සිංහලයන් පැවැතෙන්නේ විජයගෙන් නොවේ

Reebat

Active member
  • May 30, 2017
    303
    114
    43
    සිංහලයන් පැවැතෙන්නේ විජයගෙන් නොවේ

    සිංහලයන් පැවැතෙන්නේ විජයගෙන් නොවේ

    සිංහලයන් පැවැතෙන්නේ විජයගෙන් නොවේ හෙළ වර්ගයාගේ පරම්පරා කතාව ගැන කියැවෙන වරිග පූර්ණිකාව රාමායණය සහ මහා වංසයට එහා ගිය වැදගත්කමක්, වටිනාකමක් උසුලයි. එම ග්‍රන්ථ ඉක්මවා යන තරමට ඉතිහාසගත වෙයි.වරිග පූර්ණිකාව යනු තවත් එක් සුන්දර කතා වස්තුවක් රැගත් ග්‍රන්ථයක් නොවේ. අතීත සිද්ධීන් සමුදායක් සටහන් කරනු ලැබූ කතා පොතක්ද නොවේ. එහි ඇත්තේ රාවණා පරපුර හෙවත් යක්‍ෂ ගෝත්‍රික පරපුරේ ජීවිතයයි. ජීවත්වීම සඳහා කෙනකුට ඇවැසි වනුයේ යම් දෙයක්ද එම දෙය අඩු වැඩි නැතිව වරිග පූර්ණිකාවේ සටහන්ව තිබේ. එහෙයින්ම එය යක්‍ෂ ගෝත්‍රික පරපුරේ පොදු උප්පැන්න සහතිකයද වෙයි. ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ලෙස සලකනු ලැබුවේ යක්‍ෂ, නාග, දේව ගෝත්‍රික ජනතාවයි. මෙයින් නාග ගෝත්‍රිකයන් කැලණිය, නාගදීපයෙත්, යක්‍ෂ ගෝත්‍රිකයන් මහියංගණය, සබරගමුව ප්‍රදේශවලත් ජීවත් වූ බව සඳහන් වෙයි.හෙළයා යනු වර්තමාන සිංහලයා මිස විජයගෙන් බිහිවූ ආර්යයන් නොවන බව අපට හොදාකාරවම වරිග පූර්ණිකාව කියයි. ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ලංකාවට පැමිණ කුවේණිය සමඟ එක්වීමෙන් ආර්යයන් බිහිවූ බව බොහෝ ග්‍රන්ථ සඳහන් කරතත් විජය පැමිණීමට පෙර ආර්යයන් නොවන යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවක් එදා හෙළදිවේ සිටි බවත් හෙළයන්ගේ හෙවත් සිංහලයන්ගේ ඉතිහාසය ලියූ සහ ලියන බොහෝදෙනා එම තොරතුරු හිතාමතා සඟවා ඇති බවත් මේ වන විටත් ප්‍රසිද්ධ කරුණක් වී තිබේ.

    මෙරට තුළ ආදිවාසීන් ලෝකයේ වඩාත්ම දියුණු ජාතියක් වී සිටියා යැයි වරිග පූර්ණිකා ග්‍රන්ථය ආශ්‍රයෙන් කොතෙක් තොරතුරු ගෙනහැර දැක්වුවද රාවණාගේ ඉතිහාසය අතැඹුලක් සේ දන්නේ තමන් පමණකැයි සිතා සිටින මහා උගතුන් එම තොරතුරු පිළිනොගන්නේ තමන්ගේ තත්ත්වයට සහ ඉගෙනගත් දැනුමට මදිපුංචිකමක් වේ යැයි සිතන අනියත බිය නිසාය. සැබැවින්ම එය කනගාටුවට කරුණකි. නමුත් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ආර්යයන්ට වඩා හෙළදිව හෙවත් ලංකාවේ සිටි යක්‍ෂ ගෝත්‍රික පරම්පරාව උසස් ජාතියක් සහ ඉහළ දැනුමක් ඇතිව සිටියවුන් බව කීමට පැහැදිලි සාක්‍ෂි වරිග පූර්ණිකාව පෙන්නුම් කරයි. වරිග පූර්ණිකා පුස්කොළ පුස්තකය රචනා කිරීමට යොදාගත් භාෂාව අන්කිසි භාෂාවකට සම කළ නොහැකිය. එහෙයින්ම එය ඉහළ ස්ථානයක් ගනී. මෙම භාෂාව පාලි, සංස්කෘත භාෂාවන්ට කිසිදු නෑකමක් නොදක්වයි. පසුව අප පාලි, සංස්කෘත ආභාසය ලැබුවත් එයට පෙර අප මුතුන්මිත්තන් භාවිත කළ මෙම භාෂාව වර්තමාන සිංහල භාෂාවේ මුල් භාෂාව ලෙස උපකල්පනය කිරීමට පුළුවන. සිංහල ගැමි වහරේ ඇති බොහෝ වචන මුල් හෙළ භාෂාවෙන් බිඳගත් වචනයි. එමෙන්ම ලෝකයේ බොහෝ භාෂාවන්ගේ උපත හෙළ භාෂාව යැයි පවසන තරමටම මෙම භාෂාව ඉතාමත් පැරැණිය. මෙරට මුල්ම වැසියා වන යක්‍ෂ ගෝත්‍රිකයාගේ භාෂාව වන මෙය මුලින් හැඳින්වූයේ රවිශෛලාෂ භාෂාව ලෙසිනි.

    මහින්දාගමනයට පෙර ශ්‍රී ලාංකේය ජන ජීවිතය පිළිබඳ යමක් ප්‍රකාශ කිරීමට ශ්‍රී ලාංකේය විද්වතුන් මැළිවන්නේ ඒ සම්බන්ධව ඇති මූලාශ්‍රවල අඩුකම නිසාය. ඔවුන් පිළිගන්නා පරිදි සිංහලයාගේ පෙළපත ආරම්භ වනුයේ විජයගෙනි. විජය හෙළයේ නායකත්වයට පත්වන්නේ යුදමය ක්‍රියාදාමයකින් මෙරට පාලන තන්ත්‍රය බිඳ දැමීමකින්වත්, එවකට සිටි ගෝත්‍රික ජනයාගේ සම්මුතියෙන් විජයට රාජ්‍යත්වය ප්‍රකාශ කිරීමෙන්වත් නොව එවකට පාලනයේ යෙදී සිටි නායිකාවක වූ කුවේණිය වංචනිකව රවටා විවාහ කරගැනීමෙන් අනතුරුවය. මේ අනුව හෙළ වංස කතාවේ පටන් ගැන්මෙන්ම යක්‍ෂ ගෝත්‍රිකයන්ට හිමිවී ඇත්තේ පහත් තැනකි. ඔවුන් හඳුන්වා ඇත්තේ පහත් වැඩ කරන මායාකාරී ගෝත්‍රික කොටසක් ලෙසටය. අපගේ මානව වංස කතාව ලියූවන් කියන පරිදි යක්‍ෂ ගෝත්‍රිකයන්ට බුදුන්ගෙන් බණ අසා එය වටහා ගැනීමට තරම්වත් ශක්තියක් තිබී නැත. මේ අය වංස කතාව ලියූවන්ගේ සහ තවමත් ලියමින් ඉන්නන්ගේ පරගැති භාවයයි. නමුත් සත්‍යය එය නොවේ. විජයගේ පැමිණීමට පෙර දියුණු ජාතියක යුගයක් හෙළදිවට තිබූ බවට වන සාක්‍ෂි අද පුරාවිද්‍යාත්මකව සොයා ගැනෙමින් පවතී. වරිග පූර්ණිකාවේ විශේෂිත කරුණ වනුයේ රාවණා පරම්පරාවෙන් පැවැත එන පරම්පරාව පිළිබඳ තොරතුරු සටහන්ව තිබීමයි. එය මූලික වශයෙන් පරම්පරා දෙකක් දක්වයි. ඒ කේවේසස්ථාන සහ රවිශෛලාෂ පරම්පරා දෙකයි. ඉතා දියුණු සංස්කෘතියකට අයත් යක්‍ෂ ගෝත්‍රික රාජ පරම්පරාව ගැන නිවැරැදි අවබෝධයක් වරිග පූර්ණිකාව තුළින් අපට ලැබේ. ඒ අනුව වඩාත් තහවුරු වූ රාවණා රාජ පරම්පරාව වනුයේ රවිශෛලාෂ රාජ පරම්පරාවයි.

    රවිශෛලාෂ රාජ පරම්පරාවේ ආදිතමයා ලෙස සැලකෙනුයේ රාවණා හෙවත් යක්‍ෂ කෞරාණ මන්ඨකයි. මෙම කෞරාණ, රෞලාන ලෙසද භාවිත වනු දැකිය හැකිය. කෞරාණ (රෞලාන) කුරු යන්නට තරමක සමානතාවක් දක්නට ලැබේ. කෞරාණ යනු මෙරට සහ ලෝකයේ ව්‍යාප්තව සිටින යක්‍ෂ ගෝත්‍රික වංශිකයන්ගේ මුල් නමයි. රාවණා යන වචනයේ අර්ථය සූර්යයා යන්නයි. රකුණ යනු රාවණා යන්නට සමාන අර්ථයක් ඇති තවත් පදයකි. වික්‍රමාන්විත භාවයෙන් පරිපූර්ණ වූ ශ්‍රී ලංකාවේ යක්‍ෂ ගෝත්‍රික වංසයේ අද්විතීය ස්ථානය හිමිකරගත් රාජ්‍ය නායකයන් ගැන වරිග පූර්ණිකාව මෙසේ සඳහන් කරයි. ඒ අනුව රාවණා රජුගේ පෙර රාජ පරම්පරාව සහ රාවණා රජුගෙන් පසු රාජ පරම්පරාවත්, රාවණා රජුගේ මුනුබුරකු වූ රවිශෛලාෂ රජුගේ පරම්පරාවෙන් ඇරැඹි වත්මන් ලේ නෑයන් දක්වා දිවයන රාජකරුණා පරම්පරාවත් පිළිබඳ වරිග පූර්ණිකාව ඉතිහාසගත සාක්‍ෂි සපයයි. මේ අතර රාවණා රජුගේ සොයුරු විභීෂණ ලංකාවේ රජකම් කළ බව පැවැසෙතත්, එම රාජ්‍ය පාලනය එක දිගට සිදුවූවක් නොවන බවත් අතරින් පතර කඩඉම් සහිතව පැවැති රාජ්‍ය පාලනයක් බවත් මෙම වරිග පූර්ණිකාවම පෙන්වා දෙයි.

