සිංහල අවුරුද්ද

SlayerOfDValley

Active member
  • Dec 26, 2011
    505
    182
    43
    සිංහල අවුරුද්ද

    සිංහල අවුරුද්ද මොකක්ද? සිංහල අවුරුද්දට පදනමක් (තේරුමක්) තියනවද? සිංහල අවුරුද්දට විද්‍යාත්මක (හෞතික) අගයක් තියනවද?
    සිංහල අවුරුද්ද යනු වසන්ත සැනකෙලියකි.
    එනම් රටේ ජනයාට කා බී මගුල් නටා ප්‍රීතිවන්නට යොදාගත් උත්සවයකි. වසන්ත සැනකෙලි ලොව සෑම ශිෂ්ඨාචාරයකම තිබේ. ඒ වර්ගයා බෝ කිරීමට හොඳම සහකරු හෝ සහකාරිය තෝරා ගැනීම නම් පරිනාමීය අවශ්‍යතාවය ඉටුවීමටය.
    හොඳම කෙනා තෝරා ගැනීමට නම් තමන් දන්නා කෙලි සෙල්ලම්, නැටුම් වැයුම්, ඇඳුම් පැළඳුම් මෙන්ම කෑම බීමද උපරිමයෙන් අන්‍යයන්ට පෙන්විය යුතුය. අස්වැන්න නෙලා ගත් පසු කාලය මෙන්ම ගස් වැල් ඵලබර වන කාලය නේද ඊට හොඳම කාලය.
    සිංහල අවුරුද්ද වසන්ත සැනකෙලියකින් ඔබ්බට යන්නේ සහකරු හෝ සහකාරියගෙන් නොනැවතී වැඩිහිටියන් ප්‍රමුඛ පවුලට ආදරය කිරීමටත්, ශරීර සෞඛ්‍ය ආරක්ෂාවට අදාළ කාරණාත්, මානසික හා අධ්‍යාත්මික කාරණාත් සලකමින් කටයුතු කිරීමත් නිසාය.
    සිංහල අවුරුද්ද විද්‍යාත්මකව වැදගත් වන්නේ ඉර සිංහල රටට උඩින් ඇති අක්ෂාංශ වල (දළ වශයෙන් උතුරු අක්ෂාංශ 5ත් 10 ත් අතර) හරි කෙලින්ම පායන (හෙවත් අවුව ඉද්ද ගැසුවා වගේ - අවු+ඉද්ද අවුරුද්ද වීම) කාලයේ පැවත්වීමත්, රාශි චක්‍රයේ (තමා කේන්ද්‍රය ලෙස ගත් ගෝලයේ අංශක360 සමාන අංශක 30 කොටස් 12 කට බෙදුවම ලැබෙන එක් කොටසක් එක් රාශියක් වේ.) අවසන් රාශිය වන මීන රාශියේ සිට රාශි චක්‍රයේ මුල් රාශිය වන මේෂ රාශියට පැමිණීමත් එකවිට සිදුවන නිසාය.
    නැකත් හදන්නේ රාශි චක්‍රය මත පදනම්වයි. නැකත් වල නිරවද්‍යතාවය සෙවීමට ක්‍රමයක් නැති නමුත් නැකත් වල භෞතික නිරවද්‍යතාව මැනීමට හැකිය. (පුර පෝය දවස යනු ඉර හඳ අපේ දෙපැත්තෙන් අංශක 180 ක් වන සේ පිහිටන දවසයි. එදාට කෙන්දරේ රවී හා චන්ද්‍රයා සිටින්නේ එකිනෙට කොටු 7 ක් දුරින් හෙවත් අංශක 180ක් වන සේය. අමාවක දවසට ඉර හා චන්ද්‍රයා එක කෙලින් ඇති සේ අපට පෙන්. එදාට කේන්දරේ රවී හා චන්ද්‍රයා සිටින්නේ එකම අංශකයකයි.)
    සිංහලයා විද්‍යාවත්, සංස්කෘතියත්, ආදරයත් එකට ගැලපූ ආකාරය අතිශය පුදුමයි නේද? සිංහල අවුරුද්ද නිවැරදිව තේරුම් ගත හැකිනම් විශ්වයේ භෞතික චලනයන් හා ජීවිතයේ අර්ථය තේරුම් ගැනීමට අපහසු නොවනු ඇත.


    11129927_10206803458113951_6024045265313232816_n.jpg