සිද්ධාර්ථ කුමාරයගෙ What If එක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    From FB

    මං හිතන්නෙ අපි සිද්ධාර්ථ කුමාරයගෙ What If එක ගැන කතා කරනවා මදි! හොඳට කල්පනා කරොත් ඒක ඇවිල්ලා සමස්ථ ලෝක ඉතිහාසයම, මේ දැන් තියෙන වර්තමානයම උනත් වෙනස් වෙන්න පුළුවන් What If එකක්.

    සිද්ධාර්ථ කුමාරයා, බුදු නොවී සක්විති රජ උනා නං මොකක් වෙන්න තිබුණද?

    බමුණො 6 දෙනෙක්ම ඔප්ෂන්ස් 2 ම දෙද්දි, කොණ්ඩඥ්ඥ විතරයි කිව්වෙ සිද්ධාර්ථ කුමාරයා ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා. ඒ කියන්නෙ කොණ්ඩඥ්ඥ වැඩ්ඩා තමා, හැබැයි එතන අනික් 6 දෙනෙක්ම සක්විති රජ කෙනෙක් ගැන 50% ක සම්භාවිතාවක් තිබ්බා.

    ආත්ම ගාණක් පෙරුම් පුරාගෙන, බුද්ධත්වය වෙනුවෙන්ම ඇවිත්, එතනින් එහාට යන්නෑ තමා. ඒත් නිකමට හිතලා බැලුවොත්,

    අපි සමහරවිට මේ කතා කරන්නෙ, ලෝක ඉතිහාසයේ කවදාවත් නොඉඳපු, ඇයි එච්චර පවර්ෆුල් කෙනෙක් හිටියේ නැත්තෙ කියලා ප්‍රශ්න පවා කෙරෙන, ලෝකයේ ශ්‍රේෂ්ටතම, බලවත්ම, විශාලතම රාජධානිය හිමි රජතුමා ගැන.

    ආගම් දහස් ගාණක් තියෙන ඉන්දියාවේ, හින්දු ආගම එක්ක බද්ධ උනු මිනිස්සු ඉඳපු ඉන්දියාවේ, ආගම ජාතිය කුලය වෙනුවෙන් මරාගෙන මැරෙන මිනිස්සු හිටපු ඉන්දියාවේ, ජාති ආගම් කුලවාද ප්‍රතික්ෂේප කරලා, එතෙක් පැවතුණු ආගම්වලට වලට වඩා වෙනස් දර්ශනයක් දේශනා කරලා,
    5 දෙනෙක්ගෙන් පටන්ගෙන, අවුරුදු 5 ක් ඇතුලත 60,000 ක් ශ්‍රාවකයෝ රැස් කරගන්න තරම් හැකියාවක් තිබ්බා කියන්නෙ,

    සිද්ධාර්ථ කුමාරයා දිගටම යුද්ධ කරමින්, ඒ ආශ්‍රිතව මිනිස්සු රැස් කරා නං හදාගන්න තිබුණු හමුදාවේ විශාලත්වය හිතාගන්නවත් බෑ. මිනිස්සුන්ට යුද්ධ කරනවට වඩා හරිම අමාරු දෙයක් දර්ශනයක් ඒත්තු ගන්වන එක. ඒත් ඒ අමාරු පාරෙ ගිහිල්ලත් මුළු ඉන්දියාවෙම පැතිරුණු දර්ශනයක් හදනවා කියන්නෙ, කොහොම ලෙවල් එකක දක්ෂතාවයක්ද!

    සහ සිද්ධාර්ථ කුමාරයගෙ කැපවීම, ඔබ හිතනවද අවුරුදු 5 ක් තිස්සේ තමන් ගාවට වැටෙන දෙයක් විතරක් කකා බිබී, එක අරමුණක් වෙනුවෙන් නොසැලී ඉන්න, ලේසි පාසු පුතයෙක්ට පුළුවන් කියලා?
    බැහැ! ඒ අධිෂ්ඨානය, අරමුණක් වෙනුවෙන් කරන කැපකිරීම, සාමාන්‍ය මනුස්සයෙක්ව exceed කරන දේවල්. ඒ ගුණාංග තියෙන රජ කෙනෙක්ව හිතින් මවාගන්න. කොහොම ස්ටෑන්ඩර්ඩ් එකක් ද ඒක!

    අනික් අතට ඒ ජීවිත කතාව තුලම කියවෙනවා සිද්ධාර්ථ කුමාරයා කියන්නෙ කොච්චර දක්ෂ සටන්කරුවෙකුද කියලා. සහ ගඟක එහා ඉවුරෙ ඉඳන් මෙහා ඉවුරට අශ්වයෙක්ව පන්නන්න කොච්චර දක්ෂ අශ්වාරෝහකයෙක් වෙන්න ඕනද! ඒ වගේම සාහිත්‍යයේ සිද්ධාර්ථ කුමාරයව විස්තර කෙරෙන ඔක්කොම ලක්ෂණ මහා යුධ විරුවෙක්ගෙ ලක්ෂණ.

    සහ මම විශ්වාස කරනවා සිද්ධාර්ථ කුමාරයාට පුදුමාකාර මට්ටමේ සන්නිවේදන හැකියාවක් තියෙන්න ඇති කියලා. ලක්ෂ ගාණක ශ්‍රාවක පිරිසකට, එක් එක් කෙනාට වෙන වෙනම තේරෙ විදියට දර්ශනයක් පැහැදිලි කරනවා කියන්නෙ,

    කොහොමත් ලේ රත් වෙන සේනාවකට අණ දෙනවා කියන එක නතිං.

    ඒ වගේමයි කුලය ප්‍රතික්ෂේප කරලා, දක්ෂතාවය-ලෝයල්ටිය වගේ දේවල් අනුව තනතුර දීම, තීක්ෂණ බුද්ධිය, දර්ශනය ගැන තිබුණු අවබෝධය වගේ දේවල් එක්ක ඉතාමත් බුද්ධිමත්, ඥාණාන්විත, සංසුන්, දක්ෂ හොඳ රජෙක් වෙන්න තිබ්බා. දක්ෂ රණ ශූරයෙක් + සේනා මෙහෙයවන්නෙක් + අති දක්ෂ පාලකයෙක්.

    මං හිතන්නෙ මේ ටික හොඳටම ඇති ඉන්දියාවෙන් පටන් අරං, නැගෙහහිරින් චීනය ජපානය, උතුරින් රුසියාව, බටහිරෙන් යුරෝපය අප්‍රිකාව දක්වාම රාජධානියක් ව්‍යාප්ත කරන්න. එහෙනං මේ මහද්වීප දෙක තුනක තියෙන බිම් ප්‍රමාණය අද එක තනි මහද්වීපයක්. ඇලෙක්සැන්ඩර්, අශෝක අරම නං, සිද්ධාර්ථ කොහොම ඉන්න ඕනද!

    මේ අපි කතා කරන්නෙ ලෝකයේ කවදාවත් බිහි නොවුණු, ශ්‍රේෂ්ටතම සක්විති රජතුමා ගැන.

    ඒත් කොච්චර ශ්‍රේෂ්ට උනත්, කොච්චර බලයක් භූමියක් තිබ්බත්, කොච්චර විශාල උනත්, කාලය කියන සාධකය ඉස්සරහ, ඕනම රජෙක් ඉතිහාසයට එකතු වෙනවා. ඉතිහාසය ඉගෙනගන්න අය විතරක් අවධානෙන් බලයි. එච්චරයි.

    ඒත් ආගමක ශාස්තෲන්වහන්සේ කියන්නෙ, අවුරුදු 2500 ක් ගිහිල්ලත්, අදටත් ලෝභ නැතුව මිලියන 100 කට එහා තමන් ගැන කතා කරන, අදහන, වඳින පුදන බැතිමතුන් ඉන්නවා. තමන් වෙනුවෙන් මැරෙන්න ම රා ගන්න බලං මිනිස්සු ඉන්නවා. තමන් සදහටම අමරණීයයි.

    මං හිතන්නෙ සිද්ධාර්ථ කුමාරයා තෝරගත්තෙ හරිම විකල්පය. ආගම් දහස් ක් ගණනක් මැද්දෙ, සත්‍ය හොයාහිය ගවේෂකයන් සිය දහස් ගණනක් මැද්දෙ, රාජ්‍යය අනුග්‍රහයෙන් හරි දර්ශනයක් අවබෝධ කරගෙන දේශනා කරලා, ඒ ආශ්‍රිතව දැන් මිනිස්සු ආගමක් හදාගෙන ඉන්නවා. සදහටම වන්දනා කරනවා.

    තව ඉතින් මොනවද, දැනුත් > සක්විති රජ. ඒකයි අපි උන් වහන්සේට

    බුදු 'රජා' ණන් වහන්සේ කියන්නෙ 😌❤️

    Ruwishan wimukthi

    Original link

    https://m.facebook.com/story.php?st...PasFvhPMzl&id=100002808567606&mibextid=Nif5oz
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    “මහණෙනි, ධර්මයෙන් යුක්තවූ ධර්මයෙන් රජ කරන්නාවූ යම් සක්විති රජෙක් වේද හෙතෙම රජකු නැතිව අණසක නොපවත්නේයයි වදාළේය.

    මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමීනි, ධර්මයෙන් යුත් ධර්මයෙන් රජ කරන්නාවූ සක්විති රජහුගේ රජ නම් කවරෙක්දැයි?’ කීය.

    “මහණ, (දශකුශල) ධර්මයයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. “මහණ, ධර්මයෙන් යුත් ධර්මයෙන් රජ කරන්නාවූ සක්විති රජ තෙමේ දශ කුශල ධර්මය ඇසුරු කොට ධර්මයට සත්කාර කරමින් ධර්මයට ගරු කරමින් ධර්මයට පුදමින් ධර්මය ද්වජයක් කොට ගෙන ධර්මය කොඩියක් කොට ගෙන ධර්මය අධිපතිකොට ගෙන අභ්‍යන්තර ජනයාගේ රැකවරණ පරිස්සම සලසාලයි.

    “මහණ, එමෙන්ම ධර්මයෙන් යුක්තවූ ධර්මරාජවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙමේ ධර්මයම (නවලොකොත්තර ධර්මයම) ඇසුරු කොට ධර්මයට සත්කාර කරමින් ධර්මයට ගරු කරමින් ධර්මයට පුදමින් ධර්මය ධජයක් කොට ගෙන ධර්මය කොඩියක් කොට ගෙන ධර්මය අධිපති කොට ගෙන කාය කර්මයෙහි රැකවරණ පරිස්සම සලසන්නේය.
    -අරාජක චක්ක සූත්‍රය.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    හරි හරි ඉතින් ඕකට කවුරුත් රිද්දාගන්න ඕනි නෑ ,😁😁. ඒක එක්කෙනාගේ ශ්‍රද්ධාව වෙනස් නේ. මේ ලිපියේ approach එක වෙනස් නිසා ෂේයාර් කරේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    හරි හරි ඉතින් ඕකට කවුරුත් රිද්දාගන්න ඕනි නෑ ,😁😁. ඒක එක්කෙනාගේ ශ්‍රද්ධාව වෙනස් නේ. මේ ලිපියේ approach එක වෙනස් නිසා ෂේයාර් කරේ.
    ඔය ෆේස් බුක් එකේ ඉන්න රටේ නැති පල්හෑලි ලියන පඩිවරු වගේ උන්ව අප්පිරියයි මට නම්. ඒකයි සහෝ එහෙම කිව්වෙ. නැතුව බුද්ධ ධර්මෙ ගැන තියෙන අවුලකට නෙවේ. :yes: :)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    ඔය ෆේස් බුක් එකේ ඉන්න රටේ නැති පල්හෑලි ලියන පඩිවරු වගේ උන්ව අප්පිරියයි මට නම්. ඒකයි සහෝ එහෙම කිව්වෙ. නැතුව බුද්ධ ධර්මෙ ගැන තියෙන අවුලකට නෙවේ. :yes: :)

    නෑ නෑ උබට කියපු එකක් නෙවෙයි.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    Oka boruwak ban..
    Dushkara kriya karanakota koddanyamabthamabdala giye mu Nam kawadawath busy wenna ekek nowe kiyala..

    Budda kiyanne thanikarama kautilyage nirmanayak..yuda wadeeem nawaththala dahama magin anith ratawal alla ganna Ashoka Raju karapu wadak..

    Ashoka raja ninisunge athe thibba maduwa ayin Kara .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    Oka boruwak ban..
    Dushkara kriya karanakota koddanyamabthamabdala giye mu Nam kawadawath busy wenna ekek nowe kiyala..

    Budda kiyanne thanikarama kautilyage nirmanayak..yuda wadeeem nawaththala dahama magin anith ratawal alla ganna Ashoka Raju karapu wadak..

    Ashoka raja ninisunge athe thibba maduwa ayin Kara .
    සිංහලෙන් ලියපංකෝ. කියල තියෙන එක පැහැදිලි මදි
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    කතාව ඇත්ත හොඳ ගැලපීමක් කරලා තියනවා. නමුත් එතුමාට තිබුනේ වෙන්නම අරමුණක්. ඒ ලෝකෝත්තර මාර්ගයක්. ඔහු ගමන් කෙරුවේ ඒ මග ඔස්සේ. ලව්කික මගක් ඔස්සේ ගමන් කෙරුවනම් මේකතා මේ වගේ වෙන්න ඉඩ තිබුනා ..... (y)
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කතාව ඇත්ත හොඳ ගැලපීමක් කරලා තියනවා. නමුත් එතුමාට තිබුනේ වෙන්නම අරමුණක්. ඒ ලෝකෝත්තර මාර්ගයක්. ඔහු ගමන් කෙරුවේ ඒ මග ඔස්සේ. ලව්කික මගක් ඔස්සේ ගමන් කෙරුවනම් මේකතා මේ වගේ වෙන්න ඉඩ තිබුනා ..... (y)

    අපිට මේ ලෝකයේ තිබෙන දුක තුරන් කරන්න යෙදෙන්න පුලුවන් ප්‍රධානතම මාර්ග දෙකනෙ දේශපාලනය සහ ආධ්‍යාත්මිකත්වය කියන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,388
    166,764
    113
    එකමත් එක රටක
    කතාව ඇත්ත හොඳ ගැලපීමක් කරලා තියනවා. නමුත් එතුමාට තිබුනේ වෙන්නම අරමුණක්. ඒ ලෝකෝත්තර මාර්ගයක්. ඔහු ගමන් කෙරුවේ ඒ මග ඔස්සේ. ලව්කික මගක් ඔස්සේ ගමන් කෙරුවනම් මේකතා මේ වගේ වෙන්න ඉඩ තිබුනා ..... (y)
    සක්විති කමක් අත් ඇරිය කියන්න බෑ බන්.
    පස්මහ බැලුම් බලලා, පාරමිතා පුරලා ඔක්කොම සෙට් කරල ආවේ ඉතින් දෙකෙන් එකක් තෝරාගන්න නෙවෙයි නේ ,.. බුදු වෙන්න නේ. :rofl:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    සක්විති කමක් අත් ඇරිය කියන්න බෑ බන්.
    පස්මහ බැලුම් බලලා, පාරමිතා පුරලා ඔක්කොම සෙට් කරල ආවේ ඉතින් දෙකෙන් එකක් තෝරාගන්න නෙවෙයි නේ ,.. බුදු වෙන්න නේ. :rofl:
    ඔව් එක තමයි මම කිව්වේ මචන්. ඒ අරමුණ විතරමයි විතරයි එතන තිබුනේ :yes: