සිංහලයන්ගේ දුර්භාග්‍යමත් තෙවසර.....

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිංහලයන්ගේ දුර්භාග්‍යමත් තෙවසර.....

    1815 මාර්තු දෙවැනි දා අපට නිදහස අහිමි විය. මේ ලිපිය 1815, 1915 හා 2015 ගැන ය. මේ වසර තුන ම සිංහලයන්ගේ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ දුර්භාග්‍යය සනිටුහන් කළේ ය. ඒ සියල්ල පිටුපස සිටියෝ ඉංගිරිසිහු ය. ඉදිරියටත් මෙවැනි සිද්ධිවලට අපට මුහුණ පෑමට ඇති බැවින් ඉංගිරිසින් ක්‍රියා කරන ආකාරය ගැන යම් දැනුමක් ලබාගෙන තිබිය යුතු ය.


    සිංහලේ රජකමට 1798 දී කන්නසාමි පත්වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් ය. ඔහු වඩිග හෙවත් නායක්කාර් රජෙකි. එහෙත් එයින් කියැවෙන්නේ ඔහු සිංහල රජකු නොවූ බව නො වේ. සිංහලේ විවිධ රජවරු රජකළහ. යක්‍ෂ, නාග, අර්ධ නාග, මෞර්ය, ලම්බකර්ණ, පාණ්ඩ්‍ය, කාලිංග ආදී රජවරු අපට සිටියහ. එලෙස ම නායක්කාර් රජවරු ද සිංහලයේ රජවරු වූහ. ගැමුණු කුමරුගෙන් පසුව කවුරුන් රජවුවත් සිංහලයේ සම්මතයක් විය. ඒ රජතුමා සිංහල බෞද්ධ සංස්කෘතිය, සිංහල බුද්ධාගම රැකිය යුතු බව ය. නායක්කාර් රජවරු හතරදෙනා ද සිංහල බෞද්ධ සංස්කෘතිය රැකීම රාජ්‍ය බලයෙන් උරුම කරගත් සිංහලේ රජවරු වූහ. ඔවුහු සිංහල සිරිත් විරිත් අනුව දන්තධාතූන් වහන්සේගේ ආරක්‍ෂකයෝ වූහ. 1815 මාර්තු දෙවැනිදා අත්සන් කරන ලද ගිවිසුමෙන් ඉංගිරිසිහු ද සිංහල සිරිතට රට පාලනය කිරීමට එකඟ වූහ. ඔවුහු ද දළදා වහන්සේගේ ආරක්‍ෂකයන් බවට පත්වුහ. එහෙත් ඉංගිරිසිහු ගිවිසුම 1817 වන විට කැඩූහ. 1817 නිදහස් සටන එහි ප්‍රතිඵලයක් විය. එක්දහස් අටසිය හතළිස් ගණන්වල ඔවුහු දළදා වහන්සේගේ භාරකාරත්වයෙන් ද මිදුණහ. ඉන්පසු දියවඩන නිළමේට උන්වහන්සේගේ භාරකාරත්වය හිමි විය.


    ෆ්‍රෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයා 1798 දී ලංකාවට පැමිණියේ පෙරදිග වෙළෙඳ සමාගමේ ආණ්ඩුකාරයා ලෙස ය. නෝත්ට පෙර ලංකාවේ හමුදා ආණ්ඩුකාරවරු සිටියහ. මුහුදබඩ පෙදෙස් ඉංගිරිසි රජුට අයිතිවූයේ 1802 දී ය. නෝත් එතැන් සිට ඉංගිරිසි රජුගේ ආණ්ඩුකාරයා විය. එකල එංගලන්තයේ රජු වූයේ තුන්වැනි ජෝර්ජ් ය. 1803 දී නෝත් සිංහලේ රාජ්‍යය අල්ලා ගැනීම සඳහා මහනුවරට හමුදාවක් යැවී ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උපක්‍රමික ව හඟුරන්කෙතට පළා ගොස් ආපසු පැමිණ ඉංගිරිසි හමුදාව වටකර පහර දුන්නේ ය. නෝත්ගේ හමුදාව හංවැල්ල දක්වා පසුබසින තෙක් ම පහර දුන්නේ ය. ශ්‍රි වික්‍රම රාජසිංහ රජු ජනයාගේ ගෞරවයට පාත්‍ර විය. ඉතාමත් ජනප්‍රිය විය.


    ශ්‍රි වික්‍රම රාජසිංහ රජු යුද්ධයෙන් පරාජය කිරීමට නොහැකි බව ඉංගිරිසිහු තේරුම් ගත්හ. ඔවුහු තමන්ට සුපුරුදු කපටි දේශපාලනයෙහි යෙදුණහ. කේම්බ්‍රිජ් උපාධිධාරී ජෝන් ඩොයිලි ඉංගිරිසි ඒජන්ත ලෙස කටයුතු කළේ ය. ඔහු සිංහල නායකයන් සමග භික්‍ෂූන් වහන්සේ සමග සම්බන්ධකම් ඇතිකර ගත්තේ ය. ඩොයිලි හා අනෙක් ඉංගිරිසිහු භ්‍රී වික්‍රම රාජසිංහ රජුට මත්පැන් පුරුදු කළහ. ඔවුහු රජතුමා දුස්ශීලයකු බවට පත්කළහ. රජතුමා සිංහල සිරිතට පටහැණිව රට කරවන තැනකට පත්කරනු ලැබිණි.


    ඒ අතර ඉංගිරිසිහු රජතුමා හා සිංහල නායකයන් බිඳවූහ. ඇතැම් නිළමෙලාට රජකම ඇතුලු විවිධ තනතුරු ලබා දෙන බවට පොරොන්දු වූහ. එහි අවසන් ප්‍රතිඵලය අපි කවුරුත් දනිමු. 1815 පෙබරවාරි 18 වැනි දා (නුගේගොඩ රැස්වීමට අවුරුදු දෙසියයකට පෙර) රජතුමා ඉංගිරිසින්ට පාවා දෙනු ලැබිණි. ඉංගිරිසිහු යුද්ධයෙන් අල්ලා ගැනීමට නොහැකි වූ සිංහලේ රාජ්‍යය, ගිවිසුමකින් භාර ගත්හ. එහෙත් 1815 මාර්තු දෙවැනිදා අත්සන් කළ ගිවිසුමෙන් ද සිංහල සිරිතට අනුව රට කරවන බවටත් (සිංහල) බුද්ධාගම සුරකින බවටත් එකල සිටි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා තුන්වැනි ජෝර්ජ් රජු වෙනුවෙන් පොරොන්දු විය. ඉංගිරිසිහු වැඩිකල් නොගොස් ම ගිවිසුම කැඩූහ. රජකම ලැබූ සිංහලයෙක් නො වී ය. කුංකුණාවේ හාමුදුරුවෝ අනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ යනුවෙන් කවි ලිවූහ.


    ලංකාවට මුස්ලිම් ජනයා ස්ථිර පදිංචිකරුවන් ලෙස පැමිණ ඇත්තේ දහතුන්වැනි සියවසේ පමණ ය. එයට කලින් අරාබි (යෝනක) වෙළෙන්දන් පැමිණියත් ඔවුන් ස්ථිරව පදිංචි වූ බවට සාක්‍ෂි නැත. වත්මන් දකුණු ඉන්දියාවෙන් පැමිණි මේ මුස්ලිම් ජනයා දෙමළ කතාකළහ. මුස්ලිම් ජනයා වැඩි දෙනකු දෙමළ කතාකරන්නේ එබැවිනි. අරාබියෙන් පැමිණි වෙළෙන්දන් සිංහල ස්ත්‍රීන් සමග විවාහ වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට මුස්ලිම් ජනයා ඇතිවිණි යැයි කීිම අරාබි නිසොල්ලාසයට ම අයත් වූවකි. ඒ එසේ නම් මෙරට මුස්ලිම් ජනයාගේ භාෂාව සිංහල විය යතු ය. වැඩිම වුවහොත් අරාබි විය යුතු ය. එහෙත් ඔවුන් ඉතා මෑතක් වන තුරුම කතා කළේ දෙමළ ය. අදත් බොහෝ දෙනා කතා කරන්නේ දෙමළ ය.


