සිතා හිටියත්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිතා හිටියත් රජ කිරුළු බැද...
    අසු පිටින් සක්මන්............
    පතා හිටියත් අමර සැප ලැබ...
    යස ඉසුරු යහමින්......
    ලොවක් ලැබුනත් ඔබව නොලදොත්
    දිවියෙ නෑ අභිමන්.....
    කියූ ඒ රූ කොහේ සැගවී...
    ගියාදෝ නොදනිම්...............

    අතීතයෙ දුර ඈත දිනයක...
    දෙදෙන හමුවීලා...........
    නෙතින් බැදුනා සිතේ ඇදුනා...
    ආල දොර ඇරිලා.......
    සාද අතරේ හීන පැතිරී....
    දිවි මගේ රැදිලා..
    රුදුරු කතරේ හෙලා යනවද...
    හද පෙලා දමලා..............


    නිතර ඇසෙනා චෝදනා වල
    වරද මගෙ වේ නම්.....
    නොකල වරදක අදුර අතරේ..
    සදා මම ඉන්නම්..........
    හිතේ රැදි පෙම කදුළු කැටවී...
    වැටෙද්දී දෙනෙතින්.........
    කැඩී විසිරුනු හදවතක් ගෙන..
    පාලුවේ තනිවෙම්...........

     
    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලස්සනයි මල්ලියා.:yes::yes: පාන්දර ඇහැරගෙන කවි ලියනවා වගේ :cool::cool:

    මල්ලි "ඇසු" නෙවේ "අසු" වෙන්න ඕනේ නේද ?
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සනයි මල්ලියා.:yes::yes: පාන්දර ඇහැරගෙන කවි ලියනවා වගේ :cool::cool:
    බොහොම ස්තූතියි අක්කෙ :D
    මේ ටිකේ අප්සට් ගී ලිව්ව නිසා මේවා ලියන්න උනේ නෑ නෙ.. :sorry:
    පාන්දර ජාමේ එකක් මතක් උනා :rofl:
    දැං නිදන්න හදන්නෙ :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පට්ට පට්ට බං :love:
    Is this how Marilyn Monroe felt felt felt ?
    2.gif
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    තව දෙයක් ගොඩක් හැඟීම් බර විදියට පද ගලපන කොට "මාර" වගේ වචන පාවිච්චි කරන්න එපා. එතනට "රුදුරු" වගේ වචනයක් දාන්න.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තව දෙයක් ගොඩක් හැඟීම් බර විදියට පද ගලපන කොට "මාර" වගේ වචන පාවිච්චි කරන්න එපා. එතනට "රුදුරු" වගේ වචනයක් දාන්න.
    :cool: ඒකත් හරි..
    11.gif

    ස්තූතියි
     
    • Like
    Reactions: Iron Monger

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිතේ රැදි පෙම කදුළු කැටවී...
    වැටෙද්දී දෙනෙතින්.........
    කැඩී විසිරුනු හදවතක් ගෙන..
    පාලුවේ තනිවෙම්...........

    මේ කොටස නම් සුපිරි‍යි මචන්......:cool::cool::cool: