සිංහලෙන් කොටන මචංලා පොඩි සපෝට් එකක් දෙන්&#3505

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    සිංහලෙන් කොටන මචංලා පොඩි සපෝට් එකක් දෙන්&#3505

    මචංලා, මචීලා, පොඩි උදව්වක් ගන්නයි මේ හදන්නෙ..


    හරිම වටින දේකට..
    ඔයාල සමහරවිට දන්නව ඇති Open MRS කියල විවෘත කේත ආරෝගයශාලා කලමණාකරණ පද්ධතියක් ගැන.


    Open MRS - Free health for Life..




    ඉතිං මගෙ අයිඩියා එකක් තීනව ඒ සිස්ටම් එක Localization කියන දේ පදනම් කරගෙන සම්පූර්ණ සිංහල සංස්කරණයක් සකස් කරන්න.. ඇත්තටම ඒ දේ එච්චරම ලොකු වැඩකුත් නැහැ.. නිකම්ම ඉංග්‍රීසි බසින් තියෙන දේවල් ටික සිංහලයට ගැලෙපෙන පරිදි හරවන්නයි තීන්නෙ.. මෙන්න මේ වගේ..

    උදා: Patient Registration=රෝගීන් ලියාපදිංචි කිරීම

    හරිම පොඩි වැඩක් නේද තීන්නෙ. වැඩේ තින්නෙ මේ සිස්ටම් එකෙ ආසන්න වශයෙන් වචන/වගන්ති 2600 ක් පමණ අන්තර්ගතයි.. ඒක නිසා මේ දේ මට තනියම කරන්න පුලුවන් දෙයක් නම් නෙවෙයි.. අපි හැමෝම එකතු වෙලා වචන 50, 50 බෙදාගෙන සතියක් විතර කරොත් නම් ලේසියෙන්ම කරගන්න පුලුවන් වෙයි කියල හිතනව. සිංහලෙන් කොටන්න කැමති යාලුවො මට උදව් කරන්න.. ලොකු දෙයක්..
    සිංහලෙන් කොටන්න හරියට දන්නෙ නැති ඒත් උදව් කරන්න කැමති නම් ඒත් කමක් නැහැ. පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් දාගත්තම හරි ඒකට.

    අමතක කරන්නෙපා මේක තමයි ලෝකෙ දැනට තීන ලොකුම සහ සාර්ථකම අරෝගයශාලා කලමණාකරණ පද්ධතිය බව. කවදහරි දවසක මේකෙ සිංහල සංස්කරණය එලිදක්වද්දි ඔයාටත් සංතෝස වෙන්න පුලුවන් මාත් මේකට සම්මාදම් උනා කියල..


    තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ වෙලා ඉන්න නොඉන්න, සිංහල දන්නා සිංහලෙන් කොටන්න පුලුවන් අපෙ යාලුවො මේ පුංචි Open Source වැඩේට සම්බන්ධ වෙන්න කියල ආරාධනා කරනව.

    ඔයාගෙ වටිනා කාලය චුට්ටක් හරි වියදම් කරල මේ වැඩේට සම්මාදම් වෙනවනම් ගොඩාක් ස්තූතියි.

    මේ වැඩේට සම්බන්ධ වෙන්න ඔයත් කැමති නම් වැඩි විස්තර සදහා කියවන්න.

    http://www.harshadura.net/2012/01/open-mrs.html
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null

    matath ewapan mamath karala dennam

    MAN GANE PUMP

    ගොඩක් ස්තූතියි මචංලා උදව් කරන්න ඉදිරිපත් වීම ගැන.
    ඔයාලට දැන් උනත් වැඩේ පටන් ගන්න පුලුවන් හැකි තරම් උදව් කරන්න.
    මේ Document එකෙහි ලියන්න කලින් ප්‍රථමයෙන් මෙහි ලිවිමේදී පිලිපැදිය යුතු නීති රීති අඩංගු වන මේ පෝස්ට් එක මුලින් කියවන්න අමතක කරන්නෙපා.

    ඔයාගෙ වටිනා කාලය වියදම් කරල මේ වැඩේට සම්මාදම් උනාට ගොඩාක් ස්තූතියි.
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    ඕවත් වැඩද? දීපන් ඔක්කොම ටයිප් සෙටින් කරල දෙන්නම් සතියෙන්. (ඕපන් සෝස් නිසයි හොදේ)......

    තෑන්ස් මචෝ ගොඩක් ස්තූතියි ඔයාගෙ ඔෆර් එකට..
    තනියෙම කරන්න අමාරු වෙයි මචෝ.. 2600ක් තීනවනෙ..
    අර සයිට් එකට ගිහින් නීති රිති ටික දැනගෙන පුලුවන් තරම් දායක වෙන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තෑන්ස් මචෝ ගොඩක් ස්තූතියි ඔයාගෙ ඔෆර් එකට..
    තනියෙම කරන්න අමාරු වෙයි මචෝ.. 2600ක් තීනවනෙ..
    අර සයිට් එකට ගිහින් නීති රිති ටික දැනගෙන පුලුවන් තරම් දායක වෙන්න

    උඹ එහෙම හිතනවනම් මොනව කරන්නද? සිංහල ටයිපින් රිලේටඩ් ජොබක් කරන නිසයි කිව්වෙ.....
    අවුලක් නෑ බලමු බලමු බෙදා හදාගෙන කරමු........
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null

    උඹ එහෙම හිතනවනම් මොනව කරන්නද? සිංහල ටයිපින් රිලේටඩ් ජොබක් කරන නිසයි කිව්වෙ.....
    අවුලක් නෑ බලමු බලමු බෙදා හදාගෙන කරමු........


    adow are you serious machan..thx mama ubata PM karannam ehenam

    bump
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බම්ප් තමයි ඉතින්…
    chathupatiya01.jpg
    20694550.jpg