සිංහල සැබෑ ඉතිහාසය

Jul 17, 2011
49
7
0
OUT OF EK
සිංහල සැබෑ ඉතිහාසය

[FONT=&quot]අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද...?[/FONT]


[FONT=&quot]අපේ ඉතිහාසය ගැන මොනවාද දන්නෙ...?[/FONT]
[FONT=&quot]කවුද ශ්‍රි ලංකාවේ පළවෙනි රජතුමා කියලා අපි කාගෙන් හරි ඇහුවොත් අපට ලැබෙන උත්තරය තමයි විජය රජතුමා කියලා. ඒ මහාවංශයේ තියෙන විදියනේ.[/FONT]
[FONT=&quot]ඒ වුනාට ඇත්තටම මහා වංශය හරිද...?[/FONT]
[FONT=&quot]මහා වංශය කියන්නෙ ලංකා ඉතිහාසය සටහන් වෙලා තියෙන ග්‍රන්ථයක්. ඒක ලියවිලා තියෙන්නෙ විජය කුමාරයා ලංකාවට ඇවිල්ලා, ලංකාවේ රාජ්‍යත්වයටත් පත්වෙලා, එතුමාගෙන් පස්සෙ පඬුවස්දෙවු රජතුමාත්, එයාගේ මූණුපුරා පණ්ඩුකාභය රජතුමාගෙනුත් පස්සේ. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට බුදුදහම ගෙනාවටත් පස්සෙ.[/FONT]
[FONT=&quot]ඒ නිසා මහාවංශ කතුවරයාට අනුව විජය රජතුමා ලංකාවේ පළවෙනි රජතුමා කියලා කියන කතාව මම නම් පිළිගන්නෙ නැහැ.[/FONT]
[FONT=&quot] මහා වංශයේ සඳහන් නොවුනාට මහාවංශ කතුවරයාට වසර සිය ගණනකට කලින් භාරතයේ ලියැවුණ කෘතින් වල ලංකාවේ සිටි රජවරුන් ගැන සඳහන් වී තිබෙනවා. හොඳම උදාහරණය තමයි වාල්මිකි විසින් රචිත රමායනයට අනුව රාම ලංකාව ආක්‍රමණය කරන විට රාවණ රජු ලංකාවේ රජ කලා කියන එක. රාවණ රජු ලංකාවේ හිටියෙ නැහැ, එය කල්පිතයක් පමණි කියලා කාටවත් නොකියන්න තරම් හේතු සාධක රාවණ රජු ගැන තියෙනවා. ලංකාවේ හිටපු කිසිම රජ කෙනෙක් හා නොබැඳුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදි ලංකාවේ තියෙනවා.[/FONT]
[FONT=&quot]ආයුර්වේදයට සම්බන්ද කෘති රැසක කතෘවරයා රාවණ රජු බව ඉන්දියානු ආයුර්වේදය පවසනවා.[/FONT]
[FONT=&quot]ඉතින් රාවණ රජුටත් කලින් ලංකාවේ රජවරු ඉන්න ඇතිනේ....[/FONT]
[FONT=&quot]කැමතිද ඒ ඉතිහාසය සොයා යන්න. එසේ නම් අපි සොයා යමු ලංකාවේ සබෑ ඉතිහාසය... [/FONT]
[FONT=&quot]_______________________________


[/FONT]
 
