මතකද??
මේ තමයි මීට ටික කාලයකට කලින් ජායාරූපයක් නිසා සියදිවි නසා ගත් කුරුණෑගල වෙනූශා නන්ගි. මේක මේ වෙලාවෙ දාන්නේ නොදා බැරි නිසා මොකද මිය ගිය කෙනෙක් මේ කතාවට ගන්න එක සාදාරනද කියලත් හිතුනා ඒත් මෙහෙම කිවුවේ නැත්නම් මේක තේරුම් ගන්න බැහැ.
අද උදැසන සිට බුකිය පුරා වීඩියෝ පටයක් ශෙයාර් උනා මන් හිතන විදියට හැමොම බලන්න ඇති. නමුත් මේක අර වීඩියෝ පටයේ ඉදපු දෙන්නාට කොහොම දැනෙනවා ඇත්ද?
ඒ දෙන්නාගෙන් එක් අයෙක් හෝ මේ විදියට මිය ගියොත්? මතක තියා ගන්න ශෙයාර් කරපු රස කරලා බලපු හැම කෙනෙක්ටම ඒකෙ කොටසක් එනවම තමයි. හැමොම කියන්නෙ උන් කලා නෙට් එකට දැම්මා අපි බැලුවා...
ඔහොම කියන ලොකු මහත්තුරුන්ට පොඩි කතාවක් කියන්න ඕනි.,
මීට ටික කාලයකට කලින් ලන්කාවෙ මුස්ලිම් දෙන්නෙක්ගේ වීඩියෝ පටයක් ආවා ඔක්කොම බැලුවා හැබැයි පොඩි කාලයක් තුල ඒ වීඩියෝව සමාජ ජාල තුලින් සහ අන්තර්ජාලය තුලින් ඉවත් උනා. කොහොමද උනේ? මතක තියා ගන්න මුස්ලිම් සියලුම දෙනා එකතු වෙලා සල්ලි වියදම් කලා ඇමති වරු ක්‍රියාත්මක උනා වීඩියෝව අන්තර්ජාලය තුලින් ඉවත් කලා.කොච්චර ආදර්ශයක්ද හිතන්න ඔවුන් ඒ තමන්ගේ කෙනෙක් කියන එක හිතට ගත්තා.
හැබැයි අපි..
අපිට බැන්කු අක්කා ආවා,ගුවන් සේවිකාවන් ආවා, තව ගොඩාක් ආවා හැබැයි එතනදි ඔක්කොටම ඒක රස කෑමක් අලුත්ම දේ අර ස්කෝලෙ හතර දෙනා ඒ සියලුම දෙනා වැරදියි ඒකේ කිසිම වෙනස් කල යුතු දෙයක් නැහැ. නමුත් කෝ අපේකම අපේ සින්හල කම එකමුතුව මේ හැමදේම වචන විතරද? මෙතන තියෙන්නේ සම්පූර්ණ කුහක කම නෙමෙයිද?
උන් හරි නැහැ නමුත් ඔතන වරද නිවැරදි කල හැකි සියලුම දෙනා නිහඩ නැද්ද? වීඩියෝ කිරිමද හපන්කම. මීට වඩා විසදුමක් එතන තිබුනා නොවේද? නව යොවුන් වියේ ඔබ පාසලේ කිසිම වරදක් කලේම නැද්ද එහෙනම් කියන්න තියෙන්නේ ඒ අයට උබලා හෙන පව්. ආදරණීය මිතුරනි,අපිත් අපේ උන් වෙනුවෙන් පෙනි හිටිමු මෙහෙම දෙයක් ආපුවාම අපිම මේවා ඉවත් කරන්න උත්සහ කරමු අපිට බැරි වෙන්නෙ නැහැ. හෙට ලන්කාවෙ නිදහස් දිනය ඒ වෙනුවෙන් කරන ආදරණීය ඉල්ලීම කරුණාකරලා ඒ වීඩියෝව ශෙයාර් කරපු හැමොම ඒක ඉවත් කරන්න. තවත් අනාගතයේ සියදිවි නසා ගැනිමක් වලක්වා ගන්න. පසුව දුක් වෙනවට වඩා දැන් උත්සහ කරන්න.
FB