මීට අවුරුදු 8000 කට පමණ පෙර හෙළ දීපයේ දේවනායක ශක්‍ර නම් පඬිවරයෙක් ජීවත් වීය. ඔහුqගේ දුවනිය සූරපත්ම, සිංහමුඛ, තාරක හා අජුම්බු නමින් පුත් කුමරුවන් සතර දෙනකු වැදුවාය. මින් බලවත් වූයේ සිංහ මුඛ කුමරාය.
මේ කුමරුවන් යෞවනයට එළඹෙන කාලයේ අපේ සාකච්ඡාවට බ»න් වන ගිරි පර්වතය සිංදු පර්වත නම් වූයේ එහි සිටි සිංදු නම් අධිපතිවරයකු නිසාය. සූරපද්ම, සිංහමුඛ, තාරක හා අජුම්බි කුමරුවන් හෙළ රාජස්‌ථානය පිහිටුවන්නට මෙම පර්වතය ඉල්ලා සිටි වේලේ කර කියා ගත හැකි මගක් නොදුටු සිංදු අධිපති තෙමේ එය කුමරුවන් වෙත ත්‍යාග කොට භාර දෙමින් ඉන්දියාවේ වයඹ ප්‍රදේශය බලා යාත්‍රා කළ බව පෙනේ. එතුමා නිසා ඉන්දියාවේ එකී ප්‍රදේශ සිංදු නම් ගත් පුවත ඉන්දියා පුරාවෘත්තයන්හි සඳහන් බව පෙනේ. සිංහ මුඛ කුමරා කිරුළ පළඳද්දී සිංදු පර්වතය සිංහමුඛ පර්වතය නම් ගත්තේය. සූරපත්ම හා තාරක කුමරුවන් ප්‍රදේශාධිපති තනතුරු ලැබුමුත් ඉන්පසු අජුම්බි කුමරු ගැන හෙළ පාලනයේ කිසිවක් සඳහන් නොවේ. පසු කාලයේ තාරක යුවරජතුමා හෙළ අධිපති වූයේය. අජුම්බි කුමරා පර්සියාවට සැපත් වූ බවත්, ඔහුගෙන් පර්සියානු ශක්‍ර පරපුර ආරම්භ වූ බවටත් මත පවතී. හෙළ අටුවා තිබුණේ නම් මේ වාද නිරවුල් වන්නේය.
ඉංග්‍රීසි පාලනයේ අවසාන කාලයේ එච්. සී. පී බෙල් මහතා නැවත සීගිරිය මතු කොට ගත්තේය. පසු කාලයේ එහි තිබූ ධන නිධාන රැසක් නැව්ගත කළ බවත් ඒ නැව ලංකාව පසුකර යන්නට ප්‍රථම මුහුදු බත් වූ බවටත් විශ්වාසයක් පවතී. ආතර් සී ක්‌ලාක් හා මයික් විල්සන් වැනි වියතුන් රංමුතුදූව නම් චිත්‍රපටිය නිපදවමින් මුහුදු ගවේෂණයක යෙදුනේ මෙම තොරතුරු මත බවද කියවේ. ධන නිධාන ඉවත් කොට ගත් ඉංග්‍රීසින් විසින් සීගිරි පර්වතය ඇතුළත තිබූ බැව් විශ්වාස කරන මාළිගා සංකීර්ණය හා උමං මාර්ග ද වසා දැමූ බවට මත පවතී.
මීට වර්ෂ දහයකට හෝ එකොළහකට පමණ පෙර මම සීගිරියට ගියෙමි. එදා තිබුණාට වඩා වර්තමාන පඩිපෙළ ගැන සතුටු විය හැක. නමුත් එදා සීගිරියේ ගරු ගාම්භිරත්වය වර්තමානයේ පෙනෙන්නට නැති බවක් නොබෝදා එහි ගිය මට ප්‍රත්‍යක්‍ෂ විය. සීගිරි චිත්‍රවල පෙර තිබූ ශේ්‍රෂ්ඨ කලාකාමිත්වය දැන් අකා මකා තිබෙනු පෙනේ. එසේම කාශ්‍යප රජතුමා, බිසෝවරුන් ද සමග පරිහරණය කළ ගල් ආසන දැන් පර්වත මුදුනේ නැත. සීගිරියේ පෙර තිබූ මහඟු ප්‍රෙෘඪත්වය විනාශ වීමට මෙය මහත් සේ බලපා ඇත්තේය. එතැන දැන් පස් දමා ගොඩ කර ඇති අත්තිවාරමක් පමණක් දැකිය හැකිය. මෙම තත්ත්වය අභාගයක පෙරනිමිත්තකි. සීගිරි පර්වතය ඇසුරු කොට පවතින මෙම තත්ත්වය උදාවී ඇත්තේ ද්‍රවිඩ නිජබිම් ඉතිහාසයක් ගොඩ නැගී ඇති වකවානුවකය. කාශ්‍යප රජතුමා හා සම්බන්ධ එම ආසන නැවත ස්‌ථානගත වන්නේ නම් මැනවි.