සිංහල බෞද්ධ චින්තනය පරාජය
සිංහල බෞද්ධ චින්තනය පරාජය
විදුදය, විදුලකර පිරිවෙන් අද අභාවයට ගොස් ඇත. ඒ පිරිවෙන් නමට පවත්වාගෙන යන බව සෑබෑ ය. එහෙත් ඒ පිරිවෙන්වලට අද ගිහි සමාජයේ තබා පැවිදි සමාජයේ වත් වැදගත්කමක් නො ලැබෙයි. මා එසේ සඳහන් කිරීම පිළිබඳව ඇතැමුන් උදහස් වීමට බැරි නැත. එහෙත් අද තරුණ භික්‍ෂූන් වහන්සේලා විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට ගන්නා උත්සාහයෙන් දහයෙන් එකක් වත් මහා පිරිවෙනකට ඇතුළු වීමට නො ගන්නා බව පැහැදිලි ය. අතීතයෙහි පිරිවෙන් අධ්‍යාපනයට ලැබුණු වටිනාකම දැන් නො ලැබෙයි. එයට ඇත්තේ එක ම එක හේතුවක් පමණකි. ඒ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්ව අදහස් අභියෝගයට ලක් නො කර ම මෙන් පිළිගැනීම නිසා සිදු වූවකි. ඇතැම් විචාරකයන් කියන්නේ අප අපේ වැරැදිවලට බටහිරයන්ට දොස් නඟන බව ය. අද අපේ තත්ත්වයට වැරැදිකරුවා ප්‍රධාන වශයෙන් ම බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය මිස අනෙකක් නො වේ. අප එකිනෙකා ගෙන් වෙන් වී ඉන්ද්‍රිය පිනවීම පසුපස හඹා යන්නේ අප බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය අනුකරණය කළ හා කරන බැවිනි. අපට පමණක් නො ව මුළු ලොවට ම විනයක් වී ඇත්තේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය ය. මෙහි සුළු කොටසක් ලෙස ගත හොත් මෙරට ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය මුළුමනින් ම මෙන් බටහිරයන් නිසා ඇති වූවකි. දහ හත් වැනි සියවසෙන් පසුව මෙරටට දෙමළ කතා කරන ජනයා දකුණු ඉන්දියාවෙන් ආනයනය කර ඔවුනට වරප්‍රසාද දී ඔවුන් ලවා සිංගලත්වයට එරෙහි ව ක්‍රියා කිරීමට කටයුතු කළෝ බටහිරයෝ ය.
පහළොස් වැනි සියවස අග දකුණු යුරෝපයේa ඇති වූ චින්තන විප්ලවය නො වන්නට මෙලොව මෙයට වඩා යහපත් තැනක් වීමට තිබිණි යෑයි මම සිතමි. අප එකිනෙකා ගෙන් හා භූමියෙන් වෙන් කර හුදෙකලාව ජීවත් වන තනි තනි පුද්ගලයන් කෙරුණේ බටහිර ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය හේතු කොට ගෙන ය. (මා චින්තනය යන වචනය යොදන්නේ හා මගේ ලෝකය කෘතිය නිකුත් වීමට ද පෙර යොදාගෙන ඇත්තේ ගුණදාස අමරසේකර මහතා ජාතික චින්තනය යන්න යොදා ගන්නා ආකාරයෙන් නො වන බව විචාරාත්මක ව මේ ලිපි කියවන පාඨකයන් මේ වන විට අවබෝධ කරගෙන ඇතැයි සිතමි.) මේ චින්තන විප්ලවය නො වන්නට අපට සුඛෝපභෝගී භාණ්‌ඩ නැති වන්නට තිබිණි. එහෙත් මිනිසුන් ගේ ජීවිත මෙතරම් කාලකන්නි නො වනු ඇත.
ඇතැම් විචාරකයන් නඟන ප්‍රශ්නයක් නම් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට සිංහල බෞද්ධ චින්තනය යට වූයේ ඇයි ද යන්න ය. ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය පරාජය කිරීමට සිංහල බෞද්ධ චින්තනයට නොහැකි වී නම් ඉන් කියෑවෙන්නේ සිංහල බෞද්ධ චින්තනය දුර්වල බව නො වේ දැයි පඬියෝ ප්‍රශ්න කරති. මේ වැදගත් ප්‍රශ්නයකි. අප එයට සුදුසු පිළිතුරක් දිය යුතු ය. අපේ සිහියට නැඟෙන වෙනත් කරුණු දෙකක් මෙහි දී සඳහන් කළ යුතු ය. එකක් නම් අද වන විට ලෝකයේ ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයට පරාජය වී ඇත්තේ සිංහල බෞද්ධ චින්තනය පමණක් නො වන බව ය. කතෝලික චින්තනය ද ඇතුළු අන් සියලූ චින්තන ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයට පරාජය වී ඇත. දෙවනුව සිංහල බෞද්ධ චින්තනය වෙනත් චින්තනයකට මෙයට කලින් පරාජය වී නො තිබුණ ද එම චින්තනයෙහි පුරෝගාමී චින්තන වෙනත් චින්තනවලට පරාජය වී ඇත.
උදාහරණ ලෙස ගත හොත් මේ කලාපයේ තිබූ අනාර්ය (ද්‍රවිඩ නො වන අර්ථයකින්) චින්තන ආර්යයන් ගේ වෛදික චින්තනයට පරාජය වී ඇත. පසුව අර්ධ වෛදික සමාජයක බුදුන් වහන්සේට වෛදික චින්තනය පරාජය කළ හැකි වුවත් සියවස් කිහිපයක ඇවෑමෙන් මහායානය වේශයෙන් වෛදික චින්තනයට දඹදිව (ථෙරවාදී) බෞද්ධ චින්තනය පරාජය කළ හැකි විය. පසුව මහායානය වෛදිකයන් ගේ හින්දු චින්තනයට මුළුමනින් ම යට විය. ලංකාවේ සිංහල භික්‍ෂුන් වහන්සේ එවැනි වටපිටාවක මෙරට සිංහල බෞද්ධ චින්තනය ආරක්‍ෂා කරගත්තේ අවසානයේ දී ඒ මත පදනම් ව නිර්මාණ නො කිරීමට තීරණය කිරීමෙන් ය. යම් අයුරකින් එකල සිංහල බෞද්ධ චින්තනයෙහි නිර්මාණ කිරීමට ඉඩ දුනි නම් සිංහල බෞද්ධයන් ද සිංහල හින්දුන් ලෙස කෙළවර වනු නිසැක ය.
චින්තනයක් වෙනත් චින්තනයකට යට වන්නේ ඒ චින්තනයෙහි ඇති නෛසර්ගික දුර්වලතාවක් නිසා නො ව අදාළ සමාජයට ඒ චින්තනයට වඩා වෙනත් චින්තනයක් යෝග්‍ය බැවිනි. සමාජ වෙනස් වන්නේ චින්තන නිසා ය. එසේ ම චින්තන නිසා සමාජ ද වෙනස් වෙයි. එය චක්‍රීය ආකාරයෙන් සිදු වෙයි. ආත්මයක් නැතැයි ද නිත්‍ය වූ කිසිවක් නැතැයි ද යනුවෙන් ඉගැන්වෙන චින්නතයට වඩා නිත්‍ය වූ ආත්මයක් ඇතැයි යනුවෙන් කියෑවෙන චින්තනයක් පිළිගැනීමට මිනිස්‌සු පෙලඹෙති. මම යනුවෙන් නිත්‍ය වූ හරයක් පුද්ගලයකු සතු යෑයි පිළිගැනීමට මිනිසුන්ට කැමැත්තක් ඇත. වයසට ගියත්, ඇඟ රැළි වැටුණත්, කෙස් පැහුණත් නො වෙනස් වන මමක්, ආත්මයක් ඇතැයි ගැනීම බොහෝ අයට ප්‍රියජනක ය. එසේ නො ගන්නා බුදුදහම මෙතරම් කලක් පැවතීම ම එක් අතකින් ආශ්චර්යයකි. එහි සියලූ ගෞරවය එකල වැඩ විසූ සිංහල භික්‍ෂූන් වහන්සේට හිමි විය යුතු ය.
බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය තරම් පෘථග්ජන මිනිසාට ආකර්ෂණීය වෙනත් සමාජ ක්‍රමයක් ලෝකයෙහි එතෙක් මෙතෙක් බිහි වී නැත. ඉන්ද්‍රිය පිනවීම ළදරුවන් ගේ සිට මහල්ලන් දක්‌වා සියල්ලන්ට ම පාහේ ආකර්ෂණීය වූවකි. පැණි රස වෙනුවට කරවිල කෑමට කැමැති දරුවෝ කෙතෙක් වෙත් ද? අපේ ශරීරය මෙන් ම මනස ද ඉන්ද්‍රිය පිනවීම සඳහා සකස් වී ඇත. එවැනි පසුබිමක මිනිසුන් වඩා පිළිගන්නේ ඉන්ද්‍රිය තැවීමට උපදෙස් දෙන දහමක් ද නැත්නම් ඉන්ද්‍රිය පිනවීමට දිරි දෙන දහමක් ද?
කතෝලික චින්තනය ද නිත්‍ය ආත්මයක් පිළිගත්ත ද, ඉන්ද්‍රිය පිනවීමට දිරි දීමෙන් වැළකී සිටියේ ය. මෙලොව ඇති වූ බොහෝ චින්තන ඉන්ද්‍රිය පිනවීමෙහි ඇති නිස්‌සාරත්වය ඉගැන්වී ය. බොහෝ මිනිසුන් ඒ පිළිගත්තේ බුද්ධියෙන් මිස හිතකින් නො වේ. ඔවුන් ගේ හිත සෑම විට ම ඇදෙන්නට ඇත්තේ ඉන්ද්‍රිය පිනවීමට ය. එහෙත් චින්තනය සමඟ බිහි වන සංස්‌කෘතික බලපෑම් හේතුවෙන් බොහෝ දෙනා තම හැඟීම් යටපත් කරගත් අතර ඇතැම්හු එසේ හැඟීම් යටපත් කිරීම ව්‍රතයක් ලෙස පුහුණු කළ හ. තවුසෝ එවැන්නෝ වූ හ. තවුස්, තපස් යන්නෙහි තේරුම තැවීම යන්න ය. බටහිර භෞතික විද්‍යාවෙහි ඉගෙන ගන්නා තාපයෙන් ද සිදු වන්නේ තැවීමක් බව අපි දනිමු.