සිංහළ වෙදකම

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,338
    1,539
    113
    32
    Earth-Cj025
    මරණය හැර සියලූ රෝග නසන කළුදුරු ඔසුවේ විශ්මිත රහස්

    36808307_2134278163523129_1433441710087602176_n.jpg


    කළුදුරු ශාකයෙහි විද්‍යාත්මක නාමය Nigella Sativa වන අතර Ranuculaceaeශාක කුළයට අයත් වේ’ Blessed Seeds නමින් ලොව පුරා මෙය සුපතල වී ඇත්තේ එහි වටිනාකම නිසාම විය යුතුය’ මෙම පැළෑටිය පිළිබඳ ශුද්ධවූ කුරානයේ මෙසේ සඳහන් කර ඇත’ සත්තකින්ම කළුදුරු භාවිතය මරණය හැර සියලු රෝග සඳහා අගනා ප්‍රතිකාරයකි’
    කෙසේදයත් වර්තමානයේ මධ්‍ය සහ දකුණු ආසියාවේද” බටහිර රටවලද මේ පිළිබඳ අවධානය දක්වන අතර ආහාර පිසීමේදී කුළුබඩුවක් ලෙස මෙය භාවිතයට ගනි’ මෙමගින් ජීර්ණ ක්‍රියාවලිය පහසු කිරීමද උණුසුම ඇති කිරීමද (විශේෂයෙන් ශීත කාලවලදී) සමත් වන අතර පෝෂණ සහ ශක්ති සම්පාදකයක් ලෙස සියවස් ගණනාවක සිට භාවිතයට ගෙන ඇත’ මෙම ගුණයන් පදනම් කරගෙන ක්ලෝම ප්‍රදාහය (Bronchitis)” ඇදුම (Asthma) සහ හුස්ම ගැනීමේ අපහසුව යන රෝග තත්ත්ව සඳහා සුලභව ප්‍රතිකාර කිරීමට භාවිත කෙරේ’

    මීට අමතරව ආමාශයේ සහ ආන්ත්‍රික ස්වස්ථතාවයද” අක්මාවේ සහ වකුගඩුවේ ක්‍රියාකාරිත්වය සඳහාද ඉතා යහපත්ය’ කළුදුරු අසාත්මිකතාවන්ගෙන් ඇතිවන බලපෑම් නිෂ්ක්‍රීය කිරීමට යොදා ගන්නා ඖෂධයක් ලෙසත් ඇති බැවින් සංකූලතා රෝගී තත්ත්ව සහ බහුලව ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන සාමාන්‍ය ශක්තිජනක පානයක් ලෙසද පිළිකා මර්ධනයට ආධාරකයක් ලෙසද භාවිතයට ගැනේ’ ඇතැම් චර්ම රෝග සඳහාද රුධිර සංසරණය ක්‍රමවත් කිරීමටද මෙය භාවිතයට ගැනේ’
    විවිධ රෝග තත්ත්ව සඳහා ප්‍රතිකාරයක් ලෙස කළුදුරු ශාකයම විවිධ විද්‍යාත්මක පර්යේෂණ අධ්‍යයනයන්ට ලක්කර ඇත’එම පර්යේෂණ ප්‍රතිඵල පහත රෝග තත්ත්ව සඳහා විශේෂයෙන් ගුණදායක බව ද දක්වා ඇත’ ඒ අනුව දියවැඩියාව මගින් ඇතිකරන අස්ථී වලට සිදුකරන හානිය අතිශයින් අවම කරයි’ ප්‍රතිජීවක ගුණයන් සහිතය අක්මාවේ ඉදිමුමට සහ හානිකර තත්ත්ව ඇතිකරන විෂ අවශෝෂණය කිරීමේ හැකියාව ඇති බැවින් අක්මාවේ යහපැවැත්ම හේතුවේ’ පිළිකා මර්ධන කාරකයක් ලෙස බැක්ටීරියා නාශකයක් ලෙස ආහාර මාර්ග පද්ධතියේ ඇතිවන තුවාල ආදි හානි කර තත්ත්ව ඇතිවීමෙන් ආරක්ෂා කරයි’ වේදනා නාශකයක් ලෙස භාවිතයට ගත හැකිය’ අධිරුධිර පීඩනය සමනය කරයි’ ප්‍රමාද ඔසප් චක්‍රයන් ක්‍රමවත් කරයි’ තුවාල සුව කර ගැනීම’

    ප්‍රතික්ෂුද්‍රජීවීකාරක” ප්‍රතිඔක්සිකාරක” දැවිල්ල ඇති නොකරන ගුණය” ආසාදනයන් වර්ධනය වීම වැළැක්වීමේ ගුණය ආදිය තුවාල සුව කිරීමට අදාළ ප්‍රධාන ගුණයන්ය’ මෙම ගුණ සියල්ල කළුදුරු තෙල්වල අන්තර්ගත වේ’

    කළුදුරු මල
    කළුදුරු ඵලය
    කළුදුරු ඵලය වේලා බීජ ලබාගනී

    කළුදුරුවල බොහොමයක් ප්‍රතිඵලදායි ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරන්නේ එහි තෙල්වලයි’ මේ පිළිබඳ මැදපෙරදිග සහ ඉන්දියානු පර්යේෂණාගාර කිහිපයක තවමත් වැඩිදුර අධ්‍යයනයන් සිදුකරමින් පවතී’ තෝසේ” චපාති” කුල්චා” ස්ටික් කුකීස් ආදි ආහාර සැකසීමේදී බහුලව මේවා භාවිතයට ගැනේ’ ජනප්‍රවාද සහ මිත්‍යා විශ්වාසයන්ට අනූව ඇස්වහ කටවහ වලින් ආරක්ෂා වීමටද කළුදුරු භාවිතයට ගැනේ’ තවද ඇතැම් රටවල හූනියම් කටයුතු සඳහාද යොදා ගැනේ’ තුර්කි ජාතියන් මිනී පෙට්ටිය ඇතුළට කළුදුරු ඇට යොදනු ලැබේ’ මෝක්ෂ සුවය සඳහා එය උපකාර වනු ඇතැයි ඔවුන් විශ්වාස කිරීම මීට හේතුවයි’

    කළු බීජ තෙල් ඔයිස් ඔන්ලයින් ප්රෝටීන ප්රතිලාභය කුමක්ද?

    කළු බීජ සහ එයින් ලබාගත් තෙල් භුක්ති විඳින සෞඛ්ය ආරක්ෂණ හා රෝග වැලැක්වීම සඳහා නිවෙස් පිළියමක් ලෙස භාවිතා කිරීම සඳහා ක්රියාකාරී ආහාර ලෙස සැලකේ. ලෝකය පුරා මිලියන ගණනකට බලපාන නිදන්ගත රෝගාබාධ සියල්ලම ප්රතිකාර කිරීමට තරම් ප්රබල වේ. කළු බීජ නම් ප්රාතිහාර්යමය ශාකයක් ලෙස විස්තර කර ඇත.
    කළු බීජයේ පෝෂණීය පැතිකඩ ඉතා සංකීර්ණයි. විවිධ වර්ග 100 ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති නමුත් එය තව දුරටත් සොයාගත හැකි ය. කළු අම්ල තෙල් අත්යවශ්ය මේද අම්ල, ටෝෙකෝෆොල්ස් සහ ෆයිටෝසරොල්ස් වැනි පොහොසත් මූලාශ්රයක් වන අතර, ප්රතිඔක්සිකාරක තයිමෝකින්ටෝන්, කැරක්ලෝරෝ, තයිමොල්, පී-චයිමීන්, ඇනටෝල් සහ 4-ටෙරපීනයොල් යන අය ද වේ.

    කළු බීජ තෙල් මිලදී ගන්න »

    ද්රවීකෘත ඔයිල් අම්ල විශ්ලේෂණය කිරීම:

    43% ක් ලීනොලික අම්ලය
    17% ඔලෙයික් අම්ලය
    9% palmitic අම්ලය
    3% ස්ටීරික් අම්ලය
    6% ඊයොසොසඩිෙනොයික් අම්ලය (EPA)
    5% Eicosatetenaenoic අම්ල (ETA);
    ලිනොලනෙන් අම්ල 0.7%
    3% ඩොමෝසෙක්සාඇඇඊනීක් අම්ලය (DHA)
    0.16% myristic අම්ලය
    ඔමේගා ෆැටී කැඩ්මියම්වල වැදගත්කම

    කළු අම්ල 26 කින් සමන්විත මේද අම්ල 26 ක් අඩංගු වන අතර, 15% ක්ම සංතෘප්ත මේද අම්ලවලින් සමන්විත වන අතර අසංතෘප්ත මේද අම්ලවලින් 80% ක් අඩංගු වේ. අසංතෘප්ත FA වල ලිෙනොලොලික් අම්ලය (ඔමෙගා-6); වඩාත් වැදගත් ඔමෙගා-3, EPA සහ DHA, සාමාන්යයෙන් පමණක් මේදය මාළු වැනි සත්ව නිෂ්පාදන සොයා ගත හැක්කේ; සහ ඔමේගා-3 ආකාරයේ ඊයොසොසැටරේනොයිනොයික් අම්ලය (ETA) ලෙස හැඳින්වේ.

    ඔමේගා-6 සහ ඔමේගා-3 අත්යවශ්ය මේද අම්ල ලෙස සලකනු ලැබේ. අපගේ ආහාර වේලෙහි බහුලව දක්නට ලැබෙන බහු අසංතෘප්ත මේද අම්ල (PUFAs) වන නමුත් ඔවුන්ගෙන් බොහෝ ඒවාට අවශ්ය නොවේ. අවාසනාවට, පිරිසිදු කිරීම නිසා බටහිර ආහාරය PUFA වලින් පිරී ඇත. මෙම මේද අස්ථායී හා ඔබ ඒවායින් බොහොමයක් පරිභෝජනය කරන විට, ඔබේ සෛල බිඳෙනසුලු වන අතර පසුව ඒවා ඔක්සිකරණය වීමට ඉඩ ඇත.

    කළු බීජ වල තෙල්වල අම්ල අසාමාන්ය සංයෝජනය ඔක්සිකරණයට ප්රතිජීවක වේ. Thymoquinone සමග EPA, DHA, සහ ETA නිදන්ගත, අඩු මට්ටමේ උද්දීපනය හේතුවෙන් ඇතිවන පිරිහෙන රෝග රාශියකින් ආරක්ෂ

    කලුදුරැ තෙල් ඵය ප්‍රතිඔක්සිකාරකයක් ලෙසත් හැදින්වන අතර අැට වලින් තමයි තෙල් හදන්නනෙ ඵය තුවාල සුවකිරිමටත් ආසත්මිතා නැති කිරිම⁣ටත් ... ඉන්දියානුවන් උදා ( චපාති ) රොටි කලුදුරැ ආහාර සැකසිමෙදිත් කලුදුරැ තෙල් යොදා ගන්නවා ...

    කළුදුරු තෙල් 1 පාවිච්චි කරන්න මේ තෙල් වර්ගයට හැලිච්ච කොණ්ඩය ආපහු වවා ගන්න පුළුවන් අත්දැකීමෙන් කියන්නෙ

    *දියවැඩියාව ඇතුළු සැම ලෙඩකටම හැමදාම රෑට කළුදුරු ඇට කිපයක් හපලා කාලා වතුර බොන්න..
    තේ කොපි ඇතුලු ඕනෑම වර්ගයක් සමග කලුදුරැ කුඩු එකතු කර ගන්න පුළුවන් අනවශ්‍ය මේදය දියකර හැරීමේ මහගු ගුණයක් කළුදුරු සතුයි !!!

    රොටි වගේ කෑම වර්ග වගේම මම නම් සැල්ඩ් එකක් කනකොට කලුදුරැ ඇට ටිකක් දානවා .හරිම අපුරු රසයක් තියනවා .ඒ වගේම තේ හදද්දී දානවා. ගොඩක් ගුණ කලුදුරැ මේ විදිහට කැමට එකතු කර ගමු

    අත්‍යාවශය කරුණු අන්තර්ජාලයෙනි


    Neranjana Kasthuriarachi
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,338
    1,539
    113
    32
    Earth-Cj025
    37395445_2147454515538827_6125480360395407360_n.jpg


    ලය පිළිකා හා තවත් ලෙඩ රෝග කිහිපයකට ගුණ දායක විශ්මිත පානයක් ගැන මට දැන ගන්න ලැබුනා මේ පානය මුලින්ම හොයා ගෙන තියෙන්නේ චීනයේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින්. මේ පානය හදන්න යොදා ගන්නේ එළවලු ජාති දෙකක් හා එක් පලතුරු ජාතියක් පමණයි. ඒ වගේම මේ ජාති තුනම පහසුවෙන්ම හොයා ගන්නත් පුළුවන්

    ඇපල් , කැරට් හා බීට්රූට් කියන දේවල් තුන තමයි අපි හොයා ගන්න ඕනේ. මේ පානය සැදීමේදී එක් එක් ජාතියෙන් යෙදිය යුතුයැයි නිශ්චිත ග්‍රෑම් ප්‍රමාණයක් නෑ. එය රස අනුව එක් එක් ජාතියෙන් වෙනස් ප්‍රමාණයන් යොදා හදා ගන්නත් පුළුවන්. හැබැයි පුළුවන් තරම් හැම ජතියෙන්ම සාමාන ප්‍රමාණයන් යොදා ගෙන හැදුවොත් වඩා හොදයි. ඒ වගේම මෙයට මි පැණි ටිකක් එකතු කර ගන්නත් පුළුවන්. දෙහි යුෂ ටිකක් යොදා ගත්තොත් වඩාත් හොද ප්‍රති පල ලබා ගන්න පුළුවන් නැතුව උනත් මේ පානය රස විදින්න පුලුවන්.

    මේ පානය හදන්න අපි යොදා ගන්න ආහාර ජාති තුනම සෞඛ්‍යට ඉතාමත් ගුණ දායක ඒ වගේම ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙන දේවල්. ඇපල් වල විටමින් A , B1 , B2 , B6 , C , E හා K ප්‍රබල ලෙස අඩංගු වෙනවා. ඒ වගේම ෆොලේට් , සින්ක් , මැග්නීසියම් , පොටෑසියම් , පොස්පරස් , කැල්සියම් , සෝඩියම් හා යකඩ කියන පෝෂණ සංගටක ඇපල් වල යහමින් තියෙනවා.

    කැරට් ගත්තම විටමින් A , B1 , B2 , B6 , C , E හා K සමග කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් . සෙලේනියම් කියන පෝෂණ සංගටක බොහොම උසස් අයුරින් අඩංගු වෙනවා. කැරට් පිස ආහාරයට ගැනීමට වඩා යුෂ පානයක් ලෙස ශරීරයට එක් කර ගැනීම මගින් එහි ඇති සියලු පෝෂණ පදාර්ථ හොදින් සිරුරට අවශෝෂණය වීම සිදු වෙනවා.

    බීට්රූට් කියන්නේ Cardiovascular Disease වැනි හදවත හා සම්බන්ද රෝග තත්ව වලට ඉතාමත් ගුණදායක එළවලුවක්. බීට්රූට් තුල විටමින් A, C, සංකීර්ණ විටමින් B , යකඩ , කොපර් , මැග්නීසියම් , පොටෑසියම් හා වයසට යෑම පමා කරන පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වෙනවා

    අපි දැන් බලමු මේ දේවල් යොදා ගෙන බලගතු පානයක් සකස් කර ගන්නේ කොහොමද. කියලා

    සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් අල දෙකක්
    සාමාන්‍ය ප්‍රමාණයේ බිට් අල දෙකක්
    සාමාන්‍ය ප්‍රමාණයේ ඇපල් ගෙඩි දෙකක්

    පොතු හැර ගත් ඇපල් (ජුස්ර් එකකින් මෙය සාදා ගන්නවා නම් පොතු අරින්න අවශ්‍ය නැ .බේකින් සෝඩා දෙහි මිශ්‍ර වතුරේ විනාඩි 10 ක් තියලා සෝදලා ගන්න ) හා සුද්ද කර ගත්තු කැරට්, බීට්රූට් සමාන ප්‍රමාණයන් අරගෙන වතුර පොඩි ප්‍රමාණයක් එකතු කරලා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොදින් අඹරා ගන්න. වඩා හොදයි ජුස්ර් එකක් ආදාරයෙන් මේක හදා ගන්න පුළුවන් නම්.ඊට පස්සේ දිනපතා පානය කරන්න තමයි තියෙන්නේ. හොද ප්‍රතිපල ගැනීමට නම් මේ පානය මාස තුනක් පාවිච්චි කල යුතුයි. උදේ හිස් බඩ පානය කල යුතුයි උදේ පානය ගෙන පැයක් යනතුරු උදේ ආහාරය ගන්න එපා.

    මෙම පානය මගින් ඔබේ ශරීරයට ලැඛෙන විශ්මිත ප්‍රතිලාභ
    ලය පිළිකා හා අනෙකුත් පිළිකා සෛල වර්ධනය වීම වළක්වමින් පිළිකා සුව කිරීමේ විශ්මිත ගුණයක් මේ පානයට තියෙනවා. ඒ වගේම හදවත හා පෙනහළු වගේ ශරිර අවයව වල නිරෝගී පැවැත්ම සදහා ඉතාමත් ගුණ දායක පෝෂණ සංගටක සපයනවා. කොලෙස්ටරෝල් අඩු කරනවා. අධි රුධිර පීඩනය වගේ ලෙඩ රෝගත් මේ මගින් වලක්වා ගන්න පුළුවන්

    හැමෝම ආසයිනේ ලස්සන සමක් තියාගන්න. ඉතින් නියමිත පරිදි මේ පානය දිගටම බිව්වොත් රන්වන් පාට ශරීරයක් ඔබට හිමි වෙනවා. සම නිරෝගී වෙනවා.

    ශරීරයේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරවනවා

    මතක ශක්තිය වැඩි කරමින් මොලයේ හොදින් ක්‍රියා කරවනවා

    මේ පානය ඇස් වලට ගොඩක් හොදයි. පරිගණකය ඉදිරිපිට පැය ගණනාවක් වැඩ කරන කාටියගේ ඇස් වල වියලි ගතිය හා මහනිසිය නැති කරනවා.

    ශරීරයේ ප්‍රතිශක්ති ගුණය වැඩි කරනවා.

    අක්මාව තුල තැන්පත් වී ඇති විෂ අපද්‍රව්‍ය ඉවත් කර අක්මාව පිරිසුදු කරනවා. රතු රුධිරානු නිෂ්පාදනය ඉහල දැමීම තුලින් ලේ පිරිසිදු කරනවා. කාන්තාවන්ගේ ඔසප් වේදනාව අඩු කරනවා

    කෙට්ටු වෙන්න උත්සාහ කරන අයටත් මේක ගොඩක් හොද පානයක්. එකට හේතුව තමයි අඩු කැලරි ප්‍රමානයක් මෙහි අඩංගු වීම. හැබැයි කැලරි අඩු උනාට මෙහි පෝෂණ ගුණය හා ඖෂධිය ප්‍රයෝජනවත් භාවය නම් ඉතා උසස් මට්ටමින් පවතිනවා

    සාමාන්යෙන් එළවලු පලතුරු වලට දියවැදියාව හැදෙන්නේ නැ එත් ලංකාවේ එක එක මත තියනව නේ.එක නිසා දියවැඩියාවට මුලිනම් මේ ප්‍රතිකාරේ කරන්න
    දියවැඩියාව සහ හන්දි කාටිලේජ ගැටළු සඳහා විස්මිත බණ්ඩක්කා වතුර සත්කාරය

    1 බණ්ඩක්කා කරල් 3ක් හෝ 4ක් ගෙන කෙරවලවල් කපාගන්න

    2 දැන් මේවා දිගු අතට කපාගන්න

    3 මේවා වතුර ලීටර භාගයක දමා තම්බාගන්න.

    4 රෑ එළි වන තුරු තබාගත් මෙය පසුදා උදැසනම මෙහි ජලය පානය කරන්න
    මෙම සත්කාරය ඉතාමත්ම සාර්ථක එකක් වන අතර ප්‍රතිපල ඔබව විශ්මයට පත් කරයි…
    පැයකට පසු බිට්රුට් පානය ගන්න

    සමහර පින්තුර සහ කරුණු අන්තර්ජාලයෙනි


    Neranjana Kasthuriarachi
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,338
    1,539
    113
    32
    Earth-Cj025
    අසමෝදගම් ගැන නොදන්න අපුරු තොරතුරු

    පුංච් දවස්වල බඩේ කැක්කුමක් හැදුණ හැමදාකම අම්මා ❤️❤️
    අසමෝදගම් ස්ප්‍රීතු බොන්න දෙනවා මට මතකයි .අසමෝදගම් ස්ප්‍රීතු බීල ටික වෙලාවකින් බඩේ අමාරුව සුව වෙලත් තියනවා ඒ තරමටම මේ ඔෟෂධීය පානයෙ ගුණ කියා නිම කරන්න බැහැ

    37734236_2151940468423565_5948415613448749056_n.jpg


    චරක සංහිතාව, සුශ්‍රැත සංහිතාව වගේ මූලික ග්‍රන්ථවල සඳහන් ආකාරයට ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සුවයට හොඳම ප්‍රතිකර්මයක් තමයි අසමෝදගම් කියන්නේ. සංස්කෘත භාෂාවෙන් යවානිකා, අජමෝදා, අජමෝධිකා යන නම්වලින් මේ අසමෝදගම් ඔෟෂධය හඳුන්වනවා.

    අසමෝදගම් අඟල් 6ත් 8ත් අතර ප්‍රමාණයක උසින් යුත් ශාකයක්. අසමෝදගම් ශාකයේ කොළ සලාද ලෙසත් භාවිත කරනවා. අසමෝදගම් ඇට, කොළ සහ ඇට වාෂ්පීකරණයෙන් ගන්නා තෙල් දේශීය වෛද්‍ය විද්‍යාවේදී ඔෟෂධ පිණිස ගන්නවා. අසමෝදගම් කියන්නේ හොඳ වේදනා නාශකයක්. සන්ධිශූලවලදි (සන්ධි කැක්කුම්), ඉදිමුම්වලදි අසමෝදගම් ඇටවලින් ලබා ගන්නා තෙල් ආලේප කිරීම ඉතාම ගුණදායකයි. මේ ශාකය සතුව පවතින විශේෂිත වාෂ්පීකරණ ගුණය නිසාම මෙහි ගුණය ඉක්මනින්ම සමට උරා ගනිමින්
    ක්‍ෂණික ප්‍රතිඵල ගෙන දෙනවා.

    ඊපචජඩභඵ නඥපථභථ පධයඡභපඨඩඪචඩථ නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අසමෝදගම් ශාකය අයත් වන්නේ භථඡඥතඪටඥපචඥ කුලයට.
    අසමෝදගම් ඇට අරගෙන ඇල්දියෙන් හොඳින් අඹරා තලපයක් පදමට සාදාගෙන ඒ ද්‍රාවණය හන්දි වේදනා තැන්වල, ඉදිමුම්වල ආලේප කරන්න. හන්දි වේදනා නැති කරන්නත් ඉදිමුම් නැති කරන්නත් මේ ඔෟෂධීය ආලේපය ඉතාම ගුණදායකයි. ඒ වගේම අසමෝදගම් ඇටවල වාෂ්පීකරණයෙන් ගත් තෙල් ස්වල්පයක් මඳ රස්නෙ ඇති වතුර බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර කුෂ්ඨ සහ තුවාල සේදීම කරන්න. දිනපතා උදේ සවස මෙය කළොත් කුෂ්ඨ රෝගය ක්‍රමක්‍රමයෙන් සුවතට හැරෙනවා වගේම තුවාල සුව කිරීමටත් මෙය ඉතාම වැදගත් ප්‍රතිකර්මයක්.

    විවිධ ගෝනුසු, පත්තෑ, මී මැසි, බඹර, දෙබර වැනි සත්ත්ව විෂක් ශරීරගත වූ විටකදී ඒ දෂ්ටනය වූ තැන අසමෝදගම් ඇට, තෙල් හෝ ඇට අඹරා සාදා ගත් කල්කය ගාන්න. සත්ත්ව විෂ මැරීමට එය ඉතාම ගුණදායකයි.

    ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව හටගන්නා රෝගවලට මේ ඔෟෂධය ඉතාම ගුණදායකයි. බඩ පුරවා දැමීම, බඩේ වේදනාව, බඩ කොරවීම වැනි රෝගවලදී අසමෝදගම් ඇට ඇල්දියෙන් අඹරා ඒ කල්කය බඩේ ආලේප කරන්න. ඒ වගේම ඇටවලින් පොට්ටනියක් සාදා වණ්ඩුවේ තම්බා එයින් බඩ තැවීමෙනුත් සුවයක් ලබන්න පුළුවන්.
    ගර්භාශය උත්තේජනයකට පත් කිරීමේ හැකියාවක් අසමෝදගම් ඔෟෂධයේ පවතිනවා. ඒ නිසාම ගර්භණී ස්ත්‍රීන්ට අසමෝදගම් ඔෟෂධය නිර්දේශ කරන්නේ නැහැ. අසමෝදගම් වියළි ඇට අරගෙන හොඳින් කුඩුකර ගෙන ඒ කුඩු සුළං නොවදින ඇසුරුමකට දමාගන්න. වරකට එයින් තේ හැන්දක් බැගින් දිනකට දෙවරක් උදේ සවස මී පැණි සමඟ එය ආහාරයට ගත්තොත් ඇදුම, කැස්ස, පීනස වැනි රෝග සුව කර ගන්න පුළුවන්. මෙය දින කිහිපයක් කළොත් ඔබට එහි වෙනස හොඳින් දැනේවි. කොත්තමල්ලි ඇට ගිනි කබලකට දමා ඒ නඟින දුම නහයෙන් ආඝ්‍රාණය කළොත් කැස්ස, ඇදුම වැනි රෝග සුවයට එයත් ගුණදායකයි.

    ඇඟට ප්‍රාණයක් ලබා දෙන්නත් අසමෝදගම් ඇට චූර්ණය (කුඩු) ඉතා ගුණයි. අසමෝදගම් ඇට අඹරා සියුම්ව කුඩුකරගෙන ඒ කුඩු මී පැණියෙන් අඹරා දිනපතා ආහාරයට ගත්තොත් ශරීරයේ හටගත් දුර්වලතා මඟහැරගන්න පුළුවන්.
    විවිධ බර ආහාර ගැනීම නිසා හෝ වෙනත් හේතුන් නිසා විවිධ අජීර්ණ තත්ත්වයන් හට ගන්න පුළුවන්. එවන් අජීර්ණ අවස්ථාවලදී අසමෝදගම් ඇට මිටක් අරගෙන එයට ඉඟුරු ස්වල්පයක් හා හොඳින් තම්බා පානය කරන්න. මෙය දිනකට දෙතුන් වරක් පානය කළත් ගැටලුවක් නැහැ. පොඩි දරුවන්ටත් මේ පානය සුදුසුයි. ආහාර නිසිආකාරව දිරවීමටත් ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සුව කිරීමටත් මේ ඔෟෂධීය පානය ඉතා ගුණදායකයි.

    37676874_2151940438423568_2486347647007326208_n.jpg


    ඇගේ අනවශ්‍ය මෙදය දිය කර හරින්න අසමෝදගම් තේ එකට පුළුවන්.සම පැහැපත් කර දීප්තිමත් සමක් ලබා ගන්නත් පුළුවන්

    හොදට උතුරවා ගත් වතුර එකට අසමෝදගම් ඇට තේ හෑන්දක් මින්ට් කොළ තුනක් දමා වසා තබන්න පසුව පෙරා දෙහි බින්දු දෙක තුනක් දමා බොන්න

    අසමෝදගම් ඇට, සුදුලූනු, සූදුරු, මහදුරු සමව ගෙන තම්බා පානය කළොත් අජීර්ණය සහ අතීසාර රෝග සුවයට එය ඉතාම යෝග්‍යයි. ඒ වගේම ස්ත්‍රීන්ට ඇතිවන වේදනා සහිත ආර්තව අවස්ථාවලදීත් මේ ඔෟෂධීය තැම්බුම් පානය භාවිත කිරීමෙන් අධික වේදනාව සුවතට ගන්නත් පුළුවන්.
    මේ ඔෟෂධය වාෂ්පශීලී පදාර්ථ ඇති ඔසුවක් නිසාම කෂාය සෑදීමට මෙය ගන්නේ නැහැ. එයට හේතුව තමයි කෂාය සෑදීමට මෙය යොදා ගත්තොත් මෙහි පවතින වාෂ්පශීලී ඔෟෂධීය ගුණය විනාශ වෙනවා. ඒ නිසාම කෂාය හින්දුවාගෙන ඒ සමඟ අසමෝදගම් කුඩු මිශ්‍ර කර පානය කිරීමට දෙනවා.
    වෙළෙඳපොළේ ඇති විවිධ අසමෝදගම් ස්ප්‍රීතු වර්ග සාදන්නේ අසමෝදගම් ඇට භාගික ආසවනය කිරීමක් මඟින්. අජමෝදාදි අර්කය සාදන්නෙත් ඉතා විනිවිදව පෙනෙන දියරයක් ලෙසයි. සාමාන්‍ය පැහැදිලි වතුර වගේ දියරයක්. අසමෝදගම් ඇට වාෂ්ප කිරීමක් මඟිනුයි එය සාදන්නේ.

    37736718_2151940448423567_7177251944912650240_n.jpg


    අසමෝදගම් කොළ සම්බෝලය
    පබිලිස් සිල්වා මහාතාගේ විදිහට

    අසමෝදගම් කොළ ග්‍රෑම් 150
    බැදගත් තල ග්‍රෑම් 100
    ලූනු කොළ ග්‍රෑම් 25
    පොඩියට කපාගත් ලූනු ග්‍රෑම් 30
    බත් දිවුල් ගෙඩි 1
    සීනි මේස හැඳි 1
    විනාකිරි මේස හැඳි 1
    ගම්මිරිස්‌ තේ හැඳි 1/2
    අමුමිරිස්‌ කරල් 3
    පොල්තෙල් මේස හැඳි 1
    ලුණු පදමට

    කොළ ටික සිහින්ව ලියා ගන්න. දිවුල් ගෙඩියේ මද ගෙන තලා, විනාකිරි, සීනි, ගම්මිරිස්‌ ලුණු එකට එක්‌කර එයට තෙල් දමා සෝස්‌ එකක්‌ සකසා ගන්න. ලූනු කොළ අමු මිරිස්‌, ලූනු කුඩාවට කපා එයද කොළ ටිකට එක්‌කර එම දිවුල් සෝස්‌ ඒ මතට වක්‌කරන්න.

    අසමෝදගම් ඇට. කිව්වාම වැඩි දෙනාට මතක් වෙන්නේ අසමෝදගම් ස්ප්‍රීතු නේද? ඔව්, මේ ඒ දියරය හදන්න පාවිච්චි කරන ඇට තමයි. ලෝකය පුරාම අතුරු පස වර්ග සඳහාත්, බඩේ අජීරණ හා මළ බද්ධය සුව කරන්නත් පාවිච්චි කරන මේ ඇට ජාතියේ තවත් හැකියාවක් තමයි ඔබේ සම රැලි වැටීම වළක්වන එක. අපි කියන විදිහට මේ මිශ්‍රණය හදා ගෙන පාවිච්චි කළොත් දින කිහිපයකින්ම ඔබට හොඳ තරුණ පෙනුමක් ලබා ගන්න පුළුවන් වේවි.
    අවශ්‍ය දේ
    • අසමෝදගම් ඇට අහුරක්. ඕනෑම ආයුර්වේද වෙළඳ සැලකින් හරිම අඩු මිලකටගන්න පුළුවන්
    • වතුර කෝප්පයක්.
    • කුඩා භාජනයක්.
    මේක හදා ගන්න එක බොහොම සරල වැඩක්. මුලින්ම වතුර ටික උතුරන තුරු රත් කරලා ඒකට අසමෝදගම් ඇට ටික දාන්න. තේ එකක් හදනවා වගේ ටිකක් වෙලා තැම්ඛෙන්න තියන්න. ඊට පස්සේ ඇට ටික පෙරලා අයින් කරලා මේ දියරය නිවෙන්න ඉඩ හරින්න. දැන් හරි. මේක එලිය වැඩිපුර නොවැටෙන විදිහට අඳුරු සීතල තැනක තියන්න. අඳුරු කරපු බෝතලයක් පාවිච්චි කරනවා නම් වැඩිය හොඳයි. (ඛෙහෙත් බෝතලයක් නම් හොඳට සෝදලා ගන්න) ඉන් පස්සේ ශීතකරණයේ තියන්න පුළුවන්.
    දැන් කරන්න තියෙන්නේ හැමදාම උදේට මේකෙන් මුහුණ හෝදන එකයි. රැලි වැඩි තැන වලට වැඩි අවධානයක් දීලා සෝදලා දමන්න. මේ වැඩේ නොකඩවා හැමදාම කරන්න ඕනේ. රෑට අසමෝදගම් ඇට වලින් තේ එකක් වගේ හදලා, අඳුරු බෝතලේකට දාලා, ශීතකරණයේ තියලා උදේට මුහුණ සෝදන්නයි තියෙන්නේ. දින කිහිපයක් යද්දී හමේ රැලි ටික නිකන්ම සුව වෙලා යාවි. ඔබ කන්නාඩිය දිහා බැලුවාම වසර ගණනාවකින් තරුණ වෙලා වගේ පෙනේවි. අවශ්‍ය වුණේ බොහොම මිලෙන් අඩු අසමෝදගම් ඇට ටිකක් විතරයි. බලන්න ස්වභාවික සංයෝග වල ගුණදායක බව මොන තරම් ප්‍රබලද කියලා?😍😍

    සමහර කරුණු සහ පින්තුර අන්තර්ජාලයෙනි


    Neranjana Kasthuriarachi
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,338
    1,539
    113
    32
    Earth-Cj025
    හිසේ කැක්කුමට දත් බෙහෙතක්.

    අපේ දත් ස්නායු සමග සම්බන්ධයි. මේ නිසා අපිට දතේ කැක්කුම දරාගෙන ඉන්න අමාරුයි. සමහර අයගේ දතේ කැක්කම නැති වුනාට මෙය හිසේ කැක්කුමක් ලෙසට දැනෙනවා. ඉතින් මට හිතුනා අපේ වහරක ස්වාමීන් වහන්සේ විසින් අපිට කියා දීපු දත් බෙහෙතක් ගැන කියා දෙන්න. මුලින්ම අපි උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තූතිය පුදකර සිටිමු.

