සිංහල වාග්විද්යාව පර්යේෂකයකු ලෙස කුමාරත&
සිංහල වාග්විද්යාව පර්යේෂකයකු ලෙස කුමාරතුංග මුනිදාසයන්ගේ භූමිකාව
කැලැණි විශ්වවිද්යාලයීය වාග්විද්යා අධ්යයනාංශයේ
ජ්යෙෂ්ඨ මහාචාර්ය වි. මු. විඡේරත්න
2016 මාර්තු 02 වැනි දාට යෙදුණු කුමරතුඟු මුනිදස් 72 වැනි සමරුවේ දී පැවැත්වූ දෙසුම ඇසුරින් සැකැසුණු ලිපියෙකි. 2016 ජුලි 25 වැනි දාට යෙදුණු කුමරතුඟු මුනිදස් 129 වැනි උපත් සමරුව නිමිත්තෙන් මෙය පළ කැරේ. මේ ලිපියෙහි බස් වහර පමණක් කුමරතු`ගු සමරු කමිටුව විසින් සැකැසුණු බව සැලැකුව මනා ය.
1. හැඳින්වීම
කුමාරතුංග මුනිදාස මහතා 20 වැනි සියවසේ මුල් භාගයේ ශ්රී ලාංකික සමාජයෙහි බස රැස දෙස නංවා-ලීම සඳහා භාෂාව, සාහිත්යය, අධ්යාපනය, සමාජ සංවර්ධනය ආදි ක්ෂේත්රවල සක්රීය සේවාවක් කළ අයකු ලෙස ප්රකට ය. ගෙවිඳු කුමාරතුංග මහතා විසින් සංස්කරණය කරන ලද "සුවහස් නය මනැසි ඉසිවරයාණෝ" නම් කෘතියෙන් පැහැදිලි වන ලෙස එතුමා ගේ සේවය විවිධ අංශවලින් සාකච්ඡාවටත්, ඇගැයීමටත් බඳුන් වී තිබේ. ඔහු පුරාණ ග්රන්ථ සංස්කරණ 25 ක්, විවරණ ග්රන්ථ 38 ක්, අභිනව ග්රන්ථ 40 ක් රචනා කොට පළ කොට ඇති අතර සිංහල ඉංගිරිසි භාෂාවලින් ලිපි 353 ක් රචනා කොට තිබේ. මේ සියල්ලත් එතුමා ගේ අභාවයෙන් පසු පළ වූ කෘති 13 ත් එක් කොට සැලැකූ කල සියලු කෘති 458 ක් වන අතර ඉන් එතුමා ගේ මහත්වය ප්රකට වෙයි.
මේ ලිපියේ අරමුණ සිංහල වාග්විද්යාව පිළිබඳ පර්යේෂකයකු වශයෙන් කුමාරතුංග මුනිදාස පඬිවරයා ගේ වැදගත්කම විමසා බැලීම යි. මේ සාකච්ඡාවට ප්රවේශයක් වශයෙන් වාග්විද්යාව, ව්යාකරණඥයා, සිංහල වාග්විද්යාව යන යෙදුම් කෙටියෙන් විමසා බැලීම වැදැගත් වෙයි.
භාෂාව පිළිබඳ විද්යාත්මක අධ්යයනය වාග්විද්යාව ලෙස සැලැකේ. ඒ එහි දී විද්යාත්මක විධි ක්රම අනුගමනය කරන හෙයිනි. වාග්විද්යාව හදාරන්නා වාග්විද්යාඥයෙක් වෙයි. මේ අනුව භාෂාව පිළිබඳ විද්යාත්මක ව අධ්යයනය කරන්නා වාග්විද්යාඥයෙක් වෙයි. මේ සඳහා යෙදෙන ඉංගිරිසි යෙදුම ‘Linguist’ යනු යි. එය අර්ථ දෙකකින් යෙදේ. අ. භාෂා කිහිපයක් කථා කරන්නා, ආ. වාග්විද්යාව හදාරන්නා. මේ වචනය ලතින් භාෂාවෙන් නිපැදී ඇති අතර ක්රි. ව. 1591 සිට භාවිතයට පැමිණ තිබේ. මේ වචනය යෙදීමට පෙර භාෂාවේ යෙදී ඇත්තේ ව්යාකරණඥයා යනු යි. භාෂාවක ව්යාකරණය හදාරන්නා, එසේ කරන වාග්විද්යාඥයා ව්යාකරණඥයකු ලෙස සැලැකේ. මේ අනුව මේ යෙදුම් දෙක ම එක ම හෝ සමාන අර්ථයේ යෙදී ඇති බව සිතිය හැකි ය.
සිංහල වාග්විද්යාව යන යෙදුම ද විවිධ ආකාරයෙන් අර්ථ දක්වා තිබේ. මහාචාර්ය සරච්චJද්ර වික්රමසූරිය මහතා ගේ එළැඹුමට අනුව ඉන් සිංහල ව්යාකරණය අදහස් වෙයි. ජෝන් ලියෝන්ස් නමැති වාග්විද්යාඥයා ගේ පහත දැක්වෙන අර්ථ දැක්වීම පදනම් කොට - ගෙන මහාචාර්ය අශෝක ප්රේමරත්න මහතා ඉන් "සිංහල භාෂාව අරබයා සිදු කැරුණු විධිමත් අධ්යයන සියල්ල" ගැණිය හැකි බව ප්රකාශ කරයි. මේ සාකච්ඡාවේ දී පළමු අර්ථ දැක්වීම පදනම් කොට-ගනු ලබන අතර කරුණු විමැසීම සඳහා "ව්යාකරණ විවරණය" යොදා-ගනු ලබයි.
2. කුමාරතුංග මුනිදාස නම් වූ භාෂා පර්යේෂකයා
"භාෂාවේ එක් අංශයක් හෝ අංශ කිහිපයක් හෝ පදනම් කොට-ගෙන කරන භාෂා අධ්යයන වාග්විද්යාවට අයත් සේ සැලැකිය හැකි" බව ‘Short History of Linguistics’නම් වූ කෘතිය සම්පාදනය කරන ජෝන් ලියෝන්ස් නමැති වාග්විද්යාඥයා ගේ මතය යි. ව්යාකරණ විවරණයේ අරමුණ භාෂාව පිළිබඳ නිරවද්ය ව්යවහාරය දැක්වීම යි. නිරවද්ය ව්යවහාර දැක්වීම සඳහා එය විධිමත් ව, හැදෑරිය යුතු ය. ඒ අනුව "ව්යාකරණ විවරණය" සිංහලය පිළිබඳ නිරවද්ය ව්යවහාරය විමසා පෙන්වා-දීම සඳහා කැරුණු විධිමත් පර්යේෂණයක ප්රතිඵලය යි. මේ අර්ථ දැක්වීම් අනුව කුමාරතුංග මුනිදාස මහතා සිංහල භාෂාව පිළිබඳ ව්යාකරණඥයකු, භාෂාඥයකු, වාග්විද්යාඥයකු සේ සැලැකීම සාධාරණ ය.
තෝරා-ගන්නා ලද කිසි යම් ගැටලුවක් සම්බන්ධ ව යමක් සෙවීම, අලුතින් පෙන්වා-දීම, හෝ නව අර්ථකථනයක් දීම පර්යේෂණයකින් කැරේ. "ව්යාකරණ විවරණය" සැකැසුණේ එබඳු අරමුණකිනි. සිංහලයේ දැකිය හැකි රටා කවරේ ද? යනු විමැසීමට ලක් වූ ප්රශ්නය යි. මේ කාර්යයේ දී පර්යේෂකයකු සතු විය යුතු යෑ යි වර්තමානයේ සැලැකෙන ලක්ෂණ කිහිපයක් මේ පර්යේෂකයා තුළ තිබූ බව පෙනෙයි.
අ. සිතීමට, විමසීමට හා නවතම තොරතුරු, කරුණු දැන ගැනීමට ඇති අභිරුචිය
මෙතුමා ලියූ විවරණ, සංස්කරණ, ව්යාකරණ ග්රන්ථවලින් මෙය මනා ව පැහැදිලි වෙයි. තමා පමණක් ඒ ගුණයේ පිහිටා නො සිට තම සිසුන් තුළ ද ඒ උදාර ගුණය වර්ධනය කිරීමට ගුරුවරයකු වශයෙන් එතුමා උත්සාහ කෙළේ ය. එය සිසුන් එතුමා ගෙන් ව්යාකරණ ප්රශ්න ඇසූ බව හා සිංහල භාෂාව පිළිබඳ පර්යේෂණයට එය මුල් වූ බව පළ වීමෙන් අපට සිතා ගත හැකි ය.
ආ. පර්යේෂණ කාර්යය සඳහා තිබෙන අධිෂ්ඨානය හා කැප වීම
1910 ඔක්තෝබර මස සිසුවකු ප්රශ්නයක් ඇසූ තැන කළ අධිෂ්ඨානයත්, ඒ සඳහා වසර 27 ක් තුළ එතෙක් පළ වූ සියලු කෘති කියවමින් හා කරුණු විභාග කරමින් කළ කැප වීමත් එතුමා ගේ අධිෂ්ඨාන පූර්වක කැපවීමට ප්රමාණවත් සාධක යි.
ඇ. පර්යේෂණ විෂය ක්ෂේත්රය පිළිබඳ තිබෙන ඥානය
සිංහල, පාලි, සංස්කෘත, ඉංගිරිසි භාෂා ඥානය, සිදත් සඟරාව ඇතුළු ව්යාකරණ ග්රන්ථ පිළිබඳ තිබූ විචාර පූර්වක ඥානය. ප්රාචීන භාෂෝපකාර සමාගම ම`ගින් පවත්වන ලද විභාගයේ සිංහල, පාලි, සංස්කෘත විෂයවලට පෙනී සිට ප්රථම ස්ථානය ලබා-ගැනීම, දේශීය වෛද්ය ආරක්ෂක පදනම පළ කළ "සසඳු සටහන්" ම`ගින් පැහැදිලි වන ලෙස මහාචාර්ය ආනන්ද කුලසූරිය මහතා කුඩා කල එතුමා ගෙන් සංස්කෘත ඉගැනීම ආදි සාධකවලින් මේ කරුණ පැහැදිලි වෙයි.
ඈ. ශාස්ත්රීය එළැඹුම
සප්රාමාණික පර්යේෂණ ගැටලුවක් අරමුණු කිරීම, දත්ත රැස් කිරීම (එතෙක් පළ වූ කෘති (ව්යාකරණ හා භාෂා සාහිත්ය) විචාර පූර්වක ව හදාරමින් කරුණු රැස් කිරීම එතුමා අතින් සිදු විය. අමාවතුරේ සිට මහනුවර යුගයේ රචිත කෘති දක්වා සියලු සිංහල කෘති ද, සිදත ඇතුළු ව්යාකරණ ග්රන්ථ ද විචාර පූර්වක ව හදාරා එතුමා දත්ත සම්පාදනය කොට - ගති. එතුමා ගේ විවරණ ග්රන්ථ සියල්ල 1922-1939 අතර කාලයේ පළ වීමෙන් මෙය තව දුරටත් තහවුරු වෙයි. රැස් කළ දත්ත පිළිබඳ සප්රාමාණික ව නිරීක්ෂණය කිරීම හා සප්රාමාණික ව විස්තර කිරීම ඉන් අනතුරු ව සිදු කැරිණි. "ව්යාකරණ විවරණයේ" 239 වැනි පිටුවේ සඳහන් ක්රියා ගණ බෙදීම නිදසුන් සපයයි. බල, බම ක්රියා ධාතු මුල් රූපයෙන් සමාන වුව ද වරනැඟීමේ දී වෙනස් වන හෙයින් "රූපයෙන් සමාන වුව ද ශක්තියෙන් අසමාන නම් ඒ දෙක දෙකෙක් මැ යෑ" යි එතුමා පවසයි. සමාස විභාගය ද මේ සඳහා නිදසුන් කොට-ගත හැකි ය. විද්යාත්මක විධි ක්රමයේ අනිවාර්ය අංගයක් වන සෙත්යක්ෂණය සඳහා විවෘත ආරාධනාවක් ද එතුමා කරයි. බලන්න, "ව්යාකරණ විවරණයේ" සංඥාපනය.
