සිංහල බෞද්ධ සංව්ධානය

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
33useom.jpg

1. අපේ ජාතිය ( පළමු කොටස )

2. අපේ ජාතිය ( දෙවන කොටස )

3. අපේ නිදහස

4. අඳුරෙන් එළියට 1

4. අඳුරෙන් එළියට 2

8.gif
8.gif

සොයන්නාට සම්බ වේ කියන්නේ මේකනේ.
පින්සිද්ද වෙනවා ඔබට. මම බාගන්නවා....
 
බුද්ධ වර්ෂ 2553ක් වූ බක් අව දියවක ලත් බුද දින රාත්‍රී 8 ට සිංහල බෞද්ධ සංගමයේ ප්‍රථම මහා සභාව රැස්විණී. මහාසභාවේ න්‍යාය පත්‍රයට අනුව මුලින්ම යෙදී තිබුණේ සංවිධානයට නව නිලධාරී මඩුල්ලක් පත් කර ගැනීමයි. එහිදී සංගමයේ නායකත්වය සදහා ninenet9 ද උප නායකත්වය සදහා පිටියෙ_අප්පුද ලේකම් ලෙස UOCAnu ද තේරි පත්විය. සංවිධානයෙ ඉදිරි කටයුතු සාකච්චා කිරීමෙන් පසු සභාතමෝ සතුටින් විසිර ගියහ.
අපේ දයාබර ninenet9 සොයුරාගේ කැපවීම ගැන මමත් හොඳින්ම දන්න කෙනෙක්.ඔහු ඇතුළු නව නිළමඬුල්ල ඉතා හොඳින් මහත් සේවයක් කරනු නොඅනුමානයි.ඔබ සැමට දිගාසිරි!
 
  • Like
Reactions: nwnbs

nwnbs

Member
ටික දවසකින් සහභාගීත්වය ලබා දෙන්න බැරි උනා. සංවිධානෙ කටයුතු හොඳින් කෙරීගෙන යෑම ගැන සතුටුයි. නව නිළ මණ්ඩලයත් සමඟ තව තවත් සාර්ථකව ඉදිරියටම යමු...
තෙරුවන් සරණයි හැමදෙනාටම...!!!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
බුදුරජාණන් වහන්සේගේ මානව හිතවාදී ආකල්පය

සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කෙළේ ලොව දුක්විදින සියලු ලෝකවාසී සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන්ය.

මම සත්‍යය අවබෝධ කොට ගෙන අන් අයට අවබෝධ කරවන්නෙමි.

මම දුකින් මිදී අන් අය දුකින් මුදවන්නෙමි.

සංසාරය නැමැති මහා සැඩ පහරින් මම එතෙර වී අන් අයත් එතෙර කරවන්නෙමි.

මේ උන්වහන්සේගේ ප්‍රාර්ථනාවයි.

එසේම බුද්ධත්වය ලබා ගැනීමෙන් පසු, ප්‍රථම රහත් හැටනම ධර්මදූත සේවයේ යොදවමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ,

මහණෙනි, බොහෝ දෙනට හිත සුව පිණිසද ලොවට අනුකම්පා පිණිසද, දෙව් මිනිසුනට වැඩ පිණිස ද හිත සුව පිණිස චාරිකාවේ හැසිරෙන්න. දෙනමක් එක් මගින් නොවඩින්න. මුල, මැද හා අග කල්‍යාණ වූ අර්ථවත් වූ ධර්මයම දේශනා කරන්න යනුවෙනි.

මෙම ප්‍රකාශයන්ගෙන් පෙනෙන්නේ සකල ලෝක සත්වයන් කෙරෙහි උන්වහන්සේ තුළ පැවති මානව හිතවාදී ආකල්පයයි.

අලුයම මහා කරුණාවෙන් යුතු ව බුදු ඇසින් ලොව බලා වදාරන උන්වහන්සේ විසින් තමන්ගේ ඥාන දැලට හසුවන, පීඩාවට පත් සත්වයන් එම පීඩාවන්ගෙන් මුදවා ගත් අවස්ථා මෙන්ම බොහෝ ජීවිත බේරා ගත් අවස්ථාද එමටය. උන්වහන්සේ යුද පිටිවලට වැඩම කරවා සටන් අභිමුඛව උන් පිරිස් සමගි කරවා, සටන් බිම මිය යන්නට සිටියවුන්ගේ ජීවිත
සතුරු සේනාවන්ගේ බේරා ගත්හ.

බුද්ධත්වයෙන් නව වන දුරුතු මස මහවැලි ගඟ බඩ මහියංගනයට වැඩම කළ උන්වහන්සේ සටන් අභිමුඛ ව උන් යක්ෂ ගෝත්‍රික දෙපිරිසක් සමගි කරවූහ. වරක් කිඹුල්වත් නුවර රෝහිණී ග‍ඟේ ජලය බෙදා ගැනීමට නොහැකිව ශාක්‍ය හා කෝලිය යන දෙපිරිස මහ සටනකට සූදානම් වූහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩම කොට ගඟ දියට වඩා මිනිස් ජීවිත වටිනා බව ඔවුනට අවබෝධ කරවමින් සටන සමාදානය කෙළෙන් සිදු වන්නට ගිය මිනිස් ඝාතනයක් නැවතිණි. තවත් වරක් බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කොට මිණි පළඟක් සඳහා සටන් වැද සිටි චූලෝදර මහෝදර ප්‍රමුඛ නාග පිරිස් ඝාතන නැවැත්වූයේ උන්වහන්සේ තුළ පැවති ජීව හිතවාදී ආකල්පය නිසාය.

එක් කෙනෙකුගේ හෝ වැඩි දෙනෙකුගේ හෝ ජීවිත බේරා ගැනීමට ඉතා දුර බැහැරට වුවද උන්වහන්සේ වැඩම කළහ. මළ මිනියකට බැඳ සොහොනකට ඇද දමා උන් අසරණ සෝපාක දරුවා බුදුරජාණන් වහන්සේ නොසිටින්නට සොහොනෙහි ම මිය යනු ඇත. මිනීමස් කමින් සිටි අලව් යකු නැවත පරපණ නොනසන්නෙකු බවට පත්වූයේ බුදුරජාණන් වහන්සේගේ ජීව හිතවාදී ආකල්පය නිසාය.ගෙල වැලලාගෙන මිය යන්නට සූදානම් වූ රජ්ජුමාලාගේ ජීවිතය බේරුණේ බුදුරජාණන් වහන්සේ නිසා ය. උන්වහන්සේගේ කරුණාව මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන් කෙරෙහිද යොමු විය. වරක් ගැරඬියෙකුට ගල් ගසමින් හිරිහැර කරමින් උන් ළමයින් කණ්ඩායමකට අවවාද කොට උන්වහන්සේ එම ගැරඬියා මුදා හැරි සේක. මහලු වූ පසු සැළකිළි නොදක්වා උදේන රජු විසින් පලවා හරින ලද භද්‍රවතිකා නැමැති ඇතින්නගේ දුක්බර ජීවිතය දුටු බුදුරජාණන් වහන්සේ නැවතත් ඇයට සත්කාර කොට සැළකිළි දැක්වීමට රජු පෙළඹවුහ. මේ අන්දමින් මහා කරුණාවෙන් කටයුතු කළ බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් බොහෝ විට නිරූපනය වන්නේ උන්වහන්සේගේ ජීව හිතවාදී මානව හිතවාදී ආකල්පයයි.

ඔබ සැමට තෙරුවන් බෙලෙන් යහපත් දවසක්ම උදාවේවා..

Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

බොහොම පිං අයියේ
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
බොහොම පින් රොන් අය්යෙ. දවස පටන් ගන්න හොඳ විදිහක් මේ වගේ සිත පහන් වෙන, ජීවිතයට හරවත් යමක් ලබා ගත හැකි දෙයක් කියවන එක.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

පුලුවන් හැමෝම මේක කියවන්න.. ඉතා අගනා ධර්ම කරුණු ඇතුලත් සටහනක්..දිගටම මෙවන් සටහන් අප වෙත ලබා දෙන්න ..මල්ලියට බොහෝ පිං......
 
