සිත ගිය තැන

phj

Member
Nov 1, 2008
1,292
367
0
Home
එක ගමක ඉතා වෙහෙස මහන්සිවී පාඩුවේ වැඩ කටයුතු කරගෙන ඉන්න ගොවි මහත්තයෙක් හිටියා. දවසක් වැඩ කරකර ඉන්න අතරේ හේන අද්දරින් ගිය මගියෙක් ගමකට යන පාර ඇහුවා.

ගොවිරාල - ඔය කියන ගම හුඟාක් දුරයි. ඇඳිරි වැටීගෙන එන මේ වෙලාවේ ඔය ඇත්තට එච්චර දුර යන්ඩ අමාරුයි. මේ ඉසව්ව පහුවුනහම මහා ඝණ කැලෑව නොවැ.
අමුත්තා - අනේ මම උදේ ඉඳල එන්නේ. මේ ලඟ පාත අම්බලමක්වත් තියෙනවද රාලේ මට නවතින්න.
ගොවිරාල - ම්හු ! ඔය ඇත්ත අමාරුවේ වැටිලා වගෙයි මට පේන්නේ. මමයි අපේ උන්දැයි විතරයි මයෙ පැල්කොටේ ඉන්නේ. ඔය ඇත්ත කැමතිනම් මගේ පැලේ ලැගල උදේ රැයින් යන්න ඇහැකි.
අමුත්තා - අනේ රාලේ පිං සිද්ද වෙනවා.

ඉතිං ඔහොම කිව්ව ගොවිරාල වැඩ අහවර කරලා, හේන අද්දර තමන්ගේ පාවිච්චියට මැද ගන්න කිතුලට ගොඩවෙලා රා මුටිටියත් බාගෙන. මඤ්ඥොක්කා පඳුරකුත් උදුරගෙන අමුත්තත් එක්ක පැල් කොටේට යන්න පිටත්වුනා. යන ගමන් දඩමස් වෙළඳාම්කරන ඇඩ්ඩිය හමුවෙලා වල් ඌරු මස් ගාතයක්ද ගත්තේ අමුත්තාට හොඳින් සංග්‍රහ කරන්න හිතාන. ඇඳිරි වැටීගෙන එන ආසන්නයේ දොලෙන් නාගෙන ගෙට ගොඩවූ මේ දෙන්නා .. දිහා බැලූ ගමරාලගේ තරුණ අඹුව මේ කඩවසම් හාදයා කව්දැයි අසන්නා මෙන් ගමරාලගේ මුහුණ බැලුව.

ගමරාල - මේ ඇත්ත අතරමං වෙලා. ඕන එකක් කියලා මම ඇන්න ආවා. හෙට උදහැනැක්කේ යන්න බැරුවෑ. මේන්න මේ මඥ්ඥොක්ක ටික තම්බලා. මස්ටික මිරිසට උයහං!

අනතුරුව දෙදෙනා පිල් කොටය උඩට වී ආගිය තොරතුරු දොඩමින් රා මුටිටිය හිස්කරන්නට පටන් ගති. පසුව ගමමහගේ උයා පිහා දුන් කෑම ගිලදැමූ දෙදෙනා කුඩා පැල්කොටයේ නිදන්නට සැරසුනි. නොබෝ වේලාවකින් ගමයා ගොරවමින් නිදන්නට වූ අතර, තරුණ අමුත්තාත්, ගම මහගේත් සුසුම් ලමින් එහාට මෙහාට ඇඹරෙමින් කාලය ගෙවන්නට විය. මේ බව දැනුණු අමුත්තා ... සිහින් හඩින්

අමුත්තා - මේ ඇත්ති නිදි නැද්ද ?
ගමමහගේ - ම්හු !
අමුත්තා - අනේ මට මේ කරපු උදව්ව ගැන මම සිහිකොලේ. ගමරාල නොහිටින්න අද මට ගහක් යට තමයි තපින්න වෙන්නේ බඩගින්නෙම.
ගම මහගේ - අපේ ගමරාල හිත හොඳ මිනිහා තමයි. ඒත්....