ඉ. කරුණු ශාස්ත්රීය හා තර්කානුකූල අයුරින් ඉදිරිපත් කිරීම
සිදත ඇතුළු පැරැණි ව්යාකරණ සම්බන්ධයෙන් සාධාරණ හා ශාස්ත්රීය පිළිවෙතක් අනුගමනය කිරීම මෙයට උදාහරණ යි. සිංහලයේ යෙදෙන හල් යන පදය සංස්කෘත ශිල්ප වචනයක් බව පැහැදිලි කරන එතුමා එය යෙදූ පාණිනී නම් ව්යාකරණඥයා මහර්ෂි නමින් හඳුන්වයි. සංස්කෘත සන්ධි "ව්යාකරණ විවරණයේ" වෙන ම විස්තර කිරීම ද තව උදාහරණයකි. එපමණක් නො ව විෂය කරුණු විග්රහ කිරීමේ දී තර්කානුකූල ව, භාෂාත්මක සාධක සහිත ව ඉදිරිපත් කිරීම ද එතුමාගේ ලක්ෂණයකි. උපසර්ග සිංහලයේ පද වර්ගයක් කොට නො සැලැකිය හැකි බවට කැරෙන තර්කය නිදසුන් ය.
මේ අනුව වර්තමාන මිණුම්දඬු අනුව වුව ද කුමාරතුංග මුනිදාස මහතා භාෂාව පිළිබඳ ශාස්ත්රීය පර්යේෂකයකු සේ සැලැකිය හැකි ය.
භාෂා පර්යේෂකයකු වශයෙන් කුමාරතුංග මුනිදාස මහතා පිළිගත් සහ අනුගමනය කළ පිළිවෙත් කිහිපයක් විය.
අ. භාෂා අධ්යයනයේ දී විභාග කරෙන බසට ප්රමුඛ ස්ථානය ලබා-දීම එකකි. "ව්යාකරණ විවරණයේ" සංඥාපනයේ පැනෙන "අපි මෙහි ලා අප ගේ භාෂාව මැ ප්රමාණ කළම්හ. .... සිංහලයට උරුම වූ රීති අපට වඩා ලා මැ උසස් සේ පෙනිණ." යන ප්රකාශය නිදසුන් ය.
ආ. අර්ථයට වඩා රූපය මූලික කොට සැලැකීම දෙ වැනි වැදැගත් ලක්ෂණය යි. පරස්මෛ පද සහ ආත්මනේ පද භේදය මූලික වශයෙන් රූපය හා සම්බන්ධ වූවක් බව පැවැසීම නිදසුන් කොට-ගත හැකි ය.
ඇ. විභාගයේ දී භාෂාත්මක කරුණු සාධක කොට-ගැනීම තෙ වැනි ලක්ෂණය යි. ක්රියා ප්රකෘති ගණ වශයෙන් වර්ගීකරණය කිරීමේ දී වරනැඟීම්වල දක්නා ලැබෙන විවිධත්වය සැලැකීම, නාම පද සාධනය සංග්රහ නාම ප්රකෘති වශයෙන් එක් ප්රවර්ගයක් යටතේ විභාග කිරීම නිදසුන් ය.
ඈ. ප්රතිඵල දැක්වීම සූත්ර හා වාර්තිකා ක්රමයට යෙදීම සිවු වැනි ලක්ෂණය යි. මේ අනුව කිසි යම් මූලික කරුණක්, රීතියක් ලෙස දක්වා එහි පැනෙන සුවිශේෂ කාරණා වාර්තිකාවෙන් විස්තර කිරීම එතුමා කළේ ය. ද්රව්ය නාම හඳුන්වා-දීමේ දී පළමු ව "සම්භාරයට යෙදෙන නාමය ද්රව්ය නාම යි" යන සූත්රය දක්වා අනතුරු ව "රිසි පරිදි ආකාරය වෙනස් කළ හැක්කේ සම්භාර යි" යනුවෙන් සම්භාරය වාර්තිකාවෙන් විස්තර කරයි. (පි. 92)
මේ කරුණු, විශේෂයෙන් මුල් කරුණු දෙක සැලැකීමේ දී මුනිදාස කුමාරතුංග මහතා ගත් මඟ 20 වැනි සියවසේ බටහිර වාග්විද්යා විධි ක්රම හා සැසැඳෙයි. ඒ අනුව එතුමා වාග්විද්යාඥයකු සේ සැලැකීම යුක්ති යුක්ත වෙයි.
3. භාෂා පර්යේෂකයකු ලෙස කුමාරතුංග මුනිදාස මහතාට හිමි තැන
භාෂා පර්යේෂකයකු ලෙස කුමාරතුංග මුනිදාස මහතාට හිමි තැන පිළිබඳ විමැසීමේ දී කැපී පෙනෙන වාග්විද්යාඥයන් දෙදෙනකු ගැන සඳහන් කළ මනා ය. ඔවුහු නම් ලෙනාර්ඩ් බ්ලුම්ෆිල්ඩ් හා නෝම් චොම්ස්කි ය.
3.1. මහාචාර්ය ලෙනාර්ඩ් බ්ලුම්ෆිල්ඩ්
1987 අප්රේල් 01 දින උපත ලැබූ මහාචාර්ය ලෙනාර්ඩ් බ්ලුමල්ඩ් 1949 දී මෙලොවින් සමු ගත්තේ ය. ඇමෙරිකා වාග්විද්යා සංගමය ආරම්භ කළ හෙතෙමෙ භාෂා අධ්යයනය විද්යාත්මක අධ්යයන ක්ෂේත්රයක් කිරීම පිණිස වෙහෙස විය. ඒ අනුව 1926 දී A set of postulates for the science of language” නම් වූ ලිපිය “Language” සඟරාවේ දෙ වන කලාපයේ පළ කළේ ය. එහි දී භාෂාව යනු කිසි යම් භාෂක සමාජයක භාවිත වන වාගාලාපයන් ගේ සමස්තය බව හෙතෙමෙ කී ය. එසේ ම ඔහු භාෂා විභාගයේ දී අර්ථයට වඩා රූපයට මූලික ස්ථානයක් දුන් අතර අර්ථය දුටුවේ රූපය හා සම්බන්ධ වන ප්රොත්සාහකය හා ප්රතිචාරය සම්බන්ධ ලක්ෂණයක් ලෙස ය.
කුමාරතුංග මහතා හා මහාචාර්ය ලෙනාර්ඩ් බ්ලුමෆිල්ඩ් අතර සමාන ජීවන තොරතුරු දක්නා ලැබෙයි. එසේ ජීවන තොරතුරුවලින් හෙළි වන සාම්යයටත් වඩා භාෂා අධ්යයන විෂයයෙහි බ්ලුමල්ඩ් මහාචාර්යතුමා හා කුමාරතුංග මහතා අතර සමීප සමානත්වයක් දක්නා ලැබේ. 18-19 වන සියවස්වල බටහිර සමාජයේ බහුල ව බල පැවැතියේ චාර්ල්ස් ඩාවින් ගේ පරිණාමවාදී මත ය. ඒ නිසා ම භාෂාව දෙස බැලුයේ ද ඒ දෘෂ්ටිකෝණයෙනි. මහාචාර්ය බ්ලුම්ල්ඩ් චර්යාවාදී මත පදනම් කොට-ගෙන භාෂාව ප්රාවර්තනික වූවක් ලෙස සලකා එය සංස්කෘතික ව විභාග කිරීමට උත්සාහ කළේ ය. මේ නිසා හේ ප්රවණතා (paradigm) වෙනස් කළ යුග පුරුෂයකු සේ සැලැකේ. කුමාරතුංග මහතා ද එතෙක් පැවැති ප්රවණතාව වෙනස් කරමින් නව භාෂා අධ්යයන ම`ගක් විවර කෙළේ ය. 1960 දශකයේ පළ වූ මාතලේ සාසනතිලක හිමියන්ගේ "වාග්විද්යාව", ඒ. එම්. කුලතිලක මහතා ගේ "සිංහල මුල්", පල්ලත්තර සුමනජෝති නා හිමියන් හා වැයිහේනේ පඤ්ඤාලෝක හිමියන් විසින් රචිත "වාග්විද්යාත්මක සිංහල ව්යාකරණය" වැනි කෘති භාෂාවේ ඓතිහාසික පැත්ත මුල් කොට රචිත ඒවා ය. එහෙත් ඊට තිස් වසරකට පෙර කුමාරතුංග මහතා භාෂාව දෙස ප්රාවර්තනික දෘෂ්ටිකෝණයෙන් බැලී ය. ඔහු අනුගමනය කළ විභාග ක්රමය සංස්කෘතික වාග්වේදීන් අනුගමනය කළ විධි ක්රම හා සමාන වෙයි. ඉහත දක්වන ලද පරිදි ඔහු භාෂා විභාගයේ දී රුපයට මුල් තැන දුන් අතර පද විභාගයේ දී ඒවායේ භාෂාත්මක හැසිරීම සැලැකිල්ලට ගත්තේ ය. කුමාරතුංග මහතා ගේ මේ භාෂා චින්තනයට කවර ආභාසයක් ලැබුණේ ද යනු පැහැදිලි නැත. බ්ලුමෆිල්ඩ් මෙන් විශ්වවිද්යාලවල විධිමත් උසස් අධ්යාපනයක් නො ලද ඔහු සමහර විට ඒවා තම ස්වාධීන චින්තනය ම`ගින් ලබා-ගත්තා විය හැකි ය. මේ නිසා හේ ද ප්රවණතා වෙනස් කළ යුග පුරුෂයෙක් වෙයි.
3.2. මහාචාර්ය නෝම් චොම්ස්කි
1928 උපන් මහාචාර්ය නෝම් චොම්ස්කි ගේ මතය වූයේ භාෂාව මානසික ක්රියාදාමයක ප්රතිඵලයක් බව යි. ඒ නිසා අසීමාන්ත වාගාලාප නිපැදැවීමට පාදක වන සීමාන්ත නීති සමුදායය හඳුනා ගැනීමත්, එකී නීති ක්රියාත්මක වන භාෂාත්මක න්යාය/ සිද්ධාන්ත කවරේ ද යනු විමසා පැහැදිලි කිරීමත් වාග්විද්යාඥයකු ගේ/ ව්යාකරණයේ කාර්යය බව එතුමා පැවැසී ය. ව්යාකරණයක් රචනා කිරීමේ අරමුණ සාවද්ය වාක්යවලින් නිරවද්ය වාක්ය වෙන් කොට-හඳුනා ගැනීම බව ඔහු ගේ මතය යි. මේ සඳහා දත්ත මැනැවින් නිරීක්ෂණය කිරීම, විස්තර කිරීම මෙන් ම සිද්ධාන්ත සප්රාමාණික ව පැහැදිලි කිරීම (observational adequacy, descriptive adequacy, explanatory adequacy)) අවශ්ය බව හෙතෙමෙ පෙන්වා-දුන්නේ ය. ඔහු උත්සාහ කෙළේ වාක්ය විභාගය පාදක කොට-ගෙන භාෂාවේ පවතින ජනක ශක්තිය හා භාෂාව ක්රියාත්මක වන සිද්ධාන්ත පැහැදිලි කිරීමට ය. මේ නිසා ඔහු විසින් ඉදිරිපත් කරන ලද භාෂා අධ්යයන විධි ක්රමය "ජනක ප්රතියෝජන ව්යාකරණය" (Tr a n s f o r m a t i o n a l Generative Grammar)) නමින් හඳුන්වනු ලැබිණි. හෙතෙමෙ වාක්යය නාම පාදය හා ක්රියා පාදය ලෙස දෙකට බෙදා ඒ එකිනෙකෙහි පද අතර ඇති සම්බන්ධය හා පද සංවිධානය පිළිබඳ විමැසී ය. එක් වර්ගයක පදවලින් තව වර්ගයක පද පාලනය වන සැටි පෙන්වා-දුන්නේ ය. මෙය සංයෝජක පාලනය (Constituentm Commanding)) නම් වේ.