තෙරුවන් සරණයි ඔබට
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
පුලුවන් හැමෝම මේක කියවන්න.. ඉතා අගනා ධර්ම කරුණු ඇතුලත් සටහනක්..දිගටම මෙවන් සටහන් අප වෙත ලබා දෙන්න ..මල්ලියට බොහෝ පිං......

අගය කිරීමට ගොඩක් ස්තුතියි අයියෙ :)
 
  • Like
Reactions: ronsilva

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
බුද්ධ වර්ෂ 2553ක් වූ බක් අව දියවක ලත් බුද දින රාත්‍රී 8 ට සිංහල බෞද්ධ සංගමයේ ප්‍රථම මහා සභාව රැස්විණී. මහාසභාවේ න්‍යාය පත්‍රයට අනුව මුලින්ම යෙදී තිබුණේ සංවිධානයට නව නිලධාරී මඩුල්ලක් පත් කර ගැනීමයි. එහිදී සංගමයේ නායකත්වය සදහා ninenet9 ද උප නායකත්වය සදහා පිටියෙ_අප්පුද ලේකම් ලෙස UOCAnu ද තේරි පත්විය. සංවිධානයෙ ඉදිරි කටයුතු සාකච්චා කිරීමෙන් පසු සභාතමෝ සතුටින් විසිර ගියහ.

බුදු සරණින් බුදු දහම රැකීමට නව නිලධාරී මඬුල්ලට දිරිය ලැබේවා!!!
 
අලුති පත්වූ නිළධාර මඩුල්ලට මාගේ උනුසුම් සුභපැතුම්...
සංවිධානයෙ ඉදිරි ක්‍රියා මාර්ග ගැනත් දැනුවත් කළානම් හොදයි නේද?
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ආරක්ඛ සම්පදා

a0907291.jpg
ගෝලීයකරණයට ලක්වූ වර්තමාන විශ්ව ගම්මානය තුළ දරුණු ආර්ථික අවපාතයක් හා මූල්‍ය අර්බුදයක් නිර්මාණය වීම කෙතරම් අරුමයක්දැයි කෙනෙකුට සිතෙනු ඇත. ලොව කවදාවත් නොසෙල්විය හැකියැයි සිතූ ඇමරිකානු හා යුරෝපීය හවුලේ ආර්ථික අර්බුදය කොතරම් උග‍්‍ර වී දැයි අපහට පෙනෙනුයේ ඔවුනගේ අයවැය පරතරය ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවා ඇති බව වාර්තා වූ පසුව ය. වර්තමාන ලොව මෙතරම් ප‍්‍රබල ආර්ථික පද්ධති කඩාවැටෙන්නේ ඇයි?

වර්තමාන භෞතිකවාදී ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ ආර්ථික විද්‍යාවේ කාර්යය ලොව පවත්නා සීමිත සම්පත් ඇසුරින් මිනිසා ගේ අසීමිත ආශා පිනවීමට උදව් වීම බව ය. මෙය නම් කිසිකලෙකත් ඉටු කර ගත නොහැකි අරමුණකි.

න කහාපණවස්සෙන
තිත්ති කාමෙසු විජ්ජති
අප්පස්සාදා දුඛා කාමා
ඉති විඤ්ඤාය පණ්ඩිතො

බෞද්ධ විග‍්‍රහයට ධම්ම පදය අනුව කහවනු වැස්සකින්වත් මිනිසා ගේ ආශාවන්වල තෘප්තියක් ඇති නොවේ. එක් ආශාවක් තෘප්තිමත් වූ විට තවත් ආශාවක් ජනිත වේ. නොලබන තෘප්තියක් පසුපස අප හඹායමින් සිටිමු. නොලැබෙන දෙයක් වෙනුවෙන් වෙහෙසීම වෙනුවට තෘප්තිමත් වීමේ පරිපූර්ණ ආර්ථික දර්ශනයක් බුදු සමය අපට උගන්වයි.

සරල බසින් පැවසුවහොත් ධනය මූලික අරමුණක් ලෙස නොව මාධ්‍යයක් ලෙස භාවිතා කිරීමට බුදු සමයෙන් ණැනවත් උපදෙසක් අපට ලබාදෙයි. එනම් ධනයෙන් තෘප්තිමත් විය යුත්තේ රැස්කර ගැනීමෙන් නොව පාලිත ආශාවන් හා මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම තුළිනි.

බුදුරජාණන් වහන්සේ ව්‍යාග්ගපජ්ජ සූත‍්‍රයේදී සාර්ථක ආර්ථික ජීවිතයක් සඳහා අදාළ විය යුතු මූලික සිද්ධාන්ත 04ක් දේශනා කර තිබේ. මින් ආරක්ඛ සම්පදාව හෙවත් ආරක්ෂා සම්පත්තිය පිළිබඳ ඇති උපදෙස් බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයට වඩා අදට වඩාත් උචිත බව අප ගේ වැටහීමයි.
බුදු සමය ආර්ථික දර්ශනයක් ලෙස ධනයෙහි ආරක්ෂාව පිළිබඳ ඉතාමත් විචාරශීලීව අපට උපදෙස් ලබාදෙයි. පරිභෝජනය අර්ථවත්වීම ධනයෙහි ආරක්ෂාවට බලපාන මූලික සාධකයක් ලෙසත්, නාස්තිය නිරර්ථක අන්තවාදී ඛ්2යාවක් බව බුදු සමය අවධාරණය කරයි. මෙහිදී ණැනවත් සංකල්ප 2ක් බුදුරජාණන් වහන්සේ අප ඉදිරියෙහි තබයි.

1. උදුමබරක්ඛාදිත
2. අජද්ධුමරණ

උදුමබරකඛාදිත සංකල්පය නම් මතු ආර්ථික ප‍්‍රයෝජන නොදකිමින්, නොසලකමින් සියල්ලම පරිභෝජනයට ගැනීමයි. මෙය බුදු සමය අගය නොකරයි. දෙවන සංකල්පය වන අජදධු මරණ මගින් විස්තර වන්නේ ධනය රැස්කර පරිභෝජනයට නොගෙන මිය යාමයි. මෙය ඉතාමත් අනුවන කමක්බව සඳහන් කළ හැකිය.

වත්මන් ලොවෙහි අප මුහුණදෙන ප‍්‍රධාන ආර්ථික ගැටලුවල මූලය මේ මගින් මනාව අපට වටහාගත හැකිය. සම්පත් සීමිත මේ ලෝකයෙහි මිනිසා දැන් හැසිරෙන්නේ උදුම්බරක්ඛාදිකයන් මෙන් නොවේද?

බුදු සමය අපට අවධාරණය කරනු ලබන්නේ ධනය ආරක්ෂා කර ගැනීමට නම් සුරක්ෂිතව ඉතිරි කිරීම, ආයෝජනය වැනි අරමුදල්වල වෙන්කර තැබිය යුතු බවයි. අප කිසිසේත් අපේක්ෂා නොකරන හදිසි අභියෝග සඳහා මුහුණදීමට මෙය අත්‍යාවශ්‍ය වේ.

සදාචාරවත් ආර්ථික සංවර්ධනයකට හානි කර මෙන්ම පුද්ගල මෙන්ම සාර්ව ආර්ථික පරිහානියට හේතුවන මූලික කි‍්‍රයාවලින් 6ක් බුදු සමය අනුමත නොකරයි.

1. සුරාපානය හා මත්ද්‍රව්‍ය භාවිතය
2. අවේලාවෙහි වීදි සංචාරය
3. සමජ්ජ (සමාජ ශාලා)
4. සූදුව
5. පාප මිත‍්‍ර සේවනය
6. අලස වීම.

බෞද්ධ ආර්ථික දර්ශනය හුදු වටිනාකම් පසුපස යන නොදියුණු දෙයක් නොවේ. නමුත් මෙතරම් ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් ඇති බුදුදහම පිළිගන්නා අපට අප ගේ ධනය නිවැරදිව ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි? පිළිතුරු ඉතාමත් පැහැදිලි ය. අප මෙම සියල්ල දකිනුයේ දහම් දැනුම ලෙස පමණි. නමුත් ප‍්‍රතිඵල ලැබීමට නම් කි‍්‍රයාත්මක විය යුතු බව අප අමතක කර සිටිමු.