    වරිග පූර්ණිකාව පෙන්වා දෙන පරිදි හෙළයේ ආදිතම පාලකයා වූයේ සයිබාරි ඍෂිවරයායි. මෙම ඍෂිවරයා වූ කලී ගෝත්‍රික පරම්පරාවක නායකයායි. එම ගෝත්‍රික පරම්පරාව වූයේ යක්‍ෂ ගෝත්‍රිකයනුයි. මෙම සයිබාරි ඍෂිවරයාට පෙර සිටි පාලකයන් ගැන පැහැදිලි සඳහනක් වරිග පූර්ණිකාව නොදක්වතත් එකලට පෙරද යක්‍ෂ ගෝත්‍රිකයන් සිටි බව පෙන්වා දෙනවා. මෙම සයිබාරි ඍෂිවරයාගෙන් පසු යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවේ නායකයා බවට පත්වූයේ ශෛහාරයි. ශෛහාර, සයිබාරි ඍෂිවරයාගේ පුතෙකි. ඉන්පසු ශෛහාරගේ පුතකු වූ මිථානත්, මිථානගේ පුතකු වූ මාලන්තිත්, මාලන්තිගේ පුතකු වූ සුමාලිත් යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවේ නායකත්වයට පත්වී ඇත. මෙම තාත්තාගෙන් පුතාට උරුම වූ පරපුරේ නායකත්වය අනුව සුමාලින්ති රජුගේ පුත්‍රයකු වූ රාවණ නායකත්වයට පත්වෙයි. මෙම රාවණා වූ කලී පෙර රජ පරපුරෙන් පැවැත ආ අසහාය පුද්ගලයෙකි. ඔහු හැඳින්වූයේ විශ්ව කීර්තිය ලද ශ්‍රී රාවණා නොහොත් යගු කෞරාණ මන්ඨක ලෙසිනුයි. රාවණා රජුගේ පුත්‍රයා වුණේත් උපේන්ද්‍රිමිණිකයි. රාවණාගෙන් පසු රජකමට පත් උපේන්ද්‍රමිණිකට පුත්‍රයන් දෙදෙනෙක් සිටියහ. ඒ රවිශෛලාෂ සහ කේවේසස්ථාන රජ කුමරුන් දෙදෙනායි. උපේන්ද්‍රමිණික රජුගෙන් පසු හෙළදිව රාජ්‍ය පාලනයට පත්වූයේ මෙම රවිශෛලාෂ සහ කේවේසස්ථාන කුමරුන් දෙදෙනායි. මෙම කුමරුන් දෙදෙනාගේ රාජ පරම්පරාවන් දෙක පිළිබඳ වරිග පූර්ණිකාව විස්තර දක්වතත් එහි වැඩි වශයෙන් දක්වා තිබෙනුයේ රවිශෛලාෂ රාජ පරම්පරාව පිළිබඳවයි. උතුරේ පාලනය ගෙන ගිය කේවේසස්ථාන රාජ වංසය ගැන දීර්ඝ සඳහනක් වරිග පූර්ණිකාව නොදක්වයි.

    එසේ දැක්වීමට නොහැකි වූ හේතුව ලෙස වරිග පූර්ණිකාව සටහන් කරනුයේ විජය හෙවත් ආර්යයන්ගේ පැමිණීමත් සමඟ ඇතිවූ නව ආරම්භයට මුහුණ දීගත නොහැකිවීමයි. නමුත් එයට මුහුණ දෙමින්ම රාජ පරම්පරා හතක් දක්වා කේවේසස්ථාන රාජ වංසය පවත්වාගෙන යෑමට එම පරපුර සමත් වූ බව වරිග පූර්ණිකාව කියයි. වරිග පූර්ණිකාව දක්වන එම රාජ පරම්පරා හත නම්, කේවේසස්ථාන රජු, සොලිස මන්ඨක රජු, සකුදල ගිරි රජු, පජ්ජල මුණ රජු, කේසි කෙහෙලියපුර රජු, විපුලත්තාන රජු සහ සුගලිත රජු යන රජවරුන්ය.රවිශෛලාෂ රජු හෙවත් රාවණා රජුගේ මුනුබුරා හරහා පැවැත ආ රවිශෛලාෂ රජුගේ දාරක පරම්පරාව වරිග පූර්ණිකාවට අනුව මෙසේ වෙයි. කභාගිරි රජු, දෙවලගිරි රජු, වාරසික රජු, සේතකඨ රජු, උජුපල රජු, බැබිලගිරි රජු, මන්දාරක රජු, අතිලීක රජු, කීර්තිධීර රජු, රෞලාන රජු, මෝජගිරි සෙන්පති, උරසිකාර සෙන්පති, ඉදියර සෙන්පති, කත්තුර සෙන්පති, හෝසලමාන සෙන්පති, භද්‍රගිරික සෙන්පති.මෙම රාජ පරම්පරාව අතර සිටින කිත්තිධීර රජු බුද්ධ කාලයේ පිටිගල පාලනය කළ රජුයි. බුදුන්ගෙන් බණ අසා රහත් ඵලයට පත් කවිලාශ අග්තිපාලි මෙහෙණියගේ පියා වනුයේද කිත්තිධීර රජුයි. ගිරිදේශය පාලනය භාරව සිටි ගිරිභද්‍ර සෙන්පති කවිලාශ අග්තිපාලියගේ ස්වාමියායි.

    බුද්ධ කාලයට සමගාමීව පිටිගල පාලනය කළ කිත්තිධීර රජුගෙන්, ඔහුගේ වැඩිමල් පුතු උපතිස්ස කුමරු රජ බවට පත්වුණා. උපතිස්ස රජු තම රාජ්‍ය කාලය තුළ පැවිදි දිවියට (කි.ව. 409-431) පත්වූයේ බාල සොහොයුරු මහානාම රජුට රාජ්‍ය පාලනය භාර දෙමින්. මහනාම රජුගෙන් පසු වන රාජ පරම්පරාව වරිග පූර්ණිකා පුස්තකය මෙසේ දක්වයි. මහානාම රජු, ඔහුගේ පුත් ස්වර්ණ සුබෝධි කුමාරයා, ඔහුගේ පුත් මාලිම්භ කුමාරයා, ඔහුගේ පුත් සංජීව කුමාරයා, ඔහුගේ පුත් විපුල්ලම්භ කුමාරයා, ඔහුගේ පුත් පියුමල් බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් සිරිනාථ බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් චන්ද්‍රගිරි බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් සත්බෙර බණ්ඩාර, දියණිය පියුමලී පාලි කුමරිය, ඇගේ පුත් සුජාත කුමාරයා, ඔහුගේ පුත් සංජය බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් මානා බණ්ඩාර හෙවත් මුදලිහාමි රාජකරුණා මුදියන්සේ, ඔහුගේ පුතුන් තිදෙනා කිරිබණ්ඩා, හීන් බණ්ඩා සහ ටිකිරි බණ්ඩා. මේ වර්තමානය දක්වා දිවෙන රාවණ රාජ පරම්පරාවේ ලේ නෑ පරම්පරාවයි. අද වරිග පූර්ණිකා පුස්තකයත්, රාවණ රජුගේ ග්‍රන්ථය, මන්ත්‍රය, වෛද්‍ය ග්‍රන්ථය සහ තවත් අතිශය රහස් සමුදායක් මෙම පරපුරේ වත්මන් භාරකාරත්වය යටතේ පවතිනවා.

    එම රහස් අතර ඉතාමත් මූලික දෙය වනුයේ යක්‍ෂ ගෝත්‍රික හෝඩිය සහ එහි සන්තාඥ භාෂාවේ අක්‍ෂරයි. මෙම අක්‍ෂර මාලාවේ උපත ගැන වරිග පූර්ණිකාව විස්තර මෙසේ දක්වනවා. පුප්ඵුශීය වායු ධාරාව නිසා ස්වරාලය තුළ ඇතිවන ස්වර කම්පනයෙන් නිපදවනු ලබන නාද රටා සියුම්ව වර්ගීකරණය කොට සංකේත මඟින් ඉදිරිපත් කිරීම තුළින් යක්‍ෂ ගෝත්‍රික රවිශෛලාෂ භාෂාවේ අක්‍ෂරයන්ගේ උපත සිදුවී ඇතැයි නිගමනය කළ හැකියි. ඒ අනුව ඔවුන් නාද රටා දහයක් හඳුන්වා දී ඇත. ඒවා ජාතිස, සිලම්බි ලෙස හඳුන්වයි. බට නළාවක් පිඹ විවිධ නාද රටා උත්පාදනය කළ හැකිවාක් මෙන්ම පුප්ඵුශීය වායු ධාරාව මඟින් ස්වරාලය තුළද විවිධ නාද රටා නිපදවිය හැකියි. ජාතිස, සිලම්බි, සංකේත මඟින් පෙන්වා දෙන්නේ එබඳු නාද රටාවනුයි.
    මේ යටතේ වන උප අක්‍ෂර මාලා මෙසේ හඳුන්වා දී තිබෙනවා.

    * කයිමාර සිලම්බි (බන්ධ අක්‍ෂර)
    * ඒකේය අක්‍ෂර බන්ධන ක්‍රමය
    * විභූෂ අක්‍ෂර
    * කණ්ඨු අක්‍ෂරය
    * සෝල අක්‍ෂරය
    * කවිලාශ අක්‍ෂරය
    * කෞරවි අක්‍ෂරය
    * කුම්භණී අක්‍ෂරය
    * ජංග්‍රාම අක්‍ෂරය

    මෙම අක්‍ෂරවලට අමතරව සන්තාඥද්වන්ත්‍ර අක්‍ෂර නම් වන අක්‍ෂර විශේෂයක් ගැනද වරිග පූර්ණිකාව සඳහන් කර තිබෙනවා. එය මෙසේ පැහැදිලි කරදී ඇත.
    බල පිහිටුවීමේ අක්‍ෂර වශයෙන්ද ද්වන්ත්‍ර අක්‍ෂර වශයෙන්ද මෙම අක්‍ෂර හඳුන්වනු ලැබෙනවා. යක්‍ෂ ගෝත්‍රික කාන්තාවන්ට පලඳින ආභරණවල බලය පිහිටුවීම සඳහා යොදාගන්නා විශේෂ සහ වංසයේ උදාරත්වය ප්‍රකාශ කරන සංකේත මේ නමින් හඳුන්වනවා. රවිශෛලාෂ (යක්‍ෂ ගෝත්‍රික, කවිලාශපාලී, මහාපාලි) වංසයේ කාන්තාවන් විසින් පලඳින උත්තරචක්‍ර මාලාභරණයේ පළමු පොට හෙවත් ඉන්ද්‍රවටයේ බලය පිහිටුවීම සඳහා කොටා ඇති සංකේත ද්වන්ත්‍ර අක්‍ෂර ගණයට අයත් වෙනවා.

    * සන්තාඥ මුරාග්‍ර අක්‍ෂර
    * සුවිධිමුත අක්‍ෂර
    * කිලාම අක්‍ෂර
    * කෘෂිකාල සන්තාඟු හෙවත් ගුපල අක්‍ෂර
    * රකුන් සැර අක්‍ෂරය
    * සිද්ධි සැර අක්‍ෂරය
    * භද්‍ර පද අක්‍ෂර

    මෙම භද්‍ර පද අක්‍ෂර යටතේ විශේෂිත වාක්‍යයක් මෙසේ දක්වා තිබෙනවා.
    භද්‍ර පද අක්‍ෂර හා බැඳුණු අනෙකුත් ග්‍රහ ශක්තීන්.
    මෙම භද්‍ර පද අක්‍ෂරවලින් පෙන්වා දෙනු ලබන්නේ හිරු, සඳු දෙදෙනාගේ කිරණ ශක්තීන් පොළොවට ආකර්ෂණය වන ආකාරයයි. හිරුගෙන් නිකුත්වන කිරණ ශක්තීන් චන්ද්‍රයා නිසා කිසියම් වෙනසකට ලක්වී කිරණ දෙකක් වශයෙන් සකස්වන බව හෙළ ඍෂිවරු පෙන්වා දෙනවා. එම කිරණ ශක්තීන් මුගලස්ස, ළා නිල් පැහැයක් ගන්නා අතර දෙවැන්න ධාලිස්ස කිරණය, කෙසරුවන් (සිංහයකුගේ ලොම්) පැහැය ගන්නවා. මුගලස්ස කිරණය නිසා ජලය ගහකොළ පවතින අතර ධාලිස්ස කිරණය ජීවීන් සඳහා බලපානවා. මුගලස්ස කිරණය චන්ද්‍රයාගේ බලපෑම නිසා නිල් පැහැය ගන්නා අතර එය ජලය ගහකොළ සංකේතවත් කරනවා. ධාලිස්ස කිරණ සූර්යයාගේ බලපෑම නිසා කෙසරුවන් පැහැය ගන්නා අතර මෙයින් ජීවීන් සංකේතවත් කරනවා.

    මෙම කිරණ ශක්තීන් දෙක ප්‍රධානව ගහකොළ ඇතුළු ජීවීන්ගේ පැවැත්ම සඳහා තවත් ග්‍රහ වස්තූන්ගෙන් බලපෑමක් තිබිය යුතු බව හෙළ ඍෂිවරුන්ගේ මතයයි. මේ අනුව ජීවලෝකයේ පැවැත්ම සඳහා ග්‍රහ මණ්ඩල සතරක් පවතී. එක ග්‍රහ මණ්ඩලයකට හිරු සඳු ඇතුළුව ග්‍රහයන් සතර දෙනකු සිටිනවා. මේ සියල්ල පෙන්නුම් කරනුයේ විජයගේ පැමිණීමට පෙර සිටම හෙළ දිවයින යක්‍ෂ ගෝත්‍රික පිරිසක් රජ කළ බවත්, ඔවුන් ඉතා උසස් මනසක් සහිත දියුණු ගෝත්‍රික ජාතියක්ව සිටී බවත්ය. මෙම කරුණු සාක්ෂාත් කරන වරිග පූර්ණිකාව වූකලී එම ගෝත්‍රිකයන් විසින්ම ලියනු ලැබූ යක්‍ෂ ගෝත්‍රික භාෂාවේ පත්ඉරු එකතු කර ලියූ පුස්කොළ පුස්තකයක්. එහෙයින් මෙහි තොරතුරු රාමායණය හා මහාවංසය ඉක්මවා යමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් ඉතා මනරම් උදාහරණ රැසක් දක්වාලීමට පුළුවන්. විශේෂයෙන්ම ආදී හෙළයාගේත්, මෑතකාලීන සිංහලයාගේත් කාන්තාවන් සම්බන්ධව පවත්නා චාරිත්‍ර වාරිත්‍ර සහ ගරුකිරීමේ නීති මාලාවන් අනුව විජය කුමරුගේ දූෂිත ලේ කවලම් වී උපන්නා යැයි කියන ආර්යයන්ගේ නොසණ්ඩාලගති පැවැතුම් ගැන අද අප සමාජය පැහැදිලිවම දන්නවා. එහෙත් එදා නොදියුණු ගෝත්‍රික ගල් යුගයක උපන්නා දැයි සමච්චල් කරන වත්මන් සිංහලයාගේ (විජයගේ දූෂිත ලේ කවලම් නොවූ) නොහොත් ආදි හෙළ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ කාන්තාවන්ට ගරු කිරීමේ නීතිරීති මාලාවක් සහ කාන්තා ගරුත්වය ගැන වරිග පූර්ණිකාවේ සඳහන් මෙම කොටස බොහෝ ගැඹුරු කාරණා ගෙනහැර දක්වනවා. මේ ඒ අතරින් එක් උදාහරණයක් පමණයි.

    බලන්න. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ විවාහ චාරිත්‍ර යටතේ අනු කාරණා කිහිපයක් මෙසේ දක්වා තිබෙනවා.

    01. ලිංගාභරණ පැලැඳීමේ චාරිත්‍ර විධි
    02. උදාචක්‍ර ගිවිසුම් ආභරණ චාරිත්‍රය
    03. උදාචක්‍ර මාලාභරණයෙන් පිළිබිඹු වන ආත්මික සංවර ගුණාංග
    04. චතුර්භ්‍යානාභරණ පාරමිතා චාරිත්‍රය
    05. මනාලියන්ට ඔටුනු පැලඳවීමේ චාරිත්‍රය
    06. කන්‍යා හවඩිය පැලඳවීමේ චාරිත්‍රය
    07. සත්පොට මාලය
    08. යසස්ථ මංගල පෝරුව
    09. බඹසර යහන
    10. අනඟ යහන
    11. ධවන වන්දන පිරිත් පැන් අතලය.

    මේවා පිළිබඳවත්, යක්‍ෂ ගෝත්‍රික රාවණා රජු පරම්පරාවේ එළියට නොආ බොහෝ තොරතුරුත් ඉදිරි ලිපිවල ඉතා ගැඹුරින් සාකච්ඡා කිරීමට, හෙළිදරව් කිරීමට අපට හැකියාව එළැඹ තිබෙනවා. මෙම ලිපියෙන් අප පෙන්වා දීමට උත්සාහ කළේ රාවණාගෙන් පසු රාජ පරම්පරාව දිගටම රජකම් කළ බවය. ඇතැමුන් වපුරන මුසාවාද මතවාද අනුව රාවණා රජුගෙන් පසු එම පරම්පරාව වැළලී ගියේ නැත. එසේම රාවණා පරම්පරාව ශතවර්ෂ බොහෝ ගණනක් ගතවීත් වර්තමානය දක්වාම පැවැත එමින් තිබේ.

    රාවණා පරම්පරාව ගැන කියැවෙන වරිගයා විසින් රචනා කරනු ලැබූ වරිග පූර්ණිකාවට අනුව රාවණා රජ පෙළපත අවසන් වී රාවණාගේ සොයුරු විභීෂණගේ රජ පෙළපතක් එක දිගට පැවැතී නැත.

