1) ලංකාවේ ප්‍රසිද්දම නම් ටික පෘතුගීසි - Perera, Fernando, De Silva, Silva, Fonseka, Dias, Rodrigo, Almeda, etc.
2) බයිලා සංගීතය - ලංකාවේ තියෙන කට්ටිය සෙට් වුන වෙලාවක, ට්‍රිප් ගිය වෙලාවක, නටන්න ඕන වුනාම, ඕන වෙලාවක බජව්වක් දැම්මම කියන බයිලා සංගීතය කෙලින්ම පෘතුගීසින්ගෙන් ආපු එකක්.
3) ලංකාවේ අද ගොඩක් ප්‍රසිද්ධ කෑම ජාති පෘතුගීසින්ගෙන් ආපු ඒවා - පාන් (පාන් කියන නමම කෙලින්ම පෘතුගීසි බාෂාවෙන් ආපු එකක් ), බනිස්, සමහර කේක් ජාති, හැමෝම කන කැරමල් පුඩින්, ඔය ඔක්කොම මුලින්ම මෙහෙට ගෙනාවේ උන්.
4) බේබදුකම - ඔය අරක්කු ජාති වැඩිපුර ලංකාවේ උන් බොන්න පුරුදු වුනේ මේ කාලේ. අද ලංකාවේ පාටියකදී, මගුලකදී, මරනෙකදී බොන එක කට්ටියගේ සංස්කෘතිය වෙලා. අරක්කු/බේබදු කියන නමුත් කෙලින්ම පෘතුගීසි බාෂාවේ වචන
5) මිරිස් දාන කෑම - උඹලා අහලා ඇති නේ ලංකාව ඒ කාලේ ඉඳන්ම ගම්මිරිස් වෙළඳාමේ හිටියා කියලා රජ කාලේ ඉඳන්. හැබැයි මිරිස් ගැන අහලා තියෙනවද? නැහැ නේද? මිරිස් කියන වර්ග දකුණු ඇමරිකාවට ආවේනික ශාකයක්. පෘතුගීසින් හින්ද තමයි ආසියාවට අප්‍රිකාවට මිරිස් වර්ග ගියේ 1500 ගණන්වල. අද වෙනකොට මිරිස් බාවිතයේ උපරිමේටම ගියපු ජාතියක් තමයි සිංහලු. මිරිස් නැතුව සිංහලුන්ට කන්නවත් බැහැ නේ දැන්.
අඩුම තරමේ ලුණු මිරිසක්, පොල් සම්බෝලයක් වත් කන්න වෙන්නේ නැහැ මිරිස් නැතුව.
6) පලතුරු එළවලු ජාති - අන්නාසි, අලි පේර, පැපොල්, බඩ ඉරිඟු, බතල, තක්කාලි, මන්නොක්ක, දෙල්, වගේ ගොඩක් දේවල් දකුණු ඇමරිකාවෙන් ලංකාවට එන්නේ පෘතුගීසි හරහා
7) ගෘහ නිර්මාණ ශිල්පය -
මැද මිදුලක්, ඉස්තෝප්පුවක්, සොල්දරයක් එක්ක හදන පරණ ගෙවල්, වලවූ එහෙම ඔක්කොම පෘතුගීසි ගෘහ නිර්මාණ ශිල්පය. ඉස්තෝප්පුව, සාලය, සොල්දරය කියන වචනත් කෙලින්ම පෘතුගීසි වචන.
සිංහල උළු කියන ඒවා දැකලා ඇති නේ? ඔය සිංහල උළු කියන එකත් ආවේ පෘතුගීසින්ගෙන් තමයි.
"Portuguese traditional roofing tiles" කියල Google කරාම කෙලින්ම සිංහල උළු එන්නේ.
8) සිංහලුන්ගේ ඇඳුම් - විශේෂයෙන් ලංකාවේ ගෑනු අය අඳින ස්කර්ට් බ්ලවුස් එහෙම මුලින් ආවේ පෘතුගීසි කාලේ. කලාපේ වෙන රටවල ස්කර්ට් බ්ලවුස් ඇන්දිල්ල පට්ටම අඩුයි වෙන පෘතුගීසි ආබශය තිබ්බ ගෝවේ වගේ පැති ඇරෙන්න.
9) සිංහල බාශාවේ එදිනෙදා දේවල් වලට බාවිතා කරන ගොඩක් වචන පෘතුගීසි බාෂාවේ වචන.
හෝරාව, ගොරෝසු, කජු, කබාය, කරත්තය, නෝනා, පෙනේරය, පින්තූරය, පෝරණුව, රෝදය, සේද, සිදාදිය, සපත්තුව, තැබෑරුම, තාප්පය, විනාකිරි, තුවාය, වළ, වීදුරුව, තොප්පිය, මේස්, කුස්සිය, කසාදය, ජනේලය, බංකුව, බංකලොත්, අල්මාරිය, ඇබෑර්තුව, වගේ සිංහල වචන කියල හිතාගෙන එදිනෙදා නිතර පාවිච්චි වෙන වචන 100 ගානක් පෘතුගීසි වචන.
https://en.wikipedia.org/wiki/List_of_Sinhala_words_of_Portuguese_origin
මුන් හොඳයි කියනවා නෙමෙයි. පට්ට විනාශයක් කරා. හැබැයි අපි නොදැනුවත්වම මුන්ගේ දේවල් තමයි අපේ කරගෙන තියෙන්නේ දැන්. මුන්ගේ බලපෑම තිබ්බේ නැත්තන් අද සිංහලුන්ගේ සංස්කෘතිය තනිකරම වෙනස් වෙන්න තිබ්බා.

Last edited: