සිගරට්

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අපි නිකං හිතුවට හිත හොදට හයිය එකෙකුට විතරයි ඕක කරන්න පුලුවන්.
    තමන්ගෙ අතේ තමා වැඩේ තියෙන්නේ...
    :yes::yes:
     

    wasanthahwr

    Junior member
  • Jun 30, 2007
    115
    42
    18
    Elaz...

    ela kollek onna umbawa kotu 2k kara
    තෑන්ක්ස් මචන්.....
    මම අවුරුදු 10 ක් විතර එක දිගට සිගරට් බිව්වා.... 2016 අග වෙනකොට දවසකට 20ක් විතර බොන්න පුරුදු වුනා... 2017 ජනවාරි මුල ඉදල ඔය කියල තියෙන විදියට තදටම හිතට අරන් නැවත්තුවා..... දැන් මාර සනීපයි බන්... හැම අතින්ම.....:):):):):):):):)
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,259
    523
    113
    CS OR DotA map eke
    හොද එකක් නිසා දාන්නෙ..... ගත්තෙ බුකියෙන්....:yes::yes:

    අරාබියේ වැඩ කරපු කාලේ මම දිනකට සිගරට් පැකට් එකක් බිව්වා,

    රෑ වැඩ විතරක් කරපු නිසා ටයිම් පාස් එකට සිගරට් එකක් බීම දෛනික චර්‍යාවේ කොටසක් වුනා,

    අපේ කම්පැනියේ සිගරට් බොන්න බාධාවක් නොතිබ්බ නිසාත් , මිළ අඩු නිසාත් , සිගරට් බීමට අපිටත් සීමා තිබුනේ නෑ , හැම එකාගෙම අතේ ලයිටරය සහ සිගරට් පැකට් එක තිබුනා,

    අරාබියෙන් රියාල් 6 ට පැකට් එකක් බීපු මම ලංකාවට ආවම ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා,

    අවසානයේ සිගරට් නවතන්න තීරණය කළා,

    දැන් වසර 2ක් සිගරට් නවත්තලා ,

    දවසට පැකට් එකක් බීපු මම ලංකාවෙදී කොහොමද නැවැත්තුවේ ?

    ඒක වැදගත් කතාවක් ,,

    සිගරට් නවත්තන්න බෑ කියන අයට මේ කතාව වැදගත් වෙයි.....

    ඉස්සෙල්ලම කියන්න ඕන ලංකාවේ විකුණන සිගරට් අරාබියේ ඒවට වඩා නිකොටින් සාන්ද්‍රණය වැඩියි , ආණ්ඩුව මිළ වැඩිකරන්න වැඩිකරන්න කම්පැනියත් මිනිස්සු අල්ලන්න අබ්බැහිකාරකය වැඩි කරනවා, එදා ඉදන් සිගරට් බීපු අය එදා එකෙයි අද එකෙයි වෙනස හොදට දන්නවා,

    ජෝන් අයියගේ විටමින් කූරේ ආතල් සාන්ද්‍රණය වැඩි බව තේරුම් ගන්න සිගරට් බොන අය වෙනසකටත් එක්ක කොට මොඩ්ල් එකක් ගහලා බලන්නකෝ , පැය 6ක් තුළ ජෝන් තුනක් බොන එකෙක්ට , කොට මොඩ්ල් එකක් පැය හයකටම සෑහේ , ඇයි හේතුව ? ජෝන් අයියගේ සාන්ද්‍රණය වැඩියි,

    ඒමේ මේ කතා මුකුත් ඕන නෑ එකපාරම නවත්තපන්...

    කෝමද නවත්තන්නේ ?

    උබ නවත්තලා දින තුනක් යද්දි උබට සිගරට් බොන්නම වැඩක් සෙට් වෙයි , ඒ අවස්ථාව කොහොම හරි මග ඇරපන් , ඒ තමා උබේ මාරයා, මාරයා උබව අදින්නෙම වලට,

    1)පළමු දිනය

    නැගිට්ට ගමන් මද රස්නෙට වතුර වීදුරුවක් කපලා ගහපන්...

    තේ වෙනුවට කෝපී බොන්න හැකිනම් ඒක හොද විකල්පයක් වෙයි අපේ වැඩේට...

    2) දවසම කන්ට්‍රෝල් කරත් හවසට වැඩ ඉවර වුනාට පස්සේ එකක් ඕනෙමයි ,

    ගැම්මට දත විකාගෙන ගෙදර වරෙන් ,

    අනං මනං මුකුත් නෑ කෑවා නිදාගත්තා ,

    ඉන්නම අමාරු නම් බබල්ගම් එකක් නිතරම සාක්කුවේ තියාගනින් , ඕනම වුනොත් කටේ දාගනින් ,

    3) සිගරට් නැතුව පලවෙනි රැය ගෙවිලා උදේ නැගිටිනකොට හිතෙයි , සිගරට් නොබී ඉන්න එක කොච්චර වටිනවද කියලා,

    වෙනදට වඩා ඇගටත් පොඩි පනක් තියෙයි..

    4) ලුණු කුඩු දාලා හොදට දිව ඇගිල්ලෙන් මැදපන් දිවේ තියෙන සිගරට් කහට ඔක්කොම යන්න,

    සමහරුන්ට සිගරට් එක නැතුව උදේට ටොයිලට් යන්න බෑ කියනවා ඒවා බොරු කතා උණුවතුර එකක් ගහලා විනාඩි 5න් බොක චාජ් වෙනවා...

    දැන් දෙවෙනි දවසේ හවස ,,

    ඉවසන්නම බැරි වෙයි , අද විතරක් එකක් බොන්නම් කියලා හිතෙයි ,

    ආපහු හැරෙන්න එපා , ආයේ ජෝන්ට නෝ චාන්ස් ,

    සිගරට් එකක් බොන්නම හිතෙනනවනම් උබ උබටම මෙහෙම කියාගනින් ,

    " Ok , තව පැය දෙකක් ඉවසලා බැරිම වුනොත් බොනවා "

    පැය දෙකකින් උබට ඕන වෙන් නෑ ,

    අන්න ඒ වගේ බොන්න හිතෙන හැම වෙලේම බොන එක කල්දාපන් ,

    " සිගරට් බීම අද නොවේ හෙට "

    5) උබ සිගරට් නවත්තලා දින 3ක් යනකොට කන කෑම වෙලත් වෙනදට වඩා රසයක් දැනෙයි , වැඩිපුර බඩ ගිනිත් දැනෙයි, එක එක කෑම කන්න හිතෙයි, පළතුරු ජුස් හැකිනම් උපරිම බීපන් ...

    හැකි තරම් දියර වර්ගම තමා බොන්න ඕන ( අරක්කු බියර් හැර )

    6) දින 5 යනකොට ඇගට උපරිම වෙනසක් දැනෙයි , ඒ කියන්නේ උබේ ඇගේ නිකොටීන් දැන් 60% ක්ම කැපිලා ඉවරයි ,

    පොඩ්ඩක් විතර සෙම බුරුල් වෙයි , ඒක තමා වෙන්න ඕන , සෙම බුරුල් කරලා යනවා නම් පෙනහැල්ලේ බැදුන විස තමා ඒ යන්නේ ,

    ඇඹුල් දොඩම් ගෙඩියක් මිරිකලා ගැහුවනම් තවත් හොදයි ,,

    6) සිගරට් නවත්තලා ගෙවෙන පළමු දින 21 හරිම දුෂ්කරයි ,

    නමුත් මතක තියාගනින් ඒ දින 21 පැන්නොත් එතනින් එහාට උබට ආපහු සිගරට් පොවන්න කාටවත් බෑ ....

    හිත තමා සේරටම මුළ......

    නවත්තමු එහෙනම් !!

    උබට ජය ,,

    (උපුටා ගැනීම - නලීන් )
    jaya wewa.....

    mata thaniyama bonna ba... maath ekka fit ekek set unoth bonawa. natthan bonna set unama bonawa. nathuwa bonna one na. anthimata gahuwe dan dawas 4kata withara kalin
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,932
    13,847
    113
    126
    Hogwarts
    mamath nawaththuwa ban ,

    eth dan wenna one damage wela aththe :/
    බෝඩිමේ ඉද්දි දවසට 5ක් ගහනවා. ගෙදර ආවහම මතක් වෙන්නෙවත් නෑ.
    ඕක නවත්තන්න පුලුවන් බං.. හිත විතරයි ඕනෙ.. පලවෙනි ලොක්ඩවුන් එක නම් මාර විදිහට උදවු උනා මේක නතර කරන්න
    Siga ekak gahuwama ena feeling eka mona wageda bn. Man eka parak gahala beluwa mukut denunnnahne.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    Siga ekak gahuwama ena feeling eka mona wageda bn. Man eka parak gahala beluwa mukut denunnnahne.
    eka bona ekai, bona awastawai ekka wenas ban

    umba job ekak stress pita karana gaman gahana ciga eka mind relax wage seen ekak wage
    drink ekak dana gaman gahana ciga eken ena feeling eka wenamama seen ekak , eka explain karanna terenne na ban