Jul 17, 2011
49
7
0
OUT OF EK
[FONT=&quot]අපි අපේ ඉතිහාසය සොයා යන ගමන පටන් ගත්තෙ විජය රජතුමා ලංකාවේ පළවෙනි රජතුමා නෙවෙයි කියන මතයෙනේ. අපේ ඉතිහාසය සොයා යන ගමනෙ අපි වගේම විජය ලංකාවේ පළවෙනි රජතුමා නෙවෙයි අපිට ඊටත් වඩා පැරණි, අපිටම අනන්‍ය ඉතිහාසයක් තියෙනවා කියලා විශ්වාස කරන, ඒ ගැන වාද විවාද, ගවේෂණ කරන තවත් විද්වතුන් පිරිසක් සිට්නවා කියලාත් දැන ගන්න ලැබුනා. ඒ අතරින් කෙනෙක් තමයි ආචාර්ය සූරිය ගුණසේකර විද්වතා. එතුමාගේ ගවේෂණයන්ගේ, පරීක්ෂණ වල නිගමන අනුව ඒ මහාතා ඒ හා සම්බන්ධ කෘතියක් රචනා කරලා තියෙනවා [/FONT][FONT=&quot]ලංකා ඉතිහාසයේ හෙල යුගය කියලා. [/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]අපි ඉතින් අපේ ගමනට එය මූලාශ්‍රයක් කර ගනිමු. [/FONT]
[FONT=&quot]අද මාතෘකාව තමයි [/FONT]
[FONT=&quot]ඉතිහාසයට ඇතුළු නොවූ අපේ ඉතිහාසය.[/FONT]





[FONT=&quot]ඉතිහාසයට ඇතුළු නොවු අපේ ඉතිහාසය කිවාම මොකක්ද මේ කියලා හිතෙනවා නේද...? සමහරක් අය හිතන්න පුළුවන් අපිට මොකටද ඉතිහාසය කියලාත්. ඒ වුණාට ඉතිහාසයක් නොමැතිව වර්තමානයක්, අනාගතයක් තියෙන්න බැහැ. අපි අපේ ඉතිහාසය දැන ගත යුතුමයි. යම් කිසිදෙයක් අපට පාසලේදි ඉගැන්වු නිසාවත්, පොත් පත් වල සදහන් වෙලා තිබුනා කියලාවත් ඒ ඇත්තයි කියලා අපට විශ්වාස කරන්න බැහැ. අපි එහෙම කල යුතුත් නැහැ. බුදුදහමේ උගන්වන්නෙත් එහෙමනේ. ඒ නිසා අපි අපිට පිලිගතහැකි දේ පමණක් විශ්වාස කරනවා නම් තමයි හොද.[/FONT]
[FONT=&quot]මෙහිදි ඉතිහාසයට ඇතුළු නොවු අපේ ඉතිහාසය කියන්නෙ විජය රජුට පෙර ලංකා ඉතිහාසය ගැන අපේ ලොකුම ඉතිහාස පොත් විදිහට [/FONT]
[FONT=&quot]ලංකාවේ ඓතිහාසික තොරතුරු ඉතිහාසය ලෙසින් ලේඛනගත කර තිබිලා නැති වුණත් ලංකා ඉතිහාසයේ සිදුවුණා යැයි සැලෙකෙන සිදුවීම්, ලංකාවේ හිටියායි සැලෙකෙන විවධ පුද්ගලයන් ගැන තොරතුරු, ජනප්‍රවාද ලංකාවේ ඉතිහාසය ලෙස ආරක්ෂා වෙලා තියෙනවා. බලි, තරු,රාවණ කියන රජවරු දක්වා මේ ඉතිහාසය විහිදිලා තියෙනවා. ඔයාලා සමහර විට අහලත් ඇති [/FONT][FONT=&quot]ලංකා ලංකා පෙම්බර ලංකා, දිනවමු ඔබ ලංකා...![/FONT][FONT=&quot] ඒ ගීතයෙත් සදහන් වෙනවානෙ [/FONT][FONT=&quot]බලි තරු රාවණ ගැමුණු විජයබා නිරිදුන් ලද ලංකා...![/FONT][FONT=&quot] කියලා ඒ වුණත් බලි රජතුමා ගැනවත්, තරු, රාවණ රජවරුන් ගැනවත් ලංකා ඉතිහාසයේ නෑනේ. නමුත් අපේ ආච්චිලා සියාලාගෙන් මේ ඉතිහාසය ගැන ජනප්‍රවාද අපට උරුම වෙලා තියෙනවා.[/FONT]

[FONT=&quot]වැඩිපුර කියවන්න [/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]ලංකා ඉතිහාසය පෙල ගස්වලා මුලින්ම ලියලා තියෙන්නෙ 1912දි විතර. ඒ ලංකාවේ ටික කාලයක් පමණක් පදිංචි වෙල හිටපු ඉංග්‍රිසි ජාතික සිවිල් සේවකයෙක් වූ එච්. ඩබ්ලිව් කොඩ්රිංටන් කියන මහත්මයා. එයාටත් කලින් සුදු අම්මා නමින් හැදින්වුණ මාරි මියුසියස් හිගින්ස් නැමැති විදේශික කාන්තාව ළමුන් සදහා ලියපු ඓතිහාසික කතන්දර [/FONT][FONT=&quot]පොත් තමයි [/FONT][FONT=&quot]තිබිලා තියෙන්නෙ. මේ පොත් රාවණ, විජය, පණ්ඩුකාභය හා දුටුගැමුණු වැනි රජවරුන් වස්තුබීජ කරගෙන තමයි ලියැවිලා තියෙන්නෙ. ඒ වුණාට කනගාටුවට කරුණ තමයි ලංකාවේ ස්වදේශිකයෝ කවුරුත් ඒ කාලේ ඒ ගැන උනන්දුවක් දක්වලා නැති එක.[/FONT]
[FONT=&quot]බටහිර සම්ප්‍රදායට අනුව මුඛ පරම්පරාවෙන් පැවැතුන තොරතුරු ඉතිහාසය ලෙස සලකලා නැහැ. මූලාශ්‍ර සහිතව ඒ තොරතුරු සනාථ වීම අවශ්‍ය කරලා පෙන්නුවොත් තමයි ඒවා සත්‍ය තොරතුරු විදියට පිළිගෙන තියෙන්නෙ. අපි කලින් කියපු සුදු අම්මාගේ කතාන්තර වලට මුල් වූ රජවරු අතරින් රාවණ රජතුමා ගැන ඇරෙන්න අනිකුත් රජවරු ගැන වංශකථා වල සදහන් වෙලා තියෙනවා.[/FONT]
[FONT=&quot]මහා වංශය, දීප වංශය, ථුප වංශය, දළදා වංශය වැනි බෞද්ධ සාහිත්‍යමය කෘතිවලද, මහනුවර යුගයේ රචිත රාජාවලියේද පැරණි ඉතිහාස ගත කරුණු සදහන් වෙලා තියෙනවා. මේ අතරින් රාජාවලියේ ඇරෙන්න අනිකුත් කෘතිවල බෞද්ධාගමික ස්වරූපයක් තමයි තියෙන්නෙ.[/FONT]
[FONT=&quot]අපේ ඉතිහාසය ගැන සදහන් වෙලා තියෙන අපට තියෙන වැදගත්ම ග්‍රන්ථය තමයි මහා වංශය. අපි කලින්ම ඒක සදහන් කලානේ. මහා වංශය කියන කෘතිය ලංකා ඉතිහාසය දැන ගන්න උපකාර වෙනවා වගේම ඉන්දියාව, බුරුමය හා තායිලන්ත ඉතිහාසය පිළිබදව ඇති වූ ගැටළු නිරාකරණය කරගන්නත් ඉවහල් වෙලා තියෙනවා.[/FONT]
