සිංහලේ අන්තිම රජු

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සිංහලේ අන්තිම රජු

    z_p12-Was.jpg


    gaththe - http://www.facebook.com/photo.php?f...00002403550991&type=1&relevant_count=1&ref=nf

    මගේ රටට ආදරේ කරන සිංහලයිනි,
    මේ ලිපිය මං උඹලා වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ ජාතිවාදය අවුස්සලා උඹලව කෝප ගන්වන්න නෙවෙයි... ඒ නිසා බුද්ධිමත් ව කියවන්න...

    ඒ 1815 වර්ෂය යි... ප්‍රංශ විප්ලවය අවසන් වී නැපෝලියන්ගේ බලය බිදදැමීමෙන් පසුව එවකට ලක්දිව උඩරට රාජ්‍යය සමග ඉංග්‍රීසින් පවත්වාගෙන ගිය සාමකාමී ප්‍රතිපත්තිය වෙනස් වන්නට විය. යුරෝපය තුළ ස්වකීය ආධිපත්‍ය සනාථ වීමෙන් උද්දාමයට පත් වූ බ්‍රිතාන්‍යයන් එතැන් සිට ලක්දිව පුරා ම ස්වකීය ආඥා චක්‍රය පැවැත්වීම අරමුණ කරගත්තේ ය.
    මේ වන විට උඩරට රාජ්‍යය තුළ ද රදළයන් අතර නන් විධ බේද උද්ගත ව තිබුණි. ශ්‍රී වික්‍රම රාජසිංහ (1798 - 1815) රජු විසින් තමාට විරුද්ධව උඩනුවර දී කැරළි ගැසූ පිලිමතලව්වේ මහාධිකාරමගේ ශිර්ෂ ඡේදනයෙන් පසු අගමැති තනතුර සදහා ගොලහැල මහාධිකාරම පත් කිරීමට කටයුතු කර තිබුණි. නමුත් මහවාසල තුළ ම ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් නිසා ගොලහැල මහාධිකාරම පියගැටපෙළකින් තල්ලු කර මරා දමා තිබුනි. මේ අතර සමකාලීන රදලයන්ගේ ප්‍රදානියා ලෙසත්, ගොලහැල අධිකාරමගේ දියණියගේ ස්වාමියා ලෙසත් සුදුසුකම් සපුරා සිටි ඇහැලේපොළ, කන්ද උඩරට මහාධිකාරම ලෙස පදවි ලද්දේ ය. මේ සමග උඩරට තව තවත් වියවුල්කාරී විය..
    ඉංග්‍රීසි ආණ්ඩුකාර බ්‍රවුන්රිග් විසින් ස්වකීය භාෂා පරිවර්තකයා වූ ජෝන් ඩොයිලි යොදවා සිදුකළ කුමන්ත්‍රණ නිසා සිංහල නායකයන් අතර සිදු වූ සිත් අමනාපකම් හා රජු කෙරෙහි ඇතිවූ සිත් බිදීම සේ ම, දෙමළ රජෙකු යටතේ සිටීමට වඩා ඇහැලේපොළ රජු බවට පත්කොට ඔහු යටතේ සිටීමට රදලයින් තුළ ඇති වූ ආකල්පයත් නිසා උඩරට රජුත් රදලයිනුත් අතර පැවති ආරවුල දින දින ඉහළ ගියේ ය. රාජ්‍යත්වය පිළිබද ලෝබයට පත් වූ ඇහැලේපොළ, සබරගමුවේ දී රාජසිංහයන්ට විරුද්ධව දියත් කළ කැරැල්ලත්, ඒ නිසා රජු විසින් ඔහුගේ දරුපවුල ඝාතනය කිරීමත් නිසා උඩරට ඇති වූ නොසන්සුන්තාවයත් ඉංග්‍රීසින්ගේ වාසිය පිණිස හේතු විය...
    ඩොයිලිගේ කුමන්ත්‍රණය දිගින් දිගට ම ක්‍රියාත්මක වෙමින් තිබුණි. යටිකූට්ටු වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක විය. මේ අතර ඇහැලේපොළ පෙරටු කරගත් ඉංග්‍රීසි බල සේනාවක් උඩරට බලා ගමන් අරඹා තිබුණි. මහජනයාගේ හා උඩරට රදළයින්ගේ ඉල්ලීම පරිදි ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය කරන බවට බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ප්‍රකාශයට පත් කළේය.
    එය වූ කලි පහත් පෙළේ ගජබින්නයක් විය... තමාව ආක්‍රමණය කර, සිය ස්වාධිනතාවය නැති කරදෙන ලෙස ඉල්ලා සිටීමට තරම් සිංහලයා කිසිවිටෙන හෝ දීනයෙකු නොවී ය.
    ඉංග්‍රීසි සේනාංකය පිටත් වීමෙන් පසු තත්වය අවදානම් බව වටහාගත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු 1815 පෙබරවාරිය වන විට මහනුවර පල්ලැහැවත්තට පැනගියේ ය. ආත්මාරක්ෂාව පිණිස බෝමුරේ ආරච්චිගේ නිවසේ ඔහු සැගව ගත්තේ ය. සිංහලේ රජුට ස්වකීය රදල වර්ගයාගෙන් කොතෙක් පීඩා එල්ල වී ද යන්න ඉන් මැ පැහැදිලි වෙයි.. අවසාන මොහොතේ දී රජුට සිදුවූයේ පරිපාලන තුන්වැනි පෙළේ ග්‍රාමාධිපතියෙකුගේ නිවසේ සැගව ගැනීමට ය.
    එක්නැලිගොඩ නිලමේ, දොලොස්වල මොහොට්ටාල, මහවලතැන්න මොහොට්ටාල යන රදලයින් සමග විශාල සිංහල සේනාවක් ද සමග ඉංග්‍රීසි සේනාංකයක් ද 1815 පෙබරවාරි මැද හරිය වන විට උඩරට අල්ලාගෙන රජු සොයා උඩරට පීරමින් සිටිය හ. කර්නල් හාඩි හා ජෙනරාල් ඩොයිලි මේ සේනාංක මෙහෙයවූහ. මේ අවස්ථාවට සහභාගි වූ නින්දිත සිංහලයන් සමූහය කොතරම් දැයි කිවහොත්, මහවැලි ගග තරණයට ඔවුන්ට දින පහක් පමණ ගතවිය.
    අවසාන ජවනිකාව ඉක්මනින් එළැඹුණි... එදා තුන් සිංහලයේ විසිර සිටි වීර සිංහල සිත් සතන් දහසක් කම්පාවට ත්, පාවාදුන් නින්දිත සිත් මහත් තෘප්තියටත් පත්වන්නට ඇත...
    සිංහලේ රජු බෝමුරේ ආරච්චිගේ නිවසේ සැග ව සිටින්නේ යැයි උඩරට වෙළදාමේ යෙදී සිටි මරක්කලයෙකු එක්නැලිගොඩ අදිකාරම වෙත සැල කළේය...
    රදළයන් පෙරටු කොටගත් මහා නින්දිත සිංහල බල සෙනග රජු සැගව සිටි බෝමුරේ ආරච්චිගේ නිවස කට කළෝ ය... නිවසට ඇතුළු වූ සුළු රදළ ප්‍රධානීන් නිවස දෙවනත් කරන්නට පටන්ගත්තෝ ය. ඔවුහු බෝමුරේ ආරච්චිගේ නිවසේ තිබූ වී අටුව කඩා විවර කළෝ ය...
