සිංහලෙන් ටයිප් කරන හැටි

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
සිංහලෙන් ටයිප් කරන හැටි

සිංහලෙන් ටයිප් කරන හැටි

අද මම කියල දන්නා යන දේ ඔයගොල්ලන්ට අලුත් දෙයක් නවෙය්.. දැනටමත් එළකිරි එකේ සිංග්ලිෂ් ගොඩක් කටිඉය පාවිචි කරනවනේ.... :dull::dull::dull:එත් දන්නැති කෂ්ටියට මේක ප්‍රයෝජන වය කියල හිතෙනවා... දන්නා අයත් කියවල චොම්මෙන්ට් එකක් දාල ගියාට කමක් නැ.. රේප් දුන්න කියල මම තරහ ගන්නෙත් නැ... :P:P:P:P:P


සිංහලෙන් බ්ලොග් අඩවියක් අරඹන්නට අවශ්‍ය වෙන එකම දැනුම සිංහලෙන් ටයිප් කිරීමේ දැනුම විතරයි කියලා කියන්න පුලුවන්. ඒත් මේකත් ඉගෙන ගන්න අමාරු දෙයක් නෙමෙයි වගේම ටයිප් කරන්න ක්‍රම කීපයක්ම තියෙනවා. ඔබට පහසු ක්‍රමයක් පාවිච්චි කරන්න පුලුවන්. මේ ක්‍රම එකින් එක අපි විමසා බලමු.:confused::confused::confused::confused:
සම්මත විජේසේකර යතුරුපුවරුව භාවිත කිරීම


සිංහල යතුරු ලිවීම සඳහා තියෙන සම්මත යතුරු පුවරුව තමයි විජේසේකර නමින් හඳුන්වන්නේ. ඔබ සිංහල ටයිප්රයිටර දැක ඇත්නම් එහි අකුරු පිහිටන ආකාරය තමයි මෙම විජේසේකර සම්මතය. නමුත් ටයිප්රයිටරයේ ඇති පුවරුව 2004 දී මදක් වෙනස් කර යුනිකෝඩ් වලට සම්මත ක්‍රමයක් සකසනු ලැබුවා. දැන් භාවිත වන විජේසේකර යතුරුපුවරුව එයයි.

අනෙක් ප්‍රධාන වාසිය නම් මෙය සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කිරීමේදී ඒ සමගම ලැබීම. විජේසේකර යතුරුපුවරුව භාවිත කිරීමට වෙනත් බාහිර ප්‍රෝග්‍රෑම් කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කල පසු ඔබේ System Tray එක අසල "EN" යනුවෙන් දකින්නට ලැබෙනවා ඇති. (මෙය නොපෙනේ නම් Language Bar එක දිස්වීමට සකසා ගන්න) එය මත ක්ලික් කිරීමෙන් ලැබෙන ලයිස්තුවෙන් "SI" තෝරා ටයිප් කිරීමෙන් සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන්න පුලුවන්.

