සිංහලේ වියාපාරය කුමක් සදහාද ??

Aug 31, 2011
399
43
0
සිංහලේ වියාපාරය කුමක් සදහාද ??

සිංහලේ වියාපාරය කුමක් සදහාද ??

රට පුරා සිංහලේ කියල Fashion එකක් වගේ යනව,,මේකෙ ආරම්බයෙ ඉදල බලනකොට මෙකෙ නිර්මාතෘ තමන්ගෙ අතේ fashion එකට පච්චයක් කොටාගෙන එයාගෙ බිරිද එක්ක පොටෝ එකක් ෆේස් බුක් එකේ දාපු තරුණයෙක්.එනිසා මේ සිංහලේ කියල සංවිධානාත්මක වියාපාරයක් හරි,නිශ්චිත අරමුනක් හරි පේන්න නැහැ. කෙසේ වෙතත් තමන්ගෙ උප්පැන්නෙ හරි සිංහල කියල තියෙනව කියල මතක් වෙන එක නරක නැහැ.

රටක ඉන්න සියලු ජාතින් තමන්ගෙ ජාතියගැනම කිය කිය අනුන්ට නිගාකරන් නැත්නම් ,හිතාමතාම අනෙක් ජාතින්ගෙ ජාතික සංස්කෘතිය වටිනාකම්,නටබුන් විනාශ කරමින් රටේ බලය අල්ලන්න කූට උපාය යොදන් නැත්නම්..රටේ සියලු ජාතින් ජාති ආගම් කුල මල මොනව උනත් මනුස්සයො විදිහට සතුටින් එකට ඉන්නවනම්,,ඔය ජාති බේද,ජාති උස් පහත් කිර්‍රිම් අවශ්ය වෙන්නෑ..නමුත් එක් ජාතියක් හරි උපායක්‍රමිකව කූටලෙස අනෙක් ජාතියක් වට්ටල රටේ උඩට එන්න හදනවනම්,අනික් ජාතින්ටත තමන්ගෙ ජාතිය ගැන,ජාතියෙ අභිමානය ගැන කතා කරන්න වෙනව.

කෙසේ උනත් ජාතිකතවයක් ගැන කතා කරනව්නම්,ඒ ජාතියෙ අනන්යතාව රැදිල තිබෙන සංස්කෘතිය,වටිනාකම්,ඉතිහාසය කතා කරන්න වෙනව..ඒව රැකගන්නත් වෙනව..සිංහලේ ගැන කතා කරනවනම් සිංහල සංස්කෘතිය බල්ලට දාල සිංහලයො කලු සිද්දන්ටත් අන්ත විදිහට හැසිරිලා,,පිස්සු නටමින් සිංහලයක් ගැන කතාකරන්න බෑ,,ඒක අනික් ජාතිත් හිනස්සන වැඩක්,

බොදු බලයවත්,රාවනා බලයවත්,මොකක්වත් අපි දැකල නෑ.සිංහල පරම්පරාවෙ සංස්කෘතිය,වටිනාකම්,අනන්යතාව රැක ගන්න උපාය යොදමින්,ජනතාව දැනුවත් කරමින් සිංහල සංස්කෘතික උරුමය වටිනාකම් රැකගන්න වැඩ කරනවා.

ජාතිකත්වයක් ගැන කතා කරල වැඩක් නෑ ඒ ජාතියෙ සංස්කෘතිය රැකගන්න උවමනාවක් නැත්නම්.
අලුත් පරම් පරාවට ඕන විස්කි බීල, සිගරට් බීල, පාටි දාල.හෙලුවෙන් නටල,යට ඇදුම් ගලවල විසිකරල සුද්දටත් එහා ගිය අන්ත කාම ලිබරල් සංස්කෘතියකට යන්නනම් ඒකට සිංහලේ කියල එකක් වැඩක් වෙන් නෑ,,
සිංහල සංස්කෘතිය තව දුරටත් අවශ්ය නැත්නම්, සිංහලේ කියල කියල එහෙ එහෙ දුවල වැඩක් නෑ..
2030 වෙනකොට දෙමල මනුස්සය දෙමල සංස්කෘතිය ආරක්ශාකරගෙන සිටීවි
2030 වෙනකොට මුස්ලිම් මනුස්සයත් වෙනස් නොවී තමන්ගෙ අනන්යබව රැකගෙ ඉදීවි
2030 වෙනකොට සිංහල කියල අනන්යතාවක් තිබේවිද? නැත්නම් සිංහල කියල එදාට දකින්න ඉන්නෙ හිපියොන්ටත් අන්ත දුර්වල කිසිම ජාතිය්ක අනන්යතාවක් නැති ජන කොටසක් ද
නැත්නම් උප්පැන්නෙ විතරක් සිංහල කියල බලාගන්න පුලුවන් වේද..

කරනවනම් දෙයක් හරියට කරන්න
අරමුනක් ඇතුව කරන්න
බොදුබලේට රාව්නා බලයට ඉස්සර ගොඩක් සෙනග හිටිය,,මිනිස්සුන්ටත් ඕන වෙනා තිබ්බ මේ අය එක්ක එකතුවෙලා රට ආගම රකින්න,,,නමුත් මේ සංවිධාන වල පුලුල් නිශ්චිත වැඩ පිලිවෙලක් තිබ්බෙ නෑ,,තමන්ගෙ සිංහල බෞද්ධය,තරුණ පරම්පරාවෙ සිංහලකම,සිංහල සංස්කෘතිය අය වටහල දීල ඒව රැගන්න කියල උපදෙස් දෙන්න,,සිංහල සංස්කෘතික අනනය්තාව නැත්නම් එදාට සිංහල කමක් ඉතුරු වෙන් නෑ කියල කියල දෙන්න..අනුන්ගෙ ලනුකාල පිස්සු නටන පරම් පරාවට..ඉගෙනීම අත්හැරල සුපර් ස්ටාට්,මොඩෙල් වෙන්න මිරිගු පස්සෙ යන දරුවනට හරිදේ කියල දෙන්න බැරි උනා මේ අයට..මේ ගොල්ලන්ට තේරුන් නෑ තාම තේරෙන් නෑ..සිංහල දරුවන්ගෙ හැසිරීම වැදගත් කම හදන්න..මේ දරුවො නියම සිංහල දරුවො කරල සිංහලය හදහා මේ පරම්පරාවට හරිදේ කියල දෙන්න..උදේට දිවයින,ලංකාදීප පත්තර බලල පොඩ්ඩක් හිතන්නෙ දැනටමත් මේ රටේ ඉන්න අය වැඩකරන්නෙ සිංහලේ වගේ ද කියල.
ඉතින් බොදුබලේ සිංහලකම බෞද්ධකම සංස්කෘතික වැටිනාකම් රකීවි කියල මිනිස්සු ලක්ශ ගානක් ඒ අය වටා රොක් උනා ඉස්සර..නමුත් මේ වටිනා අවස්තා බොදුබලේ වගේ අය අත්හැරිය,අයාල සිංහලකම,සිංහල සංස්කෘතිය රකින්න කිසි දෙයක් කලේ නෑ..සංස්කෘතිය අමු අමුවෙ විනාශකරනව පෙනි පෙනිත් ඒව විවේචනය කලේ නෑ..ඉතින් මිනිස්සුන්ට එපා උනා..මිනිස්සු නන්නත්තාර උනා..
එකපාරක් සොම හිමිගෙ අපව්ත්වීම පෙන්නල කට්ටියක් සිංහලකම ඕන කියපු මිනිස්සු රැවැට්ටුව..දෙවෙනි පාර මේ රාවන,බොදුබලේ වගේ අය ඒ දේම කලා

අවසන් වශයෙන්,,සිංහලේ කියල දෙයක් පවතින් නෑ සිංහල කියල සංස්කෘතික අනන්යතාව විනාශය වෙලානම්..

එහෙනම් සිංහල සංස්කෘතිය විනාශ කරන,මුදලට විකුනන එවුන්ට විරුද්ද වෙන්න වැඩ පිලි වෙලක් ඕන
සිංහලකම රකින්න දූ දරුවන් දෙමාපියන් දැනුවත් කරන වැඩසටහන් ඕන...

"සිංහලේ කියල ඉන්නෙ බාගෙට හෙලුවෙන් අදින,මත් පෙති බොන,කාමය වරදවා හැසිරෙන,අම්ම තාත්ත දුව අදුරන් නැති,නයිට් ක්ලබ්වල දවස ගෙවන සෙට් එකක් නම්,,ඒ සිංහලෙ බොරු මායාවක් නෙ..එහෙමනම් හික්කඩුවෙ හිපියො ටිකක් තියල සිංහලේ කියල බැනර් එකක්දාගෙන හිපියොත් සිංහලේ කියල කියා ගත්තට කමක් නෑනෙ"
ජාතික අවශ්යතාවක් තියෙන වෙලාවක,ඒ අවස්තාව බොරුකාරයො සෙට් එකක් බැහැල,මිනිස්සු අන්දල ඒ ස්වර්නමය අවස්තා විනාශකරනවනම් ඒක අපරාධයක්..ඇත්තටම සිංහලකම රකින්න ඕන කියන නියම මිනිස්සුන්ටත් ඉස්සරහට එන්න බැරිවෙනව එතකොට

සිංහලය කියන්නෙ කවුද? ඒ මොනවගේ අනන්යතාවට්ක් තියෙන කෙනෙක් ද ? ඒ වටිනාකම් ඉස්සරහටත් රැකගන්න මොනාද ගත් පියවර? සිංහලයෙක්ම වෙලා ඉපදිලා සිංහලකම ට ලැජ්ජ කරන,සිංහලකම විනාශකරන අයට එරෙහිව ගන්න පියවර මොනවද ? අනාගත දූදරුවන්ට සිංහලකම රැකගන්න අවශ්ය විදිහ කියල දෙන්න මොනාද කරල තියෙන්නෙ ?

එහෙම ඕන නැත්නම් සිංහලකම කියල දෙයක් ඕන නෑ,,ලැබෙන දෙයක් කාල පිස්සුවක් නටල අද ගන හිතල විතරක් ඉමු..ලිංමැඩියො වගේ ඉන්න බෑ,,ඇමෙරිකාවෙ අය පොශ්,,ඒවගේ වෙන්න් ඕන,,උන්වගේ හැසිරෙන්න ඕන..ඒක තමා නිදහස,,ඒක තමා හරිම දේ කියල කියන්න

Last edited:
  • Like
Reactions: buddi9

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
12400813_10153841223542708_5526456616764572100_n.jpg
 
සින්හලකම රකින්න සින්හ ලේ ඕන නෑ මහ සගරුවනට පුලුවන් සින්හල කම රැකගන්න කියන්න ඉන්න බෞද්ද කට්ටියට පන්සල් එන්න කියන්න එතකොට හරි එක එකාගේ කොන්සෙප්ට් ෆොම් කරන්න ඕන නෑ අර ලේ මේ ලේ කියලා :yes::yes:
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    sinhalese are not interested in making sure the survival of the race themselves..they just want somebody else, political or religious to do it for them :D

    that's why sinhalese are so impressionable..they bathe in self deception from dusk til dawn
     
    Actually, making arguments about race,religions are not good being mindful humans..
    but where all other communities are really interesting and concern their racial and religion matters over others, remain community cannot ignore that for their servival
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එළකිරියේ ෆැසිස්ට්වාදය හිස එසවීමට එරෙහිව එළකිරියේ ෆැසිස්ට් විරෝධී විකල්ප කණ්ඩායම් ගොඩනගමු