    මුස්ලිම් ජනයා ලංකාවට පැමිණියේ ඇයි දැයි නො දනිමු. එදා වත්මන් දකුණු ඉන්දියාවේ ඔවුන්ට හිරිහැර ඇති වූ නිසා ලංකාවට පැමිණියේ යැයි සිතිය හැකි ය. සිංහලයෝ මුස්ලිම් ජනයා පිළිගත්හ. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය යි. පෘතුගීසීන්ගෙන් මුස්ලිමුන්ට කරදර වන විට ඔවුන් කන්ද උඩරට හා වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කරවීමට සිංහල රජවරු පියවර ගත්හ. සිංලයන් අතර මුස්ලිම් ජනයාට කරදරයක් නො වී ය. මුස්ලිම්හු මූලික වශයෙන් වෙළෙන්දෝ වූහ. ්්


    ඉංගිරිසි පාලන සමයෙහි දී දකුණෙන් සිංහලයෝ වෙළෙඳාම පිණිස සිංහලේ, එනම් ශ්‍රී වික්‍රම රාජසිංහගේ පැරණි රාජ්‍යයට, ගියහ. මුස්ලිම් වෙළෙන්දන් එය නුරුස්සුවාට සැකයක් නැත. ගම්පොළ ප්‍රදේශයෙහි සිංහල බෞද්ධයන් පෙරහැරක් පැවැත්වීම ගැන සිංහල මුස්ලිම් භේදයක් ඇති විය. ඉංගිරිසිහු සිංහලයන්ට එරෙහිව දෙමළ ප්‍රභූන් යොදා ගත් ආකාරයට ම මුස්ලිම් ජනයා ද යොදාගත්හ. එහි ප්‍රතිඵලය වූයේ 1915 සිංහල මුස්ලිම් කෝලාහලය නමින් හඳුන්වනු ලැබූ ගැටුම් ය.


    ඉංගිරිසිහු සිංහල නායකයන් සිරභාරයට ගැනීමට ඒ අවසාථාවක් බවට පත්කර ගත්හ. සිංහල ප්‍රාදේශීය නායකයන් අත්අඩංගුවට ගැනුණු අතර මාෂල් හෙවත් යුද්ධ නීතිය යටතේ රට පාලනය කෙරිණි. එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් මහතා 1915 ජූලි මස හත්වැනි දා ඉංගිරිසින් විසින් ඝාතනය කෙරුණේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.


    වත්මන් උතුරු පළාත් දෙමළ ජනයා මූලික වභයෙන් ලංකාවට ලන්දෙසීන් විසින් ගෙන්වනු ලැබූ වෙල්ලාලයන්ගෙන් පැවත එන්නෝ වෙති. ඉංගිරිසිහු ඔවුන්ට වරප්‍රසාද දී වෙල්ලාල නායකයන් සිංහල ජාතිකත්වයට එරෙහිව යොදාගත්හ. අද පවත්නා දෙමළ ජාතිවාදයේ මූලාරම්භය 1833 දී ව්‍යවස්ථා සභාව පිහිටුවීමත් සමග ඇති විය. ප්‍රභාකරන් ඔහුගේ සියලා බාප්පලා හා මස්සිනාලා පොත කියවීමෙන් දෙමළ ජාතිවාදයේ විකාශය දැනගත හැකි ය.


