සිංහලෙන් Binary Options Trading ගැන හැමදෙයක්ම...

lakshanraja

Member
Nov 13, 2013
24
7
3
Colombo
සිංහලෙන් Binary Options Trading ගැන හැමදෙයක්ම...

ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න උනන්දු ඕනේම කෙනෙක් මේ වෙනකොට අඩුම ගානේ Binary Options Trading ගැන Google ඇඩ් එකක්වත් දැකලා ඇති. උඹලා කවදා හරි හිතලා තියෙනවාද මේ මොන මඟුලක් ගැනද කතා කරන්නේ කියලා.

ඒ ගැන තමයි මේ නූල අදින්න යන්නේ. දැනටමත් Forex කරන එවුන්ටත්, Forex කරන්න ගිහින් ඇණගෙන මගදී නවත්තපු එවුන්ටත් මේ නූල ගොඩක් වැදගත් වෙයි. පුළුවන් නම් මේක දිගටම ඇදන් යන්න sup එකක් දීපන්.

Binary Options Trading කියන්නේ Forex Trading වලම පොඩි සිම්පල් වර්ෂන් එකක්.
Forex කරන තරම් කට්ට කන්නේ නැතුව ගොඩ දාගන්න පුළුවන් සීන් එකක්.
හැබැයි ඒ දැනගෙන කරොත්.
මොකුත්ම නොදැන හරි, බාගෙට දැනගෙන හරි මේක කරන්න ගියොත් නම් ඉතින් බඩුම තමයි
.

කාලයත් එක්ක Market එකේ Stocks, Currencies, Commodities හෝ Indices වල Price වල ඉහළ/පහළ යාම් වලින් හොඳට Profit කරන්න පුළුවන් (Loss වෙන්නත් පුළුවන් ;) ) Trading ක්‍රමයක් තමයි Binary Options Trading කියන්නේ. මේකෙදි උඹේ market analysis method එක පාවිච්චි කරලා නුදුරු අනාගතයේදී උඹ trade කරන asset එකේ මිල වැඩි වෙනවද? අඩු වෙනවද කියලා හිතලා සරල පියවර කීපයකින් trade එක දාන්නයි තියෙන්නේ.

තව පැයකින්... EUR/USD වල price එක දැන් තියෙන price එකට වඩා වැඩි වෙනවා කියලා උඹ හිතනවා නම් Binary Options Trading වලදී මේ Trade Idea එකේ ආයෝජනයෙන් පැයක් ඇතුලත උඹ යට කරන මුදලට 80%ට වැඩි Return එකක් ගන්න පුළුවන්. හොඳම සීන් එක දැන් price එකට වඩා තව පැයකින් තියෙන Price එක Pip එකකින් හරි වැඩි වුණත් උඹට මේ Return එක ලැබෙනවා.

මේ කතාව උදාහරණයකින් කිව්වොත්,

උඹ Broker Account එකක් ඇරලා Gold Trade එකකට $20ක් ආයෝජනය කරන්න plan කරනවා.
යම් සලකන ලද කාලපරාසයක් තුල (ඊළඟ විනාඩි 15 කියමුකෝ) Gold Price එක Up ද Down ද වෙන්නේ කියලා උඹ තීරණය කරන්නට ඕනෑ.
උඹ හිතනවා නම් ඊළඟ විනාඩි 15 තුල Gold Price එක දැනට වඩා වැඩි වෙනවා කියලා. එතකොට උඹ "Buy" Trade එකක් (Call Option එකක්) දානවා..
call.png
විනාඩි 15කට පස්සේ උඹේ තීරණය හරි නම් ඒ වෙලාවෙම උඹේ ගිණුමට $36ක් බැර වෙනවා. (In the Money) හැබැයි Price එක Down වෙලා තිබුණොත් උඹට සත පහක් වත් ලැබෙන්නේ නැහැ. (Out-of-the-Money)

ඕකෙම අනිත් පැත්ත ගත්තොත්.

උඹ හිතනවා නම් ඊළඟ විනාඩි 15 තුල Gold Price එක දැනට වඩා අඩු වෙනවා කියලා. එතකොට උඹ "Sell" Trade එකක් (Put Option එකක්) දානවා.
put.png
විනාඩි 15කට පස්සේ උඹේ තීරණය හරි නම් ඒ වෙලාවෙම උඹේ ගිණුමට $36ක් බැර වෙනවා. (In the Money) හැබැයි Price එක Up වෙලා තිබුණොත් උඹට සත පහක් වත් ලැබෙන්නේ නැහැ. (Out-of-the-Money)

මේ ටික කියවනකොට නිතර අහලා පුරුදු නැති වචන ටිකක් ඇහෙන්න ඇති. Binary Options වලදී පාවිච්චි කරන වචන ගැන ඊළඟ Post එකෙන් කියන්නම්.