    මාගේ පුද්ගලික මතය

    1917 රුසියානු විප්ලවයේ ලෙනින්ට පසු සම නායකත්වය ඉසිලු ලියොන් ට්‍රොට්ස්කි මේ ප්‍රකාශය ලියා වසර 75 ගතවන මේ මොහොත වනවිට මේ ප්‍රකාශයේ සත්‍ය තාවය කිවතාවක් ඔප්පුවී ඇද්ද ?? එය ශ්‍රී ලංකාවට අදාලව ගත් කල්හි පළමුව උඩරට වතු කම්කරුවන් ට එරෙහිවත් දෙවනුව උතුරේ දෙමල ජනයාට එරෙහිවත් දැන් මුස්ලිම් ජනයාට එරෙහිවත් ධනපති පාලකයෝ පිතෘ භුමියේ නාමයෙන් සිංහල ජාතියේ නාමයෙන් පසුව සිංහලයේ වද වීමේ නාමයෙන් ධනපති පාලනයේ අර්බුද සහ කප්පාදු සහ මර්ධනයෙන් ධනපති පාලනයට එරෙහිව නැගුනු විරෝධය ගබ්සා කර සිංහල දෙමල මුස්ලිම් බර්ගර් කම්කරුවන් අතර අසමගිය බෝ කිරීම පිණිස වරින් වර එන්නත් කළහ

    ඔන්න ඉතින් කතන්දරේ පටන් ගමු ...

    මේ රටේ ධනපති ආණ්ඩු නිදහස් පක්ෂයේ සිට යු.එන් පිය දක්වාම මෙසේ ජාතිවාදය ඇවිලිමෙන් සිදුවුයේ කුමක් ද ??

    0.jpg

    83 කළු ජුලිය

    යු.ඇන්.පි පාලනයට එරෙහිව රට පුරා නැගුනු විරෝධය යටපත් කරගැනීමට 83 කළු ජුලිය මුදාහරිනු ලැබිය දෙමල මිනිසුන් වෙන්කර හදුනාගැනීමට බාල්දිය කියපන් බාල්දිය කියපන් පර තලයෝ (අද හම්බයා මෙන් එකල සිංහල ධනපතියෝ දෙමල ජනයාට විරුද්දව ජනතාව උසිගන්වනු ලැබුවේ තලයෝ ලෙසය ) එදා පිස්තෝලය ඉනේ ගසා ගත් චීවර දාරියෝ අගනුවර පීරමින් දෙමල කම්කරුවන්ට පහරදෙමින් ඝාතනය කරමින් යු.එන්.පි රජයේ කොන්ත්‍රාත්තුව අකුරටම ඉටුකළහ මෙම වර්ගවාදී ප්‍රහාර වලින් කුපිත වූ ජනයා දෙමල මධ්‍යම පංතිකයන්ගේ වර්ගවාදී දේශපාලන සංවිධානය වූ කොටි සංවිධානයට බදවා ගැනීමට පහසු වූ අතර සුළු අවි ප්‍රමාණයකින් සන්නද්ධව සිටි කොටි ගරිල්ලෝ කාලතුවක්කු ඇතුළු බර අවි සහ නාවික ගුවන් බලකායක් දක්වා දියුණු කරගත්තේය

    3_2.jpg

    දේශප්‍රේමියෝ බෙදුම්වාදී සර්පයා

    අපේ මහා දේශප්‍රේමියෝ බෙදුම්වාදී සර්පයා විශාල කරගැනීමට සහය දුන්නේ එසේය මෙසේ ඇතිවුණු තිස් වසරක් පුරාවට දහස් ගණන් ජිවිත අහිමිකරමින් පිඩිත උතුරේ දෙමල ජනතාවටද දකුණේ සිංහල පිඩිත ජනතාවට ද එරෙහිව දියත්වුනි මෙසේ මේවා යන කාලය තුල ඉහතින් සදහන් කල මහා දේශප්‍රේමියෝ සියල්ල සිටියේ ඇද අස්සේය නැත්නම් අඩි 6 7 ගැබුරු බංකර් වල ඔවුන් ඒවා ඇද අස්සේ හිදිමින් උතුරේ දකුණේ ධනපතියන් ආධිපත්‍ය සදහා කෙලගනින්ද්දී තරුණයන් ආර්ථික පීඩනය දරාගැනීමට නොහැකිව ධනපති හමුදාවට බැදී උතුරේ ලේ වැකි සිවිල් යුද්දයට දේශප්‍රේමයේ සහ ඊළම් දේශය මව්බිමේ එකසත් කම වැනි චාටු කතාවලින් හුරේ දුන්හ කෙසේ හෝ යුද්දය නිමාවුයේ උතුරේ දකුණේ දස ලක්ෂ ගණක ජිවිත අහිමිකරමින් ධනපති පන්තියේ මර්ධන උපකරණය තවත් තියුණු කරමිනි උතුරේ මල්ටිබැරල් මැෂින් තුවක්කු හඩට හුරේ දුන් මුන් දකුණේ හලාවත කටුනායක රතුපස්වල මිනිමරද්දී දෙකොන පුට්ටු කරගෙන සිටියේය ඒවාට එරෙහිව මහජන විරෝධය නැගී එද්දී එතනට සන්ධාන ධනපතියෝ එතැනට ආදේශ කරනු ලැබුවේ මුස්ලිම් විරෝධයයි

    37026081.jpg

    මුස්ලිම් විරෝධයයි හා සිංහලේ හා එන්රික්ගේ බ්‍රේසියරේ

    දැන් මුස්ලිම් විරෝධය ගෙන බලමු සුළු හෝ දැනුමක් ඇති පුද්ගලයෙකු ට මුන් ගෙනෙනා ටොම් පචයේ මුලාරම්භය සොයාගත හැකිය සිංහල ජාතිය වදවිමෙන් බේරා ගැනීමට මුන් නිර්දේශ කරන්නේ කුමක් ?? මුස්ලිම් කඩ වර්ජනය කරමින් සිංහල කඩවලින් බඩු මිලදී ගන්නා ලෙසය :lol: මේ මහා දේශප්‍රේමියෝ වසර 2500 ක උරුමය රැකගන්නේ එලෙසය සත්‍ය නම් මේ ජාතිවාදී රැල්ලේ මුල් අඩිය තබනු ලැබුවේ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවේ දියුණුව දැක ඉර්සියාවට පත් සිංහල ව්‍යපාරිකයන් රැල විසිනි මෙසේ නැග ආ රැල්ල පසුගිය රාජපක්ෂ පාලනයට එරෙහිව නැගුනු මහජන විරෝධය වසාගන්නා සහ එය දියකරගැනීමට යොදාගත් කඩතුරාවක් සේ යොදාගත්තේය අද ජාතිවාදය අවුලන්නන් ගෙන් බහුතරය සමන්විත වන්නේ රාජපක්ෂ ගොඩ නැගු නිල් බලකායේ තරුණ කොටස් වලිනි අද වනවිට සිංහලේ යනුවෙන් රට පුරා යන මේ ෆැසිස්ට් රැල්ලේ පිටුපස තිබෙන්නේ මහින්ද රාජපක්ෂ නමැති සිංහල වර්ගවාදී ධනපති පාලකයා නැවත බලයට ගෙන එම මිස අන් කිසිවක් නොවේ මේ අතරම සිරිසේන වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව මේ රැල්ල උපයෝගී කරගනිමින් මෙතෙක් කම්කරු පන්තිය සටන් කරමින් දිනාගත් සියලුම අයිතිවාසිකම් තලා දමමින් මර්ධනය ගෙන යාමට කත් අදිති මෙයට අයවැය එරෙහිව නැගුනු මහජන විරෝධයන් යටපත් කිරීමද උන්ගේ මුලොපායේ කොටසක්ය පළමුව ජවිපෙ සමග එකතුව දුෂණ විරෝධී අමුඩයත් දෙවනුව එන්රිකේ ගේ බ්‍රෙෂියර් අමුඩයත් දැන් සිංහලේ නමැති වර්ගවාදයට එරෙහිව අලුත් පරපුර වැනි ඊනියා මධ්‍යම පාන්තික වාචාල දොඩවන ව්‍යාපාර සහයෙන් මෙයට උන් අත තබා ඇත මෙවැනි අරගල ඉදිරියට එනවිට අපි අපි කුලල් කාගනිමින් සිටීම උන්ගේ ප්‍රහාර එසේම කරගෙන යාමට තවත් තල්ලුවක් ද දෙවියන්ගේන් ලැබුණු ත්‍යාගයන් සේ සලකති

    images

    වර්ගවාදී ආගම්වාදී ජාතිවාදී ෆැසිස්ට් ප්‍රහාරයන් පිටුපස

    මේ සියලු වර්ගවාදී ආගම්වාදී ජාතිවාදී ෆැසිස්ට් ප්‍රහාරයන් පිටුපස සිටින්නේ තමුන්ගේ කොටසට කෙළ වේ යැයි බියෙන් සලිතව සිටින සිංහල දෙමල මුස්ලිම් බර්ගර් සුළු ධනපති පන්තියයි මෙයට එරෙහිව සටන් වැදීමට නම් පළමුව අදහස් ප්‍රකාශ කිරීමට සැමට ඇති අයිතිය තහවුරු කල යුතුය ඒ සදහා ෆැසිස්ට්වාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිළිවෙලක් මත සිංහල දෙමල මුස්ලිම් බර්ගර් කම්කරුවන් එක්ව එළකිරියේ විකල්ප කණ්ඩායම් ගොඩනගන ලෙස අපි ඉල්ලා සිටිමු

    වාද විවාද ඕනේ නැ මම කලින් පල කරපු ලිපි වලදී හබ්බ / කොටි ඊනියා ෆැසිස්ට්වාදය පතුරවන උන්ට දාපු පිළිතුරක් මේවාට තනි උත්තරයක් ලබා දී නිකරුනේ වාද විවාද වලට නොයා මෙලෙස තනි උත්තරයක් ලබා දීමට සිතුනා :lol:
     
    Aug 31, 2011
    399
    43
    0
    [U said:
    මුස්ලිම් විරෝධයයි හා සිංහලේ හා එන්රික්ගේ බ්‍රේසියරේ [/U]

    දැන් මුස්ලිම් විරෝධය ගෙන බලමු සුළු හෝ දැනුමක් ඇති පුද්ගලයෙකු ට මුන් ගෙනෙනා ටොම් පචයේ මුලාරම්භය සොයාගත හැකිය සිංහල ජාතිය වදවිමෙන් බේරා ගැනීමට මුන් නිර්දේශ කරන්නේ කුමක් ?? මුස්ලිම් කඩ වර්ජනය කරමින් සිංහල කඩවලින් බඩු මිලදී ගන්නා ලෙසය :lol: මේ මහා දේශප්‍රේමියෝ වසර 2500 ක උරුමය රැකගන්නේ එලෙසය සත්‍ය නම් මේ ජාතිවාදී රැල්ලේ මුල් අඩිය තබනු ලැබුවේ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවේ දියුණුව දැක ඉර්සියාවට පත් සිංහල ව්‍යපාරිකයන් රැල විසිනි මෙසේ නැග ආ රැල්ල පසුගිය රාජපක්ෂ පාලනයට එරෙහිව නැගුනු මහජන විරෝධය වසාගන්නා සහ එය දියකරගැනීමට යොදාගත් කඩතුරාවක් සේ යොදාගත්තේය අද ජාතිවාදය අවුලන්නන් ගෙන් බහුතරය සමන්විත වන්නේ රාජපක්ෂ ගොඩ නැගු නිල් බලකායේ තරුණ කොටස් වලිනි අද වනවිට සිංහලේ යනුවෙන් රට පුරා යන මේ ෆැසිස්ට් රැල්ලේ පිටුපස තිබෙන්නේ මහින්ද රාජපක්ෂ නමැති සිංහල වර්ගවාදී ධනපති පාලකයා නැවත බලයට ගෙන එම මිස අන් කිසිවක් නොවේ මේ අතරම සිරිසේන වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව මේ රැල්ල උපයෝගී කරගනිමින් මෙතෙක් කම්කරු පන්තිය සටන් කරමින් දිනාගත් සියලුම අයිතිවාසිකම් තලා දමමින් මර්ධනය ගෙන යාමට කත් අදිති මෙයට අයවැය එරෙහිව නැගුනු මහජන විරෝධයන් යටපත් කිරීමද උන්ගේ මුලොපායේ කොටසක්ය පළමුව ජවිපෙ සමග එකතුව දුෂණ විරෝධී අමුඩයත් දෙවනුව එන්රිකේ ගේ බ්‍රෙෂියර් අමුඩයත් දැන් සිංහලේ නමැති වර්ගවාදයට එරෙහිව අලුත් පරපුර වැනි ඊනියා මධ්‍යම පාන්තික වාචාල දොඩවන ව්‍යාපාර සහයෙන් මෙයට උන් අත තබා ඇත මෙවැනි අරගල ඉදිරියට එනවිට අපි අපි කුලල් කාගනිමින් සිටීම උන්ගේ ප්‍රහාර එසේම කරගෙන යාමට තවත් තල්ලුවක් ද දෙවියන්ගේන් ලැබුණු ත්‍යාගයන් සේ සලකති

    වාද විවාද ඕනේ නැ මම කලින් පල කරපු ලිපි වලදී හබ්බ / කොටි ඊනියා ෆැසිස්ට්වාදය පතුරවන උන්ට දාපු පිළිතුරක් මේවාට තනි උත්තරයක් ලබා දී නිකරුනේ වාද විවාද වලට නොයා මෙලෙස තනි උත්තරයක් ලබා දීමට සිතුනා :lol:

    මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා..මා නැවතත කියනව රටක ඉන්න කිසිම ජාතියක් අනෙක් ජාතියක් සාහසික ලෙස අභිබවා නොයනතාක් මේ ජාතිකත්ව ඒව මේව අවුස්සල වැඩක් නැහැ..ඔක්කොම සතුටින් ජීවත් වෙන්නයි ඕන

    අනික සිංහල ජාතිය රකින්න ඕනෙනම් සිංහලයා කියල කියන්නෙ කවුද,සිංහල අනන්යතාව මොකක්ද කියල තෙරුම් ගන්න ඕන,,සිංහලය කියන්නෙ 2035 වගෙ වෙනකොට සිංහල වෙලා හිටියදවත් හොයා ගන්න බැරිතරමට අන්ත යුරෝපිය විදිහට වෙනස් වෙමින් යන කෙනෙක්නම්,එහෙම වෙන්න ප්‍රාර්තනා කරන කෙනෙක්නම් සිංහල කියල දෙයක් රැකගන්න අවශ්ය වෙන් නැහැ..මුස්ලිම් අයනම් තමන් මුස්ලිම් සදාතනිකවම කියල හිතාගෙන ඒ අනන්යතාව තව ත්ව වැඩිදියුනු කරගෙන අනාගතයම් දවසක් ලොකේ සියල්ලන්ම මුස්ලිම් වන දවසක් ගැනැ හිතන අය.ඉතින් සිංහල අයට කොහොමත් අනන්යතාවක් අවශ්යම නැත්නම් සිංහලේ කිය කිය කෑගහගෙන අනික් අය බැන බැන නටන නාඩගමෙන් වැඩක් නෑ..

    සිංහල සංස්කෘතිය වටිනාකම් ගුනධර්ම බල්ලට දාල පෙනුමෙන් හැගුමෙන් හැසිරීමෙන් හිපියො වගේ වෙන්ච්චි කන්ඩායම්ක් "සිංහලේ" කියල ගහගෙන ඉන්න එක රට හිනස්සන වැඩක්
     
    Last edited:
    Aug 31, 2011
    399
    43
    0
    .සංස්කෘතියෙන් තමයි ජාතියෙ අනන්යතාව හදන්නෙ..ඉතින් සන්කෘතිය තීරනය කරන්නෙ ඉරාජ්ල,නදීශා හෙමමාලිල,සමනලීල,,සිරස,දෙරන,,හිරු වගේ අය...කොහොම සිංහලයක් ඉතුරුවේද
    එක අතකට මුස්ලිම් මිනිස්සු මේවට පලිද:D

    මෙහෙම හිතන්න වසර 2035දි සිංහල,මුස්ලිම්,දෙමල කියන තුන්වර්ගයෙ සංස්කෘතියෙ වැඩිම වෙනසක් කරගෙන ඉන්නෙ ශුවර් එකටම කවුද? දැන් යන ටෙලි නාට්ටි,මියුසික් විඩියො,ෆැශන් ශෝ,රියලිටි අනුව 2035 වෙනකොට සිංහලය අදින ඇදුම,හැසිරෙන විදිහ හිපියො පවා විමතිකට පත්වෙන තරමට අන්ත බටහිරකරන වෙනවා.ඉතින් ඒවගෙ කෙනෙක්ට එදාට සිංහලේ කියන්න පුලුවන් ද.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    .සංස්කෘතියෙන් තමයි ජාතියෙ අනන්යතාව හදන්නෙ..ඉතින් සන්කෘතිය තීරනය කරන්නෙ ඉරාජ්ල,නදීශා හෙමමාලිල,සමනලීල,,සිරස,දෙරන,,හිරු වගේ අය...කොහොම සිංහලයක් ඉතුරුවේද
    එක අතකට මුස්ලිම් මිනිස්සු මේවට පලිද