    දෙමළ ජාතිවාදය කල් යෑමේ දී දෙමළ බෙදුම්වාදය බවටත් පසුව හැත්තෑවේ දී පමණ දෙමළ ත්‍රස්තවාදය බවටත් පත්විය. ඉංගිරිසිහු මේ සියල්ල පිටුපස සිටියහ. ඉංගිරිසින් හා අනෙක් බටහිරයන් දෙමළ ත්‍රස්තවාදයට දුන් මූල්‍යාධාර ගැන කේ.පී හෙවත් කුමරන් පද්මනාදන් දන්නා බවට සැකයක් නැත. ඔහු ආරක්‍ෂා කර ගැනීම ඉතා වැදගත් වෙයි. ("කේ.පී රජ ගෙදර-ජෙනරාල් හිර ගෙදර" කියන සම හරක්ට මෙවැනි සියුම් තැන් නොවැටහේ. ඔවුන්ට අනුව යුද්ධය දිනා දී ඇත්තේ එදා ගොනෙක් වුවත් අද ෆීල්ඩ්මාෂල් තනතුරට සුදුසු ඊනියා ගොනෙකි) කෙසේ වෙතත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන් අපේ රණවිරුවන්ට හැකි විය. මහින්ද රාජපක්‍ෂ මහතා එහි දී ඉංගිරිසින්ට හා අනෙක් බටහිරයන්ට ද ඉන්දියාවට ද අවනත නොවී රටේ ස්වෛරිභාවය හා ඒකීයභාවය රැක ගත්තේ ය.


    බටහිරයෝ ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කිරීමට කටයුතු කළහ. එහි දී ඉන්දියාවේ සහාය ද ඔවුන්ට ලැබිණි. මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ඊනියා දූෂණ භීෂණ චෝදනා ගෙන ආහ. දැනුත් ගෙනෙති. එහි දී සයිබර් අවකාශය ද යොදා ගැනිණි. රෝ ඔත්තු සේවයට ඊනියා ජාතික ව්‍යාපාරයේ ව්‍යාජ නායකයන් හසුරුවා ගැනීමට හැකි විය. නුතන ඩොයිලිලා තොග පිටින් ලංකාවේ ක්‍රියාත්මක වූහ. ඇතැමුනට ජනාධිපතිකම පොරෙන්දු වූහ. ඔවුහු ඔවුහු සියල්ලෝම එකතු වී දෙමළ හා මුස්ලිම් ඡන්ද ද යොදා ගනිමින් 2015 ජනවාරි අටවැනි දා ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කළහ.


    නෝත්ට යුද්ධයෙන් දිනාගැනීමට නොහැකි වූ රට බ්‍රවුන්රිග් ගිවිසුමකින් දිනා ගත්තේ ය. ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති. අද එය වැළැක්විය හැක්කේ මහින්ද රාජපක්‍ෂ මහතා නැවතත් අරලියගහ මන්දිරයට පැමිණ වීමෙනි.

    source: http://www1.kalaya.org/2015/03/blog-post_1.html
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    . ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉංගිරිසින් හා අනෙක් බටහිරයන් දෙමළ ත්‍රස්තවාදයට දුන් මූල්‍යාධාර ගැන කේ.පී හෙවත් කුමරන් පද්මනාදන් දන්නා බවට සැකයක් නැත. ඔහු ආරක්‍ෂා කර ගැනීම ඉතා වැදගත් වෙයි.

    :shocked::shocked:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    . ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති.
    අනේ බැල්ලි උඹ දන්න රෙද්දක් කතා කරපන්.:)
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මේ නලිය නේද ලියල තියෙන්න. මූ තමන්ගෙ ලමයි දෙන්න රොයල් එකට යවන ගමන් රෝයල් එක අංක එකේ අනුකාරක පාසල කියල බැන්න. පොඩි එකාව රෝයල් ඉන්ස්ටිටියුට් එකේ අයි.ටී. ඩිග්‍රිය කරන්න ඇරියේ, ලංකාවේ තියෙන්න බටහිර අනුකාරක අධ්‍යාපනයක් කිය කිය. අද එකෙක් ඇමරිකාවේ.