    අපි ලිඳක් ඉස්සහම අගුරු දානවා නේද? දැන් ලෝකයේ තියෙන හොඳම විෂ අවශෝෂණය වන දුව්‍යක් විදිහට ගන්නේ ඇක්ටිව් කාබන්. මේ සැම තැනම ඇත්තේ කාබන්. අපි මේ දත් බෙහෙත මගින් කරන්නට හදන්නේ කාබන් යොදාගෙන ස්නායු සහ දත් මුල් පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක්. අපි මේ කාබන් සොයාගන්නේ ඖෂධ දෙකක් ආධාරයෙන්

    මේ දත් බෙහෙතෙන් දත් මැද්දම විටින් විට හැදෙන හිසේ කැක්කුමක් සුව වෙනවා. මෙම දත් බෙහෙත මගින් කරන්නේ දත් මුල් හරහා ගොස් ස්නායු පිරිසිදු කරන එක. ඉතින් මෙසේ ස්නායු පිරිසිදු වුනාම අර ආපු කැක්කුම නැතිව යනවා. මිග්රේන් වගේ තත්වයක් නම් ස්ම්පූර්ණයෙන් සුව වෙන එකක් නැහැ. ඒත් එක පැත්තක් විතරක් රිදෙන හිසරදය තියෙන අයට බොහෝ විට ඇත්තේ මේ හිසරදයයි. කොහොමත් හැමෝම මේ ක්‍රමය අනුගමණය කරන එක හොදයි. වරදක් වෙන්නේ නැහැනේ. එපමණක් නොව මෙම දත් බෙහෙත දත් මුල් දියවෙන එකටත් හොදයි. අපි බලමුු හදන විදිහ.

    මේ දත් බෙහෙතට ගන්නේ

    ඇට නැතිව අරළු ගෑම් 100
    කරුංකා ගෑම් 100
    කරාඹු නැටි ස්වල්වල්පයක්.
    ලුණු ටිකකුත් එක්කරගත්තාට කමක් නැහැ.

    හදන්නේ මෙහෙමයි.

    කරුංකා ටික කබලක දාලා බදිනවා ගිණි ගන්නකම්. අගුරු වුනාට පස්සේ බාලා නිවෙන්නට තියෙනවා. අළු වෙන්න දෙන්න එපා. දැන් කුඩු කරලා පෙනේරයකින් හලා ගන්නවා.

    අරළු ටික කැබලි කර කබලක බදිනවා. දූඹුරු පාට වනතුරු බැද්දම ඇති. දැන් මේ ටිකත් දැන් බ්ලෙන්ඩරයක දාලා කුඩු කරගෙන පෙනේරයකින් හලා ගන්නවා.

    කරාඹු නැටි ටිකත් හොදට කුඩු කරගන්නවා. ලුණු නම් කුඩු ගන්න තියෙනවා නේ.

    දැන් මේ සියලු දේවල් එකට දාලා හොදට කලවම් කර ගන්නවා. මේක හොද දත්බෙහෙක්. මේ දත් බෙහෙත දැන් බෝතලයක දාලා තියාගෙන පාවිච්චි කරන්න පලුවන්.

    රෑට නිදාගන්නට පෙර මේ දත් බෙහෙත් ටිකක් අරගෙන බ්‍රෂ් එකකින් හරි ඇගිල්ලෙන් හරි දත් ටික මදිනාවා. හොදට දත්මුල් වල ගැවෙන්න ඕනි. ටික වේලාවක් මැදලා කට හොදනවා. හැබැයි කට සම්පූර්ණයෙන් හෝදන්නේ නැහැ. කටේ කහට ගතිය ඉතිරි වෙලා තියෙන්න ඕනි. මේ නිසායි සම්පූර්ණයෙන් කට හෝදන්නේ නැත්තේ. මේ විදිහට මාසයක් විතර කරලා බලන්න අර තිබුන හිසරදය තියෙනවාද කියලා.

    ඉස්සර අපේ සීීයලා කටේ අරළු ගෙඩියක් තියාගෙන හිටියා මට මතකයි. ඒ අයට දැන් වගේ දත් අමාරුත් නැහැ, හිසේ කැක්කුමක් තිබනෙත් නැහැ. දැන් වගේ බාම් වර්ග තිබුනෙත් නැහැ.


    ‎Nayana Thenuwara
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,338
    1,539
    113
    32
    Earth-Cj025
    තයිරොක්සින් වලට සහ සෙම්පතික්ශාවට සරල බෙහෙතක් කොත්තමල්ලි වලින්


    38133449_2160831507534461_3470458236593766400_n.jpg


    කොත්තමල්ලි සාදාගන්නා ක්‍රම කිහිපයක්ම තිබේ. මම ලේසිම විදිහේ ක්‍රමයක් කියලා දෙන්නම් . මේ කොත්තමල්ලි පානයේ ප්‍රධානතම සංඝටක වියලි කොත්තමල්ලි ඇට සහ ඉඟුරු සහ ගම්මිරිස් ඇටයි.අවශ්‍ය නම් මි පැණි එකතු කරගත හැකියි.

    කොත්තමල්ලි ඇට වල ඇති ඖෂධීය ගුණ

    කොත්තමල්ලි ඇට

    ප්‍රතිප්‍රදාහක ගුණ – කෝටර ප්‍රදාහය අඩු කිරීමට කොත්තමල්ලි වලට හැකියාව තිබේ.

    විටමින් C වලින් අධික වීම – සෙම්ප්‍රතිශ්‍යාවට විටමින් C වලින් හරියටම ඇති බලපෑම තවමත් සොයාගෙන නැති නමුදු විටමින් C හොඳ ප්‍රතිඔක්සිකාරකයක් බව කවුරුත් දන්නා දෙයකි. ප්‍රතිඔක්සිකාරක අපේ රුධිරයේ තිබෙන මුක්ත ඛණ්ඩක (පහතින් විස්තර කර ඇත) උදාසීන කරවයි. මුක්ත ඛණ්ඩක අපේ DNA සහ සෛල විනාශ කරවීමට සමත් වන අතර, අප ආතතියකට ලක් ව සිටින විට, දුම් පානය කරන විට, මත්පැන් පානය කරන විට සහ අධික හිරුඑළියට හෝ දුෂිත පරිසරයකට නිරාවරණය වූ විට ප්‍රමාණයෙන් ඉහළ යයි. මේ නිසා සෙම්ප්‍රතිශ්‍යාවක් නොමැති වුව ද ප්‍රතිඔක්සිකාරක අපේ ශරීරයට අතිශය වැදගත් ය.

    විටමින් B අඩංගු සංකිර්ණ වලින් පරිපූර්ණ වීම – විටමින් B1 (තයමින්), විටමින් B2 (රයිබෝෆ්ලෙවින්) සහ විටමින් B3 (නයසින්) වැනි සංකීර්ණ කොත්තමල්ලි වල අඩංගුය. එහෙයින් ත්යිරෝක්සයින් රෝගයෙන් ආරාක්ෂා වීමට මනා රුකුලක් මේ කොත්තමල්ලි පානය හේතු වෙනවා. එමෙන්ම සංකීර්ණ සිරුරට අත්‍යවශ්‍ය විටමින් වර්ගය. විටමින් B වර්ග අටක් තිබෙන අතර ඒ සියල්ල ආතතිය වළක්වන විටමින් ලෙස හැඳින්වෙන්නේ ඒවා අපේ ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කර ආතතියෙන් ඇතිවන හානියට එරෙහිව සටන් කිරීමට සහය විය හැකි බැවිණි. ප්‍රෝටීන් සහ විටමින් A සමඟ මුසු වූ විට ඉහත සඳහන් විටමින් B වර්ග 3ට අක්ෂිකාචයේ පටල බැඳීමට ඇති ඉඩකඩ ද අඩු කරවිය හැකියි.

    38226980_2160831520867793_8866325993879502848_n.jpg


    ප්‍රතිකාර ක්‍රම

    තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික්‍රියාකාරිත්වය නිසා ඇති වන හෘද ස්පන්දනය, මාංස පේශීවල ගැස්ම හා කනස්සල්ල අවම කිරීමට ඖෂධ ලබා දෙයි. සමහර අවස්ථාවලදී හෝමෝන නිපදවීම අඩාල කිරීමට තයිරොයිඩ් සෛල විනාශ කරනු ලබයි. එසේත්නැත්නම් සැත්කමක් මගින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරනු ලබයි.
    තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති වන පිළිකා මර්දනය කිරීමට ඖෂධ, ශල්‍යකර්ම, කිරණ චිකිත්සාව හා විකිරණ කවන ලද අයඩින් චිකිත්සාව යොදාගන්නවා.

    ලිපිය ආරම්භයේ සඳහන් කළ සාරා සමබර ආහාර රටාවක් අනුගමනය කරනවා. ඇගේ සෞඛ්‍යය තත්වය යහපත් අතට හැරෙමින් පවතිනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රමාණයෙන් කුඩා වුණත් වැදගත්කමින් ඉතා ඉහළ බව සාරා වැනි බොහෝදෙනෙක් තේරුම්ගෙන තිබෙනවා. එම නිසා ආහාර වේලට අයඩින් එක් කරගැනීමටත් මානසික පීඩනයෙන් මිදීමටත් පියවර ගෙන නිරෝගී සෞඛ්‍යයක් භුක්ති විඳින්න.

    තයිරොක්සින් වලට සරල බෙහෙතක්

    කොත්තමල්ලි කුඩු මේස හැදී 1ක්
    උළු හාල් කුඩු තේ හැදී 1ක්
    ගම්බිරිස් ඇට කීපයක්

    ඉහත වර්ග වතුර කෝප්පයක් දමා තම්බා ගන්න උදේ හිස්බඩ පානය කරන්න සෙම්පතික්ශාවට උළුහාල් වෙනුවට ඉගුරු එකතු කරන්න.
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,338
    1,539
    113
    32
    Earth-Cj025
    නිවැරදිව_දැනුවත්_වෙමු!_පිළිකාව-ජයගනිමු!-

    38186369_2145721605501127_2123353946205454336_n.jpg



    මීට දශක කීපයකට පෙර ඉතා කලාතුරකින් අසන්නට ලැබුණ පිළිකා රෝග තත්ත්වය අද සමාජය පුරා ම ව්‍යාප්ත වී හමාර ය. ලෝකයේ වසරකට පිළිකා රෝගයට ලක්වන ප‍්‍රමාණය මිලියන ගණනකි. මේ වන විට අප රටේ ද මේ තත්ත්වය ඉතා ඉහළ ගොස් ඇති බව වාර්තා වන අතර මෙසේ වීමට හේතු සොයා ඊට පිළියම් නො යෙදුවහොත් හෙට දවසේ අප ද අපේ සමීපතමයන් ද පිළිකාවේ ගොදුරක් බවට පත්වීම වැළැක්විය නො හැකි වනු ඇත.

    මේ සඳහා හේතු සොයාගෙන යාමේ දී නවීන තාක්ෂණය මේ කෙරෙහි ඍජුව ම බලපා ඇති බව අද බටහිර විද්‍යාඥයන්ට පවා ප‍්‍රතික්ෂේප කිරීමට නො හැකි වී ඇත. මෙහි ඇතැම් කරුණු දැනගත් විට ඔබ මවිතයට පත්වනු නිසැක ය. බහුජාතික සමාගම්, ව්‍යාපාරිකයන් හා ඇතැම් ඖෂධ ජාවාරම්කරුවන් හා ඔවුන්ගේ ව්‍යපාර ජාලයේ ම පුරුකක් වන ඇතැම් මාධ්‍ය මේ සත්‍යය හෙළිදරව් වීම වැළැක්වීමට හැකි සෑම දෙයක් ම කරති.
    එහෙත් යමෙක් මහජනයා කෙරෙහි දයානුකම්පාවෙන් යුක්ත නම් කටුක වුව ද මේ සත්‍යය හෙළිදරව් නො කර සිටිය නො හැකි ය. මන්ද අප කෙසේ වෙතත් අපගේ දූ දරුවන්ටවත් නිරෝගී ජීවිතයක් හිමිකර ගැනීමට ඉඩ පාදා දීම අද දවසේ අපගේ පරම යුතුකම වන බැවිනි.

    මේ පිළිබඳව ගවේෂණයක යෙදීමේ දී පටු ව්‍යාපාරික අදහස්වලින් වෙන්වුණ ලොවපුරා ආහාර විද්‍යාඥයන් මෙන් ම විද්වතුන් හා පර්යේෂකයන් රැුසකගෙන් ලබාගත් තොරතුරු මත පදනම්ව නිරෝගී සිරුරු තුළ පිළිකා සෛල නිපදවන පිළිකාකාරක රැුසක් හා පිළිකා අවදානමට එරෙහිව ගත හැකි පියවර ගණනාවක් හෙළිදරව් කර ගැනීමට හැකි විය.

    ඇස තුළින් රිංගන පිළිකා මාරයා

    * දිගු වේලාවක් රූපවාහිනිය හෝ පරිගණක තිර ඉදිරියේ සිටීම ද අහිතකර බව හෙළි වී ඇත.
    * ප‍්‍රමිතියෙන් තොර ඇස් කණ්නාඩි හා අවු කණ්නාඩි.
    * නිවසින් පිටත ආලෝකවත් කිරීම සඳහා හැකි සෑම විටම ක්‍ත්‍ඛ විදුලි පහන් යොදා ගන්න. (මේවා බිඳුන පසු ඉතා විෂ සහිත බැවින් ප‍්‍රවේශමෙන් භාවිතා කරන්න.)
    * ඇස සරසන රූපලාවන්‍ය ආලේපන.

    කන තුළින් රිංගන පිළිකා මාරයා

    * විකිරණශීලිත්වයෙන් වැඩි ජංගම දුරකථන ප‍්‍රබල පිළිකාකාරකයකි.
    * හැකි සෑම විට ම උසස් තත්ත්වයේ ජංගම දුරකථනයක් මිළ දී ගන්න.
    (මිලෙන් අඩු බාල දුරකථනවල විකිරණශීලිත්වය ඉතා ඉහළ ය.)
    * හැකි සෑම විට ම භාවිතය සීමා කරන්න.
    * ඇමතුම් හැකිතාක් කෙටි කරන්න.
    * ඇමතුමක දී දකුණු කන භාවිතයෙන් වළකින්න.
    * hand free උපකරණයක් භාවිත කරන්න.
    * සිරුරට ස්පර්ශ වන අයුරින් තබා ගැනීමෙන් වළකින්න.
    * රාත‍්‍රී කාලයේ දී නිදි යහන ආසන්නයේ තබා ගැනීමෙන් වළකින්න.

    නාසය තුළින් ඇතුළු වන පිළිකා මාරයා

    * ටැල්ක් සහිත සියලූ පුයර වර්ග පිළිකාකාරක බව සොයාගෙන ඇත.
    * බොහෝ සුවඳ විලවුන් වර්ග ද අහිංසක නොවන බව අනාවරණය වී ඇත.

    මුව තුළින් ඇතුළු වන පිළිකා මාරයා

    * සීනි ප‍්‍රබල පිළිකා පෝෂකයකි. හැකි සෑම විට ම අඩුවෙන් භාවිත කරන්න.
    * පැණි රස කෑම සීමා කරන්න.
    * සුදු පිටි වර්ග හා සහල් වෙනුවට නිවුඞ්ඩ සහිත සහල් හා ධාන්‍ය වර්ග ආහාරයට ගන්න.
    * මේස ලූණුවල සුදුපැහැය ලබාගැනීමට යොදන රසායනිකය ප‍්‍රබල පිළිකාකාරකයකි.
    * මොනෝසෝඩියම් ග්ලූටමේට් හෝ එය අඩංගු වෙනත් රසකාරක ප‍්‍රබල පිළිකාකාරක වේ.
    * පොල්තෙල් හැර වෙනත් තෙල් වර්ගවලින් කීප වරක් බැදීම් කිරීමේ දී එහි සංයුතිය වෙනස් වන බව සොයාගෙන ඇත.
    * සෝඩා අඩංගු බීම වර්ග සියල්ල ම ඉතා අහිතකර ය.
    * සකස් කළ මස් වර්ග සියල්ල ම අහිතකර වේ.
    * විවිධ රසායනික වර්ග ගණනාවක් තුළින් දින කීපයක් තුළ දී ලොකු මහත් කර කෘති‍්‍රමව නිපදවන බොයිලර් කුකුල් මස් ද අහිතකර වේ.
    * ක්ලෝරින් අධික ජලය අහිතකර ලෙස බලපායි.
    * මාගරින් වර්ග ද අහිතකර බව සොයාගෙන ඇත.
    * ක්ෂුද්‍ර තරංග උඳුන් මගින් DNA සංයුතිය වෙනස් වන බව සොයාගෙන ඇත.
    * DCD ඇතුළු විෂ රසායන සහිත පිටිකිරි වර්ග ද ඉතා අහිතකර ය.
    * දුම්වැටි ඇතුළු සියලූ මත්ද්‍රව්‍ය පිළිකාකාරක වේ.
    * රතු මස් වර්ග සියල්ල ම සුදුසු නොවන බව සොයාගෙන ඇත.
    * Pet වර්ගයේ සියලූ ප්ලාස්ටික් භාජන දෙවන වර භාවිත නො කළ යුතු වේ.
    * ප‍්‍රමිතියෙන් තොර බත් ඔතන කොළවලට වඩා භාජනයක කෑම ගෙන යා හැකි නම් එය අගනේ ය.