    මෙහෙම හිතන්න වසර 2035දි සිංහල,මුස්ලිම්,දෙමල කියන තුන්වර්ගයෙ සංස්කෘතියෙ වැඩිම වෙනසක් කරගෙන ඉන්නෙ ශුවර් එකටම කවුද? දැන් යන ටෙලි නාට්ටි,මියුසික් විඩියො,ෆැශන් ශෝ,රියලිටි අනුව 2035 වෙනකොට සිංහලය අදින ඇදුම,හැසිරෙන විදිහ හිපියො පවා විමතිකට පත්වෙන තරමට අන්ත බටහිරකරන වෙනවා.ඉතින් ඒවගෙ කෙනෙක්ට එදාට සිංහලේ කියන්න පුලුවන් ද.
    මම දෙමල නිසා කලින් මේ වගේ ත්‍රේඩ් එකක කතා කරන්න ගිහින්, මට අයිති නැති දේවල් කතා කරන්න එපා කියලා කට්ටිය මට බැන්නා.. අකමැත්තක් නැත්තම් මගේ අදහස කියන්නම්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම දෙමල නිසා කලින් මේ වගේ ත්‍රේඩ් එකක කතා කරන්න ගිහින්, මට අයිති නැති දේවල් කතා කරන්න එපා කියලා කට්ටිය මට බැන්නා.. අකමැත්තක් නැත්තම් මගේ අදහස කියන්නම්.

    එලකිරිය අපි හැමෝටම හදලා තියන gt සහෝ දෙමල /මුස්ලිම් උන්ට අදහස් දක්වන්න ඉඩක් නැ කියලා එළකිරියේ කොන්දේසි වල දාලා :yes: නැනේ එක නිසා ඕනෙම ජාතිකයෙකුට අදහසක් කියන්න පුළුවන්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සොහොන;19571722 said:
    එලකිරිය අපි හැමෝටම හදලා තියන gt සහෝ දෙමල /මුස්ලිම් උන්ට අදහස් දක්වන්න ඉඩක් නැ කියලා එළකිරියේ කොන්දේසි වල දාලා :yes: නැනේ එක නිසා ඕනෙම ජාතිකයෙකුට අදහසක් කියන්න පුළුවන්
    මෙහෙමයි මම හිතන හැටියට.. සින්හල උනත් දෙමල උනත් මුස්ලිම් උනත් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි බෙදෙන්නේ කියලා.. බෙදුනු කිසිම රටක් දියුනු උනේ නැ.. කෙනෙක් කියාවි දියුනුව කියන්නේ සන්ස්කෘතියේ පිරිහීමද කියලා. මම දකින සන්ස්කෘතිය තුල බ්‍රසියර් එක ගලවලා ගායකයට විසිකිරීම සන්ස්කෘතික හානියක් නෙමෙයි. ඒ මොකද ඒක විනොදය සදහා කරපු දෙයක් වීම නිසා. නමුත් හොදට සරම කමිසේ ඇදලා කොටට ඇදපු කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බැරි නම් එතන තියනවා සන්ස්කෘතියේ පිරිහීමක්.. මම හිටපු රටෙත්, දැන් ඉන්න රටෙත් අනික් රටවලත් ඔනේතරම් කොටට ඇදපු කෙල්ලො පාරේ යනවා.. කවුරුට් ඒක ගනන් ගන්නේ නැ. හැබැයි සමාජය පිරිහිලා නැ ලන්කාවේ තරම්. කවුරුත් ඒ කෙල්ලන්ව දූශනය කරන්න යන්නේ නැ.. ඒ වගේම උන්ට ඇග වැහෙන්න රෙදි අන්දන්න උද්ගොශනය කරනෙත් නැ. හොදම උදාහරනේ ආසියාවේ සින්ගපුරුව. ලන්කාවේ ඉන්න ජාති තුනම එහේ ඉන්නවා.. දෙමල අය හොදට දිගට අදිනවා, හැබැයි එහෙම අදින්නේ නැති බටහිර අයව එලවන්නවත්, ඒ අයට හිරිහැර කරන්නවත් යන්නේ නැ. ඒ වගේමයි මුස්ලිම් අයත්, ඒ අයට වියාපාර තියනවා. පල්ලි තියනවා. ඒ අයත් එකට් ඉන්නවා ඒ පුන්චි රටේ.. නමුත් ලන්කාවේ ඇයි එහෙම බැරි.. ජාතිය ආගම කුලය කියන දේ සමාජයට කාවැද්දුවොත්, තියෙන්නේම බෙදීම.. බෙදීම හැමතැනම. තමන් අදින විදියට අනිකා නොඇන්දොත්, බෙදීම. ඌ කන දේ මූ නොකැවොත් බෙදීම. ඇයි මේ බෙදීම ජාතිකත්වය කියලා අර්තකතනය කරන්නේ.. ඇමෙරිකාවේ, කැනඩාවේ ස්වදේශිකයො නැ.. ඉන්නේ, එක්කො, චීන, එක්කො රුසියන්, එක්කො එන්ගලන්ත, එක්කො පකිස්තාන්, ඉන්දියන්, පර්සියන්, සීරියන් මිනිස්සු. නමුත් උන්ගේ එකෙක්වත් කියන්නේ නැ මම අහවලා කියලා. උන් ඔක්කොම එක්කො කැනේඩියන්ස්ලා. එක්කො ඇමෙරිකන්ස්ලා.. ලන්කාවේ එකෙක්ගෙන් පාර යනකොට ඔයා කවුද කියලා ඇහුවොත්, මම සින්හල, මම දෙමල, මම සින්හල.. ඊටත් එහාට ගිහින්, මම උඩරට බොදු ගොවි.. තවත් බෙදාගෙන..
     
    Last edited:
    • Like
    Reactions: Rated_R

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361

    ලොල් ඕයි... මේ මොන මගුලක්ද කියවන්නෙ :rofl::rofl::rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලොල් ඕයි... මේ මොන මගුලක්ද කියවන්නෙ :rofl::rofl::rofl:
    මොන කතන්දර කියෙව්වත්, අන්තිමට ඔය සින්හලේ කියන එක එන්නේ ඔතනටනේ සහොදරයා.. ආයේ වටින් ගොඩින් ආවට. ඔක සමාජයේ යම්තාක් දුරකට පිරිසක් පිලිගන්නවා. අන්න ඒ පිරිස් බලය ලැබුනු ගමන්, ඔකත් දෙවෙනි බොදු බල සේනාව. බොදු බල සේනාවත් පටන් ගත්තේ මුස්ලිම් කඩ වර්ජනය කරලා නෙමෙයිනේ.. පටන් ගත්තේ, ජාතිය රැකගන්න පෙරට එමු කියලා.. සින්හල කට්ටිය අවන්කවම ඔකට සහයොගය දුන්නා, ජාතියට සෙතක් වෙන්නයි කියලා. අන්න එහෙම පිරිස් බලය වැඩි උන ගමන් තමයි ඇත්ත අරමුන පහල වෙන්න ගත්තේ.. ජාතිය හින්දම ඔය සන්විදාන බිහි උනානම් දැනුත් තියෙන්න එපැයි බොබොසේ.. ඔවා තනිකරම දේශපාලන මාෆියා.. සින්හල අය විතරක් නෙමෙයි.. දෙමල මුස්ලිම් අය අතරත් ඔක තියනවා.. දේශපාලන බලේ ඔනා උනාම, නැති උනාම ලෙසියෙන්ම රට අල්ලන්න පුලුවන් ක්‍රමයක් තමා මිනිස්සු බේද කරලා දෙකඩ කිරීම. දැන් වෙන්නෙත් ඒක.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙහෙමයි මම හිතන හැටියට.. සින්හල උනත් දෙමල උනත් මුස්ලිම් උනත් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි බෙදෙන්නේ කියලා.. බෙදුනු කිසිම රටක් දියුනු උනේ නැ.. කෙනෙක් කියාවි දියුනුව කියන්නේ සන්ස්කෘතියේ පිරිහීමද කියලා. මම දකින සන්ස්කෘතිය තුල බ්‍රසියර් එක ගලවලා ගායකයට විසිකිරීම සන්ස්කෘතික හානියක් නෙමෙයි. ඒ මොකද ඒක විනොදය සදහා කරපු දෙයක් වීම නිසා. නමුත් හොදට සරම කමිසේ ඇදලා කොටට ඇදපු කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බැරි නම් එතන තියනවා සන්ස්කෘතියේ පිරිහීමක්.. මම හිටපු රටෙත්, දැන් ඉන්න රටෙත් අනික් රටවලත් ඔනේතරම් කොටට ඇදපු කෙල්ලො පාරේ යනවා.. කවුරුට් ඒක ගනන් ගන්නේ නැ. හැබැයි සමාජය පිරිහිලා නැ ලන්කාවේ තරම්. කවුරුත් ඒ කෙල්ලන්ව දූශනය කරන්න යන්නේ නැ.. ඒ වගේම උන්ට ඇග වැහෙන්න රෙදි අන්දන්න උද්ගොශනය කරනෙත් නැ. හොදම උදාහරනේ ආසියාවේ සින්ගපුරුව. ලන්කාවේ ඉන්න ජාති තුනම එහේ ඉන්නවා.. දෙමල අය හොදට දිගට අදිනවා, හැබැයි එහෙම අදින්නේ නැති බටහිර අයව එලවන්නවත්, ඒ අයට හිරිහැර කරන්නවත් යන්නේ නැ. ඒ වගේමයි මුස්ලිම් අයත්, ඒ අයට වියාපාර තියනවා. පල්ලි තියනවා. ඒ අයත් එකට් ඉන්නවා ඒ පුන්චි රටේ.. නමුත් ලන්කාවේ ඇයි එහෙම බැරි.. ජාතිය ආගම කුලය කියන දේ සමාජයට කාවැද්දුවොත්, තියෙන්නේම බෙදීම.. බෙදීම හැමතැනම. තමන් අදින විදියට අනිකා නොඇන්දොත්, බෙදීම. ඌ කන දේ මූ නොකැවොත් බෙදීම. ඇයි මේ බෙදීම ජාතිකත්වය කියලා අර්තකතනය කරන්නේ.. ඇමෙරිකාවේ, කැනඩාවේ ස්වදේශිකයො නැ.. ඉන්නේ, එක්කො, චීන, එක්කො රුසියන්, එක්කො එන්ගලන්ත, එක්කො පකිස්තාන්, ඉන්දියන්, පර්සියන්, සීරියන් මිනිස්සු. නමුත් උන්ගේ එකෙක්වත් කියන්නේ නැ මම අහවලා කියලා. උන් ඔක්කොම එක්කො කැනේඩියන්ස්ලා. එක්කො ඇමෙරිකන්ස්ලා.. ලන්කාවේ එකෙක්ගෙන් පාර යනකොට ඔයා කවුද කියලා ඇහුවොත්, මම සින්හල, මම දෙමල, මම සින්හල.. ඊටත් එහාට ගිහින්, මම උඩරට බොදු ගොවි.. තවත් බෙදාගෙන..
    බ්‍රසියර් එක නදීෂා රගපාපු සින්දුව සිංහලේ ජාවාරම මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරන්න මහින්දගේ කාලේ වාගේ ගෙන ප්‍රශ්න එකවසරේ පොඩ් ළමයෙකුට උනත් තේරෙනවා දැන්
     
    J o c k e y

    Member
    Dec 17, 2015
    119
    8
    0
    සොහොන;19571909 said:
    බ්‍රසියර් එක නදීෂා රගපාපු සින්දුව සිංහලේ ජාවාරම මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරන්න මහින්දගේ කාලේ වාගේ ගෙන ප්‍රශ්න එකවසරේ පොඩ් ළමයෙකුට උනත් තේරෙනවා දැන්

    sirawata... :oo:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281
    113
    මෙහෙමයි මම හිතන හැටියට.. සින්හල උනත් දෙමල උනත් මුස්ලිම් උනත් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි බෙදෙන්නේ කියලා.. බෙදුනු කිසිම රටක් දියුනු උනේ නැ.. කෙනෙක් කියාවි දියුනුව කියන්නේ සන්ස්කෘතියේ පිරිහීමද කියලා. මම දකින සන්ස්කෘතිය තුල බ්‍රසියර් එක ගලවලා ගායකයට විසිකිරීම සන්ස්කෘතික හානියක් නෙමෙයි. ඒ මොකද ඒක විනොදය සදහා කරපු දෙයක් වීම නිසා. නමුත් හොදට සරම කමිසේ ඇදලා කොටට ඇදපු කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බැරි නම් එතන තියනවා සන්ස්කෘතියේ පිරිහීමක්.. මම හිටපු රටෙත්, දැන් ඉන්න රටෙත් අනික් රටවලත් ඔනේතරම් කොටට ඇදපු කෙල්ලො පාරේ යනවා.. කවුරුට් ඒක ගනන් ගන්නේ නැ. හැබැයි සමාජය පිරිහිලා නැ ලන්කාවේ තරම්. කවුරුත් ඒ කෙල්ලන්ව දූශනය කරන්න යන්නේ නැ.. ඒ වගේම උන්ට ඇග වැහෙන්න රෙදි අන්දන්න උද්ගොශනය කරනෙත් නැ. හොදම උදාහරනේ ආසියාවේ සින්ගපුරුව. ලන්කාවේ ඉන්න ජාති තුනම එහේ ඉන්නවා.. දෙමල අය හොදට දිගට අදිනවා, හැබැයි එහෙම අදින්නේ නැති බටහිර අයව එලවන්නවත්, ඒ අයට හිරිහැර කරන්නවත් යන්නේ නැ. ඒ වගේමයි මුස්ලිම් අයත්, ඒ අයට වියාපාර තියනවා. පල්ලි තියනවා. ඒ අයත් එකට් ඉන්නවා ඒ පුන්චි රටේ.. නමුත් ලන්කාවේ ඇයි එහෙම බැරි.. ජාතිය ආගම කුලය කියන දේ සමාජයට කාවැද්දුවොත්, තියෙන්නේම බෙදීම.. බෙදීම හැමතැනම. තමන් අදින විදියට අනිකා නොඇන්දොත්, බෙදීම. ඌ කන දේ මූ නොකැවොත් බෙදීම. ඇයි මේ බෙදීම ජාතිකත්වය කියලා අර්තකතනය කරන්නේ.. ඇමෙරිකාවේ, කැනඩාවේ ස්වදේශිකයො නැ.. ඉන්නේ, එක්කො, චීන, එක්කො රුසියන්, එක්කො එන්ගලන්ත, එක්කො පකිස්තාන්, ඉන්දියන්, පර්සියන්, සීරියන් මිනිස්සු. නමුත් උන්ගේ එකෙක්වත් කියන්නේ නැ මම අහවලා කියලා. උන් ඔක්කොම එක්කො කැනේඩියන්ස්ලා. එක්කො ඇමෙරිකන්ස්ලා.. ලන්කාවේ එකෙක්ගෙන් පාර යනකොට ඔයා කවුද කියලා ඇහුවොත්, මම සින්හල, මම දෙමල, මම සින්හල.. ඊටත් එහාට ගිහින්, මම උඩරට බොදු ගොවි.. තවත් බෙදාගෙන..

    කොඩියෙ ඉදලම බෙදිල ඉන්නෙ. මුලින්ම කොඩියෙන් අයින් කරන්න ඕනි බෙදීම. එතනයි මුල මේ අද තියෙන්නෙ ඔක්කොම ප්‍රශ්නව වලට.
    සිංහල දෙමළ මිනිස්සු බෙදෙනව තමා ඒ උනාට මුස්ලිම් කෙනෙක් තරම් නෑ, මුස්ලිම් අය කෙලින්ම තොප්පියක් දාගෙන වෙන් වෙලා ඉන්නෙ.සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම සමගියෙන් ජීවත් වෙච්ච රට සිංහලේ නැත්තන් සිලෝන් ශ්‍රී ලංකා කියන නම ඇතුලෙ අපි කොහොමත් බෙදිල ඉන්නෙ කොඩිය ඉදලම. සුද්ද අපිට බාර දුන්නෙ බාර ගත්ත රට නෙවෙයි. උන් විසින් ඇති කරපු ප්‍රශ්න තමා තාම අපි විසදන්නෙ.අද ඇති වෙන ප්‍රශ්න වලට මුල එතනයි.

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Sinhale
    Sinhale kiyaganne culture ekak ona nisa kiyala hithuwe
    Eth menna passa paththe sinhaley kiyala pachcha kota ganna kello polin wala
    Kudu wikunana ewunut sinhalet pachcha gahala
    Kudu deal karana car wala sticker gahan
    Mey mona jork da