සිංහල බෞද්ධ සංස්කෘතියට ගහන්න මුගුරක්
අපේ සමාජය ඇතුළේ මොන නොහොබිනාකමක් වුනත් ඒක සිංහල බෞද්ධ සංස්කෘතියට පෙරලගෙන ගහන්න මුගුරක් කර ගත්ත රැඩිකල් කියල හිතාන මිනිස්සු ටිකක් බිහිවෙලා. මේක දැන් ජාතිවාදයේ ඉඳල 'ෆෝන් එක දීපං ළමයෙකුට' කීව කාන්තාව හරහා කුලියාපිටිය ඒඩ්ස් ප්‍රශ්නය දක්වා ගිහිං. මෙවන් ගැටළුවල තිබෙන ලෝකයට ම පොදු මානව ගති ලක්‍ෂණ හා දුබලතා ගැන සාපේක්‍ෂ කියවීමකට නොයා, මේ රැඩිකල් කියල හිතාන ඉන්න පිරිස කරන්නේ මේ අපේ සංස්කෘතියේ තියෙන ප්‍රශ්නයක් බවත් ඒ නිසා වහාම මේ සංස්කෘතිය නැති භංගස්තාන කළ යුතුයි කියල යෝජනාව කිරීම. ඇත්තට ම ප්‍රශ්න දෙස මෙසේ බැලීම හරි ද? බලන්න අපි උපුටල තිබෙන සිංහලෙන් ලියවුණු ෆේස්බුක් පෝස්ටුවල මොවුන් කියන කතා. ඉහ නිකට පැහිච්ච එක්කෙනක් කියනවා, මේ අපේ මිනිස්සුන්ට ලිංගික සුරතාන්තය නැති ප්‍රශ්නයලු. මම හිතන්නේ මේ කියවෙන්නේ ඔහුගේ ප්‍රශ්නය. දැන් කියවන්න, ඒඩ්ස් හා සමාජ බිය ගැන ලෝක වාර්තා.
ඒඩ්ස් ආශ්‍රිත සමාජ බිය ගැන ලෝකෙ වටේ ම තියෙන දත්ත අරගෙන බැලුවාම සෑම ලොකු කුඩා රටකම ඒඩ්ස් ගැන තියෙන්න විශාල බියක්. මේ රෝගය හැදුන කෙනෙක් ආශ්‍රය කරන්න, ඔහු හෝ ඇය ඉන්න තැනක ඉන්න විතරක් නෙමෙයි ඔවුන් යන පොදු රථයකවත් යන්න කැමති නැ සමාජයේ විශාල පිරිසක්. ඒක වැරදියි. හැබැයි මේකට වග කියන්න ඕන මේ ගැන දැනුවත් කරන පිරිස් විසින් ම මේවා අති භයානක රෝග ලෙස සමාජ සම්මත ඇති කිරීම. එහෙම කරල සාමාන්‍ය මිනිස්සු බය වුනාම ඒක ගෝත්‍රිකකමලු. මේ රැඩිකල් ලිං මැඩියන් දියුණුයි කියල හිතාන ඉන්න මහා බ්‍රිතාන්‍ය හා ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල් වල තත්වය අපට වඩා ඉතා භයානකයි. අපි පහත උපුටා දක්වපු එක් වාර්තාවක තිබෙනවා, එක් කාන්තාවක් තමන්ගේ ඒඩ්ස් ප්‍රතිකාර ගන්න තමන් ඉන්න පළාතෙන් සැතපුම් ගානක් එහාට යනවා, මොක ද ඒක ඇගේ දරුවා ඉන්න ඉස්කෝලෙට ආරංචි වෙලා දරුවට අසාධාරණයක් වෙයි කියල. දැන් බලන්න කුලියාපිටියෙ අම්ම සහ ඒ ඉස්කෝලෙයි, පශ්චාත්නූත ලන්ඩන් අම්මයි ඒ ඉස්කෝලෙයි අතර තියෙන වෙනස මොකක් ද කියල.
මම හිතන්නේ මේ පොදු මානව ලක්‍ෂණ සිංහල බෞද්ධයට විතරක් උරුම ඒවා කියල පහර ගහන අය ගැන අපි අනුකම්පා කළ යුතුයි. මේ අය දැඩි හීනමානයෙන් පෙළෙන කොටසක් බවයි මට පේන්නේ. විටෙක ඔවුන්ගේ පවුල්වල තිබෙන හා තිබුණු ප්‍රශ්න නිසා දැන් ඒක මුළු සමාජයට වෛර කරන්න හේතුවක් කරගෙන. ඇත්ත ම තත්වය ගත්තොත් ඉන්දියාව වගේ කලාපයේ රටවල් ගත්තොත් අපේ රටවල ඒඩ්ස් රෝගීන්ට තිබෙන වෙනස් කොට සැලකීම විතරක් නෙමෙයි ඒඩ්ස් වැළඳීමත් ඉතා අඩුයි. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි ඔය පෙරලගෙන ගහන බෞද්ධ සංස්කෘතික විඤ්ඤාණය නිසා. ඉතින් ඒඩ්ස්වලට ප්‍රතිකාර කරන්න පෙර ඒඩ්ස්වලට වඩා භයානක ව පැතිරෙන රැඩිකල් ලිං මැඩියන්ගේ හීනමානයට ප්‍රතිකාර කිරීම අවශ්‍යයි නේද?
(ජේෂ්ඨ කඨිකාචාර්ය මහින්ද පතිරණ මහතා විසින් ලියන ලද්දකි.)
පසුව ලියමි ...
ලංකාවේ බෞද්ධයෝ යැයි කියාගන්නා බොහෝ පිරිස් ඇත්තටම බෞද්ධ ආගමේ හරයන් දන්නේ නැත .... දැන සිටියත් තමාගේ වාසියට ඒවා වෙනස් කරගනී . තවද අන් ආගම් මෙන් නොව බෞද්ධ ආගමේ නිදහස් චින්තනය නිසා ඕනෑම දහ ජරාවක් බෞද්ධයාගේ ඔලුවට රිංගවිය හැකිය .... මාධ්ය සහ ආර්ථිකය මගින් සිංහල බෞද්ධ සමාජය විනාස කර ඇත ..... එනිසා අතීතයේ මෙන් අවිහිංසාව , මානව දයාව , සමාව දීම වැනි ගුණාංග සිංහල බෞද්ධයා ගෙන් තුරන් වී ඇත .....