වර්තමාන සමාජ හා ආර්ථික පරිසරය දෙස විමසුම් ලෙස බැලූ විට අපට පැහැදිලිවන්නේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමේ බෞද්ධ සිද්ධාන්තය කි‍්‍රයාත්මක නොවන බවයි. සමාජයේ ඉහළම ආර්ථික කළමනාකාරීත්වයේ සිට පහළ මට්ටමේ ගෘහස්ථ ආර්ථිකය දක්වා ධනය ආරක්‍ෂා කර ගැනීමේ ක‍්‍රමවත්, විධිමත් වැඩ පිළිවෙළක් දක්නට නොලැබේ. මෙය උපමාවකින් දැක්වුවහොත් ධනය ආරක්ෂා නොකිරීම හිල්වුන කළයකට ජලය පිරවීම වැනි නිරර්ථක කි‍්‍රයාවකි. රාජ්‍ය, පෞද්ගලික හා ආගමික යන සියලු අංශවල දැඩි අවධානය තම මූල්‍ය සම්පත්වල ආරක්ෂාව සම්බන්ධයෙන් යොමුවිය යුතුමය. එසේ නොමැතිව කෙදිනකවත් ආර්ථික වෘද්ධියක් බෞද්ධ දර්ශනයට අනුව අපට ළඟාකරගත නොහැකි වෙනු ඇත.

රටක් ලෙස අපගේ පොදු දේපළවල ආරක්ෂාව ගැන යහපත් පුරවැසියන් කිහිපදෙනෙකු හැර නොසලකා හැර තිබෙනු අපට දක්නට ලැබේ. ඉතා විශාල මූල්‍ය වටිනාකම් ඇති වන්නේ කුඩා කුඩා මුදල් එකතුවීමෙන් බව අමතක නොකළ යුතුය. අප සියලු දෙනා බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව දියුණු වීමට උත්සාහ ගත යුතු අතර, අපගේ ඉපැරණි ආගමික, සංස්කෘතික, පාරිසරික වටිනාකම් මූල්‍යමය වශයෙන් මිල නොකිරීමට අප ප‍්‍රවේශම් විය යුතු බව අපගේ හැගීමයි.

ගිහි දිවියක් ගත කරන පුද්ගලයකුට ආර්ථික වශයෙන් ඇති කරන බලපෑම සුළුපටු නොවේ. සාමාන්‍ය සමාජය දෙස බැලීමේදී අපට පෙනීගොස් ඇත්තේ මුදල් ආරක්‍ෂාකාරීව පරිහරණය කිරීමේ නොදැනුවත්කම නිසා බොහෝ පුද්ගලයන් ආර්ථික දුෂ්කරතාවයන්ට පත්වන බවයි. පුද්ගලයා සමාජයටත්, සමාජය පුද්ගලයාටත් බලපාන නියාමය අනුව සමාජයේ ආර්ථික අවප‍්‍රමාණය වීමට මෙය තදින් බලපානු ලබයි.

බෞද්ධ ඉගැන්වීමට අනුව සරල අල්පේච්ඡ ජීවිතය අද දහම් පොතට සීමා වී ඇත. ධනය ආරක්ෂා වීමට හොඳම මාර්ගය සැහැල්ලු ජීවිතය අපට හුරුපුරුදු කර ගැනීමයි. ජංගම දුරකථනයේ සිට අනවශ්‍ය විලාසිතා ඔබ සතු ධනය ඔබට අහිමි කරනු ඇත. අධික ලෙස විනෝදවීම තරම් ධනය කෙළසන වෙනත් යමක් අපට නොපෙනේ.

වර්තමාන අධි පරිභෝජනවාදී සමාජයේ විවිධ නිර්ණායකයන් මගින් ඔබගේ සුරක්ෂිත ධනය උකහා ගනු ලැබේ. මෙය බොහෝ විට අප තේරුම් ගන්නේ ආර්ථික දුෂ්කරතාවයකට පැමිණි පසුව ය. ජීවිතයේ සෑම මොහොතක්ම මනා සිහිනුවනින් ගත කරන්න යන බුදු ඔවදන අමතක කරන්න එපා.