[FONT=&quot]මහා වංශය රචනා කරලා තියෙන්නෙ 5වන සියවසේදී පමණ මහනාම හිමියන් විසින්. ඒ මහසෙන් රජතුමාගේ කාලය තෙක් තමයි. ඉන් පසු විවධ අය විසින් කලින් කලට මහා වංශය දීර්ඝ කරලා ලියලා තියෙන නිසාම විජයාගමනයේ ඉදලා අඛණ්ඩව සදහන් වුණ ඉතිහාසයක් අද වන විට දැක ගන්න පුළුන් වෙලා තියෙනවා.[/FONT]
[FONT=&quot]සාක්ෂි දෙකකට හෝ වැඩි යමකින් සනාථ වූ පසු යමක් පිළිගැනීම ඉංග්‍රිසි ජාතිකයන්ගේ සිරිත වූ නිසාත්, මහා වංශයේ සදහන් වූ කරුණු දීප වංශය, ථුප වංශය යන ග්‍රන්ථවලින් සනාථ වන නිසාත් විජයාගමනයෙන් පසුව ලංකාවේ ශිෂ්ඨාචාර ඇති වූ බව සලකමින් කොඩ්රිංටන් විසින් [/FONT][FONT=&quot]ලංකා ඉතිහාසය[/FONT][FONT=&quot] නැමැති කෘතිය රචනා කරලා තියෙනවා. ඉන්දියානු සංස්කෘත සාහිත්‍යට අයත් රාමායන, මහා භාරත කතා වල සදහන් ලංකාවේ සිටි රාවණ නම් රජකෙනෙකු වංශ කථා වල සදහන් නොවුන නිසාම ලංකා ඉතිහාසට ඇතුලත් කරලා නැහැ.[/FONT]
[FONT=&quot]නමුත් රාවණ රජතුමාගේ ප්‍රතිවාදියා වූ රාමකුමරු සිටි අයෝධ්‍යාව ඓතිහාසික පුරවරයක් නිසා රාමකුමරු ඓතිහාසික ලෙස ඉන්දියාවේ සිටි බව බටහිර ඉතිහාසඥයන් විසින් පිළිගෙන තියෙනවා. ඉන් පසුව ඉන්දියානුවන් විසින් නැවත රචනා කරන ලද්දා වූ ඉන්දියානූ ඉතිහාසයේ රාම අධිරාජ්‍යය ඔප් නන්වලා තියෙනවා. නමුත් ලංකාවේ නිදහසින් පසුවත් කොඩ්රිංටන් විසින් රචිත ඉතිහාසයම ඒ විදිහටම පිළිගෙන තියෙන හින්දාම ගොඩාක් ඉතිහාස කරුණු ලංකා ඉතිහාසයෙන් සැගව ගිහින් තියෙනවා.[/FONT]
[FONT=&quot]මහා වංශයට අනුව දෙවනපෑතිස් රජුට ධර්මය කරුණූ විස්තර කිරීමේදී කකූසද, කෝණාගම බුදුන් සමයේද ලංකාව ජනාවාස වී තිබූ බව සදහන් වී තිබෙනවා. ඒ ඒ සමයන් හිදි ලංකාව ඔජදීප, වරදීප හා මණ්ඩදීප යන නමින් සදහන් වූ බවත් ඒ ඒ සමයන් හිදී අභය සමීඪ හා ජයන්ත යන රජන් සිටි බවද මහා වංශයේ සදහන් වෙනවා.[/FONT]
[FONT=&quot]ඒ විජයාගමනයට පෙර ලංකාවේ ජනාවාස ඇති වුණායැයි පැවසීමට පටැහැනි එක කරුණක්.[/FONT]