    මුට ජාත්‍යනතර භූ දේශපාලනය තේරෙන එකෙක් නෙවෙයි. මූ මෙච්චර මහින්දයට කඩේ යන්න තරම් ගොනෙක් නෙවෙයි. මූ ෆිසික්ස් මීටරයක්, ඒ වගේම දරශනයත් දන්න එකෙක්. ඒත් මු මේ කියන්නේ මහින්දය හිටියනම් හොඳයි කියලනේ, අනේ මූ දන්න දේශපාලනය! මූ කලුතරින් චන්දෙ ඉල්ලලා හම්බුනේ චන්ද 3000යි.

    අනේ නලියෝ අපේ රට තවත් අප්‍රිකානු චොර රටක් වෙනවා මහින්දය හිටියනම්. තවත් සිම්බාබ්වේ වගේ මජර රටක් කරන්නද තොගේ කල්පනාව?
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    Good Thread Macho !!!


    You must spread some Reputation around before giving it to funkyguy89 again.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනේ බැල්ලි උඹ දන්න රෙද්දක් කතා කරපන්.:)
    උඹේ තාත්තා උඹලගේ අම්මට ඕක කියල නේද කෑගහන්නේ...:lol::lol::lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මංගලගේ ඉල්ලීම හා නැටීම


    මේ දිනවල ජෙනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමේ සමුළුවේ දී විදේශ කටයුතු පිළිබඳ ඇමති මංගල සමරවීර කොමිසමෙන් ඉල්ලා ඇත්තේ ආණ්ඩුව ගැන විශ්වාසය තබන ලෙස ය. ඒ අතර මෛත්‍රිපාල සිරිසේන වාරියපොළ සුමංගල හිමියන් සැමරීමේ රැස්වීමක දී කියා ඇත්තේ ආණ්ඩුව කිසිම විදේශීය රටක් සමග රටට අහිතකර ගිවිසුම් අත්සන් නොකරන බව ය. මේ කතා දෙක අතර ඇති සම්බන්ධය කුමක් ද?


    එයට පිළිතුරක් ජෙනීවාහි සමුළුවේ දී ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කර ඇති ප්‍රකාශයෙන් ද ලැබෙයි. 1815 දී ඉංගිරිසින් ලංකාව ඔවුන්ගේ යටතට ගත්තේ ගිවිසුමක් මගිනි. එය ද එක්තරා අයුරකින් ගතහොත් ගැට කැපීමකි, පික් පොකට් ගැසීමකි. මෙරට දේශපාලනයෙහි ගැට කැපීම ආරම්භ කර අදට (2015 මාර්තු 02) අවුරුදු දෙසියයක් පිරෙයි. ඒ මොහොතේ මෙරට ගැට කැපීමෙන් පත් වූ ආණ්ඩුවක් තිබීම ද ඓතිහාසික කරුණකි. ඉංගිරිසිහු සිංහල නායකයන් මුළා කර ඔවුන්ට රජකම දෙන බවටත් රට සිංහල නීතිය අනුව කරවන බවටත් සිංහල බුද්ධාගම (බුද්ධාගම හා දේවාගම) රකින බවටත් ගිවිසුමෙන් පොරෙන්දු වී රට භාරයට ගෙන පසුව රට යටත් කර ගත්හ. රට පික්පොකට් ගැසූහ.


    අද බටහිරයන්ට අප වැනි රටවල් පාලනය කිරීමට, යටත් කිරීමට, දුර්වල කිරීමට, සූරා කෑමට ගිවිසුම් අවශ්‍ය නැත. ඒ සඳහා අවශ්‍ය කරන දැනුම ඔවුන් සතුව ඇත. ඒ දැනුමෙන් අප ඔවුන්ගේ පාලනය යටතෙහි තබා ගැනීමට අවශ්‍ය දැනුම අපට දී ඇත. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තත් ලැබෙන්නේ ඒ දැනුම ය. බටහිරයන් අපට චචන උගන්වා ඇත. යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, සාධාරණ සමාජය, දුගී බව තුරන් කිරීම, සමානත්මතාව, අධිකරණයේ ස්වාධීනත්වය ආදිය එම වචන වෙයි. ඒ වචනවලට ඉහළින් ම ගරු කරන ලෙස සුද්දෝ අපට කියති. එහෙත් ඔවුහු ඒවාට සත පහකටවත් ගරු නො කරති.


