සිංහ පෝතකයෝ යළි අවදිවෙයි

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    සිංහ පෝතකයෝ යළි අවදිවෙයි

    14-MATCH-WIN.jpg
    පාකිස්ථාන කණ්ඩායමේ ජයග්‍රාහී ගමන නවතා දමමින් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඊයේ (14)ආරම්භ වූ දෙවන එක්දින තරගය ලකුණු 25 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

    ඩුබායි හී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් ශ්‍රී ලංකා නායකයා මුලින්ම ලකුණු රුස් කිරීමට තීරණය කළා.
    තරග කිහිපයකට පසු පළමු කඩුල්ලට හොඳ සම්බන්ධතාවක් ගොඩනැගීමට තිලකරත්න ඩිල්ෂාන් සහ උපුල් තරංග සමත් වුණා.
    මුළු ලකුණු සංඛ්‍යාව 56 ක් තිබියදී පළමු කඩුල්ල ලෙස නායක තිලකරත්න ඩිල්ෂාන් පිටියෙන් ඉවත් වුණේ ලකුණු 28 ලබාසිටියදී.
    කුමාර සංගක්කාරට ලබාගත හැකිවූයේ ලකුණු 5 පමණයි.
    දිනේෂ් චන්දිමාල් ලකුණු 15 ට පටියෙන් ඉවත් වුණා.
    ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් අසීරු තත්වයකට පත්ව සිටියදී තම අන්තය ආරක්ෂා කරගත් උපුල් තරංග ලකුණු 77 ලබාගත්තා.
    ඊට මනා සහයක් ලබාදුන් මහේල ජයවර්ධන ලකුණු 50 ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජවයක් එක්කරමින්.ඒ ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ 61 වන අර්ධ ශතකයයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 235ක් පමණයි.

    සායිඩ් අජ්මාල් මෙවරද සාර්ථක වෙමින් කඩුළු 3 ක් දවාගත්තා.

    ලකුණු 236 ජයග්‍රාහී ඉලක්කය හඹායාමට පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායමේ මුල් පිතිකරුවන් ඉතා ඉක්මනින් ක්‍රීඩාගාරයට හරවා යවන්නට ලසිත් මාලිංග සහ තිසර පෙරේරා සමත් වුණා.
    පාකිස්ථානයේ ප්‍රථම කඩුලු 3 ලකුණු 11ක් තුළ දැවීගියා.
    නායක මිස්බා උල් හක් ලකුණු 21 සහ උමාර් අක්මල් ලකුණු 91 සීමා කිරීමට දිල්හාර සමත් වුණා.
    ශහීඩ් අෆ්රිඩි පන්දු 14කදී ලකුණු 29ක් රැස්කළා.
    කෙසේ වෙතත් පන්දුවාර 46යි පන්දු 3ක් අවසානයේ පාකිස්ථානයට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 210ක් පමණයි.
    ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ මෙතෙක් පැවති තරග දෙ‍කෙන් තරගය බැගින් ජයගෙන කණ්ඩායම් දෙකම සම ම්ටටමේ පසුවෙනවා.
    ලසිත් මාලිංග ලකුණු 36කට කඩුලු 3ක් දවාගත්තේ තරගයේ වීරයා සම්මානයද හිමිකර ගනිමින්.
    ලසිත් මාලිංග ඊයේ ක්‍රිකට් ඉතිහාසයට එක්වුණේ ඉතා අඩු තරග සංඛ්‍යාවකින්(තරග 96) කඩුළු 150 දවාගත් ක්‍රීඩකයන් අතරටයි.
    දෙරට අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය ලබන 18 වෙනිදා ආරම්භ වීමට නියමිතවයි.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ලසිත් මාලිංග ලකුණු 36කට කඩුලු 3ක් දවාගත්තේ තරගයේ වීරයා සම්මානයද හිමිකර ගනිමින්.

    lasi.jpg