සිංහළ වෙදකම

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    සිරුරේ අනවශ්‍ය ලෝම ඝාතනය ට.

    හිරියල් , එළු කිරෙන් අඹරා ආලේප කරන්න.පසුව එම ප්‍රදේශය උණු දියෙන් සෝදන්න.ලෝම ඝාතනය වේ. නැවත නො හට ගැනේ.

    නරකෙස් කලු කිරීමේ යෝග කීපයක්.

    1. අංකෝල කොල, කටුකරඬු ,වැටකේ අරලු, අරත්ත යන මේවා පවනේ වේලා කුඩුකර , තිපල් කසායට දමා , එයට තල තෙල් ද එක් කොට ,ලෝහ බඳුනකට දමා මාසයක් පොලවේ යට වලලා තබා, පසුව ගොඩ ගෙන, හිසේ ගාන්න. අඩ මසක් මෙසේ හිසේ ගාන විට නර කෙස් කලුවේ.

    2. විෂ්ණුක්‍රාන්‍ති මල් , එඬරු තෙලට දමා සිඳ ගත් තෙල , හිසේ ගෑමෙන් හිසකේ කලු වේ.

    3. කී කිරිඳිය යුෂ ගෙන ඒ හා සමව තල තෙල් දමා, කෙසෙල් ගොබ, ජටාමාංශ , තිපල් සමව ගෙන අඹරා සියල්ල බඳුනක දමා මසක් පොලව යට වළලා තබන්න. ඉන් පසු ඒ බඳුන ගොඩ ගෙන, ඒ ඖෂධ මිශ්‍රනය ගෙන හිසේ ගාන්න . හත් දිනක් එසේ ගාන විට කෙස් කලුවේ.එය දිවි ඇති තෙක්ම නොවෙනස්ව පවතී.

    4. කාන්තවන්ගේ පියයුරු වර්ධනය ට.

    1. කනේරු, කරල් සැබෝ, කොතඹුරු, නවහන්දි, නියඟලා, මොනරකුඩුම්බිය, අස්ගොදු (අස්ගොදු යනු, අමුක්කරා වලට නමකි) මේවා සියල්ල අඹරා, ආලේප කරන්න. පයෝධර වෘද්ධිය වේ.

    2. රාෂ්ට්කා, ( කටුවැල් බටු), තුවරලා, ( අගිල්),
    කෝට්ටං, අස්ගොදු , ( අමුක්කරා ), දියසෙවෙල්, යන මේවා එළු කිරෙන් අඹරා ගාන්න.පයෝධර වෘද්ධිය වේ.

    3. බදුලු ඇට, දුන් තෙල්, අමුක්කරා , දියසෙවෙල් සහිඳ ලුණු , ජටාමාංශ යන මේවා එකට අඹරා ගෑමෙන් පයෝධර වෘද්ධිය වේ.

    4. අස්ගොදු (අමුක්කරා ), එලබටු , කරල්සැබෝ, තිප්පිලි, මිරිස්, සුදු අබ, කෝට්ටං , තුවරලා ( අගිල් ), වද කහ, සමව ගෙන , එළු කිරෙන් අඹරා පයෝධරයන්හි ගෑමෙන් ඒවා ස්ථිර හා උන්නත බවට පමුණුවයි.

    5. වැල් තිබ්බොටු ගෙඩි, හා දෙළුම් ඇට ගෙන සුනු කර, අබ තෙල් හා කලතා ගෑමෙන් පයෝධර වර්ධනය වේ.
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    සරු කාලය හා ස්වභාවික උපත් පාලනය

    කාන්තාවකගේ ඔසප් චක්‍රය, ගැබ් ගැනීමේ හැකියාව හා නොහැකියාව මත සරු කාලය හා නිසරු කාලය ලෙස වෙන්කර දක්වන්න හැකියාව තිබෙනවා.
    ස්වභාවික ගැබ් ගැනීමක් බලාපොරොත්තු වන යුවලක්, ඒ සඳහා එක්වීමක් සිදුවිය යුත්තෙ කවර කාලයකද ‍යන්න දැන සිටීම වටිනවා. එමෙන්ම,කෘතිම උපත්පාලන ක්‍රම භාවිතා නොකරන යුවලකට අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්වා ගැනීම සඳහා, එක්වීමෙන් වැලකී සිටිය යුතු කාල පරාසය හඳුනාගෙන සිටීමත් අත්‍යවශ්‍ය වනවා. මෙම ලිපිය, ඔසප් චක්‍රය නිසි පරිදි හඳුනාගෙන අවශ්‍ය පරිදි කටයුතුකරන්නේ කෙසේදැයි අවබෝධයක් ඔබට ලබාදීම සඳහා වනවා.

    සරු කාලය තීරණය වන්නේ කෙසේද?
    කාන්තාවකගේ සරු කාලය තීරණය වන්නේ ඩිම්බහරණය හෙවත් ovulation යන සංසිද්ධිය මතයි. මෙහිදී සිදුවන්නේ පරිණත වූ ඩිම්බයක් ඩිම්භ කෝෂයෙන් මුදාහැර,පැලෝපීය නාල තුලට ඇතුල්වීමයි. මෙම සිදුවීම එක් මසකට එක් පසෙකින් බැගින් වම් හා දකුණු ඩිම්භකෝෂ මඟින් සිදු කරනු ලබනවා. මෙලෙස පැලෝපීය නාලය තුලට ඇතුල්වන ඩිම්භයක් සක්‍රීයව පවතින්නේ පැය 24 පමණ කෙටි කාලයක් පමණයි. නමුත් ලිංගික එක්වීමකදී නිකුත්වන ශුක්‍රාණුවක්, යෝනි මාර්ගය තුල ක්‍රමයෙන් ඉහලට ගමන් කරමින් දින 4-5 පමණ සක්‍රියව පවතිනවා. මින් පැහැදිලි වන්නේ, ඩිම්භයක් සංසේචනය කිරීමට, ඩිම්බහරණයට දින 5කට පමණ පෙර යෝනි මාර්ගයට ඇතුල්වූ ශුක්‍රාණුවකට හැකි බවයි. මේ අනුව, සාර්ථක ගැබ්ගැනීමක් සඳහා එක්වීක් සිදුවිය යුත්තේ ඩිම්බහරණය සිදුවන දිනයේදී හා ඊට දින 5 පමණ පෙර වන කාල සීමාව තුලදී බව ඔබට අවබෝධ වන්නට ඇති. සරු කාලය ලෙස හඳුන්වන්නේ මෙම කාලසීමාවයි. ඩිම්බයක් නිකුත්වීමෙන් පසු සක්‍රිය බව පවතින්නේ පැය 24 පමණ වන නමුත්, ඩිම්බහරණයෙන් දිනක් හෝ දෙකක් තුල වූවද ගැබ් ගැනීම ඇතිවීමේ හැකියාවක් පැවතීම නොසලකා හැරිය නොහැකිවනවා. එමනිසා සරු කාලය ගණනය කිරීමේදී ඩිම්බහරණය වන දිනය,ඊට පෙර දින 5ක් හා ඉන් පසු දිනක් හෝ දෙකක් ලෙස දළවශයෙන් දින 7-8 පමණ ගණනය වඩාත් සුදුසු වනවා.

    සරු කාලය ගණනය කරන්නේ කෙසේද?
    මේ සඳහා වැදගත් වන්නේ ඔසප් චක්‍රය තුළ ඩිම්බහරණය වන දිනය දැනගැනීමයි. සාමාන්‍ය ක්‍රමවත් ඔසප් චක්‍රයක් පවතින කාන්තාවකගේ ඩිම්බහරණය සිදුවන්නේ ඔසප් ඇතිවීමෙන් ඇරඹෙන නව චක්‍රයේ 14 හෝ 15 වන දිනයේදීයි. නමුත් දින 28කට වඩා දික්වන හෝ කෙටිවන චක්‍ර සහිත කාන්තාවන්ට මෙය නිශ්චිත කොට දැක්වීම අපහසුවනවා. එමනිසා, ඔවුන්ගේ සරු කාලය ගණනය කරගැනීමට calender method නැතහොත් දින දර්ශන ක්‍රමය භාවිතා කලයුතුවනවා. මෙහිදී සිදු කලයුත්තේ එක් මාසික ඔසප්වීමේ සිට, ඊලඟ ඔසප්වීම ඇතිවන දින දක්වා දින ගණනයකිරීමයි. මේ ආකාරයට මාස කිහිපයක් සිදුකිරීමෙන් ඔබට එක් එක් ඔසප් චක්‍ර සඳහා ගතවී ඇති දින පිලිබඳව අවබෝධයක් ලැබෙනු ඇත. මෙමඟින් සරුකාලය ගණනයක්‍රන අයුරු අපි උදාහරණයක් ගෙන අවබෝධ කරගනිමු.

    උදා – කාන්තාවකගේ මාස කිහිපයක ඔසප් චක්‍ර සටහන්වලින්,කෙටිම චක්‍රයේ දින ගණන 26 ලෙසත්, දිගම චක්‍රය 35 ලෙසත් හඳුනාගනිමු.

    අඩුම චක්‍රයේ දින ගණනින් 18ක් හා දිගම චක්‍රයේ දින ගණනින් 11 අඩු කරන්න.

    26 – 18 = 8
    35 – 11 = 24

    එනම්, ඉහත සඳහන් අක්‍රමවත් චක්‍ර සහිත කාන්තවගේ සරු කාලය ඔසප් චක්‍රය තුල 8 වන දිනයේ සිට 24 වන දිනය දක්වා කාල පරාසය තුළ වනවා.

    කැලෙන්ඩර් ක්‍රමයට අනුව සරු කාලය පිලිබඳව දල අදහසක් තබාගෙන , ඒ කාලය තුළ ඩිම්බහරණය වන දින නිශ්චිතව හඳුනාගැනීමෙන් ගැබ් ගැනීමක් සාර්ථක කරගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත. ඩිම්බහරණය හඳුනා ගැනීම සඳහා ඒ අවධියේදී ශරීරයේ සිදුවන වෙනස්වීම් අවබෝධ කර ගැනීම මේ සඳහා සුදුසු වනවා.

    ඩිම්බහරණය සිදුවූ බව හඳුනාගත හැකි ශරීර ලක්ෂණ මොනවාද?
    1. ශරීර උෂ්ණත්වය Basal Body Temperature
    හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසාවෙන් ඩිම්බහරණය / ovulation සිදුවීමට දිනක් දෙකක් පමන තිබියදී ශරීර උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ෆැරන්හයිට් අංශක 0.4 පමණ අඩු අගයක් ගන්නවා. නැවතත් ඩිම්බහරණය සිදුවීමත් සමඟ උෂ්ණත්වය ඉහළ යෑමක් සිදුවනවා. මෙම සියුම් උෂ්ණත්ව වෙනස්වීම නිශ්චිත කොට හඳුනාගතහොත් ඩිම්බහරණය වන්නේ මාසයේ කුමන දිනකදැයි ඔබට පැහැදිලි කරගත හැකිවනු ඇත. මේ සඳහා උෂ්ණත්වය මැනීම සිදු කලයුත්තේ උදයේ නින්දෙන් අවදිවීමත් සමඟයි. ඇඳෙන් බැසීමට ප්‍රථම වෙනත් කුමන හෝ කාර්යයක නිරතවීමට ප්‍රථම උෂ්ණත්වය මැනීම සිදුකල යුතු වනවා. මේ සඳහා විනාඩි 5 පමණ උෂ්ණත්වමානය මුඛය තුල රඳවා තැබිය යුතු අතර, එකම උෂ්ණත්වමානයක් එකම කාල පරාසයක යොදාගැනීමද සිදුකල යුතුවනවා. මෙම සියුම් උෂ්ණත්ව වෙනස මැනිය හැකි ලෙස අංකනය වූ විශේෂ උෂ්ණත්වමාන ඔබට වෙළඳ පොළෙන් මිළදීගැනීමට හැකියාව තිබෙනවා. මාස කිහිපයක් තිස්සේ මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ඩිම්බහරණය පිළිබඳව අවබෝධයක් හා ඒ ඔස්සේ තමන්ගේ සරු කාලය පිළිබඳවද අදහසක් ලබාගැනීමට ඔබට හැකිවනු ඇත.
    ප්‍රසවවිශේෂ රෝග
    සරු කාලය හා ස්වභාවික උපත් පාලනය
    September 12, 2017 Dr. H.Vithana (M.B.B.S) mother, Pregnancy
    Share this on WhatsApp
    කාන්තාවකගේ ඔසප් චක්‍රය, ගැබ් ගැනීමේ හැකියාව හා නොහැකියාව මත සරු කාලය හා නිසරු කාලය ලෙස වෙන්කර දක්වන්න හැකියාව තිබෙනවා.
    ස්වභාවික ගැබ් ගැනීමක් බලාපොරොත්තු වන යුවලක්, ඒ සඳහා එක්වීමක් සිදුවිය යුත්තෙ කවර කාලයකද ‍යන්න දැන සිටීම වටිනවා. එමෙන්ම,කෘතිම උපත්පාලන ක්‍රම භාවිතා නොකරන යුවලකට අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්වා ගැනීම සඳහා, එක්වීමෙන් වැලකී සිටිය යුතු කාල පරාසය හඳුනාගෙන සිටීමත් අත්‍යවශ්‍ය වනවා. මෙම ලිපිය, ඔසප් චක්‍රය නිසි පරිදි හඳුනාගෙන අවශ්‍ය පරිදි කටයුතුකරන්නේ කෙසේදැයි අවබෝධයක් ඔබට ලබාදීම සඳහා වනවා.

    සරු කාලය තීරණය වන්නේ කෙසේද?
    කාන්තාවකගේ සරු කාලය තීරණය වන්නේ ඩිම්බහරණය හෙවත් ovulation යන සංසිද්ධිය මතයි. මෙහිදී සිදුවන්නේ පරිණත වූ ඩිම්බයක් ඩිම්භ කෝෂයෙන් මුදාහැර,පැලෝපීය නාල තුලට ඇතුල්වීමයි. මෙම සිදුවීම එක් මසකට එක් පසෙකින් බැගින් වම් හා දකුණු ඩිම්භකෝෂ මඟින් සිදු කරනු ලබනවා. මෙලෙස පැලෝපීය නාලය තුලට ඇතුල්වන ඩිම්භයක් සක්‍රීයව පවතින්නේ පැය 24 පමණ කෙටි කාලයක් පමණයි. නමුත් ලිංගික එක්වීමකදී නිකුත්වන ශුක්‍රාණුවක්, යෝනි මාර්ගය තුල ක්‍රමයෙන් ඉහලට ගමන් කරමින් දින 4-5 පමණ සක්‍රියව පවතිනවා. මින් පැහැදිලි වන්නේ, ඩිම්භයක් සංසේචනය කිරීමට, ඩිම්බහරණයට දින 5කට පමණ පෙර යෝනි මාර්ගයට ඇතුල්වූ ශුක්‍රාණුවකට හැකි බවයි. මේ අනුව, සාර්ථක ගැබ්ගැනීමක් සඳහා එක්වීක් සිදුවිය යුත්තේ ඩිම්බහරණය සිදුවන දිනයේදී හා ඊට දින 5 පමණ පෙර වන කාල සීමාව තුලදී බව ඔබට අවබෝධ වන්නට ඇති. සරු කාලය ලෙස හඳුන්වන්නේ මෙම කාලසීමාවයි. ඩිම්බයක් නිකුත්වීමෙන් පසු සක්‍රිය බව පවතින්නේ පැය 24 පමණ වන නමුත්, ඩිම්බහරණයෙන් දිනක් හෝ දෙකක් තුල වූවද ගැබ් ගැනීම ඇතිවීමේ හැකියාවක් පැවතීම නොසලකා හැරිය නොහැකිවනවා. එමනිසා සරු කාලය ගණනය කිරීමේදී ඩිම්බහරණය වන දිනය,ඊට පෙර දින 5ක් හා ඉන් පසු දිනක් හෝ දෙකක් ලෙස දළවශයෙන් දින 7-8 පමණ ගණනය වඩාත් සුදුසු වනවා.

    සරු කාලය ගණනය කරන්නේ කෙසේද?
    මේ සඳහා වැදගත් වන්නේ ඔසප් චක්‍රය තුළ ඩිම්බහරණය වන දිනය දැනගැනීමයි. සාමාන්‍ය ක්‍රමවත් ඔසප් චක්‍රයක් පවතින කාන්තාවකගේ ඩිම්බහරණය සිදුවන්නේ ඔසප් ඇතිවීමෙන් ඇරඹෙන නව චක්‍රයේ 14 හෝ 15 වන දිනයේදීයි. නමුත් දින 28කට වඩා දික්වන හෝ කෙටිවන චක්‍ර සහිත කාන්තාවන්ට මෙය නිශ්චිත කොට දැක්වීම අපහසුවනවා. එමනිසා, ඔවුන්ගේ සරු කාලය ගණනය කරගැනීමට calender method නැතහොත් දින දර්ශන ක්‍රමය භාවිතා කලයුතුවනවා. මෙහිදී සිදු කලයුත්තේ එක් මාසික ඔසප්වීමේ සිට, ඊලඟ ඔසප්වීම ඇතිවන දින දක්වා දින ගණනයකිරීමයි. මේ ආකාරයට මාස කිහිපයක් සිදුකිරීමෙන් ඔබට එක් එක් ඔසප් චක්‍ර සඳහා ගතවී ඇති දින පිලිබඳව අවබෝධයක් ලැබෙනු ඇත. මෙමඟින් සරුකාලය ගණනයක්‍රන අයුරු අපි උදාහරණයක් ගෙන අවබෝධ කරගනිමු.

    උදා – කාන්තාවකගේ මාස කිහිපයක ඔසප් චක්‍ර සටහන්වලින්,කෙටිම චක්‍රයේ දින ගණන 26 ලෙසත්, දිගම චක්‍රය 35 ලෙසත් හඳුනාගනිමු.

    අඩුම චක්‍රයේ දින ගණනින් 18ක් හා දිගම චක්‍රයේ දින ගණනින් 11 අඩු කරන්න.

    26 – 18 = 8
    35 – 11 = 24

    එනම්, ඉහත සඳහන් අක්‍රමවත් චක්‍ර සහිත කාන්තවගේ සරු කාලය ඔසප් චක්‍රය තුල 8 වන දිනයේ සිට 24 වන දිනය දක්වා කාල පරාසය තුළ වනවා.

    කැලෙන්ඩර් ක්‍රමයට අනුව සරු කාලය පිලිබඳව දල අදහසක් තබාගෙන , ඒ කාලය තුළ ඩිම්බහරණය වන දින නිශ්චිතව හඳුනාගැනීමෙන් ගැබ් ගැනීමක් සාර්ථක කරගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත. ඩිම්බහරණය හඳුනා ගැනීම සඳහා ඒ අවධියේදී ශරීරයේ සිදුවන වෙනස්වීම් අවබෝධ කර ගැනීම මේ සඳහා සුදුසු වනවා.

    ඩිම්බහරණය සිදුවූ බව හඳුනාගත හැකි ශරීර ලක්ෂණ මොනවාද?
    1. ශරීර උෂ්ණත්වය Basal Body Temperature
    හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසාවෙන් ඩිම්බහරණය / ovulation සිදුවීමට දිනක් දෙකක් පමන තිබියදී ශරීර උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ෆැරන්හයිට් අංශක 0.4 පමණ අඩු අගයක් ගන්නවා. නැවතත් ඩිම්බහරණය සිදුවීමත් සමඟ උෂ්ණත්වය ඉහළ යෑමක් සිදුවනවා. මෙම සියුම් උෂ්ණත්ව වෙනස්වීම නිශ්චිත කොට හඳුනාගතහොත් ඩිම්බහරණය වන්නේ මාසයේ කුමන දිනකදැයි ඔබට පැහැදිලි කරගත හැකිවනු ඇත. මේ සඳහා උෂ්ණත්වය මැනීම සිදු කලයුත්තේ උදයේ නින්දෙන් අවදිවීමත් සමඟයි. ඇඳෙන් බැසීමට ප්‍රථම වෙනත් කුමන හෝ කාර්යයක නිරතවීමට ප්‍රථම උෂ්ණත්වය මැනීම සිදුකල යුතු වනවා. මේ සඳහා විනාඩි 5 පමණ උෂ්ණත්වමානය මුඛය තුල රඳවා තැබිය යුතු අතර, එකම උෂ්ණත්වමානයක් එකම කාල පරාසයක යොදාගැනීමද සිදුකල යුතුවනවා. මෙම සියුම් උෂ්ණත්ව වෙනස මැනිය හැකි ලෙස අංකනය වූ විශේෂ උෂ්ණත්වමාන ඔබට වෙළඳ පොළෙන් මිළදීගැනීමට හැකියාව තිබෙනවා. මාස කිහිපයක් තිස්සේ මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ඩිම්බහරණය පිළිබඳව අවබෝධයක් හා ඒ ඔස්සේ තමන්ගේ සරු කාලය පිළිබඳවද අදහසක් ලබාගැනීමට ඔබට හැකිවනු ඇත.

    2. යෝනි ස්‍රාවයන්/ Vaginal dischar ප්‍රසවවිශේෂ රෝග
    සරු කාලය හා ස්වභාවික උපත් පාලනය
    September 12, 2017 Dr. H.Vithana (M.B.B.S) mother, Pregnancy
    Share this on WhatsApp
    කාන්තාවකගේ ඔසප් චක්‍රය, ගැබ් ගැනීමේ හැකියාව හා නොහැකියාව මත සරු කාලය හා නිසරු කාලය ලෙස වෙන්කර දක්වන්න හැකියාව තිබෙනවා.
    ස්වභාවික ගැබ් ගැනීමක් බලාපොරොත්තු වන යුවලක්, ඒ සඳහා එක්වීමක් සිදුවිය යුත්තෙ කවර කාලයකද ‍යන්න දැන සිටීම වටිනවා. එමෙන්ම,කෘතිම උපත්පාලන ක්‍රම භාවිතා නොකරන යුවලකට අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්වා ගැනීම සඳහා, එක්වීමෙන් වැලකී සිටිය යුතු කාල පරාසය හඳුනාගෙන සිටීමත් අත්‍යවශ්‍ය වනවා. මෙම ලිපිය, ඔසප් චක්‍රය නිසි පරිදි හඳුනාගෙන අවශ්‍ය පරිදි කටයුතුකරන්නේ කෙසේදැයි අවබෝධයක් ඔබට ලබාදීම සඳහා වනවා.

    සරු කාලය තීරණය වන්නේ කෙසේද?
    කාන්තාවකගේ සරු කාලය තීරණය වන්නේ ඩිම්බහරණය හෙවත් ovulation යන සංසිද්ධිය මතයි. මෙහිදී සිදුවන්නේ පරිණත වූ ඩිම්බයක් ඩිම්භ කෝෂයෙන් මුදාහැර,පැලෝපීය නාල තුලට ඇතුල්වීමයි. මෙම සිදුවීම එක් මසකට එක් පසෙකින් බැගින් වම් හා දකුණු ඩිම්භකෝෂ මඟින් සිදු කරනු ලබනවා. මෙලෙස පැලෝපීය නාලය තුලට ඇතුල්වන ඩිම්භයක් සක්‍රීයව පවතින්නේ පැය 24 පමණ කෙටි කාලයක් පමණයි. නමුත් ලිංගික එක්වීමකදී නිකුත්වන ශුක්‍රාණුවක්, යෝනි මාර්ගය තුල ක්‍රමයෙන් ඉහලට ගමන් කරමින් දින 4-5 පමණ සක්‍රියව පවතිනවා. මින් පැහැදිලි වන්නේ, ඩිම්භයක් සංසේචනය කිරීමට, ඩිම්බහරණයට දින 5කට පමණ පෙර යෝනි මාර්ගයට ඇතුල්වූ ශුක්‍රාණුවකට හැකි බවයි. මේ අනුව, සාර්ථක ගැබ්ගැනීමක් සඳහා එක්වීක් සිදුවිය යුත්තේ ඩිම්බහරණය සිදුවන දිනයේදී හා ඊට දින 5 පමණ පෙර වන කාල සීමාව තුලදී බව ඔබට අවබෝධ වන්නට ඇති. සරු කාලය ලෙස හඳුන්වන්නේ මෙම කාලසීමාවයි. ඩිම්බයක් නිකුත්වීමෙන් පසු සක්‍රිය බව පවතින්නේ පැය 24 පමණ වන නමුත්, ඩිම්බහරණයෙන් දිනක් හෝ දෙකක් තුල වූවද ගැබ් ගැනීම ඇතිවීමේ හැකියාවක් පැවතීම නොසලකා හැරිය නොහැකිවනවා. එමනිසා සරු කාලය ගණනය කිරීමේදී ඩිම්බහරණය වන දිනය,ඊට පෙර දින 5ක් හා ඉන් පසු දිනක් හෝ දෙකක් ලෙස දළවශයෙන් දින 7-8 පමණ ගණනය වඩාත් සුදුසු වනවා.

    සරු කාලය ගණනය කරන්නේ කෙසේද?
    මේ සඳහා වැදගත් වන්නේ ඔසප් චක්‍රය තුළ ඩිම්බහරණය වන දිනය දැනගැනීමයි. සාමාන්‍ය ක්‍රමවත් ඔසප් චක්‍රයක් පවතින කාන්තාවකගේ ඩිම්බහරණය සිදුවන්නේ ඔසප් ඇතිවීමෙන් ඇරඹෙන නව චක්‍රයේ 14 හෝ 15 වන දිනයේදීයි. නමුත් දින 28කට වඩා දික්වන හෝ කෙටිවන චක්‍ර සහිත කාන්තාවන්ට මෙය නිශ්චිත කොට දැක්වීම අපහසුවනවා. එමනිසා, ඔවුන්ගේ සරු කාලය ගණනය කරගැනීමට calender method නැතහොත් දින දර්ශන ක්‍රමය භාවිතා කලයුතුවනවා. මෙහිදී සිදු කලයුත්තේ එක් මාසික ඔසප්වීමේ සිට, ඊලඟ ඔසප්වීම ඇතිවන දින දක්වා දින ගණනයකිරීමයි. මේ ආකාරයට මාස කිහිපයක් සිදුකිරීමෙන් ඔබට එක් එක් ඔසප් චක්‍ර සඳහා ගතවී ඇති දින පිලිබඳව අවබෝධයක් ලැබෙනු ඇත. මෙමඟින් සරුකාලය ගණනයක්‍රන අයුරු අපි උදාහරණයක් ගෙන අවබෝධ කරගනිමු.

    උදා – කාන්තාවකගේ මාස කිහිපයක ඔසප් චක්‍ර සටහන්වලින්,කෙටිම චක්‍රයේ දින ගණන 26 ලෙසත්, දිගම චක්‍රය 35 ලෙසත් හඳුනාගනිමු.

    අඩුම චක්‍රයේ දින ගණනින් 18ක් හා දිගම චක්‍රයේ දින ගණනින් 11 අඩු කරන්න.

    26 – 18 = 8
    35 – 11 = 24

    එනම්, ඉහත සඳහන් අක්‍රමවත් චක්‍ර සහිත කාන්තවගේ සරු කාලය ඔසප් චක්‍රය තුල 8 වන දිනයේ සිට 24 වන දිනය දක්වා කාල පරාසය තුළ වනවා.

    කැලෙන්ඩර් ක්‍රමයට අනුව සරු කාලය පිලිබඳව දල අදහසක් තබාගෙන , ඒ කාලය තුළ ඩිම්බහරණය වන දින නිශ්චිතව හඳුනාගැනීමෙන් ගැබ් ගැනීමක් සාර්ථක කරගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත. ඩිම්බහරණය හඳුනා ගැනීම සඳහා ඒ අවධියේදී ශරීරයේ සිදුවන වෙනස්වීම් අවබෝධ කර ගැනීම මේ සඳහා සුදුසු වනවා.

    ඩිම්බහරණය සිදුවූ බව හඳුනාගත හැකි ශරීර ලක්ෂණ මොනවාද?
    1. ශරීර උෂ්ණත්වය Basal Body Temperature
    හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසාවෙන් ඩිම්බහරණය / ovulation සිදුවීමට දිනක් දෙකක් පමන තිබියදී ශරීර උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ෆැරන්හයිට් අංශක 0.4 පමණ අඩු අගයක් ගන්නවා. නැවතත් ඩිම්බහරණය සිදුවීමත් සමඟ උෂ්ණත්වය ඉහළ යෑමක් සිදුවනවා. මෙම සියුම් උෂ්ණත්ව වෙනස්වීම නිශ්චිත කොට හඳුනාගතහොත් ඩිම්බහරණය වන්නේ මාසයේ කුමන දිනකදැයි ඔබට පැහැදිලි කරගත හැකිවනු ඇත. මේ සඳහා උෂ්ණත්වය මැනීම සිදු කලයුත්තේ උදයේ නින්දෙන් අවදිවීමත් සමඟයි. ඇඳෙන් බැසීමට ප්‍රථම වෙනත් කුමන හෝ කාර්යයක නිරතවීමට ප්‍රථම උෂ්ණත්වය මැනීම සිදුකල යුතු වනවා. මේ සඳහා විනාඩි 5 පමණ උෂ්ණත්වමානය මුඛය තුල රඳවා තැබිය යුතු අතර, එකම උෂ්ණත්වමානයක් එකම කාල පරාසයක යොදාගැනීමද සිදුකල යුතුවනවා. මෙම සියුම් උෂ්ණත්ව වෙනස මැනිය හැකි ලෙස අංකනය වූ විශේෂ උෂ්ණත්වමාන ඔබට වෙළඳ පොළෙන් මිළදීගැනීමට හැකියාව තිබෙනවා. මාස කිහිපයක් තිස්සේ මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ඩිම්බහරණය පිළිබඳව අවබෝධයක් හා ඒ ඔස්සේ තමන්ගේ සරු කාලය පිළිබඳවද අදහසක් ලබාගැනීමට ඔබට හැකිවනු
    2. යෝනි ස්‍රාවයන්/ Vaginal dischar ඔසප් චක්‍රය තුල එක් එක් අවස්ථාන් වලදී ඇතිවන යෝනි ස්‍රාවයන් වෙනස් ස්වරූප ගන්නවා.

    මාසික ඔසප්වීමෙන් පසු යෝනි ස්‍රාව ඇතිවන්නේ මඳ වශයෙනුයි. තවද මෙය ඝන, ඇලෙනසුළු, සුදු පැහැ ස්වභාවයක් ගන්නවා. නමුත්, ඩිම්බහරණයට ආසන්න දිනවලදී මෙම යෝනි ස්‍රාවයන් වැඩි වශයෙන් නිකුත් වෙන අතරම, විනිවිද පෙනෙන ලා පැහැයකින්ද, ඇදෙනසුළු තුනී ස්වභාවයකින්ද යුක්තවනවා.

    3. මීට අමතරව, ඩිම්බහරණය වන දිනට ආසන්න දිනවලදී සමහර කාන්තාවන් පහත සඳහන් ලක්ෂණද පෙන්නුම් කරනු ලබනවා.
    පියයුරු වල වේදනාව
    කේන්තියාම, නොරිස්සුම් ස්වභාවය වැනි මානසික වෙනස්කම්
    උදර වේදනාව (උදරයේ ඩිම්බහරණය සිදුවන පැත්තේ සියුම් වේදනාවක්, විනාඩි කිහිපයක සිට පැය කිහිපයක් දක්වා ඇතිවිය හැක )
    ලිංගික උත්තේජනය ඉහළ යාම
    මෙම ක්‍රම සියල්ලම හෝ කිහිපයක් පිලිබඳව අවධානය යොමු කිරීම තුළින් සරු කාලය නිගමනය කිරීම වඩාත් සාර්ථක වනවා.

    මීට අමතරව, මුත්‍රාවල LH හෝමෝනය තිබෙන සාන්ද්‍රණය අනුව ඔසප් චක්‍රයේ අවධිය තීරණය කිරීමේ හැකියාව පවතිනවා. එමඟින්, ඩිම්බහරණය නිශ්චිතව දැනගැනීමට හැකියාව තිබෙනවා. මෙය ovulation kit නම් උපකරණ කට්ටලයක් භාවිතයෙන් සිදුකල හැකියි. නමුත් මෙම ක්‍රමය දැනට ලංකාව තුල වඩාත් ප්‍රචලිත නැත.

    safe period නොඑසේනම් ආරක්ෂිත කාලයේදී පමණක් එක්වීම සාර්ථක උපත් පාලන ක්‍රමයක්ද?
    මෙහිදී සිදුකරන්නේ තමන්ගේ ඔසප් චක්‍රය තුල සරු කාලය ගණනය කර, එම කාලයන් තුලදී ලිංගිකව එක්වී සිටීමෙන් වැලකීමයි. නැතහොත් ඒ කාලය තුලදී පමණක් උපත් පාලනය සඳහා ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිතා කිරීමයි.
    නමුත් මෙහි සාර්ථකබව පවතින්නේ 75-80% පමණයි. ආගමික හේතූන් නිසා හෝ උපත්පාලන යොදාගැනීමට ඇති අකමැත්ත නිසා එය භාවිතා නොකරන යුවල වලට මෙම ක්‍රමය සුදුසුවනවා. නමුත් මෙම තත්ව යටතේ හදිසි ගැබ්ගැනීම් ඇතිවිය හැකි බව සිහිතබා ගත යුතුයි. තවද මෙම ක්‍රමය පමණක් භාවිතා කරන්නේනම්, කාන්තාව නිතරම තමන්ගේ ඔසප් චක්‍රය පිලිබඳව වැඩි අවදානයක් යොමු කර යුතු අතර, ලිංගික එකතුවීම තීරණය කිරීම සඳහා යුවළගේම සහයෝගය අවශ්‍යවනවා.

    සරු කාලය හා නිසරු කාලය අනුව ස්වභාවික උපත් පාලනයක් යොදාගැනීම නුසුදුසු වන්නේ කුමන අවස්ථාවලදීද?
    ඉතාමත් අක්‍රමවත් ඔසප් චක්‍රයක් සහිතවීම
    දිගුකාලීනව මව් කිරි ලබාදීම
    අර්ථවයට / menopause හෙවත් ඔසප් නැවතීමට ආසන්නවීම
    ඉතා අධික මානසික පීඩනයකින් සිටීම
    උපත් පාලන පෙති/ එන්නත් භාවිත කරමින් සිට නැවතූ වහාම
    ස්වභාවිකව ගැබ්ගැනීමක් මේ කාලය තුලදී සිදු නොවේනම් ඒ සඳහා ගත යුතු ප්‍රතිකාර මොනවාද?
    ස්වභාවික ගැබ් ගැනීමක් බලාපොරොත්තුවෙන් ඉහත සරුකාලය තුල එක්වූද, මාස 6 පමණ කාලායකින් ගැබ්ගැනීමක් සිදුනොවන්නේනම්, මෙය මද සරු භාවය පිළිබඳව ඉඟි කිරීමක් ලෙස සැලකිය හැකිවනවා. මද සරුබවට හේතුවියහැකි කරුණු කාන්තා පාර්ශවයට හා පිරිමි පාර්ශවය යන දෙපක්ෂයටම අදාල විය හැකි බැවින් ඒ පිලිබඳව වැඩි දුර අධ්‍යනයට හා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විශේෂ උපදෙස් ලබා ගැනීම සුදුසු වනව.......


    සේනක පෙරේරා
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    පිත්තාශීය ගල්ෙ

    යටිබඩ වේදනාව. තුනටිය වේදනාව. නාභිය සිට මූත මාර්ගය දක්වා ඉදිකටුවකින් අනින්නාක් මෙන් වේදනාව ආදිය මෙහි රෝග ලක්ෂණ යි.අධිකව මහන්සි වීම .ජලය පානය නොකිරීම වැරදි ආහාර රටාව ද අධික මිරිස් යෙදූ ආහාර ගැනීම ද මෙම රෝගය ට හේතු වේ.මෙයට ආයුර්වේදයේ කොතෙකුත් බෙහෙත් ඇත.තෙල් බැදුම් භාවිතය අවම කල යුතුය.වැල් පෙනල දඩු ,උලුහාල් ,සුදුලූණු සමව ගෙන තම්බා පෙරා පිරිසිදු ඒලගි තෙල් දමා උදේ හිස් බඩ බිමත්,කොත්තමල්ලි,කටුවැල් බටු සම සමව ගෙන තම්බා බීමත් සතියකට දෙතුන් වතාවක් පොල්පලා සුදුලූණු තම්බා බීම ද ගුණදායකය.
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    කොලෙස්ටරෝල් ,අධි රුධිර පීඩනයට ,කෙට්ටු වෙන්න සහ ලෙඩ ගොඩකට ගුණ දෙන කරපිංචා😍

    ආහාර රසවත් කිරීමට යොදා ගන්නා කරපිංචා වල ශරීරයට ගුණදායී ප්‍රයෝජන රාශියක්ද වේ. මෙම සුවඳැති කොළ වල තන්තු, යකඩ, කාබෝහයිඩ්‍රේට, පොස්පරස්, කැල්සියම් මෙන්ම විටමින් A, E, C හා B අඩංගු වේ. මේ නිසා මෙන්ම මේවායේ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසාවෙන් දියවැඩියාව, පාචනය, ආහාර අජීර්ණය හා ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත පිළිකාවන් වැනි බොහෝ රෝග සුව කිරීමට දායක වේ. එමෙන්ම අක්මාව හා හෘදය ආරක්ෂා කර දේ.

    01. පාචනය ඇති වීම වළක්වයි.
    කරපිංචා වල carbazole alkaloid නම් රසායනිකය අඩංගු වේ. එම රසායනිකයේ ඇති බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව නිසා පාචනයෙන් ඈත් කර තබයි. පාචන තත්වයෙන් ගැළවීමට තවදුරටත් තේ එකකට කරපිංචා කොළ යොදා පානය කරන්න. මෙය දිනකට 2-3න් වරක් පානය කළ යුතුය.

    02. හිසකෙස් වර්ධනය කරවයි
    කරපිංචා මඟින් හිසකෙස් වර්ධනය වේගවත් කරයි. හිසකෙස් වල ස්වාභාවික වර්ණය පවත්වාගැනීමට curry leaf tea පානය කිරීම කළ හැක. එමෙන්ම හිස්හොරි හා හිසකෙස් හානි වීමෙන් ද වළක්වාලයි. කරපිංචා තලපයක් සාදා එය හිස්කබලේ ආලේප කිරීමෙන් හිස්හොරි නැති වේ.
    03. රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි.
    කරපිංචා වල රුධිරගත සීනි මට්ටම අවම කිරීමේ හැකියාවක් පවතී. මේවායේ ඇති තන්තු මඟින් මෙම කාර්යය සිදු කරයි. තේ සමඟ පානය කිරීම, ආහාර වලට එක් කිරීම හෝ නැවුම්ව ආහාරයට ගැනීම කළ හැක.
    04. ආහාර ජීර්ණය පහසු කරවයි.
    කරපිංචා මඟින් ආහාර ජීර්ණයට පමණක් නොව බහිස්‍රාවයටද උපකාරී වේ. curry leaf tea පානය කිරීම ඔබගේ ජීර්ණ පද්ධතියේ ඇති ගැටළු සමනය කරයි.
    05. සමේ ඇතිවන ආසාදන වළක්වයි.
    කරපිංචා වල ඇති ප්‍රතිඔක්සිකාරකයන් නිසා දිලීර හා බැක්ටීරියා නාශක ගුණ ඇත. ඔබ කුරුළෑ වැනි සමේ ආාදන වලින් පීඩා විඳී නම් සුව කරගැනීමට curry leaf tea පානය කිරීම උපකාරී වේ.

    06.සැලකිය යුතු ප්‍රමාණයකින් යකඩ වගේම විටමින් A හා C අඩංගු වෙනවා... අන්න ඒ හින්දා කරපිංචා හොද ඔක්සිකාරකයක් වෙනවා.. ඒ නිසාවෙන්ම අපේ ශරීරයට ඇතුල්වෙන විශ ද්‍රව්‍ය වල විශ ගතිය අඩු කරලීමටත් හැකියාව තියනවා...

    07.කලින් සදහන් කරපු ගුණ නිසා වගේම කෙදිති වැඩි නිසා දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමේ හැකියාවත් පවතිනවා...

    08.කරපිංචා වල අඩංගු ෆීනොල් වැනි රසායනික සංයෝග නිසාවෙන් ආමාශගත රෝග වලින් පීඩාවිදින්නන් හට සහනයක් ලබාගන්න පුලුවන් ....

    09.ඒ වගේම කරපිංචා වල කාබසෝල් ඇල්කේලයිඩ් අඩංගු වෙන අතර ඒ සංයෝග පිළිකාවන්ට එරෙහිව සටන්කරන නිසාවෙන්, පිළිකාකාරක වලින් අපේ සිරුර රැකගැනීමේ හැකියාවකින් පොහොසත්... ඒ අතුරින් ආමාශයේ,බඩවැල්වල,පුරස්ථි ග්‍රන්ති වල හටගන්නා පිළිකා වලට වැඩි සහනයක් සලසනවා...

    10.ඒ වගේම කරපිංචා වල තියන මේ කාබසෝල් ඇල්කේලයිඩ් නිසාවෙන් බැක්ටීරියා මර්ධන හැකියාවකුත්, කරපිංචා වලට තියනවා... අන්න ඒ නිසා පාචනය වලකාලීමටත් හැකියාව පවතිනවා...

    11.හිසකෙස් වර්ධනය කරවීමේ හොද හැකියාවකුත් කරපිංචා සතුවෙනවා...ඒ වගේම හිස්හොරි වලටත් කදිම බෙහෙතක්...

    12.ඒ වගේම බැක්ටීරියා මර්ධන හැකියාවෙන් පොහොසත් නිසා සමෙහි ඇතිවෙන රෝගී තත්වයන්ට සහනය සලසාදෙන්නත් කරපිංචාවලට පුලුවන්...

    13.සමෙහි ඇතිවන පිළිස්සුම් හා කෘමි දෂ්ට සදහාද සහනය සලස ගන්න කරපිංචා භාවිත කරන්න පුලුවන් ...

    14.කෙදිති ගතිය නිසා ආහාර ජීරණය පහසු කරවනවා...

    15.මලබද්ධයේදී සහනයක් ලබාගන්නත් කරපිංචා ආහාරයට ගැනීමෙන් පුලුවන් වෙනවා...
    *අර්ශස් හා මල පහසුවට
    කොළ, කපාගත් කොහිල අල, උළුහාල් රතුලූණු සුදුලූනු සමග තම්බා උදය හිස්බඩ පානය.

    16.විටමින් A තියන හින්දා ඇස්වල පෙනීම රැකගැනීමටත් කරපිංචා උදව් වෙනවා...

    17.ඇට මිදුළු ආරක්ෂා කිරීම වගේම වර්ණ දේහ හානි වලකාලීමට උදව්වීමත් කරපිංචාවල අඩංගු විවිධවූ රසායනිකයන්ට හැකියාව පවතී...

    18.ස්නායු දුර්වල වූ රෝගීන් සදහා කරපිංචා ගුණදායක වෙනවා...
    *බඩ දැවිල්ලට , ස්නායු දුර්වලවීමට
    කොළ, නැටි, පොතු , බාර්ලි වතුරෙන් තම්බා බීම

    19.කක්කල් කැස්ස සුව වීමට, පැසවූ නිය සුවවීමට, ඇස් වල වේදනාව නැති කිරීමට, වායුගෙඩි සුවවීමට, අර්ශස් රෝගය සුවවීමට,අකලට හිසකෙස් පැසීම වලකාලීමට, බඩ දැවිල්ල වලකාලීමට, රුධිරය පිරිසුදු වීමට,

    තවද කරපිංචාවල යකඩ සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වේ. කරපිංචා මේ නිසා (විටමින් A සහ C) හොද ඔක්සිහාරකයකි. එනම් ශරීරයට ඇතුළු වන වස විෂ ද දියවැඩියා රෝගීන්ගේ රුධීර ග්ලුකෝස් පාලනය ද, කිරිමේ හැකියාව මෙයට ඇත.
    කරපිංචාවල විටමින් A සහ C ද අඩංගුය,නමුත් මේවා එලෙසින්ම වැදගත් වන්නේ අමුවට ආහාරයට ගැනිමෙනි.

    වියළීමේ දී සමහර විටමින් කොටස් විනාශ වීයනු ඇත.

    තවද සර්ප විෂට කොළ මිශ්‍රණය අඹරා යුෂ පානය කිරිමට දෙන්නේ ද මෙහි තිබෙන ඖෂධීය ගුණය නිසාය.
    *බිබිලි සහිත චර්ම රෝග වලට
    කොළ එළකිරෙන් තම්බා අඹරා ගෑම

    අප කළ යුත්තේ ආහාරයට එක් කරන කරපිංචා විසි කිරීම නොව ඒවා හොදින් සපා කෑමය. මෙවිට එහි ඇති ගුණය,පෝෂණය හා ඖෂධීය වටිනාකම අපට ලැබේ.
    සෑම ගෙදරකම කරපිංචා ශාකයක් වැවීම ඉතාමත් පලදායකය. දිනපතා උදේ පාන්දරම කොළ කැද සාදා කරපිංචා පානය කළහොත් ශරීරයට ඉතා ගුණදායකය.
    කරපිංචා ඉතා හොද ප්‍රසිද්ධ කුළු බඩුවකි. මෙමගින් ආහාරයට සුවදක් ද, රසයක් ද, ප්‍රනීත බවක් ද ඇති කරය. එය සිදු කරන්නේ එහි ඇති Flavonoids නිසාය.
    කරපිංචාවල අඩංගු ප්‍රතිඔක්සිහාරක ගුණය නිසා පිළිකා සෛල නැසීමෙ ගුණය ද, සෛල චක්‍රය දික්කර වේගය අඩු කොට වයස් ගත විමද අඩුකිරීමේ ගුණයද ඇත.

    කෙට්ටු වෙන්න,කොලොස්ට්‍රෞරොල්,හොද කර ගන්න සම පැහැපත් කරගන්න බොමුද මේ විදිහට කර පිංච බිම එකක් එකක්.අනිවාර්යෙන් කෙට්ටු වෙනවා සතියකින් කොන්ඩේ වැවෙනවා.සම පෑහැපත් වෙනවා.සුදු වෙනවා.රෑෂ් වලින් හැදුනු ලප සුව වෙනවා .ගොඩක් ලෙඩ වලට හොදයි

    කරපිංචා කොල ග්‍රෑම් 75ක්
    දෙහි බෑයක ඉස්ම
    කුරුදු කෑල්ලක්
    දොඩම් ගෙඩියක ඉස්ම (ගැස් තියන අය මේ වෙනුවට පොල්කිරි කෝප්ප බාගයක් දාන්න )
    වතුර විදුරු බාගයක්
    බොන්න අමාරුනම් පමණක් මි පැණි තේ හැන්දක්. පොල්කිරි දානවා නම් ලුණු ටිකක් )
    මේ සියල්ලම බෙලෙන්ඩර් කරලා උදේ හිස්බඩ බොන්න. කැමට විනාඩි 15 කට කලින්.දවසක් ඇර දවසක් බොන්න

    කරපිංචා තෙත් හොදයි

    කරපිංචා නෑටිවල තමයිලු ගොඩාක් ගුන තියන්නෙ

    පුළුවන් නම් උදේ 10 ට හෝ හවස තේ වෙලාවට කරපිංචා තේ එකක් බොන්න

    කරපිංචා නෑටි එක්කම හොදට හෝදලා හොදට උතුරන වතුරට දාලා විනාඩි 15 ක් වහාලා තියන්න.පසුව පෙරා මී පැනි දෙහි බින්දු දෙක තුනක් දමා බොන්න..මෙකට කෙට්ටු වෙනවා වගෙම සමත් පැහැපත් වෙනවා... කොන්ඩෙත් වැවෙනවා😍දවසකට තේ 1ක් බොන්න පුලුවන් නම් ගොඩාක් හොදයි...

    කොණ්ඩය හැලීම, තට්ටය පැදීම, හිසකෙස් නිරෝගීමත් නොවීම අකලට හිසකෙස් පැසීම ගොඩක් අයට තිබෙන ගැටලුවක්.
    මෙම ගැටළුව සඳහා නිවසේදීම සාදා ගත හැකි තෙලක්.

    මුකුණුවැන්න cup 1
    කරපිංචා cup 1
    නෙල්ලි 15
    hena කොළ cup 1
    පොල්තෙල්

    මුකුනුවැන්න ,කරපිංචා ,නෙල්ලි , hena පිරිසිදු කර බ්ලෙන්ඩරයට දමා වතුර ස්වල්පයක් එක්කර පේස්ට් එකක් වනසේ අඹරා ගන්න.
    භාජනයක් ලිප තබා එයට ඔබට අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් එකතු කර එය රත්වේගෙන එනවිට paste එක පොල්තෙල් වලට එකතු කරන්න.
    ලිපි මදගින්නේ තබන්න.
    විනාඩි 45-50 පමණ වන විට එකතු කල පේස්ට් එක කළු පැහැයට හුරු වේ. එවිට ලිපෙන් බා නිවෙන්නට හරින්න.
    නිවුණු පසු පිරිසිදු රෙදි කඩක් භාවිතයෙන් තෙල් එක පෙරා වෙන්කර ගන්න.
    මෙම තෙල් ඔබට මාස තුනක් තෙක් කල් තියා ගත හැක.

    මෙහි අඩංගු සියලුම ද්‍රව්‍ය ඔබේ හිසකෙස්වලට පෝෂණයක් ලබා දෙයි.
    ඔබට මෙම තෙල් දිනපතා භාවිතා කිරීමට ද හැක. නැතිනම් රාත්‍රියේදී ආලේප කර සම්බාහනය කරන්න. උදේ සෝදා හරින්න ( තෙල් එක උපුටා ගැනීම a beauty පේජ් එකෙන් )


    Neranjana Kasthuriarachi
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    මෙම ලිපිය ඇසේ සුද නැති කර ගැනීමට ඉපැරණි හෙළ වෙදකමක් ගැන,

    අද සමාජයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන මෙම රෝගී තතවය නිසා දුක් විඳින විශාල පිරිසකගේ හිතසුව පිනිසයි මෙම හෙළ ඔසුව ඔබ වෙත ගෙන එන්නේ. දන්නා අයට මෙය කියාදී ඇස් දන්දුන්නා හා සමාන පුණ්‍ය කර්මයකට දායක වන්න. ෂෙයාර් කරන්නට අමතක කරන්න එපා.

    මෙම ඔසුවද අප විසින් ඔබ වෙත ගෙන එන්නේ වහරක අභයරතනාලංකාර නායක ස්වාමීන් වහන්සේ විසින් මිනිසුන්ගේ හිත සුව පිනිස දේශනා කරන ලද නිසාවෙනි. එසේ හෙයින් උන් වහන්සේටද අපි ප‍‍්‍රතමයෙන් පුණ්‍යානුමෝදනා කරමු.

    තමාගේ රෝගයක් ගුණ වන්නට නම් තමා ප්‍රථමයෙන් ගුණවන්ත විය යුතුය. තමා පමණක් සුව වී අන් අයගේ නිරෝගී තාවයට කෙනෙක් අකුල් හෙලයි නම් යම් දිනක එවැනි අයට සොයාගැනීමට වත් නොහැකි රෝග වැළදෙනු ඇත. එසේම අපට යමෙක් යම් දෙයක් කියා දුන්නා නම් එය කියා පෑමට අපි පසුබට වන්නේ නම් ඒ අපගේ ගුණ මකන ගුණ මකු බවයි. වහරක හිමියන්ට අවලාද නගන අය මෙම ලිපියේ ඇති බෙහෙත් ගුණ දෙන්නට නම් කරුණා කර ද්වේශය පසෙක ලා මෙම ඔසු සකස් කරගන්නා ලෙසට පවසන්නේ කරුණා පෙරදැරි මෙත් සිත් ඇතිවය.

    ඇසේ සුද නැමති රොග තත්වය ඇති වන්නේ ශරීරයේ සෙම විශ විම නිසය. මෙම තත්වය ශරීරයේ ඇති ඉතාම සංවේදී ඉන්ද්‍රය වන ඇසට ඉතා ඉක්මනින්ම බලපායි. මෙම තත්වයට හේතු වන්නේ අප ගන්නා ආහාරවල සහ පරිසරයේ ඇති විෂ ශරීර ගත වූ පසු ඒවා නිසායාකාරව ශරීරයෙන් බැහැර කිරීමට අපොහොසත් වීම නිසාය. අවසානයේ මෙම තත්වයටද හේතු වන්නේ අපගේ බහිශ‍‍්‍රාවීය පද්ධතිය අකර්මණ්‍ය වීමයි. පෙර වෛද්‍යවරුන් කිසියම් බෙහෙතක් රෝගියෙකුට ලබාදීමට පෙර විරේක කිරීම සිදුකලේ මේ හේතුව නිසාය. කෙසේ නමුත් දැන් සියල්ල සිදුවී හමාරය. අපට ඇත්තේ මේ සිටින තැනින් ඉදිරියට යෑමට අවශ්‍ය පසුබිම සකස් කරගැනීමය.

    ඇසේ සුද ඇති වීමට ඉහත කී සෙම විෂ වීමට අමතරව තමා විසින් පෙර කල කර්ම, හතලිස් ඇඳිරිය, වයසට යෑම නිසා ඇතිවන අන්ධ භාවය වැනි දේ හේතු විය හැකිය. කෙසේ නමුත් සියයට 50 කට වැඩි පිරිසකට මෙම තත්වයට හේතු වන්නේ සෙම විෂ වීම යි. එසේම අප මෙහිදී ඉදිරිපත් කරන ඖෂධය මේ මොනයම් හෝ හේතුවක් නිසා හෝ පෙනීමේ දුර්වල තාවයක් ඇති අයෙකුට වුවද පාවිච්චි කලාට අගුණයක් නැත. සියළු දෙනාටම මෙයින් සහනයක් වනු නිසැකය.

    අවශ්‍ය ඖෂධ.

    ලෙලි ගසා ගත් කරුංකා ගෙඩි කිහිපයක්.

    සාදන ආකාරය.

    හොඳින් පදම් වූ යකඩ කබලක් සොයාගන්න. ගෙවල් වල තියෙන පරණ තාච්චියක් වැනි දෙයක් සුදුසුයි. කබල රත්වෙන්නට තබා කරුංකා ගෙඩි කිහිපය එයට දමා ගිණිියම් වන තුරු සිටින්න. කරුංකා ගෙඩි ගිණියම් වූ පසු බිමට බා ගන්න. දැන් නිවෙන්නට තබා පසුව හොඳින් කුඩු කර ගන්න. මෙම කුඩු පිරිසිදු බෝතලයක දමා වසා තබන්න.

    පාවිච්චි කරන ආකාරය.

    රාත‍‍්‍රී නින්දට යන්නට පෙර කකුල් දෙක හොඳින් සෝදාගන්න. අප කලින් සාදාගත් කරුංකා අඟු‍රු තේ හැඳි භාගයක් පමණ ගෙන රෝගියාගේ සුද ඇත්තේ වම් ඇසේ නම් දකුණු කකුලේද. දකුණු ඇසේනම් වම් කකුලේ. මාපටැඟිල්ලේ මුලට තබා රෙදි කඩකින් බඳින්න. කකුල් දෙකේම මාපට ඇඟිලි වලට බැන්දාට වරදක් නැත. මෙය පසුදා උදෑසන වන තුරු තබා ගලවා දමන්න.

    ඇසේ අතිවන සුදට කකුලට වෙදකම් කරන්නේ ඇයි දැයි කෙනෙකුට පැණයක් මතුවිය හැකිය. අසේ ඇති ස්නායු වලට සම්බන්ධ නිල කකුලේ මාපට ඇඟිලි තුඩු වල ඇත. එසේම වම් ඇස සම්බන්ධවන්නේ දකුණු කකුලේ මාපට ඇඟිල්ලත් සමගය. දකුණු ඇස සම්බන්ධ වන්නේ වම් කකුලේ මාපට ඇඟිල්ලත් සමගය. මේ ආකාරයට මාස තුනක් පමණ දින පතා රාත‍‍්‍රියට මෙම සත්කාරය කරන්නග වෙනස ඔබටම දැනගත හැකිය.

    මෙම ඉපැරණි ඔසුව මගින් කරන්නේ කකුලේ ඇති නිල හරහා ඇසේ පටල වෙත අඟු‍රු වල ඇති විෂ නසන සුළු ශක්තිය ගෙන යාමයි. එමගින් ඇසේ පටල වල ඇති විෂනසා ඇස නීරෝගී මත් කිරීම මෙමගින් සිදුවේ.


    ‎Nayana Thenuwara
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    වකුගඩු වල ගල් හැදෙන්නේ ඇයි කියලා යම් කතිකාවක් දින කිහිපයකට උඩදී අපි කලා. එහි මාගේ පිලිතුර යම් යම් ගැටලු නිසා ප්‍රමාද වුනා. අද ඒ ගන කතා කලා නම් හොදයි කියලා හිතුනා.

    pH අගය කියන්නේ කුමක්ද? කියා මා සිතන්නේ මෙහි සිටින අය දන්නවා ඇති. pH අගයෙන් මනින්නේ යම් ද්‍රාවනයක ආම්ලික තාවයයි. pH 7 යි කියන්නේ පිරිසිදු ජලය. pH අගය 7 ට අඩුනම් ඒ ද්‍රාවනය ආම්ලිකයි. pH අගය 7 ට වැඩිනම් ඒ ද්‍රාවනය භාශ්මිකයි. පොඩ්කාලේ ඉගෙන ගත්ත එකක්නේද? හරි දැන් ඔබ දන්නවාද අපේ රුධිරයේ pH අගය කීයද කියලා. එය සාමාන්‍ය නිරෝගී කෙනෙකුගේ 7.2 ක් විතර වෙනවා. ඒ කියන්නේ ටිකක් භාශ්මිකයි කියන එකයි. අපි දැකලා තියෙනවා යම් කෙනෙකුට රෝගයක් හැදුනම pH පහලට බහිනවා. ඒ කියන්නේ 6 ක් විතර වෙනවා. එතකෙට එයාගේ රුධීරය ආම්ලික වෙනවා. ඒ කියන්නේ දැන් මේ කෙනාගේ රුධිරය අම්ල ගතිය වැඩියි. මේ අවස්ථාවේදී අපි රුධීරය භාශ්මික කරගත හැකි ආහාර ගත යුතු වෙනවා.

    ඉස්සර ලෙඩෙක් බලන්න යනකොට දොඩම් අරං ගියා මතකද? ඒ මේ ලෙඩාගේ රුධිරය භාශ්මික කරන්නට මේ පලතුරු උපකාර වෙන නිසා.
    දැන් නම් අරං යනනේ මල් වගේ ඒවනේ. ඒකත් නරකම නැහැ. ඒ වගේම පිලිකා රෝගියෙකුගේ රුධීරයේ pH අගය 5 ටත් අඩු අගයක් ගන්නවා. මේනිසා තමයි පිලිකාවක් ඉක්මනින් පැතිරෙන්නේ. pH අගය අඩු නම් අපේ ප්‍රතිශක්තිකරන පද්ධතියට නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නට බැහැ.
    අපේ සිරුරේ තියෙනවා රුධිරයේ pH අගය මණින මාපකයක්. ඒක හැම වෙලාවෙම ක්‍රියාත්මකයි. ඔපරේෂන් කරලා අරං දැම්මේ නැත්නම් මේ මාපකය මැරෙන තුරුම වැඩ. මොක්ද මේ මාපකය? ඒ තමයි පැරා තෛරොයිඩ් ග්‍රන්ථිය. දැං බලනවා ඇති මේ යකා වකුගඩු වල ගල් ගැන කතා කරනවා කියලා මේ මොනවද කියවන්නනේ කියලා. තව ටිකක් යන්න ඕනි. තවම කසකාරයෝ ආව විතරයි. මේ පැරා තෛරොයිඩ් ග්‍රන්ථි වලට තමයි දැනෙන්නේ රුධිරයේ pH අගය. යම් ලෙසකින් රුධිරයේ pH අගය අඩු වුනාම පැරා තෛරොයිඩ් ග්‍රන්ථි සක්‍රීය වෙනවා. මෙම ග්‍රන්ථි පිහිටලා තියෙන්නේ තෛරොයිඩ් ග්‍රන්ථියේ පිටුපස කොන් හතරේ. මේ නිසා පැරා තෛරොයිඩ් ග්‍රන්ථි 4ක්ම අපිට තියෙනවා. මෙම ක්‍රියා කාරීත්වය ඒ තරම්ම වැදගත් අපේ සිරුරට. දැන් අපි හිතමු pH අගය අඩුවුනා කියලා. දැන් සිදුවන්නේ මෙම ග්‍රන්ථි මගින් පැරත් කියලා හෝමෝනයක් නිකුත් කරන එක. දැන් මේ හෝමෝනයේ රාජකාරිය තමයි රුධිරයේ pH අගය වැඩි කරන එක.

    දැන් මෙම හෝමෝනය භාෂ්මික ඛණිජ ලවන සොය සොයා මුළු සිරුර පුරාම සැරි සරනවා. ආවර්ථිතා වගුව දන්න අය දන්නවා භාෂ්මික මූල ද්‍රව්‍ය තියෙන්නේ දෙවන කාණ්ඩයේ කියලා. මේ කාණ්ඩයේ මූලද්‍රව්‍ය දෙකක් අපගේ සිරුරේ තියෙනවා. ඒ කැල්සියම් සහ මැග්නීසියම්. දැන් මේ දෙක තමයි සොයා ගන්න වෙන්නේ මේ පැරත් කියන හෝමෝනයට. දැන් ඉතිං මෙයාට මුන ගැහෙනවා හොදට කැල්සියම් තියෙන තැනක්. ඒ තමයි අපේ අස්ථි. අස්ථි වලින් කැල්සියම් ගලවන්නට මේ හෝමෝනය හරි දක්ෂයි.

    මේ සිද්ධිය තවත් හෝමෝනයක් නිකුත් කරන්නට හේතු වනෙවා.
    ඒ තමයි කැල්සිටොනින් කියන හෝමෝනය. මේහෝමෝනය නිකුත් කරනවිට පැරත් හෝමෝනයට පොඩ් ප්‍රතිරෝධයක් දෙනවා. ඉතිං මෙතන දැන් හෝමෝන දෙකක සටනක්. එක්කෙනෙක් කැල්සියම් ගලවන්න හදනවා. තවත් කෙනෙක් එපා කියනවා. දැන් කොහොම හරි මේ වෙලාවේ මේ පුද්ගලයා කැල්සියම් සහිත ආහාරයක් ගත්තානම් වැඩේ සෙට්ල් වනෙවා. නමුත් එහෙම වුනේ නැත්නම් පැරත් හෝමෝනය දිනනවා. ඉතිං කැල්සියම්ටික ගලවාගෙන උජාරුවෙන් රුධිරටය මුදා හරිනවා. කොහොම හරි මෙම තත්වය නිසා නැවතත් රුධිරයේ pH අගය 7.2 දක්වා වර්ධනය කරගන්නවා.

    අපගේ රුධිරයට මේ භාශ්මික පරිසරයක් අවශ්‍ය වෙන්නේ ඇයි. ඉදුනු අඹ ගෙඩියක් නරක් වෙනකොට පණුවෝ ගහනවා නේද? නරක් වෙනවා කියනනේ ආම්ලික තාවය වැඩිවෙනවා කියන එකයි. ඉතිං දැන් තේරෙන්න ඕනි ආම්ලික තාවය වැඩි පරිසරයක තමයි බැක්ටීරියා වගේ ක්ෂුද්‍ර ජීවීන්ට වාසය කරන්නට හැකි. අපගේ බඩවැල් වලත්එහෙමයි.
    බඩවැල් වල අම්ලිකතාවය පාලනය කරන්නේ මැග්නීසියම් වලින්. කොළ වර්ගවල තමයි මැග්නීසියම් තියෙන්නේ. කට කැඩෙනකම් කොළ කන්න කියන්නේ මේ නිසා. කොළ කනවා නම් බඩවැල් වල අයහපත් බැක්ටිරියා වර්ධණය වෙන්න ඉඩක් නැහැ. මේ වගේ ම තමයි රුධිරයේ pH අගය අඩු වුනාම ක්ෂුද්‍ර ජීවීන්ට පාරාදීසයක් වෙනවා. එසේම ප්‍රතිශක්තිකරනයට ක්‍රියාත්මක වෙන්න අපහසු වෙනවා. මේ කරුනු නිසා රෝග බෝවෙන්නට ඇති ඉඩකඩ වැඩි වෙනවා. ඉතිං පැරත් හෝමෝනයෙන් කලේ ලොකු උපකාරයක්. අස්ථි වලට පස්සේ කැල්සියම්ටිකක් දෙන්න බැරියැ නේද? නමුත් මේක දිගින් දිගටම පුරුද්දට ගියොත් පුතෝ ඔස්ටියෝ පොරෝසිස් කියලා ලෙඩකුත් හැදෙනවා. මතක තියාගෙන ඉන්න.

    දැන් ඉතිං රුධිරයේ pH අගය නැවතත් නිරෝගී මට්ටමට ගේනවා. පැරා තෛරොය්ඩ් ග්‍රන්ථිය හිතුවේ මෙක තාවකාලික වැඩක් කියලා. දැන් ඊලග දවසෙත් මේ සංතෑසියමයි. pH එක බැහැල. ඉතිං ආපහු පැරත් හෝමෝන් එක නිකුත් කරනවා. අස්ථිවලින් කැල්සියම් ගේනවා. මේ විදිහට දිගින් දිගටම සිදු කරන විට මේ ග්‍රන්ථි වෙහෙසට පත්වෙනවා. මේ වගේ ග්‍රන්ථි වෙහෙසෙන්නට හොද නැහැ. එය එම ග්‍රන්ථි වැඩි පුර වැඩ කරලා අවසානයේ කිසි පාලනයකින් තොරව හොමෝන නිකුත් කරන්නට හේතු වෙනවා. මෙන්න මේ තත්වයට අාවට පසු තමයි ගැටලුව පටන් ගන්නේ.
    දැන් පැරත් හෝමෝනය නිතරම නිකුත් කරනවා. අස්ථිවලින් කැල්සියම් ගලවනවා. දැන් මේ කැල්සියම් වැඩියි රුධිරයේ. මේ කැල්සියම් පෙරන්නට යනනේ වකුගඩු වලට. දැන් වකුගඩු වල කැල්සියම්
    පෙරීම ඉතාමත් දරුනු විදිහට සිදු වෙනවා. මේ අවස්ථාවේදී මෙම කැලිසියම් සමග කාබන් ඩයොක්සයිඩ් හෝ ඔක්සලේට් සමග කැල්සියම් කාබනේට් හෝ කැල්සියම් ඔක්සලේට් හදනවා. මේ සිද්ධිය සිදු වෙන්නේ වකුගඩු තුලයි. දැන් මේ අණු ස්ඵඨික ලෙසයි තියෙන්නේ. ඉතාමත් කුඩා වුවත් මේ අණු විශාල ගණනක් සැදි එකට එක් වෙනවා. මේවා තද ස්පඨික ලෙසට ඝන වෙනවා දැන් ඉතිං මේවා වකුගඩුවේ රැදී තියෙනවා. ටික දිනකින් මේවා මුත්‍රා එක්ක පහලට එන්නට හදනවා. අපි දන්නේ නැතිව මේ වගේ ගල් පිටවෙනවා. ඒත් යම් විදිහකට ගලක් තිබුනොත්
    මුත්‍රා නාලයට වඩා විශ්කමභය වැඩි, එතනයි ගැටලුව ඇතිවෙන්නේ.දැන් පහලට එන්න හැදුවට එන්න බැහැ. වකුගඩුවෙන් පෙරෙන මුත්‍රා වලින් යම් තෙරපුමක් ලැබුනද මුත්‍රා නාලය දිගේ හිරවෙලා තමයි ඒ ගල පහලට එන්නේ. මේනිසා මුත්‍ර නාලය තුවාල වෙන්න පුලුවන්. ඒ නිසා තමයි සමහර අයට ලේ පිටවෙන්නේ. මොකද මුත්‍ර නාලය සීරිලා.

    හරි දැන් ගල් හැදෙන හැටි දැනගත්තා. දැන් දැනගත යුතු වන්නේ මෙකෙන් මිදෙන හැටි. වකුගඩුවේ ගල් ඇති බවට මුලින්ම සැක කරනනේ රුධිරයේ කැල්සියම් වැඩිද කියලා බලල. මෙය දුටු වහාම වෛද්‍ය වරයා තීරණය කරනවා කැල්සියම් වැඩියි කැල්සියම් සහිත ආහාර දෙන එක නවත්වන්න කියලා. ඉතිං දැන් පැරත් හෝමෝන සරණ තමයි. සිද්ධ වෙන දේ ගැන හිතා ගන්න පුලුවන් නේද? දැන් ස්කෑන් කරලා බැලුවම ගලක් ඇති බව පෙනෙනෙවා. ඉතිං මේක අයින් කරන බොහෝ ක්‍රම තියෙනවා. අපි ඒවා ගැන පසුව කතා කරමු.

    දැන් ප්‍රතමයෙන් මෙයින් අත්මිදෙන ආකාරය දකිමු. අපි බලන්න අවශ්‍ය කැල්සියම් වැඩිද කියලා නොවෙයි. සිරුරේ පැරත් හෝමෝනය වැඩිද කියලායි. මේ ගැන කිසිම පරීක්ෂණයක් නොකර තමයි කැල්සයම්
    රුධිරයේ වැඩිද කියලා හොයන්නේ. පැරත් හෝමෝනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිනම් කල යුතු වන්නේ කැල්සියම් ලබා දීමයි. දිනකට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය මිලි ගැම් 1200 ක් විතර වෙනවා. මේ අප අවශෝෂණය කරගත යුතු ප්‍රමාණය මිස ආහාර සමග ගත යුතු ප්‍රමාණය නොවේ. කිසි කෙනෙක් මේ ගැන සිතන්නේ නැහැ. බඩවැල් වල අංගුලිකා කැඩිලා ගොස් නම් මේ කෙනාගේ පෝෂණය අවශෝෂනය කරගැනීමේ ප්‍රවනතාවය අඩුවෙනවා. ඉතිං වැඩිපුර ගන්න වෙනවා. අපි නිසි ප්‍රමාණයට කැල්සියම් ආහාරයට එක් කලාම පැරත් හෝමෝනය නිකුත් කිරීම නතර වෙනවා.

    ඉතිං දැන් ටිකටික මේ වැඩිපුර ඇති කැල්සියම් කැල්සිටොනින් හොමෝනය මගින් නැවත අස්ථි සෛල වෙත ගෙනියනවා. මේ අනුව අර තිබුනු අනතුර පහව යනවා. කැල්සියම් කාබනේට් හෝ කැල්සියම් ඔක්සලේට් ස්ඵඨික හැදෙන්න දැන් කැල්සියම් එන්නේ නැහැ වකුගඩු වලට වැඩිපුර.

    මේ ලිපිය ඔබ කියවා තේරුම් ගත්තා නම් ඔබ දැනගත යුතුයි වකුගඩු වල ගල් හැදෙන්නට ප්‍රධානම හේතුව රුධිරයේ ආම්ලික තාවය වැඩිවීම බවත්, එම ආම්ලික තාවය අඩු කර ගැනීමට නම් භාශ්මික ආහාර තම ආහාර වේලට එක් කරගත යුතු බවත්. මෙවැනි ආහාර අන්තර්ජාලය පරිහරණය කර සොයාගන්න. පහත එවැනි ආහාර කිහිපයක් දක්වා ඇත.
    ඒ වගේම මැග්නීසියම් බහුල කොළ වර්ගත්, කැල්සියම් බහුල ආහාරත් දෛනික ආහාර වේලට එක් කරගන්න.


    Nayana Thenuwara
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    *පංචකර්ම චිකිත්සාව.
    =================


    *පූර්විකාව.
    =========

    *පාරම්පරික හෝ ආයූර්වේද වෙදකම කිව්ව ගමන් බොහෝ උදවියට මතක් වෙන දෙයක් තමයි පංචකර්ම.

    *පංචකර්ම ලෙස වර්තමානයේ බොහෝ දෙනෙක් හඳුනාගෙන තිබෙන්නේ නිවැරදි පංචකර්ම ප‍්‍රතිකාර ක‍්‍රම නොවේ.

    *ඒ නිසා නිවැරදි පංචකර්ම යනු කුමක්ද යන්න විමසා බැලීම වැදගත්.

    *බටහිර වෙදක්‍රමය ලෝකය තුළ ස්ථාපිතව දේශීය වෙදකම තම ග්‍රහණයට ගනිමින් සියුම් ලෙස එය විනාශ කරමින් සිටී.

    *දේශීය දැනුමේ මුලිකාංග වැඩි දියුණු කරමින් ඒවා බටහිර සිද්ධාන්ත ලෙස ලෝකයාට නව ආකාරයෙන් ඉදිරිපත් කරයි.

    *නගරයක් පාසා ඇති ‘පංචකර්ම‘ මධ්යිස්ථාන බිහි වෙමින් මුදල් ගරන නමුත් ඒවායේ නියම නිවැරදි පංචකර්ම චිකිස්තාවලිය සිදුවන්නේද...?.

    *මොනවද මේ පංචකර්ම....?.

    *පංචකර්ම යනු කුමක්ද...?
    ====================

    *වෙදකමේ ප්‍රධාන අරමුණු දෙකයි.ඒ රෝගී පුද්ගලයෙකු නීරෝගි කිරීම සහ නීරෝගි පුද්ගලයෙකුගේ නීරෝගි බව රැක ගැනීම.

    *පංච කර්ම කියන්නේ මේ අරමුණු දෙක සඳහාම යොදා ගත හැකි සුවිශේෂි චිකිත්සා ක්‍රමයක එක් අංගයක්.

    *‘පංචකර්ම‘ ලෙස හඳුන්වන්නේ ශරීරය තුළ සිදුවන පිරිසිදු කිරීමේ ක්රිියාවලි පහකි.

    *ශරීරයේ විෂ කායිකව මෙන්ම මානසිකව ද බැහැර කරවීමේ හොඳම සහ පැරැණිම ක්‍රමයක්‌ ලෙස පංච කර්මය හඳුන්වනවා.

    *ඉන්දියාවේ යෝගිවරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් ඇසුරෙහි වර්ධනය වූ මේ ප්‍රතිකාර ක්‍රමය මගින් අවසාන පලයේදී ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය සවිමත් වී ශරීරයේ සියලු වේග සමතුලිතතාවකට පත්වෙනවා.

    *ශෝධන කර්ම ලෙස හැඳින්වෙන මෙම සුවිශේෂි චිකිත්සා ක්‍රමය පූර්ව කර්ම,ප්‍රධාන කර්ම සහ පශ්චාත් කර්ම ලෙස පියවර තුනකින් සමන්විත වෙනවා.

    *පුර්ව කර්ම මගින් සිදු කරන්නේ රෝගියා ප්‍රධාන කර්ම සඳහා යොමු කිරීමට පෙර ඔහු හෝ අැයව ඒ සඳහා සූදානම් කිරීමයි.

    *පුර්ව කර්ම ස්නිග්ධ කර්ම සහ ස්වේද කර්ම ලෙස අාකාර දෙකකින් යුක්ත වෙනවා.

    *තව දුරටත් පැහැදිලි කරනවා නම් ස්නිග්ධ කර්ම වලින් සිදු කරන්නේ තෙල් වර්ග කසාය වර්ග කිරි වර්ග අාදිය සිරුරේ අාලේප කිරීම.

    *ස්වේද කර්ම මගින් සිදු කරන්නේ දුම් අැල්ලීම පොට්ටනි වලින් තැවීම අාදිය මගින් රෝගියාට දහඩිය පිටවීමට සැලැස්වීම.

    *පූර්ව කර්ම වලින් අනතුරුව රෝගියාට ප්‍රධාන කර්ම සිදු කරනවා.ප්‍රධාන කර්ම අාකාර පහක් තියෙනවා.

    *මේ ප්‍රධාන කර්ම අාකාර පහ තමයි පංචකර්ම ලෙස හඳුන්වන්නේ.

    1.වමන කර්ම
    2.විරේචන කර්ම
    3.නස්‍ය කර්ම
    4.වස්ති කර්ම
    5.රක්ත මෝක්ෂන කර්ම.

    *දේශීය පංචකර්ම මොනවාද...?.
    ========================

    1.නස්‍ය
    2.වමන
    3.විරේචන
    4. වස්ති
    5. රක්තමෝක්ෂ.

    *පංචකර්ම කියන සංස්‌කෘත වචනයේ තේරුම වන්නේ ක්‍රියා පහක්‌ හෙවත් ප්‍රතිකාර පහ යන්නයි.

    *ලෙඩ රෝග සහ මන්ද පෝෂණය නිසා හටගන්නා විෂ සහිත ද්‍රව්‍ය ශරීරයෙන් තුරන් කිරීම තමයි පංචකර්ම ප්‍රතිකාර මගින් සිදුවන්නේ.

    *අපද්‍රව්‍ය තුරන් කිරීම සඳහා සාමාන්‍ය නිරෝගී ශරීරයකට එයටම ආවේණික වූ ක්‍රමවේදයක්‌ තිබෙනවා.

    *එහෙත් සමහර අවස්‌ථාවලදී මේ ක්‍රමවේදය බිඳ වැටෙනවා. එය ප්‍රතිසංවිධානය කිරීම තමයි පංචකර්ම ප්‍රතිකාර මගින් මූලික වශයෙන් සිදුවන්නේ.

    *වෛද්‍යවරයකු වෙත කිසියම් රෝගියෙක් පැමිණි විට රෝගියාගේ තත්ත්වය පරීක්‍ෂා කර බලා එම රෝගයට අනුව බොන බෙහෙත්, ආලේපන වර්ග නියම කරනු ලබනවා.

    *පංචකර්ම යනු විශේෂිත රෝග අවස්ථාවලදී සහ රෝග වලින් වැළකී සිටීම සඳහා යොදා ගත හැකි චිකිත්සා ක‍්‍රමයක එක් කොටසක්.

    *මෙම චිකිත්සා ක‍්‍රමය ප‍්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදනවා.

    *පූර්ව කර්ම, ප‍්‍රධාන කර්ම සහ පශ්චාත් කර්ම වශයෙන්.

    *මෙහිදී පූර්ව කර්ම ලෙස හැඳින්වෙන කොටස තවත් කොටස් දෙකකට බෙදෙනවා.

    *ඒ “ස්නික්ධ “ සහ “ ස්වේධ” වශයෙන්.

    *“ පංචකර්ම” අයත්වන්නේ ප‍්‍රධාන කර්ම කොටසට .

    *ඉහත කී චිකිත්සා ක‍්‍රමයේදී පංචකර්ම වලට ලක්කිරීමෙන් පසුව රෝගියා මුලින් සිටි තත්ත්වයට ගෙන ඒම පශ්චාත් කර්ම ලෙස හැඳින්වෙනවා.

    *මෙම චිකිත්සා ක‍්‍රමය රෝග වැළැක්වීම සඳහාත් රෝග සුව කිරීම සඳහාත් යොදා ගත හැකියි.

    *විශේෂයෙන්ම රෝග ඇතිවීම වළක්වා ගැනීමට,ශරීරය රෝග වලට ඔරොත්තු දෙන ආකාරයෙන් සකසා ගැනීමට උපකාරී වන ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස පංචකර්ම ප‍්‍රතිකාර හැඳින්විය හැකියි.

    *පූර්ව කර්ම.
    ==========

    *මුලින්ම අප පූර්ව කර්ම වලට එන ‘ස්නික්ධ’ සහ ‘ ස්වේධ’ යනුවෙන් දැක්වෙන කරුණු පිළිබඳව තොරතුරු සොයා බලමු.

    *1.ස්නික්ධ කර්ම.
    ==============

    *ස්නික්ධ කර්ම යනු තෙල් ආලේප කිරීමයි. මෙහිදී විවිධ ක‍්‍රමවලට තෙල් ආලේප කරනු ලබනවා.

    *ස්නික්ධ කිරීම මගින් බලාපොරොත්තු වන්නේ යම් රෝගියකුගේ ශරීරයේ ඇති විෂ ද්‍රව්‍යයයන්,අපද්‍රව්‍යයයන් මෙන්ම සෙම් කොටස් ඒවා බැඳි ඇති ස්ථාන වලින් බුරුල් කර ගැනීමයි.

    *එමෙන්ම තෙල් ආලේපකර විවිධ ඖෂධ පොට්ටනි වලින් ශරීරය තැවීම සම්භාහනය කිරීම ස්නික්ධ යටතට ගැනෙනවා.

    *‘ස්නික්ධ ‘කිරීමේදී තෙල් වර්ග කසාය වර්ග මෙන්ම කිරිවැනි ද්‍රව්‍ය ද භාවිතා වෙනවා.

    *අද බහුලව අවභාවිතයේ යෙදෙන "සම්භාහන" ක්‍රියාවලිය අයත් වන්නේ මෙම කොටසටයි.

    *2.ස්වේධ කර්ම.
    =============

    *ස්වේධ කිරීම යනු දහදිය පිටවීමට සැලැස්වීමයි. ඒ සඳහා විවිධ ක‍්‍රමවලට රෝගියාට දුම් අල්ලනවා.

    *‘ස්වේධ ‘ කිරිම මගින් ශරීරයේ විවිධ ස්ථානවල ඝනවී ඇති එම අප ද්‍රව්‍ය ලිහිල් තත්ත්වයකට මෙන්ම ගලායාමේ ස්වභාවයකට පත් කර ගනු ලබනවා.

    *දුම් ඇල්ලීම සඳහා යොදා ගන්නේ විවිධ ඖෂධ වර්ග .

    *පුර්ව කර්ම වලට අයත්වන මෙම ‘ස්නික්ධ’ කිරීම සහ ‘ ස්වේධ කිරීම’ ප‍්‍රධාන කර්ම වලට පහසුවක් වෙනවා.

    *ස්වේධ කිරීමේදී කිරිබත් සහිත පොට්ටනි වලින් තැවීමද රස්නය සහිත ස්ථානවල රඳවා තැබීම ද සිදුවෙනවා.

    *සම්භාහනය.
    ===========

    *නිසි සම්භාහනය ඇති රෝග නැති කරයි-අනිසි සම්භාහනය නැති රෝග ඇති කරයි.
    =============================================

    *අද වනවිට හතු පිපෙන්නාක් මෙන් බිහිවී තිබෙන සම්භාහන කඩ තුළ කෙරෙන්නේ "පංච කර්මයක්" නොව "පංච කරුමයකි".

    *ඉහතින් දක්වා තිබෙන පරිදි සම්භාහනය යනු පූර්ව කර්ම හෙවත් පංච කර්මයේ පෙර ක්‍රියාවක් වන "සීනීක්ධ" කර්මයේ එක් කොටසකි,නමුත් අද වනවිට එය පංච කර්මය බවට පත්වී ඇත,කොටින්ම අද බොහෝ දෙනෙකුට අනුව පංච කර්මය යනු සම්භාහනයයි,එයත් උචිත සම්භාහනය නොව හුදෙක් මුදල් ගැරීම සදහා පමණක් අටවා ගත් ලිංගික වෙළෙදාම් සම්භාහනයයි.

    *නිවැරැදි සම්භාහනය යනු කුමක්ද...?.
    ============================

    *නිවැරැදි සම්භාහනය යනු සිරුරේ දෝෂ පහ කිරීම සදහා යොදා ගත හැකි හා යොදා ගත යුතු ශිල්පීය ක්‍රමයකි.

