'සිංහලයෙක්‌' යන යෙදුමට විරෝධය

qihansa

Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    'සිංහලයෙක්‌' යන යෙදුමට විරෝධය

    රණබිම මැරුණේ ගීතයෙන් 'සිංහලයෙක්‌' යන යෙදුමට විරෝධය

    පසුගිය සතියේ දිනෙක ජාතික රූපවාහිනී සාකච්ඡාවකදී, මවිසින් ලියන ලද 'රණබිම මැරුණේ සිංහලයකු නම් - පපුවෙයි ලේ සලකුණ ඇත්තේ" යන ගීතය පිළිබඳ විවේචනයක්‌ විය. ඒ ගීතයේ සඳහන් සිංහලයකු නම් යන වචනය ඉවත්කර රණබිම මැරුණේ රණ විරුවකු නම්"' යන අයුරින් වෙනස්‌ කළ යුතු බවත් සඳහන් විය. එම සාකච්ඡාවට එම ගීතය ගායනා කළ චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය සහ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා ඇතුළු තවත් කීපදෙනෙක්‌ම වූහ.

    සිංහලයෙක්‌ යන වචනය නිසා ජාතිවාදී බවක්‌ මතුවන බව ඔවුන්ගේ අදහස වන්නට ඇත.

    එහෙයින් ඒ පිළිබඳ මගේ අදහස හෙළිදරව් කළ යුතු යෑයි සිතමි.

    රණබිම මැරුණු සෙබළුන්ගේ මළ සිරුරුවල පපුවේ ලේ සලකුණක්‌ වෙයි නම් එයින් පළ වන්නේ එම සෙබළා ඉදිරියටම ගොස්‌ සටන් වැදී මියගිය බවය. නොඑසේව ලේ සලකුණ වූයේ පිට පෙදෙසෙහි නම් එහි අදහස සටනින් පැරදී පලා ගිය අසිංහලයකුගේ සිරුරක්‌ බවය. සිංහලයා සටන් බිම අභීතව - නිර්භීතව සටන් වැදුණු කෙනෙකු බව අපේ ඉතිහාසය පුරා සඳහන්ය. ඒ නිසා එදා පැවැති යුද සමයේදී රණ සෙබළුන් දිරිමත් කිරීමේ අදහසින් එම ගීතය රචනා කළ බව සඳහන් කළ යුතුය.

    සිංහල නාමයෙන් පෙනී සිටීමත්, සිංහල තනිවරය යෙදීමත් එක්‌තරා පිරිසකට නොරිස්‌සුම් සහගත ක්‍රියාවක්‌ බව බොහෝ අවස්‌ථාවලදී පැහැදිලි විය. ද්‍රවිඩයාට 'මම දමිළයෙක්‌මි'යි ආඩම්බරයෙන් සඳහන් කිරීමත්, යෝනකයාට 'මම මුස්‌ලිම් ජාතිකයෙක්‌මි'යි සඳහන් කිරීම ඔවුන්ට ආඩම්බරයක්‌ නම් අපට මම සිංහලයෙක්‌මි'යි සඳහන් කිරීමේ වරද කුමක්‌ද?

    අපේ භාෂාව, සංස්‌කෘතිය, ඇඳුම පැවැත්ම යන මේ සියල්ලක්‌ම සිංහල නමත් සමඟ සබඳකමක්‌ ඇත. ලංකාවේ විවිධ ජාතීන් ජීවත්වන බව සැබැවි. එහෙත් සිංහලයාගේ මවුරට මේ ශ්‍රී ලංකාවයි.

    මෙහෙම ගියොත්, මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි යනුවෙන් එදා අයි.එම්.ආර්. ඒ ඊරියගොල්ල මහතා ලියූ කවි පෙළත් මකා දමන්නට වෙයි. විවිධ ගායකයන් විසින් ගායනා කරනු ලබන රණවිරු ගී සියල්ලම වෙනස්‌ කරන්නට වෙයි. සිංහලයාගේ උප්පැන්න සහතිකයේත්, හැඳුනුම්පතේත් සිංහල වචනය යොදන්නට බැරි වෙයි. සිංහලකම යනු ලෝකයේ බොහෝ ජාතීන්ට වඩා පැරණි සංස්‌කෘතියක්‌ ඇති වදනකි.

    සිංහලකමට එන මේ අරියාදුව අද ඊයේ පටන්ගත් එකක්‌ නොවේ. මුලින්ම පාසලින් සිංහල සාහිත්‍යය මරා දැම්මේය.

    ඊළඟට රාජ්‍ය භාෂාව සිංහල යෑයි රටට පවසා රාජ්‍ය කටයුතු සියල්ල පර බසින්ම කරන තැනට පත්විය. සිංහල ගුරුවරයා, සිංහල වෙද මහතා, සිංහල නොතාරිස්‌වරයා පහළ මට්‌ටමට තල්ලු කළේය.

    ගුරුවරුන් වශයෙන් අප පුහුණුව ලබන අවධියේ අපටම ආවේණික වූ තුන්සරණක්‌ විය. ඒ මම ගුරුවරයෙක්‌මි, මම සිංහලයෙක්‌මි, මම බෞද්ධයෙක්‌මි, යන තුන්සරණයයි. ඒ නිසා එදා පාසල වචනාර්ථයෙන්ම සිංහල පාසලක්‌ විය. ඒ ගුරුවරුන්ගෙන් සමාජගත වූ පිරිස ජාති හිතෛෂී පුරවැසියෝ වූහ. ඒ ගුරුවරුන් වෙතින් අපරාධකරුවන් සමාජගත වූයේ නැත. ඉන්දියානු පුරවැසියකුට ඉන්දියන් ජාතිකයකු වශයෙන් පෙනී සිටිය හැකි නම් චීන ජාතිකයාට චීන නමිනුත් ජපානයේ රට වැසියාට ජපන් නමිනුත් පෙනී සිටිය හැකි නම් තුන් සිංහලයේ ජනිත වූවන්ට සිංහල නමින් පෙනී සිටින්නට බැරි ඇයි.

    සිංහලයේ වංශකතාව පූර්ණ වශයෙන් පාසලේ උගන්වන්නේ නැත. හරි ක්‍රමය නම් බාලාංශයේ සිට සරසවිය දක්‌වා ක්‍රමයෙන් දිග හැරෙන වංශකතා පොත් පෙළක්‌ අවශ්‍යය.

    කළු සුද්දන් විසින් සිංහල සමාජය ආක්‍රමණය කරන යුගයක, සිංහලයකු වශයෙන් පෙනී සිටීමට ලැබීම ගැන මම ආඩම්බර වෙමි.

    ආචාර්ය පියසේන රතුවිතාන


    මෙව්වා දෑක්කම අඩෙනවා සින්හලූ........:(:(:(:(:(:(:(:(:(
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕවා මේ පොන්සියෝන්ට කියල වැඩක් නෑ බන්...:no::no::no:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මොන හුයන්නක්ද බන් ඒ? දැන් නම් එන්න එන්න වැඩේ කෙල වේගෙන වගේ යන්නේ
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    මෙහෙම ගියොත්, මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි යනුවෙන් එදා අයි.එම්.ආර්. ඒ ඊරියගොල්ල මහතා ලියූ කවි පෙළත් මකා දමන්නට වෙයි. විවිධ ගායකයන් විසින් ගායනා කරනු ලබන රණවිරු ගී සියල්ලම වෙනස්‌ කරන්නට වෙයි. සිංහලයාගේ උප්පැන්න සහතිකයේත්, හැඳුනුම්පතේත් සිංහල වචනය යොදන්නට බැරි වෙයි.

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    මොන හුයන්නක්ද බන් ඒ? දැන් නම් එන්න එන්න වැඩේ කෙල වේගෙන වගේ යන්නේ
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අනෙ අම්මපා මුන් කතාකරන්නෙ කටින්ද එහෙම නෑතිනම් වෙන මොහොකින්ද කියලා? ගහපන් පුතා වෑල යන පෑත්තට මෑස්ස.
    :angry::angry::angry:
     

    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    මේ සිංහල අපගෙ රටයි.. අපි ඉපදෙන මැරෙන රටයි. :yes:
    නොබියව ඕන දේකට මූණ දෙමු මචන්..සිඞඟල කට්ටිය එකතු වුණොත් විතරයි කරන්න පුළුවන්. මේ ඔක්කොම වෙන්නේ අපේ එකමුතු කමක් නැති නිසා....අපි එකමුතු වෙමු !
    Flag_of_the_Sabaragamuwa_Province_(Sri_Lanka).PNG
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    mekai seen eka. hu an pi ekata sinhala chanda ne. hebei tiyena wedi chanda pramanaya demala, and thambi. itin e tika beraganna hadana widiha tama oya. kalin sere methiwarane dinala inna un balapan. wedi pramanayak demala ho thambi. wedima manapa gatta un atarath ehemai.
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මේ තරම් සිංහලයට කෙනෙහිලිකම් පටන් ගත්තෙ ජනවාරි 8 වෙනිදයින් පස්සෙ කියල කට්ටියටම මතක ඇති. කමක් නැහැ කොත්තමල්ලි අඩු කලානෙ. මොනව වුනත් දෙමල සහ මුස්ලිම් චන්ද ටික බේර ගන්න තව තව දේවල් ඉස්සරහට වෙයි.