මුල් ලිපිය: http://www.dinamina.lk/2009/07/29/_art.asp?fn=a0907291&p=1

කර්තෘ: ජනරංග රණසිංහ
 
බොහොම වටින ලිපියක් , ඔබතුමියට හුගක් පින් ඒක අපිට පෙන්නුවට !
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Originally Posted by uocanu
බුද්ධ වර්ෂ 2553ක් වූ බක් අව දියවක ලත් බුද දින රාත්‍රී 8 ට සිංහල බෞද්ධ සංගමයේ ප්‍රථම මහා සභාව රැස්විණී. මහාසභාවේ න්‍යාය පත්‍රයට අනුව මුලින්ම යෙදී තිබුණේ සංවිධානයට නව නිලධාරී මඩුල්ලක් පත් කර ගැනීමයි. එහිදී සංගමයේ නායකත්වය සදහා ninenet9 ද උප නායකත්වය සදහා පිටියෙ_අප්පුද ලේකම් ලෙස UOCAnu ද තේරි පත්විය. සංවිධානයෙ ඉදිරි කටයුතු සාකච්චා කිරීමෙන් පසු සභාතමෝ සතුටින් විසිර ගියහ.
11.gif
11.gif
 
methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ආරක්ඛ සම්පදා

    a0907291.jpg
    ගෝලීයකරණයට ලක්වූ වර්තමාන විශ්ව ගම්මානය තුළ දරුණු ආර්ථික අවපාතයක් හා මූල්‍ය අර්බුදයක් නිර්මාණය වීම කෙතරම් අරුමයක්දැයි කෙනෙකුට සිතෙනු ඇත. ලොව කවදාවත් නොසෙල්විය හැකියැයි සිතූ ඇමරිකානු හා යුරෝපීය හවුලේ ආර්ථික අර්බුදය කොතරම් උග‍්‍ර වී දැයි අපහට පෙනෙනුයේ ඔවුනගේ අයවැය පරතරය ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවා ඇති බව වාර්තා වූ පසුව ය. වර්තමාන ලොව මෙතරම් ප‍්‍රබල ආර්ථික පද්ධති කඩාවැටෙන්නේ ඇයි?

    වර්තමාන භෞතිකවාදී ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ ආර්ථික විද්‍යාවේ කාර්යය ලොව පවත්නා සීමිත සම්පත් ඇසුරින් මිනිසා ගේ අසීමිත ආශා පිනවීමට උදව් වීම බව ය. මෙය නම් කිසිකලෙකත් ඉටු කර ගත නොහැකි අරමුණකි.

    න කහාපණවස්සෙන
    තිත්ති කාමෙසු විජ්ජති
    අප්පස්සාදා දුඛා කාමා
    ඉති විඤ්ඤාය පණ්ඩිතො

    බෞද්ධ විග‍්‍රහයට ධම්ම පදය අනුව කහවනු වැස්සකින්වත් මිනිසා ගේ ආශාවන්වල තෘප්තියක් ඇති නොවේ. එක් ආශාවක් තෘප්තිමත් වූ විට තවත් ආශාවක් ජනිත වේ. නොලබන තෘප්තියක් පසුපස අප හඹායමින් සිටිමු. නොලැබෙන දෙයක් වෙනුවෙන් වෙහෙසීම වෙනුවට තෘප්තිමත් වීමේ පරිපූර්ණ ආර්ථික දර්ශනයක් බුදු සමය අපට උගන්වයි.

    සරල බසින් පැවසුවහොත් ධනය මූලික අරමුණක් ලෙස නොව මාධ්‍යයක් ලෙස භාවිතා කිරීමට බුදු සමයෙන් ණැනවත් උපදෙසක් අපට ලබාදෙයි. එනම් ධනයෙන් තෘප්තිමත් විය යුත්තේ රැස්කර ගැනීමෙන් නොව පාලිත ආශාවන් හා මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම තුළිනි.

    බුදුරජාණන් වහන්සේ ව්‍යාග්ගපජ්ජ සූත‍්‍රයේදී සාර්ථක ආර්ථික ජීවිතයක් සඳහා අදාළ විය යුතු මූලික සිද්ධාන්ත 04ක් දේශනා කර තිබේ. මින් ආරක්ඛ සම්පදාව හෙවත් ආරක්ෂා සම්පත්තිය පිළිබඳ ඇති උපදෙස් බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයට වඩා අදට වඩාත් උචිත බව අප ගේ වැටහීමයි.
    බුදු සමය ආර්ථික දර්ශනයක් ලෙස ධනයෙහි ආරක්ෂාව පිළිබඳ ඉතාමත් විචාරශීලීව අපට උපදෙස් ලබාදෙයි. පරිභෝජනය අර්ථවත්වීම ධනයෙහි ආරක්ෂාවට බලපාන මූලික සාධකයක් ලෙසත්, නාස්තිය නිරර්ථක අන්තවාදී ඛ්2යාවක් බව බුදු සමය අවධාරණය කරයි. මෙහිදී ණැනවත් සංකල්ප 2ක් බුදුරජාණන් වහන්සේ අප ඉදිරියෙහි තබයි.

    1. උදුමබරක්ඛාදිත
    2. අජද්ධුමරණ

    උදුමබරකඛාදිත සංකල්පය නම් මතු ආර්ථික ප‍්‍රයෝජන නොදකිමින්, නොසලකමින් සියල්ලම පරිභෝජනයට ගැනීමයි. මෙය බුදු සමය අගය නොකරයි. දෙවන සංකල්පය වන අජදධු මරණ මගින් විස්තර වන්නේ ධනය රැස්කර පරිභෝජනයට නොගෙන මිය යාමයි. මෙය ඉතාමත් අනුවන කමක්බව සඳහන් කළ හැකිය.

    වත්මන් ලොවෙහි අප මුහුණදෙන ප‍්‍රධාන ආර්ථික ගැටලුවල මූලය මේ මගින් මනාව අපට වටහාගත හැකිය. සම්පත් සීමිත මේ ලෝකයෙහි මිනිසා දැන් හැසිරෙන්නේ උදුම්බරක්ඛාදිකයන් මෙන් නොවේද?

    බුදු සමය අපට අවධාරණය කරනු ලබන්නේ ධනය ආරක්ෂා කර ගැනීමට නම් සුරක්ෂිතව ඉතිරි කිරීම, ආයෝජනය වැනි අරමුදල්වල වෙන්කර තැබිය යුතු බවයි. අප කිසිසේත් අපේක්ෂා නොකරන හදිසි අභියෝග සඳහා මුහුණදීමට මෙය අත්‍යාවශ්‍ය වේ.

    සදාචාරවත් ආර්ථික සංවර්ධනයකට හානි කර මෙන්ම පුද්ගල මෙන්ම සාර්ව ආර්ථික පරිහානියට හේතුවන මූලික කි‍්‍රයාවලින් 6ක් බුදු සමය අනුමත නොකරයි.

    1. සුරාපානය හා මත්ද්‍රව්‍ය භාවිතය
    2. අවේලාවෙහි වීදි සංචාරය
    3. සමජ්ජ (සමාජ ශාලා)
    4. සූදුව
    5. පාප මිත‍්‍ර සේවනය
    6. අලස වීම.

    බෞද්ධ ආර්ථික දර්ශනය හුදු වටිනාකම් පසුපස යන නොදියුණු දෙයක් නොවේ. නමුත් මෙතරම් ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් ඇති බුදුදහම පිළිගන්නා අපට අප ගේ ධනය නිවැරදිව ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි? පිළිතුරු ඉතාමත් පැහැදිලි ය. අප මෙම සියල්ල දකිනුයේ දහම් දැනුම ලෙස පමණි. නමුත් ප‍්‍රතිඵල ලැබීමට නම් කි‍්‍රයාත්මක විය යුතු බව අප අමතක කර සිටිමු.

