සිත නිවෙන - මහමෙව්නාව භාවනා අසපුව 🙏🧘‍♂️

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සිත නිවෙන - මහමෙව්නාව භාවනා අසපුව 🙏🧘‍♂️(Mahamevnawa Buddhist Monastery Polgahawela) - Your Choice Way
    අද අපේ කතාව සිත් සුවපත් වෙන ලස්සන තැනක් ගැන.ඒ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව.

    මේ අසපුව ගැන කතා කළොත්.මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ ආරම්භක භාවනා මධ්‍යස්ථානය සේ ම වත්මන් මූලස්ථානය ලෙසට ද ක්‍රියාත්මක වනුයේ පොල්ගහවෙල වඩුවාවේ පිහිටි, මහමෙව්නාව භාවනා අසපුව යි.

    සුන්දර කුඩා කඳු ගැටයක් ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම අසපුව, දහම් පිපාසිත සුවහසක් මිනිසුන් ගේ දහම් පිපාසාව සංසිඳවා ගැනීම පිණිස අමා දම් පිරි සොඳුරු විලක් වැනි ය.

    ‘ගෞතම බුදු සසුන බබළවන පිරිසක් බිහිවේවා’ යන උතුම් පැතුම පෙරදැරි කරගෙන 1999 අගෝස්තු මස 14 වැනි දින පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙම මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කර තිබෙනවා..

    මෙම පුණ්‍ය භූමියෙහි විරාජමානව වැඩ සිටින:

    සිරි ගෞතම දම්සක් මහා සෑයත්,
    සිරි ගෞතම බෝධි මණ්ඩපයත්,
    සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවත්,
    මිනිසුන්හට මහත් ශ්‍රද්ධා භක්තිය ජනිත කරවන අතර වත්මන් බුදු සසුනට මහත් අලෝකයක් සපයනු ලබනවා..

    පින්වත් ස්වාමීන් වහන්සේලා 150 නමකට පමණ වැඩ සිටිය හැකි කුටි පහසුකම් ද අනෙකුත් සියලු විහාරාංගයන්ගෙන්ද මෙම පුණ්‍ය භූමියේ සමන්විතයි..

    එමෙන්ම දිනපතා බොහෝ සැදැහැවතුන් පිරිසක් සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව වන්දනා කිරීමෙන් අපමණ පින් රැස් කරගන්න පැමිණෙනවා..

    අක්කර විස්සකට ආසන්න ස්වභාවික සෞන්දර්යයෙන් පිරි කඳුකර බිම් පෙදෙසක සම්බුද්ධ රාජමාලිගය ඉදිකර තිබෙනවා..

    ඉන්දියාවේ අශෝක අධිරාජයා විසින් නිර්මාණය කරන ලද ධර්ම චක්‍රය සහිතවූ දැවැන්තව ඉදිවූ දොරටුවකින් සිරිගෞතම රාජමාලිගයට පිවිසිය යුතුවේ..

    ඉන් අනතුරුව තවත් දැවැන්ත පියගැට පෙළක් ඔස්සේ නැගගොස් මාලිගා පරිශ්‍රයට පිවිසීමට පුළුවන.

    මහල් දෙකකින් යුක්ත වන ආකාරයට නිමවූ මෙම රාජමාලිගාව අප ගෞතම බුදුන් වහන්සේ උදෙසා නිර්මාණය කොට තිබෙනවා. මෙහි නිමවා තිබෙන සෑම මූර්තියකින්ම, චිත්‍රයකින්ම කියැවෙන්නේ අප ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වීම දක්වා වූ කතා පුවතය...

    අඩි 107 ක් උසැති සම්බුද්ධරාජ මාලිගාව වසරක් වැනි කෙටි කාලයකදී නිමවා අවසන් කිරීමට හැකි වීමද සුවිශේෂී කරුණකි...

    මහමෙව්නාව භාවනා අසපුවේ ශාඛා කිහිපයක් මෙරට පවතින අතර පොල්ගහවෙල ඉන් ප්‍රධාන වේ..

