සිතනු

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මඳක් සිතනු
    අප මේ ගැතිකම් කරන්නේ
    කාටද?..
    අසල්වැසි ඉන්දියාවේ
    වල් නාටක බැලීමෙන්
    උන් නුඹේන්
    දිනකට පැය 2 ක්,
    සතියට පැය 14 ක්,
    මසකට පැය 60 ක් ,
    අවුරුද්දකට පැය 730 ක්,
    වන වටිනා කාලය සොරකම් කරනවා
    නොවේද?..
    අපේ ඔලු ගෙඩි වලට
    මාරක විශ ඇතුල් කරනවා
    නොවේද?..

    MAHAGEDARA.jpg



     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :) සහතික ඇත්ත සහෝ
    උන්ගේ ඒවා ජරාව
    අපේ ඒවා ඊට නොදෙවෙනි
    මළජරාව... වටිනා දෙයක් දැන් චැනල් වල නැහැ
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    " සි_ _ රන් දෙපැය ".

    ඔව් සහෝ... ඕකනම් පිළිලයක්... කවදා අපේ මිනිස්සු තේරුම් ගනීද දන්නෙ නැහැ...!

    සමාජයේ ඇස් ඇරවන ඔබේ නිර්මාණ වෑයමට මගේ ප්‍රණාමය !
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්ත සහෝ...

    අනේ කට ඇරගෙන ඔළුගෙඩිවලට කුණු පුරවගන්න අපේ සමාජය කෙසේ නම් දියුණු වෙන්නද...

    කාලීන තේමාවක සාර්තක නිර්මාණයක් සහෝ...
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මඳක් සිතනු

    අප මේ ගැතිකම් කරන්නේ
    කාටද?..
    අසල්වැසි ඉන්දියාවේ
    වල් නාටක බැලීමෙන්
    උන් නුඹේන්
    දිනකට පැය 2 ක්,
    සතියට පැය 14 ක්,
    මසකට පැය 60 ක් ,
    අවුරුද්දකට පැය 730 ක්,
    වන වටිනා කාලය සොරකම් කරනවා
    නොවේද?..
    අපේ ඔලු ගෙඩි වලට
    මාරක විශ ඇතුල් කරනවා
    නොවේද?..

    MAHAGEDARA.jpg



    සමපූර්ණ ඇත්ත මල්ලි:):)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සහතික ඇත්ත සහෝ
    මට නම් හිතාගන්න බෑ ..... බලාගෙන ගියාම අසල්වැසි රටේ පවුල් වල වෙන්නෙම ලස්සනට ඇඳ පැලදගෙන, රත්තරන් පෙරෝගෙන එකාට එකා කේලම් කිය කිය මරාගන්න එකනෙ
    ඒ මදිවට ඒවා මෙහෙටත් ගෙන්නගෙන අපේ මිනිස්සුත් පවුල් පිටින් බලනවා
    හෆොයි දෙයියනේ ....... කවදා තේරුම් ගනීද මංදා අපේ මිනිස්සුත්.

    කාලයට ඔබින නිර්මාණයක් ....... දිගටම ලියන්න
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    කාලීන මතක් කිරීමක්, අවදි කරන්න ගත් උත්සාහයක් අපූරුයි සහෝ.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපේ සමාජයේ බහුතරයක් මිනිසුන්ගේ පවුල්වල පවුල් හබ වැඩි කරන්න විශාල වශයෙන් ඔය සිහින ලෝකවල බහුබූත කථා කෙලින්ම බලපාලා තියෙන බවට ඔප්පු කරන්න පුලුවන් වෙයි ඔය චිත්‍රපට මෙහේ පෙන්නපු දවසේ ඉඳන් අද වෙනකොට සමික්ෂණයක් කලොත්...

    අපේ අයත් ලොකු කුඩා හැමෝම පොරකාලා බලන්නේ හා ඉල්ලන්නේ ඔය වර්ගයේ පැනි බීමමනේ..

    අපේ රටේ අමරදේව මාස්ටර්..වික්ටර් රත්නායක..කේමදාස මාස්ටර් දන්නේ නැති අම්මලා තාත්තලා පුතාලා දූලා භාරතයේ ෂාරුක් ඛාන්ව කොච්චර දන්නවද හා අඳුනනවද..ඔන්න තත්වය...අපේ සමහර ආච්චිලත් අඳින්න උත්සාහ ගන්නේ අර ඉන්දියන් නිලිය ඇන්ඳ විදිහට අඳින්න හා සුරංගනා ලෝකවල සැරි සරන්න...අනේ රටකට කල වින්නැහිය..

    උසස් රසාස්වාදය කැලෑ වැදිලා..එහෙම එකක් තිබුනද කියල හොයා ගන්නවත් නෑ...

    සමාජගත විය යුතුම ප්‍රස්තූතයක් අලලා මෙම නිර්මානකරුවා තම පන්හිඳ මෙලෙස හසුරුවා තිබීම තුලින් ඔහුට අපේ රටේ සුභාවිත යමක් දැකීමේ ඇති නොතිස් ආශාව මැනවින් පිලිඹිඹු කරනු ලබයි...

    මල්ලියා ඉතා සාර්ථක නිර්මානයක්..මට ගොඩක් ආඩම්බරයි ඔබ ගැන..දිගටම ලියන්න..

    ඔබට ජය...
     
    Last edited:

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මෙය ඉන්දියානු ගැති කමටත් වඩා, සෝබනයට වශී වීම විදිහටයි මං දකින්නේ. මේ ටෙලි නාට්‍ය වල මං දැකපු විදිහට ලස්සන මාලිගා වගෙ ගෙවල් ලස්සන ගෑණු පිරිමි. අමුතු අමුතු සද්ද.
    ඒ වගේම නිමක් නැති ප්‍රශ්ණ තුලින් ජනිත කරන කුතුහලය මේ ටෙලි නාට්‍ය තුලා අපේ සමාජයේ බොහෝ අය හිර කරලා. බලන අයටම දොස් කියන්න බෑ. දාන අයත් වග කියන්න ඕනි.

    අපූරු නිර්මාණයක් සහෝ...
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    me welawata ape demapiyan buddimath wenna oni....weda kiyanne paul pitin mewa balana 1kane:angry::(...jeevithata gathuthui kiyala wedagath kisima deyak mewala ne:no:...ae de api mewa balana ayata therun karala denna oni:yes:.....!
    N: malliyoooo niyamai.....!!!;)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ම්ගේ අතින් වෙන්නෙම නැති වැරැද්දක්.......මම මුල ඉදන්ම ඔය ඉන්දියන් නාට්‍යවලට කැමති නෑ. ඒ වල තියෙන්නෙ අනුන්ට වල කැපිල්ලක් ගැන විතරමයි
    පවුල්වල තියෙන අවුල සහ තවත් බොහෝ දේ....

    හොද නිර්මාණයක්...නිරමාණය හරහා සමාජ පණිවිඩයක්