කුමාරතුංග මුනිදාස මහතා ද භාෂාව වාක්ය සමුදායයක් බව ප්රකාශ කළ අතර වාක්ය රචනයට යෝග්ය වන පරිදි පද සංවිධානය කරන්නේ කෙසේ දැ යි විමැසීම තම භාෂා විභාගයේ අරමුණ කොට-ගත්තේ ය. "භාෂාව පිළිබඳ නිරවද්ය ව්යවහාරය දක්වන්නා වූ නීති ශාස්ත්රය ව්යාකරණය නමි" යන "ව්යාකරණ විවරණයේ" පළමු සූත්රය මහාචාර්ය චොම්ස්කි ගේ අදහස හා මනා ව ගැළැපේ. නාම පදය සමීපස්ථ නිපාතයෙන් පාලනය වන බව ද ඔහු පෙන්වා-දුන්නේ ය. එය ද චොම්ස්කි ගේ නිරීක්ෂණය හා සැසැඳෙයි. ඔහු පද අතර තිබෙන පාලිත සම්බන්ධය හඳුනා ගත්තේ ය. කුමාරතුංග මහතා ගේ සමස්ත අධ්යයනය වාක්ය විභාගය හා සම්බන්ධ වන අතර තම කෘතියේ අධිකාර කිහිපයක් වාක්ය විභාගය සඳහා වෙන් කෙළේ ය.
මහාචාර්ය චොම්ස්කි තම ප්රථම උපාධිය වෙනුවෙන් තර්ක ශාස්ත්රය, ගණිතය හා වාග්විද්යාව හැදෑරී ය. ඔහු ගේ භාෂා විශ්ලේෂණයේ මෙහි ආභාසය පෙනෙයි. ජීවන තොරතුරු සලකන කල චොම්ස්කි හුදු වාග්විද්යාඥයෙක් පමණක් නො වෙයි. ඔහු දාර්ශනිකයෙක්, ඥානන විද්යාඥයෙක්, තාර්කිකයෙක්, සමාජ විචාරකයෙක්, දේශපාලන සටන්කරුවෙක් ද වෙයි. හේ ද බ්ලුමෆිල්ඩ් මෙන් ම පැවැති ප්රවණතා වෙනස් කළ යුග පුරුෂයෙකි. කුමාරතුංග මුනිදාස මහතා ද තමා ජීවත් වූ යුගයේ සාහිත්ය නිර්මාණකරුවෙක්, සමාජ විචාරකයෙක්, වාදකරුවෙක්, එක්තරා ආකාරයක දාර්ශනිකයෙක් ද විය. කුමාරතුංග මහතා ද ගණිතය සහ සාහිත්යය තම ගුරු පුහුණුවේ දී හදාළ අතර ගණිතය ජනප්රිය කිරිමට වෙහෙසුණු ගුරුවරයෙක් වී ය. ගණිත පුහුණුවේ ආභාසය "ව්යාකරණ විවරණයේ" දැකිය හැකි බව මහාචාර්ය එස්. ජී. එම්. වීරසිංහ මහතා "හෙළයේ මහ ඉසි" නම් කෘතියේ පවසයි. ව්යාකරණ ලිවීමත්, සාහිත්ය නිර්මාණයත් එක වර කිරීමට ඔහුට හැකි වූයේ මේ පුහුණුව හා ඔහු ගේ සහජ හැකියාව නිසා බව සිතීම සාධාරණ විය හැකි ය. චොම්ස්කි පොත් පත් සියයකට වඩා ලියූ අතර කුමාරතුංග ද පොත්පත් සියයකට වැඩි ප්රමාණයක් හා ලිපි ලේඛන 350ක් පමණ ලියුවේ ය. මේ සියලු කරුණු සලකන කල කුමාරතුංග මුනිදාස මහතා ද එක්තරා දුරකට ගුණ හා ප්රමාණ වශයෙන් නෝම් චොම්ස්කි මහාචාර්යතුමා හා සම වෙයි.
4. සමාලෝචනය
මුනිදාස කුමාරතුංග මහතා ශ්රේෂ්ඨ භාෂා පර්යේෂකයකු බව මෙතෙක් කරන ලද සාකච්ඡාවෙන් පැහැදිලි වෙයි. මේ නිසා ඔහු සිංහල ව්යාකරණ ක්ෂේත්රයේ පහළ වූ එක් මුනිවරයකු බව මහාචාර්ය ඩබ්ලිව්. එස්. කරුණාතිලක මහතා ප්රකාශ කරයි. සරච්චන්ද්ර වික්රමසූරිය මහාචාර්යතුමාට අනුව එතුමා සංස්Cථිතික වාග්විද්යාඥයෙකි.
