අද දවස තුල මට සිදුවුන සිද්දි තුනක්
1. යක්කල Sampath bank එක අසල ඉන්නවා අවුරුද් 35 ක විතර කාන්තාවක්. තව අවුරුදු 3-4ක් වගේ කුඩා පිරිමි දරුවෙකුත් ඉන්නවා. මම දවස් කීපයක්ම දැකල තියනවා මේ අම්මවයි පුතාවයි මෙතනම. පෙන විදියට ඒ පොඩි පුතා එහෙම දඟල දඟල අම්මට වද දෙන දරුවෙකුත් නෙමෙයි. සද්ද නැතුව අම්ම ලඟට වෙලා පොඩි සෙල්ලමක් කරනවා. ඒ වගේම මේ අම්මත් හොඳ ශරීර සෞක්‍යක් තියන කෙනෙක්. හැබැයි ඇය මුළු දවසෙම කරන්නේ bank එක ලඟට වෙලා bank එකට යන එන ගනුදෙනුකාරයන්ගේ මුණු දිහා බලාගෙන ඉන්නවා කීයක් හරි තමන්ට දෙයි කියල බලාපොරොත්තුවෙන්.
2. යක්කලම Commercial bank එක ළඟ ටික වෙලාවක් වාහනේ නවත්වාගෙන ඉන්න වුනා. මම තනියම හිටියේ. එක පාරටම අවුරුදු 40ක විතර ගෑනු කෙනෙක් ඇවිල්ල shutter එකට තට්ටු කරලා මගෙන් මුදල් ඉල්ලුව. මන් ගාව ඒ වෙලාවේ තිබ්බේ රු. 1000 නෝට්ටු දෙකක් පමණයි. ඒ ගෑනු එක්කෙනාට දෙන්න මගේ අතේ මාරු කීයක්වත් තිබුනේ නෑ. ඉතින් මම කිව්වා මන් ළඟ මුදල් නෑ කියල. කිව්වා විතරයි මේ මනුස්සය මට ටිකක් හයියෙන් කා ගහල බනින්න ගත්තා 'වහනෙකින් ආවට ලෝබ කමට සල්ලි තියාගෙන අසරණ මනුස්සයෙක්ට රුපියලක් දෙන්නේ නෑ' කියල. එක පාරටම මට ලජ්ජා හිතුන. නමුත් පස්සේ මට නැවතත් මට මතක් වුන මම මේ කාන්තාවට මුදල් දෙන්න බැඳිලා නෑ කියන එකත්. කලින් සිද්දියේ වගේම ශාරීරිකව කිසි අඩුවක් නැති මේ ගෑනු කෙනා මේ වගේ සල්ලි ඉල්ලා ඉල්ලා පාරේ යන එක ගැන ඇයටත් කිසි ලැජ්ජාවක් guilty feeling එකක් තිබිය යුතුයි කියල.
3. අපේ ගමේ ඉන්නවා අවුරුදු 35ක් විතර තනිකඩ පිරිමි කෙනෙක්. ඔහු උදේ වරුවේ සුළු රැකියාවක් කරනවා. සාමන්යෙන් හවස් වරුව බොහෝ දුරට නිවසේමයි ඉන්නේ. ඔහු ඉන්නේ ඔහුගේ මව සමග. අයත් අවුරුදු 60ක් පමණ වෙන කාන්තාවක්. මේ අම්මයි පුතයි දෙන්නත් හොඳ නීරෝගී දෙන්නෙක්. මේ පුද්ගලයාගේ රැකියාවේ ස්වභාවය අනුව ඔහුව අපිට දවස් දෙකකට තුනකට සැරයක් මුණ ගැහෙනවා. අද මේ පුද්ගලයා අපිත් එක්ක කියල බනිනවා පවතින රජයට. ඔහු කුඩා කාලේ පිය මිය ගිය බවත් එදා ඉඳල ඔහුත් ඔහුගේ මවත් සමුර්දි ලාභීන් ලෙස නොකඩවා අවුරුදු ගණනාවක් සමුර්දිය ලබූ බවත් කියල වර්තමාන ආණ්ඩුව යටතේ දැන් මාස කීපයක ඉඳල සමුර්දිය නොලැබුණු බවත්. හැබැයි දැන් මේ පුද්ගලයා ඉන්නේ ඔහුට අයිති පර්චස් 40ක් පමණ වන ඉඩමක කුඩා නිවසක. ඔවුන්ගේ ඉඩම භාවිත කරලා ඔහුටත් මවටත් කුඩා හෝ එළවලු වගාවකින් තව මුදලක් උපයන්න පුළුවන්. නමුත් ඔහු එය කරන්නේ නෑ.
මේ පුද්ගලයින් තුන් දෙනාම ඉතා හොඳ ශරීර සෞක්‍යකින් යුක්ත වෙනවා නමුත් ඔවුන්ගේ තියෙන්නේ සහනාදාර / ආධාර මානසිකත්වය. පොඩ්ඩක් වත් සිරුර වෙහෙසල වැඩක් කරන්න අකමැති මේ වගේ පුද්ගලයන් අද ලක්ෂ ගානක් ලංකාවේ ඉන්නවා. අද මොවුන් තුන් දෙනවා දුටුවම මම තදින්ම සිතා ගත්තා මින් පසුව මේ වගේ පුද්ගලයන්ට මුදල් නොදීමට. මොකද ඔවුන් 'අපි දුප්පත් අසරණ අහිංසක මිනිස්සු' කියන label එක අලවාගෙන මුලු ජීවිත කාලයම රජයෙන් හෝ අනිත් මිනිස්සුන්ගෙන් යැපෙන්න බලාගෙනයි ඉන්නේ.
දැන් රටේ තියන ආර්ථික තත්ත්වෙත් එක්ක ලොකුවට සමජගතවෙන අදහසක් තමයි අපි එකිනෙකාට උදවු කරන්න ඕනේ කියන එක. ඇත්ත. නමුත් ඔබ උදව් කරන්නේ මේ වගේ ශරීර හොරුන්ට නම් ඔවුන් පුද්ගලිකවත් අපි රටක් වශයෙන්වත් කවදාවත් දියුණු වෙන්නේ නෑ. ඔබ උදව් කරනවා නම් කරන්න ඕනේ උත්සහවන්ත මිනිස්සු ඕනේ තරම් ඉන්නවා.
1. පාර අයිනේ පොඩි මැස්සක තියාගෙන එළවලු ටිකක්, පලතුරු ටිකක්, පලා මිටියක් විකුණන කෙනෙකුට ඔබ මිලදී ගත්ත දේවල් වල වටිනාකමට වැඩි ආසන්නම රවුම් මුදලක් දී ඉතුරු නොගෙන ඉන්න පුළුවන්. ඉතා අසාදාරන මිල ගණන් නොවේ නම් ඔවුන් සමග රුපියල් පහකට දහයකට කේවල් කරන්න යන්න එපා.
2. ඉගන ගැනීමට දක්ෂ නමුත් පවුලේ ආර්ථික අපහසුකම් තියන නිසා දරුවෙක් අතරමග ඉගනීම නවත්වන්න හදනවා නම් අපි කීප දෙනෙකුට හෝ එකතු වෙලා ඒ වගේ දරුවෙක්ගේ ඉගනීමට මුදල් හෝ වෙන යම් විදියකින් උපකාර කරන්න පුළුවන්.
3. ඔබේ ගමේ පොඩි කඩයක් දාගෙන ඉන්න පුද්ගලයාගෙන් ඔබට ගෙදරට අවශ්‍ය කරන වියලි ආහාර වගේ දේවල් නිතරම මිලදී ගන්න පුළුවන්. මාත් ඇතුළුව අපි හැමෝම ලේසියට supermarket chains වලට ගියාට මේ වගේ කුඩා ව්යාපරිකයෙක්ට අපි මිලදී ගන්න භාණ්ඩ කීපයත් මේ වෙලාවේ ඉතා වටිනවා. ඔවුන් ගාව නැති දේවල් අපිට supermarket chains වලින් මිලදී ගන්න පුළුවන්. (eg: පරිප්පු මුන් ඇට කඩල සීනි / සබන් වගේ දේවල් මිල ගණන් වල ලොකු වෙනසක් නැත්තන් හොඳට අසුරලා තියනවා නම් කොහෙත් එකයි)
4. ඔබට ලොකු ආර්ථික අපහසු කමක් නැතිනම් ළඟ පාත sewing machine එකක් තියාගෙන ගෙදරම ඇඳුම් මහන කෙනෙක් ඉන්නවා නම් මාස දෙක තුනකට සැරයක් ගෙදරට අඳින්න ගවුමක් blouse එකක් short එකක් අඩු මුදලට මිලදී ගන්න පුළුවන් රෙදි වර්ගයකින් එයාට කියල මහා ගන්න පුළුවන්. එක එයාගේ ජීවන සටනටත් උදව්වක් වගේම අපිටත් ලාබයක් වෙනවා.
5. ස්වයන් රැකියාවක් කරලා තමන් යමක් අවංකව නිෂ්පාදනය කරලා සාදාරන මුදලකට ගෙයින් ගෙට ගිහිල්ල විකුන්නන්න හදන කෙනෙක්ගෙන් පුළුවන් නම් දෙයක් මිලදී ගන්න. එකෙන් අපි ඒ පුද්ගලයාගේ මහන්සියට value එකක් දෙනවා.
ඔවුන් තමයි උත්සහ කරලා කීයක් හරි උපයන්න හදන්නේ. ඇත්තටම අසරනව තමන්ව බලාගන්න කෙනෙක් නැති කිසිම මුදලක් උපයගන්න හැකියාවක් නැති රෝගී කෙනෙක්ට නැත්තන් මහලු කෙනෙක්ට මුදලින් උපකාර කරන්න. නමුත් අර ඉහත කිව්වා වගේ කම්මැලියන්ට නෙමෙයි.