[FONT=&quot]කකුසද බුදුන් වහන්සේගේ නම සදහන් සෙල්ලිපියක් පොල්පිතිගම අසල ඇති දාගම පිහිට ගල් ලෙනක තියෙන අතර එහි [/FONT][FONT=&quot]... පරුමක කශබහ පුත පරුමක අභය ලෙණෙ ශගශ අගත අනගත චතුදිශ නම කකුශද දිනදනේ...[/FONT][FONT=&quot] යනු සදහන් වන අතර ඉන් කියැවෙන්නෙ කකුසද බුදුන් වහන්සේ ලංකාවේ තම සාසනය පිහිටුවන අවස්ථාවේ දී [/FONT][FONT=&quot]මහරී බෝධියෙන්[/FONT][FONT=&quot] ශාඛාවක් රැගෙන ලංකාවට අහසින් පැමිණියේ රූපනන්දා මෙහෙණියයි කියලා තමයි. ඒ වගේම වරකාපොළ අසල මබඩාවිට රජමහා විහාරයේ ඇති ලෙන් ලිපියක ගුවන්යානයක රූපයක හරහට [/FONT][FONT=&quot]රූපනදශ ගගයනි තොමඩය[/FONT][FONT=&quot] කියලාත් සදහන් වෙනවා. ඉන් අදහස් වන්නෙ රූපනන්දා මෙහෙණිය බෝධි ශාඛාවක් රැගෙන ගුවන් යානාවක්න් පැමිණියා කියන එක වෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ යම් යම් ස්ථාන වලින් කකුසද බුදුන්ට, කාශ්‍යප බුදුන් වහන්සේලා ගැන සදහන් සෙල්ලිපි හමුවෙලා තියෙනවා. මෙවැනි සාක්ෂිත් අනුව අපට හොදටම තහවුරු කර ගන්න පුළුවන් ලංකාව කියන්නේ විජය ගමනයට තියා විජය කුමාරයා ඉපදෙන්නත් අවුරුදු දහස් ගානකට කලින් ශිෂ්ඨාචාර වූ දිවයනක් කියලා. [/FONT]
[FONT=&quot]ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් කොඩ්රිංටන් මහතා විසින් ලංකා ඉතිහාසය ලිවීමේදී කකුසද, කෝණාගම බුදුන් සමයේ ශීෂ්ඨාචාර පැවති බව මගහැරී හෝ නොසලකන ලද බව අපට හිතන්න පළුවන්.[/FONT]
[FONT=&quot]ලංකාවේ තියෙන සෙල්ලිපි වලටම අනුව ගෞතම බුදුන් සමයේ ලංකාව පාලනය කරලා තියෙන්නෙ පනීත කියලා රජ කෙනෙක්. අපි කවුරුත් සමන් දෙවියෝ ලෙස හදුන්වන සුමන පනීත රජුගේ භාණ්ඩාගාරික කියලා කියැවෙනවා. සුමන ගැන සෙල්ලිපි 30කට වැඩිය ලංකාව පුරා දැක ගන්නට තියෙනවා. මේ නිසා අපේ මතය තවත් තහවුරු වෙනවා.[/FONT]
[FONT=&quot]
[/FONT]
 
