සිතල වතුරෙන් පිළිකා???

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    සිතල වතුරෙන් පිළිකා???

    මම දැක්කා සිතල වතුර බිව්වම පිළිකා ඇතිවෙනවා කියල කව්ද ත්‍රෙඩ් එකක් දාල තියෙනවා,
    මෙන්න මේ වගේ දෙයක් එකේ තිබුනේ..
    cools.jpg


    ඉතින් කට්ටිය ඔක්කොටම හැදෙන්න එපාය..මම බැලුව ඇයි එහෙම නැත්තේ කියල..:eek::eek:

    ඉතින් සිද්දිය මෙහෙමයි, සිතල හෝ උණුසුම් දෙයක් බිව්වට ආමාශයේදී ඒවා සුළු වෙලාවකින් ශරීර උෂ්ණත්වයට පැමිණෙනවා, එතකොට ආහාර වල ඇති "තෙල් සහිත කොටස් ඝන කිරීමේ ක්‍රියාවලිය" වෙන්නේ නැහැ.

    ඇරත් අමාශයේ එන්සයිම වලින් සියලු අහාර අංශු සියුම් අනු දක්වා කඩා බිද දමනවා..

    තව එතකොට ආමාශයේ ඇති අධික ආම්ලික පරිසරය හැම අහාර කොටසක්ම වගේ ඉතා කුඩා අංශු බවට බිද දමා, දියරමය කුඩා අන්ත්‍රය තුලට යාහැකි බවට පත කරනවා.

    අමතරව මේ පිළිකා තර්කය ඔප්පු කරන්න කිසිම පරීක්ෂණයක් සමත් වෙලා නැතිලු!!:oo::oo:

    ඉතින් කුල් වතුර බීපල්ලා.:lol::lol::lol:

    මාත් කියෙව්වේ මෙතනින්:

    http://cancer.about.com/od/cancercausesfaq/f/water_cancer.htm
     
    • Like
    Reactions: stylus4

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    mama danna tharamin seethala wathurata nemi pilka hadenne
    seethala wtura dala thiyena plastic walata nam pilika hadenwa...eka nisa cool kara ganna weeduru bothal wala wathura dala fridge eke dapan... :)
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    අඩෝ.. උඹනම් සිරා කොල්ලෙක් බං. මමත් කෑම කාලා කූල් වතුර බොන්නේ. ඒත් මේ පිලිකා මගුලක් ගැන තිබුන නූල දැක්කම මම හොදටම බය උනා. උඹ හොද වෙලාවට බං මේ ත්රෙඩ් එක දැම්මේ. බොහෝම ඉස්තුතියි කිව්වා ඕං ඈ...
    රෙප් +5
     
    • Like
    Reactions: Fox C2

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බය වුනා යකෝ මම.... මම කද්දි බොනවා කූල් වතුර වීදුරු 2ක් විතර..
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113

    උඹ හිතුවද සීතල වතුර කියන්නේ රා හරි බියර් හරි කියලා, බඩ එන්න :D:D:D:D

    කෑම කන ගමන් වතුර ඕනෑවට වැඩිය බිව්වොත් බඩ මහත් වෙනවා කියල මම අහල තියෙනවා, එකයි ඇහුවේ. :dull:
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    බය වුනා යකෝ මම.... මම කද්දි බොනවා කූල් වතුර වීදුරු 2ක් විතර..

    මම කැමට පෙර ekai කද්දී ekai කාල ekai හා සේරම කීයද? :eek:
     
    උඹ සිරා කතාව දාල තියෙන්නේ
    ඕක තමයි ඇත්ත.
    මේ කිසි තේරුමක් නැතුව සමහරු දකින දකින දේ e mail වලට අමුනලා යවනවා.
    පට්ට මනස්ගාත සමහර ඒවා
    ලංකාවේ ඕවට කිසිම ඇක්ශන් එකක් නෑ.
    වැරදි ආරංචි මිනිස්සු මුලා කරවන ,සමහර රටවල criminal offense
    මම දැක්කා එලකිරි එකෙත් හෙල්ත් ත්‍රෙඩ් යනවා. අරෙහෙන් මෙහෙන් කොපි කර කර
    ඒ දාන එකාවත් දන්නැතුව ඇති දාන්නේ මොකද්ද කියල
    සිරාජ් කියන කෙනා 6 වත් පාස් නෑ කියලා කොහේ හරි ත්‍රෙඩ් එකක මං දැක්කා
    මිනිස්සු රැවටෙනො
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    උඹ සිරා කතාව දාල තියෙන්නේ
    ඕක තමයි ඇත්ත.
    මේ කිසි තේරුමක් නැතුව සමහරු දකින දකින දේ e mail වලට අමුනලා යවනවා.
    පට්ට මනස්ගාත සමහර ඒවා
    ලංකාවේ ඕවට කිසිම ඇක්ශන් එකක් නෑ.
    වැරදි ආරංචි මිනිස්සු මුලා කරවන ,සමහර රටවල criminal offense
    මම දැක්කා එලකිරි එකෙත් හෙල්ත් ත්‍රෙඩ් යනවා. අරෙහෙන් මෙහෙන් කොපි කර කර
    ඒ දාන එකාවත් දන්නැතුව ඇති දාන්නේ මොකද්ද කියල
    සිරාජ් කියන කෙනා 6 වත් පාස් නෑ කියලා කොහේ හරි ත්‍රෙඩ් එකක මං දැක්කා
    මිනිස්සු රැවටෙනො

    11.gif
    කියන්නා කෙසේ කිවත් මචෝ,
    අපිට හොයල බලන්න පුළුවන්!
    බොරු දාල මාරු වෙනව බොරු:lol::lol:
     
    11.gif
    කියන්නා කෙසේ කිවත් මචෝ,
    අපිට හොයල බලන්න පුළුවන්!
    බොරු දාල මාරු වෙනව බොරු:lol::lol:
    :oo: සිංහල පත්තරේක ටැබ්ලොයිඩ් එකේ තිවුනාලු වැඩිපුර වතුර බිව්වොත් මුත්‍රා ගල් කියලා..
    කවුද ගෑණියෙක් කොහෙන්ද කෑල්ලක් අහුලං ඒක හෙඩ් ලයින්කරලා :baffled:
    මිනිස්සු ඉතිං ඕවා බලල වතුර බොන එක අඩු කරොත් :P
    හැමෝම මිනිස්සු මේවා ඇත්තද කියලා හොයන්නෑනෙ.
    පිළිගන්න එවුන් ඉන්නවා

    අර කොන කැපුවම ගැබ්ගෙල පිළිකා හැදෙන්නෑ කියලා තිවුනේ :rofl: