සිංහල දීපයේ සිංහලයාට තහනම් කළාප
විසවන සියවස ආරම්භයේ දී දකුණේ දොඩන්දූ වරයෙන් නැව් නැග නැගෙනහිර මුහුදු තීරයට ගොස් වෙළෙඳාම ආරම්භ කළ වීර සිහලයන් ගේ පරපුර අද අනාථව ඇත. කොටි ත්‍රස්තයන්ගෙන් බැට කෑ ඔවුහු සිය ඉඩ කඩම් දමා විත් දැන් හබරණ නුවර ගම්පහ ආදී පළාත් වල මෙන්ම සිය මුල් ගම් රටවලද වෙසෙති. එරාවුර් නගරයේ පමණක් සිංහල ව්‍යාපාරිකයන් පණස් දෙදෙනෙකු සිටි බව හැන්සාඩ් වාර්තා වල පවා සඳහන්ව තිබේ. ඔවුන් සඳහාම ඉඳි කරන ලද එරාවුර් නව වෙළෙඳ පළ විවෘතකර ඇති නමුත් එහි නැවත පදිංචිවීමට සහ වෙළෙඳාම ආරම්භ කර ගැනීමට ඉඩ දී නොමැත. ඒ වෙනුවට එරාවුර් වෙළෙඳ සංගමයේ සභාපති ඇල්මිස් වල්ගම මහතාට විරුද්ධව එරාවුර් ප්‍රාදේශීය සභාව නඩු පවරා තිබේ. මේ නඩුව දැන් වසර හයක් තිස්සේ මඩකලපු උසාවියේදී දෙමළ භාෂාවෙන් ඇසේ. එරවුරු හන්දියේ සිට කි. මී. 03 ක් පමණ මුහුදු වෙරළ දෙසට ගිය විට පුන්නකුඩා ධීවර ගම්මානය හමු වෙයි. එහි සිංහල පවුල් 350 ක් පමණ ජීවත්ව සිටි අතර දැන් එකදු පවුලක්වත් ඉතිරිව නැත. කොටි ත්‍රස්තයන් මේ ඉඩම් වලට හොර ඔප්පු සාදා ලියාපදිංචි කර ඇත. නමුත් පුන්නකුඩා විහාරස්ථානය පමණක් තිබේ. එහි වැඩ සිටින්නේ ජර්මන් ජාතික භික්ෂූන් වහන්සේ නමකි.එරාවුර් විහාරස්ථානය පුන්නකුඩා විහාරස්ථාන දෙකම ඉතා හොඳින් නිමකර අලංකාර කරන ලද්දේ එරාවුර් පොලිස් ස්ථානයේ නිළධාරි මහත්වරුන්ගේ මූලිකත්වයෙනි. එරාවුර් විහාරයේ නායක හිමියන් ඝතනය කරන ලද්දේ කොටි ත්‍රස්තයන් නොව මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසිනි. අද එරාවුර් නගරය ඔවුන්ටම සින්න වී ඇත. වල්ගම මහතාගේ සහොදරයාගේ බිරිය හා දරුවන් පමණක් එහි වෙළෙඳපලේ අංක 34 කඩ කාමරයේ නැවතී වෙළෙඳාම් කරයි. විදුලි බලය ඔවුන් ට නැත. එයට ඉල්ලුම් කළද ප්‍රතික්ෂේප කර ඇත. සිංහල දේශපාලකයන් කෙතෙක් සිටියද මේ අවතැන් සිංහලයන් ගේ හඬට කිසිදා සවන් දී නැත. ඒ මුස්ලිම් කලාපයක් සඳහා අන්තවාදීන් ගේ යෝජනාවන්ට හිස නමා අනුමත කොට අරාබි සල්ලි වලින් සාක්කු පුරවා ගන්නටය.
එරවුර් සිංහලයන් ගේ ඉරණම මෙසේය.

මේක පාවාදීමකටත් එහා දෙයක් නෙවෙයිද???? 