    *එහිදී නිසි ආකාරව සිරුරේ නිසි නිලස්ථාන තෙරපමින් හා උත්තේජනය කරමින් උචිත හා නිසි ප්‍රමිතියකින් යුතු තෙල් වර්ග ආලේප කරමින් මුලු සිරුරම සුවපත් වන ලෙසට එය නිසි පුහුණුවක් සහිත මනා හික්මීමකින් යුතු චිකිත්සකයෙක් විසින් විසින් කරනු ලැබිය යුතුය.

    *නිසි සම්භාහනය නිරෝගී බව උදා කරනවාක් මෙන්ම අනිසි සම්භාහනය නැති රෝග ඇති කිරීමට හේතු වේ.

    *සම්භාහනයේ පූර්ව කර්ම.
    ====================

    *නිසි සම්භාහනයට පෙර ඒ සදහා සිරුර සූදානම් කිරීමට පූර්ව කර්ම හෙවත් පෙර ක්‍රියා සිදු කළ යුතුය.

    *සිරුර උනුසුම් කර ඩහ ගැන්වීම,ශෝධක ඔසු කල්ක ආලේපය,ඔසු පැන් ස්නානය හෙවත් බෙහෙත් කොල තැම්බූ වතුර නෑම,ඔසු තෙල් ආලේපනය ආදිය ඉන් ප්‍රධාන වේ.

    **සිරුර උනුසුම් කර ඩහ ගැන්වීම.
    ----------------------------------------

    *මෙහිදී ඒ ඒ පුද්ගලයාගේ ශාරීරික තත්ත්වයට උචිත පරිදි සරල ශාරීරික වියායාම කීපයක් ලබා දී සිරුර උනුසුම් කර ඩහදිය පිටවීමට සැලැස්විය යුතුය.

    *එම ක්‍රියාවලියේදී සිරුර උනුසුම් වෙනවාක් මෙන්ම සිරුරේ බාහිර චර්මයේ බැදී තිබෙන මළ කොටස් හෙවත් කුනු ඉවත්වී සම්භාහනය වඩාත් පලවත් වීමට වුවමනා මූලික සැකැස්ම හෙවත් පදනම සකස් වීම සිදු වේ.

    *නිසි පරිදි ඩහදිය පිට වුවහොත් සිරුරේ සියලු රෝමකූප පිරිසිදුවී ඉන් පසුව සිදුකරන සියලු ක්‍රියා වඩාත් පහසු හා පලවත් කරයි.

    *චර්ම ශෝධක ඔසු කල්ක ආලේපය.
    ------------------------------------------

    *සිරුර ඩහ ගැන්වීමෙන් පසුව නිසි ආකාරව සකස් කර ගත් ඔසු කල්කයක් සිරුරේ ආලේප කළ හැකිය,ඒ සදා ඔසු යොදා ගත හැකි ඔසු වර්ග බොහෝ.පොදුවේ සුදුසු කිහිපයක් පහත දක්වනු ලැබේ.

    *අරළු,කොකුම් පොතු,වෙනිවැල්,සුදු හදුන්,කහ,කොහොඹ කොල,සියඹලා කොල,සියඹලා බොර,කෝමාරිකා.

    *ආලේපයක්.
    ----------------

    *අරළු කොටස්-4,
    *කොකුම් පොතු කොටස්-3,
    *වෙනිවැල් කොටස්-2,
    *සුදු හදුන් කොටස්-1 යොදා කුඩක් සාදා එය පිරිසිදු ජලයෙන් කල්කයක් ලෙස සකසා ගෙන පාවිච් කිරීම සුදුසුය.එය සිරුරේ ආලේප කර වේලෙන්නට හැර හෙවත් සිරුරට උරා ගන්නට හැර ඉන් පසුව ඔසු පැන් ස්නානය කළ යුතුය.

    *ඔසු පැන් ස්නානය.
    -----------------------

    *ඉහතින් දැක්වූ පරිදි ඔසු කල්ක ආලේප කිරීමෙන් පසුව සුදුසු ඔසු පත්‍ර යොදා සකසා ගත් ඔසු පැනකින් ස්නානය කළ යුතුය.

    *ඒ සදහා යොදා ගත හැකි කොල වර්ග කීපයක්ම වේ.

    *පොදුවේ යොදා ගත හැකි කොල වර්ග.
    ---------------------------------------------

    *කොහොඹ කොල,බෙහෙත් අනෝදා කොල,සියඹලා කොල,නිදි කුම්බා කොල,අඹ කොල,පේර කොල,ගොනු කෑ වැල් කොල,පාවට්ටා කොල,බෙලි කොල,දොඩම් කොල,යකි නාරම් කොල,නස්නාරම් කොල,දිවුල් කොල,දෙහි කොල,රසකිද කොල,නික කොල,නුග කොල,දෙලුම් කොල,ඇත් දෙඹට කොල,දොඹ කොල,බෙහෙත් එඩරු කොල,හීං බෝවිටියා කොල ආදිය පොදුවේ එකක් හෝ කීපයක් ලෙස යොදා ගත හැකිය.

    *මෙසේ ඔසු පැන් ස්නානයෙන් සිරුරේ බාහිරින් පවතින චර්ම රෝග් ඇතුලු බොහෝ දොස් සමනය වී සිරුර ප්‍රාණවත් කරයි,දාහය සමනය කර උනුසුම් සිරුරු සිසිල් කරයි.

    *සිරුර ඇතුළට උරා ගන්නා ඔසු මගින් සිරුර තුළ දෝෂ සමනය කරයි.

    *එක් එක් රෝග තත්ත්ව සදහා විශේෂිත කොල වර්ග වට්ටෝරු තිබෙන නමුත් පොදුවේ ඉහත දැක් වූ කොල වර්ග කාටත් යොදා ගත හැකිය.

    *මෙසේ ඔසු පැන් ස්නානය මින් පසුව යෙදෙන තෙල් ආලේපන සම්භාහනය වඩාත් පලවත් කරයි.

    *තද පීණස් හා ඇදුම රෝගීන් මෙන්මැ තද සෙම් අමාරු කාරයින්ද ඔසු පැන් ස්නානයේදී වෙද උපදෙස් අනුවම සියලු තීරණ ගත යුතුය.

    *තෙල් සහිත සම්භාහනය.
    ------------------------------

    *මෙහිදී සිදු කළ යුතු වන්නේ ඒ ඒ රෝග තත්ත්ව හා රෝගීන්ගේ තත්ත්වයට වඩාත් උචිත බෙහෙත් තෙල් වර්ගයක් යොදා ගෙන අදාළ නිලස්ථාන හෙවත් මර්මස්ථාන වෙද ශිල්පීය ක්‍රමය අනුව නිසි පරිදි උත්තේජනය කරමින් නිසි පීඩය යොදමින් සම්භාහනය කිරීමයි.එය විශේෂ රෝග පීඩාවක් නැති අයට වුවත් කළ හැකියැ නමුත් නිසි ශිල්පය නොදත් උදවිය විසින් මෙම සම්භාහන ප්‍රතිකර්මය සිදු කිරීම ඉතා අහිතකර ප්‍රතීපාක ඇති කරන බවද දැඩි සේ සිහි තබා ගත යුතුය.

    *නිසි සම්භාහනය ඇති රෝග නැති කරයි-අනිසි සම්භාහනය නැති රෝග ඇති කරයි.

    *අනිසි සම්භාහනය.
    ------------------------

    *ඉහතින්ද පෙන්වූ පරිදි සම්භාහනය වනාහී සිරුරේ මර්මස්ථාන හා දෝෂ පිළිබදව මනා වැටහීමක් ඇතිව ඒ දොස් සමනය කිරීමේ ශිල්ප ක්‍රම මනාව හදාරා නිසි පළපුරුදක් ඇතිව කළ යුතු කාර්යයකි,එසේ නොමැතිව අතට අහුවෙන අහුවෙන දේ මිරිකමින් හා තලමින් "ලොක්කා මැටි තලන්නාක් මෙන්" හෝ "බක්කරේ පිටි අනන්නාක් මෙන් අඩ නිරුවතින් මස් විකිණීම නිසි සම්භාහනය නොවේ.අනිසි සම්භාහනයෙන් සිරුරේ ස්නායු පද්ධතිය දුර්වලවී අංශභාග තත්ත්ව පවා ඇතිවිය හැකිය.හිසේ මර්ම වැරැදියට තෙරපුව හොත් උග්‍ර මානසික රෝඅ පවා ඇතිවිය හැකිය කොටින්ම ඉන් නැති රෝග ඇති කෙරේ ඇති රෝග වැඩි කෙරේ.

    *නිසි සම්භාහනයේදී යොදා ගත හැකි තෙල් වර්ග.
    ====================================

    *සම්භාහනය කරන්නේ යම් නිශ්චිත රෝග තත්ත්වයකට නම් ඒ රෝගයට අදාළ බෙහෙත් තෙලක් යොදා ගත හැකිය.එසේ නොමැතිව පොදු සම්භාහනයක් නම් වෙනත් සුදුසු සරල සැහැල්ලු තෙලක් යොදා ගත හැකිය.

    *සුදුසු බෙහෙත් තෙල්.
    --------------------------

    *සිද්ධාර්ථ,නාරායන,වාත විදුරංග,සන්නි කෝල,අංගං රාජ,නීල්යාදී,නීලකාදී,පිණ්ඩ ආදී තෙල් වර්ග ඒ ඒ රෝගියාගේ දෝෂ තත්ත්ව අනුව යොදා ගත හැකිය.

    *වෙනත් තෙල්.
    ------------------

    *තල තෙල්,තැඹිලි තෙල්,පිරිසිදු පොල් තෙල් වුවද මදක් රත් කර යොදා ගත හැකිය.වුවමනා නම් එම තෙල් වලට සොබාවික සුගන්ධ කාරකයක් මුසු කර ගත හැකිය.

    *මෙසේ තෙල් යොදා සම්භාහනයෙන් පසුව සිරුර නිවෙන්න හැර මද උණුසුම් බෙහෙත් කොල තැම්බූ ජලයකින් නැවත ස්නානය වඩා යහපති.

    *ප‍්‍රධාන කර්ම.
    ============

    *ප‍්‍රධාන කර්ම යටතට චිකිත්සා ක‍්‍රම පහක් අයත් වෙනවා.

    *පංචකර්ම ලෙස හැඳින්වෙන්නේ එම ක‍්‍රම පහයි.

    *නස්‍ය කර්ම , වමන කර්ම, විරේචන කර්ම, වස්ති කර්ම සහ රක්ත මෝක්‍ෂණ කර්ම.
    .
    *නස්‍ය කර්ම.
    -----------------

    *නස්‍ය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ හිස ආශි‍්‍රත ප‍්‍රදේශයේ පවතින්නා වු දෝෂ බැහැර කිරීමයි. නස්‍ය කිරීම ඉතා පරීක්‍ෂාකාරීව සහ නිවැරදිව කළ යුතුයි.

    *නස්‍ය කර්ම යනු මුඛය නාසය සහ හිස අාශ්‍රිත එක් රැස් වී අැති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා නාසය තුලට යම් යම් ඔෟෂධ වර්ග අැතුලත් කිරීමේ ප්‍රතිකාර ක්‍රමයකි.

    *ඉරුවාරදය අකලට හිස කෙස් වැටීම පීනස අාදී රෝගි තත්ව සඳහා මේ නස්‍ය කර්මය සිදු කරන්න පුලුවන්.

    *නස්‍ය කිරීමෙන් හිසේ හටගන්නා වු බොහෝ රෝග සුවකර ගත හැකියි.

    *අපගේ හිස ආශි‍්‍රතව විශාල ස්වෝතස් ප‍්‍රමාණයක් තිබෙනවා. රුධිර නාල, ස්නායු අධික ලෙස හිස ආශි‍්‍රතව පිහිටන අතර කන් සිඳුරු, නාස් සිඳුරු, ඇස්, මුඛය සහ මොළය පිහිටන්නේත් හිස ආශ‍්‍රිතවයි.

    *මෙම ප‍්‍රදේශය ඉක්මනින් දූෂ්‍ය විය හැකියි.

    *නස්‍ය කර්මය සඳහා ගනු ලබන ඖෂධ , නස්‍ය කර්මය කරනු ලබන ආකාරය ඒ ඒ රෝගියාගේ රෝග තත්ත්වය, ශරීර ස්වභාවය අනුව වෙනස් වෙනවා.

    *මුඛය ආශි‍්‍රතව නාසය ආශි‍්‍රතව විශේෂයෙන්ම කන් ඇසීම සම්බන්ධව ඇතිවන රෝග,නින්ද නොයාම,ඉරුවාරදය,අකලට හිස කෙස් පැසීම,හිස් කෙස් වැටීම,පීනස වැනි රෝගාබාධයන්ගෙන් මිදීමට සහ වැළැකී සිටීමට නස්‍ය කර්මය උපකාරී වෙනවා.

    *එසේම සමේ ඇතිවන වෙනස්කම් සම දුර්වර්ණ වීම,(යම් ආසාදන තත්ත්වයන් වැනි)ආදියත් නස්‍ය කර්ම මගින් සුව කර ගත හැකියි. වළක්වා ගත හැකියි. හොඳින් පෙනෙන, හොඳින් ඇසෙන , හොඳින් ගඳ සුවඳ දැනෙන තත්ත්වයක් ඇති කර ගැනීමට නස්‍ය කර්මය උපකාරී වෙනවා.

    *වමන කර්ම.
    ----------------

    *වමන කර්මය සිදු කරන්නේ විශේෂයෙන් උරස් කුහරය සහ ඒ අාශ්‍රිත රෝග විශේෂයෙන්ම අපද්‍රව්‍ය සහ දූෂ්‍ය කොටස් බැහැර කිරීමයි.

    *ශරීරය තුළට ඖෂධ ලබාදීමෙන් වමනය කරවීමට සැලැස්වීම මෙහිදී සිදුවෙයි. ශරීරයට අහිතකර ආහාරයක් හෝ විසක් ඇතුළු වූ විට කඩිනමින් සිදුකළ හැකි වන්නේ වමනය කරවීමයි.

    *එමෙන්ම දේශීය හෝ ආයුර්වේද ප්‍රතිකාර කිරීමට පෙර ඒ සඳහා රෝගියාගේ ශරීරය සුදානම් කිරීමටද වෙද නිර්දේශය මත වමන කර්මය සිදු කල හැකිය.

    *නමුත් වමන කර්මය කුඩා දරුවන්ට ගර්භනී මව්වරුන්ට හෘද රෝග අැති පුද්ගලයන්ට සහ අධිරුධිර පීඩනය අැති පුද්ගලයන්ට සුදුසු වන්නෙ නැහැ.

    *මෙයින් බලාපොරොත්තු වන්නේ අපගේ ශරීරයේ උරස් කුහරයේ ඇති දූෂිත සෙම සහ වෙනත් අපද්‍රව්‍ය බැහැර කිරීමයි.

    *වමන කර්මයක් කිරීමට සූදානම් වීමේදීත් “ පූර්ව කර්ම “ කළ යුතුයි.

    *එසේම වමන කර්ම කිරීමට පෙර රෝගියාගේ ශරීරයේ සෙම වර්ධනය කළ යුතුයි.

    *වර්තමානයේ දී එක් දිනකින් වමන කර්මය කළත් එයින් නිවැරදි ප‍්‍රතිඵල ලැබෙන්නේ නෑ.

    *වමන කර්මය සඳහා රෝගියා නේවාසිකව දින 7 ක් තබාගෙන සෙම වඩන ආහාර දිය යුතුයි.

    *වමන කර්මය මගින් ශරීරයේ දෝෂ රැසක්ම පහව යනවා.වමන කර්මය සෑම පුද්ගලයකුටම සුදුසු වන්නේ නෑ.

    *වයස්ගත උදවිය, කුඩා ළමයින් ගර්භනී මව්වරුන් සහ හෘදරෝග අධිරුධිර පීඩනය වැනි රෝගාබාධ වලින් පෙළෙන අය සඳහා වමන කර්මය සුදුසු වන්නේ නෑ.

    *වමන කර්මයක් මගින් අපගේ ශරීරයට ප‍්‍රතිලාභ රැසක්ම ලබාගත හැකියි.

    *උරස් කුහරය තුළ තිබෙන අක්මාව,ප්ලීහාව,අග්න්‍යාසය,පෙනහලු , හෘදය වැනි ශරීරයේ ප‍්‍රධාන අවයවයන් ශක්තිමත් වීමට වමන කර්මය උපකාර වෙනවා.

    *විශේෂයෙන්ම පෙනහලුවල තිබෙන දූෂිත කොටස් මේ මගින් බැහැර වෙනවා. සමේ ඇති දූෂිත ද්‍රව්‍ය බැහැර වී දීප්තිමත් සමක් ඇතිවීමට ද වමන කර්මය උපකාරී වෙනවා.

    *විරේචන කර්ම.
    --------------------

    *බීමට ඖෂධ ලබා දී විරේක කරවීමයි. නැතිනම් මළ පිට කරවීමයි. කුඩා අන්ත්රුය, මහ අන්ත්රනයේ ඇති අනවශ්යක ආහාර කොටස් ඉවත් කිරිම, මළපහ කිරීමට අසීරු රෝගීන්ට ඖෂධ මඟින් මළපහ කරවීම මෙමඟින් සිදු වේ.

    *මෙයින් බලාපොරොත්තු වන්නේ උදරයේ ඉහළ ප‍්‍රදේශය ආශි‍්‍රතව තිබෙන දූෂ්‍ය කොටස් බැහැර කිරීමයි.

    *විරේචන කර්මය සිදු කරන්නේ උදර කුහරයේ එක් රැස් වී අැති අපද්‍රව්‍ය සහ දූෂිත ද්‍රව්‍ය ඉවත් කර ශරීරය ශෝධනයට ලක් කරන්න.අාහාර ජීරණය සහා අාහාර ද්‍රව්‍ය අවශෝෂනය ක්‍රමවත් කිරීමට විරේචන කර්මය ඉතා ප්‍රයෝජනවත්.

    *මෙහිදී විශේෂයෙන්ම කුඩා සහ මහ අනුත‍්‍රවල තිබෙන අපද්‍රව්‍ය බැහැර වෙනවා.

    *හොඳින් ආහාර ජීර්ණයවීමට සහ අවශෝෂණය කර ගැනීමට ශරීරය සකස් කර ගැනීම සඳහා විරේචන කර්මය ඉතා ප‍්‍රයෝජනවත්.

    *වස්ති කර්ම.
    ----------------

    *වස්ති කර්ම වලදී ගුද මාර්ගයට ඔෟෂධ වර්ග අැතුලු කිරීම මගින් ගුද මාර්ගය අාශ්‍රිතව අැති අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදුකරනවා.

    *ඒ වගේම මුලු ශරීරයම උද්දීපනය කිරීමේ හැකියාවක් වස්ති කර්ම වලට තියෙනවා.

    *ඒ නිසාම ස්නායු රෝගීන්ට අංශබාග රෝගීන්ට වස්ති කර්ම සිදු කරනවා.මුත්‍ර මාර්ගය අාශ්‍රිතව අවහිරතා අැත්නම් ඔෟෂධ වර්ග මුත්‍ර මාර්ගට අැතුලු කර ප්‍රතිකාර කිරීමේ විශේෂ වස්ති ක්‍රමයක්ද පවතිනවා.

    *ඒ සඳහා ගුද මාර්ගයෙන් යම් යම් ඖෂධ ශරීරයට ඇතුළු කරනවා. එමගින් ශරීරයේ එම ප‍්‍රදේශයේ තිබෙන දෝෂ බැහැර කරගත හැකියි.

    *අංශභාග රෝගීන් සඳහාත් ස්නායු ආබාධ සහිත රෝගීන් සඳහාත් වස්ති කර්ම වලින් හොඳ ප‍්‍රතිඵල ලබාගත හැකියි.

    *මුළු ශරීරය උද්දීපනය කිරීමේ හැකියාවක් වස්ති කර්ම සතුයි. සමේ හටගන්නා කුෂ්ට,වන,දද වැනි රෝග සුවපත් කොට දීප්තිමත් සමක් අැති කිරීමේ හැකියාවක් ද වස්ති කර්ම වලට තියෙනවා.

    .*රක්තමෝක්ෂණ කර්ම.
    -------------------------------

    *පංචකර්ම වල අවසාන කර්මය රක්තමෝක්ෂණයයි.

    *මෙහෙදී සිරුරේ අැති අපවිත්‍ර රුධිරය ඉවත් කිරීමක් සිදුවෙනවා.

    *මේ සඳහා විවිධ ක්‍රම භාවිතා කළත් වර්තමානය වන විට බහුලම සහ ප්‍රසිද්ධම ක්‍රමය වන්නේ කූඩැල්ලන් යොදාගෙන සිදු කරන ලබන රක්තමෝක්ෂණයයි.

    *පශ්චාත් කර්ම.
    =============

    *ප්‍රධාන කර්ම වන පංච කර්ම එකක් හෝ කිහිපයක් සිදු කිරීමෙන් අනතුරුව රෝගියාට පශ්චාත් කර්ම සිදු කරනවා.

    *මෙහෙදි සිදු කරන්නේ අාහාර විහරණ මගින් රෝගියාව මුල් තත්වයය පත් කිරීමයි.එහිදී කැඳ වැනි සරල අාහාර ලබා දෙමින් රෝගියාව ක්‍රමක්‍රමයෙන් පුරුදු අහාර රටාවට ගෙන එනවා.

    *පංචකර්ම ප්‍රතිකාර ක්‍රම.
    ===================

    *කේරලීය පංචකර්ම නමින් හැඳින්වෙන ප්‍රතිකාර ක්‍රමයක්‌ද පවතිනවා.

    *එයට ශිරෝධාරා (හිසට තෙල් වැක්‌ කිරීම),පිචිඡිල්(තෙල් නෑවීම),ඥවර කිඡි(ඖෂධීමය කිරිබත් පෙට්‌ටනිවලින් තැවීම),අන්නාලේප(ඖෂධීමය කිරිබත් ඇඟේ ගෑම)සහ ශිරෝලේප (ඖෂධ හිසේ ආලේප කිරීම) අයත්ය.

    *මීට අමතරව ක්‍ෂුද්‍ර කර්ම නමින් හැඳින්වෙන ප්‍රතිකාර ක්‍රමද භාවිත වේ. මෙම ක්‍රමවලින් බොහෝ ආබාධවලට ඉක්‌මන් වූත් හොඳින් දැනෙන සුවතාවක්‌ සහනයක්‌ ලබාගත හැකියි.

    *විශේෂයෙන්ම පංචකර්ම ප්‍රතිකාර ලබාගන්නා විට පළපුරුදු හොඳ දැනුමක්‌ ඇති දක්‍ෂ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත්.

    *මන්ද පංචකර්ම ප්‍රතිකාර යෙදීමේදී අඩු ලුහුඬු හා වරදීම් ඇති වුවහොත් බොහෝ අතුරු ආබාධ ඇතිවිය හැකි නිසයි.

    *මේ සුවිශේෂි චිකිත්සා ක්‍රමයේ විශේෂ කරුණු තමයි සෑම රෝගියෙක්ටම මේ පංචකර්ම සියල්ලම සිදු කළ යුතු නැහැ.

    *ඒ ඒ රෝගියාට අදාල පංචකර්ම වර්ගය තීරණය කළ යුතු වන්නේ පළපුරුදු වෙෙද්‍යවරයෙක් විසින්ම පමණි.

    *මේ චිකිත්සාව එක් දිනකින් නිම කල හැක්කක් නෙමෙයි.ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය වන නිසා රෝගියාගේ මෙන්ම වෙෙද්‍යවරයාගේත් ඉවසීම චිකිත්සාව සාර්ථකව නිම කිරීමට අත්‍යවශ්‍ය වෙනවා.


    Yasathilaka Wayidyarathna Bandara
     
    • Like
    Reactions: PHBhagya and XibitZ

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    ලෝකයේ ගොඩක් රට වල කැරට් තෙල් කැප්සුල් ගන්න තියනවා.මමත් බලන්න බිලා තියනවා කාලෙකට ඉස්සර.අපේ අක්කලා නංගිලා සුදු වෙන්න එක එක කෙමිකල් ක්‍රීම් වර්ග කැප්සුල් වර්ග ගාන බොන වෙලාවේ බොමුද ගෙදර හදපු කැරට් තෙල් ටිකක්??
    සුදු පැහැපත් නිරෝගී සමක් හදා ගමුද සබාවික විදිහට අඩු වියදමින් 😍😍


    40187741_2188650161419262_3456138141319036928_n.jpg


    කැරට් යනු සොබාදහමේ අපූර්වතම දායාදයකි. vitamin A බහුල එළවළුවක් වන කැරට් සම පැහැපත් වීමට හා නීරෝගී වීමට දායක වේ. මේ කැරට් තෙල් තේ හැන්දක් පානය කිරීමෙන් අත්වන වාසි කිහිපයකි.
    01. කුරුළෑ සඳහා ප්‍රතිකාරයකි
    කැරට් වල ඇති vitamin A කුරුළෑ සඳහා හොඳ ප්‍රතිකාරයකි. ශරීරයේ විෂ ඉවත් කරවයි.

    02. හිසකෙස් වර්ධනය කරයි
    හිසකෙස් වලට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් වන Vitamin C හා E අන්තර්ගත කැරට් හිසකෙස් පැසීම වළක්වනවා සේම රැධිර සංසරණය ක්‍රමවත් වීමටද උපකාරී වේ.


    03. ශරීරයේ උෂ්ණාධික ස්වභාවය අඩු කරයි
    කැරට් වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ මඟින් ශරීරයේ ඇති උෂ්ණ ස්වභාවය නිසා හටගන්නා රෝගයන් වන දැවිල්ල, තුවාල හා කුෂ්ඨ සුව කර දේ.

    04. සමේ තෙතමනය රැක දේ
    සම වියළීම සිදුවන්නේ පොටෑසියම් අඩු වූ විටයි. කැරට් සහ ඔලිව තෙල් මඟින් පොටෑසියම් ලැබෙන බැවින් එය සමේ තෙතමනය නැවත ලබා දේ.


    05. සම රැළි වැටීම වළකාලයි
    කැරට් තෙල් ඔලිව තෙල් සමේ ඇදෙනසුළු බව රැකදෙමින් සම එල්ලා වැටීම හා රැළි වැටීම යන වයස්ගත වීමේ දී ඇති වන තත්වයන් අවම කර දේ.

    06. වයස්ගත වීම ප්‍රමාද කරයි.
    කැරට් වල ඇති beta carotenoids මඟින් සෛල මිය යාම අවම කොට වයස්ගත වීමේ ක්‍රියාවලිය ප්‍රමාද කර දේ.

    07. හිරු කිරණින් වන පිළිස්සීම් අවම කරවයි
    කැරට් වල ඇති beta carotenoids මඟින් හිරු කිරණින් වන පිළිස්සීම් සුව කර දේ.

    කැරට් තෙල් වර්ග දෙකක් තියනවා එකක් ඇගේ ගාන්න එකක් බොන්න.ඇගේ ගාන තෙල් එක හදන්නේ පොල් තෙල් වලින්.අනිත් එකට extra වර්ජින් ඔලිව තෙල් අවශ්‍යයි

    මුලින්ම පිටින් ආලේප කරන කරත කැරට් තෙල් හදමු 😍

    කාන්තාවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ශරීරයේ සම එක එක පාටින් යුක්ත වීම.
    මුහුණ එක පාටක්. දෙඅතේ සමේ පාට තව එකක්. කකුල් වල පාට වෙනමම එකක්. මුළු ඇඟම එකම පාටකින් තියෙනවානම් තමයි අපි කැමති.
    එහෙම කරගන්න මොකද කරන්න ඕනේ? වෙළඳපොලේ තියෙන මිල අධික ආලේපන ගන්න හැම කෙනෙක්ටම බෑ.

    ඒ වගේම ඒවායේ ප්‍රතිපල තියෙන්නේ ආලේපනය පාවිච්චි කරනකල් විතරයි.
    මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නයි යන්නේ. විශේෂත්වය තමයි නිවසේදීම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ආලේපනයක් වීම.
    අවශ්‍ය ද්‍රව‍ය
    1. හොඳින් එහා මෙහා පෙනෙන වීදුරු බෝතලයක්.(ජෑම් බෝතලයක්)
    2. කැරට් අලයක්
    3. පිරිසිඳු පොල්තෙල්
    වතුර පාටට තියෙන පොල් තෙල් හොයාගන්න. සුපිරි වෙළඳසැල් වල නම් තියෙනවා. ඔබට ගෙදරදීම පිරිසිඳු පොල්තෙල් පෙරා ගන්න පුළුවන් කමක් තියෙනවා නම් එකත් හොඳයි. වීදුරු බෝතලය හොඳින් හෝදලා වරුවක් විතර අව්වේ වේලා ගන්න.
    පස්සේ මේ බෝතලයට පිරිසිඳු පොල් තෙල් දාන්න. කැරට් අලය පෙති කපලා මේ තෙල් එකට දාන්න.

    40226653_2188650191419259_4040649715329531904_n.jpg


    කැරට් අල දාපු තෙල් බෝතලය මුඩියෙන් වහලා, දවස් 5ක් හොඳට හිරු රශ්මියට නිරාවරණය වෙන තැනක තියන්න. හොඳින් එහා මෙහා පෙනෙන වීදුරු බෝතලයක් ගන්න කියන්නේ හිරු එළිය හොඳින් පරාවර්ථනය වෙන්නයි.
    මේ විදිහට දවස් 5ක් අව්වේ තියාගත්තු තෙල් බෝතලේ කැරට් ඉවත් කරන්න. දැන් එය පාවිච්චියට ගන්න පුළුවන්. හැමදාම රෑට නිදා ගන්න කලින් හොඳින් ඇඟ සෝදලා, මේ ආලේපනය ශරීරයේ ගලවන්න. ටික කාලයක් මේක පාවිච්චි කරනකොට ඔබටම වෙනස වැටහේවි. හම පැහැපත් වෙනවා.සම ශක්තිමත් වෙනවා .

    සමේ තෙතමනය රැකෙනවා. මුළු ශරීරයම එකම පාටකින් තියාගන්න පුළුවන් වෙනවා.

    කැප්සුල් විදිහට තියන කැරට් තෙල් හදමු

    කැරට් 1kg
    ඔලිව තෙල් 1lt

    මුලින්ම කැරට් ටික හොදින් සෝදලා තෙත මාත්තු කර ගන්න.පසුව හීනියට ග්‍රේට් කර ගන්න. අඩුම ගින්දරේ බාජනයක් ලිප තබා ඔලිව තෙල් රත් කරන්න. එය රත් වීගෙන එන විට ග්‍රේට් කරපු කැරට් එකතු කරලා ඉතාම අඩු ගින්දරේ පැයක් විතර රත් කර ගන්න හොදින් පොඩි කර තව විනාඩි 10ක් තබා බාන්න. පසුව මෙය නිමෙන්න තබා පිරිසිදු රෙදි කඩකින් පෙරා ගන්න.පසුව විදුරු බෝතලයකට දමා පාවිච්චියට ගන්න

    දිනපතා රාත්‍රියට තේ හැන්දක් නින්දට කලින් ගන්න.

    ගැබිණි මවුවරුන්ට කිරි දෙන මවුවරුන්ට ඉතා ඉහල ප්‍රථිපල අත් විදීමට පුළුවනි .

    ප්‍රථිපල ඔබව පුදුමයට පත් කරයි 😍


    නේරංජනා කස්තුරිආරච්චි
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    ආටා පිටි

    මුලින්ම බලමු ආටා පිටි කියන්නේ මෙනාවාද කියලා. ආටා පිටි කියන්නෙත් තිරිගු පිටිමයි. නමුත් මේවා නිවුඩු ඇර පිරිසිදු කල ඒවා නොවෙයි. මේ නිසා නිවුඩු හාල් වල ගුණය වැඩියි වගේම මේවාගේ ගුණය පාන් පිටි කියන පිරිපහදු කල තිරිගු පිටි වලට වඩා වැඩියි. නිවුඩ්ඩ තියෙන නිසා ෆයිබරි ප්‍රමාණයත් වැඩියි. ඒ වගේම පාන් පිටි වලට වඩා විටමින් මිනරල් ප්‍රමාණයත් වැඩයි. මේ හේතු නිසා පාන් පිටි වලට වඩා ආටා පිටි ගුණදායක බව පිලිගත යුතුය.

    ගුණදායකත්වය කෙසේ වුවත් අදාල පිටි වර්ග දෙකේම ඇති ග්ලූටන් ප්‍රිතිශතය නම් සමානය. නිවුඩ්ඩ නිසා ග්ලූටන් 1% පමණ ප්‍රතිශතයක් ආටා පිටි වල සාපේක්ෂව අඩුය. ග්ලූටන් යනු අපව ලෙඩකරවන ප්‍රධානම රෝග කාරකයක් බව මම මීට පෙර ලිපි වලින් කිය සිටියා. මේ නිසා මා ඒගැන මෙහි සඳහන් කරන්නේ නැහැ. අදාල ලිපියේ සේලියැක් ඩිසීස් ගැනද සඳහන් කර තිබුනා මට මතක හැටියට. මෙම රෝගයට හේතුව තමයි ග්ලූටන් කියන්නේ. නැතිව ග්ලූටන් සහිත ආහාර මෙම රෝගය ඇති අයට කන්නට හොඳ නැහැ කියන එක නෙවෙයි. මෙය දෙකක් බව වටහා ගන්න.

    එක්කො මම ඒ ගැනත් මෙතනම ලියන්නම්. නැත්නම් පෝස්ට් එක හොය හොයා ඉන්න එපැයි නේද?

    ග්ලූටන් කියන්නේ ප්‍රෝටීන් එකක්. මේ ප්‍රෝටීන් එක අපගේ ආමාශයේ ඇති ආම්ලික තාවයයෙන් බිඳ දමන්නට බැහැ. ඉතින් ඒ ප්‍රෝටීන ඇමයිනෝ අම්ල ලෙසට නොව විශාල දාමක් ලෙසට කුඩා බඩවැල් වලට ඇතුල් වෙනවා. ග්ලූ කියන්නේ ගම්. ඒ වගේමයි මේ ග්ලූටන්. ග්ලූටන් නැති පිටි වර්ගයකින් පාප්ප හදන්න පරාටා වගේ ඇදෙන සුළු ආහාර වර්ග හදන්න බැහැ. පාන් පිටි වලින් 14% ක් ම තියෙන්නේ ග්ලූටන්. ඔබ පාන් පිටි ග්‍රෑම් 100 ක් ගෙන රොටී හදන්න ගන්න ඩෝ එකක් වගේ අනලා පැත්තකින් තියලා පැයකින් විතර වතුර පයිප්පයට අල්ලලා බෝල් එකක දාලා හෝදන්න. අවසානයේ පිටි ටික සේදිලා පොඩි ගුලියක් ඉතිරි වෙනවා. මේක තමයි ග්ලූටන් . මේවා වතුරෙන් දියකරන්නට බැහැ. වෙනකක් තියා ඉතාමත් සාන්ද්‍ර මාද්‍යයක් වන ආමාශයික යුෂයේද මේවා දියකරන්නට බැහැ. ඒ වගේම මෙම ග්ලූටන් ගෑවෙන ගෑවෙන තැන ඇලෙනවා. ආමාශයෙන් පහලට යන ග්ලූටන් වලට කුඩාන්ත්‍රයට ඇතුලු වන විට හමුවන්නේ අංගුලිකා. අංගුලිකා වලින් තමයි අපි ගන්නා ආහාර ජීරණයෙන් පසු අවශෝෂනය වන්නේ. ඉතිං අංගුලිකා මේ ජීරණය නොවූ ප්‍රෝටීනයද අවශෝෂණය කරන්නට වෙර දරනවා. මේ නිසාම මේ ඇලෙන සුලු ග්ලූටන් අර අංගුලිකා වල ඇලනෙවා. එසේ ඇලිලා කැඩියා යනවා. මෙසේ කැඩිලා ගිය තැන් වල අංගුලිකා අඩුයි. මෙය කැමරාවක් යොදාගෙන බැලුවොත් අංගුලිකා නැති ස්ථාන කුඩා බඩවැල තුල දැකිය හැකියි. මෙය රෝගයක් ලෙස සලකනවා. එම රෝගයට තමයි සේලියැක් කියලා කියන්නේ. මේසේ ඇති අයට ග්ලූටන් සහිත ආහාර වලින් මිදෙන ලෙසට උපදෙස් ලැබනෙවා.

    දැන් ඔබගේ ණුවනින් විමසා බලන්න අපි අස්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන්න ඕනිද නැතිනම් අශ්වයා ඉන්න වෙලාවෙම ඉස්තාලය වහලා දානවාද කියලා.

    ආටා පිටි වලත් 13%ක් විතර ග්ලූටන් තියෙනවා. ඉතිං ආටා පිටි කෑවා කියලා වෙනසක් නැහැ. නමුත් ආටා පිටි වල ග්ලියිසිමික් ඉන්ඩෙක්ස් එක නම් පාන් පිටි වලට වඩා අඩුයි. ඉතිං මේ නිසා පාන් පිටි නොකා ආටාපිටි කනවා. දියවැඩියාව පාලනය කරගන්නට හොඳ ක්‍රමයක් වගේ පෙනුනට වෙනත් ලෙඩ ගොඩක ආරම්භයක්. දියවැඩියාවට හේතුව කතා කලාම මේ ගැන සිතා ගන්නට හැකියි. ඒ ගැනත් මම කතා කලා මට මතක හැටියට. පොඩ්ඩක් බලන්න. ක්රෝමියම්, වැනේඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නිසීයම්. සින්ක් වැන් මිනරල් කිහිපයක් අඩු වීම තමයි දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇතිවීමට හේතුව. ඉතිං ග්ලූටන් වලින් කරන්නේ පෝෂණය අවශෝෂණය කරගන්නට තියෙන අංගුලිකා විනාශ කරලා දානවා නම් අර කියපු පෝෂණ කොටස් අවශෝෂනය කරන්නට තියෙන දොරවල් නේද වහලා දාන්නේ. මේ කියපු පෝෂ්‍ය කොටස් දෛනිකව ලබා දුන්නා නම් දෙවැනි වර්ගයේ දියවැඩියාව සුව වන බව මා අත්දැක තිබෙනවා. කරන්නට ඇත්තේ ආහාර ටික හදාගන්න එක විතරයි. නමුත් දැන් කියන්නේ කන්න එපා කියන එක විතරයි. කන්න අවශ්‍ය ටික කියන්නේ නැහැ. මේ නිසාම මෙම රෝගය සුව කරන්නට නොහැකි සාදාකාලික රෝගයක්. නැවත නැවත සිතන්න. යමක් වැටහේවි.

    දැන් බලමු කුරක්කන් ගැන. කුරක් කන් වල ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් එක ආටා පිටි වලට වඩා වැඩියි කියන එක තමයි අදාල ලිපියේ තිබුනේ. මට වැරදිලා නම් නිවැරදි කරනු ඇතැයි සිතනවා.

    ග්ලයිසිමික් ඉනිඩෙක්ස් ( GLYCEMIC INDEX - GI ) එක කියන්නේ අපි ගන්නා කාබෝ හයිඩ්රේට් ප්‍රමාණය ග්ලූකෝස් වලට කඩා රුධිරයට එක්වන්නට ගත වන කාලය හා සම්බන්ධ මිණුම් දණ්ඩක්. ඇත්තටම කුරක්කන් වල GI එක ආටා පිටි වලට වඩා වැඩියි. මෙම සාදකය පදනම් කරගෙනම තමයි දියවැඩියාව තියෙන අයට කුරක්කන් අගුණ බව අදාල ලිපියේ දක්වා තිබුනේ. නමුත් GLYCEMIC INDEX එකට අමතරව GLYCEMIC LOAD (GL) කියලා එකකුත් තියෙනවා. GLYCEMIC LOAD කියලා කියන්නේ අදාල ආහාරයේ ඇති කාබෝහයිඩ්රේට් ප්‍රමාණයයි. මේ අගය මෙම ආහාර දෙකේ විශාල වෙනසක් තියෙනවා. ආටා පිටි වල 70% ක්ද කුරක්කන් වල 30% ක් විතරද වෙනවා. මේ දෙක ගැන ඔබගේ අවධානය යොමු කර බලන්න.

    දැන් බලන්න අපිට ආටා පිටි වලින් හදන ආහාරයක් කොපමණ ප්‍රමාණයක් අනුභව කරන්නට හැකිද කියන එක. සහ කුරක්කන් පිටි වලින් සදන ආහාරයක් අනුභව කරන්නට හැකිද යන එක. කුරක්කන් පිටි වලින් හදන ආහාර වැඩිය කන්න බැහැ නේද? මම හිතන්නේ ඔබට මේ අත්දැකීම ඇති. මේකට හේතුව තමයි අපගේ මොළය විසින් ඉල්ලන පෝෂණය ඉතාමත් අඩු ආහාර ප්‍රමාණයකින් සපුරා ලන්නට කුරක්කන් වලට හැකි වීම. අදාල අපේක්ෂිත පෝෂණය ලැබුනාම බඩගින්න කියන සංඥාව නවතිනවා. ඉතිං බඩ පිරිලා වගේ දැනෙනවා. මේ නිසා අපි ආහාරයට ගන්නා කැලරි ගාන අඩු වෙනවා. අඩු කැලරි ගණනකින් දවසකට අවශ්‍ය පෝෂණය ලබාගත හැකි හොදම ක්‍රමයක් තමයි කුරක්කන්.

    මේ සියළුම කාරණා වලින් දැක්වෙන්නේ ආටා පිටි වලට වඩා කුරක්කන් වලින් සදන ආහාර දියවැඩියා රෝගීන්ට ගුණදායක බවයි.



    Nayana Thenuwara
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    යුවතියකගේ, කාන්තාවකගේ සැබෑම වටිනාකම ඇගේ යහ පැවැත්ම මත සේම ඈ වෙතින් දිස්වන රූපාලංකාරය මත ද රැඳී ඇත. හැමදාමත් ලස්සනට, පිරිසුදුවට ඉන්නට කැමැති ඔබ ළඟින්ම හිඳ ඊට අවැසි පාර කියාදෙන අප මෙවර රුව රැක ගන්නට උපදෙස් දෙනුයේ විරල ක්‍රමයකටයි.
    එනම් විරේචන හෙවත් විරේක කිරීම ඔස්සේ රුව රැක ගන්නටයි. මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය යන්ත්‍රයකට සමානය. යන්ත්‍ර සුත්‍ර නිසි පරිදි ක්‍රියා කිරීමට නම් නිසි කලට පිරිසුදුකර අලුත්වැඩියා කළ යුතු වේ. එවිට එම යන්ත්‍ර සුත්‍රවල ආයු කාලය හා කාර්යක්ෂමතාව වර්ධනය වේ. එසේම මිනිස් සිරුර ද වරින් වර පිරිසුදුකර අලුත්වැඩියා කළ යුතුයි.

    අප මිනිස් සිරුර පිරිසුදු කරනු ලබන්නේ බාහිරව පමණි. නමුදු මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය, ආයු කාලය හා නිරෝගී බව වර්ධනයට මිනිස් සිරුර අභ්‍යන්තරව ද පිරිසුදු කළ යුතු වේ.

    පංච කර්ම නැමැති ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවේදය ඔස්සේ මිනිස් සිරුරේ අභ්‍යන්තරය මනාව පිරිසුදු කළ හැකි බව ඔබ දැන සිටියාද? මේ සඳහා වමන, විරේචන, නස්‍ය, වස්ති හා රක්ක මෝක්ෂණය යනුවෙන් ප්‍රතිකාර විධි පහක් අයත් වේ. මේ අතුරින් වෛද්‍යවරයකුගේ උපදෙස් මත එහෙත් වෛද්‍යවරයකු නොමැතිව කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ විරේචන කර්මයයි.

    විරේචන ප්‍රතිකාරය සාමාන්‍ය ව්‍යවහාරයේදී විරේක කිරීම, බඩ විරේක කිරීම යනුවෙන් හඳුන්වනු ලබයි. සාමාන්‍යයෙන් කාන්තා, පිරිමි භේදයකින් තොරව සෑම අයකුම මාස හයකට වතාවක්වත් විරේක කර්මයක් කළ යුතුමය.

    සිරුරේ අප ගන්නා ආහාරපානවල නො දිරවු ඇතැම් කොටස් ශරීරයෙන් පිට නොවී ශරීරය තුළම තැන්පත්ව පවතී. විරේක කිරීමෙන් අධෝ මාර්ගයෙහි තැන්පත් වන මල කොටස් හෙවත් අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර වී යයි. එවිට සිරුරේ නාලවල අවහිරතා මඟ හැරී සිරුරේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුවේ.

    අතීතයේ සිටම ලාංකේය ජනතාව විරේක කර්මකර තම ආයු කාලය හා නිරෝගීබව වර්ධනය කරගෙන ඇත. කාන්තාවන් තම රූ සපුව ඔප් නංවා ගෙන ඇත. නමුදු තරඟකාරි විවෘත වෙළෙඳ රටාවකට හසුව ඇති මිනිසාට අද විරේක කිරීමටවත් කාලයක් නැති තරම්ය. ක්ෂණික පහසුව හා ප්‍රතිඵල පසුපස හඹා යන මිනිසා බටහිර ජාතීන් අපට හුරු කළ පණු බෙහෙත් බොති. පණු බෙහෙත් බීම නරක නැත. නමුත් පණු බෙහෙත් බීමෙන් සිදු වන්නේ මිනිස් සිරුර අභ්‍යන්තරයේ ජීවත්වන නිශ්චිත සත්ත්ව කොටසක් පමණක් විනාශ වී යෑම පමණි. එයින් අප සිරුරේ නාලවල පවතින අවහිරතා මඟ හැරී නොයයි. නමුදු විරේක කිරීමෙන් මිනිස් සිරුරේ සියලුම නාලවල පවතින අවහිරතා මඟ හැරී ගොස් ශරීරයේ සැහැල්ලු බව, නිරෝගී බව, ආහාර රුචිය, කුසගින්න, පිපාසය හොඳින් වර්ධනය වේ. පසිඳුරන් හා මනස යන මේවායේ පවිත්‍රතාව, ශාරීරික ශක්තිය, බුද්ධිය හා සිරුරේ පැහැය වර්ධනය වේ.
    විරේක කිරීම ඔස්සේ රූපලාවණ්‍ය ආරක්ෂා වන්නේ මෙලෙසිනි. අධෝ ප්‍රදේශයේ සියලු නාලවල අපද්‍රව්‍ය එක් රැස් වී පිට නොවී පැවතීමෙන් සිරුරේ පැහැය අවපැහැ වේ. ඇස් වටා කළු පැහැ වේ. සිරුරේ අවපැහැය, ඇස් වටා කළු පැහැය රූපලාවණ්‍යයට ප්‍රබලව බලපායි. සිරුරේ අපද්‍රව්‍ය එක් රැස් වී පිට නොවී පැවතීමෙන් ඇතිවන මුඛයේ හා දහදිය දුගඳ ප්‍රබල ලෙස පුද්ගල පෞරුෂත්වයට බලපාන සාධකයකි.

    විරේක කිරීමෙන් මුඛයේ හා දහදිය දුගඳ දුරු වී යයි. රූපය විරූපී කරන අධික තරබාරු බව දුරුකර ගැනීමට ද විරේක කර්ම මඟින් සහනයක් ලැබේ.

    #විරේක කිරීම නුසුදුසු අය

    උණ හා අජීර්ණ රෝගීන්ට, කුඩා ළදරුවන්ට, මහලු අයට, ශාරීරික ශක්තිය දුර්වල වූවන්ට හා ගර්භණී කාන්තාවන්ට විරේක කිරීම නුසුදුසුය.
    විරේක කර්ම කළ යුත්තේ ද අලුයම් කාලයේ දී බව ආයුර්වේද පොත්පත්වල සඳහන් වේ.

    #විරේක ඖෂධ

    * තැඹිලි ගෙඩියක් ඇස්ස කපා, එයින් තැඹිලි වතුර ස්වල්පයක් ඉතිරිකර එයට අරළු කලං 6, සුකිරි කලං 6 ක් කුඩුකර දමා තැඹිලි ගෙඩියේ ඇස්ස වසා රාත්‍රියේ පින්නේ තබා උදැසන පෙරා පානය කිරීම.

    * අරළු කලං 4, බුළු කලං 4, නෙල්ලි කලං 4 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ උදෑසන සීනි හෝ එරඬු තෙල් හෝ සහිඳ ලුණු ස්වල්පයක් දමා පානය කිරීම.

    * වෙළෙඳ පොළෙන් මිලදී ගත හැකි ත්‍රිපලා චුර්ණය, ධාත්‍රි චුර්ණය, මනිභද්‍ර චුර්ණය, සුකුමාර චුර්ණය, යන මේවායින් එක් වර්ගයක් තේ හැඳි එකක ප්‍රමාණය උණු වතුර අඬු කෝප්ප එකකට දමා විනාඩි 10 ක කාලයක් වසා තබා රාත්‍රී නින්දට පෙර පානය කිරීම.

    විරේක ඖෂධ පානයෙන් පසු සිසිල් ජලය කිසිදු විටෙකත් පානය නොකළ යුතුයි. විරේක වනවිට වරින් වර උණුසුම් ජලය පානයට දියයුතු අතර, එමඟින් විරේක ක්‍රියාවලිය පහසු වේ. විරේක වුවා ඇති යැයි සිතුණහොත් සිසිල් දිය, කෝපි, තැඹිලි පානයෙන් විරේක වීම නවතී.

    විරේක කළ දින උදෑසන ආහාර ගැනීම නුසුදුසුය. දහවල ආහාරය සඳහා කැඳ වර්ගයක් ද රාත්‍රි ආහාරය සඳහා උකු කැඳ වර්ගයක් ද ගත හැකියි. විරේක වුවාට පසු උණු ජලයෙන් අත් පා සෝදා ගැනීම, මඳ උණුසුම් පේයා ලබාදීම කළයුතු අතර තවදුරටත් විරේක වීම වැළැක්වීමට මී පැණි තේ හැන්දක් බීමට ලබා දිය යුතුයි.


    සේනක පෙරේරා
     
    • Like
    Reactions: PHBhagya