සිංහළ වෙදකම

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    ආහාර සදහා මුරුංගා කොළ(කුඩු) කල් තබා ගැනීම සහ නැණ මතක ආයු වඩන කෑම බිම.

    42947474_2210871012530510_722593402482327552_n.jpg


    මුරුංගා අතු මාසයකට සැහෙන්න කඩා ගන්න . ඉන් පසු සොදා වතුර ඉවත් විමට හොදින් ගසන්න .ඉන්පසු පත්තර පිටුවක් උඩට ලන්ච් ෂිට් අතුරා මේසයක් මත එලා මුරුංගා කොළ දමා දින 3ක් පමණ එළියේ සෙවන තැනක වියලාගන්න අවුවේ වේලාගන්න එපා .ඉන්පසු මුරුංගා කොළ ග්යින්ඩර් කර ගන්න ගයින්ඩර් කරගත් මුරුංගා කොළ පෙනේරෙයක් මගින් හලාගන්න හලාගත් මුරුංගා පවුඩර් එක ඉන්පසු බොතලයකට දමා අවශ්ය විදිහට පාවිච්චියට ගන්න

    "අෑත අතීතයේ සිටම ඇඟ දුර්වල වෙන රෝග හැදුණු පුද්ගලයන්ට කාය ශක්තිය වර්ධනය වීම සඳහාත් බහුල වශයෙන් මුරුංගා හොදි, මුරුංගා මැල්ලුම් ආදිය ආහාරයට දුන්නා. දුර්වල ශරීරයක් යථා තත්ත්වයට ගන්න මුරුංගා ආශි්‍රත ආහාර ඉතාමත්ම වැදගත්.
    ඒ වගේම තමයි අපේ ආයුර්වේදයේදී මුරුංගා හඳුන්වන්නේ සාර්ථකව ආහාර දිරවීම සිදු කරවන ඔෟෂධයක් ලෙසයි. ඒ වගේම පණු රෝගවලින් පෙළෙන අය මුරුංගා මැල්ලුම් දෙනිකව ආහාරයට ගන්නවා නම් ඒක ඉතාමත්ම ගුණදායකයි. ඒ වගේම මුත්‍රා මාර්ගය ආශි්‍රත රෝගවලට, මුත්‍රා ගල්වලට, හෘදය ආශි්‍රත රෝගවලට, මුරුංගා වෑංංජනය හෝ මැල්ලුම් දිනපතා ආහාරයට ගන්නවා නම් ඒ සෑම රෝගයකම කෙළවරක් දකින්න පුළුවන්."
    මෙයට වසර දහසකටද අෑත අතීතයක අප දේශීය වෛද්‍ය ආචාර්යවරුන් පැවැසූ දෑ අද වන විට නවීන වෛද්‍ය විද්‍යාවේ පර්යේෂණ මඟින් තහවුරු වී ඇති බව ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය අපට පැවැසුවාය. එනම් හෘදය ආශි්‍රත රෝග සහ මුත්‍රා ගල් වැනි රෝග සඳහා විසඳුම් ලැබීමට දැඩි ලෙස මුරුංගා හොදි සහ මැල්ලුම් ආහාරයට ගැනීම මඟින් හැකි බව වෛද්‍ය විද්‍යානුකූලව පවා තහවුරු වී තිබේ.
    මුරුංගා කොළ වනාහි අපට රසවත් මැල්ලුමකි. එහෙත් මැල්ලුමකට එහා ගිය ඔෟෂධය ගුණයක් මුරුංගා පත්‍රවල පවතින බව හැරපත්දෙණිය මහත්මිය පැවැසුවේ මෙසේය.
    "මුරුංගා කොළවල ප්‍රෝටීන්, විටමින් සී, විටමින් බී, බී. කැරෝටීන් (බීටා කැරොටීන්), කැල්සියම්, මැග්නීසියම්, කොපර්, යකඩ පොස්පරස්, ඛනිජ ලවණ වැනි ගුණ රාශියක් අඩංගුයි. එනිසයි මුරුංගා මැල්ලුම ඉතාමත් ගුණදායි මැල්ලුමක් කියලා අපි අනුමත කරන්නේ.
    මුරුංගා කොළ මැල්ලුම් විශේෂයෙන්ම කුඩා දරුවන්ට, ගැබිනි මවුවරුන්ට ඉතාමත්ම හොඳයි. මොකද අස්ථි වර්ධනයට අවශ්‍ය සුවිශේෂී ගුණ රැසක් මුරුංගා කොළවල පවතිනවා.
    අස්ථී රෝගවලින් පීඩා විඳින අයට වටිනා ඔෟෂධීය සුප් එකක් මුරුංගා කොළවලින් සාදා ගන්නා හැටි මම කියන්නම්. මුරුංගා කොළ ග්‍රෑම් 60ක් අරගෙන ඒකට වතුර මිලිලීටර් 200ක් දමා ඒකට ගම්මිරිස් ස්වල්පයක් ලුණු ස්වල්පයක් දෙහි ස්වල්පයක් දමා හොඳින් තම්බා පානය කරන්න. අස්ථි රෝගවලින් පෙළෙන අයට එක හොඳ වේදනා නාශක ඔෟෂධයක්.
    ඒ වගේම මුරුංගා කොළ එළඟි තෙල් සමඟ හෝ බටර් සමඟ තෙම්පරාදු කරලා ආහාරයට ගත්තත් අස්ථි රෝගවලටත් මුත්‍රා ගල් රෝගයටත්, හෘදය ආශි්‍රත රෝගවලටත් ඒක ගුණයි."
    සමාජයේ බොහෝ පුද්ගලයන්ට වැලඳී ඇති ප්‍රමුඛ පෙළේ රෝග පීඩා සඳහා මුරුංගා ඔෟෂධය භාවිතයෙන් රෝග සුවකර ගන්නා ආකාරය පිළිබඳවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.
    "ශ්‍රවණ පද්ධතිය ආශි්‍රත රෝග නිසා දුක් විඳින බොහෝ පිරිසක් අද සමාජයේ සිටිනවා. ඇදුම, කැස්ස වගේ රෝග සඳහා ඉතාමත්ම ගුණදායක ඔෟෂධයක් මුරුංගා කොළවලින් හදන හැටි මම කියන්නම්. මුලින්ම මුරුංගා කොළ අරගෙන හොඳින් වියළා ගන්න. කොළ වියළාගෙන තේ කුඩු ප්‍රමාණයට එන පරිදි කුඩු කරගන්න. ඉන්පසුව දිනපතාම තේ වෙනුවට මුරුංගා කොළ කුඩු ගොටුවට දාලා (තේ කුඩු පරිදි) තේ වගේ වත්කරගෙන බොන්න. ශ්‍රවණ පද්ධතිය ආශි්‍රතව හටගත් රෝගවලට ඒක ඉතාමත්ම ගුණදායකයි.
    ඒ වගේම තමයි ආහාර අජීර්ණය නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. මුරුංගා කොළ අමුවෙන් අරගෙන හොඳින් කොටලා මිරිකලා ගන්න. මුරුංගා කොළ ඉස්ම තේ හැඳි 2ක් සමඟ මී පැණි තේ හැන්දක් මිශ්‍ර කරලා ඒ ද්‍රාවණය තැඹිලි ගෙඩියක වතුරට මිශ්‍ර කරලා හොඳින් කලවම් කරන්න. උදේ, දවල්, හවස වන විදියට ඒ වතුර එක දිනකට තුන්වරක් පානය කරන්න. ආහාර අජීර්ණයට ඒක ඉතාමත්ම ගුණදායක ඔෟෂධීය පානයක්.
    මුරුංගා ශාකයේ ඇති ඔෟෂධීය ගුණය සේම එක් එක් ලෙඩ සඳහා මුරුංගා ඔෟෂධයක් ලෙස භාවිත කළ යුතු ආකාරය පිළිබඳවද හැරපත්දෙණිය මහත්මිය අපට පැවැසුවාය. එමඟින් ඔබට වැලඳී ඇති යම් යම් රෝග සඳහා නිවෙසේ සිටම ප්‍රතිකාර ඔෟෂධ සාදාගත හැකි ආකාරය පිළිබඳව මෙම ලිපිය කියවීම මඟින් පැහැදිලි වනු ඇත.
    "අෑත අතීතයේ සිටම ඇඟ දුර්වල වෙන රෝග හැදුණු පුද්ගලයන්ට කාය ශක්තිය වර්ධනය වීම සඳහාත් බහුල වශයෙන් මුරුංගා හොදි, මුරුංගා මැල්ලුම් ආදිය ආහාරයට දුන්නා. දුර්වල ශරීරයක් යථා තත්ත්වයට ගන්න මුරුංගා ආශි්‍රත ආහාර ඉතාමත්ම වැදගත්.
    ඒ වගේම තමයි අපේ ආයුර්වේදයේදී මුරුංගා හඳුන්වන්නේ සාර්ථකව ආහාර දිරවීම සිදු කරවන ඔෟෂධයක් ලෙසයි. ඒ වගේම පණු රෝගවලින් පෙළෙන අය මුරුංගා මැල්ලුම් දෙනිකව ආහාරයට ගන්නවා නම් ඒක ඉතාමත්ම ගුණදායකයි. ඒ වගේම මුත්‍රා මාර්ගය ආශි්‍රත රෝගවලට, මුත්‍රා ගල්වලට, හෘදය ආශි්‍රත රෝගවලට, මුරුංගා වෑංංජනය හෝ මැල්ලුම් දිනපතා ආහාරයට ගන්නවා නම් ඒ සෑම රෝගයකම කෙළවරක් දකින්න පුළුවන්."
    මෙයට වසර දහසකටද අෑත අතීතයක අප දේශීය වෛද්‍ය ආචාර්යවරුන් පැවැසූ දෑ අද වන විට නවීන වෛද්‍ය විද්‍යාවේ පර්යේෂණ මඟින් තහවුරු වී ඇති බව ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය අපට පැවැසුවාය. එනම් හෘදය ආශි්‍රත රෝග සහ මුත්‍රා ගල් වැනි රෝග සඳහා විසඳුම් ලැබීමට දැඩි ලෙස මුරුංගා හොදි සහ මැල්ලුම් ආහාරයට ගැනීම මඟින් හැකි බව වෛද්‍ය විද්‍යානුකූලව පවා තහවුරු වී තිබේ.
    මුරුංගා කොළ වනාහි අපට රසවත් මැල්ලුමකි. එහෙත් මැල්ලුමකට එහා ගිය ඔෟෂධය ගුණයක් මුරුංගා පත්‍රවල පවතින බව හැරපත්දෙණිය මහත්මිය පැවැසුවේ මෙසේය.
    "මුරුංගා කොළවල ප්‍රෝටීන්, විටමින් සී, විටමින් බී, බී. කැරෝටීන් (බීටා කැරොටීන්), කැල්සියම්, මැග්නීසියම්, කොපර්, යකඩ පොස්පරස්, ඛනිජ ලවණ වැනි ගුණ රාශියක් අඩංගුයි. එනිසයි මුරුංගා මැල්ලුම ඉතාමත් ගුණදායි මැල්ලුමක් කියලා අපි අනුමත කරන්නේ.
    මුරුංගා කොළ මැල්ලුම් විශේෂයෙන්ම කුඩා දරුවන්ට, ගැබිනි මවුවරුන්ට ඉතාමත්ම හොඳයි. මොකද අස්ථි වර්ධනයට අවශ්‍ය සුවිශේෂී ගුණ රැසක් මුරුංගා කොළවල පවතිනවා.
    අස්ථී රෝගවලින් පීඩා විඳින අයට වටිනා ඔෟෂධීය සුප් එකක් මුරුංගා කොළවලින් සාදා ගන්නා හැටි මම කියන්නම්. මුරුංගා කොළ ග්‍රෑම් 60ක් අරගෙන ඒකට වතුර මිලිලීටර් 200ක් දමා ඒකට ගම්මිරිස් ස්වල්පයක් ලුණු ස්වල්පයක් දෙහි ස්වල්පයක් දමා හොඳින් තම්බා පානය කරන්න. අස්ථි රෝගවලින් පෙළෙන අයට එක හොඳ වේදනා නාශක ඔෟෂධයක්.
    ඒ වගේම මුරුංගා කොළ එළඟි තෙල් සමඟ හෝ බටර් සමඟ තෙම්පරාදු කරලා ආහාරයට ගත්තත් අස්ථි රෝගවලටත් මුත්‍රා ගල් රෝගයටත්, හෘදය ආශි්‍රත රෝගවලටත් ඒක ගුණයි."
    සමාජයේ බොහෝ පුද්ගලයන්ට වැලඳී ඇති ප්‍රමුඛ පෙළේ රෝග පීඩා සඳහා මුරුංගා ඔෟෂධය භාවිතයෙන් රෝග සුවකර ගන්නා ආකාරය පිළිබඳවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.
    "ශ්‍රවණ පද්ධතිය ආශි්‍රත රෝග නිසා දුක් විඳින බොහෝ පිරිසක් අද සමාජයේ සිටිනවා. ඇදුම, කැස්ස වගේ රෝග සඳහා ඉතාමත්ම ගුණදායක ඔෟෂධයක් මුරුංගා කොළවලින් හදන හැටි මම කියන්නම්. මුලින්ම මුරුංගා කොළ අරගෙන හොඳින් වියළා ගන්න. කොළ වියළාගෙන තේ කුඩු ප්‍රමාණයට එන පරිදි කුඩු කරගන්න. ඉන්පසුව දිනපතාම තේ වෙනුවට මුරුංගා කොළ කුඩු ගොටුවට දාලා (තේ කුඩු පරිදි) තේ වගේ වත්කරගෙන බොන්න. ශ්‍රවණ පද්ධතිය ආශි්‍රතව හටගත් රෝගවලට ඒක ඉතාමත්ම ගුණදායකයි.
    ඒ වගේම තමයි ආහාර අජීර්ණය නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. මුරුංගා කොළ අමුවෙන් අරගෙන හොඳින් කොටලා මිරිකලා ගන්න. මුරුංගා කොළ ඉස්ම තේ හැඳි 2ක් සමඟ මී පැණි තේ හැන්දක් මිශ්‍ර කරලා ඒ ද්‍රාවණය තැඹිලි ගෙඩියක වතුරට මිශ්‍ර කරලා හොඳින් කලවම් කරන්න. උදේ, දවල්, හවස වන විදියට ඒ වතුර එක දිනකට තුන්වරක් පානය කරන්න. ආහාර අජීර්ණයට ඒක ඉතාමත්ම ගුණදායක ඔෟෂධීය පානයක්.
    ගැස්ට්‍රයිටිස් කියන්නේ අද බොහෝ දෙනෙක්ව අපහසුතාවට ලක් කරන රෝගයක්.ගැස්ට්‍රයිටිස්වලට හොඳ වටිනා සුවදායක ඔෟෂධයක් මම කියන්නම්. මුරුංගා කොළ මිටක් අරගෙන හොඳින් අඹරා ගන්න. ඒකට මුදවපු කිරි මේස හැඳි 5ක් එකතු කරලා දිනපතා උදෑසන හිස්බඩ ආහාරයට ගන්න. දින කිහිපයක් මේ විදියට කළොත් ගැස්ට්‍රයිටිස් රෝගයෙන් අත් මිදෙන්න ඔබට පුළුවන්.
    මුත්‍රා ගල් හටගත් බොහෝ දෙනකුට බටහිර වෛද්‍ය ක්‍රමවේදයට අනුව තිබෙන හොඳම විසඳුම තමයි ශල්‍යකර්මයකට භාජන කිරීම. නමුත් ශල්‍ය කර්මයකට ලක් නොකර මුත්‍රා ගල් දියකර හැරීමට මුරුංගා පොතුවලින් හොඳ කෂායක් හදාගන්න හැටි මම කියන්නම්. තරමක් වියළි මුරුංගා පොතු (ගසේ පොතු) මිටක් පමණ අරගෙන වතුර පත හතරක් පමණ දමා පත එකකට සිඳුවා උදේ කාල් බාගයයි, හවස කාල් බාගයයි දිනපතාම පානය කරන්න. සති දෙකක් පමණ අඛණ්ඩවම මේ කෂාය භාවිත කළොත් මුත්‍රා ගල් අංශු බවට පත්වී දිය වී යනවා. හොඳින් මුත්‍රා පිට වීමත් මුත්‍රා දැවිල්ල ප්‍රහීන වී යන්නත් ඒක ඉතාමත්ම ගුණදායක කෂායක්.
    මුත්‍රා දැවිල්ල අධික ලෙස පවතින රෝගියකුට සුදුසු ඔෟෂධීය පානයක් තිබෙනවා. පුහුල් යුෂ හරි කැකිරි යුෂ හරි වීදුරුවකට අරගෙන ඒකට මුරුංගා කොළ තළලා අරගෙන මුරුංගා කොළ යුෂ තේ හැඳි 2ක් එකට මිශ්‍ර කරලා බොන්න. මුත්‍රා දැවිල්ල නිමා වී සාර්ථකව මුත්‍රා පිටවීම එමඟින් සිදු වෙනවා".
    ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පවසන ආකාරයට ගී්‍රස්ම සමයේදී ඇතැම් පුද්ගලයන්ගේ සිරුරේ අසාමාන්‍ය ලෙස දහදිය බිබිළි හට ගනී. එවන් රෝගයකදී කොහොඹ කොළ සහ මුරුංගා මුල් සමව ගෙන සිහින්ව අඹරා දෙහි යුෂ හා මිශ්‍ර කොට නැවැතත් අඹරා දහදිය බිබිළි මත ආලේප කළ හැකිය. මතුවූ දහදිය බිබිළි යළි යටපත් වී ශරීරයට සුවයක් ලබා ගැනීමට එය ඉතාමත් උචිත ආලේපයකි. සමේ ආලේප කොට පැය 2ක් පමණ නිදහස්ව හිඳ පසුව නෑම සුදුසු බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.ඇතැම් තරුණියන්ගේ මෙන්ම තරුණයන්ගේත් මුහුණේ කුරුලෑ, ලප කැළැල් අසාමාන්‍ය විදියට තිබෙනවා. ඒ වගේම අවපැහැ ගතියක් පවතිනවා. එවන් ගැටලුකාරී තත්ත්වයකදී මුරුංගා කොළ යුෂ අරගෙන ඒකට දෙහි යුෂත් මිශ්‍ර කරලා ඇල් වතුර බඳුනකට ඒක මිශ්‍ර කරලා එයින් මුහුණ සෝදන්න. දිනපතා උදේ මේ මිශ්‍රණයෙන් මුහුණ සෝදනවා නම් පැහැදිලි වෙනසක් සහ සෞම්‍ය බවක් ඔබගේ මුහුණේ ඇති වේවි. හන්දිපත් ඉදිමුම හන්දිපත් රුදාව වගේ බාහිර තැළුම් වේදනාවලටත් මුරුංගාවලින් හදන හොඳ ඔෟෂධයක් මම කියන්නම්. එහි නම මුරුංගාදීලේපය. මේ ඔෟෂධය බාහිර රෝගී අංශයෙන් ලබා ගන්නත් පුළුවන්. නිවෙසේදීම සාදාගන්න හැටි වැදගත්. එනිසා මම කියන්නම්. ලුණු වරණු පොතු, අමු කහ සමව අරගෙන මුරුංගා පොතු යුෂෙන් ඒක සියුම් වෙන්න අඹරන්න. (අමු මුරුංගා පොතු තළා යුෂ ගන්න) සියුම් ලෙස අඹරා ගත් ඔෟෂධය අරගෙන තැළුම්, වේදනා ඉදිමුම් ස්ථානයේ ආලේප කරන්න. වේල් කිහිපයක් ආලේප කළොත් හොඳ සුවයක් අත්විඳින්න පුළුවන්කමක් තිබෙනවා.
    තවත් විශේෂ කාරණාවක් තමයි මුරුංගා කියන්නේ දෙඹර, බඹර, ගෝනුසු ආදී විෂට ප්‍රතික්‍රියා දක්වන විෂ නාශක ඔෟෂධයක්. පෙර සඳහන් කළ විෂක් ශරීර ගත වුණ පුද්ගලයකුට මුරුංගා පොතු දෙහි ඇඹුලින් අඹරා සත්ත්ව දෂ්ටනයට ලක් වුණු තැන ආලේප කරන්න. ඒකට විෂ මැරීමක් සිදු වෙනවා.
    සමහර අයට උදේ කාලෙදි සැන්දෑ කාලෙදි සෙම හට ගන්නවා. ඒ තත්ත්වයෙන් අත්මිදිලා නිරෝගී සුවයක් ලබන්න මුරුංගා මුලේ පොත්ත කොටලා මිරිකලා ගත් යුෂට බුලත් කොළ යුෂ හා අමු ඉඟුරු යුෂ තේ හැඳි 1 ගාණේ මිශ්‍ර කර මී පැණි තේ හැන්දක් ඒකට එක් කරලා දින 10ක් ඒ ද්‍රාවණය පානය කරන්න. සෙම තත්ත්වය දුරු වෙලා යාවි."
    අධික තරබාරු තත්ත්වයෙන් අත්මිදීමටද ළපටි මුරුංගා ඇට කෂායක් ලෙස මී පැණි හා පානය කිරීම මඟින් හැකි වන බවත් හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.
    "ඒ විතරක්ම නොවෙයි. සැරව ගලන තුවාල පිරිසුදු කරලා ඉක්මනින් සුවකර ගන්නත් මුරුංගාවලින් පුළුවන්. ඔබ කළ යුත්තේ මුරුංගා කොළ ටිකක් අරගෙන තල තෙල්, එළඟි තෙල් ස්වල්පය බැගින් එයට මිශ්‍රකර අඹරා තුවාලයේ ආලේප කිරීම පමණයි. දින කිහිපයක් මේ ක්‍රියාව කළොත් ඔබට පැසවූ තුවාලයකට වුණත් ඉක්මන් සුවයක් ලබන්න පුළුවන්.
    එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනයට ගන්න පුළුවන් රෝග නාශක ගුණය සහිත හොඳ ඔෟෂධයක් මුරුංගා. නමුත් අද ඇතැම් අය මුරුංගා එළවලුවක් ලෙසටවත් ආහාරයට නොගැනීම ඉතාමත් කනගාටුවට කරුණක්. ඕනෑම පුද්ගලයෙක් දෛනිකව හෝ සතියකට අවමය දින තුනක් හෝ හතරක්වත් මුරුංගා හොද්දක් මැල්ලුමක් වශයෙන් හරි ආහාරයට ගන්නවා නම් ලෙඩ ගොඩක් අඩු වෙනවා. අද වන විට නවීන පර්යේෂණවලින් පවා තහවුරු වෙලා තියෙනවා ආමාශය ආශි්‍රත රෝගවලටත් හෘදය ආශි්‍රත රෝගවලටත් අතීසාරය වැනි රෝගවලටත්, මුත්‍රාශ්‍රය ආශි්‍රත රෝග රැසකටත් මුරුංගා හොඳ ඔෟෂධීය ගුණ සපිරි ශාකයක් කියලා. ඒ වගේම ශරීරයේ පිළිකා හට ගැනීමේ අවදානමත් පාලනය කරන්න මුරුංගාවලට පුළුවන් කියලා අලුත්ම පර්යේෂණයකින් තහවුරු වුණා. මුරුංගා නමැති ඔෟෂධය නිරන්තරයෙන්ම ඔබ ආහාරයක් වශයෙන් හෝ ගන්නවා නම් කොලෙස්ටරෝල් අඩු වීමටත් ඇඟේ සීනි ප්‍රමාණය අඩු වීමටත් ඒක හොඳ ක්‍රමවේදයක්. දෛනික ආහාර වේලකට මුරුංගා මැල්ලුමක් වෑංජනයක් අන්තර්ගත කර ගන්නවා නම් කිසිම ලෙඩක් පීඩාවක් ඔබට ඇති වෙන්නෙ නෑ".
    සුඩානය වැනි රටවල පවා අපවිත්‍ර ජලය පිරිසුදු කිරීමටද මුරුංගා කරලේ ඇති ඇට භාවිත කිරීම මඟින් හෙළිවන්නේද මෙම අද්විතීය ශාකයෙහි පවතින වීෂ බීජ නාශක ගුණය නේද?".

    මුරුංගා කොළ මැල්ලුම

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    මුරුංගා කොළ අවශ්‍ය පමණ
    රතු ළුණු
    අමුමිරිස්
    පොල් කුඩු
    කහ කුඩු ස්වල්පයක්
    ලුණු ස්වල්පයක්
    දෙහි යුෂ

    සාදන ක්‍රමය :-

    කපා ගත් මුරුංගා කොළ, සිහින්ව කපා ගත් රතු ළුණු සහ අමුමිරිස් බඳුනකට දමා ගන්න. එයටම ලුණු කුඩු දමා කලවම් කර ගන්න. ඉන් පසුව බඳුන ලිපේ තබා, රත් වන විට පොල් කුඩු, කහ කුඩු සහ දෙහි යුෂ කලවම් කරමින් මලවා ගන්න

    මුරුංගා කොළ වෑංජනය

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    මුරුංගා කොළ මිටක්
    අමු මිරිස් කරල් 2ක්
    සිහින්ව කපා ගත් රතු ළුණු ගෙඩි 3ක්
    තලාගත් සුදු ළුණු බික් 3ක්
    කරපිංචා
    රම්පෙ කැබැල්ලක්
    පරිප්පු මිටක්
    උම්බලකඩ කුඩු මේස හැන්දක්
    අමු තුනපහ කුඩු තේ හැන්දක්
    මිටි කිරි කෝප්ප භාගයක්
    පොල් තෙල් ස්වල්පයක්
    කහ කුඩු ස්වල්පයක්
    ලුණු කුඩු අවශ්‍ය පමණ

    සාදන ක්‍රමය :-

    ඉති වලින් සූරා ගත් මුරුංගා කොළ සෝදා දිය බේරෙන්නට පසෙක තබන්න. අමු මිරිස්, රතු ළුණු, සුදු ළුණු, කරපිංචා සහ රම්පා තෙම්පරාදු කර ගන්න. ඉන්පසු පරිප්පු සහ අනෙකුත් සියල්ල දමා වතුර ස්වල්පයක් යොදා තැම්බෙන්නට හරින්න. පරිප්පු තැම්බුණු පසු මුරුංගා කොළ සහ මිටි කිරි එක කර කලවම් කර ගන්න. හොද්ද උතුරන තෙක් තබා ලිපෙන් බා ගන්න.

    මගේ විදිහට මුරුංගා මිලක් සේක්

    අලි හැට පෙර ගෙඩියක්
    මුරුංගා පවුඩර් මේස හැන්දක්
    ආමන්ඩ් කිරි වීදුරුවක්
    මි පැණි

    ඉහත සියල්ලම බ්ලෙන්ඩරයක් අදාරයෙන් ගසා බිමට ගන්න .

    කෙට්ටු විමට මුරුංගා කොළ තේ .අපි දැන් බලමු සදා ගන්නා ආකාරය

    .රාත්‍රි නින්දට පෙර තේ සදන ආකාරයට සදා මීපැණි මේස හැන්දක් එක්කර පානය කරන්න .මෙය ගෑස්ට්ක් සඳහද බඩේ කටේ තුවාල සඳහාද ගුනාදායක වේ

    සුබ දිවියක් !!!


    නේරංජනා කස්තුරිආරච්චි
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    රසූතිකාවට හා වැදුගේ සන්නියට

    සිනිඳුකර අබරමින් පොතුහල මිරිස් කඩකින් බෙර ගෙන
    වැලඳුවොත් තලතෙළුත් සමගින් අතදරුවන් වැදුවිගසින
    සිනිදු පත් ගන අදුර හලමෙන් කිළිටු ඇර ගැබසුද්දකරවන
    එවැදු වේදන සමව කදගැට රුදිවත් නැතිවේය නියතින


    වැදු දින සන්නි අමු ඉගුරු සුදුළුණු ද තලාගන
    යෙදු ඔසු නස්නයට හෝ පානයට වත් දෙව පමණ දැනගෙන
    සුදුදුරුද සිදධිගුරු තිප්පිලි මිරිස් බැද සුදුළුණු වැද ගෙන
    ශැදු සුනු ඇට මදට බරදී උණු දියෙන් දී එම සන්නි ගුන වෙන

    වදා කුමරුන් ඉකුත් තැන එමලියට සන්නිය පත්විසිටා
    යොදා රායෙන් ත්‍රිකුළු සුන්කර පමණ දැන දෙව බොන්නටා
    සදා මෙ ඔසු දුනෙනොත් පොරනෙහි පැවසු ඉසිබල විලසිටා
    තදා කර එම ලියද රැකදෙයි ඇයු පෙරලත් පමනටා


    තලා මුල් එලබටු ද මහම ඔසු නියද අල වන් ඇපල මුල් ගෙන
    මුලා නොව තිප්පිලි ද මිරිසුත් කකුළු සුඟුසහ පලමින
    හෙලා ජල නැලි අටින් එකකට සිද පතක් පානයට දුන් විතැන
    වලා කඩ පමණට නැසී යන ලෙසින් සන්නිය දාහ නැතිවෙන


    වදා හෝ ගස්සා වෙමින් ලේ තදින් යානං ලිගුම ගින්
    සදා අටිනෙක කසායද උන ගොබපිලි විදිලෙස අරන්
    තදාකර පානය කලොත් එම රතත රෝගද නැති වෙමින්
    වදාලිය මෙන් බබලවයි ගත දනුව වියතුනි දැන්


    අළු කෙසෙල් අල දිවුල් මාදන් පොතු සමගින් නොවරදා
    නෙරළු මල් සහ මෙ හැම අවුසද අටිනෙක සිදා
    දුන එකල්ලාකඩ කයිපපුද සමව චීවත්කර යොදා
    නැත සියළු පිත් මෙහ ලේමාලෙ අතති ශ්‍රාව එසදා


    මාලෙ යනවාට
    ****************


    වමමුතුත් හිදි සුවද හොට සිදධිගුරු වැල්මී මහපුළුත් ගෙන

    දන් ඇටත් රුක්මල්ද සමගින් හාතවාරිය අලත් සමගින

    මින් විදින් නොවරදව සිදගන් කසායද මී සමග දුන් තැන

    සන්සිදිත් යයි යෝනි සුලත් දාහ මාලෙ අතීශ්‍රායන


    දෙවග බටු පුසිවැන්න සාතාවාරි බැබිලත් එඩරු සමගින්

    මෙවග සහ අස්වැන්න මෙහැම සමව පලමක් කිරා ගනිමින්

    සමග එලකිරි කසායද පිස රැගෙන ගිතෙලින් දුන්නොත් ඉන්

    තුවග ලේමාලයද සමගින් සියළු වාතය නසයි ශනෙකින්


    සියබලා ගස සුබුල පිංගෙන දවා අළු දිය කරපු තැටියකා

    ගෙන තලාගත් මුරුංගා මුල් යුසත් එපමන අරං නොවලකා

    ශලක ලා හිරැස්ස තම්බා පිට පොතුත් අරළු පළු පමනකා

    ගලකලා සොද ලෙසට සිනිදුව අබරමින් එම කල්ක දෙපතකා


    නාරමින් වැඩගත්තු ඇඹුලින් නැලියකුත් ගෙන එහි යොදා

    නැරපසි ගෙන කෑවොත් කායව ඉවුසාලේ බතුත් වලදා

    ගෝරතර වා ගෙඩිද පෙරලෙන යක‍ෂ අමියා චල මුදා

    සාර ගරබයෙන් යන ලෙඩත් සහ කෙට්ටු ඇර දරුගැබද උපදා


    කිරි එරීමට
    ***********


    වදකසා සිද්දිගුරු දෙවදුරු අරළු වම්මුතු මෙ හැම සමකර
    විදි ලෙස කර කසායෙන් පානය කලොත් පැවැසු පෙර
    නොවලසා කිරි මවුන් හට කිරි එරි ශම දොස දුරු කර
    කිරි නිසා වන ලෙඩත් නැත එම කිරිදැරු කුමරුන්ඩ තිරසර


    ඉවදවනු වැල් කකුළු සුගුදිය විත්ත වදකහ සමව පලමෙක

    ජලදනි අටකට දලවමිං කකාරා රැගත් තැලියක

    පතද දැන පානයට දුන්නොත් කිරි මවුන් හට වෙදුනි නොවලක

    කිරිද දොස් නැත කියා පෙර සිට පැවැත එන මෙපවරක බෙහෙතක


    බාලයින්ගේ අතීසාරයට
    ************************


    ලොත් සුබුළුත් බෙලි ඉරිවේරියද ගෙන

    ඇත්වග පුල් මයිලමල් සමග සිදි පැන

    වත්කර මිට පානයට කුමරුන්ට දුන

    අත්හරවයි අතීසාරයද වන වෙන


    සමකර ඉවද කෙලි දැං දසුනු තර

    තනකිරි යොදා කුමරුන් හට පාන කර

    බලතර අතීසාරද සියළු නැති කර

    වෙදදුරු වෙසත රොදුක් දුරුකර


    කලාදුරු අලත් මහ ඔසු කරාබුද

    තලා සුනුව වද සමගිං මෙඔසු සොද

    බලා පමන දැන මෝරෙන් දුන්නොත් සොද

    මුලා නොව අතීසාරද නසයි සොද


    බාලයින්ගේ අජීර්‍ණණයට
    **************************


    ගනිමිං අරළු සවිදත් රත් නිතුල් මුල

    ගවගිං මිරිස් මෙහැම සුනුකර නිමල

    උනුසුන් ජල සමග වැලදෙවුවොත් එකල

    බිලිදුන් කුස සියළු අජීර්‍ණණ නසයි බල


    සවිද අසමොද මහඔසු රත්නිතුලී

    අලද කිඩාරං ස හීරැස්ස මුලී

    කුඩුද කර පමන දැන ඉන් රැගෙන යලී

    බිලිදුහට යොදා මෝරෙන් දීපකලී


    අජීර්‍ණණ බඩ පිපුම් සමගිං පනු රෝග

    ශැමදින උන ගැනීම ගත ගිනියන් රෝග

    සමගින් ග්‍රහනි දසඅට මාන්දන් රෝග

    දැනදින ඔසු කලොත් සුවවෙයි මෙම රෝග


    මඩරුමුක ලෙසට සාරා වද අල රැගෙන

    පරනව සොදට ගිය ළුනු පොඩිද කරගන

    එම සුනු වලට මී පැනි ලමින් අනමින

    ගෙන එම අලමගනයේ මෙ ඔසු ගාගන


    උනු අළුයට උයා ගෙන රබ පදමටා

    සුනුකර මී සමග දුන්නොත් කුමට හටා

    පනු අජීර්‍ණණ දසඅට මාන්දන් ලෙඩටා

    තුනුහිරු වඩ සුදන සෙත්වෙය කුමරටා


    බාලයින්ගේ ග්‍රහනියට
    ************************


    වදද දෙවදුරු ඉගුරු එලබටු ඇටද නයි ශැව මොනර පිල් ගෙන

    අබද ගෙරි අල ඇත් දලත් කුඩු කටු කරෝස මිරිස් සමගින

    සුගුද ලාකඩ කුකුරුමහන් බිජු කොසඹ කොල තඹිලිද රෙදි ගෙන

    ඉසද කෙස් දුම්මැල්ල අල සුදුළුනු මින් සම භාග අරගන


    තලා සුනු කර මෙ ඔසු ගනිමින් අනා ගොමුව ඉසා

    සලා අගුරෙ මදක් බිලිදුන් ගතට දුන් ගැසුවොත් වසා

    මලානිකවන යක් රකුෂ් ග්‍රහ ලෙඩද උන ඇඩුමුත් රෝසා

    මුලා නොව ගුන වේය සන්නිත් පිසා ඉදිමුන් සුභ ඇසා


    බාලයින්ගේ කුස විරේචනයට
    *******************************


    දෙදුරු වදකහ මෙරට මිරිසුත් අරළු නෙල්ලිද තිවග සමගින

    ඉගුරු සහ ජලපාල විස ඇර මෙහැම සමසෙ කිර ගනිමින

    ඇබරු සද දොඩන් ඇඹුලෙන් ඉඹුලැට පමන ගුලි කන

    කමරු හට දෙව විරේචනයට තන කිරෙන් ගුලියක් යොදාගන


    අලද වම්මුතු අරළු සමගින් ත්‍රස්තවාළුද පැවසු විලසට

    මුලද සිදට එකිනෙකට වැඩිකර කිරා සුනුකර රැගෙන පමනට

    උනුද කල උක්පැනෙහිලා පානය කෙරෙවුවොත් උයද බිලිදුට

    කුසද නෙක ලෙඩ නසයි ඉසිවරු කිවුව දැන වෙව්රෙ මතයට


    බාලයනිගේ ශම ලෙඩට
    **************************


    අසමොද මිරිස් කුබුරැට මදය වකරය

    සිවිය දෙදුරු අතිඋඩයන් පුස්කරය

    අරළුද මුඩ මහන මහ ඔසු නොව ඇරය

    සවිද කොතබුරුත් තිප්පිලි එක බරය


    වද සහා වලගසාළුත් කටුකරෝසනි

    සොද ලසුනුත් සමග මෙ හැම එකලෙසිනි

    සොද ලෙස මෙ ඔසු අබරා තන කිරියෙනි

    සොද පළුකර ඉන් මදිතිය කබර දුන්නොතිනි


    බඩඋන්තිල වමන කිරි මැලියන් උනද

    ඉඩ නොහරින සෝපත් බඩ රුදාවද

    දිඩතර අතීසාරත් කිරි අජීර්‍ණණද

    වැඩපහ වෙයි අන්ඩවායුත් පනු ලෙඩද


    ගුල්ම රුදාවත් වාපිත වායු හැම

    වෙල් තෝප්පුද පිත් පාණ්ඩුත් බැර උඩිම

    සෝලපකුත් නොතිබෙයි දනුව ලෙඩ මෙමම

    කල් දැන මෙ ඔසු දෙව වෙදදුරු කී ලෙසම


    ජවර විරේචනය
    *****************


    රැගෙන කොටිකා අරළු සවිදව ත්‍රස්තවාළුද සහ ඔසු

    සමනි කිර හැම කිරා පලමක් රැගෙන පොඩිකර ගත පසු

    බදන ලවමින් එහිද ජලනැලි අටක් ලා එකකට පිසු

    එපැන පානය කලොත් දීපන පාචනව ශම උන නැසු


    බුළුද නෙල්ලිත් අරළු තිප්පිලි මෙ හැම සම සේ ගනිමිනා

    නොමද කර එබරට තුන් බර ත්‍රස්තවාළුදත් කිරමිනා

    කුඩුද කර ඉන් පමන දැනගන සීනි මී පැනි යොදමිනා

    එසද වැලදුව උන නෙති මුත්තෙ සියළු ගත ලෙඩ ගුනා


    උනට කසායවල්
    *****************


    උනට පලමුව දෙව බලදැන සහ රෝග බල දැන කරමුංගන

    එයිට පසු සිද්දිගුරු කොතඹුරුද සකලන් දෙකලදක සවින්දෙන

    කැදට විදි ලෙස කසායද පිස යලියවා ගුව දුන්නොත් දැන

    සතට පැමිණෙන උනද නොදිරුත් නසා බඩගිනි වඩි නියතින


    ඔලිද රසකිද ඇහැල කොල ගෙන තම්බා මිං වැඩ ගත්තු ජල සොද

    යුසද අමු සියඹලා පත්වල මෙහැම එක්ක නියමට ගත් සද

    නොමද එලකිරි හකුරු සහ කැද දුන්නොත් පිස සොද

    උනද අජීර්‍ණණද උදෙද සවසද වැලදුව ඉක්කා නසයි වද


    කුඹුරු මුල් නික මුළුත් රසකිද සමව උනුකර ගත් කසායට

    හකුරු උක් තලතෙළුත් ලා දෙනු වායු කිපෙමිං පැමිණි උනයට

    රුදුරු පිත් කිපී උනට ගිතෙළුත් සීනී සමගව දෙනු බොන්නට

    නපුරු සෙන් උන නසයි තිප්පිලි මී පැනිත් ලාදුන කසායට


    දෙවදුරුත් සිද්දිගුරු මුරුවා මුළුත් වම්මුතු කසා සමගින

    කොතඹුරුත් සුදුසදුන් සමසේ මෙහැම සිදගත් කසායද දුන

    වෙවුළුමුත් තද පිපාසද නන් දෙවුන් ගත උනත් සමගින

    සියළු වත් දොස් සමන කරවා ඒ අතුර රැකදේය වන වෙන


    සුවද හොට සිද්දිගුරු වම්මුතු කොහොඹ නැටි එලබටු මුලී

    හෙලද හදුනුත් කහබිලියද දුම්මැල්ල රසකිද වැලී

    ජලද නැලි අටකටද පලමක් මෙඩලා සිද දුන් කලී

    උනද අටවන එකක්වත් ගත නොසිට පැනයයි වැද විලී


    රසකිදත් වත්ඇපල කොට්ටන් සිද්දිගුරු වම්මුතුත් සමගින

    පැපිලියන් වැල් කසඹිලියාද කොහොඹ නැටි බටු මුළුත් සමගින

    නැලියටත් සිද දුන්නොත් බොන්නට දිනක් ඇර එඋන නසමින

    දෙදවසක් ඇර පැමිනි උන සහ නිතර එන උනත යයි නියතින


    අතීසාරයට කසායවල්
    ***********************


    තුනද ත්‍රිදොසින් සන්නිවාතද බය සෝක යන අතීසාරත්

    සයද සතහට ආමයෙන් හො නිරාවෙන්වත් වෙය නියාවත්

    නැටිද ගෙන කරපිංචා අරළුත් කසායෙන් කර විරේචනයත්

    වලද බදිනා ‍බහෙත් දියයුතු ආමයද පැසවා ගතත්


    ඛෙලිගසේ මුල් අරළු තිප්පිලි මුලූත් සමකර ගනිමිනා

    විදි ලෙස කල කසායෙන් යලි දුන්නොතින් කැද පිසගනා

    නොවලසෙ ආවු අතීසාරද ගතගින් වදිමිනා

    අපහසේ වන වායු අනුලොත් වෙමින් බඩගිනි වැඩි සොදිනා


    ඛෙලිද තොටිලත් කලාදුරු අල සමග දෙළුමුත් මහ ඔසුත් ගෙන

    ඉවද මෙහැමින් රැගෙන පලමක් බලා අටිනෙක සිදපු ජලයෙන

    එසද පානය කලෝතින් පතක් පමනට රැගෙන විගසින

    කපද රතකද සමග සියළුම අතීසා නසයි නයතින


    අලූත් වම්මුතු රසකිදත් දියමිත්ත ශම රැගෙන පලමෙක

    ජලත් නැලි අටිනෙකට ඔසු බා සිද කසාය දුන්නොත් නොවලක

    රුදත් ආමය රත්තදෝසත් ඇති අතීසාරද ප්‍රභා හික

    ගුනත් කරවා ග්‍රහනි රෝගත් ආතුරංගේ දේය දිවිරැක


    කෙලින‍දත් වැල් කසබිලියා මුළුත් වම්මුතු රැගෙනා

    සිහින් සාරණ දෙවුදුරුත් සිද්දිගුරු සමසේ කිරමිනා

    ලමින් පලමක් තලා බදනක ජලද අටිනෙක සිදගෙනා

    දෙමින් ගුන කර ගනුව සෝපද අතීසාරද උනද සොදිනා


    කුසුන් මයිලද ඉබුල් ලාටුත් ඉවද අසමොද ත්‍රිවග ත්‍රිකුළුත්

    මෙයින් සමකර අරං එ සියළු එක බරට ගෙන කිරා අබිනුත්

    සොදින් සුනු කර පමන දැනගෙන සීනි මී පැනියෙන් වැලදුවොත්

    ගජන් කේසර නමැති මෙ ඔසුනෙන් නසයි සියළුම අතීසාරත්


    අජීර්‍ණණයට රාජ විරේචනය
    *****************************


    කොල කරපිංචත් මහ ඔසු සමගින්

    කලද කලද ගෙන අරළුත් පලමින්

    ජල අටිනෙක සිද දුනහොත් සවිදෙන්

    මලපහ වීමත් අජීර්‍ණණ නැත මින්


    වම්මුතු සමගින් මහඔසු ඉවදත්

    මින් කල්කය උනු පැනයෙන් දුන්නොත්

    යන ලෙස අජීර්‍ණණයෙන් බඩයාමත්

    සන්සිදුවනු නියතය කිවු තැනවත්


    රත්නිතුලෙ මුල් අරළු සවිද ගෙන

    සිත් ලෙස සුනුකර මිරිසුත් සමගින

    වත්කර උනුපැන යොදා දුන්නොත් දැන

    අත්හරවයි මාවත්සාදි අජීර්‍ණනන


    තිකුළුත් රසදිය ගන‍දක පුස්කර

    ත්‍රිපලත් සවිදවත් ගෙන සමකර

    ඇරගත් විස ඇර තෙර්‍වල සමබර

    යහපත් මෙ හැම ඔසු ගෙන එක්කර


    කර සිනිදුව අබරා ඇල් පැනයෙන

    බර පමක ගුලි කරමින් ඇරගන

    පෙරවරු ඇල් ජලයෙන් දියකර දුන

    හරවයි කුස ලෙඩ රාජ විරේචන


    දැන සිදගත් තනි අරළු කසායට

    ගෙන එම කල්කද සීනිත් සමකෙට

    බොනවිට එඩරු තෙළුත් සහ දුන් විට

    ගුනවෙයි පවසන් මෙ ලෙඩ එමවිට


    විරේචන නවතින්ඩ බෙහෙත්
    ******************************


    අලේ කොහිල කොටමින් මැඩ එයුසා

    කලෙ පානයද ගෙන එවිගසා

    දැලෙ බැදුනු වසු නොමයනු විලසා

    බලේ විරේචන නවතී එලෙසා


    හදුන්ගටා කෝමාරිකා යුසයෙන්

    එයින් රැගෙන ගිතෙළුත් එක්කරමින්

    තදින් විරේචන වෙනත් බෙතින්

    දෙවන් පානයට නවතී වන මෙන්


    ගෙන අරළුද සුදුළුනුත් සමකර

    දැන අටිනෙක සිද කසාය නොම ඇර

    දෙනවිට බොන්නට නැවතත් රත්කර

    මනලෙස ආතුරන් පානය කලවර


    හෙල වෙද ගෙදර
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    ග්ලුටතයෝන් ගැන විවරණයක්.....

    ග්ලුටතයෝන් කියලා කියන්නේ අපේ ශරීරයේ සෑම සෛලයකම පාසා තියෙන සංයෝගයක්. විශේෂයෙන්ම මොළය, පෙනහළු, අක්මාව, ඇස් ආදී අවයව වල තියෙනවා.
    මේ ග්ලුටතයෝන් කියන සංයෝගය හැදෙන්නේ, glutamate, Cystein හා Glycine කියන ඇමයිනෝ අම්ල වලින්.

    මේවා ඔක්සිකරණය වූ glutathione විදිහට තමයි පවතින්නේ
    මේ ඔක්සිකරණය වූ glutathione, ඔක්සිහරණය කිරීම සඳහා glutathione reductase එන්සයිමයත්, නැවත එය ඔක්සිකරණය කිරීම සඳහා glutathione peroxidase එන්සයිමයත් දායක වෙනවා. මේ නැවත ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලියේ දී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, සුපරොක්සයිඩ් වැනි අණු ජලය බවට පත්වෙනවා. එහෙම නැති නම් වෙනත් එලෙක්ට්‍රෝණ ප්‍රතිග්‍රාහකයෙක් දායක වෙනවා.
    මෙමගින් බොහෝ වටිනා කෘත්‍යයන් ග්ලුටතයෝන් ඉටු කරනවා. අපි බලමු ඒ මොනවද කියලා.

    1) රතු රුධිර සෛල වල අධික ඔක්සිජන් සාන්ද්‍රණයක් තියන නිසා ස්වභාවිකවම සුපරොක්සයිඩ, පෙරොක්සයිඩ හැදෙනවා. මේවා පැවතුනොත් සෛල බිත්ති වලට පහර දීලා රතු රුධිරාණු කැඩී යනවා. ඉතින් ඉහත ක්‍රියාවලිය මගින් එම අණු ජලය බවට පත් කරන්නේ මේ ග්ලුටතයෝන් .

    2) මේවා බැර ලෝහ කීලේටර් ලෙස භාවිතා වෙනවා. එනම් ග්ලුටතයෝන් ශරීරයට ඇතුළු වන බැර ලෝහ සමග ශක්තිමත් බන්ධන මගින් බැදිලා, ඒවා වකුගඩු වලින් පෙරිය හැකි තත්ත්වයට පත් කරලා, මුත්‍රා සමග ඉවත් කරනවා.

    3) ශරීරයේ නිපදවෙන විෂ හා පිටතින් ඇතුළු වන විෂ සමග රසායනිකව ප්‍රතික්‍රියා කර, නිර්විෂ බවට පත් කිරීම, එනම් විෂහරණය සදහා දායක වනවා.

    4) ශරීරයේ ඇතිවන ඔක්සිජන් මුක්තඛණ්ඩ ඉතා අහිතකරයි. මේවා මේද ගෝලිකා වල අණුක ස්වරූපය වෙනස් කර, නැවත අක්මාවට ඇතුළුවීමට ඉඩ නොදී, රුධිරය නාළ තුළ එකතුවීමට ඉඩහැර, එහි බැදී රුධිර නාළ අවහිරකරනවා. මේ ඔක්සිජන් මුක්තඛණ්ඩ රසායනිකව විනාශකරන්නෙත් අපේ ග්ලුටතයෝන් තමයි. එමගින් ඉස්කීමීය හෘත් රෝග වැළැක්වීමට දායක වෙනවා.

    5) සෛලවල DNA අණු මත ඇතිවන රසායනික හානි වලින් ඒවා ආරක්ශා කිරීමට දායක වෙනවා. එවිට විකෘති ඇර්හිවීම අඩු වෙලා, පිළිකා සෑදීමේ හැකියාව අවම කරනවා.

    6) සෛල වල ඇති මයිටොකොන්ඩ්‍රියා තමයි ඒවාගෙ ශක්තිය නිපදවන්නෙ. ඉතින් මේ මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණය අඩු වීම නිසා සෛල වයස්ගතවීම හා සෛල මියයාම සිදු වෙනවා. ඉතින් මේ මයිටොකොන්ඩ්‍රියා තුළ ඇති DNA ආරක්ෂා කරන්නෙත් ග්ලුටතයෝන්.

    6) සෛල මට්ටමේදී ප්‍රදාහක ක්‍රියා (inflammatory responses) අඩු කිරීමේ හැකියාවක් ග්ලුටතයෝන් සතුව පවතිනවා.

    7) රුධිරයේ ඇති හිමොග්ලොබින්(Fe2+) ඔක්සිකරණය වුවහොත්, මෙත්හිමොග්ලොබින්(Fe3+) සෑදෙන අතර එමගින් ඔක්සිජන් පරිවහනය කිරීමේ ධාරිතාව අඩුවෙනවා. හිමොග්ලොබින් ඔක්සිකරණය වීමෙන් වළක්වා ගන්නෙත් ග්ලුටතයෝන්.

    8 ) ශරීරයට ඇතුළු වන වෛරස්, බැක්ටීරියා ආදී ව්‍යධිජනකයින්ගේ සෛල බිත්ති හා කැප්සිඩ සමග රසායනිකව ප්‍රතික්‍රියාකොට ඒවා විනාශ කර ප්‍රතිශක්තිකරණ කාර්‍යයකුත්, ග්ලුටතයෝන් ඉටු කරනවා.

    මේ ග්ලුටතයෝන් වල හදුනාගෙන ඇති කෘත්‍යයන්ගෙනුත් ස්වල්පයක් පමණයි. මෙමගින් ඔබට පෙනෙනවා ඇති, ග්ලුටතයෝන් කියන්නෙ ශරීරයේ සිටින රසායනික ආරක්ශයෙක්.

    එහෙනම් අපි ග්ලුටතයෝන් වැඩි කරගන්න කරන්න ඕන මොනවද?

    1) අලිපේර, ගෝවා, ගෝවාමල්, දොඩම්, තක්කාලි, පෙයාස්, සුදුළූණු, බණ්ඩක්කා, නිවිති, කැරට හා දෙහි වැනි ග්ලුටතයෝන් බහුල ආහාර ගැනීම.

    2) ඇල්කොහොල්/ මත්පැන් භාවිතය අඩු කිරීම.

    3) ස්වායු ව්‍යායාම වල නිරතවීම.


    Bawantha Thennakoon
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    අද කාලේ බොහොමයක් රෝග සෑදීමට හේතුව වන්නේ අප අතරෙන් වියෙකෙන දිව්‍යමය ඖෂධයක් වන අරළු .බුලු .නෙල්ලි ..රසකිද ...වල ගුණ හදුනා නොගත් කමත් මේ වන විට මේවා බාවිතා කරන පිරිස අල්ප බවත්...මෙම ස්වාබාවික දේවල් වලට ඇති කර ගත් ..සහ..යම් කිසි සමාගම් මාෂියාවන් විසින් ඇති කරා වූ බොරු බිය නිසා හේතුවෙනි...දැන්වත් නිවරදි ලෙස දැනුවත් වෙමු ..වෙනස අත් විදිමු....අදම බාවිතා කරන්න....නීරෝගී කම රැක ගන්න.....

    අපගේ ශරීරයේ ඇතිවන ලෙඩ රෝග හරි අඩකටත් වඩා ප්‍රධාන වශයෙන්ම බලපාන හේතුවක්‌ තමයි අධික තරබාරුව. තරබාරුව නිසා අධි රුධිර පීඩනය, දිය වැඩියාව, හන්දිපත් වේදනාව, පිළිකා රෝග ඇතිවීමට ශරීරයේ දොර කවුළු විවර වෙනවා. ඒ හින්ද, හුඟ දෙනෙක්‌ මේ තරබාරුව අඩුකර ගන්න නොයෙකුත් ඖෂධ වර්ග පානය කරනවා. ව්‍යායාමවල යෙදෙනවා. ආහාරපාන ගැනීම පාලනය කරනවා. ඒ ඉතාම හොඳ දෙයක්‌.

    අතීතයේදී මහා සෘෂි වෛද්‍යවරු තරබාරුව පාලනය කරන්න දුන්න දිව්‍ය ඖෂධයක්‌ තමයි අරලු, බුළු, නෙල්ලි, රසකිඳ යන සිව් ඖෂධ වර්ගවලින් සකස්‌ කර පානය හෝ කල්කය. මෙය වර්තමානයේද අපට භාවිතා කරන්න හැකියාව තිබෙනවා. නමුත් විශේෂයෙන්ම කියන්න ඕනෑ මෙවැනි ඖෂධ පානය කරන විට නිසි වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතුයි.

    මෙම ඖෂධවල තියෙන ගුණ නිසා තරබාරුව අඩුවීම පමණක්‌ නෙමෙයි ශරීරයේ ප්‍රතිශක්‌තියද වර්ධනය වෙනවා. ශරීර අවයව ශක්‌තිමත් වෙනවා. සම පැහැපත් වෙනවා. කොටින්ම කියනවා නම් නීරෝගී පුද්ගලයකු ලෙස ජීවත් වීමේ වරම් ලැබෙනවා.

    #මේ පිළිබඳව සෘෂි නාඩි වෛද්‍යවරු සඳහන් කර තිබෙන්නේ මෙහෙමයි.

    හන්දිරාරි හන්දිරාරි කුසිනාරි හර නාරි දොස්‌ති

    දෝස්‌ති පංෙච්න්ද්‍රිය භාගා

    රෝග පීඩා ත්‍රිරෝස භාගා

    සත්තම මනුස්‌සා සුඛා හෝති..........

    මෙයින් පවසන්නේ ශරීරය දිරාපත් නොවී පවත්වාගෙන යැමට, ජීවිතය ප්‍රාණවත්ව පවත්වා ගැනීමට වාත පිත්ත, සෙම් රෝග දුරු කර ගැනීමට ප්‍රිය මනාප බවින් යුක්‌තව දිවි ගෙවීමට පියවර ගත යුතු බවය.

    #අරළු

    සෘෂි නාඩි වෙදකමෙහි ඉතා වටිනා ඖෂධයක්‌ ලෙස අරළු හඳුන්වනු ලබයි. රවුම් හැඩැති දිග සහ බෝල හැඩැති ලෙසින් අරළු වර්ග තුනක්‌ ඇත.

    අරළුවල ඇති ප්‍රධානතම ගුණය වන්නේ ගුධ ඉන්ද්‍රිය ප්‍රාණවත් කිරීමය. බඩ එළිය යැම පහසු කරයි. සමේ වියළි බව නැති කර සම පැහැපත් කරයි.

    #බුළු

    බුළු ඖෂධය මගින් ශරීරයේ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රාණවත් කරයි. ඇස්‌, කන්, නාස යන ඉන්ද්‍රියයන්ගේ පවතින දුබලතා නැති කරයි.

    මුඛයේ දත් මුල් දියවීම මගහරවා විදුරු මස්‌ ශක්‌තිමත් කරයි.

    #නෙල්ලි

    නෙල්ලි යනු රස හතරකින් යුත් ශරීරයට ඉතා ගුණදෙන ඖෂධයකි. තිත්ත රස, ඇඹුල් රස, කහට රස සහ පැණි රස යන ප්‍රධාන රස හතර නෙල්ලි ගෙඩියේ ඇති නිසා නෙල්ලි ශරීරයේ රෝග රැසකට ගුණදායකය. බඩේ රුදාව නැති කිරීමට, ආමාශයේ හටගන්නා අම්ල පිත්ත දෝෂ දුරු කිරීමට, ශරීරයේ හටගන්නා විෂ නැසීමට, සෙම් රෝග දුරු කිරීමට, උෂ්ණ රෝග සමනයට නෙල්ලිවල ඇති ඖෂධ ගුණය මහෝපකාරී වේ.

    #රසකිඳ

    හීන් වැල් සහ ගොරෝසුවැල් ලෙසින් වැවෙන රසකිඳවල ඖෂධීය ගුණය බහුලව ඇත්තේ ගොරෝසු වැල්හිය.

    සෙම නසන, පිත නසන, ශරීරය ප්‍රාණවත් කරන ගුණ සහිත රස කිඳ ශරීරයට ගුණදෙන ඖෂධයකි.

    ඖෂධීය පානය සකසා ගැනීම

    අරළු, බුලු, නෙල්ලි සහ රසකිඳ සමව ගෙන පිරිසිදු ජලය කෝප්ප හතරක්‌ දමා එය එක්‌ කෝප්පයක්‌ දක්‌වා හිඳගෙන උදෑසනම පානය කිරීම ගුණදායකය. මැටි භාජනයක මෙය තම්බා ගැනීම කළ යුතුය.

    අරළු.බුලු.නෙල්ලි .රසකිද ..කුඩු සමව ගෙන උනු වතුර කෝප්පයකට මේස හැන්දක් දමා නිවෙන්න තබා නිවුනු පසු නොපෙරා රාත්‍රියට පානය කරන්න

    කල්කය සාදා ගැනීම

    මෙම ඖෂධ හතරම සමව ගෙන ලී වංගෙඩියෙහි කොටා පිටිකර කල්කයක්‌ සාදාගෙන ඉන් නෙල්ලි ගෙඩියක තරම් ප්‍රමාණයක්‌ මී පැණි සහ දෙහි සමඟ මිශ්‍ර කර උදේ ආහාර සමඟ ගත හැකිය.

    මෙම සිව් ඖෂධීය පානය හෝ කල්කය දිනපතා උදේ සවස පානය හෝ ආහාරයට ගැනීම මගින් මල බද්ධය නැති කරයි. පණු රෝග,වලට හේතුවන පණු බිත්තර, පණු හැව සහ පණු කැරලි විනාශ කර දමයි. ගුධ ඉන්ද්‍රියේ සහ යෝනි ඉන්ද්‍රියේ මතුවන කැසීම් දුරු කරයි. ශරීරයේ තැන්පත්ව ඇති වැඩිපුර මේද කොටස්‌ දියකර හරියි. ස්‌නායු ප්‍රාණවත් කරයි.

    වි⁣ශේෂයෙන්ම හෘද රෝග නසයි...කිරීටක ධමනි අවහිරතා සුව කරයි....

    අනවශ්‍ය මේදය ඉවත් කරයි...

    චර්ම රෝග නසයි....

    තෙල් ගෙඩි විසර ගෙඩි නසයි...

    පිළිකා රෝග වලකයි....

    ස්වසන රෝග නසයි....

    ආතරයිටිස් රෝග සෑදීම වලකයි....

    අදික තරබාරුව නසයි....

    දිය වැඩියාව සෑදීම වලකයි.......

    ආහාර ජීර්න පද්ධතියේ බොහොමයක් රෝග නසා බඩවැල් ශක්තිමත් කරයි.....

    ලිංගික පද්ධතිය ශක්තිමත් කරයි .......

    අකලට හිසකේ වැටීම පැසීම වලකයි...

    ස්නායු පද්ධතිය ශක්තිමත් කරයි...

    ආයුෂ වර්ධනය කරයි....

    එකි නොකී බොහොමයක් රෝග සදහ ගුණ දායක වේ.....

    මෙය දින 7..14..21..වශයෙන් දිගට බාවිතා කල හැක...පසුව මාසයකට පස් වතාවක් පමන සෑහේ........වැඩිහිටියන් පමනක් බාවිතා කරන්න...අවුරුදු 12 ට වැඩි සහ අඩු... ලමයි සදහ වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කරන්න.....


    සේනක පෙරේරා
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    අද අපි වෙනත් සුලබ පණු රෝගයක් ගැන සාකච්ඡා කරමු. ඒ තමයි වටපණු රෝගය. මේ පණු වර්ගයේ විද්‍යාත්මක නම Ascaris lumbricoides
    මේ පණුවන් විශාලයි. ගැහැණු පණුවා පිරිමි පණුවට වඩා විශාලයි. ඒක මේ සත්ව වංශයටම පොදු ලක්ෂණයක් .

    45000747_1740827459372372_2239433653652291584_n.jpg


    Phylum: Nematoda
    Scientific name: Ascaris lumbricoides

    රෝගී පුද්ගලයෙකුගේ කුඩා බඩවැලේ මේ පණුවන් ජීවත් වෙනවා. ගැහැණු පණුවා දිනකට බිත්තර 200,000ක් පමණ නිපදවනවා.මේවා මල සමග පිටවෙනවා. මෙයින් සරු බිත්තර පරිසරයේ ඇති තත්වයන් අනුව මෝරා ආසාදනය විය හැකි තත්වයට පත් වෙනවා.

    මෙන්න මේ අසාදිත තත්වයේ බිත්තර අපිට ගිලෙන්න පුළුවන්. අපි ගන්නා ආහාර,වතුර එක්ක,මිනිස් මල කුමන ක්‍රමයට හෝ ඒවා සමග මිශ්‍ර වී තිබුනොත්. බිත්තර ආහාර මාර්ගයේදී පුපුරනවා. ඇතිවෙන කීටයින් බඩවැල් බිත්තිය සිදුරු කරගෙන රුධිර ධාරාවට එකතු වෙනවා. එතනින් අර කොකු පණුවා වගේම දිග ගමන පටන් ගන්නවා. රුධිරය මගින් හෘදයටත් එතනින් පෙනහැලි වලටත් යනවා. පෙනහැලි වලදී කීටයා දින 10-14 කාලයක් වැඩෙනවා. පෙනහැලි වල සිට ශ්වාස නාලය ඔස්සේ උගුරට එනවා. ආපසු ගිලෙනවා. කුඩා බඩවැලට ගිහින් එහිදී ලොකු පණුවන් බවට පත් වෙනවා. මේ සියල්ල වෙන්න මාස 2-3 අතර කාලයක් ගත වෙනවා. ලොකු පනුවන් අවරුදු 1-2ක් පමණ ජීවත් වෙනවා.

    45127802_1740830169372101_9053633670891438080_n.jpg


    දැන් අපි බලමු මේ පණුවන් අපේ බඩේ ඉන්නවා නම් මොන වගේ රෝග ලක්ෂණ ද අපිට ඇති වන්නේ කියල.
    1. ඇත්තෙන්ම පණුවන් කීප දෙනෙක් හිටියට කිසිම රෝග ලක්ෂණයක් ඇති වන්නේ නෑ .

    2. පණුවන් ගොඩාක් හිටියොත් බඩේ වේදනාව හා බඩවැල් අවහිර වීම වෙන්න පුළුවන්. මේ පණුවන් කොකු පණුවන් වගේ අපේ ලේ උරා බොන්නේ නැහැ. නමුත් අපේ බඩවැල්වල තියෙන ජීර්නයවූ ආහාර උරා ගන්නවා.ඉතින් පණුවන් ගොඩාක් ඉදගෙන අපේ කෑම උරා ගන්න නිසා විශේෂයෙන්ම පොඩි දරුවන්ට මන්දපෝෂණය ඇතිවෙනවා.

    3. පණුවන් පෙනහැලි වලට ආ විට කැස්ස,හතිය , පපුවේ අපහසුතාවය, උණ වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.

    4. පණුවන් බඩවැල් වල ඉන්නකොට වමනය, පාචනය, ආහාර අරුචිය, බඩේ වේදනාව, මල සමග පණුවන් පිටවීම,දේහ බර අඩුවීම ආදිය ඇතිවෙන්න පුළුවන්.

    මීට වඩා දරුණු තත්වයන් ඇතිවෙන්නත් පුළුවන්

    1. පණු කීටයන් පෙනහැලි වල තියෙන ගර්ත කියන පුංචි මලු වගේ ඒවා සිදුරු කරන නිසා නියුමෝනියා තත්වයක් ඇතිවෙන්න පුළුවන්. මෙය මාරාන්තික තත්වයක් දක්වා යන්න පුළුවන්.

    2. බඩවැල් අවහිර වීම නිසා වමනය ඇතිවී පණුවන් නහයෙන් හා කටින් පිටවෙන්න පුළුවන්. පිටවෙන පණුවන් උගුරෙන් ශ්වසන මාර්ගයට ගිහින් හුස්ම හිරවී දරුවන් මිය ගිය අවස්ථා වාර්තා වෙලා තියෙනවා.

    ඉතාම කලාතුරකින් මේ වර්ගයේ වටපනුවන් වෙනත් අවයවද ආක්‍රමණය කරනවා. උදාහරණයක් හැටියට ඇස්

    මේ රෝගයෙන් වැළකෙන්නේ කොහොමද ?

    1. යහපත් සෞඛ්‍යය පුරුදු අත්‍යවශ්‍යයි.කෑම පිළියෙළ කිරීමට පෙර හා කෑම ගැනීමට පෙර හොදින් අත් පිරිසිදු කරන්න.

    2. බොහෝ ආහාර පිළියෙළ කරන පුද්ගලයන් නුගත් බව මෙන්ම නොසැලකිල්ල නිසා පිරිසිදු ලෙස සිය කාර්ය කරන්නේ නැති නිසා පිටින් ආහාර ගැනීමේදී සැලකිලිමත් වන්න.

    3. එළවළු පලතුරු අමුවෙන් ආහාරයට ගන්නා විට හොදින් සෝදාගන්න.

    4. වතුර උණුකර නිවා හෝ පෙරා පානය කරන්න.

    5. අපිසිදු ජලාශ වල ස්නානය නොකරන්න.

    6. මිනිස් මල පොහොර ලෙස යෙදීමෙන් වලකින්න.

    ඔබට රෝගය තිබේ නම් වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර කරගන්න.


    Malini Ganewatta
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    ඔටිසම්

    ඔටිසම් කියන නම මීට වසර 20 කට විතර කලින් අහල තිබුනේ නැහැ නේද? මේ ගැන ඉස්සර කතා කරන විට නිකං විහිළුවක් වගේ හිතුනේ නැද්ද? අපේ රටට නම් මේවා එන එකක් නැහැ වගේ හැඟීම් ආවේ නැද්ද? ඉබොලා නම් අපේ රටේ නැහැ වගේ හැඟීමක් ඔටිසම් ගැන දැනුනේ නැද්ද? මේ ඉස්සර ඔටිසම් ගැන කතා කරනවිට. ඒත් දැන්තත්වය ගැන මොකද හිතන්නේ. කතා නොකලාට බොහෝ මව් වරුන් පිය වරුන් මේ ගැන දුක් වෙනවා. තම දරුවා ඔටිසම් දරුවෙක් කියලා ලෝකෙට සඟවාගෙන ඉන්නවා. මොකද එය සුව කරගන්නට දන්නේ නැති නිසා. මම මේ ගැන ටිකක් කතා කරන්නට හිතුවා. කරුණා කර මෙහි සිටින උගත් මහත්වරුන්ගෙන් සහ විශේෂයෙන්ම දැනට ඉගෙන ගන්නා මහත්ම මහත්මීන්ගෙන් මම ඉල්ලා සිටිනවා මා එක්ක විවාද නොකර මේ කියන දේවල් වල සත්‍ය අසත්‍ය තාවය සොයා බලන ලෙසට.

    අපිට දත්ත ගන්නට තියෙන හොදම රට තමයි ඇමෙරිකාව. මොකද එයාල තමයි අපේ වගේ රටවල් ලෙඩ කරලා එයාලගේ බෙහෙත් ටික මෙහාට එවලා ජීවත් වන කට්ටිය. ඉතිං ඒගොල්ලෝ අපිට වඩා අනිවාර්‍යෙන් නිරෝගී වෙන්න එපැයි නේද? ඒත් සිද්ධ වෙලා තියෙන දේ පුදුමයි. ලෝකයේ වැඩිම මුදලක් සෞඛ්‍යය වෙනුවෙන් වියදම් කරන රට ඇමෙරිකාව. එය ඔවුන්ගේ දලජාතික නිශ්පාදිතයෙන් 17% ක පමණ ප්‍රමාණයක්. ඩොලර් ට්‍රිලියන තුනක් විතර වසරකට. ඒ කියන්නේ ඔවුන් රෝගීන්. නැතිනම් මෙපමන ප්‍රමාණයක් වියදම් කරන්නට වෙන්නේ නැහැ. අපේ රටවල් තවම ඒ තත්වයට පත්වෙලා නැහැ. මොකද මේ වන විටත් පවුල් සෞඛ්‍ය සේවය සහ ආයුර්වේද වෛද්‍ය සේවාවන් ගම් මට්ටමින් ක්‍රියාත්මක වන නිසා. එසේ නොවන්නට අපිටත් මේ දේම වෙලා ගොඩක් කල්. ඒත් අපි මෙතනින් නැවතිය යුතු ජාතියක් නෙවෙයි. අපිට නිරෝගී කම රැකගැනීමට හැකිය. ඒ අපේ රටේ ඇති සම්පත් නිසාය. වෙන රටවල නැති විශාල සම්පත් ප්‍රමාණයක් අප සතුව ඇත. විශාල ඖෂධීය ශාඛ ප්‍රමාණයක් අප සතුව ඇත. ඉතාමත් සරු පසක් අප සතුය. ඉතාමත් දියුණු පාම්පරික ඥාණයක් අපසතුය.මේ සියල්ල ගත් කල අප සිටින්නේ ඇත්තටම අපසිටිය යුතු තැන නොවන බව අප දැනගත යුතුවේ.

    වල් නාශක ආපු ආකාරයත් ටිකක් කතා කලා නම් තමයි හොඳ, මී අවුරුදු 30 කට පමණ පෙර අපේ රටේ තිබුනේ ස්වභාවික කෘෂිකාර්මිය ක්‍රමවේදයක්. නමුත් හරිත විප්ලවය කියලා බොරුවක් නිසා මේ තත්වය වෙනස් වුනා. විප්ලවය කියලා කලේ ජාන වෙනස් කල බෝග වෙලද පොලට ගෙනවා. ගුණාත්මක බව නැති වැඩි පලදාවක් ඇති බෝග හදුන්වා දුන්නා. කිලෝ පේර පේනවානේ.ඒක හොද නිදසුනක්. අපිත් ඉතිං කනවා. මෙසේ ජාන වෙනස් කල බෝග නිසා වෙනත් වල් පැල වැවෙන්න පටන් ගත්තා. මේ නිසා තමයි වල්නාශක අවශ්‍ය වුනේ. කෙසේ වෙතත් මේ වල්නාශක නිසා පසේ සිටින බැක්ටීරියා විනාශ වෙලා ගියා. ඕනිම ශාකයකට අවශ්‍ය මිනරල් උරාගන්නේ පසේ සිටින බැක්ටීරියාවන් විසින් එම මිනරල් ජීරණය කල පසුවයි. දැන් අර වල් නාශක නිසා බැක්ටීරියාවන් ටික මැරිල ගියා. දැන් ශාඛයේ පලවල තැන්පත් කරන්න මිනරල් නැහැ. මේ නිසා තමයි ඵල වල රසය නැති වෙනලා තියෙන්නෙත්. මේ නිසා කෘමීන්ට මෙම ඵලදාවට ලගා වෙන්නට හැකි වුනා. එසේ නොවන්නට ස්වභාවයෙන්ම පසේ තියෙන මිනරල් වර්ග වලින් කෘමීන් ලගා නොවන්නට අවශ්‍ය පසුබිම අදාල බෝග සතු වෙනවා. ඒත් දැන් ඒ තත්වය නැහැ. ඉතිං වල් නාශක වලට අමතරව දැන් කෘමි නාශකත් ගහන්න වුනා. මේ සියල්ල දැන් තවත් වස විස එකතු කරලා අපේ කෑම මේසයට ඇවිල්ලා තියෙන බව ඔබ අපි සියලු දෙනාම දන්නා සත්‍යයි.

    ලිපිය ලියන්නේ ඔටිසම් ගැන නිසා ඒ ගැන කතා කරමු. ඇමෙරිකාවේ මීට වසර 20 කට පමණ පෙර ඔටිසම් තත්වය 10000 : 1 ක්විය. එය මේ වන විට 68:1 වේ. මෙම තත්වය 2025 වන විට උපදින දරුවන්ගෙන් 2:1 දක්වා වර්ධනය වන බව දැනට ගනන් බලා ඇත. මෙය දෛවයේ සරදමක්දැයි කියලත් හිතෙනවා. කමක්නැහැ අපි ඉදිරියට යමුකෝ.

    දැන් මේ තත්වයට හේතු මොනවාදැයි කියා සොයාගත යුතුය. මීට ටික කලකට පෙර එන්නත් දෙකක්නිසා මෙම තත්වය ඇතිවෙනවා කියලා කොටසක් මත ඉදිරිපත් කලා. නමුත් එය තවත් කොටසක් විසින් ප්‍රතික්ෂේප කලා. කෙසේ වුනත් අපි මේ ගැන නොදන්න අය නිසා මහදැනමුත්තලා කියන දේ අහගෙන ඉන්න වෙනවා. ඊට එහා ගියොත් ඉතිං කණ්ඩායමෙන් පිටතටත් විසිවෙනවා. ඒ නිසා අපි ඒ කාරණය ගැන කතා නොකර ඉමු. නමුත් මේ ගැන උනන්දු වන අය මෙම එන්නත් දෙක ගැන කරුණු සොයා බලන ලෙසට මා ආරාධනා කරනවා.

    කෙසේ නමුත් මේ වන විට එක සාධකයක් විද්‍යාව විසින් පිලිගෙන තියෙනවා. ඒත් මුදල් තම දෙවියන් සේ සලකන අය එයද ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. ඒ ගැන ටිකක් කතා කල යුතුමයි. ඒ තමයි ග්ලයිපොසේට් (රවුන්ඩ්අප්) මේ ගැන අපේ රටෙත් යම් කතිකාවතක් ආරම්භ වුනා. නමුත් එය කතිකාවතක්ම පමණක් බවට පත් වුනා වගේ. ලස්සන කතාවක් බලලා ඉවර වුනා කියලා හිතෙනවා. දැන් ආපහු ඒවා එනවා කියලා කියනවා. ඇත්තද දන්නේ නැහැ. කොහෙම වුනත් ග්ලයිපොසේට් සහ ඔටිසම් අතර ඇති සම්බන්ධය ගැන දැනගැනීම ඉතාමත් වටිනවා.

    ග්ලයිපොසේට් කියන්නේ 1974 විතර ඇමෙරිකාවේ කටිටියක් සොයා ගත්ත වල් නාශකයක්. වල් නාශකයක් මෙතරම් හානිකර වන්නේ ඇයි. එය කෘමිණාශක වලට වඩා හානිකර වුයේ කෙසේද? මේ වගේ දේවල් ගැන ඔබට සිතිලා නැද්ද? අපි ඒ ගැන තේරෙන විදිහට ටිකක් කතා කරමු.

    ග්ලිපෝසේට් ඉසිනේ ශාඛ පත්‍ර වලට. ශාඛ පත්‍රෙය් ඇති සිදුරු වලින් ඇතුළු වන මෙම වල් නාශකය වල් ගස් වල මුල් කරා ඇදී යනවා. මෙසේ ගොස් මුල් වලින් එන්සයිම නිපදවීම නවත්වනවා. මේ නිසා ගසේ වර්ධනයට අවශ්‍ය එන්සයිම නැතිවෙලා යනවා. මේක තමයි වල් නසන ක්‍රමය. මේ ක්‍රමවේදය හදලා තියෙන්නේ වල් වලට පමණක් ක්‍රියාත්මක වන විදිහට මේ නිසා මිනිස් සිරුරේ හෝ වෙනත් සතෙකුට මෙම වල් නාශකය බලපාන්නේ නැති බව තමයි මේ නිශ්පාදන සමාගම කියන්නේ. බැලු බැල්මට ඇත්ත. නමුත් ග්ලයිෆොසේට් වල ඇති රසායනිකට බැක්ටීරියාවලද එන්සයිම නිපදවීම නවතාලනවා. ඒක තමයි ගැටලුව. ඉතිං හොදයිනේ නේද? බැක්ටීරීයා ටික මරාගන්න ඇන්ටිබයොටික් ගන්න ඕනිත් නැහැනේ කියලත් හිතෙනවා නේද? අනේ අපේ ශරීරයේ ඉන්න බැක්ටීරියා වලින් වැඩි දෙනෙක් අපිට හිතවත්. ඒ අය කරන දේ අපි දන්නෙත් නැහැ. නමුත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිසා අපි නිරෝගීව ඉන්නවා. මේවාට අපි කියනවා ප්‍රෝ බයෝටික් කියලා. ඉතිං මේ ගල්ෆොසයිට් නිසා ප්‍රෝ බයෝටික් නැමති හිතකර බැක්ටිරියාවන්ද විනාශ වෙලා යනවා. මේ අනුව අප විශාල පෝෂණ ඌණතාවයකට ලක් වෙනවා.

    ලෝකයේ තිරිඟු, බඩ ඉරිඟු සහ සෝයා නිශ්පාදන වලින් 90% කට විතර මෙම ග්ලයිෆොසේ්ට් භාවිතා කරන බව පවසනවා. ඉතිං මේ ආහාර ගන්නා අපි සියලු නො මේ ගලයිෆොසේට් ගැටලුවය මුහුන දෙනවා. ඒත් ප්‍රශ්නයක් නැහැනේ කියලත් හිතෙන වා ඇති නේද? මොකද අපිට ඔටිසම්ද කියලත් අහන්න පුලුවන්. මේ වගේ රසායනිකයක් අපේ ශරීරයට ආවහම වෙන්නේ ආහාර ජීරණ පද්ධතියෙන් කෙලින්ම අක්මාව වෙත යැවෙනවා. ඉතිං මේ වස විස ඇති දේවල් එතනදී නවත්වා ගන්නවා. එසේ නවත්වාගෙන විස නැති හරිය තමයි රුධිර සංරණ පද්ධතියට මුදා හරින්නේ. මෙහෙම කරන අක්මාව ටිකක් රෑ වෙනකම් බලාගෙන ඉන්නවා තමන් ඉතිරිකරගත් වසවිස ටික මුදා හරින්න. මතක තබා ගන්න මේ එක් රැස් කරගෙන ඉන්න කාලය ඇතුලත අක්මාවට හානියක්ද වන බව. ඒත් හානිය ගැන නොතකා තමයි මෙසේ වස විස රැස් කරගෙන සිටින්නේ. කෙසේ නමුත් අපි රාත්‍රී නින්දට යන විට මේ වසවිස හරණය කරනවා. එය සිදු කරන කාලයක්ද තියෙනවා. ඒ රාත්‍රී 11 සිට පාන්දර 2 දක්වා කාලය. මේ කාලය තුල අපි තද නින්දේ සිටිය යුතුයි. එවිට අර දවල් කාලයේ ආහාරයට ගත් ග්ලයිෆොසේට් ඇතුලු විශාල වස විස කොටසක් සිරුරෙන් බැහැර කරනවා. මෙවැනි රෝගී තත්වයක් ඇත් දරුවෙක් අනිවාර්‍යෙන් රාත්‍රී 10 වත් නිදා ගත යුතුයි. එයට ඔබ නිවසේ පසුබිම සදන්නේ නැත්නම් ඔබ ඒ දරුවා කෙරෙහි දක්වන්නේ බොරු ආදරයක් බව සිතා ගත්තාට කමක් නැහැ. එය ඔබට දැන්නේ නැතිනම් එය දරුවා පෙර කල කර්මයක් නිසා ඇතිවන තත්වයක් කියලා හිත හදාගත්තාට කමක්නැහැ.

    ග්ලයිෆොසේට් සහිත ආහාර අනුභව කරන කිරිදෙන මව්වරුන් ගේ කිරි වලද ග්ලිෆොසේට් ඇති බව සොයා ගෙන තියෙනවා. එය කෙතරම් දරුණු තත්වයක් දැයි සිතා බලන්න. අපේ දරුවන්නට යන කලදසාව කුමක්දැයි සිතා බලන්න. කුඹුරු අවට සිටින අයට මේ තත්වය ඉතාමත් දැඩි ලෙසට බලපානවා. අපි දන්නේ වකුගඩු අමාරු ගැන විතරයි. ඊට අමතරව අක්මාවේ ගැටලු, පිිලිකා, වගේම ඔටිසම් තත්වයත් මේ නිසා ඇතිවෙනවා.

    අපි ලේසියට කන සියළුම ආහාර වල මම ඉහත දැක්වූ ආහාර හෝ කෝන් සිරප් තියෙනවා. මේ කෝන් සිරප් දැන් විශාල වශයෙන් ආහාර නිශ්පාදනයේදී භාවිතා කරනවා. ඉතිං අපි මේ තත්වයට මුහුන දෙන්නේ කෙසේද යන්න දැන් සොයා බැලිය යුතු කාරණාවක්.

    අපි බලමු මෙවැනි තත්වයක් අපි නවත්වා ගන්නේ කෙසේද කියලා.

    මුලින්ම අපි කරන්නට ඕනි දෛනිකව අප විසින් සිරුරට ලබා දිය යුතු වන පෝෂය කොටස් 91 එක දිගට මාස 3 ක් ලබා දිය යුතුයි. මා මේ කතාව කියන සෑම විටම මෙතන ඉන්න සමහර පිරිස් ඇඩ්වර්ටීස්ට්මන්ට් දාන බවට චෝදනා කරනවා. අනෙක් කාරණය මේ සිංහල වෙදකමද කියලා අහනවා. ඔබට අවශය වන්නේ රෝගය සුව කර ගැනීම බවයි මගේ මතය. බෝනොවන සියළු රෝග වලට හේතුව ඛණිජ ලවන ඌණතාවයයි. මම මේ කතා කරන්නේ ඒ විටමින් මිනරල් ගැන. ඒවා ඔබ ගන්නේ කෙසේද කියන එක ඔබලාම තීරනය කරන්න ඕනි. ඒ නිසා මම මේ සදහන් කරන දේවල් ඉතාමත් කෙටියෙන් දක්වන්නේ. ඒ ගැන මම සාමාව ඉල්ලා සිටිනවා මේ කියවන ඔබගෙන්.
    මිනරල් ( ඛණිජ ලවන වර්ග ) 60
    විටමින් වර්ග 16
    ඇමයිනෝ අම්ල වර්ග 12
    මේද අම්ල වර්ග 3

    මේ ගැන මම ලිපියක් ලියා ඇති එයද කියවන්න. එහි මෙහි දක්වා ඇති පෝෂය කොටස් ගැන විශේෂයෙන් දක්වා ඇත.

    මේ පෝෂණය මාස තුනක් ලැබුනු පසු ඔබට අක්මාවේ එක් වී ඇති විශ හරණය කරන ක්‍රමවේදයකට යොමු විය හැකිය. මේ සදහාද මා දන්නා ක්‍රමවේදය කිව නොහැක්කේ අප ඉහත දැක්වූ ගැටලුව නිසාමය. මේ නිසා ඉහත දැක්වූ පෝෂණ කොටස් ලබා දීමෙන් පසු අක්මාවේ විශ හරනය කරගත හැකි ආකාරයක් සිංහල වෙදමහතෙකුගෙන් අසා දැනගෙන එය සිදු කරන්න. මේ අනුව මාස 4 ක් සිදු කර දරුවා ගේ සාධනීය වෙනසක් පෙන්වන්නේ නැතිනම් නිළ වෙදකම කරන වෙදමහතෙකු මුණ ගැහෙන්න. ඔහුට හැකියි ඉතිරි හරිය කරලා දෙන්න. දරුවා සාමාන්‍ය තත්වයට පත්වෙනවා සිකුරුයි.

    මේ සියල්ලටම පෙර සිදුකල යුතු වන්නේ මෙම රෝගි තත්වයට හේතු වන පහත දැක්වෙන ආහාර නවතාලීමයි.

    පාන් පිටි
    කෝන්
    සෝයා
    ගැඹුරුතෙලේ බදින කෑම වර්ග
    මාගරින්
    කාබනෝටඩ් බීම වර්ග
    බාබකියු
    නයිට්රේට් අඩංගු ආහාර ( සොසේජස් සහ දීර්ඝකාලයක් රතුපාටට පවතින ලෙස සකස් කල මස් වර්ග)

    දරුවා සමතයකට පත් කරගන්න ඔබ දෙන්නේ මේවාම නේද? මම දන්න අය ඉන්නවා දරුවට දවසකට කොකා කෝලා ලිටරයක් විතර බොන්න දෙනවා. මොන අපරාදයක් ද කියලා ඔබම සිතලා බලන්න.

    දෙවැනුව මුලින් කී පෝෂ්‍ය කොටස් 91 ලබා දෙන්නට ක්‍රමයක් සොයා ගත යුතුය. එය දින 90 ක කාලයක් තිස්සේ සිදු කල යුතුය.

    තුන් වැනුව අක්මාවේ ඇති විශ හරණය කල යුතුය. එය සිදු කල යුතු වන්නේ අපගේ සිරුර හොදින් පෝෂනයෙන් අනූන වූ පසුය.

    මේ සියල්ලටම අමතරව තවත් එක් කාරණයක් ඇත. ඒ අපේ සිරුරේ ඇති විද්‍යුත් සන්නයනය ගැන ඇති තත්වයයි. අපගේ සම හරියට සෝලා පැනල් එකක් වගේ කිව්වට කමක් නැහැ. එය අව්වට නිරාවරණය වුනාම අපගේ සිරුරට ඍණ අයන මුදා හරින ක්‍රමයක් තියෙනවා. මේ නිසා ධන රින ආරෝපන බැලන්ස් කරගන්නට හැකිවෙනවා. මේ නිසා මෙවැනි දරුවන්ට උදේට හොදට සෙල්ලම් කරන්න දෙන්න. එය කොපමණ දුරට සිදු වනෙවාද කියලා සොයා බලන්න.

    ‍මේ සියල්ලටම වඩා විශේෂ කාරණය නම් අපේ ගැබිණි මව් වරුන් තම ආහාර වේල ගැන සැලකිලිමත් නොවීමයි. දැන් දැන් දොලදුක හැදෙන්නේත් වහකඩ වලතියෙන කෑම කන්නමයි. මැක්ඩොනල්ඩ් එකකට ගහින් බලන්න ගැබිණි මව් වරුන් නැද්ද කියලා. ඒක නම් කරන්න එපා දරුවට ආදරයක් තියෙනවා නම්. වස විස කන එක සම්පූර්ණයෙන් නතර කරලා දෙදනිකව අප සිරුරට ලබා දිය යුතු වන සියළුම පෝෂණය සහිත ආහාර වේලක් ලබා ගන්න.

    අළුත කසාද බදින්න ඉන්නඅයටත් යමක් කියන්න ඕනි. ඒ තමයි ලක්ෂ ගනන් වියදම් කරලා වෙඩිං එක ගන්න එකට වඩා වටිනවා දෙන්නත් එක්ක ටිකක් වියදම් කරලා කාබණික ආහාර සදහා යොමු වෙන එක. එසේම පෝෂනය සොය බලා කටයුතු කරන එක. එසේම කසාද බදින්නට කලින් අක්මාව සහ ආහාර ජීරණ පද්ධතිය ක්ලෙන්ස් කරගන්න එක. මේ කරුණු තමන් දරුවෙක් වදන කාලෙකදී වැදගත් වේවි.


    Nayana Thenuwara
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    ඔටිසම්.... 02

    අපි මීට පෙර ඔටිසම් ඇතිවීමට ප්‍රධානම හේතුවක් ලෙස සැලකෙන ගලයිෆොසේට් ගැන කතා කලා. අපි මෙහිදී සලකා බලන්නට උත්සහා කරන්නේ මෙම තත්වය නිසා මොළයට වන හානිය වලක්වා ගන්නේ කෙසේද කියන කාරණයයි.

    ග්ලයිෆොසේට් යනු විස රසායනිකයක් වන අතර එය වල්නාශකයක් ලෙසට වගාවන් වලට එක් කරයි. එම වල් නාශකය තෘණ ශාඛ වල එන්සයිම නිපදවීම නවතා නල නිසා තණකොළ මර්ධනය සදහා යොදාගැණින. නමුත් අපගේ ආහාර වලට සේම ලදරැවාට කිරි දෙන මවගේ කිරිවලට පවා මෙම ග්ලයිෆොසේට් මිශ්‍රවී ඇති බව දැන් දැනගන්නට ඇත. මෙම ග්ලයිෆොසේට් අපගේ සිරුරේ සෛල වලට කිසිදු හානියක් සිදු නොකරන බව නිශ්පාදකයන් විසින් විශාල වියදමක් දරා ලොව පුරා ප්‍රචාරය කරගෙන යයි. එය හනිකර බව පවසන අයද ටික කාලකින් එය එසේ නොවන බව පිලිගනී. මුදල් හම්බකරන්නට හොද මාර්ගයක් වගේ.

    නමුත් මෙම ග්ලයිෆොසේට් විස රසායනිකය අප සිරුරේ ඇති බැක්ටීරියා විනාශ කිරීමට සමත්ය. මේ නිසා අප සිරුරේ සිටින හිතකර අහිතකර සියලුම බැක්ටීරියා විනාශ කර දමයි. මේ හේතුවෙන් අපට විශාල විටමින් සහ මිනරල් ඌණතාවයකට මුහුන දෙන්නට සිදුවේ.

    එසේම මෙම රසායනිකය අක්මාවට පැමිණෙන විට අක්මාව විසින් නතර කරගනු ලබයි. ඒ අනශය දෙයක් රුධිරයට එක් කිරීම නුසුදුසු නිසාය. ඒත් අප ගන්නා ආහාර වල ඇති මෙම රසායනිකය වැඩි වනන්නට වැඩිවන්නට අක්මාවටත් මෙය දරාගත නොහැකි තත්වයකට පත්වේ. අනෙක් කාරණය නම් අක්මාවට විශ හරණය කරන්නට වේලාව අපි ලබා නොදීමත් විශ හරණයට උපකාරී වන සල්ෆර් සහිත ආහාර නොගැනීමත් ය. මේ අනුව අක්මාව දිගින් දිගටම දුර්වල වන්නට පටන් ගනී. මේ හේතුවෙන් අක්මාවේ එක් ප්‍රධාන කාර්‍යයක් වන සිරුරේ පැවැත්මට අත්‍යවශ්‍ය වන කොලෙස්ටරෝල් නිපදවීමද ඇන හිටී. ඒ හේතුවෙන් ඔක්සිකරණ ක්‍රියාවලිය ශරීර අභ්‍යන්තරයේ දිගින් දිගිටම සිදුවේ. මෙය මොළයේ නියුරෝන සෛල වලටද බලපායි.

    ‍ඔටිසම් රොගී තත්වයක් ඇති දරුවන්ට මොළයේ ඇතිවන වෙනස් කම් ආකාර කිහිපයකින් දැකගත හැකිය. මුලින්ම මෙම තත්වය ඇති මව්වරුන්ට එක් ප්‍රධාන වෙනස් කමක් දරුවන් ගෙන් දැකගන්නට හැකි වෙතැයි සිතමි. එය ඔබගේ දරුවාටත් පොදුය. මේ ගැන සොයා බලන්න. සාමාන්‍යෙයන් මෙම දරුවන්ට උණ වැලදුන විට මෙම තත්වය තරමක් දුරට පාලනය වේ. එය ඔබ දැක තිබෙනවාද? මෙයට හේතුව වන්නේ මෙම රෝගය ඇති දරුවන්ගේ මොළයේ නියුරෝන අතර ඇති සිනැප්ස් කියන ප්‍රෙද්ශය උෂ්ණත්ව වෙනස නිසා උත්තේජනය විමයි. මෙසේ උතතේජනය වීම හේතුවෙන් මෙම රොගී තත්වය ඇති අයගේ නිරන්තරයෙන් ඇතිවන සිනැප්ස් අතර තිබෙන ප්‍රෝටීන් නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නට පටන් ගනී. මෙම තත්වයන් දෙකම පාලනය කර ගන්නට හැකිනම් මෙම රෝගීන්ට යම් සහනයක් ලැබේ.

    සිරුරේ උෂ්ණත්වය තරමක් ඉහල දමාගත හැකි ක්‍රමයක් නම් කළු තල ආහාරයට ගැනීමයි. කළු තල මගින් සිරුරේ උෂණත්වය තරමක් දුරට ඉහල දමයි. මෙය හොද ප්‍රවණතාවයකි. එසේ කිරීම මගින් නියුරෝන අතර ඇති සිනැප්ස් වල ඇතිවන දුර්වලතාද මගහැරී යයි. මේ අනුව මෙවැනි රොගී දරුවන් හට තල කන්නට දෙන්න. කළු තල මෙස හැදි දෙකක් විතර දවසකට දෙන්න. හකුරුටිකක් දාලා කොටලා තියාගත්තා නම් කන්නට ලේසියි. කන වෙනත් ආහාර වලට එක් කලත් කමක් නැහැ.

    ‍ඊලග කාරණය නම් මුක්ථ ඛණ්ඩක ප්‍රහාර හේතුවන් මොළයේ සෛල ඔක්සිකරණය වීමයි. මෙය ඉතිමත් දරුණු තත්වයකි. ඉක්මණින් අදාල ප්‍රතිඔක්සිකාරක නොගත හොත් එය පසුතැවිමකට හේතු වන කාරණාවක් විය හැකිය. මොකද මොළයේ සෛල අළුත් වැඩියා කිරීම පහසු නොවන නිසාය. මේ සදහා අපි කල යුතු වන ප්‍රධානම ක්‍රියාමාර්ගය නම් ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර දෛනිකව දරුවාට ලබා දීමයි. මෙවැනි අයට කල හැකි තවත් එක් සරල ක්‍රමයක් නම් ජපානය විසින් සොයාගත් අයණීකෘත ජලය පානය කරන්නට දීමයි. සිංගප්පූරුවේ නම් කන්ගන් වොටර් නමින් මෙවැනි ජලය අයණීකරණය කරන යන්ත්‍රයක් තියෙනවා. එහි පී එච් අගය 9.5 ක ජලය ආහාර වේල් ගන්නා කාලය අතහැර පානය කරන්නට සැලැස්වීම මෙම තත්වය ඉතා ඉක්මණින් නවතා ගැනීමට හේතු වන බව අප දැක ඇත. එසේම බ්‍රොකලි ආහාරයට දීම ඉතාමත් සුදුසුය.

    ‍මෙවැනි අයගේ තවත් එක් ගැටලුවක් නම් සෛල ඇත්ලත ඇති බලාගාරය වන මයිටොකොන්ඩ්‍රියා නිසි ලෙස ක්‍රියාත්මක නොවීමයි. මේ නිසා දරුවාගේ සාමාන්‍ය ජීවිතය ව්‍යාකූල වේ. මයිටොකොන්ඩ්‍රියා නැවත සක්‍රිය කරගැනීමට අප දරුවාට cruciferous වර්ගයේ ආහාර නිතර ලබා දිය යුතුය. ගෝවා, බ්‍රොකලි, කේල්, කෝලිෆ්ලවර් මෙම කුළයේ ආහාර වේ. නෝකෝල් සහ රාබුද මෙවැනි අයට හොද ආහාර වේ.

    ‍මේ සියල්ල සිදු කරන අතර අප දෛනිකව ලබා දිය යුතු පෝෂණය මාස තුනක කාලයක් දිගටම ලබා දීම ඉතාමත් අත්‍යවශ්‍යය. විශේෂයෙන්ම මා පෙර ලිපියේ සදහන් කල අක්මාව විශ හරණය කරගැනීමට මෙය ඉතාමත් වැදගත් වන නිසාය.

    විශාල පිරිසක් මා මින් පෙර ඔටිසම් ගැන ලියූ පලමු කොටසින් ගෙනහැර දැක්වූ පෝෂන කොටස් ලබා ගත හැකි ආකාරය අසා සිටි නිසා විරෝධතා මධයයේ වුවද අදාල පෝෂක ගැන හෙලිකරන්නට හිතුනා. මොකද නැතනම් මේලිපිය කියවලා බලලා නොදැනුවත් කම නිසා ව්‍යාජ නිශ්පාදන වලට අහුවිය හැකි නිසා. අපි මෙවැනි අයට ලබා දෙන පෝෂණ අතිරේක පහත දක්වන්නම්. එසේම අක්මාවේ විෂ හරණය කරගැනීම මාස තුකකට පසු සිදු කරන ආකාරයද දක්වන්නම්. මා මෙහි දක්වන්නේ සිංහල වෙදකමක් කරගැනීමට නොහැකි, අපි ජීවත් වන රටවලට ගැලපෙන ක්‍රමවේදයයි. ලංකාවේ නම් සිංහල වෙදකම තුලින් හෝ ආයුර්වේදය තුලින් මේ පෝෂණ කොටස් ලබා ගත හැකි ක්‍රම තියෙනවා. මේ නිසා ලංකාවේ ඉන්න අය එම ක්‍රම වෙත යොමු වෙන්න.

    පිලියන්දල සම්පත් මහත්තයා ගාවට එන මෙවැනි රෝගීන් හට පෝෂණය අවශේෂණය වැඩි කරගැනීමට අවශ්‍ය ඔසු ලබා දෙනවා මම දැක තියෙනවා. මේ නිසා එවැනි හෙළ වෙදකම නිසිලෙස සිදුකරන වෙදමහතුන් වෙත යොමු වෙන්න. පිට රට වල වෙසෙන අයට නම් මා පහත දක්වන ක්‍රම අනුගමණය කල හැකියි.

    පලමු මාස තුන පහත දැක්වෙන සප්ලිමන්ට් වර්ග ගන්න.

    1 . Vitae Gene PPARs ( Made in Singapore)
    2. beyond Tangy Tangerine ( Made in USA )
    3. Beyond Osteo F X ( Made in USA )
    4. EFA plus ( Made in USA )
    5. Cellsheald RTQ ( Made in USA )

    ‍මෙසේ මෙම සප්ලිමන්ට් මාස තුනක් ගත් පසු සති දෙකක කාලයක් අක්මාන විශ හරණය කිරීමේ කාර්‍ය්‍ය සිදු කරල යුතුයි. අපි එය සිදු කරන්නේ පහත ආකාාරයටයි.

    සති යක කාලයක් බර ආහාර ගැනීමෙන් වැලකිය යුතුයි. ඒ වෙනුවට අපි කරන්නේ දවසකට Vitae Gene PPARs වැඩි හිටි කෙනෙකුට නම් ග්‍රෑම් 6ක ප්‍රමාණයක් ද වයස 12 ට අඩු දරුවන්ට ග්‍රෑම් 3 ක ප්‍රමාණයක්ද ලබා දීමයි. මෙම Vitae Gene PPARs නම් පෝෂණ අතිරේකයේ ප්‍රධානම කොටස වන Clorella Sorokiniana නම් ඇල්ගී වර්ගය ග්රෑම් එකක කාබණික එලවලු කිලෝ එකක පෝෂණය සහිත බව නාසා ආයතන විසින් සනාත කර ඇත. මේ නිසා අභ්‍යවකාෂ ගාමීන් සදහා ආහාරයක් ලෙසට මෙම ඇල්ගී වර්ගය නිර්දේශ කර ඇත. එම ඇල්ගීවර්ගය සහ වෙනත් ප්‍රතිඔක්සිකාාරක එක් කොට නිපදවා ඇති මෙම පෝෂණ අතිරේකය මේ සදහා සුදුසු බව මා අත්දැකීමෙන් දන්නේ මා මෙම නිශ්පාදනය සමග වසර 10 ක් වැඩ කර ඇති නිසාය.
    ‍මෙම සතියක කාලය තුල අපි බර ආහාර ගන්නේ නහැ. ඒ වෙනුවට අපි මේ දිනවලට ආහාර ලෙස ගන්නේ සල්ෆර් සහිත එළවලු පමනයි. රාත්‍රියට කැද වගේ දෙයක් දුන්නට කමක් නැහැ. එම වර්ගයේ එලවලු තමයි cruciferous කුළයේ එළවලු. ගෝවා, බ්‍රොකලි, කෝලි ෆ්ලවර්, රාබු, නෝකෝල් , කේල්. බක්චෝයි, වැනි එළවලු මේ කුලයට අයිතියි.
    ‍මෙසේ සතියක් සිදු කිරීමෙන් පසු ඉතිරි සති දෙක තුල දරුවාට රාත්‍රී නින්දට පෙර බීට්රෑට් ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා ජූස් මේස හැදි දෙක බැගින් දෙන්න. ඒ කාලය තුල Vitae Gene PPARs ග්‍රෑම් එකක් ලබා දිය යුතුයි. මේ සියලල්ටම වඩා දරුවා රාත්‍රී 10 ට පෙර නිදා ගත යුතුය. නැත්නම් අක්මාවට අදාල කාර්‍ය්‍ය සිදුකරගන්නට නොහැකි වෙයි.

    මේ අනුව මෙම සති තුන ඇතලත දරුවාගේ අක්මාවෙ නිසි ලෙස පිරිසිදු වී තිබෙනු ඇති.

    ‍මේ සියළු කාරණා නිශ්පලයි ඔබ විසින් දරුවාට අපි ඔටිසම් 1 ලිපියේ පලකල අත් හල යුතු ආහාර ලබා දෙනවා නම්. ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න.

    ‍මේ ආකාරයට ඔබගේ දරුවාගේ ඔටිසම් තත්වය මග හරවා ගත හැකි අතර යම් හේතුවක් නිසා මේ ක්‍රමවේදයෙන් පසුව දරුවා තුල ලොකු වෙනසක් නොපෙනේ නම් නිළ වෙදකම හෝ ඇකියුපංචර් වෛද්‍ය ක්‍රම වෙත යොමු වන්න. දැන් ඉතිරිව ඇත්තේ සුලු කොටසක් වන අතර මෙම වෛද්‍ය ක්‍රම වලින් ඉතිරි ටික ඉවත් කරගත හැකිය.


    Nayana Thenuwara
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    රුධිරයේ සීනී මට්ටම සහ දියවැඩියා රෝගය පාලනය සදහා උපදෙස්.

    1.රෝගීන් සදහා සම්පූර්ණයෙන් වැලකිය යුතු ආහාර .

    මුදවපුකිරි,යෝගට් ,මේද රහිත කිරි,හකුරු,පැනි,සීනි,සිරප් වර්ග ,ටින් කිරි වර්ග,පැණි බීම වර්ග ,ජෑම්,කේක්,ටොෆී,පළතුරු බීම,අයිස් ක්‍රීම්,හොදින්ම ඉදුණු පළතුරු

    2.යම් ප්‍රමාණයකින් ගත හැකි ආහාර.

    රතු නිවුඩු තම්බපු බත්,රතු කැකුලු බත්,කුරක්කන්,මුං ඇට,කඩල,කවුපි,සහල් පිටි වලින් සැකසූ ආහාර.

    3.හැකි තරම් ගත හැකි ආහාර.

    පලා වර්ග.
    උදා-තෙබු,කෝවක්කා,මැල්ල,මුරුංගා කොල,ගොටු කොල,සාරන,කං කුං,රතුලූනු කොල,කොහිල,වට්ටක්කා දලු,කැබැල්ල දලු,වැල් පෙනෙල,නිවිති,ඇඹරැල්ලා දළු,අගුනකොල...

    එලවළු
    උදා-මුරුංගා,බංඩක්කා,කරවිල,වැටකොළු ,දඹල,ගෝවා,බෝංචි,මෑ,නෙළුම් අල,පොලොස්,අළු කෙසෙල් ගෙඩි සහ පොතු,කෙසෙල් මුව,පතෝල,කැකිරි,ඇඹරැල්ලා,..

    පළතුරු
    උදා-
    මදක් ඉදුනු ඇඹුල් කෙසෙල්,නෙල්ලි,ලොවි,උගුරැස්ස,කාමරංගා,මාදං,කජු පුහුලං,පිනි ජම්බු,ජම්බු,ඇඹරැල්ලා .

    4.යෝග්‍ය පාන වර්ග.

    බෙලි මල්,බෙලි කටු,රණවරා මල්,ඉරමුසු මුල්,දැල් බටු(පඩ වැල්) තැම්බූ වතුර,කොල කැද

    5.ප්‍රධාන අහාර වේල්.

    සමස්තයක් ලෙස දිය වැඩියා රෝගියෙකුට දිනකට බත් අහාරයට ගන්නේ නම් අඩු කෝප්ප 3ක් නිර්දේෂ කරයි.එය වේල් 3 සදහා අනුපාතිකව බෙදා ගත හැක.
    උදා- උදයට 1 1/2, දහවලට 1, රාත්‍රියට 1/2 ක් ලෙස සුදුසු එලවලු සමග

    *උදයට ධාන්‍ය වර්ගයක් ගනී නම් එය ආසන්නව බත් අඩූ කෝප්පයකට සමානව මිනුම් කල හැක.

    රාත්‍රී අහාරය,

    ශක්ති ජනක අගය ඉතා අඩු ආහාරයක් විය යුතු මය.(low calorie diet)එලෙසම නින්දට පැය දෙකකටවත් පෙර ආහාර ගත යුතුය.

    *තැම්බූ එලවළු පමනක් හා අවශ්‍යය නම් තැම්බූ මාලූ කැබැල්ලක්.

    හෝ
    *එලවළු සුප් හා තැම්බූ මාලු කැබැල්ලක්

    හෝ
    *ඉහත පරිදි බත් අඩුකෝප්ප එකක් පමන සමග එලවලු සහ සලාදයක්.

    6.විශේශ කරුණු .

    A.රට කජු ආහාරයට ගන්නේ නම් දිනකට උපරිම ඇට 15 ක් පමන.

    B.පාන් සහ පාන් පිටිකෑම පමනක් කිසිම විටක ප්‍රධාන ආහාර වේලකට ගැනීමෙන් වලකින්න.

    උදා- රොටී,කොත්තු ,ඉදිආප්ප,බනිස්,නුඩ්ල්ස්...

    C.එලවළු තැම්බිමේදී කැරට්,බීට් ,අල හැර අන් සියලු දෑ තේරීමකින් තොරව තම්බා ගන්න.

    D.සම්බා සහල් භාවිතය හැකිතාක් අඩුකිරීම හෝ නතර කිරීම.

    E.රට ඉදි හා හකුරු සමග තේ පානය නතර කිරීම

    F.පලතුරු වඩා යෝග්‍ය මදක් ඉදුනු ඇඹුල් කෙසෙල්,ගස්ලබු මධ්‍යම ප්‍රමානයේ කැබැල්ලක් සහ ඉහත සදහන් ඒවාය.

    7.දවස මුළුල්ලේ ම ශරීරයේ සීනී මට්ටම යහපත්ව තබා ගැනීම සදහා පානයක්.

    බර්ලි ඇට 50g ක් පමණ තම්බා වතුර බෝතල් එකක් සකස්කර තිබහ දැනෙන සෑම අවස්තාවකම පානය කරන්න.
    මෙය insulin ලබා ගන්නා රෝගීන් සදහාද ඉතා ගුණදායකය.

    8.රාත්‍රී ආහාරය සදහා සාදා ගත හැකි විශේශ පානයක්.

    ගොටුකොල යුශ කෝප්ප ½ කට ,කුරක්කන් පිටි 20-30g,සුදුළූණු බික් 2,3ක්,ගම්මිරිස් ඇට 2,3ක් සුප් එකක් ආකාරයට පිලියෙල කර පානය කිරීම.

    9.අලුයම හිස්බඩ,

    a.කොහොඹ පත්‍රිකා 7ක් සහ ගම්මිරිස් ඇට 5ක් හපා ආහාරයට ගැනීම.

    b.කබලේ බැද කුඩුකරන ලද උලුහාල් තේ හැදි 1ක් රාත්‍රියට උනුවතුර අඩුකෝප්ප ½ කට දමා පසුදා බීම.

    10.ශාරිරික ව්‍යායාම .
    දිනපතා අවම ලෙස මිනිත්තු 40 ක් පමන ඇවිදීම හෝ පිහිනීම.
    ඉහත ආකාරයට අහාර පාලනයකින් යුතුව ගැනීමෙන් හා උපදෙස් පිලිපැදීමෙන් දියවැඩියා රෝගියෙකුට රුධිර සීනි මට්ටම පාලනයට උපකාරී වන අතර නිරෝගී අයකුට දියවැඩියා ව වලක්වා ගැනීමටද උපකාරී වේ.

    වෛද්‍ය .ප්‍රසාද් විජේසේකර
    077 33 85 541
    071 83 65 605
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    කශේරුකාවේ නිරෝගීතාවයට නිවැරදි ඉරියව් සහ චර්‍යා පැවැත්ම.

    1. අවම ලෙසෙ මිනිත්තු 40 කට වරක්වත් ඉරියව් වෙනස්කරන්න.

    උදා- *හිටගෙන සිටින්නේ නම් මිනිත්තුවකට දෙකකට හෝ වාඩිවන්න.
    වාඩි වී සිටින්නේ නම් සුළු වේලාවකට හෝ හිට ගන්න.

    2. පුටුවක වාඩිවී සිටිනවිට කොදු ඇට පෙළ ඍජුව සිටිනසේ පවත්වා ගන්න.
    ඉද්ද ගැසුවා සේ නොසිටින්න.සැහැල්ලුව කෙලින් සිටින්න.

    3. බිම ඇති දෙයක් ගැනීමේ දී හා බරක් එසවීමේදී දනහිස් නමා පහත් වන්න.
    කොන්ද නමා බර ගැනීමෙන් වලකින්න.

    උදා-*දරුවකු වඩා ගැනීමේදි දරුවාට පුටුවක හෝ ආදාරකයක නගින ලෙස උපදෙස් දී කොන්ද ඍජුව තබාගන්න.

    4. යමක් තල්ලු කිරීමේදී ඉදිරියට තල්ලු කිරීමෙන් වලකින්න.
    අත් පිටුපසට තබා පසුපසින් පිටුපසට තල්ලු කරන්න.

    5. ඇදක නිදා ගන්නා විට පැත්තකට හැරී නිදා ගන්න.
    උඩු අතට හෝ මුනින් අතට හැරී නිදා අගැනීමෙන් වලකින්න.

    6. වඩා උස නොවන කොට්ටයක් සහ වඩා ස්පොන්ච් නොවන මෙට්ටයක් භාව්ත කරන්න.
    ඇදෙන් නැගිටිනවිට පැත්තට හැරී ඇදට බරදී සෙමින් කකුල් පහතට දමා නැගිටින්න.

    7. කිසිවිටක සීතල වදින ලෙස බිම නිදා නොගන්න.
    අවම ලෙස පැදුරක් භාවිත කරන්න.
    සවස්කාලයට ස්නානය සහ සීතල වතුර පරිභෝජනයෙන් වලකින්න.

    8. විශේෂයෙන් ගැස්සෙන වාහන භාවිතය අඩුකරන්න.

    උදා-* ත්‍රී රෝද රථ, යතුරු පැදි ,බස් රථවල රෝදය අසල ආසනය

    9. කායවර්ධන ව්‍යයාම, යෝග අභ්‍යාස,බර ඉසිලීම,අසීරු දිගැදුම් ව්‍යායාම වලදී කල්පනාකාරි වන්න.

    ඔබ පීඩා විදින ඕනෑම අලුත ඇතිවූ හෝ කල්ගත වූ හෝ සුශුම්නා ස්නායු හෝ කශේරුකාවේ ආබාධ සදහා සාර්ථක ප්‍රතිකාර....අමතන්න

    වෛද්‍ය.ප්‍රසාද් විජේසේකර
    077 33 85 541
    071 83 65 605
     
    • Like
    Reactions: PHBhagya

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    අකලට හිසකෙස් සුදු වීම සහ වැටීම වලක්වා ගන්නේ කෙසේද?

    1.රාත්‍රී ස්නානය සම්පූර්ණයෙන්ම නවතා දමන්න.

    2.සවසට උණුවතුරින් ඇග සෝදන්න.ස්නානය උදය 10 ත් සවස 2 ත් අතර සුදුසුම වේලාවයි.

    3.කෘතීම ශැම්පු වර්ග ,සැර සබන් වර්ග භාවිතය හැකි තරම් අවම කරන්න.

    4.ශැම්පු වර්ග භාවිත කරයි නම් ඒවා නිතර නිතර වෙනස් කිරීමෙන් වලකින්න.

    5.ස්නානය කල විගස හිසේ තෙත තිබියදී තෙල් ආලේප නොකරන්න.

    6.හිසේ තෙල් ආලේප කරන විට ස්නානයෙන් පැය දෙකකට පෙර හෝ දහවල් ස්නානය කර හිස කෙස් හොදින් වියලුනු විට තෙල් ආලේප කරන්න.

    7.රාත්‍රී කාලයේ තෙල් හිසේ ආලේප නොකරන්න.

    8.පිරිසිදු පොල් තෙල් හෝ ඖධීය තෙලක් ඉහත් කී ආකාරයට හිස ගල් වන්න.

    9.තෙල් ගැල්වීමේදී තදින් හිස සම්භාහනය නොකරන්න.මෘදුව කේශ මූලය සම්භාහනය කරන්න.

    10.ඉස්සොරි ඇති නම් නෙල්ලි,දෙහි ගෙඩි භාගයක්,උළුහාල් තම්බා හිස සෝදන්න.

    11.වෙනත් චර්ම රෝග හිස ආශ්‍රිතව ඇතිනම් ප්‍රතිකාර ලබා ගන්න.(පොතුකබර,උදු ගොව්වා කෑම)

    12.නිතරම හිස් වැසුම් භාවිතා කිරීමෙන් වලකින්න.හෙල්මට් භාවිත කරන්නේ නම් හිසට කපු රෙදි කැබැල්ලක් තබා හෙල්මටය භාවිතාකරන්න.

    13.පීනස හෝ වෙනත් සෙම් රෝග තිබේනම් ආසාත්මිකතා ඇතිකරන ආහාර වර්ග වලින් වලකින්න.

    14.සිරුරේ උනුසුම වැඩි කරන උශ්න ආහෑර ගැනීමෙන් වලකින්න.

    15.කතුරු මුරුන්ගා,මුරුන්ගා,ගොටුකොල,සාරන,නිවිති වැනි පලා වර්ගත් නෙල්ලි,පේර,අඹ,කෙසෙල් වැනි පලතුරුත් නිතරම ආහාරයට එක්කකර ගන්න.

    16.කෘතීම ආහාර, ක්ශනික ආහාර,රස කාරක යොදා සකස් කල ආහාර සහ සියලු කෘතීම පාන වර්ග රස කාරක වර්ග වලින් හැකි තරම් ඈත් වන්න.

    17.කොල කැද,බෙලිමල්,රනවරා,ඉරමුසු..වැනි ස්වාභාවික පාන වර්ග නිතරම පානය කරන්න.

    18.මුං ඇට ,කඩල ,කව්පි ,කුරක්කන්,තල ආහාරයට නිතරම එක්කරගන්න.

    19.රාත්‍රී නිදිවැරීමෙන් වලකින්න.ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.

    20.නිතරම මානසික ආතතියෙන් පෙලේනම් ඒ සදහා උපදේශනයට හෝ ආගමික කටයුතු සදහා යොමු වන්න.

    මේ ආකාරයට තමන්ගේ චර්‍යා සහ ආහාර රටාව ක්‍රමවත් කර ගැනීමෙන් ඔබට කරදරයක්ව පවතින අකලට හිස කෙස් සුදු වීම සහ වැටීම අවම කර ගත හැකිවේවි.

    තෙරුවණ්සරනයි..!!

    වෛද්‍ය .ප්‍රසාද් විජේසේකර .
    0773385541
    0718365605
     
    • Like
    Reactions: PHBhagya