"සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටය ලඟදීම

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    "සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටය ලඟදීම

    siddartha2.jpg

    මහාමායා දේවියගේ කුස පිළිසිඳීමේ සිට ගිහිගෙය හැරයාම දක්වා සිදුහත් කුමාරයාගේ කතා පුවත රැගත් "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටය 2013 ජනවාරි මාසයේ සිට තිරගතවීමට නියමිතයි.

    රුපියල් කෝටි 15ක් පමණ වියදම් කර නිපදවා ඇති බව පැවසෙන මෙම සිංහල චිත්‍රපටය දැනටමත් ඉල්ලා ඇති රටවල් 48කට ඉංග්‍රීසි උපසිරැසි සහිතව විකිණීමට බලාපොරොත්තු වන අතර එමඟින් ඉපයීමට බලාපොරොත්තු වන මුදල රු. කෝටි 25කි.

    භාෂා 5ක උපසිරැසි සහිතව ප්‍රදර්ශනය කිරීමට ඉන්දියාවද බලාපොරොත්තු වේ

    දැනටමත් සම්පූර්ණයෙන් රූගත කර දෙබස් කවා අවසන්ව ඇති මෙම චිත්‍රපටයේ ගීත සියල්ලද අවසන්ය. ඉදිරි දින 20 ඇතුලත ඉන්දියාවට රැගෙනගොස් වර්ණගැන්වීම හා DTS ශබ්ධ යෙදීමට නියමිතය.

    මෙහි සිද්ධාර්ථ කුමාරයා, යශෝදරා දේවිය, මහාමායා දේවිය, දේවදත්ත යන චරිත සඳහා පන පොවන්නේ ඉන්දියාවේන් තෝරාගන්නා ලද පුද්ගලයන්ය.

    සුද්ධෝදන රජතුමා ගේ චරිතය රන්ජන් රාමනායකත්, සුප්‍රබුද්ධ රජු ලෙස ඩග්ලස් රණසිංහත්, නන්ද කුමරු ලෙස රොෂාන් රණවනත්, චන්න ඇමැති ලෙස සාරංග දිසාසේකරත්, බිම්බිසාර රජු ලෙස ජීවන් කුමාරතුංගත් රඟපායි.

    ගුරු විශ්ව මිත්‍ර ලෙස බුද්ධදාස විතාන ආරච්චිත්, පසේනදී කුමරු ලෙස දුෂ්යන්ත් වීරමනුත් රඟපාන අතර ප්‍රජාපතී ගෝතමිය ගේ චරිතයට ඇමෙරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකේය තරුණියක් වන අංජනී පෙරේරා ත් දායක වෙයි.

    ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ දිල්ලිය ප්‍රදේශයෙන් ඉන්දියානු නලු නිළියන් තෝරාගන තිබෙන්නේ මස් මාලු නොකන, හොඳ පවුල් පසුබිමක් ඇති තුන් සියයකට අධික තරුණ තරුණියන් පිරිසක් සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී කරගැනීමෙනුයි.

    ඒ අනුව සිද්ධාර්ථ කුමාරයා ලෙස ගගන් මලික්, යශෝදරා දේවිය ලෙස අන්චල් සිංග්, මහාමායා දේවිය ලෙස අංශු මලික් හා දේවදත්ත ලෙස ගෞතමි ගුලාම් රඟපායි.

    රූගතකිරීම් සඳහා කපිලවස්තු පුරයේ කපිලවස්තු මාලිගය ඉදිවූයේ කැලණිය ප්‍රදේශයේ මානෙල්වත්ත විහාර භූමියේ ය.

    එහි ඇතුළත ස්වරූපය ඉදිවූයේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පිහිටි අක්කර එක හමාරක් පමණ වූ භූමි භාගයක ය.

    බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් ලියූ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ පොත ආශ්‍රය කරගෙන තිරපිටපතක් ලියා ඇති "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටය සමන් වීරමන්ගේ අධ්‍යක්ෂණයකි. නවීන් ගුණරත්න ගේ නිෂ්පාදනයක් වන අතර ජෙෆ් ගුණවර්ධනගේ සම නිෂ්පාදනයකි.

    photo-3.jpg

    Siddartha-+Gossip9-++(2).jpg

    Source Gossip9

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ වගේ ෆිල්ම් එකක්වත් pirate කරන්නේ නැත්තං හොඳයි :no:

    පිස්සුද බන්?
    පයිරට් නොකරොත් අපි බලන්නේ කොහොමද?
    අඩුගානේ පයිරට් කරාට පස්සේ හැමෝම ඩවුන්ලෝඩ් කරලා ජීවිතේට මොනා හරි ආදර්ශයක් ගනී.
    නැත්තම් වෙන්නේ ඔරිජිනල් කොපිස් ගන්න අය විතරක් තනියෙන් බුදු වෙන එක විතරයි.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පිස්සුද බන්?
    පයිරට් නොකරොත් අපි බලන්නේ කොහොමද?
    අඩුගානේ පයිරට් කරාට පස්සේ හැමෝම ඩවුන්ලෝඩ් කරලා ජීවිතේට මොනා හරි ආදර්ශයක් ගනී.
    නැත්තම් වෙන්නේ ඔරිජිනල් කොපිස් ගන්න අය විතරක් තනියෙන් බුදු වෙන එක විතරයි.

    මම කියන්නේ මේක ෆිල්ම් හෝල් එකකට ගිහිං බලන්න කියල :no:
    ලංකාවේ ඔය පයිරට් වැඩේ හින්ද තමයි උඹලගේ ඔය ඉන්ටනෙට්නුත් ස්ලෝව් කරලා ලිමිට් කරල තියෙන්නේ :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම කියන්නේ මේක ෆිල්ම් හෝල් එකකට ගිහිං බලන්න කියල :no:
    ලංකාවේ ඔය පයිරට් වැඩේ හින්ද තමයි උඹලගේ ඔය ඉන්ටනෙට්නුත් ස්ලෝව් කරලා ලිමිට් කරල තියෙන්නේ :dull:

    හැමෝටම ෆිල්ම් හෝල් එකට යන්න බෑ නේ බන්.
    ෆිල්ම් හෝල් වලට යන්න සමහරුන්ට වෙලාවකුත් නෑ නේ සල්ලි තිබ්බත්.
    පයිරට් FTW.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හැමෝටම ෆිල්ම් හෝල් එකට යන්න බෑ නේ බන්.
    ෆිල්ම් හෝල් වලට යන්න සමහරුන්ට වෙලාවකුත් නෑ නේ සල්ලි තිබ්බත්.
    පයිරට් FTW.

    ඇයි හැමෝටම යන්නේ බැරි? ෆිල්ම් එකක් දුවන්නේ සාමාන්යෙන් පැය එකහමාරක් වගේනෙ. ඒ තරම්වත් නිවාඩු නැති මිනිස්සු නෑනෙ :no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි හැමෝටම යන්නේ බැරි? ෆිල්ම් එකක් දුවන්නේ සාමාන්යෙන් පැය එකහමාරක් වගේනෙ. ඒ තරම්වත් නිවාඩු නැති මිනිස්සු නෑනෙ :no:

    මොකද බන් නැත්තේ?
    සතියට පැයක් නිදහසේ ඉන්න බැරි මිනිස්සු ඕන තරම් ඉන්නවා බන්.
    උබ මෙතන වැඩර් වගේ කෑ ගැහුවට උබේ ජීවිතේ උබ බලපු ෆිල්ම් වලින් ගොඩක් ඒවා බැලුවේ පයිරට් ඒවා නෙවෙයිද?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොකද බන් නැත්තේ?
    සතියට පැයක් නිදහසේ ඉන්න බැරි මිනිස්සු ඕන තරම් ඉන්නවා බන්.
    උබ මෙතන වැඩර් වගේ කෑ ගැහුවට උබේ ජීවිතේ උබ බලපු ෆිල්ම් වලින් ගොඩක් ඒවා බැලුවේ පයිරට් ඒවා නෙවෙයිද?

    :rofl:

    නෑ :no: (ඒත් මම පයිරට් කරලා නැත්තේමත් නෑ)

    මම ලංකාවට ආවම ඕනනං අපේ ගෙදර වරෙන් මගේ dvd collection එක පෙන්නන්න :cool:

    මෙතන මම කියන්නේ පයිරට් කිරිල්ල නවත්තන් කියලමත් නෙවෙයි අඩුමතරමේ ලංකාවේ දේවල්වත් පයිරට් කරන්න එපා කියලා මොකද ඒ අපි ගහන්නේ අපේ උන්ගේ බඩටමයි
     
    Last edited:
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මේ ෆිල්ම් එක අනිවාර්යෙන්ම බලන්න ඕන , බලන්න වටින ෆිල්ම් එකක්.. බලනවා කියල ගෙදර ඉදන් ඉන්ටර්නෙට් එකක් ඩවුන්ලෝඩ් කරගෙන බලන එක නෙමෙඉ හරිදේ ෆිල්ම් හෝල් එකට ගිහින් ටිකට් එකක් අරගෙන් බලන එකයි නියම විදිය.. එකට තමයි යුතුකම කියල කියන්නේ...
     
    • Like
    Reactions: dj ice cold

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ ෆිල්ම් එක අනිවාර්යෙන්ම බලන්න ඕන , බලන්න වටින ෆිල්ම් එකක්.. බලනවා කියල ගෙදර ඉදන් ඉන්ටර්නෙට් එකක් ඩවුන්ලෝඩ් කරගෙන බලන එක නෙමෙඉ හරිදේ ෆිල්ම් හෝල් එකට ගිහින් ටිකට් එකක් අරගෙන් බලන එකයි නියම විදිය.. එකට තමයි යුතුකම කියල කියන්නේ...

    ඔන්න ඕක තමයි මමත් කියන්නේ