    වර්තමාන සමාජ හා ආර්ථික පරිසරය දෙස විමසුම් ලෙස බැලූ විට අපට පැහැදිලිවන්නේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමේ බෞද්ධ සිද්ධාන්තය කි‍්‍රයාත්මක නොවන බවයි. සමාජයේ ඉහළම ආර්ථික කළමනාකාරීත්වයේ සිට පහළ මට්ටමේ ගෘහස්ථ ආර්ථිකය දක්වා ධනය ආරක්‍ෂා කර ගැනීමේ ක‍්‍රමවත්, විධිමත් වැඩ පිළිවෙළක් දක්නට නොලැබේ. මෙය උපමාවකින් දැක්වුවහොත් ධනය ආරක්ෂා නොකිරීම හිල්වුන කළයකට ජලය පිරවීම වැනි නිරර්ථක කි‍්‍රයාවකි. රාජ්‍ය, පෞද්ගලික හා ආගමික යන සියලු අංශවල දැඩි අවධානය තම මූල්‍ය සම්පත්වල ආරක්ෂාව සම්බන්ධයෙන් යොමුවිය යුතුමය. එසේ නොමැතිව කෙදිනකවත් ආර්ථික වෘද්ධියක් බෞද්ධ දර්ශනයට අනුව අපට ළඟාකරගත නොහැකි වෙනු ඇත.

    රටක් ලෙස අපගේ පොදු දේපළවල ආරක්ෂාව ගැන යහපත් පුරවැසියන් කිහිපදෙනෙකු හැර නොසලකා හැර තිබෙනු අපට දක්නට ලැබේ. ඉතා විශාල මූල්‍ය වටිනාකම් ඇති වන්නේ කුඩා කුඩා මුදල් එකතුවීමෙන් බව අමතක නොකළ යුතුය. අප සියලු දෙනා බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව දියුණු වීමට උත්සාහ ගත යුතු අතර, අපගේ ඉපැරණි ආගමික, සංස්කෘතික, පාරිසරික වටිනාකම් මූල්‍යමය වශයෙන් මිල නොකිරීමට අප ප‍්‍රවේශම් විය යුතු බව අපගේ හැගීමයි.

    ගිහි දිවියක් ගත කරන පුද්ගලයකුට ආර්ථික වශයෙන් ඇති කරන බලපෑම සුළුපටු නොවේ. සාමාන්‍ය සමාජය දෙස බැලීමේදී අපට පෙනීගොස් ඇත්තේ මුදල් ආරක්‍ෂාකාරීව පරිහරණය කිරීමේ නොදැනුවත්කම නිසා බොහෝ පුද්ගලයන් ආර්ථික දුෂ්කරතාවයන්ට පත්වන බවයි. පුද්ගලයා සමාජයටත්, සමාජය පුද්ගලයාටත් බලපාන නියාමය අනුව සමාජයේ ආර්ථික අවප‍්‍රමාණය වීමට මෙය තදින් බලපානු ලබයි.

    බෞද්ධ ඉගැන්වීමට අනුව සරල අල්පේච්ඡ ජීවිතය අද දහම් පොතට සීමා වී ඇත. ධනය ආරක්ෂා වීමට හොඳම මාර්ගය සැහැල්ලු ජීවිතය අපට හුරුපුරුදු කර ගැනීමයි. ජංගම දුරකථනයේ සිට අනවශ්‍ය විලාසිතා ඔබ සතු ධනය ඔබට අහිමි කරනු ඇත. අධික ලෙස විනෝදවීම තරම් ධනය කෙළසන වෙනත් යමක් අපට නොපෙනේ.

    වර්තමාන අධි පරිභෝජනවාදී සමාජයේ විවිධ නිර්ණායකයන් මගින් ඔබගේ සුරක්ෂිත ධනය උකහා ගනු ලැබේ. මෙය බොහෝ විට අප තේරුම් ගන්නේ ආර්ථික දුෂ්කරතාවයකට පැමිණි පසුව ය. ජීවිතයේ සෑම මොහොතක්ම මනා සිහිනුවනින් ගත කරන්න යන බුදු ඔවදන අමතක කරන්න එපා.

    මුල් ලිපිය: http://www.dinamina.lk/2009/07/29/_art.asp?fn=a0907291&p=1

    කර්තෘ: ජනරංග රණසිංහ

    Niyamai :) :) bohoma wadagath :)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පළවෙනි රැස්වීමට එකතු වෙන්න බැරි උනත්
    ඕං සුබ පැතුම් පත් වෙච්ච නිලධාරී මඩුල්ලට