සිංහල බෞද්ධයන්ට පොහොය දිනය අහිමි කරයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සිංහල බෞද්ධයන්ට පොහොය දිනය අහිමි කරයි

    24232202_554425651560857_8334488361087123497_n.jpg

    සිංහල බෞද්ධයන්ට පොහොය දිනය අහිමි කරයි. රජයේ රූපවාහිනියේ පොහෝ දා සර්වාගමික බණ.

    අද උඳුවප් පොහොය දිනයයි. සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ අංකුරය සහිතව සිංහල දේශයට වැඩම කළ පූජනීය දිනයයි.

    ජාතික රූපවාහිනිය ආරම්භ වූ කාලයේ පටන් පසුගිය පොහොය දින දක්වා සැම පොහොයකදීම භික්ෂූන් වහන්සේ ජාතික නාලිකාවෙන් ධර්ම දේශනා පවත්වයි. ලක්වැසි සිංහල බෞද්ධයින් පෙහෙවස් සමාදන්ව සිටින අතරේ ජාතික නාලිකාවෙන් ධර්මශ්‍රවණය කරයි.

    මෑතකදී විදේශ සහ ජනමාධ්‍ය අමාත්‍ය ධූරය භාර ගත් මංගල සමරවීර මහතාට සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට අනුව පොහොය දිනය දා භික්ෂූන් වහන්සේ නමක් පමණක් බණ කීමෙන් සංහැඳියාවට බාධාවක් සිදුවේ. ඊට හේතුව පොහොය දිනය සෑම ආගමිකයෙකුටම නිවාඩු දිනයක් වීමත් සෑම ආගමිකයෙක්ම රූපවාහිනිය බැලීමත් ය. එනිසා අද දින සිට ඉදිරි සියලුම පොහොය දිනයන් හි සියලුම ආගමික පූජකයින්ට පොහෝ දා ධර්ම දේශනා වැඩසටහනට ආරාධනා කර තිබේ.

    සිල් ගත් අහිංසක උවැසු උවැසියන් මෙම මිසදි‍ටුවන්ටත් වැඳගෙන බණ අහයි. මෙම වැඩසටහනේ නම "සංගායනා" ය. නිර්වාණය ප්‍රතික්ෂේප කරන අන්‍යාගමිකයන් සමග "සංගායනා" කළ හැකි ද?

    අතීතයේ සිට උස් අසුනක් සහ අසුනට සුදු පිරුවටයක් ලබා දෙන්නේ භික්ෂූන් වහන්සේට පමණි. එසේ කිරීමෙනුත් සංහැඳියාවට බාධාවක් වෙන බව කියමින් භික්ෂූන් වහන්සේට සමාන අසුන් අනකුත් ආගමික පූජකයන්ටත් ලබා දී ඇත. එසේම සියලුම අසුන් වලට සුදු පිරුවට දමා ඇත.

    එහෙත් තෛපෝංගල් , ශිවරාත්‍රී , මහ සිකුරාදා , රාමසාන් , හජ්ජි , දීපවාලී , නෝම්බි , නත්තල යන අනෙකුත් ආගමික නිවාඩු දිනයන් හි එම ආගමිකයන්ගේ වැඩටහන් වලට භික්ෂූන් වහන්සේලාට ආරාධනා නොකරන බව ආණ්ඩුව පවසයි. ඊට හේතුව එසේ කිරීමෙන් එම ආගමිකන්ගේ සිත් රිදී සංහැඳියාවට බාධාවක් සිදුවීම යි.

    මෙය පුදුම සංහැඳියාවකි. සිංහල බෞද්ධයන්ගේ ඉවසීම නිවට කමක් ලෙස මෙම ආණ්ඩුවෙන් සලකයි. ඉදිරි වෙසක් දිනයේදී බුදුරජාණන් වහන්සේගේ පිළිරුව පමණක් තොරණට යෙදීමෙන් අනෙකුත් ආගමිකයන්ගේ සිත් රිදෙන බව කියමින් එම ආගමික සලකුණුත් තොරණට යෙදීමට ආණ්ඩුවෙන් නීති ගෙන එන තෙක් අපි බලන් ඉමු ද?
     
    • Like
    Reactions: Ne@

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    මෙහෙම එකක් උනාද ඇත්තටම?