සලකලා පලයව් ඉතින්.
 
Last edited:

lakshanraja

Member
Nov 13, 2013
24
7
3
Colombo
Binary Options වලදී අපි පාවිච්චි කරන වචන

Binary Options
හැම තිස්සෙම asset එකක මිල ඉහළ යාම, නැතිනම් මිල පහළ යාම යන අවස්ථා 2 විතරක් තියෙන නිසා තමයි Binary Options වලට "Binary" කියන නම පාවිච්චි කරන්නේ.

Strike Price එක
Put / Call Options වලදී නම් උඹ Trade එක දානකොට තියෙන market price එකට තමයි Strike Price කියන්නේ.

Call Options
මොකක් හරි asset එකකට price එක වැඩි වෙයි කියලා හිතනවා නම් දාන්න ඕනේ Call Options. ඒක හරියට ම අනිත් market එකකට long trade එකක් දානවා වගේ. සරලව කිව්වොත් buy කරනවා වගේ. Call option එකක් ගත්තට පස්සේ Expiry එක වෙලාවට තියෙන Market Price එක Strike Price එකට වඩා වැඩි නම් උඹ ගොඩ.

Put Options
අරකෙම අනිත් පැත්ත.

මොකක් හරි asset එකකට price එක අඩු වෙයි කියලා හිතනවා නම් දාන්න ඕනේ Put Options. ඒක හරියට ම අනිත් market එකක short trade එකක් දානවා වගේ. සරලව කිව්වොත් sell කරනවා වගේ වැඩක්. Put option එකක් ගත්තට පස්සේ Expiry එක වෙලාවට තියෙන Market Price එක Strike Price එකට වඩා අඩු නම් උඹ ගොඩ.

Underlying Asset / Trading Instruments
Market එකේ trade වෙන යම්කිසි මුල්‍යමය වටිනාකමක් තියෙන දේවල් වලට තමයි Underlying Assets කියන්නේ. මෙතනදී Underlying කියන වචනය භාවිතා වෙන්නේ ඇත්තටම අපි අදාළ asset එක මිලදී නොගන්නා නිසයි. මුල්‍ය වෙළඳපළේ අපි trade කරන්නේ අදාළ asset එකේ වටිනාකමට අනුරූප වටිනාකමක් තියෙන contracts.

Market එකේ trade කරන ජනප්‍රියම Underlying Assets වර්ග තමයි Stocks, Currencies, Indices, Commodities.

Premium එක :
Premium එක කියන්නේ එක Trade එකකට උඹ Risk කරන්න බලාපොරොත්තු වෙන මුදල. ඒ කියන්නේ උඹට loss වෙන්න පුළුවන් උපරිම මුදල තමයි මේ Premium එක.

උඹ මොකක් හරි Asset එකකට Trade එකක් දාන්න කලින් එක Trade එකකට කොච්චරක් යට කරනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. Binary Option වලදී උඹේ Premium එක තීරණය කරන එක තනිකරම තියෙන්නේ උබේ අතේ. මම නම් කියන්නේ කොහොමටවත් එක trade එකකට උඹේ Capital එකෙන් 5%කට වඩා risk කරන්න එපා කියලයි. ඒ ගැන අපි පස්සේ කතා කරමු.

PayOut % එක. :
මේක තීරණය කරන්නේ උඹේ Broker. ඒ වෙලාවේ, ඒ asset එකට, කොච්චර Payout එකක් දෙනවද කියන එක තමයි Payout % එකෙන් කියන්නේ.

සමහර brokerලගේ payout වැඩියි. සමහරුන්ගේ අඩුයි. සාමාන්‍යයෙන් 80%-85%ක් විතර වෙනවා. payout වැඩි නම් අන්තිමේදී අපිට ලැබෙන return එකත් වැඩියි. හැබැයි ඔය කොයි කාගේත් PayOut % එක උඹ trade කරන asset එකේ expiry period එක අඩු වෙද්දී ලොවෙත් අඩු වෙනවා. එතකොට ඕක 65%-70%ට බහිනවා.

Expiry Time එක
දැන් හිතපන් stock market එක. එකේ මොකක් හරි company එකක shares ටිකක් ගත්තොත් උඹත් තියාගෙන ඉඳලා දවසක උඹේ පොඩි එකෙකුට වුණත් දෙන්න පුළුවන් නේ. (හැබැයි solid company එකක් වෙන්න ඕනේ) Company එක බංකොලොත් වුණේ නැතිනම් පරම්පරා ගානක් වුනත් ගත්ත කොටස් තියාගන්න පුළුවන් වුනාට binary options වලදී එහෙම නැහැ. හැම trade එකටම Expiry Time එකක් තියෙනවා. ඒක සති ගානක, දවස් ගානක ඉඳන් තත්පර 30 ක් වගේ වෙනකල් තියෙනවා.
Expire වෙද්දී උඹ in-the-money නම් උඹට Payout එක ලැබෙනවා.
Expire වෙද්දී උඹ Out-of-the Money නම් උඹට සත පහක් වත් ලැබෙන්නේ නෑ.

In-the-money
Call Option එකකදී Expiry එක වෙලාවේදී market price එක strike price එකට වඩා වැඩි නම් උඹ In-the-money. ඒ කියන්නේ උඹ ගොඩ. උඹේ trade එක profitable.

Out-of-the-money
Call Option එකකදී Expiry එක වෙලාවේදී market price එක strike price එකට අඩු නම් උඹ Out-of-the-money. ඒ කියන්නේ උඹ වලේ. උඹේ trade එක ලොස්.

On-the-money
මේක පට්ට සීන් එකක්. බැරි වෙලාවත් Expiry එක වෙලාවේදී market price එක strike price එකට සාමාන නම් උඹ risk කරපු ගාන අපහු උඹට ලැබෙනවා.

තව වචන ගැන ප්‍රශ්න තියෙනවා නම් අහපන්. Forex ද Binary Options ද වඩා හොඳ කියලා බලන්න හෙටත් වරෙල්ලා.
 

lakshanraja

Member
Nov 13, 2013
24
7
3
Colombo
ube broker kawda ??

Forex, Markets, Trading කිව්වොත් උඹ කොහෙන් හරි set වෙනවාමයි නේ. ;)
එළ එළ.

අපොයි Brokersලා නම් list එකක්ම ඉන්නවා මචෝ.
PM එකක් දැම්මා.

Brokersලා වැඩි ගානක් පාවිච්චි කරන එකත් risk management strategy එකක් නේ. ;)

salakanna belu.. elaga dawase salakannam
keep update machan :)
bump
keep going
බම්ප් එකක් දාල සෙට් උනා
නියමයි

එළ ඈ!
බලමු දිගට ඇදන් යන්න.

ජයවේවා!
 
Last edited:

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    forex valata vada binary option risk eka hodatama vadi ekai awla pip0.001 unat trade loss vena velaval valata itin vaha kanna hitenava.eka para $24k yaddi vavanne kohomada.
     
    Last edited:

    lakshanraja

    Member
    Nov 13, 2013
    24
    7
    3
    Colombo
    forex valata vada binary option risk eka hodatama vadi ekai awla
    ඒ නිසා තමයි අපි අනිවාර්යයෙන්ම අවදානම කලමනාකරණය කරන්න ඕනේ.

    Pip 0.001 unat trade loss vena velaval valata itin vaha kanna hitenava.
    ඒත් උඹ කිව්ව කතාවේ අනිත් පැත්ත බලපන්.
    Strike Price එකට වඩා Pip 0.001 ක් වැඩි වුණත් අපි profit නේද?

    eka para $24k yaddi vavanne kohomada.
    papuwe kekuma hada ganna hodai ban meka..
    එක trade එකකට $24ක් risk කරන්න නම් උඹේ අවම capital එක $500-$750 අතරේ වත් තියෙන්න ඕනේ බන්.


    මේ කතාව දැනට Forex කරන එවුන්ට,
    සාමාන්‍ය Forex Strategies ඒ විදිහටම Binary Options වලට පාවිච්චි කරන්න බැහැ මචං ලා.
    ඒකට හේතුව:
    උඹ technical trader කෙනෙක් නම් උඹේ analysis වල කොතනකවත් කාල සංරචකයක් නැහැ නේද? උඹ Trade එකක් දැම්මට පස්සේ තත්පරෙකින් TP එකට ගියත් පැය 4කින් TP එකට ගියත් උඹ profit නේ.
    ඒත් Binary Options වල කාල සංරචකයක් තියෙනවා. (Expiry Time එක)
    යකෝ තත්. 60ක් කියන්නෙත් පට්ට දිග කාලයක් කියලා තේරෙයි. 30 Sec - 60 Sec. Options Trade කරන්න ගියාම.

