවීමට සිදු වීම නිසාවෙන් සිංහරාජය වටා සිදු වන අපරාධ ප්‍රමාණයට සාපේක්ෂව ඊට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. මේ නිසාම දැව ජාවාරම, තේ වගාව සඳහා වනාන්තර නිරන්තරයෙන් එළි පෙහෙළි කිරීම හා වන සත්ත්ව දඩයම යන ප්‍රධාන නීති විරෝධී ක්‍රියා සිංහරාජය වටා නිරන්තරයෙන් සිදු වේ. මේවායෙහි ඇතුරු ප්‍රතිඵල ලෙස පොතුපිටිය, දෙනවක්කන්ද, රක්වාන, ඉළුඹකන්ද, කෝපිකෑල්ල ආදී ප්‍රදේශවල අලි මිනිස් ගැටුම ඉතා උග්‍ර තත්ත්වයට අද වන විට පත් ව තිබේ. අප කුඩව දී දකින සුන්දරත්වය සිංහරාජය වටා පිහිටි අනෙක් බොහෝ ප්‍රදේශවල දී මේ නිසා ම දැකගත නොහැකි තත්ත්වයකට පත් ව තිබේ.
ඒ සඳහා කළ යුතු ව ඇත්තේ සිංහරාජය හා සම්බන්ධ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර කඩිනමින් සිංහරාජයට ඈඳීම හා සිංහරාජය වටා පිහිටි අනෙක් සුවිශේෂී වනාන්තර සඳහා නිසි නීතිමය රැකවරණය ලබා දී සිංහරාජය හා සම්බන්ධ කිරීමට සැලසුම් සකස් කිරීමයි. මොරපිටිය-රූනකන්ද යෝජිත රක්ෂිතය, දෙල්ගොඩ යෝජිත රක්ෂිතය, පනාගල යෝජිත රක්ෂිතය, වරතැල්ගොඩ යෝජිත රක්ෂිතය හා තිබ්බොටුවාව යෝජිත රක්ෂිතය යන වනාන්තර හතක් සිංහරාජය හා සම්බන්ධව පවතී. ජෛවවිවිධත්වයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා මේ යෝජිත රක්ෂිත සියල්ල ම සිංහරාජයට සම්බන්ධ කර සමස්ත සිංහරාජ අඩවිය ම ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කළ යුතු ය. එසේ නො වන තාක් කල් සිංහරාජයේ ජෛව ප්‍රජාව ගේ රැකවරණය තහවුරු කළ නොහැකි වනු ඇත. එවන් තත්ත්වයක් ඇති නො වන තෙක් පොතුපිටිය, ඉළුඹකන්ද, බඹරබොටුව වැනි ප්‍රදේශ වල සිංහරාජයට මායිම්ව සිදු වන මහා පරිමාණ දැව ජාවාරම් නතර කිරීමට හෝ දැනට උඩුදුවමින් පවතින සිංහරාජයේ අලි-මිනිස් ගැටුම පාලනය කිරීම පිළිබඳව සිතීමටත් අපහසු ය.
මේ ලිපිය තිබ්බේ
http://www.vidusara.com/ 2011අගෝස්තු 24 බදාදා