    බටහිරයෝ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අමතර ව ජනමාධ්‍යය ද අප පාලනය කිරීමට යොදා ගනිති. අද තවත් දුර ගොස් ඊනියා සමාජ මාධ්‍යද යොදා ගැනෙයි. අද ගිවිසුම් අවශ්‍ය නැත. සුද්දන්ට අවශ්‍ය කලු සුද්දෝ අධ්‍යාපනය මගින්, මාධ්‍ය මගින්, සමාජ මාධ්‍ය මගින් බිහි කෙරෙති. සුද්දෝ ගිවිසුම් මගින් නොව කලු සුද්දන් මගින් රටවල් පාලනය කරති. මංගල සුද්දන්ට කියා ඇත්තේ මේ ආණ්ඩුවේ පසුගිය ආණ්ඩුවට වඩා හොඳ කලු සුද්දන් සිටින බව ය.


    පසුගිය ආණ්ඩුව උගත් පාඩම් හා සංහිඳියා කොමිසමක් පිහිටුවීය. එය ආණ්ඩුවේ කොමිසමක් පමණක් බව අපට අමතක කරවීමට සුද්දෝ සමත් වූහ. ඒ සුද්දන්ගේ අධ්‍යාපනයේ ස්වභාවය ය. අපට කිසිවක් හරි හැටි කියා දෙනු නො ලැබෙයි. අප ඉගෙන ගන්නේ කියවන්නේ බාගයට ය. උගත් පාඩම් කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී නැත. සුද්දන් කොමිසමක් පත් කරන්නේ ඒ කොමිසමේ වාර්තාව මුළුමනින් ම ක්‍රියාත්මක කිරීමට නො වේ. වාර්තාවේ අඩංගු කරුණුවලින් ආණ්ඩුවට ගැලපෙන කරුණු පමණක් ක්‍රියාත්මක කිරීමට සුද්දෝ දනිති. එහෙත් අපට කියන්නේ වෙන කතාවකි.


    මංගල ජෙනීවාහි දී කියා ඇත්තේ පසුගිය ආණ්ඩුව උගත් පාඩම් කොමිසම් වාර්තාව ක්‍රියාත්මක නොකළ නමුත් තමන් ඒ ක්‍රියාත්මක කරන බව ය. ඔහු ඒ වචනවලින් ම ඒ බව කියා නැත. එහෙත් තමන් ගැන විශ්වාස කරන්න යැයි ඔහු බටහිරයන්ට කියා ඇත. මංගල කියන්නේ කුමක් දැයි සුද්දෝ දනිති.


    පසුගිය ආණ්ඩුව පත්කළ පරණගම කොමිසමේ කාර්යය වුයේ අතුරුදහන් වූවන් ගැන වාර්තා කිරීමට මිස වෙනත් දෙයක් නො වේ. එහෙත් මේ ආණ්ඩුව පත්කරන්නට යන්නේ ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් ගැන සෙවීමට පරීක්‍ෂණ මණ්ඩලයකි. ඒ දෙකේ වෙනස නොතේරෙන්නේ මහින්ද රාජපක්‍ෂ සමග වෛරයෙන් පසුවන ජාතිය විකුණා ගෙන කන ව්‍යාජ දේශප්‍රේමීන්ට පමණකි. අභ්‍යන්තර මානව හිමිකම් කඩවීම් පිළිබඳ වාර්තාව අවසානයේ දී නවතින්නේ ජෙනීවා සමුළුවේ ය.


