සිංහල කොහෙන්ද ආවේ? -1

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    සිංහල කොහෙන්ද ආවේ? -1

    සිංහල භාෂාවේ ශබ්දාර්‍ණවය [phonology] හදාරන කෙනෙකුට මේ බාසාව ඉන්දියාවෙන් ගොඩබැස්ස එකක් නොවෙයි කියා සැක නැතිව පේනවා.

    ඉන්දීය මිනිසුන් සියල්ලන්ගේම කතාවේ, ඉන්දු ආර්‍ය්‍ය හෝ ද්‍රවිඩ හෝ වේවා, එක පොදු ලක්‍ෂණයක් තියෙනවා. ඒ මූර්‍ධජ ශබ්ද උච්චාරණයයි. ඔවුන් ඩයන්න හා ටයන්න නිරුත්සාහයෙන් දිවග උඩු තල්ලට හරවලා කියනවා. සහජයෙන්ම හෙළයාට ඒක කරන්න බෑ. ෂයන්න කියන්නෙත් ඉංග්‍රීසි [pleasure] කියන එකේ විදිහට නොවෙයි; [ship] පදයේ වගේ 'ප්ලෙශර්' කියලායි. ඉතින්, න-ණ ල-ළ භේදය නොපෙනෙන්නෙත් මේ නිසයි. ඉංග්‍රීසි රයන්න හලන්නෙත් මේ මූර්‍ධජ අහේනිය නිසාමයි. දෙමළ අය [thirty] යන්න කියන විට අපිට ඒක 'තට්ටි' (තයන්න 'කරන' යන්නේ 'ක' වගේ සංවෘතයි) කියා ඇහිලා අපේ සමහරුන් ඒක වැරදියට අනුකරණ කරන්නේ මේ නිසයි. දමිළයා අතන මුර්‍ධජ රයන්න උච්චාරණ කරනවා අපිට ඇහෙන්නේ නෑ; වැඩියෙන් හල් ටයන්නක් දැම්ම එකනම් ගන්නවා.

    හැම විටම භේදයද, බේධයද කියා සංස්කෘත ශබ්දකොෂයේ මට බලන්න වෙන්නේ හෙළයාට තියෙන අනික් අඩුව නිසයි. ඒ මහප්‍රාණ උච්චාරණය නුහුරු කමයි. උතුරු ඉන්දියානු ඉන්දු ආර්‍ය්‍යයන් ඉංග්‍රීසියේ [th] දෙක අඝොෂව පැමිණෙන තැන් 'ථ' හැටියට කියනවා. (උදා: [thousand] = ථෞසන්ඩ්).

    ඉතින්, අම්මා කතා කරන විදිහ අහගෙන ඉගෙනගන්න අපි කෙහොමද ඉන්දියාවෙන් ආව අයගෙන් පැවත එනවා කියන්නේ? ඒ වගේම 'වතුර', 'තුරු', 'හඬ' වගේ ඒවා අපේ මුතුන්මිත්තන් ලංකාවට පැමිණිලා අළුතින් හොයාගත්ත දේවල්වලට දුන් නිශ්පන්න සිංහල පද වෙන්න බෑ. ඒවාට තත්සම පද ([cognates]) සංස්කෘත ඇතුළු ඉන්දීය භාෂාවල්වල නැති නමුත් යුරෝපීය භාෂාවල්වල තියෙනවා. (උදා: ඉංග්‍රීසි [water, tree, sound]).

    ඉතින්, කරුණු මෙසේ නම් සිංහලවල මුල කොහේද? නිසැකයෙන්ම එහි ඉන්දු-යුරෝපීය භෂාවල් සමග තත්සමව පවතින වචන රැසක් ඇති නිසා එය ඉන්දු-යුරෝපීය බසක් සේ නිගමන කෙරේ.

    සිංහලයේ මුල හොයන්න අපි ගණිතමය ප්‍රශ්නයක් ගොඩනගමු. අපි කියමු යුරෝපීය භාෂා සහ ඉන්දු-ආර්‍ය්‍ය (උතුරු ඉන්දියාවේ) භාෂා යන දෙකට මාතෘවූ භාෂාවේ පද {A,B,C,X,Y,Z} සේ කොටස් කළා කියා. ඉතින්, පද වර්‍ග {A,B,C,X} යුරෝපීය භාෂාවලට පැමිණියා, {A,B,C,Y} ඉන්දු-ආර්‍ය්‍ය ගනයේ භාෂාවලට පැමිණියා කියලා ගමු. ඉහතින් දැක්වූ වතුර යනාදී වචන X වර්‍ගයේ තත්සම පද සේ ගෙන සිංහලට ආව පද {A,B,X,Z} වර්‍ගවලට සීමා වුනා යයි සිතමු. එවිට ඉන්දු-ආර්‍ය්‍ය භාෂාවල ඇති නමුත් අපට නැති පද Y වර්‍ගය විසින් පිළිබිඹු කෙරෙන අතර යුරෝපීය භාෂාවල්වල ඇති නමුත් අපට නැති වර්‍ගය C වේ. Z කියන්නේ අපට ඇති නමුත් අනික් භාෂා දෙවර්‍ගයටම නැති සිංහල හා මව් බස යන දෙකට තත්සම වචන වේ. මෙවැනි පද ඇතිද කියා අප විසින් සොයා නැත.

    ඉන්දු-යුරෝපීය බසක් කතා කරනවුන් දිවයිනට ආව කාලයේ වැදි ජනයා සිටියා කියා අනුමාන කළ හැක. එසේ නම් ඒ භාෂාවල් කවලම් වී නූතන සිංහල නිර්‍මාණ වෙන්න ඇති. ඔස්ට්‍රේලියාවේ ආදි වාසින්ට අපේ ශරීර අවයව සඳහා ඇති නම් තියෙනවා කියා අප අසා තියෙනවා. එයත්, මේ ආදි වාසින් දෙවර්‍ගයේ නෑකමක් තිබේද කියාත් සොයා බැලීම වැදගත් ය.

    ඉහත පෙන්වූ තර්‍ක අනුව සිංහල පසුව නොව එක්කෝ යුරෝපීය හා ඉන්දු-ආර්‍ය්‍ය භාෂා හා සමකාලීනව උපන් බසක් හෝ ඒ දෙකටම වඩා පැරණි බසක් වේ. මේ දෙවැන්නට හේතුසාධක වන්නේ ශුද්ධ සිංහල (ඒ කියන්නේ අපිට සහජයෙන් කියන්න ලේසි) අකුරු ගණන තිස් අටක් පමණ වීමත් ඉහත කී අනික් භාෂාවල ශබ්ද ගණන හතලිහකට වඩා වැඩි වීමයයි සිතමු. භාෂාවක් භාවිතයේදී ශබ්ද සීමා වීම ස්වභාවික බව විශෙෂයෙන් අමෙරිකන්වරුන්ගේ ඉංග්‍රීසි භාෂාවේ මෑත කාලීන වර්‍ධනය දෙස බැලූ විට ප්‍රත්‍යක්‍ෂ වේ.