අමුත්තා - ඇයි ඒත්.. කිව්වේ ? ඔය ඇත්ති රාලෙත් එක්ක අමනාපෙන්වත්ද ?
ගම මහගේ - හැමදාම වෙන්නේ මේ සන්තෑසියම තමයි. හේනේ හැපිල හැපිල ඇවිල්ල කිතුල් රා බීල වැටුන ගමන් නිදි. ආයේ ඉතිං ඇහැරෙනව බොරු.

බොහෝ වේලාවක් මෙසේ කාලය ගත කරන දෙන්නා ..

ගම මහගේ - ඔය ඇත්තට නිදිමත නැතෙයි.
අමුත්තා - නිදිමත නැතුවමත් නෙවෙයි, පැලට ආපු ඩිංගට මට තේරුනා ඔය ඇත්තිගේ හැඩ වගේම තමයි වැඩත් ඒකට මට හිතගියා. ඔය ඇත්ති මම මෙහෙම දොඩනඑක ගැන අමනාප වෙන්ඩ එපා. මමත් කෙලින් මිනිහා. හොරට කාලා පුරුද්දක් මට නෑ. ඒත් හිතේ තියාන ඉන්නත් බෑ. මම මේක ඔය ඇත්තිට කියන්නේ කොහොමද කියලා තමයි තටමන්නේ.
ගම මහගේ - බය වෙන්න එපා ඇත්තෝ. මේ පැල්කොටේ තියෙන ඔක්කොම ඔය ඇත්තගෙ කියල හිතාගන්න.
අමුත්තා - ඔය ඇත්තමයි? ඔය ඇත්ති ගමරාලට කියන්නේ නැතැයි ?
ගම මහගේ - ඇත්තමයි. කන්දෙ දෙයියන් පල්ල.
අමුත්තා - ගමරාල ඇහැ‍රුනොත්?
ගම මහගේ - කොහෙද, ආයේ හෙට පාන්දර තමයි.

ඊට පසු හීන් සීරුවේ ගම මහගේ වෙත ඇදුනු අමුත්තා ඇයට ලංවී යමක් දෙඩීය. එය අසා මතුවූ සිනාව ආයාසයෙන් මැඩ පවත්වාගත් ගත් තරුණිය ඔහුට පැදුරත් රැගෙන පිලට යන සේ කෙඳිරීය. නොයිවසිල්ලෙන් පිලේ සිටින අමුත්තා වෙත ගිය ඇය ....

මැටිකෝප්පය පිරෙන්නට බෙදාගත් ඉතුරුවී තිබූ ඌරු මස් ටික සහ මඤ්ඥොක්කා ටික ඔහුට සතුටු සිතින් පිළිගැන්වීය.
 
  • Like
Reactions: blue_in_rio

blue_in_rio

Well-known member
  • මට හිතුනා ඔය ටික වෙයි කියලා..... :lol::lol::lol::lol::lol: හැබැයි ඉතිං මේ ඔක්කොම කාලා ඉවර වෙලා, ගම හාමිනේට ඇති තරම් ස්තූති කළාද කියන්න නම් අපි දන් නෑ.....:P:P:P:P:P

    REP 2+
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මට හිතුනා ඔය ටික වෙයි කියලා..... :lol::lol::lol::lol::lol: හැබැයි ඉතිං මේ ඔක්කොම කාලා ඉවර වෙලා, ගම හාමිනේට ඇති තරම් ස්තූති කළාද කියන්න නම් අපි දන් නෑ.....:P:P:P:P:P

    REP 2+

    :lol::lol::lol:ඒක තමා මටත් දැනගන්න තියෙන පුරස්නේ......
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    phj

    Member
    Nov 1, 2008
    1,292
    367
    0
    Home
    :yes::yes::yes:
    ජන්තු අයියා;17872211 said:
    නොදකින් ගොන් වස්සා..ඌ නම් අමුත්තෙක් නෙමෙයි අමු හු%&තෙක්.....