    උපුටා ගැනීම - http://www.mawbima.lk/55-42612-news-detail.html
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    සිංහලයන් පැවැතෙන්නේ විජයගෙන් නොවේ :Ou


     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,890
    17,954
    113
    Sinhalese probably originate from dogs. Judging by their body odor and lack of manners
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kuveni kapu katimin sitiye. E kiyanne Kuveni ge mother, father, kenek sitiya. e kiyanne, Lankave vadagath sinhala paramparavak sitiya. Vadagath kiwwe, kapu katimin sitiya , e kiyanne vadagath job ekak. Ath wijaya kiyanne mokadha , U indiyaven pituvahal karapu valatthayek. Valattha kama kiwwe , u india valin pituvahal karaala thiyenne, dushakayek nisai. Navatha uge valattha kama vidaha pamin, kuvenita, arala damma.
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    India vala , E davas vala thibuna daduvam method ekak thamai, india valin pituvahal kirima. Knna bonna, Foods boat ekakata puravala, pituvahal karanava. Another example----Sinigama deviyo------Meyath India valin pituvahal karapu , Dadabbarayek, Meya samaga , meyage brothers la 7 denekuth avilla sitiya. Purana kaley , Lankave vadiyen place eka dunnne , INTELLIGENCE valata neve. Vadiyen place eka dunne THUGS latai. A anauva, muntath minissu deviyo kiyanna patan gattha.
     
    • Like
    Reactions: Reebat

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙම ලිපියෙන් අප පෙන්වා දීමට උත්සාහ කළේ රාවණාගෙන් පසු රාජ පරම්පරාව දිගටම රජකම් කළ බවය. ඇතැමුන් වපුරන මුසාවාද මතවාද අනුව රාවණා රජුගෙන් පසු එම පරම්පරාව වැළලී ගියේ නැත. එසේම රාවණා පරම්පරාව ශතවර්ෂ බොහෝ ගණනක් ගතවීත් වර්තමානය දක්වාම පැවැත එමින් තිබේ.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    oka kiyannath deyakda wijaya ekka awe 700i lankawe e weddi 700 ta adu ganakda minissu hitiye or wonder women eke wage kello witharada hitye :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කියන සොන්නයෙක්ට ඕනා දෙයක් කියන්න පුලුවාන් තව ඉස්සරහට කියයි සිරිපාද කන්ද මුදුනට ආව ආදම්ගෙන් තමයි සිංහලු එන්නේ කියල

    ජාන පරික්ෂා කරලා තියෙනව (හා ඉතිං ඒව බොරු නේ)
    එහෙම කලාම සින්හලුන්ගෙයි නැගෙනහිර ඉන්දියනුවන්ගෙයි ගොඩක් සමානයි. විජේ ආවයි කියන්නේ ඒ පැත්තෙන්.

    අනිත් එක තමයි බහුතරයක් ඉන්දියන් උන්ට තියෙන ලක්ෂණ සිතුම් පැතුම් සින්හලුන්ටත් එහෙම්ම තියෙනව :baffled:

    ටහුකන පුර්ණිකා වෙලාවකට රාවණයෙක් ගැන කියනව ටොම්බ පච

    සිංහලු දැන් මාර වෑයමක් දරනවා තමන් 100% කලවන් නොවුන සුවිශේෂි ජාතියක් බව පෙන්නන්න. :rofl:
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    [FONT=&quot]
    images


    සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදිව් වසර 125,000 දක්වා ඈතට දිවයයි. ලංකා‍වේ වයඹදිග හා දිණිකොණදිග ප්‍රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප%දේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත.[/FONT]



    සිංහල යනු

    images



    [FONT=&quot]සිoහලකම හි ආරම්භය ගැන එක එක මත ඇස ගැටී ඇත්තේ ය. මෙයින් වඩා ප්‍රසිද්ධ හා පිලිගත් මතය වන්නේ මහාවoශයේ සදහන් වී ඇති පරිදි බුද්ධපරිණිර්වාණය දින සිදු වු විජය කුමරුගේ ලoකාවට ගොඩ බැසීමත් සමග සිoහලත්වය ආරම්ඹ වූ බවයි.ඉන්පසුව මදුරාපුරයෙන්( දකුණු ඉන්දියාව) හා ඉන්දියාවේ වයඹ දිග සිට පැමිණි ශාක‍ය්‍ය වoශික කුමරුන්ගේන් සිoහල ජාතිය ගොඩ නැගී ඇත.ඉන් පසුව ක්‍රි.පු 3 වන සියවසේ දි සිදු වු මහිනදාගමනයත් එමගින් ලැබුනු බුදුදහම හා කලාශිල්ප මගින් සිoහලත්වය ශක්තිමත් වී ඇත.[/FONT]


    [FONT=&quot]
    z_p11-Heroines.jpg

    [/FONT]


    [FONT=&quot]තවත් මතයක් වන්නේ පණ්ඩුකාභය රජ කාලයේදී විජය රජු දවස සිට පැවති පිරිසත්, ලoකාවේ (එකල හෙලයේ) එතෙක් සිටි යක්ෂ හා නාග ගොත්‍රිකයනුත් එකතු කර පණ්ඩුකාභය රජු විසින් සිoහල ජාතිය ආරම්භ කරන ලද බවයි. (ජැක්සන් මහත්තයාගේ අබා චිත්‍රපටියට මෙම මතය පාදක වී ඇත)[/FONT]


    [FONT=&quot]
    z_p25-Techno.jpg

    [/FONT]


    [FONT=&quot]නලීන් ද සිල්වා මහත්තයා ගෙනෙන නවතම මතයකට අනුව නම් නියම ලෙසම සිoහල ජාතිය බිහි වී ඇත්තේ දුටුගමුණු යුගයේදීය. ගැමුණු කුමාරයා පරාජය කර ඇත්තේ දෙමල රජකු නොව එලාර නම් යක්ෂ ගොත්‍රිකයෙක් ය. කාශ්‍ය්ප රජුන්ගේන් පසුව මුගලන් යුගයේදී මේ කර්තව්‍ය සම්පූර්ණ වී ඇත .කාශ්‍යප රජු මව් පාර්ශවයෙන් යක්ෂ වන අතර මුගලන් කුමරු අතින් ( රකුසු මුගලන්) පරාජය වී ඇත්තේ මේ යක්ෂ ගොත්‍රිකයන් ගේ දේශපාලනයයි. එතුමාට අනුව වර්තමාන වැදි ගොත්‍රිකයන් හා යක්ශ ගොත්‍රිකයන් යනු දෙපිරිසක්ය.[/FONT]