    බියපත් මුවින් යුතු තැතිගත් සුන්දර ලළනාවන් සිවුදෙනෙකු ඒ තුළ සැගව සිටියෝ ය. අහෝ... සිංහලේ අන්තිම මහා දේවිය වූ වෙන්කත රංගම්මාල් මහේශිකාවත් තවත් අන්තපුර බිසෝවරු තිදෙනෙකුත් එහි සිටින බව ඔවුහු දුට හ. නින්දිත වූ ඒ රදළ නායකයෝ ඒ සුන්දර වනිතාවන් සිත්පිත් නැත්තවුන් ලෙස එළියට ඇද දැමූ හ.. කන කර ආබරණ ඉරාගත්තෝ ය. හඩා වැලපෙන්නට හෝ සිතක් ඒ මොහොතෙහි ඔවුන් සතු නොවීය... තමාගේ කන්පෙති , ඇදුම් ඉරා දමන සිංහ වෙස් ගත් සුනඛයින් දෙස බියපත් ඇසින් බලා සිටිනවා හැරෙන්නට ඔවුන්ට කරන්නට කිසිවක් නොවී ය. අනතුරුව ඔවුන් අමානුෂික ලෙස නිවසින් පිටතට ඇදගෙන එනු ලැබීය... ඔවුන්ගෙන් මංකොල්ල කෑ බිසෝ ආබරණ, ඇහැලේපොළ අතට පත්විය.
    සිංහ වෙස් ගත් කැණහිලුන් රජු සොයා තවත් විපරම් කළෝ ය... ස්වකීය බිසෝවරු පත් ව ඇති ඉරණම වී අටුවේ සැග වී බලා හුන් මහරජතුමා එතුළින් ඉවතට පැමිණ සතුරා අතට බාර විය. රජු හමු වූ බව දැනගත් එක්තරා ඉංග්‍රීසි සුළු හමුදා නිළධාරියෙක්, රජු ඌරෙකු මෙන් ඇදගෙන එන්නැයි නියෝග කළේය.
    ඉංග්‍රීසින්ට කපුකම් කරමින් හුන් මරක්කලයෙකු වූ තෝම්බු මුද්ලියාර් සහ නායක බණ්ඩාර නම් වූ නීචයින් දෙදෙනෙක් ඒ සදහා වහා ඉදිරිපත් වූ හ. මහරජු අල්ලාගත් මරක්කලයා රජුගේ මුහුණට කෙළ ගැසී ය. අතිශයින් ප්‍රතාපවත් පෙණුමින් ද, කාරුණික හදකින් ද යුක්ත වූ මහරජු හඩා වැලපෙන්නට විය. මරක්කලයාගේ සහ සිංහ සම පෙරැවූ නරියාගේ සිත් උණු නොවී ය. ඔවුහු මහරජු ඌරෙකු මෙන් දෑතින් ද දෙපයින් ද එකට බැද ලීයක ගැටගසාගෙන විත් ජෝන් ඩොයිලි මුල දැමී ය... මහ රජුගේ ඉරුණු ඇදුම්, ලේ ගලන මුහුණ දැක කම්පා වූ හදකින් බර වූ ඩොයිලි වහා රජු එයින් මුදා, රජෙකුට ඔබින ලෙස සරසන්නැයි නියෝග කරන ලද්දේ ය. තෝම්බු මුදලි නම් මරක්කලා හා නායක බණ්ඩාර විසින් සුද්දා ඉදිරිපිට එදා නීච ලෙස පා මුල දමන ලද්දේ තුන් සිංහලයේ ස්වාධීනතාව ය... නිවහල්භාවය ය... අහෝ... සිංහලේ මහරජුගේ දෙනෙත් කදුළින් පිරී තිබුණි...
    සිදු කළ තිරිසන් වීර ක්‍රියාව වෙනුවෙන් තෝම්බු මුදලි නම් මරක්කලයාට උතුම් වූ ඉංග්‍රීසි ආණුඩුවෙන් කොළඹ සිට හලාවත දක්වා ඉඩම් යායක් ලැබුණි.
     
    • Like
    Reactions: chaarr

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    සිංහලයේ අන්තිම රජු විදියට සැලකෙන්නෙ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා නේද මචන්? rep++
     
    Last edited:
    • Like
    Reactions: siripaala

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සිංහලයේ අන්තිම රජු විදියට සැලකෙන්නෙ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා නේද මචන්? rep++

    e machan anthima sinhala baudha rajathuma..:):)