    ඒ නිසා තමයි මේ නූල පටන් ගන්න කොටම මම කිව්වේ,

    Binary Options Trading කියන්නේ Forex Trading වලම පොඩි සිම්පල් වර්ෂන් එකක්.
    Forex කරන තරම් කට්ට කන්නේ නැතුව ගොඩ දාගන්න පුළුවන් සීන් එකක්.
    හැබැයි ඒ දැනගෙන කරොත්.
    මොකුත්ම නොදැන හරි, බාගෙට දැනගෙන හරි මේක කරන්න ගියොත් නම් ඉතින් බඩුම තමයි

    හරියට සීන් එක දැනගෙන කරොත් එච්චරයි.

    එළ ඈ!
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේ කතාව දැනට Forex කරන එවුන්ට,
    සාමාන්‍ය Forex Strategies ඒ විදිහටම Binary Options වලට පාවිච්චි කරන්න බැහැ මචං ලා.
    ඒකට හේතුව:
    උඹ technical trader කෙනෙක් නම් උඹේ analysis වල කොතනකවත් කාල සංරචකයක් නැහැ නේද? උඹ Trade එකක් දැම්මට පස්සේ තත්පරෙකින් TP එකට ගියත් පැය 4කින් TP එකට ගියත් උඹ profit නේ.
    ඒත් Binary Options වල කාල සංරචකයක් තියෙනවා. (Expiry Time එක)
    යකෝ තත්. 60ක් කියන්නෙත් පට්ට දිග කාලයක් කියලා තේරෙයි. 30 Sec - 60 Sec. Options Trade කරන්න ගියාම.

    ඒ නිසා තමයි මේ නූල පටන් ගන්න කොටම මම කිව්වේ,

    හරියට සීන් එක දැනගෙන කරොත් එච්චරයි.

    එළ ඈ!

    menna meka thamai mata danena lokuma awula, welawath ekka galapaganna eka.

    anith eka thama risk to reward eka adu weema. 1 : 0.8 ??
     

    lakshanraja

    Member
    Nov 13, 2013
    24
    7
    3
    Colombo
    ඇඩෝව් රජියා,


    menna meka thamai mata danena lokuma awula, welawath ekka galapaganna eka.


    ඕක නම් සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් මචන්!
    මුලින් තීරණය කරපන් කට්ට කාලා උඹට ගැළපෙන strategy එකක් හදා ගන්නවාද? නැතිනම් ටිකක් ලේසි option එකකට යනවාද කියලා. ඊයක් විදපන් lakshan.rajasinghe[at]gmail.com එකට.


    anith eka thama risk to reward eka adu weema. 1 : 0.8 ??

    උඹ Binary Options Trading වල තියෙන පට්ටම වැදගත් point එකක් ගෙනාවේ.

    මෙහෙමයි මචං.
    අපි Forex වලදී අපේ trading plan එක හදනකොට Risk:Reward Ratio එක 1:2 කියන rule එක පාවිච්චි කරනවා කියලා හිතපන්කෝ. එතකොට උඹේ trading strategy එක 33% accurate වුනත් (උඹ දාන trades 100කින් 33.33ක් හරි ගියත්) උඹ loss වෙන්නේ නැහැ. ඒ කියන්නේ උඹ Break-even.
    ඕකනේ අපි Risk:Reward Ratio එකක් සෙට් කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ.

    එත් බන්, binary options trading වලදී Risk:Reward Ratio එක Forex Trading වලදී වගේ අපිට ඕනේ විදිහට decide කරන්න බෑ. මේකේ RRR එක fixed. උඹේ Risk එකට දෙන Payout % එක තීරණය කරන්නේ broker නේ.

    Binary Options වලදී මේ RRR එක හැම තිස්සෙම 1:1 ට වඩා අඩුයි. ඒ කියන්නේ binary options trading වලදී break even වෙන්න නම් උඹේ trading strategy එකේ accuracy එක අනිවාර්යයෙන් 50% ට වැඩි වෙන්න ඕනේ. හොඳ return එකක් ගන්න නම් Accuracy එක 65%-70% ට වැඩි වෙන්න ඕනේ.