    කය තුළින් ඇතුළු වන පිළිකා මාරයා

    * සියලූ ඩයි වර්ග හා වර්ණකාරක ද විෂ සහිත ය.
    * සම මත තවරන බොහෝ කෘත‍්‍රිම ආලේපන
    * හිසකෙස් සඳහා යොදන ඇතැම් කන්ඩිෂනර් වර්ග
    * කය නො වෙහෙසා අලසව හා ව්‍යායාම රහිතව සිටීම
    * අධික ස්ථුලභාවය ශරීරය තුළ ඔක්සිජන් රහිත ආම්ලික පරිසරයක් ගොඩනගයි. මෙය පිළිකාවකට අතවැනීමකි.

    මනස තුළින් ඇතුළු වන පිළිකා මාරයා

    * සිත තුළ දිගුකල් පවතින ද්වේෂය හා වෛරය පිළිකා ඇතිවීමට හේතු වන බව සොයාගෙන ඇත.
    * සිත තුළ පවතින අසහනකාරී බව දැඩි ආතතිය හා කනස්සල්ල ද පිළිකා ඇතිවීමට හේතු වන බව සොයාගෙන ඇත.
    * ප‍්‍රමාණවත් නින්දක් නොමැති වීම හා අවිවේකය ප‍්‍රතිශක්ති පද්ධතිය දුර්වල කරවයි.

    පිළිකා වර්ධනය වළක්වන හා ප‍්‍රතිශක්ති පද්ධතිය දියුණු වන කරුණු

    * කෘෂි රසායන නො යෙදූ නැවුම් පලතුරු හා එළවළු හැමවිට ම යහපත් ය. අමුවෙන් ආහාරයට ගත හැකි එළවළු හා පලතුරු තුළින් පිළිකා වර්ධනය වළක්වන එන්සයිම ශරීරයට ලැබේ. නිතර ආහාරයට අමු එළවළු (සලාද, මැල්ලූම් ආදිය) එක්කර ගන්න.
    * නිතර සීනි නො යොදා පලතුරු යුෂ පානය කිරීම ද ඉතා හිතකර වේ.
    * සුදු ලූනු ඔබේ ප‍්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කරයි.
    * කහ ශරීරයේ ගෙඩි සහිත තත්ත්වයන් ඇතිවීම වළක්වයි
    * පිරිසිදු ඔලිව් තෙල් ආහාරයට ගැනීම හිතකර ය.
    * කටු අනෝදා පිළිකා වළක්වන, මර්ධනය කරන පලතුරකි.
    * කැරට් අමුවෙන් ආහාරයට ගැනීම හෝ යුෂ පානය කිරීම ඉතා හිතකර වේ.
    *Green Tea පිළිකා නාශකයකි.
    * විටමින් සී සහ ඊ අඩංගු පලතුරු නිතර ආහාරයට ගන්න.
    * විටමින් D (දිනකට විනාඩි 20ක් පමණ උදෑසන හිරු එළියට නිරාවරණය වීමෙන් මෙය සපුරා ගත හැකි ය.*
    * පිරිසිදු ළිං ජලය (ශරීරයේ ආම්ලික ස්වභාවය පිළිකා වර්ධනයට රුකුලක් වේ. පිරිසිදු ජලය වැඩි ප‍්‍රමාණයක් පානය කිරීම හා දිනපතා පිරිසිදු ජලය ස්නානය කිරීම තුළින් සිරුරේ ආම්ලිකතාවය අඩු වේ.)
    * ඔක්සිජන් සහිත පරිසරයක පිළිකා ෙසෙල වර්ධනය සිදු නො වේ. දිනපතා ම ස්ව වායු ව්‍යයාමයන්හි නිරත වන්න.
    * Anti-Oxidant අඩංගු ආහාර ශරීරයේ විෂ තත්ත්වයන් පාලනය කරයි. (ධාන්‍ය වර්ග, සුදු ලූනු, පැණි කොමඩු, වියළි මිදි ආදිය)
    * නිවුඞ්ඩ සහිත සහල් වර්ග (හෙළ පාරම්පරික සහල් වර්ග)
    * සියලූ ම ධාන්‍ය වර්ග හිතකර වේ.
    * කාබන් යම් පුමාණයක් ශරීරගත වීම මගින් ශරීරය තුළ පවතින පිළිකාකාරක විෂ තත්ත්වයන් පහව යන බව පර්යේෂකයන් සොයාගෙන ඇත. මෙහි දී ඔවුන් සොයාගෙන ඇත්තේ ග‍්‍රාමීය පරිසරවල වෙසෙන ජනතාව තුළට ආහාර තුළින් කාබන් ඇතුල් වීමේ වැඩි ප‍්‍රවණතාවයක් ඇති බවයි. (අඟුරුවලින් දත් මැදීමෙන්, බත් දංකුඩ, දර පෝරණු පාන්වල කළු පැහැති කොටස, රොටීවල පිළිස්සුන කොටස් ආදිය ආහාරයට ගැනීමේ දී නිරායාසයෙන් ම යම් කාබන් ප‍්‍රමාණයක් ශරීරගත වන බවයි.)
    * භාවනා කිරීම තුළින් සිරුරේ DNA සංයුතිය යහපත් ආකාරයට වෙනස් වන බවත් පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත.
    * තරහ වෛර නොමැති සිතින් වාසය කිරීම, සමාව දීම, මෙත් සිතින් කටයුතු කිරීම හා නිතර සතුටින් සිටීම තුළින් හිතකර හෝමෝන නිපදවන බව ද සොයාගෙන ඇත.

    ඉහත කරුණු අධ්‍යයනය කිරීමේ දී කාරණා දෙකක් පැහැදිලි වේ. එනම් ධර්මානුකූලව බලන කල මාරයාට අයත් ඇස, කන, නාසය, දිව, කය, මනස තුළින් මාරයා විවිධාකාරයෙන් ඇතුළු වීමේ ප‍්‍රවණතාවය තාක්ෂණික ලෝකයේ දියුණුවත් සමග ම සීඝ‍්‍රයෙන් වර්ධනය වී ඇති බව ය. අනෙක නම් අතීතයේ අප සතුව තිබූ ධර්මානුකූල සරල ග‍්‍රාමීය ජීවන රටාව තුළ ඉහත කී පිළිකාකාරක කිසිවක් ම මුණ නො ගැසෙන අතර පිළිකා මර්ධක බොහොමයක් ම නිරායාසයෙන් ම ලැබී ඇති බව ය.
    මෙම කරුණු දැනගෙන ඔබගේ ජීවන රටාව යහපත් ලෙස හැඩගස්වා ගැනීමෙන් හා එ්වා ඔබේ දූ දරුවන්ට කියා දීමෙන් නිරෝගී මතු පරපුරක් බිහිකර ගැනීමට හැකියාව උදා වේවා යන්න අපගේ පැතුමයි.


    සිංහළ වෙදකම
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,338
    1,539
    113
    32
    Earth-Cj025
    Fatty liver (අක්මාවේ තෙල්) සිරොසිස් වළක්වා ගන්න හොඳම ආයුර්වේද බෙහෙත්