    [FONT=&quot]
    images

    [/FONT]


    [FONT=&quot]එතකොට එල්.ටි.ටි.ඊ න්‍යාචාර්යවරයා උන බාලසිoහම් මහතාට අනුව ක්‍රි.පු 6 වන සියවසේ විජය රජු ලoකාවට පැමිනෙන විට මේරට සිට ඇත්තේ ද්‍රවිඩ ජාතිකයන්ය.ද්‍රවිඩයන්ගේ පාරම්පරික නිජභූමිය , විජය රජුගේන් පැවතෙන සිoහලුන් විසින් පැහැර ගේන ඇත.[/FONT]


    [FONT=&quot]
    images

    [/FONT]


    [FONT=&quot]ක්‍රි.පු. 5 සියවසේ ලියැවී ( කාල සීමාව ගැන එකග තාවයක් නැත) ඇති වාල්මිකී ගේ රාමායනයේ එන රාවාණා රජු හා සිoහලකම ගැනද අදහස් පවතී. රාවණා රජු ද ඉන්දියාවේ සිට ලoකාවට පැමින ලoකාව පාලනය කල රජෙක්ය,නමුත් රාවණා රජු ට පෙර සිටම ලoකාවේ හෙලයන් ( රාක්ශ,යක්ශ, නාග දේව) සිටි බව කියැවේ. බුදුදහම ලoකාවට පැමිනි පසු හෙලයන්ගේ දිවයින වු හෙල ය , සිoහල වු බව කියැවේ.[/FONT]


    [FONT=&quot]
    images

    [/FONT]


    ඉතිහාස මත [FONT=&quot] එසේ තියෙද්දී අපි විද්‍යාත්මක පරීක්ෂණ කිහිපයක් ගැන බලමු
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සිoහලයාගේ ලේ වල ජානමය සම්භන්දතා පිලිබද දැනට කෙරී ඇති විද්‍යාත්මක පරීක්ෂණ කීපයක් [/FONT]

    [FONT=&quot]පලමු වරට සිoහලයාගේ ජානමය සම්භන්දතා ගැන විස්තරාත්මක විද්‍යාත්මක පරීක්ශනයක් කෙරී ඇත්තේ 1961 වසරේදී අර්.එල්.කර්ක් නැමත්තෙකු අතිනි. මෙය සිදු කර ඇත්තේ දකුනු ඉන්දීය හා අග්නිදිග ආසියානු කලාපයේ මිනිසුන්ගේ රුදිරය හා සම්භ්න්දව ඔහු කල පරික්ශන වල ප්‍රතිඵලයක් ලෙසය. ඉන්පසුව ඔහු 1972 වසරේ දී වඩා විස්තරාත්මක ලෙස ලoකාවට විජය කුමරුගේ පැමිණීම ද සම්භන්ද කර ගේන රුදිරයේ ජානමය සම්භන්ද පරීක්ශන වාර්තාවක් ඉදිරිපත් කලා.ඔහුට අනුව සිoහලයින්ගේ ජානමය සම්භන්දතාව වඩා ලoවන්නේ දකුණු ඉන්දීයානු දෙමල, කේරල හා බෙoගාල වැසියන්ටය. මෙහිදී ඔහු ඉන්දියාවේ වයඹ දිග සිට පැමිනි විජය කුමරුගේ වoශකථාව ප්‍රතික්ශේප නොකරන නමුත් ඔහු කියා සිටින්නේ පසු කාලයේ තමින්නාඩුවේන් හා බෙoගාලයේන් පැමිණි සoක්‍රමිකයන්ගේන් සිoහලයාට ලැබුනු ජානමය දායකත්වය ඉතා ප්‍රබල බවයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Kirk, R. L. (1972). The Legend of Prince Vijaya-A Study of Sinhalese Origins. AM. J. PHYS.A NTHRO, 45, 91-100.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]http://onlinelibrary.wiley.com/doi/10.1002/ajpa.1330450112/abstract[/FONT]


    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉන්පසුව වැදගත් වන්නේ එන්. සහා නමැත්තෙකු 1988 දී කරන ලද පරීක්ෂනයි. මේහිදී ඔහු කියා සිටින්නේ වර්ථමානයේ සිoහල ජනතාවත්, දෙමල ජනතාවත් අතර පැහැදිලිව දැක්විය හැකි කිසිදු ජානමය වෙනස්කමක් නොමැති බවයි.තවදුරටත් ඔහු අවධාරනය කර සිටින්නේ විජය කුමරුගේ වoශකථාව සනාථ කිරීමට ජානමය සම්භන්දතාවයක් නැති බවයි. මොහුගේ පරීක්ශණවල තිබෙන ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ මොහු පරීකශනවලට සහභාගී කරගෙන ඇත්තේ සිoගප්පූරුවේ වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිනි නැදැ නොවන, පිරිමි ශ්‍රී ලාoකිකයන් 260 ක් පමණක් වීමය.කෙසේ නමුත් 1989 දී නැවත ඔහු කරන ලද පරීකශන වලින් සිoහල හා බෙන්ගාල වැසියන් අතර සම්භන්දතාවය ඔහු පිලිඅරගේන තිබෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]N.Saha (1988). Blood genetic markers in Sri Lankan populations- reappraisal of the legend of prince Vijaya. American Journal of Physical Anthropology, 76, 217-225.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]http://www.ncbi.nlm.nih.gov/pubmed/3166342[/FONT]


    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉන්පසුව වැදගත් වන්නේ 1995 වසරේදී ගෞතම් කුමාර් ශ්‍රාස්ත්‍රි කරන ලද පරීකශනයයි. මොහුගේ පරීක්ෂන වාර්තාව ට අනුව සිoහල , දේමල ජන්වර්ගයන් දෙකම , පාරම්පරික වැදි ගෝත්‍රිකයන්ට දක්වන ජාන සම්භන්ධතාවය ඉතා දුරස් අතර වැඩි සම්භන්දතාවක් දක්වන්නේ දකුණු ඉනදියානුවන්ටය. තවදුරටත් ඔහු කියා සිටින්නේ සිoහල ජාන බෙoගාලි වැසියන්ට වඩා දකුණු ඉන්දීය වසියන්ට වැඩි සමීපතාවයක් දක්වන බවයි. මොහු කියා සිටින තවත් වැදගත් කථාවක් වනුයේ ලoකාවේ දෙමල ජනයාගේ ජාන වලට වැඩිම සම්දන්ධතවයක් ඇත්තේ දකුණු ඉන්දීය වැසියන්ටත් වඩා සිoහල ජාතිකයන්ගෙන් බවයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Kshatria, G. K. (1995). Genetic Affinities of Sri Lankan Population. 67, 6, 843-866.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]http://www.ncbi.nlm.nih.gov/pubmed/8543296[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] අනුව සිoහලයාගේ ජාන සම්භන්ධතාවය පහත පරිදි වේ.[/FONT]

    [FONT=&quot]ඉන්දීය දෙමල 69.86%[/FONT]
    [FONT=&quot]බෙoගාල 25.41%[/FONT]
    [FONT=&quot]වැදි 4.73%[/FONT]

    [FONT=&quot]තවද ලoකා දෙමලාගේ ජාන සම්භන්දතාවය පහත පරිදි වේ.[/FONT]

    [FONT=&quot]සිoහල 55.20%[/FONT]
    [FONT=&quot]බෙoගාල 28.17%[/FONT]
    [FONT=&quot]ඉන්දියානු දෙමල 16.63%[/FONT]

    [FONT=&quot]අවසාන වශයෙන් පාපියා, මස්ටානා හා ජයසේකර යන අය 1997 දී කරන ලද පරීක්ශනය වැදගත් වේනවා.මොවුන් ශ්‍රි ලාoකිකයන් 508 ක් ගේ රුදිර සාම්පල ඇසුරෙන් තම පරීක්ශනය කර තිබේනවා. මොවුන් ප්‍රකාශ කරන අන්දමට ශ්‍රී ලාoකික දෙමල හා සිoහලයන් අතර සමීප ජාන සම්බන්දතවක් තිබෙන අතර සිoහලයන් හා බෙoගාලි ජාතිකයන් අතරද සමීප සම්භන්දතාවයක් තිබේනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Paphia, S. S., Mastana, S. S., & Jayasekara, R. (1996). Genetic variations in Sri Lanka. Human Biology, 68(5), 707-737.[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අවසාන ලෙස මෙම පරීක්ශන සියල්ලම සැලකීමේදී පෙනී යන්නේ කුමක්ද? සිoහලයා ගේ ආරම්භය කෙසේ සිදුවුවත් වර්තමානය වන විට සිoහලයාත් , දෙමලාත් ජානමය අතින් හොදහැටි මිශ්‍ර වී ඇති බවය. සoස්ක්‍රතිය, භාෂාව හා ආගම යන සියලු අතින් සිoහලයත්, දෙමලාත් බොහෝ වෙනස් ය. නමුත් මේ දෙදෙනා අතර ඇති ලේ නෑ කම නම් මේ දේගොල්ලෝම කැමති උවත් , අකැමති උවත් ප්‍රතික්ශේප කල නොහැකිය. [/FONT]

    [FONT=&quot]සිංහල ප්‍රවේණිය පිළිබද විකිපිඩියාව [/FONT]
    [FONT=&quot]http://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese[/FONT]

    ලිපිමාලාව පිළිබද සියලු ගව්රවය හිමිවිය යුත්තේ :yes:
    [FONT=&quot]http://maiyyagelokaya.blogspot.com/[/FONT]

    සොයා ගත් තවත් කරුනුත් ඇතුළත්කොට [FONT=&quot]මා විසින් සංස්කරණය කරන ලදී;)
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot](ජාතික චින්තන කරුවන් සමහර විට කියන්න ඉඩ තියනවා [/FONT]ඔය [FONT=&quot]බටහිර විද්‍යා අර්ථකථන අපි පිලිගන්නෙ නෑ කියල.:P:P)[/FONT]

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    රාවනා

    ඇත්තටම දැන ගන්න කැමතියි ..................අපේ සිංහල වංශ කතාව ලියල තිබෙන්නේ මහාවංශය කියන එකේ නෙමේද ?
    එතකොට අපිට ඉස්කෝලේ උගන්නල තියෙන්නේ මහාවංශය ගැන ( මේ හුක්කන්නල උගන්නල තියෙන්නේ වැරදි පොත්ද )
    ඔය කියන වරිග පූර්ණිකාව තියෙන්නේ කොහිද ? හොයා ගත්තේ කව්ද ? එතරම් විශිස්ට මනසක් තිබුන ජාතියක් කියලා ලෝකෙට හෙළිදරව් කරන්න වල කපන රටේ සිංහල නායකයා කව්ද ?( විජයගේ නෑ කම් තියන ) ( රනිල්ද,මෛත්රීද ,මහින්දද ,අනුර කුමාරද ?)
    වාල්කිමේගේ කවි පොත බොරු එකක්ද ?.............එකේ රාවනා කව්ද ? ....................අපිට ඇත්ත සොයා ගන්න ඕනේ .
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩේ තියෙන්නේ හැමෝම හිතන් ඉන්නේ උන් බලංගොඩ මානවයාගේ හරි රාවණාගේ හරි ලේ නෑයෝ කියල :baffled: පිටින් කවුරුවත්ම ඇවිත් නෑ බලන් ගියාම