අද අපේ කතාව සිත් සුවපත් වෙන ලස්සන තැනක් ගැන.ඒ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව.
මේ අසපුව ගැන කතා කළොත්.මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ ආරම්භක භාවනා මධ්‍යස්ථානය සේ ම වත්මන් මූලස්ථානය ලෙසට ද ක්‍රියාත්මක වනුයේ පොල්ගහවෙල වඩුවාවේ පිහිටි, මහමෙව්නාව භාවනා අසපුව යි.
සුන්දර කුඩා කඳු ගැටයක් ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම අසපුව, දහම් පිපාසිත සුවහසක් මිනිසුන් ගේ දහම් පිපාසාව සංසිඳවා ගැනීම පිණිස අමා දම් පිරි සොඳුරු විලක් වැනි ය.
‘ගෞතම බුදු සසුන බබළවන පිරිසක් බිහිවේවා’ යන උතුම් පැතුම පෙරදැරි කරගෙන 1999 අගෝස්තු මස 14 වැනි දින පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙම මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කර තිබෙනවා..
මෙම පුණ්‍ය භූමියෙහි විරාජමානව වැඩ සිටින:
මිනිසුන්හට මහත් ශ්‍රද්ධා භක්තිය ජනිත කරවන අතර වත්මන් බුදු සසුනට මහත් අලෝකයක් සපයනු ලබනවා..සිරි ගෞතම දම්සක් මහා සෑයත්,
සිරි ගෞතම බෝධි මණ්ඩපයත්,
සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවත්,
පින්වත් ස්වාමීන් වහන්සේලා 150 නමකට පමණ වැඩ සිටිය හැකි කුටි පහසුකම් ද අනෙකුත් සියලු විහාරාංගයන්ගෙන්ද මෙම පුණ්‍ය භූමියේ සමන්විතයි..
එමෙන්ම දිනපතා බොහෝ සැදැහැවතුන් පිරිසක් සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව වන්දනා කිරීමෙන් අපමණ පින් රැස් කරගන්න පැමිණෙනවා..
අක්කර විස්සකට ආසන්න ස්වභාවික සෞන්දර්යයෙන් පිරි කඳුකර බිම් පෙදෙසක සම්බුද්ධ රාජමාලිගය ඉදිකර තිබෙනවා..
ඉන්දියාවේ අශෝක අධිරාජයා විසින් නිර්මාණය කරන ලද ධර්ම චක්‍රය සහිතවූ දැවැන්තව ඉදිවූ දොරටුවකින් සිරිගෞතම රාජමාලිගයට පිවිසිය යුතුවේ..
ඉන් අනතුරුව තවත් දැවැන්ත පියගැට පෙළක් ඔස්සේ නැගගොස් මාලිගා පරිශ්‍රයට පිවිසීමට පුළුවන.
මහල් දෙකකින් යුක්ත වන ආකාරයට නිමවූ මෙම රාජමාලිගාව අප ගෞතම බුදුන් වහන්සේ උදෙසා නිර්මාණය කොට තිබෙනවා. මෙහි නිමවා තිබෙන සෑම මූර්තියකින්ම, චිත්‍රයකින්ම කියැවෙන්නේ අප ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වීම දක්වා වූ කතා පුවතය...
අඩි 107 ක් උසැති සම්බුද්ධරාජ මාලිගාව වසරක් වැනි කෙටි කාලයකදී නිමවා අවසන් කිරීමට හැකි වීමද සුවිශේෂී කරුණකි...
මහමෙව්නාව භාවනා අසපුවේ ශාඛා කිහිපයක් මෙරට පවතින අතර පොල්ගහවෙල ඉන් ප්‍රධාන වේ..
අලව්ව පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගය අසලින් විහිදෙන මාර්ගයේ කිලෝමීටර් තුනහමාරකට ආසන්න දුරක් ගියවිට මහමෙව්නාව භාවනා අසපුව හමුවේ.
පීඩාකාරී මනසින් මිදෙන්න ඔබත් මෙහි යන්න.
මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න
Original Article Click Here