යතුරු පුවරුවේ සැකැස්ම බලා ගැනීමට මෙම pdf ගොනුව බලන්න.
සිංග්ලිෂ් යතුරු පුවරු


සිංග්ලිෂ් කියන්නේ ඔබ සියලු දෙනාට ආගන්තුක දෙයක් වන්නට බැහැ. SMS එකක් යැවීමේදී අප සියලු දෙනා එය භාවිතා කරනවා. උදාහරණයක් විදියට "මට බඩගිනියි" කියලා අපි ලියනවා "mata badaginiy" කියලා. මෙහෙම සිංග්ලිෂ් වලින් ටයිප් කර එය සිංහල යුනිකෝඩ් බවට හරවාගතහැකි ක්‍රම තිබෙනවා. ඉන් කීපයක් විමසා බලමු.
Garp Singlish යතුරුපුවරුවපරිගණකයේ ඕනෑම අකුරු ටයිප් කරන ස්ථානයකදී සිංග්ලිෂ් වලින් ටයිප් කර එය එසැනින් සිංහල යුනිකෝඩ් වලට හරවා ගත හැකි මෘදුකාංගයක් තමයි Garp. මෙය Keyman වැඩසටහන සඳහා extension එකක්. මෙය රු. 2000/= ක් පමණ මුදලකට මෙම අඩවියෙන් මිලදී ගත හැකියි.සිංග්‍රීසිසිංග්ලිෂ් වලින් ටයිප් කර සිංහල යුනිකෝඩ් ලබාගත හැකි කුඩා මෘදුකාංගයක් වන මෙය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙකු වන තමීර සේනානායක මහතාගේ නිර්මාණයක්. එය ලබාගැනීමට මේ අඩවියට පිවිසෙන්න http://singreesi.vndv.comSinglish Sinhala TypeWriterමෙය සිංහල යුනිකෝඩ් යෙදා සැකසූ විශේෂ වදන් සකසනයක් (word processor). එය පිලිබඳ වැඩි විස්තර ලබා ගැනීමටත්, එය බාගත කර ගැනීමටත් එහි ගූග්ල් සමූහය වෙත පිවිසෙන්න. http://groups.google.com/group/singlish-typewriterUCSC සිංග්ලිෂ් එසැනින් පරිවර්තකකොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය (UCSC) විසින් නිපදවන ලද මෙම යතුරු පුවරු වල ඇති විශේෂත්වය නම් ඒවා අන්තර්ජාලයේ වෙබ් අඩවියකම තිබීමයි (online). ඒ නිසා ඔබට ඕනෑම තැනකදී එය පාවිච්චි කරන්නට හැකියාව තිබෙනවා. සිංග්ලිෂ් ලිවීමේ සුලු වෙනස්කම් සහිත පද්ධති දෙකක් ඇති අතර ඔබට ගැලපෙන එක තෝරාගෙන එය භාවිත කල හැකියි.
SinGlish transliterated –> Sinhala Unicode

SinGlish (Phonetic) transliterated –> Sinhala Unicode
තිරය මත (On Screen) යතුරු පුවරු


මෙම යතුරු පුවරු වලින් ටයිප් කිරීමට ඇඟිලි භාවිත කල යුතු නැති අතර එක එක අකුරු වලට අදාල බොත්තම් මවුස් එකෙන් ක්ලික් කර යුනිකෝඩ් අකුරු ලබාගත හැකියි. මෙය තරමක් කරදරකාරී ක්‍රමයක් වුවත් කිසිදු ක්‍රමයක් භාවිතයට ගත නොහැකි හදිස්සියකදී ප්‍රයෝජනවත් යමක්. UCSC මගින් නිපදවූ තිරය මත යතුරු පුවරුව මෙම යොමුවෙන් ලබාගත හැකි අතර, ඔබේ වෙබ් අඩවියට හෝ iGoogle පිටුවට එකතු කල හැකි Google Widget එක මෙම යොමුවෙන් ලබාගත හැකියි.


:yes::yes::yes::yes::yes::yes:
 

chathudscp

Member
Jun 27, 2007
225
70
0
42
Polgasowita, Colombo, Sri Lanka
උත්සාහය අගය කරනවා සහෝ... අපි කරන්න ඕනේ මේ වගේ වැඩ තමා. සිංහල අපේ රටේ භාෂාව වුනාට ගොඩක් දෙනෙක් තාම වැඩ කරන්නේ සිංහලනේ නෙවේ. ඒකට හේතුව නොදැන්වත්කම තමා. මේ වගේ උත්සාහයන් වලින් ගොඩක් දෙනෙක්ට සේවයක් වෙන්නේ... ජයවේවා !!!
 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
උත්සාහය අගය කරනවා සහෝ... අපි කරන්න ඕනේ මේ වගේ වැඩ තමා. සිංහල අපේ රටේ භාෂාව වුනාට ගොඩක් දෙනෙක් තාම වැඩ කරන්නේ සිංහලනේ නෙවේ. ඒකට හේතුව නොදැන්වත්කම තමා. මේ වගේ උත්සාහයන් වලින් ගොඩක් දෙනෙක්ට සේවයක් වෙන්නේ... ජයවේවා !!!

:cool::cool:
 

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Machan oyita wada lesiyi Realtime Singlish software eka use karana eka. Eka phonetic. Try karala balanna. English type karana wegenma type karanna puluwan.