    38211789_2161916967425915_9188158008016764928_n.jpg


    ජීවිතයේ පැවැත්මට බොහෝ දේ අත්‍යවශ්‍යයි. මේ පැවැත්ම සඳහා අපගේ ශරිරයේ බෝහෝ ක්‍රියාකරකම් සිදු කිරිමට අභ්‍යන්තර අවයව සිදු කරනුයේ මහගු මෙහෙයකි. අක්මාවද එසේ බොහෝ කාර්යන් සිදු කරන ශරිරයේ පවතින විශාලතම අවයවයකි. මේ අනුව සිරුරේ පැවැත්ම සඳහා අක්මාවෙන් සිදුවන කාර්යන් බොහෝ ඇත.
    මින් සිදුවන ප්‍රධාන කාර්යන් වන්නේ ව්ස හරණය වීමයි. අප ගන්නා සියලුම ආහාරවල බොහෝ විස කොටස් ඉවත් කිරිමට උදව් කරනවා සේම එම විස කොටස් තැන්පත් කර තැබීමටද උදව් වේ.විස තැන්පත් විමේ හැකියාව වැඩිවීම නිසා අක්මාව ඉක්මනටම ලෙඩ වීමට ද පුළුවන්.
    රුධිරය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රෝටින කොටස් නිෂ්පාදනයට දායකත්වයක් ලබාදිමද අක්මාව සිදුකරන තවත් කාර්යයකි. ශරිරයට අවශ්‍යය ගුණදායක කොලෙස්ට්‍රරෝල් නිෂ්පාදනයට සිදු කරයි. මේ අනුව සිරුරේ නිසි ක්‍රියාකාරිත්වයන් සඳහා අත්‍යවශ්‍යම අවයවයන්ගෙන් එකක් නිසා අක්මාව නැතිව ජිවත් විය නොහැකිය.
    ඇතිවන රෝග
    අක්මාව අත්‍යවශ්‍ය අවයවයක් වන බැවින් එය ආරක්ෂා කර ගත යුතුයි. ආරාක්ෂා නොවීම නිසා ඇති වන රෝග බොහෝ තිබේ. මේ සඳහා ව්ශේෂයෙන් බලපානු ලබන්නේ අප ගන්නා ආහාරයි. අක්මා රෝග දුරු කිරීමට ජීවන පැවැත්ම නිසි ලෙස ගෙනයාමට වෛද්‍ය උපදෙස් මත ක්‍රමානුකූලව සකසා ගත යුත්තේ ඒ නිසයි. රෝගීවූවන් හා නිරෝගී පුද්ගලයන් නිසි වයසේදී මේ සඳහා මේ සඳහා වෛද්‍ය උපෙදස් මත තම ආහාර හා විහරණ රටා පවත්වා ගත යුතුයි. අක්මාවේ ඇතිවිය හැකි රෝග අතර සිරෝසිස් :අක්මාවේ මේදය තැන්පත් වීම, සෙංගමාල රෝග තත්ත්වය සහ ආසාදිත රෝග තත්ත්වයන් :උදා හෙපටයිටිස් රෝගය පෙන්වා දිය හැකියි. ඊට අමතරව අක්මාවේ එන්සයිම ක්‍රියාකාරිත්වය ඉහළ යාමද සිරුරේ නිසි ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි. එවිට අක්මාව ලෙඩ වීම නවතාලිය නොහැකිය.
    බලපාන හේතු
    මේ සියළු දේටම විශේෂයෙන් බලපානු ලබන්නේ අප ගන්නා තෙල් අධික ආහාර හා මත්පැන් පානයයි.එසේම පිටි බහුල ආහාර ගැනීමද මෙයට බලපාන තවත් විශේෂ වූ හේතුවකි.
    ඇතිවන රෝග සඳහා ගත යුතු ඹෟෂධීය ආහාර
    මේ සඳහා විශේෂ කැඳ වර්ග පානය කිරීම යෝග්‍ය වේ. ආයුර්වේදයේ පෙන්වා දෙන අන්දමට සමහර අවස්ථාවලදී නිසි ලෙස තමා විසින්ම පාලනය වුව හොත් රෝගය මුලිනුපුටා දැමීමටද මෙම ඖෂධීය කැඳ වර්ග ඉවහල් වේ.
    යකි නාරං කොළ කැඳ
    හීන්බෝවිටියා කොළ කැඳ
    මෙයට හීනැටි හාල් සමඟ පොල් කිරි දෙවැනි හෝ තුන්වැනි කිරි දමා සාදා ගන්නගමෙය වඩාත් ගුණ දායක වේග මෙහිදී කොලෙස්ටරෝල් තැන්පත් වීම ඉවත් කරයි. අක්මා සෛල යථා තත්ත්වයට පත් කෙරෙයි.
    කොක්මොට කැඳ – මෙහිදී අක්මාවේ එන්සයිම යථා තත්ත්වයට පත් කිරීමට ඉවහල් වේ. සෙංගමාල රෝගීන්ටද ගුණ දේ.
    පිටවක්කා කැඳ හෝ පිටවක්කා සම්පූර්ණ ශාකයම තම්බලා බීමට පුළුවන
    බක් මී පොතු කැඳ
    මොණර කුඩුම්බිය කැඳ හෝ ව්‍යංජනය – විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ මාන්දම් රෝගයේ දී ඉදිමෙන අක්මාව හා තැලසීමියාව නිසා අක්මා ඉදිමෙන තත්ත්වයට සුදුසුයි.
    මැල්ලකොල ආහාරයට ගැනීම – විස හරණය කිරීමේ හැකියාව වැඩියි. කොලෙස්ටරෝල් අඩු කරයි.
    කැබැල්ල දළු මාළුව – කොලෙස්ටරෝල් අඩු කරයි. අක්මාවේ තෙල් අඩු කරයි.
    ආහාරයක් ලෙස
    දිවුල් ගෙඩි – පොල් කිරිවල දෙවැනි කිරි දමා සාදා ගත් දිවුල් කිරි පානය අක්මාවේ විෂත නසයි.විශේෂයෙන් මත්පැන් විෂ නසයි.
    කොත්තමල්ලි පානය (අමුවට කුඩුකරගෙන)
    දිවුල් කොළ කැඳ
    කරපිංචා කොළ කැඳ
    මෙහිදී කැඳ භාවිතයේදී කිතුල් හකුරු සමඟ ගැනීම වඩාත් ගුණදායක වේ.මන්ද යත් කිතුල් හකුරු අක්මාවට වඩාත් ගුණ දායක වන බැවිනි.
    එළවළු
    වට්ටක්කා , කෝමාරිකා ව්‍යංජනය ,මුස්සැන්න ව්‍යංජනයල කිතුල් පිටි කැඳ මුං ඇට තැම්බූ වතුර සහ මුං ඇට සුදුසුයි.
    මුං ඇටල කෝමාරිකාල කිතුල් හකුරු එකට දමා සෑදූ කැඳ සෙංගමාල රෝගීන්ට සුදුසුයි. එසේම ගිරා පලා සමඟ මුං ඇට මැල්ලුම සුදුසුයි.
    සමහර අවස්ථාවලදී ගැස්ට්‍රයිටීස් කියා පෙන්නුම් කරන්නේ අක්මා රෝගයක් විය හැකියි.නමුත් අප ගැස්ට්‍රයිටීස් යැයි සිතා එයට ප්‍රථිකාර කිරීමට උනන්දු වේ. මේ නිසා අක්මාව ගැනද වඩා සැළකිලිමත් වීම වඩාත් වැදගත් බව සැලකිය යුතුයි.
    ඉහතින් දක්වා ඇති සියළුම ආහාරවලට පිත්තාශයේ පවතින ගල් පවා දිය කිරීමේ හැකියාවක් ඇත.
    වළක්වා ගැනීමට කළ යුතු දේ
    ඉහත සඳහන් සියල්ල ඖෂධයක් හා ආහාරයක් වන බැවින් එදිනෙදා ජීවිතයේදී නිරෝගී පුද්ගලයන්ටද භාවිතා කළ හැකියි. ඒ තුළින් මෙවැනි රෝග වළක්වා ගත හැකියි.
    උෂ්ණාධික ආහාරවලින් තොරවීම ගුණ දායක වේ.
    උදා – ඉස්සෝල දැලලෝල බල මාළු
    අන්නාසිල චට්නි තක්කාලි සෝස් වර්ග
    තෙල් අධික කෙටි කෑමවලින් වැළැකීම – පැටිස් රෝල්ස් බර්ගර් සොසේජස්
    මඳ උණුසුම් ජලය පානය කිරීම
    ව්‍යායාමවලට යොමු වීම
    වැරැදි ජීවන රටාවෙන් තොර වීම
    මත්පැන් පානයෙන් තොරවීම
    දුම්පානයෙන් වැළැකීම
    පැණි බීම වර්ග පානය නොකිරීම
    චීස් බටර් අවම කිරීම
    සියළු බේකරි කෑම අවම කිරීම
    නිවසේදී කළ හැකි ප්‍රතිකාර
    අක්මා රෝගයකදී වෛද්‍යවරයකු වෙත යාම කළයුතුයිග ඒ සඳහා වෛද්‍ය උපදෙස් පැතීම ඔබ කළ යුතු බුද්ධිමත් කටයුත්තයි.
    නමුත් පහත සඳහන් ප්‍රතිකාර කීපයක්ද පෙන්වා දිය හැකියි.
    අරළු අසමෝදගම්ල වියළි ඉඟුරුල ක්ෂාය කර බොන්න.
    අරළුල බුළු නෙල්ලි ත්‍රිපලා ක්ෂාය කර බොන්න.
    සුදර්ශන චූර්ණය තේ හැඳි එක බැඟින් උදේ සවස බොන්න
    සුදු හඳුන් සැවැන්දරා වැල් මීල පත්පාඩගම් එරමුසුල බිංකොහොඹ මේවා සමව ගෙන තම්බා බොන්න


    38284509_2163323617285250_6703443049877340160_n.jpg



    38425241_2163323623951916_7502380088751554560_n.jpg


    38297954_2163323677285244_4922237837832617984_n.jpg



    38404812_2163323687285243_6509230298109050880_n.jpg


    38437958_2163323753951903_8255352413393780736_n.jpg


    38287556_2163323793951899_6868773095767801856_n.jpg


    38391476_2163323820618563_635576037920473088_n.jpg


    38280525_2163323863951892_8625188761602359296_n.jpg


    38280528_2163323880618557_5773211270241058816_n.jpg

    අන්තර්ජාලය ඇසුරිනි
     
    • Like
    Reactions: PHBhagya