    ඔය වගේ trading system එකක් දවසෙන් 2න් හදන්න පුළුවන් දෙයක් නෙවෙයි. සෑහෙන කට්ටක් කන්න ඕනේ වැඩක්. ඕනෑම දේකට තියෙනවා නේ Hard way එකකුයි Smart way එකකුයි. ඒ නිසා try කළොත් බැරි නෑ.
     
    Last edited:

    lakshanraja

    Member
    Nov 13, 2013
    24
    7
    3
    Colombo
    Forex Trading Vs Binary Options Trading

    අද උඹලට Forex Trading වලයි Binary Options Trading වලයි වෙනස්කම් compare කරලා අදහසක් ගන්න පුළුවන් වෙයි. මේ වගුව බලපන්...

    forex-vs-binary.png

    අවසාන වශයෙන්:
    මම කියන්නේ නැහැ Binary Options, Forex වලට වඩා හොඳයි කියලා. ඒ වගේම මම කියන්නේ නැහැ Forex, Binary Options වලට වඩා හොඳයි කියලත්. දෙකේම වාසි / අවාසි දෙකම තියෙනවා. මම දෙකම කරනවා. :shocked:

    ගොඩක් ම වැදගත් වෙන්නේ මේ දෙකෙන් මොන ක්‍රමය හරි හරියට ඉගෙන ගෙන හොඳ trader කෙනෙක් වෙලා එළකිරි ශ්‍රී ලාංකිකයෙක් විදියට අපේ රටට විදේශ විනිමය ගේන එක.

    යකෝ ලංකාවේ ඉඳන්ම සුද්දාගෙන් ලංකාවටම සල්ලි ගේන එක තරම් ආතල් එකක් වෙන කොහෙන්ද?

    ජයවේවා!
     

    Tera90

    Member
    Jan 23, 2015
    3
    0
    0
    Hondama trading site eka?

    Machan lakshanraja ube tread ekanam elakiri.. eye pereda tama meka dakke... mat tikak meka gana baluwa. poddak kiyapanko lankawe eunta binary options trade karanna ona trading site ekakin puluwanda? ewain uba danna hondama eka mokakda?
     

    Tera90

    Member
    Jan 23, 2015
    3
    0
    0
    අද උඹලට Forex Trading වලයි Binary Options Trading වලයි වෙනස්කම් compare කරලා අදහසක් ගන්න පුළුවන් වෙයි. මේ වගුව බලපන්...

    forex-vs-binary.png

    අවසාන වශයෙන්:
    මම කියන්නේ නැහැ Binary Options, Forex වලට වඩා හොඳයි කියලා. ඒ වගේම මම කියන්නේ නැහැ Forex, Binary Options වලට වඩා හොඳයි කියලත්. දෙකේම වාසි / අවාසි දෙකම තියෙනවා. මම දෙකම කරනවා. :shocked:

    ගොඩක් ම වැදගත් වෙන්නේ මේ දෙකෙන් මොන ක්‍රමය හරි හරියට ඉගෙන ගෙන හොඳ trader කෙනෙක් වෙලා එළකිරි ශ්‍රී ලාංකිකයෙක් විදියට අපේ රටට විදේශ විනිමය ගේන එක.

    යකෝ ලංකාවේ ඉඳන්ම සුද්දාගෙන් ලංකාවටම සල්ලි ගේන එක තරම් ආතල් එකක් වෙන කොහෙන්ද?

    ජයවේවා!

    Machan lakshanraja ube tread ekanam elakiri.. eye pereda tama meka dakke... mat tikak meka gana baluwa. poddak kiyapanko lankawe eunta binary options trade karanna ona trading site ekakin puluwanda? ewain uba danna hondama eka mokakda?
     

    lakshanraja

    Member
    Nov 13, 2013
    24
    7
    3
    Colombo
    Machan lakshanraja ube tread ekanam elakiri.. eye pereda tama meka dakke... mat tikak meka gana baluwa. poddak kiyapanko lankawe eunta binary options trade karanna ona trading site ekakin puluwanda? ewain uba danna hondama eka mokakda?


    මචන්,

    මේ දවස් වල සෑහෙන්න වැඩ. මේ Blog එකේ හැම දෙයක්ම තියෙනවා.
    http://www.sarusara.com/start

    ජයවේවා!