භාෂා පර්යේෂකයකුට අවශ්ය සියලු සුදුසුකම් මැනැවින් සපිරූ මේ පඬිවරයා, සියලු ශක්තිය තම පර්යේෂණ කාර්ය වෙනුවෙන් ම කැප කළ උදාර යුග පුරුෂයෙකි. ඔහු ගේ මේ කැප වීමේ අග්ර ඵලය වන්නේ "ව්යාකරණ විවරණය" හා "ක්රියා විවරණය" යි. එය ගැඹුරින් අධ්යයන කළ යුතු කෘතියකි. එය පර්යේෂණයන්ට මාතෘකා සපයන කෝෂ්ඨාගාරයකි.
පර්යේෂණය යනු කිසි දා නවතින්නක් නො වේ. කිසි දු අයුරකින් අඩුලුහුඬුකම්වලින් වියුක්ත වන්නක් ද නො වේ. කවර අන් පර්යේෂණයක මෙන් ම කුමාරතුංග පර්යේෂණයන්හි ද දොස් තිබිය හැකි ය. කුමාරතුංග පඬිතුමා මේ බව මැනැවින් වටහා-ගෙන සිටියේ ය. මේ නිසා තම පර්යේෂණ ප්රතිඵල විමසා දුර්වලතා ඇතොත් ප්රසිද්ධියේ සාකච්ඡා කරන ලෙස එතුමා ඉල්ලා සිටියේ ය. "වරදක් මෙහි නැතැ යි නො කිය හැකි. ... මෙබඳු දැයක් පළමු වරට කිරීමේ දී නො පෙනුණු, නො සැලැකුණු දොස් වැදැ-ගැන්ම ස්වභාව යි. එ බඳු දොස් පෙන්වා-දීම ප්රවෘත්ති පත්ර මාර්ගයෙන් ම පෙන්වා දීමෙක් වේ වා." ඒ එතුමා ගේ වචන යි. මෙය ශාස්ත්ර දියුණුව දක්නට කැමැති සැබෑ ශාස්ත්රවන්තයකු ගේ ලක්ෂණය යි. හෙතෙමෙ පුද්ගල අභිවාදනය හෝ නිග්රහය බැහැර කොට ප්රතිපත්තිය/ ක්රමවේදය අභිවාදනය හෝ නිග්රහය අගය කළේ ය.
කුමාරතුංග මුනිදාස මහතා සැබෑ භාෂා පර්යේෂකයෙක් විය. ඔහු ගේ ව්යායාමය වූයේ බසේ හැටි නිවැරැදි ව පෙන්වා-දීම යි. තමන් අපේක්ෂා කරන ලෞකික සම්පත් නො ලැබෙන කල්හි තම අධ්යයන ක්ෂේත්රය හැර-පියා යන උගතුන් සිටින සමාජයක, තමනට ලබා-ගත හැකි ව තිබූ ලෞකික දේ බැහැර කොට වයස අවුරුදු 35 දී තමන් අභිමත පර්යේෂණ ක්ෂේත්රය වෙනුවෙන් තම ජීවිතය කැප කෙළේ ඒ උදාර ශාස්ත්රීය පර්යේෂණ කාර්යයට යි. මෙහි දී මතු වන පර්යේෂණ ගැටලු වන්නේ, කුමාරතුංග මුනිදාස මහතා ගේ ඉහත දක්වන ලද කාරුණික ඉල්ලීමට ශාස්ත්ර ලෝකයා සවන් දී තිබේ ද? ඔහු නතර කළ තැන් සිට ඔහු ආරම්භ කළ භාෂාත්මක අධ්යයන කාර්යය ඉදිරියට ගෙන ගොස් තිබේ ද? එසේ නම් ඒ කවර ප්රමාණයකට ද? යනු යි.
භාෂාව ද පරිණාමයට පත් වන දෙයක් ලෙස සලකා කුමාරතුංග මුනිදාස භාෂාඥයා නතර කළ තැන් සිට භාෂාව ශාස්ත්රානුකූල ව විමැසීම යුගයේ අවශ්යතාවක් වෙයි. ඒ, භාෂාවේ යථා තත්ත්වය විමැසීම බස, දෙස, රැස යන සියල්ලේ ම පැවැත්මට හේතු වන නිසා යි.
http://www.divaina.com/2016/07/28/sarasavi%203.html