    අලව්ව පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගය අසලින් විහිදෙන මාර්ගයේ කිලෝමීටර් තුනහමාරකට ආසන්න දුරක් ගියවිට මහමෙව්නාව භාවනා අසපුව හමුවේ.

    පීඩාකාරී මනසින් මිදෙන්න ඔබත් මෙහි යන්න.

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මගේ පෞද්ගලික අදහසනම් අසපුවක් සිමෙන්ති ගොඩවලට වඩා පරිසරයට සම්බන්ධ වෙන්න ඕනේ. මිනිස්සුන්ට ධර්මය මිසක් කවදාවත් අන්ධ භක්තිය දෙන්න හොඳ නෑ.
     
    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    එක දවසක් මහමෙව්නාවෙ channel එක අහපන් (ශ්‍රද්ධා). මොලේ කලදක් හරි තියෙනවනම් අයෙ ජීවිතේට "මහමෙව්නාව" කියන වචනෙවත් කියන්නෙ නෑ.මිනිහ ගෑනිට තේ එකක් හදල දුන්නම ගෑනි හතර අපායෙ යන, ගෑණි මිනිහගෙ ඇග දැක්කම හතර අපායෙ යන මිත්යා දෘශ්ටික තැරි දාර පතරංග හෑලි කියො කියෝ නාකි ගෑණුන්ගෙ මනස විකුර්ති කරන එක තමා ඔතන කරන්නෙ. ඕකෙ තනිකරම තියෙන්නෙ ඒකාධිකාරයක්. අඩුම ගානෙ බන කියන හාමුදුරුවන්ගෙ නම වත් කියන්නෙ නෑ කස්ටමර්ස් ල කැඩෙයි කියල. ඤානානන්ද හාමුදුරුවො විතරයි ඕකෙ promote කරගන්නෙ.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    ලබ්බක් කතා කරනව උඹ 😂😂😂
    යකෝ බුදු දහම කියන්නෙ රත්තරන් ගාපු කොන්ක්‍රීට් ගොඩකට නෙමෙයි.. අනික භාවනා අසපුවක් කියන්නෙ ස්වභාවික පරිසරයත් එක්ක සම්බන්ධ දෙයක් මිසක්, ඔය වගේ පෘතග්ජන ජීවිත ගත කරන එක නෙමෙයි.

    "පැවිදිවත පිළිබඳව දීර්ඝ විස්තරයක් ධම්මික සූත්‍රයේ දැක්වෙන අතර විනය ශික්ෂා ලෙස ද භික්ෂූන් වහන්සේලාට හඳුන්වා දී ඇත. ආහාරයෙහි ද, සෙනසුනෙහිද ඇඳි වතෙහි දූලි සෝදා හරින ජලය මෙන්ද, පොකුරු පතෙහි දිය බිඳුමෙන් ද නොඇලී වාසය කිරීම භික්ෂුවගේ ස්වභාවය වේ. ගිහියාගේ ජීවිතය ආශක්තය. (බැඳී සිටී) භික්ෂුවගේ ජීවිතය අනාශක්තය. අංගුත්තර නිකායේ දුක්ඛ නිපාතයේ දී මේ කරුණු තවදුරටත් පැහැදිලි කර ඇත. බුදුරජාණන් වහන්සේ සමාජයේ වසන පිරිස් දෙකක් ගැන හැඳින්වීමක් කර ඇත. එයින් එක පිරිසක සාමාජිකයෝ අඹුදරුවන් සොයති. කෙත්වතු සොයති. දැසි දස්සන් සොයති. වතුපිටි සොයති. රන්රිදී මුතුමැණික් සොයති. මේ සෙවීම හැඳින්වීම සඳහා බුදුරජාණන් වහන්සේ යොදා ඇති පදය ‘පර්යේෂණ’ යන්නය.

    අනෙක් පිරිසේ සාමාජිකයෝ අඹුදරුවන් හැරපියා, කෙත්වතු හැරපියා, දැසි දසුන් හැරපියා, වතුපිටි හැරපියා, රන්රිදී, මුතුමැණික් හැරපියා, අනගාරයෙහි පැවිදිවෙති. මේ පැවිද්ද හැඳින්වීම සඳහා යොදා ඇත්තේ ‘අගාරස්මා’ ‘අනගාරිය’, ‘පබ්බජිති’ යන පද තුනය. මහාචාර්ය රීස් ඩේවිස් මැතිණිය ප්‍රකාශ කොට ඇති පරිදි, මේ පද තුනෙහි අර්ථය වෙනත් බසකට පරිවර්තනය කිරීම අතිශයින් දුෂ්කර බවය."

    ඔය “so called” අසපුවේ බණ අහන්න ගිය තමන්ගෙ කෙල්ල, boot එක තිබ්බ කොල්ලෙක් උන්න කිරියෙ.. 😂😂😂
    දහම ගැන අදහසක් නැති උඹලත්, මේවගේ ගොන් ආතල් ප්‍රොමෝට් කරනවනෙ ඉතින් 🤦‍♂️
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඒ මිනිස්සු තරම් වත් දහම දරන්න උත්සාහ නොකරන එවුන් මේවට බනින්න එපා බොලව්.

    හැබැයි ලංකාවේ භාවනා අසපු වල නොවෙන එකම දේ භාවනාව විතරයි.
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    එක දවසක් මහමෙව්නාවෙ channel එක අහපන් (ශ්‍රද්ධා). මොලේ කලදක් හරි තියෙනවනම් අයෙ ජීවිතේට "මහමෙව්නාව" කියන වචනෙවත් කියන්නෙ නෑ.මිනිහ ගෑනිට තේ එකක් හදල දුන්නම ගෑනි හතර අපායෙ යන, ගෑණි මිනිහගෙ ඇග දැක්කම හතර අපායෙ යන මිත්යා දෘශ්ටික තැරි දාර පතරංග හෑලි කියො කියෝ නාකි ගෑණුන්ගෙ මනස විකුර්ති කරන එක තමා ඔතන කරන්නෙ. ඕකෙ තනිකරම තියෙන්නෙ ඒකාධිකාරයක්. අඩුම ගානෙ බන කියන හාමුදුරුවන්ගෙ නම වත් කියන්නෙ නෑ කස්ටමර්ස් ල කැඩෙයි කියල. ඤානානන්ද හාමුදුරුවො විතරයි ඕකෙ promote කරගන්නෙ.
    වැරදි හොයන්න බන අහනකොට එහෙම වෙනව මචන්. අපි අකමැත්තෙන් හැරි පට්ටපල් බොරු ගොඩක පැටලිල ඉන්නව කියන එක පිලිගන්න බැරි තරමට අපි හිරවෙලා ඉවරයි, පන්සිල් පද 5ම කඩන එකාට වඩා එකක් හරි ආරක්ශා කරන එක වටිනව.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ඇත්ත මහමෙව්නාවලට ගිහින් බලපන් කොච්චර හිත නෙවෙනවද කියල.

    මාත් පොල්ගහවෙල ගිහින් තියනව. හිතට දැනුනෙ wow කියල විතරයි.
     
    • Like
    Reactions: netudara

    Sen-lu

    Well-known member
  • එක දවසක් මහමෙව්නාවෙ channel එක අහපන් (ශ්‍රද්ධා). මොලේ කලදක් හරි තියෙනවනම් අයෙ ජීවිතේට "මහමෙව්නාව" කියන වචනෙවත් කියන්නෙ නෑ.මිනිහ ගෑනිට තේ එකක් හදල දුන්නම ගෑනි හතර අපායෙ යන, ගෑණි මිනිහගෙ ඇග දැක්කම හතර අපායෙ යන මිත්යා දෘශ්ටික තැරි දාර පතරංග හෑලි කියො කියෝ නාකි ගෑණුන්ගෙ මනස විකුර්ති කරන එක තමා ඔතන කරන්නෙ. ඕකෙ තනිකරම තියෙන්නෙ ඒකාධිකාරයක්. අඩුම ගානෙ බන කියන හාමුදුරුවන්ගෙ නම වත් කියන්නෙ නෑ කස්ටමර්ස් ල කැඩෙයි කියල. ඤානානන්ද හාමුදුරුවො විතරයි ඕකෙ promote කරගන්නෙ.
    Parth to Nxivm
     
    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    වැරදි හොයන්න බන අහනකොට එහෙම වෙනව මචන්. අපි අකමැත්තෙන් හැරි පට්ටපල් බොරු ගොඩක පැටලිල ඉන්නව කියන එක පිලිගන්න බැරි තරමට අපි හිරවෙලා ඉවරයි, පන්සිල් පද 5ම කඩන එකාට වඩා එකක් හරි ආරක්ශා කරන එක වටිනව.
    මහින්ද පරද්දන්න මෛත්‍රීට චන්දෙ දුන්න වගේ කතාවක්නෙ බං ඒක. පන්සිල් රකින එක බෞද්ධ දර්ශනය නෙවෙයි කියල අපි දන්නවනෙ මචං. මේවා දවස් ගනන් කතා කරන්න පුලුවන් දේවල්. මම කියන්නෙ නෑ මහමෙව්නාවෙන් නරකක් විතරක් වෙනව කියල. typical බෞද්ධයෙකුට එතන හොදයි. මම සියල්ල දත් නෙවෙයි. ඒත් අපේ ගෙදර daily පැය 5-6කට වඩා මහමෙව්නාවෙ බන අහනව අම්ම. පොඩ්ඩක් හරි මොලේ කල්පනා කරනවනම් තේරෙනව ඒ කියන දේවල් වලින් ගතයුතු යමක් නෑ කියන එක. (මම අහුවෙන හැමෝගෙම බණ අහනව මචං ). කොටිම්ම මෙතන comment කරපු එකත් එක අතකින් වැරදි. මොකද අනිත් අය ඇතුලෙ අප්‍රසාදයක් හදන එකත් එක විදියක අවැඩක්.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    එක දවසක් මහමෙව්නාවෙ channel එක අහපන් (ශ්‍රද්ධා). මොලේ කලදක් හරි තියෙනවනම් අයෙ ජීවිතේට "මහමෙව්නාව" කියන වචනෙවත් කියන්නෙ නෑ.මිනිහ ගෑනිට තේ එකක් හදල දුන්නම ගෑනි හතර අපායෙ යන, ගෑණි මිනිහගෙ ඇග දැක්කම හතර අපායෙ යන මිත්යා දෘශ්ටික තැරි දාර පතරංග හෑලි කියො කියෝ නාකි ගෑණුන්ගෙ මනස විකුර්ති කරන එක තමා ඔතන කරන්නෙ. ඕකෙ තනිකරම තියෙන්නෙ ඒකාධිකාරයක්. අඩුම ගානෙ බන කියන හාමුදුරුවන්ගෙ නම වත් කියන්නෙ නෑ කස්ටමර්ස් ල කැඩෙයි කියල. ඤානානන්ද හාමුදුරුවො විතරයි ඕකෙ promote කරගන්නෙ.
    ඤානානන්ද හාමුදුරුවො තමංගේ අම්මා තාත්තා එක්ක පට්ට තරහින් ඉන්නේ. යන්නේ එන්නේ කතා බහ කරන්නේ නෑ. මම පුද්ගලිකව දන්නවාපොර ගැන.ලෝකෙට පරකාසේගෙදරට මරගාතේ කියන්නනේ ඕවට තමා
     
    • Haha
    Reactions: jaathi

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    දහම් පිපාසිත සුවහසක් මිනිසුන් ගේ දහම් පිපාසාව සංසිඳවා ගැනීම පිණිස අමා දම් පිරි සොඳුරු විලක් වැනි ය :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:මෙව්වනේ හුත්තෝ marketing බුදුහාමුදුරුවොත් කොර වෙනවා මේවා දැක්කනම්..තව හාමුදුරුවරු zoom එකෙන් බන කියනවා දැක්කනම් දනිස් පන නැති වෙනවා...:ROFLMAO::ROFLMAO:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සිත නිවෙන - මහමෙව්නාව භාවනා අසපුව 🙏🧘‍♂️(Mahamevnawa Buddhist Monastery Polgahawela) - Your Choice Way
    අද අපේ කතාව සිත් සුවපත් වෙන ලස්සන තැනක් ගැන.ඒ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව.

    මේ අසපුව ගැන කතා කළොත්.මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ ආරම්භක භාවනා මධ්‍යස්ථානය සේ ම වත්මන් මූලස්ථානය ලෙසට ද ක්‍රියාත්මක වනුයේ පොල්ගහවෙල වඩුවාවේ පිහිටි, මහමෙව්නාව භාවනා අසපුව යි.

    සුන්දර කුඩා කඳු ගැටයක් ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම අසපුව, දහම් පිපාසිත සුවහසක් මිනිසුන් ගේ දහම් පිපාසාව සංසිඳවා ගැනීම පිණිස අමා දම් පිරි සොඳුරු විලක් වැනි ය.

    ‘ගෞතම බුදු සසුන බබළවන පිරිසක් බිහිවේවා’ යන උතුම් පැතුම පෙරදැරි කරගෙන 1999 අගෝස්තු මස 14 වැනි දින පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙම මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කර තිබෙනවා..

    මෙම පුණ්‍ය භූමියෙහි විරාජමානව වැඩ සිටින:

    මිනිසුන්හට මහත් ශ්‍රද්ධා භක්තිය ජනිත කරවන අතර වත්මන් බුදු සසුනට මහත් අලෝකයක් සපයනු ලබනවා..

    පින්වත් ස්වාමීන් වහන්සේලා 150 නමකට පමණ වැඩ සිටිය හැකි කුටි පහසුකම් ද අනෙකුත් සියලු විහාරාංගයන්ගෙන්ද මෙම පුණ්‍ය භූමියේ සමන්විතයි..

    එමෙන්ම දිනපතා බොහෝ සැදැහැවතුන් පිරිසක් සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව වන්දනා කිරීමෙන් අපමණ පින් රැස් කරගන්න පැමිණෙනවා..

    අක්කර විස්සකට ආසන්න ස්වභාවික සෞන්දර්යයෙන් පිරි කඳුකර බිම් පෙදෙසක සම්බුද්ධ රාජමාලිගය ඉදිකර තිබෙනවා..

    ඉන්දියාවේ අශෝක අධිරාජයා විසින් නිර්මාණය කරන ලද ධර්ම චක්‍රය සහිතවූ දැවැන්තව ඉදිවූ දොරටුවකින් සිරිගෞතම රාජමාලිගයට පිවිසිය යුතුවේ..

    ඉන් අනතුරුව තවත් දැවැන්ත පියගැට පෙළක් ඔස්සේ නැගගොස් මාලිගා පරිශ්‍රයට පිවිසීමට පුළුවන.

    මහල් දෙකකින් යුක්ත වන ආකාරයට නිමවූ මෙම රාජමාලිගාව අප ගෞතම බුදුන් වහන්සේ උදෙසා නිර්මාණය කොට තිබෙනවා. මෙහි නිමවා තිබෙන සෑම මූර්තියකින්ම, චිත්‍රයකින්ම කියැවෙන්නේ අප ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වීම දක්වා වූ කතා පුවතය...

    අඩි 107 ක් උසැති සම්බුද්ධරාජ මාලිගාව වසරක් වැනි කෙටි කාලයකදී නිමවා අවසන් කිරීමට හැකි වීමද සුවිශේෂී කරුණකි...

