සිංහල බෞද්ධ’ මහින්දට බලයහිමි ඇඹිලිපිටිය &#3505

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    සිංහල බෞද්ධ’ මහින්දට බලයහිමි ඇඹිලිපිටිය &#3505

    ඇඹිලිපිටිය නගර සභාව පසුගිය වසර හතකට ආසන්න කාලය තුළ ගවමස් වෙළදසැලකට අවසර නොදුන් නමුත් පසුගිය සභා රැස්වීමේදී පැකට්කළ ගවමස් විකිණීමට අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වෙයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහින්ද පිල මෙහි බලය ලබාගත් අතර ඊට පෙර එහි සභාපති වුයේ ජාතික හෙළ උරුමයේ වේවැල්දුවේ ඥානප‍්‍රභ හිමිය. ඒ සමයේ ඇඹිලිපිටිය නගරයේ ගවමස් වෙඳසලකට අවසර නොලැබුණි. ඒ අනුව මහින්ද පිලට වර්තමානයේ බලය හිමි ඇඹිලිපිටිය නගර සභාවට තේරී පත්ව සිටින එම පිලේ සභිකයන් අට දෙනාගෙන්ම පැකට් කළ ගවමස් විකිණීමට අවසර ලැබුණි.

    මහින්ද පිලේ ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලලිත් ගමගේ ගේ ප‍්‍රධානත්වයෙන් පැවති නගර සභා මාසික රැස්වීමේදී මෙම අනුමැතිය ලබාදීම සිදුකර ඇත.
    එම සභාවේ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එදා ඇඹිලිපිටියේ ගවමස් අලෙවි නොකළයුතු සහ ගවමස් කඩයක් පවත්වාගෙන නොයා යුතුය යන යෝජනාවට එකඟත්වය පළකල සරත් විතාරණ සභිකයා මෙවර සභිකයෙකුවී ගවමස් විකිණීමට අවසර දීම වරදක් නොවන බවට අදහස් දක්වා ඇත. එදා විරුද්ධවූ දිනේෂ් මධුශංක පාලක සභිකයා මෙදා නිහඬව සිටියේ ය.

    එසේම මහින්ද පිලේ සභික කේ. රුවන් පතිරණ පවසා ඇත්තේ සුපිරි වෙළඳසැල්වල පැකට්කර ගවමස් අලෙවි කරන නිසා මෙම ඉල්ලිමට ඉඩදීම සාධාරණ බවත් ඉන් සභාවට ආදායමක් ලැබෙන බවය.

    නගර සභාවේ පාලනය අවසන් වීමෙන් පසු කොමසාරිස් පාලනයට නතුවිය. නගර සභාවේ ලේකම් ලෙස කටයුතු කළ අනුලා වඩුගේ මෙනවිය කොමසාරිස්වරයා ලෙස සිටි කාලයේ ද ඇඹිලිපිටිය නගරයේ ගවමස් වෙළදසැලක් හෝ පවතින වෙළසැල් තුළ පැකට්කර හෝ අලෙවිකිරීමට අනුමැතියක් ලබා දි නොතිබුණි.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහින්ද පිල මෙහි බලය ලබාගත් අතර ඊට පෙර එහි බලය හෙබවූයේ ජාතික හෙළ උරුමයේ වේවැල්දුවේ ඥානප‍්‍රභ හිමිය. ඒ සමයේ ඇඹිලිපිටිය නගරයේ ගවමස් වෙඳසලකට අවසර නොලැබුණි. ඒ අනුව මහින්ද පිලට වර්තමානයේ බලය හිමි ඇඹිලිපිටිය නගර සභාවට තේරී පත්ව සිටින එම පෙරමුණේ සභිකයන් අට දෙනාගෙන්ම මාළු වෙළෙදසැලේ පැකට් කළ ගවමස් විකිණීමට අවසර ලැබුණි.
    :angry::angry::angry::angry:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    කසිප්පු බොන අයගේ ප්‍රියතම බයිට් එක තමයි හරක් මස්
    එක ඔය