Jul 17, 2011
49
7
0
OUT OF EK
[FONT=&quot]මහා වංශය යනු රාජ වංශය නොව බුද්ධ වංශය බව වංශකතා කියැවීමේ දී වටහා ගන්න පුළුවන්. ඒ කියන්නෙ බුද්ධ වංශය පැවසීම හා බුද්ධ ශාසනයට අනුග්‍රහය දැක්වූ රජවරු වර්ණනා කිරීම මෙහි අරමුණ වුණා කියලා වටහාගන්න පුළුවන්. සිද්ධාර්ථ කුමරු(බෝසතුන්)ගේ ඥාතීත්වයක් ඇති විජය කුමරුගෙන් ලංකාව ජනාවස වූවද විජයට දරුවන් නොමැති වීම නිසා විජය රජුගෙන් පරම්පරාවක් බිහිවුයේ නැහැ. ලංකා රජ පරපුර නැවතත් සිද්ධාර්ථ කුමරුන්ගේ ඥාතීත්වය හා සම්බන්ධ වන්නෙ ශාක්‍ය රජෙක් වන අමිතෝදන රජතුමාගේ මිණිබිරියක් වන භද්දකච්චායනා කුමරීය පඩුවස්දෙව් රජු හා විවාහ වීම නිසාය.[/FONT]
[FONT=&quot]විජය කුමරුන් ලංකාවට ගොඩබසින විට හමු වූ කූවේණිය( පාළි - කූ+ වණ්ණා = කළුවන් ශරීරයක් ඇත්තී) නමින් ලීලාවතී වූවාය. ඇය යකින්නක් නොවූවාය. ඇය මනුෂ්‍ය දුවකි. ඇය විජයට දාව මනුෂ්‍ය දරුවන් බිහිකලාය. මහා වංශයට අනුව ඒ ජීවහත්ත හා දිසාලාය. යකින්නක් නම් මනුෂ්‍යෙයක්ට දාව දරුවන් බිහිකල නොහැක. අඩක් මනුෂ්‍ය අඩක් යක්ෂ සත්වයන් ලොව පැවැතිය නොහැක.[/FONT]
[FONT=&quot]නමුත් වංශකතා වලට අනුව කුවේණි හා විජයගෙන් අඩක් මනුෂ්‍ය හා අඩක් යක්ෂ පරම්පරාවක් බිහිවිය. ඔවුන් පූලින්දයන් නම් විය. පුලින්දයන් යනු වර්තමාන වැදි පරපුර බව මහාචාර්ය සෙනරත් පරණවිතාරණ පවසයි. නමුත් ඉන්දියාවේ සමුද්‍රගුප්ත රජුගේ අලහාබාද් සෙල්ලිපියෙන් තමා ඉන්දියාවට දකුණුදිග සාගරය ඔබ්බේ වූ පුලින්ද හා සබර යන යන මිනිස් කොට්ටාශ දෙක යටත් කල බව දැක්වේ. මේ අනුව යකින්නකින් මිනිස් පරපුරක් පැවැතිය නොහැකි බව පරණවිතාරනයන්ට හා නූතන ඉතිහාසඥයින්ට අමතක වූ බවක් තමයි පෙනෙන්නෙ.[/FONT]
[FONT=&quot] නමුත් ලංකාවේම පවතින සෙල්ලිපිවලට අනුව කුවේණි යනු රජ කුමරියෙකි. ඇය බිම්බා රජුගේ දියණියයි. මරගන නගරය හා වරාය පාලනය කල අල්ලිරාණි කුමරිය ඇගේ ඥාති සොයුරියයි. ඇය කුම්බා(කුවේර) රජුගේ දියැණිය බව පැහැදිලිය. බෝධි වංශයට අනුව කුවේණිගේ පුතා වීරබාහු කුමරුය.[/FONT]
[FONT=&quot]විල්බා ජනපදය(කුරුණැගල දිස්ත්‍රික්කයේ) ඔහු විසින් පාලනය කල බව සදහන් වේ. වීර+බාහු යනු වීර අතයි. ජීව+හත්ත යනු ප්‍රාණවත් අතයි. මෙම නම් දෙකේ සමානත්වය නිසා බෝධීවංශයේ ප්‍රවෘත්තිය සත්‍යයැයි පළිගන්න පුළුවන්. එය නිවැරැදි මිනිස් පරම්පරාවක් ගැන ප්‍රකාශ කරයි. මොකද, යක්ෂයන්ට පරම්පරාවක් තියෙන්න පළුවන් කමක් නැති නිසා.[/FONT]
කුවේණි කුමරියගේ පරපුර



