සිංහල පුරවැසියෝ
සුළු ජනකොටස් වලට ඔවුන්ගේ අනන්‍යතාව ගොඩනගා ගැනීමට අවකාශ සලසා දීමෙන් මෙම ගැටලූව විසදිය නොහැකි බවත්, විවිධ ජාති භාෂා ආගම් වශයෙන් බෙදී සිටිනතාක් වාර්ගික කෝලහාල,බෙදුම්වාදී අරගල තුරන් කිරීමට නොහැකි බවත්, ‘අපි ඔක්කොම සිංහල පුරවැසියෝ ’සංවිධානයේ සභාපති හර්ෂ හෑගොඩ මහතා පැවසීය.
ජාතික, ආගමික හා භාෂා නාමයන් යටතේ සියලූ ජනකොටස් ඒකරාශීකොට එකම ජාතියක් බිහි කිරීම එයට ඇති විසදුම බවද හෙතෙම පවසා සිටියේය.
‘අපි ඔක්කොම සිංහල පුරවැසියෝ’ සංවිධානයේ වැඩපිළිවෙළ පිළිබදව අදහස් දක්වමින් හෑගොඩ මහතා,
”අපේ ප්‍රතිපත්ති මාලාව එළිදක්වා එහි පිටපතක් ජනාධිපතිතුමාටත් යොමු කළා.එහි මූලික ප්‍රතිපත්තිය තමයි අපේ මාතෘ භූමිය හැදින්වීම සදහා දැනට භාවිත කරනු ලබන ‘ශ්‍රී ලංකාව’නැමති නිල නාමය වෙනුවට ‘සිංහල ථේරවාදී බෞද්ධ රට’යන නාමය යෙදිය යුතු බවයි.ජාති,ආගම්,භාෂා භේද වලින් තොර සියල්ලට එක්සත්ව,එක්සිත්ව නැගී සිටිය හැකි සමාජයක් බිහි කිරීම තමයි අපේ පරමාර්ථය.
සිංහල ජාතිය මිශ්‍ර ජාතියක්. සිංහල ජාතිය නිර්මාණය වීමේදී ද්‍රවිඩ ජාතිකයන්ගෙන් විශාල දායකත්වයක් ලැබිලා තියනවා.ජාතීන් මිශ්‍ර වීම නිසා ජාතිය ශක්තිමත් වෙනවා.බුද්ධිමත් නිරෝගී ජාතියක් බිහිවෙනවා.සිංහල සංස්කෘතිය යටතේ සියලූ ජාතීන්ගේ සංස්කෘතීන් එකතු කළ යුතුයි.මේක අන්තවාදයක් නොවෙයි.රට ඒකරාශී කිරීමයි අපේ අරමුණ”
Source : C news