    ජෝන් කෙරී අද මියන්මාරයේ හා ශ්‍රී ලංකාවේ ඇති ආණ්ඩු ගැන සතුටට පත්වන බව කියා ඇත. අර ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය අද මියන්මාරයේ හා ලංකාවේ ඇති බව ඔහුගේ මතය වෙයි. එකල මියන්මාරයේ ද ලංකාවේ ද තිබී ඇත්තේ කෙරීට අනුව නම් ඒකාධිපති, ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩු ය. සුද්දන් අපට ප්‍රජාතන්ත්‍රවාදය ලෙස උගන්වන්නේ බටහිර ගැති බව ය, බටහිරයන් කියන අන්දමට නැටීම ය. මංගල සුද්දන්ට කියන්නේ මේ ආණ්ඩුව හොඳට නටන බැවින් ආණ්ඩුව ගැන විශ්වාසය තබන ලෙස ය. කෙරී කියන්නේ නැටුම ගැන තමා සතුටු වන බව ය. :rofl::rofl:


    මියන්මාරයත් ලංකාවත් ථෙරවාදී බෞද්ධ රටවල් ය. අද බටහිරයන්ට අවශ්‍ය එක් කරුණක් වන්නේ ථෙරවාදී රටවල් තමන්ට අවශ්‍ය ආකාරයට නැටවීමට ය. අපි කකුළුවා වතුර නටන තුරු නටන ආකාරයට නටමු.


    නලින් ද සිල්වා
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    1815 මාර්තු දෙවැනි දා අපට නිදහස අහිමි විය. මේ ලිපිය 1815, 1915 හා 2015 ගැන ය. මේ වසර තුන ම සිංහලයන්ගේ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ දුර්භාග්‍යය සනිටුහන් කළේ ය. ඒ සියල්ල පිටුපස සිටියෝ ඉංගිරිසිහු ය. ඉදිරියටත් මෙවැනි සිද්ධිවලට අපට මුහුණ පෑමට ඇති බැවින් ඉංගිරිසින් ක්‍රියා කරන ආකාරය ගැන යම් දැනුමක් ලබාගෙන තිබිය යුතු ය.
    source: http://www1.kalaya.org/2015/03/blog-post_1.html[/SIZE]

    ඉතින් ඉංග්‍රීසි තහනං කලා කියල බංඩාරණායක මහත්තයට වෙදි තිබ්බෙ මොකැඉ?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉංගිරිසිහු සිංහල නායකයන් සිරභාරයට ගැනීමට ඒ අවසාථාවක් බවට පත්කර ගත්හ. සිංහල ප්‍රාදේශීය නායකයන් අත්අඩංගුවට ගැනුණු අතර මාෂල් හෙවත් යුද්ධ නීතිය යටතේ රට පාලනය කෙරිණි. එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් මහතා 1915 ජූලි මස හත්වැනි දා ඉංගිරිසින් විසින් ඝාතනය කෙරුණේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.

    කපිතාන් පේද්‍රිස් මෙන්ම ඔහුගේ ධනවත් පවුල කෙරෙහි ඊර්ෂ්‍යා කළවුන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙන්ම ඔවුන්ගේ සහචර සිංහලයන්ද විය. ඒ අනුව මෙහෙයවනු ලැබූ මහ මුදලි ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක (ආණ්ඩුකාරයාගේ ප්‍රධාන දේශීය ‍තෝල්කයා සහ උපදේශක වූ) විසින් පිරිස් කපිතාන් පේද්‍රිස්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහුගේ වැඩ තහනම් කරවීමට ක්‍රියා කළේය. එම පිරිස් එල්ල කළ චෝදනා වුයේ කපිතාන් පේද්‍රිස් මුස්ලිම් ජාතිකයන් කණ්ඩායමකට වෙඩි තැබූ බව සහ පෑලියගොඩ සිට කොළඹ දක්ව පාගමනකින් ඒමට සිංහල ජාතිකයන් පිරිසක් පෙළඹවූ බවයි. මෙම චෝදනා ඉදිරිපත් කිරීමත් සමඟම ඉතා ඉක්මණින් කපිතාන් පේද්‍රිස්ව අත් අඩංගුවට ගන්නා ලදී.