[FONT=&quot]විජයගෙන් පසු ලක්දිව රජ්‍යත්වයට පත් පඩුවස්දෙවි කුමරුන්ට වැළැදුන දිවි දෝශය සුවකරන ලද්දෙ ඉන්දියාවෙන් පැමිණි යකැදුරන් විසින් කල කොහාඹා කංකාරිය නැමැති යාගයෙනි. අදටත් මේ කොහෝඹාකංකාරීය නැමැති යාගය නැටුමක් ලෙස ශේෂ වී ඇති බව දැකගන්නට පුළුවන්. එය රජුට වැළදුන රෝගයක් නොවැ සතුරු බියක් යැයි සිතිය හැක. මන්ද ඉන්දියාවෙන් පැමිණි රජුට ස්වදේශිකයන්ගෙන් සතුරු ප්‍රහාරයක් ඇති වීමේ අවදානමක් තිබෙන්නට ඇත. තවද පඩුවස්දෙව් කුමරු ලක්දිවට පැමිණ ඇත්තෙද පරිභ්‍රාජිකයෙක් ලෙස වෙස්වලාගෙන ඒ වගේම පඩුවස්දෙව් රජුට සරණපාවගැනීමට ගෙන්වූ භද්දකච්චායනා කුමරිය ලංකාවට පැමිණ ඇත්තේද භික්ෂූණීයක් ලෙස වෙස්වලාගෙනයි. මෙම කරුණවලින්ද ලංකාවේ රාජ්‍යත්වය පැහැරගැනීමට හෙලයන්ගේ තිබූ ඇකැමැත්ත මැනවින් ඔප්පුවෙනවා.නමුත් විහාර මහා දේවිය නැවක නන්වා මුහුදට පාකිරීමේදී ඇය කවුද යන්න යාත්‍රාවේ සදහන් කිරීමෙන් පැහැදිලි වන්නේ ඒ වන විට සතුරුබියක් නොතිබූ බවයි.[/FONT]
[FONT=&quot]උන්මාද චිත්‍රා කතාවට අනුව ඇය ලද පුත්‍රයා, ඇයගේ මවගේ සහෝදරයා වූ දීඝායු කුමරුගේ පුත් දීඝ ගාමිණි යැයි මහාවංශයේ සඳහන් වීම ඇත්තක්මද කියලා අපිට හිතන්න වෙනවා. මොකද චිත්‍රා කුමරිය රදවා තිබූ එක්ටැම්ගෙයට යාමට හැකිව තිබූ විවරය තිබුනේ පඬුවස්දෙව් රජ‍ුගේ සිරියහන් ගබඩාවෙන් පමණයි. ජනප්‍රවාදයේ එන තොරතුරු වලට අනුව එහි යාමට අවසර තිබුණේ චිත්‍රරාජ හා කාළවේල යන යක් සේවකයන්ට පමණයි. දීඝායු විසින් ගොඩනැගුවායැයි සැලකෙන දිඝාමඩුල්ල විජය කුමරු ලංකාවට පැමිණෙන විටදී පවා ජනාවාස වී තිබූ බව පැහැදිලිය. එබැවින් දිඝාමඩුල්ල දීඝායු කුමරු විසින් ගොඩනඟන ලද්දක් යැයි පිළිගැනීමට අපහසුය. චිත්‍රා කුමරියගේ පුත් පණ්‍ඩුකාභය කුමරු අනුරාධපුර රජ වූ පසු චිත්‍රරාජ සමඟ සම අසුනේ හිද ප්‍රීති උත්සව නැරඹීමද, අභය වැව සමීපයේ පදිංචි කරවීමද සුවීශේෂ සිද්ධීන් කියලා අපට හිතන්න පුළුවන් ඒ වගේම අපට අනුමාන කරන්න පුළුවන් පණ්ඩුකාභය කුමරුගේ පියා චිත්‍රරාජ කියලා. මෙහෙම ලංකාවේ රාජ්‍යත්වය නැවතත් හෙළයන් අතට පත්වී පණ්ඩුකාභය රජුගෙන් පසු සිංහල රාජ පරම්පරාවක් ඇරඹීමද, දුටුගැමුණූ රජු විසින් පසුකලෙක ඒකීය රාජ්‍යන් ඇරඹීමත් අපේ ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථාන විදිහට සලකන්න පුළුවන්...


මේක ආවේ නම් Mail එකකින් මට.
[/FONT]
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මහාවංශය ලියපු හිමි නම කැමතිදේවල් වැඩියෙන් ඉස්මතු කරන්නත්
    අකමැති දේවල් අයින් කරලත් තියෙනව
    ඒක දන්නෙ නෑ සමහරු
    ගොන් කථා කියනව මිසක්ක

    ආර්යන් උසස් කියල හිතන් ඉන්න පිරිසකුත් ඉන්නව ඉතින් කොහොමද වැඩක් කරන්නෙ

    :lol::lol::lol::lol::lol:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    9f26c67a3d9fec8ca5c37a98ff7d89e7_10631.png
     

    Similar threads