ලංකාවට විතරක් නෙමයි සාමාන්‍යෙන් ඕනම ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් බඩුවක කොලිටි කන්ට්‍රෝල් එක තීරනය කරන්නෙ ටාගට් කරන මාකට් එක අනුව. ඉඳල හිටලා සමහර බ්‍රෑන්ඩ් තියනවා හැම මාකට් එකකටම එකම කොලිටියෙ බඩු හදන
උදා හරන විදියට ගත්තම
Apple products වල රීජන් වලට වෙනම කොලිටි නැහැ, තව Milwaukee/Makita/Hilti වගේ බ්‍රෑන්ඩ් වලත් එහෙම වෙනස් කොලිටි නැහැ
හැබැයි ගොඩක්ම ලැප්ටොප්, ෆෝන්, ටීවි, මොනිටර් වගේ ඒව විකුනන මාකට එක අනුව කොලිටිය වෙනස්.
පවර් ටූල් එහෙම ගත්තම Stanley/Bosch වගේ ඒවත් ලංකාවෙ ඉන්දියාවෙ තියෙන්නෙ මෙලෝ රහක් නැති ඒව, හැබැයි EU/US මාකට වල තියන බඩු සෑහෙන කොලිටි, මෙහෙ තියන ඒව එක්ක කම්පෙයා කරන්නවත් බැහැ ඒව.
මගේ ලඟ තියෙන්න සැම්සුන්ග් ටීවී එකක් ඒක ඔෆර් එකක් කියලා මෙහෙ ඔන්ලයින් ශොප් එකකින් ගත්තෙ ගොඩක් අඩුවට ඒක middle east වලින් ගෙනත් මෙහෙ විකුනපු එකක් ඩිෆෝල්ට් ලැන්ග්වේජ් එක පවා මොකක් හරි එහෙ එකක් තියෙන්නෙ මැනුවල් එහෙමත් සේරම එහෙමයි. ඒ මොඩල් එකම අන්තිම අකුරු දෙක විතරක් වෙනස් මොඩල් එකක් ඒ කාලෙ දම්රෝ එකේ තිබුනා එකත් එක්ක බැලුවම මගේ ලඟ තියන එක කොලිටිය ගොඩක් වෙනස්. දම්රෝ එකේ තියන ටීවි එක ප්ලාස්ටික් ලුක් එකක් තියන මොඩල් එකක්. ඒත් මගේ ලඟ තියන එක පිටිපස්ස සම්පූර්නයෙන්ම වගේ මෙටල් වලින් හදලා තියෙන්නෙ. චීප් ප්ලාස්ටික් ලුක් එකක් කොහොමවත් නැහැ. රිමෝට් එක උනත් කොලිටිය සහ අකුරු එහෙම ප්‍රින්ට් කරලා තියන ඒව මෙහෙ තියන ඒවට වඩා කොලිටියට තියනවා.