    මහමෙව්නාව භාවනා අසපුවේ ශාඛා කිහිපයක් මෙරට පවතින අතර පොල්ගහවෙල ඉන් ප්‍රධාන වේ..

    අලව්ව පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගය අසලින් විහිදෙන මාර්ගයේ කිලෝමීටර් තුනහමාරකට ආසන්න දුරක් ගියවිට මහමෙව්නාව භාවනා අසපුව හමුවේ.

    පීඩාකාරී මනසින් මිදෙන්න ඔබත් මෙහි යන්න.

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here
    මීට වඩා 1000 කින් සම්පතයි බන් අර සමන්තබද්‍ර හාමුදුරුවන්ගේ අසපුව. එතැන ඔය වගේම සිත නිවන මාලිගා තියනවා. හම්මෝ ඉතින්. ඒ උනාට ඒ හාමුදුරුවෝ එක පැත්තකින් කරන වැඩේ සුපිරි "මෙතන කාල බුදියන අය නැ " කියන සංකල්පේ.
     
    • Like
    Reactions: tin tin

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඇත්ත මහමෙව්නාවලට ගිහින් බලපන් කොච්චර හිත නෙවෙනවද කියල.

    මාත් පොල්ගහවෙල ගිහින් තියනව. හිතට දැනුනෙ wow කියල විතරයි.
    Wow කියන්නෙ රාගයට මචන්...
    මේකෙ බනින එවුන් බනින්නෙ ද්වේශයෙන්.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මීට වඩා 1000 කින් සම්පතයි බන් අර සමන්තබද්‍ර හාමුදුරුවන්ගේ අසපුව. එතැන ඔය වගේම සිත නිවන මාලිගා තියනවා. හම්මෝ ඉතින්. ඒ උනාට ඒ හාමුදුරුවෝ එක පැත්තකින් කරන වැඩේ සුපිරි "මෙතන කාල බුදියන අය නැ " කියන සංකල්පේ.
    Umandawa Rulz 👏🏻
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Umandawa Rulz 👏🏻
    මම හිතන්නේ ඒක රුල් එකකට වඩා ලංකාවේ ඉන්න කම්මැලියෝ ගන්න ඕනේ ආදර්ශයක්. මම දන්නේ නැ ඒ හමුදුරුවොන්ගේ ඩිල් අනන් මනං . ඒවා වැඩකුත් නැ . එත් එතන වගාව , කළමනාකරණය පැත්තෙන් ගත්තොත් සුපිරියක් තමා.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මම මහමෙව්නා ෆෑන් කෙනෙක් නම් නෙමෙයි. මාත් පෞද්ගලිකව කැමති නෑ මහමෙව්නාට මොකද ඕකෙ ධර්මය ගොඩක් විකුර්ති කරන නිසා. ඒ වුනාට මෙහෙම දෙයක් තියෙනවා. ධර්මය ගැන මොකුත්ම දන්නෙ නැති මනුස්සයෙක්ට වඩා ඔහොම තැනකට හරි ගිහින් බණ පදයක් හරි අහන එක වටිනවා. ප්‍රඥාව කියන එක තියෙනවා නම් ටික කාලයක් යද්දි ඒ මනුස්සාට තේරෙන්න ඕනෙ මේක නෙමෙයි හරි ධර්මය කියලා. මම ඔහොම කියන්නෙ මොකද අපේ නැන්දා කෙනෙක් ඉන්නවා. එයා ඉස්සර සෑහෙන්න මහමෙව්නාට ‍යනවා. එයාලත් පටන්ගත්තෙ එතනින්. ඒ කාලෙ හිතාගෙන හිටියෙ ඒක තමයි හරි ධර්මය කියලා. හැබැයි එයාටම කාලයක් යද්දි තේරිලා ඒක නෙමෙයි ඇත්ත කියලා. එයා එක්ක දැන් කතා කරද්දි උනත් තේරෙනවා දැන් යතාර්ථය අවබෝධ කරගෙන ඉන්නවා කියලා.