දැන් උබ නේ කිව්වේ ඇත්තටම හිටපු එකෙක් කියලා හිතනවද කියලා සක්විති රජ කියන එකා.
දන් උබ ඔය දීග නිකායේ ලියලා තියන බයිලා ටික පිළිගන්නවද ?
මම රාවණා සක්විති කියලා කිව්වේ ලංකාවේ මිට්ටෝ ටික රාවනා සක්විති කෙනෙක් කියලා විශ්වාස කරන නිසා බන්.
ඉතින් ඕය සුත්‍රයන්ම උබටම නිගමනයට එන්න පුළුවං නේ ආයේ වෙන කාගෙවත් නිගමනයක් මොකටද?
මේ ගොඩ දෙනෙක්ට ඔය එක්කෝ කියන එක වෙන විධියකට තේරෙන්නේ.කට්ටිය මේ කතාවෙන එකට උදව්වක් වෙන්න බුදුහාමුදුරුවො කොහොමද "චක්‍රවර්තී රජ්ජුරුවන්" නිර්වචනය කරලා තියෙන්නේ කියන එක පැහැදිලි කරගන්න චක්කවත්තී සිහනාද සූත්‍රය කියවලා බලන්න. බුදුදහමේ එන චක්‍රවර්තී රජු කෙනෙක් සකස් වෙන්න හේතුප්‍රත්‍ය රාශියක් තියනවා. සරලව කිව්වොත් කාලය ද්වීපය දේශය ගෝත්‍රය ආදී කරුණු ලොකු වැදගත්කමක් තියනවා. එකේ තියනවා රජෙකුට රාජ්‍යත්වයට අවශ්‍ය ධනය, බලය පිලිගැනීම සහ ඒ රජතුමා පහලවෙන කාලය වන විට සශ්‍රීකත්වය කොයිතරම් ඉහල මට්ටමක තිබිය යුතුද කියලා.
ඕපී එකෙ තියෙන කතාවට අනුව දැන් කතාවෙන්නේ බුදුහාමුදුරුවො එක්කො බුදුවෙන්න එක්ක රජවෙන්න ආවා වෙන්න බැහැ/පුළුවන් කියන එක ද ?
ඔය "එක්කෝ" කතාව එන්නේ සිදුහත් කුමරුට නම් තබන්න ආපු අට දෙනාගෙ නිගමන නිසා නේ. නැතිව බුදුහමාදුරුවොවත් සිදුහත් කුමරුවත් කිව්වෙ නැහැනෙ මම හිතුනොත් බුදුවෙනවා හිතුනොත් රජ වෙනවා කියලා. නම් තැබීමට ආපු අටදෙනා තමන් දන්නා ශාස්ත්‍ර අනුව පරීක්ෂා කළහම ඒ අයට දකින්න පුලුවන් වුනේ අතිවිශාල පිරිසකගේ පිලිගැනීමට, ආකර්ෂණයට සහ අනුගාමීත්වයට ලක්වෙන සත්වයෙක්ව. ඉතින් එහෙම වෙන්න පුලුවන් චරිත එදා භාරතීය සමාජය සකස්වෙලා තිබුන විදිහට දෙයාකාරයි. ඒ දේශපාලනය කරන පුද්ගලයෙක් හෝ ආගමික ශ්‍රාස්තෘවරයෙක් විදිහට. ඉතින් ඒ අය සමජ වටපිටාවට ඒ අයගෙ දේහ ලක්ෂණ(?)නිරීක්ෂණ අදාල කරලා ප්‍රකාශයන් කලා.
------ Post added on Jun 18, 2023 at 3:53 PM


